Ayu Yāthra - Ayurveda & Wellness Clinic

Ayu Yāthra - Ayurveda & Wellness Clinic Srilankan traditional & Ayurveda care for all
හෙල වෙදකම හා ආයුර්ව?

෴හෙල වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි අපූර්වත්වයත් ,එහි සුවය ඔබ වෙත ගෙන ඒම අපගේ මූලික අරමුනයි.෴

23/04/2023

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා විමට ආයුර්වේද උපදේශනයකි මේ.

මේ දිනවල පැතිර යන ගෝලීය දැඩි උෂ්ණත්වයේ බලපෑම එල්ල වී තිබෙන අවදානම් පිරිස් වන කුඩා දරුවන්, වියපත් වැඩිහිටියන් සහ දිගුකාලීන විවිධ රෝගාබාධවලින් පීඩා විඳින රෝගීන් ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කර සිටිති.සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට පවතින අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට, වැඩිමහලු‍ පුද්ගලයන්ට, එළිමහනේ රැකියා කරන අයට, දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන අයට තදින්ම බලපෑ හැකිය. එහිදී විශේෂයෙන්ම ආතතිය, නිදිමත ගතිය, වැඩ කිරීමට අකැමැතිවීම වැනි (Heat Stress), මස්පිඬු පෙරළීම (Heat Cramps), සිහි කල්පනාව නොමැති වීම (Heat Stroke) මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට අසාත්මිකතා ඇතිවීම (Heat Rash) මෙන්ම හෘදය රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීම මෙම කාලය තුළ සිදුවිය හැක.
ආයුර්වේදය මතානුකුලව මෙම කාල සීමාව මූලික වශයෙන් පිත්ත දෝෂය ඇසුරැකොටගෙන පවතියි.පිත යනු දේහයේ පරිවෘත්තිය ක්‍රියාවලියට මූලිකව බලපාන සාධකයයි. එම නිසා දේහ උෂ්ණත්වය අධික විම, අධික බවට පත් වූ පිත දෝෂය නිසා සමෙහි රෝග තත්ව, අක්ෂි රෝග තත්ව, මානසික ආතතිය,ආහාර දිරවීමේ ගැටලු , වමනය, පාචනය, අධික කෝපය ඇති වීම, නුරැස්සනා ස්වභාවය, පවා ඇති විය හැකියි.

ආහාරයට ගත හැකි දෑ මොනවාද?

පිත දෝෂය සමනය කරවන ආහාර වෙත හැකිතාක් යොමු විය යුතුය.
වැඩිපුර වතුර හා ඛණිජ ලවන අඩංගු ආහාර ,පිපිඥ්ඥා ,පැණි කොමඩු, ඇපල්, පෙයාර්ස්,දොඩම් වර්ග,ප්ලම් , නෙල්ලි , කොළ පැහැ එලවලු පළතුරැ වර්ග මේ සදහා යෝග්‍ය වේ.
අධික උෂ්ණ ගුණ සහිත ආහාර හා ලුණු අධිකව ගැනිමෙන් වැලකිමද වැදගත් වේ.
මේ දිනවල වැදගත් වන ආහාර පාන කීපයක් පහත දැක්වේ,
1)පැණි කොමඩු
ශරිරය සිසිල් කරවන ගුණයෙන් යුතු අතර , බරින් 90%ක් පමණම ජලය අඩංගු බැවින් උෂ්ණ සහිත කාලගුණ තත්ව වලදි ඉතා ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ඉතා හොද ඛණිජ ලවණ ප්‍රමාණයක්ද අඩංගු වේ.
2)පිපිඥ්ඥා
ආයුර්වේදයේ සුශිතල යනුවෙන්ම හදුන්වා දෙන්නේ එහි ඇති ශීතල ගුණය නිසාවෙනි.
3)මුං ඇට
ශිතල ගුණය සහිත ඉතා හොද පෝෂ්‍යදායි ආහාරයකි
4)ලස්සි
ශිතකාරක ගුණ සහිත, ආහාර දිර වීම පහසු කරවන ඉතා පෝෂදායි ආහාරයකි
5)ගිතෙල්
ගිතෙල් යනු පිත්ත දෝශ සමණය කරවන පෝෂ්‍යදායි ආහාරයක් වන අතර ආහාර ගැනිමට ප්‍රථමව ගත යුතුය. ගිතෙල් ගැනිමෙන් පසුව ශිත කල ආහාර පාන භාවිතයෙන් වැලකිය යුතුයි.
6)මින්ට්
විවිධ බීම වර්ග සැකසිමේදි යොදා ගත හැක.ශරිරයේ ප්‍රාණවත් බව ඇති කරවයි.
7)කොහොඹ කොල
ඉතාම හොද පිත දෝශය සමණය කරවන , හා රැධිරයට ශිතකාරක ගුණය ඇති කරවයි.

