24/04/2024
නිතර ඉතා කෝපවන පිරිමි ළමයෙක් සිටියා.දිනක් ඔහුගේ පියා ඔහුව බිත්තියක් ළගට රැගෙන ගොස් ඇණ මල්ලක් දී මෙසේ පැවසුවා,ඔබ කෝප ගන්නා සෑම විටකම මෙයින් එක ඇණයක් බිත්තියේ ගසන ලෙස. පළමු දිනයේ ඔහු බිත්තියට ඇණ 37ක් ගැසුවා.ඉදිරි සති කිහිපය තුල ඔහු ඉගෙන ගත්තා ඔහුගේ කෝපය පාලනය කරගන්න.ඒ නිසා ඇණ ගැසු ප්රමාණය ක්රමයෙන් අඩු උනා.එම ඇණ බිත්තියට ගසනවට වඩා තම කෝපය පාලනය කර ගැනීම පහසු බව ඔහු සොයා ගත්තේය.අන්තිමට ඔහුගේ කේන්තිය පොඩ්ඩක්වත් නැති කර ගත්ත දවස ආවා.ඔහු ඒ බව තම පියාට දැන්වූවා.එවිට පියා ඔහුට කිව්වා ඔබට තරහා නොගිය හැම මොහොතකම නැවත ඇණයක් ගලවන ලෙස.
අන්තිමට හැම ඇණයක්ම ගැලවී අවසන්වු දිනය පැමිනියා.එදින ඔහු ඉතා සතුටින් ඒ බව තම පියාට දැන්වූවා.පියා ඔහුව තම දෑතින් ඔසවාගෙන බිත්තිය අසලට රැගෙන ගියා.
පියා කිව්වා මගේ පුතා,ඔබ එය ඉතා හොදින් කළා නමුත් බලන්න බිත්තියේ ඇති සිදුරු දෙස,බිත්තියට ආපහු පෙර ලෙස සමාන වෙන්න බැහැ.
ඔබ තරහෙන් දේවල් කියනකොට අන් අයගේ සිත්වල මේ වගේ කැලලක් ඉතිරි කරනවා.ඔබ කොපමණ වාරයක් සමවෙන්න කීවත් වැඩක් නැහැ මන්ද එම කැලලය ඉතිරි වෙනවා.
වාචිකව සිදුකරන තුවාල ශාරිරීකව සිදුකරන තුවාලවලට වඩා වේදනාකාරි බව සිතට ගෙන තව කෙනෙකුට වචනයෙන් රිදවන්න පෙර නැවත ඒ ගැන කල්පනා කරන්න .
සුබ දවසක් !
ශිරාණි 😘