
19/07/2025
2025 ඉතිරි මාස හය අපෙ ශරීරය පුලුවන් තරම් බෙහෙත් වලින් තොර කලාපයක් කර ගන්න උත්සාහ කරමු..
බර අඩු කරන්න සයිස් එකෙන් ටිකක් පුංචි වෙන්න හැමොම කැමතියි..කැමති විතරක් නෙවෙයි හුගක් ලෙඩ දුක් ටික අඩු කර ගන්න නම් ශරීර බර කියන්නෙත් ලොකු සාධකයක්..
බර අඩු කර ගන්න එක කෙට්ටු වෙන එක ලස්සන වෙන එක කොච්චර ඇහුවත් එකම විදියට උත්තර දෙන්න බැරි කාරණා ටිකක්..
ඒක සාපෙක්ෂයි එක එක්කෙනාගෙ ජීවිතය අනුව..අපි හැමෝම සම්පූර්ණයෙන්ම තව කෙනෙකුට කෙනෙක් වෙනස් මිනිස්සු.
අපි ගාන ආලෙපනක් උනත් කොච්චර හොද බ්‍රෑන්ඩ් එකක් උනත් කෙනෙකුට ඒක හමට හො කෙස් වලට ක්‍රියාත්මක වෙන විදිහ නෙවෙයි තව කෙනෙකුට..ඒ වගෙම ඊට පස්සේ අභ්‍යන්තර සහා භාහිර නඩත්තුවත් හරිම වැදගත්.හැබැයි උදාහරණයක් විදියට මම කියන්නම් අපි ෂෙෂල් එකක් කරලා බොඩි ස්ක්‍රබ් එකක් කරලා යම් දැනෙන මුදලකුත් වියදම් කරලා දවස් තුනක් යද්දී අමතක වෙනවා සන් ක්‍රීම් ටික ගාන්න ඕන කුඩයක් අරං පාරෙ යන්න ඕන කියන ටික පවා...
ඉතින් බර අඩු කරන්න ගියත් ඔය ටිකම තමයි.. උපරිම සතියක් උපරිමට ව්‍යයාම ටික ආහාර පාලනය කරලා ඔන්න මොකක් හරි හේතුවක් නිසා මෙවා අත හැරෙනවා..ඒ නිසා කොයි දෙය කරන්න ගියත් දීර්ඝ කාලීනව ඒ දෙය කරන්න පුලුවන් විදියට හදා ගන්න..
තමන්ට දරන්න පුළුවන් මුදලකට පහසුවෙන් යන්න එන්න පුළුවන් තැනකට ඒ වගේම මනා පුහුණුවක් තියන පුහුණු කරුවන් හො සෙවකයින් ඉන්න විස්වාසදායී තැනක් හොයා ගන්න..
ජීම් එකක් සැලොන් එකක් තෙරපි සෙන්ටර් එකක් මෙ ඕනම එකක්..
ලොකු බජට් එකක් හැම මාසයකම ජිම් එකකට වෙන් කරන්න පුලුවන් නම් ඒක දිගටම කරන්න බලාගෙන පටන් ගන්න..
තමන්ගේ ජීවන රටාවත් එක්ක යන එන දුර එහි ගත කරන කාලය දිගටම නඩත්තු කරන්න පුලුවන් නම් පටන් ගන්න..එතන යම් ප්‍රතිපලයක් තියෙනවා කියලා දැනෙනවා නම් මුදල් යොදවන්න..
එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබට ගන්න බෑම තමයි..ඔය ටිකත් එක්කම ඇග අඩු කර ගන්න ඔයා ලෑස්ති වෙනවා එකක්නම් ඊලගට තමන් ගැනම Self study එකක් කරන්න ..
මුලින්ම තමන්ගේ බොඩි ටයිප් එක හොයා ගන්න..
තමන්ගේ හොමොන ක්‍රියාවලිය ගැන යන්තමට හො අවබෝධයක් තියා ගන්න.. මොකද අපෙ ඇග ක්‍රියාත්මක වෙන හැම Organ එකකටම අදාලා හොමොන ක්‍රියාවලියක් තියෙනවා..
අපෙ ඇග ටීවි එකක් නම් ඒක ක්‍රියාත්මක කරන රිමොට් එක තමයි හොමොන කියන්නෙ..අපට ශරීරය තුලින් පෙන්වන හැම දෙයකම ආරම්භය තියෙන්නෙ හොමොන තුල.. තමන්ට වෙලාවට පීරියඩ්ස් හැදෙනවාද නැද්ද කියන තැන ඉදලම තමන්ට තමන් ගෙ හොමොන ක්‍රියාවලිය ගැන අවබෝධයක් ගන්න පුලුවන්...ඊට පස්සේ නිසි ප්‍රතිකාර වලට යොමු වෙන්නත් පුළුවන්.
ඊට පස්සේ පොෂනය සපිරි මොකක් ම හරි සමබල ආහාර රටාවක් තියා ගන්න..
තමන්ගේ ශරීරය තුල පහසුවෙන් හැසිරවිය හැකි ව්‍යයාම ක්‍රමයක් මුලින්ම තොරා ගන්න.
මුල්ම ව්‍යායාම කරන කාලයෙ අනිවාර්යෙන් ම ඉතා පහසු ඒවායින් පටන් ගන්න.. මානසික ඒකාග්‍රතාවය සහා අරමුණු පවත්වා ගන්න...
පහසු ප්ලෑන් එකක් තොරා ගන්න..
සැහැල්ලු පහසු එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් විදියට ව්‍යයාම ටික දයිනික ලැයිස්තුව ට එකතු කර ගන්න..
හැම වෙලාවෙම මෙහෙම හිතන්න මෙ ජීවිතෙ කිසිම දෙයක් හැමොටම එක වගෙ නැහැ..තමන් තුල ඇති සියලු ශක්තීන් සහා අවස්ථා ප්‍රයොජනයට අරං තමන්ව ගොඩ නගා ගන්න ඕන..
හැම දෙයක්ම හරිම පුංචිවට පටන් ගන්න.. මුලින්ම ව්‍යයාම පටන් ගන්න හරි ජිම් එකකට යන්න හරි කලිං පුංචි Tips ටිකක් ඊලඟ ලිපියෙන් කතා කරමු.. මොකද දන්නවද බ්‍රෑන්ඩඩ් ඇදුම් සපත්තු ග්ලව්ස් මැට් මෙ සෙරම අරං ඔයා පටන් ගත්තට දවස් දෙකක් තුනක් යනකොට ඔයා තෙහෙට්ටු වෙනවා ක්‍රෑම්ප් එනවා ඔලුව කැක්කුම එනවා වමනෙ යන්න එනවා...මෙකී නොකී දේ වල් දැනෙන්න ගන්නවා...එහෙම වෙන්න හෙතුත් අපි බලමු ඊලඟ ලිපියෙන්..