එමෙන්ම බාර්ලි, සවු ,තැඹිලි කුරැම්බා වැනි දැ ආහාරයට ගත හැක.
බෙලි මල්,ඉරමුසු,රසකිද,නෙල්ලි වැනි ඔසු පැන් පානය කල හැකිය.

පිරිසිදු පොල්තෙල් වලින් ශරීරය මසාජ් කරන්න.
ඉන්පසු හිරැ එලියට නිරාවරනය නොවි සිට ජල ස්නානය කිරිම සුදුසු වේ.

කිසිදු ආහාර වේලක් මග හැර ගන්න එපා.
කුඩා ආහාර වේල් කීපයක් ගැනිම වඩා සුදුසු වේ. එමෙන්ම අධික ප්රෝටීන් අඩංගු ආහාර ගැනිම සීමා කල හැකි නම් වඩා යෝග්‍ය වේ. මත් පැන් හා කැෆේන් අඩංගු ආහාර (තේ,කෝපි) අවම කල යුතුයි.
අධික සීනි හා ලුණු භාවිතයද සීමා කල යුතුයි.

ඇදුම් පැළදුම්
සැහැල්ලු ඇදුම් භාවිතා කරන්න.
කපු ඇදුම් භාවිතා කරන්න.
අදුරැ පැහැ වර්ණ වෙනුවට සුදු, ලා පැහැති ඇදුම් භාවිතා කරන්න.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත දෝෂය යහපත්ව පවත්වා ගැනිමට සුදු පැහැති නිවස්න,සඳ එලියට නිරාවරනය විම ආදිය දක්වා ඇත. Moon Bath යනු ජනප්‍රිය චිකිත්සා ක්‍රමයකි.

ව්‍යායාම
මේ දිනවල හැකිතාක් ව්‍යායාම ආදිය උදෑසන කාලයේ සිදු කිරිම වඩා උචිත වේ. ව්‍යායාමට වඩා යෝග සහා ප්‍රානයාම වඩාත් සුදුසු වේ. එමෙන්ම හැකිතාක් ජලය පානය කිරිම වැදගත් වේ.

මානසික ආතතිය.
හැකිතාක් මානසික ආතතිය අවම වන ලෙස කටයුතු කරන්න.
භාවනා ආදිය වඩාත් උචිත වේ. ඔබට සුදුසු විනෝදාංශයක් හුරැ වන්න.

සගන්ධකාරක තෙල් වර්ග(Aroma therapy)
ආයුර්වේදයට අනුව පිත දෝෂය සමනයට සගන්ධ තෙල් වර්ග,මල් වර්ග යොදා ගත හැකි බව දක්වා තිබේ. ඒ සදහා සමන් පිච්ච,රෝස,සදුන් ,වැනි සුවද වර්ග යොදා ගත හැක. එම සුවද මල් හෝ සගන්ධකාරක තෙල් ආදිය යෙදු ජල ස්නානයද පිත දෝෂය සදහා උචිත වේ.
සවස් කාලය, උදේ කාලය තුලදි ජල උද්‍යාන, ගංගා ආශ්‍රිතව , ආදි පිත දෝශය අවම කරවන ස්වාභාවික ස්ථානවල කාලය ගත කල හැක.
මීට අමතරව මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම. (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම.
3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම.
5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.
6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.

Āyu Yāthra - ආයු යාත්‍රා ayurveda & traditional clinic
Dr Tharinda sandaruwan [BAMS](Hons)
Dip in acupuncture
HND in physical rehabilitation therapy
University of Colombo

©️All Rights Reserved/ කතෘ අවසරයකින් තොරව විද්‍යුත් මාධ්‍ය හා ලිපි ලෙස පලකිරීම සපුරා තහනම් වේ

🇱​​​​​🇮​​​​​🇰​​​​​🇪​​​​​/🇸​​​​​🇭​​​​​🇦​​​​​🇷​​​​​🇪​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​ 🇫​​​​​🇦​​​​​🇨​​​​​🇪​​​​​🇧​​​​​🇴​​​​​🇴​​​​​🇰​​​​​

https://www.facebook.com/Ayuyathra/

🇫​​​​​🇴​​​​​🇱​​​​​🇱​​​​​🇴​​​​​🇼​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​
🇮​​​​​🇳​​​​​🇸​​​​​🇹​​​​​🇦​​​​​🇬​​​​​🇷​​​​​🇦​​​​​🇲​​​​​

Āyu Yāthra - ආයු යාත්‍රා

ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් ...
07/09/2022

ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙන විද්‍යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.

එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ (Vitamin D Insuficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකල සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්‍රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා. වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.

අපව ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්‍යාවශ්‍ය, මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්‍රියකාරීත්වයට වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්‍රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකල ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස /ගොඩනැගිලි අභ්‍යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වල මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වෙන නමුත් දෛනික අවශ්‍යතාවයට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුලින් ලැබෙන්නේ නැහැ. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේම අප මුලින් සඳහන් කල පරිදි හිරු එළිය ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුලම නිපදවා ගැනීම කල හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම වැදගත්. පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුල මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.

ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.

යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්‍රමය ඔබට සුදුසු වන්නේ නෑ​​. ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් එය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Copied from: Health promotion bureau

28/08/2021

හෘදයාබාධ නිසා අකාලයේ සිදුවන මරණ වගේම ආඝාත වැනි තත්ත්ව නිසා අකාලයේ ඔත්පල වීම් අපේ කාලයේ අවාසනාවකට වගේ නිරන්තරයෙන් අහන්න ලැබෙන කතා. අඩු වයසෙන් දෙමව්පියන් මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්ව වලට ගොදුරුවීම නිසා දරුවන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා මෙතෙකැයි කියා නිම කරන්න අපහසුයි. අපි මේ කතා කරන්නේ අපේ සමීපතමයන්ගේ ජීවිත අකාලයේ මිලින වන ගැටළුවක්..

නවතම පර්යේෂණ වාර්තා අනුව මාරාන්තික හෘදයාබාධ හතරකින් එකකට හේතු වෙන්නේ අධික ලුණු භාවිතය යි. ඒ වගේම, අංශභාගය වැනි තත්ත්ව ඇතිකරන ආඝාත පහකට එකක් පසුපස ඇත්තේ ද මේ අධික ලුණු භාවිතය යි. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමානයේ ශ්‍රී ලාංකිකයෙකුගේ දෛනික ලුණු භාවිතය අනුමත උපරිම සීමාව වන ග්‍රෑම් 5 (කුඩා තේ හැන්දක ප්‍රමාණයක්) මෙන් දෙගුණයකට ද ආසන්න වන බවට වාර්තා වෙනවා.

මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් වළක්වන්න අපගේ මුළුතැන්ගෙයින්ම මුල පුරන්න පුළුවන්. අතීතයේ ඇතැම් ගොවි ජන කොටස් අතර බතට ලුණු දැමීම නොතරම් වූ ක්‍රියාවක් බවට වහරක් පවතී යයි බවට අප අසා තිබෙනවා. අවාසනාවකට මෙන්, අද වන විට ලක්වාසින්ගෙන් අඩකට වඩා බත් පිසීමේදී ලුණු එක් කිරීම පුරුද්දක් ලෙස සිදු කරනවා. තරගකාරී වෙළඳපොළ ආර්ථිකයක් ඇති පසුබිමක, ලාබ රසකාරකයක් ලෙස ද ලුණු බහුලව භාවිතා කරනවා. දන්නෙම නැතුව අපේ රස සංවේදනය වැඩි ලුණු රසට අනුගත වෙලා.

මේ විදිහට වැඩි ලුණු රසයකට පුරුදු වූ කෙනෙකුට, නියමිත ලුණු ප්‍රමාණය සහිත ආහාර වල රස විඳීමට අපහසුයි. වාසනාවකට මේ අපහසුතාවය කාලයක් අඩු ලුණු භාවිතය මඟින් වෙනස් කරන්න පුළුවන්. වෙනදා ලුණු රසින් යටපත් වී තිබු රස අංකුර කෙමින් විවිධ රස හඳුනා ගැනීමට හැකිවන ලෙස නැවත සාමාන්‍ය තත්ත්වයට අනුගත වෙන්න පටන් ගන්නවා. අපිට ආහාරයේ ස්භාවික රසය විඳින්න පුළුවන් වෙනවා. හුදු ලුණු රසයෙන් ඔබ්බට ගොස් ආහාරයක නියම ස්වභාවික රසය විඳීමට කුඩා කල සිටම අපේ දරුවන් හුරු කල යුත්තේද මේ නිසාමයි.

ලුණු හැදිලා තියෙන්නේ සෝඩියම් අනුවක් සහ ක්ලෝරයිඩ් අනුවක් එකතු වෙලා. අපේ ශරීරයට මින් අහිතකර වන්නේ මේ සෝඩියම් අනුවයි. හිතල බැලුවොත් සුප් කැටවල අඩංගු මොනෝ සෝඩියම් ග්ලුටමෙට් MSG සහ සෝඩියම් බෙන්සෝඑට් වැනි ඇබ්බැහිකාරක රසකාරක වලද අඩංගු වන්නේ මෙම සෝඩියම් අනුවමයි. අපේ ශරීරයට අවශ්‍ය වන සුළු සෝඩියම් ප්‍රමාණය අප ලබා ගන්නා එළවළු, පලතුරු, මස් මාළු ආදී ආහාර වල ස්වභාවයෙන්ම අන්තර්ගත වෙනවා. එනිසා පිටින් රස ගැන්වීමට එකතු කරන ලුණු ප්‍රමාණය අඩු කිරීම මඟින් සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති වන්නේ නෑ.

ලුණු භාවිතය අඩු කිරීම තුළින් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය (අංශභාගය) වගේ මාරාන්තික රෝග අවම වන බවට පර්යේෂණවලින් ඔප්පු කර තිබෙනවා. දියුණු රටවල ලුණු අඩු ස්වභාවික ආහාර වලට අධික ඉල්ලුමක් පවතින්නේ මේ නිසා. ඒ වගේම නිවසේ ආහාර පිසීමේදී ලුණු භාවිතය අඩු කිරීමට කළ හැකි බොහෝ දේ තිබෙනවා. කල් තබා ගැනීම සඳහා ලුණු එකතු කරන ලද කරවල වැනි දෑ පිසීමට පෙර උණු වතුරෙන් සෝදා ගැනීම, දෙහි කරපිංචා කුරුඳු වැනි දේශීය කුළුබඩු යහමින් එකතු කිරීම වැනි පිළියම් අපිට කරන්න පුළුවන්.

ලුණු පිළිබඳ දැනුවත් වීමේ මේ සතිය තුල විචාරශීලී පාඨක ඔබ සමග මේ ගැන පුළුල් කතිකාවතක් ඇරඹීමට අපි අපේක්ෂා කරනවා. අධික ලුණු භාවිතයට හේතු වන කරුණු පිළිබඳ ඔබගේ මතය කුමක්ද? අප මේ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? මේ පිළිබඳව පුළුල් කතිකාවතක් අපි මෙතනින් ආරම්භ කරමු.

මෙම දැනුවත් කිරීම මඟින් අප බලාපොරොත්තු වන්නේ, වගකීමෙන් යුතුව නියමිත ප්‍රමාණයට පමණක් ලුණු ඇඹුල ආහාරයට එකතු කර, විවිධ රසයෙන් හැඩවුණු මෙන්ම ගුණාත්මක අහාර වේලක රස විඳීමට ලාංකික ඔබ සවිබල ගැන්වීමයි. මේ කතිකාවත බොහෝ විට අන් කිසිදු කතිකාවකටත් වඩා වැදගත් වෙන්නේ අපි මේ කතා කරන්නේ අපේ ආදරණීයයන් ගේ ජීවිත සුරැකීම ගැන අපේ නිවසේදීම අපි ගන්නා තීරණයක් ගැන නිසා.

මූලාශ්‍ර : Srilanka health promotion bureau
ඔබගේ වැරදි පුරැදු ඔබ රෝගි කරවයි...

෴ආරෝග්‍යා පරමාලාභා෴
#හෙලවෙදකම


පෙර ලිපි:

➡️සාර්ථක නීරෝගිමත් දිනයකට ආයුර්වේද දිනචර්යා තුලින් උදෑසන අරඹමු
https://www.facebook.com/272640456236451/posts/1696030660564083/

➡️සිත ගත පෙලන තරබාරැ බව ජයගමු https://m.facebook.com/story.php?story_fbid=1666984663468683&id=272640456236451

➡️ඔබගේ සන්ධි ආරක්ෂා කරගන්න මේ දේවල් පිලිපදිමු
https://www.facebook.com/272640456236451/posts/1668828876617595/

➡️අපේ ආහාර වේල වෙනස් කරගනිමු
https://www.facebook.com/272640456236451/posts/1647416372092179/

➡️කුඩා දරැවන් සිටින ඔබ මෙය අනිවාර්යයෙන් කියවන්න
https://www.facebook.com/272640456236451/posts/1672436539590162/

➡️ පිළිකා අවදානම වලක්වා ගන්නේ මෙහෙමයි
https://www.facebook.com/272640456236451/posts/1770219543145194/

Āyu Yāthra - ආයු යාත්‍රා ayurveda & traditional clinic

©️All Rights Reserved

ඡායාරෑප ස්තුතිය sri voice පේජයට හිමි විය යුතුය.
27/08/2021

ඡායාරෑප ස්තුතිය sri voice පේජයට හිමි විය යුතුය.

“බඩගින්න”යනු ඔබේ ස්වයං පාලනයේ පළමු පියවරයිඔබ ඒ සදහා ගන්නා “ආහාර සහ පානයන්” පාලනය කල හැකි නම්,ඔබට අනෙක් සියල්ලම පාලනය කල ...
01/08/2021

“බඩගින්න”යනු ඔබේ ස්වයං පාලනයේ පළමු පියවරයි
ඔබ ඒ සදහා ගන්නා “ආහාර සහ පානයන්” පාලනය කල හැකි නම්,ඔබට අනෙක් සියල්ලම පාලනය කල හැකිය.

04/06/2021

තරබාරැ බව ගැටලුවක්ද? මේ ලිපිය කියවන්න.....

⭕තරබාරැ බව ආයුර්වේද ග්‍රන්ථවල අති ස්ථෞල්ය ලෙස හදුන්වනු ලබන අතර මේදෝ රෝග යටතට (මේදපටක ආශ්‍රිත රෝග) ගැනෙනවා.
⭕එමෙන්ම අපි පෙර ලිපියකද සදහන් කල සංතර්පනිය රෝග යටතට ඇතුලත් රෝගයක් ලෙසත් සැලැකිය හැකියි.

▶️ආයුර්වේද මතානුකුලව සැලකුවහොත් අතිස්ථෟල්‍ය (අධික තරබාරැ බව) සදහන් වෙන්නේ , උදරයේ, පපු ප්‍රදේශයේ හා තට්ට්ම් ප්‍රදේශයේ මේද තැම්පත් විම ලෙසයි.

▶️නවින විද්‍යත්මකව,
අප ආහාර මගින් ලබා ගන්නා ශක්ති ඒකක (කැලරි) ප්‍රමාණයට සාපේක්ෂව වැය කෙරෙන ශක්ති ප්‍රමාණය (කැලරි) අඩු විම හෝ අධික කැලරි පරිභෝජනය නිසා ඉතිරි වන ශක්ති ප්‍රමානය ශරිරයේ මේද ලෙස සංචිත වීමයි.

➡️➡️ස්ථූල බව අද වන විට

⭕ලෝකයේ සෑම මහද්විපයකම පැතිර ඇති අතර ලොවපුරා සිදුවන විශාල මරණ ප්‍රමානයකට වගකීමට සමත්ව ඇත.

දැනට ලෝකයේ දත්ත සලකා බැලුවහොත්,

⚠️️2016 වසර වන විට වැඩිහිටියන්
බිලියන 1.9ක් සාමාන්‍ය දේහ බරට වඩා වැඩිවිමෙන් පිඩා විදන අතර
⚠️️ඉන් මිලියන 650කට වඩා ප්‍රමානයක් අධික තරබාරැ වූවන් .
⚠️️කණගාටුවට කරැන නම් ළමුන් මිලියන 38ක් පමණ තරබාරැ විමට ගොදුරැ වී තිබිමයි.
(ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත)

වර්ථමානයේ වැඩිහිටියන් පමනක් නොව ළමුන්ද මීට ගොදුරැ වීම අභාග්‍යයකි.

⚠️️️නමුත් අධික තරබාරැ බව අප විසින් වලක්වාගත හැකි තත්වයකි.️️⚠️️

මතක තබා ගන්න අපි ගන්නා මේද පමනක් නොවේ, වැඩිපුර ලබාගන්නා කාබෝහයිඩ්‍රේට් (පිෂ්ඨය ) පවා මේද විදියට සංචිත කරගන්නවා.

⭕මේ සංචිත වීම් සදහා ශරිරයේ මේද සංචිත කරන සෛල(adipose tissue ) විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා.
තරබාරැ වන විට උදරය, නිතබ ප්‍රදේශය, තට්ට්ම් ප්‍රදේශය විශාල වන්නේ ඒ නිසයි.

⭕සංචිත මේද ශරිරයට වැදගත් වුවත්, අධික තැම්පතු වීම විශාල හානියක් අපේ සිරැරට කෙරෙනවා.දියවැඩියා වැනි රෝග තත්ව වලටත් ප්‍රධාන හේතුවක් විදියට ක්‍රියාකරනවා.

🔆තරබාරැ වීමට හේතු මොනවාද 🔆

* අධික තෙල් අඩංගු , පැණිරස අඩංගු ආහාර භාවිතය
*කෘතිම පැනිරස පාන වර්ග භාවිතය, ශක්තිජනක පාන වර්ග.භාවිතය
*අධික මාංශ පරිභෝජනය
*ක්ෂණික ආහාර වර්ග භාවිතය
*අධික විවේකය
*ශාරිරික ක්‍රියාකාරකම් අල්ප වීම
*මධ්‍යසාර, සිගරට් භාවිතය
මීට අමතරව
*හෝමෝනමය ගැටලු(තයිරොයිඩ් ග්‍රන්ථය සම්බන්ධ ගැටලු, polycystic ovarian syndrome -pcos, අධිවෘක්කය ආශ්‍රිත ගැටලු)
*ජානමය හේතු
*පාරිසරික හේතු
*සමහර ඖෂධ වර්ග
හේතු විය හැකියි.
....................................................................

මූලිකවම ස්ථුලතාවය හදුනාගැනිමට ඔබට මේ ක්‍රම පහසුවෙන් යොදා ගන්න පුලුවන්.
🔆ශරිර ස්කන්ධ දර්ශකය (BMI)

* (විවිද අවස්ථාවලදි මෙම අගය යොදා ගැනිමේ සිමාවන් ඇත.)
*ඔබගේ බර කිලෝග්‍රෑම් ලෙසත්(kg) උස මීටර් ලෙසත් යොදාගෙන උසෙහි වර්ග මූල අගයෙන් බෙදිමෙන් නිවැරදිව එම අගය සොයා ගන්න පුලුවන්.
බර(Kg)/ උස^2 (m^2)

🔆Waist circumference (ඉනේ වට ප්‍රමාණය)
ආහාර ලබාගෙන නොමැති විට උදරයේ නාභිය හරහා (waist length)දිග ප්‍රමාණය මගින් හදුනා ගැනිම කල හැකියි.

⚠️️⚠️️ඔබගේ පහසුව සදහා සාමාන්‍ය අගයන් පහත කමෙන්ටුවක දක්වා ඇත⚠️️⚠️️
.................................................................

⭕⭕⭕ඔබේ දේහ හැඩය අනුව තරබාරැ වීමේ අවධානම හදුනා ගනිමු..⭕⭕⭕

➡️ඔබේ ඉනේ වට ප්‍රමාණය මනින්න( ඉහත දක්වා ඇති පරිදිම)
➡️උකුලේවට ප්‍රමාණය මනින්න(තට්ටම් වලඋපරිම උස වටා මනින්න)

➡️ඉනේ වට ප්‍රමාණය උකුලේ වට ප්‍රමාණයෙන් බෙදන්න.
පිළිතුර:
▶️ පිරිමි නම් 0.9
▶️ගැහැනු නම් 0.8
ට වැඩි නම් ඇපල් හැඩැති සිරැරක් ඔබට හිමිය.

🍎ඇපල් හැඩැති සිරැර නිසා,
⭕දියවැඩියාව
⭕හෘද් රෝග
⭕අධි රැධිරපීඩනය
ඇතිවිමේ සම්භාවිතාව වැඩි වේ.

🍐පෙයාර්ස් හැඩැති සිරැරක් ඇති විට සාමාන්‍ය උදරයක් ඇත. කලවා ප්‍රදේශ විශාලය.
රෝගි තත්ව ඇති වීමේ හැකියාව අඩුවේ......................................................................
වෛද්‍යවරයකු විසින් දේහයේ මේද ප්‍රමාණය නිර්ණය සදහා,
1)Lipid profile (රැධිරගත මේද ප්‍රමාණය) නියමකරනු ලබයි.

එමගින් වෛද්‍යවරයාට පහසුවෙන් රෝගියාගේ තත්වය පිලිබද අදහසක් ලබාගත හැකිය.
මෙහි total cholesterol , LDL, VLDL, HDL , triglycerides ,ආදි ලෙස විවිධ තොරතුරැ අඩංගු වේ.....................................................................

⚠️️ස්ථුලතාවය වෙනත් බෝනොවන රෝග සදහා මූලික හේතුවක් වේ.⚠️️

🔆රැධිර සංසරණ පද්ධතිය සම්බන්ධ බොහෝ රෝග - හෘද් රෝග, ආඝාතය
🔆අස්ථි හා මාංශ පේශි සම්බන්ධ රෝග තත්ව - ආතරයිටිස් තත්ව
🔆බොහෝ පිළිකා ප්‍රභේද - පියයුරු පිළිකා, ආන්ත්‍රික පිළිකා, අක්මාව ආශ්‍රිත පිළිකා ගර්භාෂ පිළිකා, පුරස්ථ ග්‍රන්ථී පිළිකා
🔆ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටලු (pcos ආදි)

⭕අති ස්ථෞල්ය ලක්ෂන මොනවාද?

🔆සුලු ක්‍රියාකාරකම් වලදි පවා අධික වෙහෙස,
🔆ආශ්වාස-ප්‍රාශ්වාස කිරිමේ අපහසුව
🔆අධික බඩගින්න
🔆අධික නිදිමත
🔆අධික දහඩිය දැමිම හා දුර්ගන්ධය සහිත දහඩිය
🔆තවත් බොහෝ ගැටලු ඔබ තරබාරැ බවින් පීඩා විදි නම් අත්විද ඇති බවට සැකයක් නැත.

▶️වලක්වා ගන්නේ කෙසේද?

🔆මද උනුසුම් ජලය පානය කරන්න, නිතර ජලය පානයකිරිම නිසා ඔබට අමතර කෘතිමව පානය කරන පාන වර්ග අවශ්‍ය නොවේවි.

🔆ආහාර ගන්නා විට සෙමින් අවබෝධයෙන් ආහාර ලබා ගන්න.
එමගින් ඔබට පහසුවෙන් ආමාශය පිරැනු බවක් දැනේවි.
ආහාර ගැනිම ආමාශය පුරවා දැමිම පමනක්ම නොවේ,මානසික තෘප්තියද එහි කොටසක් බව ඔබ නොදන්නවා විය හැක

🔆උදැසන ආහාර වේල වැදගත් කොට සලකන්න. එය මගහරින්න එපා.

🔆ආහාර වේල් අතරතුර ලබා ගන්නා සුලු ආහාර පිලිබද සැලකිලිමත් වන්න. අධික කැලරි අඩංගු චොක්ලට්,බිස්කට්, රසකල කිරි වර්ග, භාවිතයෙන් මිදෙන්න.

🔆රාත්‍රි ආහාර වේල නින්දට පැය දෙකකට පමන පෙර ලබා ගන්න. සැහැල්ලු ආහාරයක් ප්‍රමාණවත් (පෙර පලකරන ලද ආහාර පිළබඳ ලිපිය කියවන්න)

🔆අධික පිෂ්ඨය අඩංගු , අධික මේදය අඩංගු ආහාර වලින් වලකින්න.

🔆නිවුඩ්ඩ සහිත බත් ආහාරයට ගන්න.

🔆ස්වභාවික තන්තු අඩංගු ආහාර වැඩිපුර භාවිතා කරන්න.

🔆නැවුම් එලවලු, පලා වර්ග වැඩිපුර භාවිතා කරන්න.(,දිනකට එලවලු පලතුරැ වර්ග 05,,ක් අවම වශයෙන්)

🚫පළතුරැ යොදාගෙන බීම සාදා ගන්නා විට ඊට අමතර සීනි එකතු කිරිමෙන් වලකින්න.

🔆ප්‍රෝටින අඩංගු ආහාර ලබා ගන්න.

🔆හැකිතාක් තේ, කෝපි පානයේදි සීනි භාවිතය සීමා කරන්න. එය අමතර කැලරි ප්‍රමානයක් ඔබ නොදැනුවත්වම ශරිරයට එකතු කරවයි.

🔆හිදගෙන සිදුකරන කටයුතු අතරතුර මදවේලාවක් ඇවිදිම, අත් පා ආදිය චලනය වන සුලු ව්‍යායාම සිදු කරන්න.

🔆දිනකට ප්‍රමාණවත් පරිදි ව්‍යායාම වල නිරත වන්න.

➡️➡️➡️ආරම්භයේදි ශරිරයට අපහසු නොවන ලෙස ආරම්භ කරන්න.

▶️තරැණ පුද්ගලයින් දිනකට පැයක් පමණ දිනපතා
▶️වයස්ගත පිරිස දවසට පැය භාගයක් පමණ දින 05ක් පමන
ව්‍යායාම සිදු කල හැක.

- මද වේගයෙන් ඇවිදිම
- සාමාන්‍ය වේගයකින් පිහිනිම
- සෙමින් බයිසිකල් පැදිමද ඉතාම හිතකර වේ.
-ස්වායු ව්‍යායාම ( aerobic exercise ) ඉතාම උචිත වේ.

🔆️එක දිගට සිදුකල නොහැකි නම් විනාඩි දහයක පමන කොටස් වලට සිදුකල හැකිය.⚠️️

⚠️️වැදගත්: සාමාන්‍යයෙන් ව්‍යායාම සිදුකිරිම ආරම්භ කර මාස කිහිපයක් ගතවන විට ඔබේ බර කිලෝ කීපයකින් අඩු විමක් දක්නට ලැබුනත් , පසුව එහි වෙනසක් නොමැතිව පැවතිම ( plateau) සාමාන්‍ය ස්වභාවයයි. මෙය බොහෝ දෙනාගේ නොසතුටට මෙන්ම අධෙර්යමත් වීමට හේතුවක් වේ.
එම නිසා නිසි ලෙස සකස් කරගත් ව්‍යායාම් ක්‍රම හා ආහාර පාලන ක්‍රම යොදා ගත යුතුය.

⚠️️ එමෙන්ම ව්‍යායාම කල පසු පෙරටත් වඩා ආහාර ප්‍රමානයක් ආහාර ගැනිම,අධික ලෙස විවේක ගැනිමෙන් වැලකිය යුතුය.

⚠️️ආහාර පාලනය සිදු කලද ශරිරයට අවශ්‍ය පෝෂක සංඝඨක මනාව ලබා ගැනිම අත්‍යවශ්‍ය වේ.(විටමින්,පෙුා්ටින්,ලවන වර්ග ආදිය)
⚠️️යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනිමද ඉතාම වැදගත්.ඒ සදහා රෑපවාහිනි , ජංගමදුරකත භාවිතයෙන් ඉවත්ව වඩා ඵලදායි ක්‍රියාකාරකම් වලට යොමු වන්න
උදා:- ගෙවතු වගා
සුරතල් සතුන් සමග ක්‍රිඩාකිරිම
ඇවිදිම
කදු නැගිම
⚠️️මත්පැන් හා සිගරට් පානයෙන් වලකින්න.
⚠️️අධික ලෙස නිදි වැරිමෙන් වලකින්න.
⚠️️දිවා කාලයේ නින්ද ලබා ගැනිමෙන් වලකින්න .

🔆සුදුසු ආහාර වර්ග ආහාර වර්ග කීපයක් :🔆
පැරණි සහල්
ඔට්ස්
කොල්ලු
මුං
පතෝල
වැටකුලු
පලා වර්ග
රාබු
මේදය අඩු මස් වර්ග (ආයුර්වේදය අනුව ජාංගල මාංශ)
කුඩා මාළු වර්ග
නෙල්ලි
සුදු ලූණු
කෙසෙල් මුව
දේශිය පළතුරු වර්ග
නිවුඩු හාල්
පිපිඥ්ඥා
කොහිල

🔆යෝග කර්ම වල නිරත වන්න(යෝග උපදේශකයකුගෙන් උපදෙස් ලබා ගන්න)

සැම දිනකම උදැසන කාලයේදි විනාඩි දහයක කාලයක්

➡️ සූර්ය නමස්කාරය සිදුකිරිම ඉතාම ප්‍රයෝජනවත් වේ.
➡️ප්‍රානයාම

⭕යෝග ආසන ලෙස
➡️වෘක්ෂාසන
➡️අර්ධ චක්‍රාසන ආදි බොහෝ ආසන තරබාරැ බවසදහා උචිත වේ.

⭕යෝග කර්ම වල සදහන් මුද්‍රා වර්ගද මේ සදහා සුදුසු බවසදහන්ය
➡️සූර්ය මුද්‍රාව

🔆වතුර මිලි ලිටර් 100කට පැරණි මිපැණි 25g ක් දමා උදැසන පානය කරන්න.(දිනපතා අවශ්‍ය නැත, දියවැඩියා රෝගින්ට සුදුසු නැත)
🔆බත්කැද සමග ත්‍රිකටු චූර්ණය මිශ්‍ර කොට පානය කරන්න
🔆කරපිංචා කොළ කැද ඉතාම ගුණදායක වේ.කොළකැද සකස් කරන මිටි කිරි කොටස අඩුවෙන් යොදා ගන්න.වැඩි වේලාවක් ලිප තබන්න එපා.සතියට කීප වතාවක් පමනක් භාවිතා කරන්න.

⭕⭕අතිස්ථෟල්‍ය හෙවත් අධික තරබාරැ බව සදහා ආයුර්වේදය හා දේශිය වෛද්‍ය ක්‍රමය තුල මනාකොට සැකසු බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියක් ඇත.

එහිදි ඖෂද පමනක් නොව ආහාර විහරණ යන සියල්ලම ඉතා වැදගත් ලෙස දක්වා තිබෙනවා.

බාහිර ප්‍රතිකාර ලෙස,
-උද්වර්තන යෙදිම
-ස්වේද කර්ම
-ශරිර මර්ධන
-ලේඛනිය වස්ති
මින් කිහිපයක් පමණයි

⚠️️සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනිමෙන් ඔබට මනා සුවයක් ලබා ගත හැකිය.⚠️️

⚠️️බොහෝ විට අනවශ්‍ය පරිදි ආහාර පාලනය කිරිම, ව්‍යායාම කිරිම , වෙලදපලේ ඇති සමහර නිෂ්පාදන භාවිතය ආදි කටයුතු සදහා වෛද්‍ය උපදෙස් ලබා ගැනිම ඉතා වැදගත් වේ. ⚠️️

⭕නැතහොත් බොහෝ විට විවිධ පෝෂණ ඌනතා, අම්ලපිත්ත(gastritis ),අස්ථි සන්ධිගත ආබාධ වැනි තත්ව වලට හේතු විය හැක.⭕

෴ආරෝග්‍යා පරමාලාභා෴

Āyu Yāthra - ආයු යාත්‍රා ayurveda & traditional clinic
Tharinda sandaruwan (BAMS) (Hons)
University of colombo

All Rights Reserved/ කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ ලිපි ලෙස පලකිරීම සපුරා තහනම් වේ.

🇱​​​​​🇮​​​​​🇰​​​​​🇪​​​​​/🇸​​​​​🇭​​​​​🇦​​​​​🇷​​​​​🇪​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​ 🇫​​​​​🇦​​​​​🇨​​​​​🇪​​​​​🇧​​​​​🇴​​​​​🇴​​​​​🇰​​​​​
https://www.facebook.com/Ayuyathra/

🇫​​​​​🇴​​​​​🇱​​​​​🇱​​​​​🇴​​​​​🇼​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​ 🇮​​​​​🇳​​​​​🇸​​​​​🇹​​​​​🇦​​​​​🇬​​​​​🇷​​​​​🇦​​​​​🇲​​​​​
Āyu Yāthra - ආයු යාත්‍රා

#හෙලවෙදකම #ආයුර්වේද
#තරබාරැබව

04/06/2021

⭕ඔබ දන්නවාද?
සාර්ථක මෙන්ම නීරෝගිමත් දිනයක ආරම්භය උදැසන ඔබ අවදිවන මොහොතේ සිටම පටන් ගන්න පුලුවන්..

⭕පහත ක්‍රම පිළිපැදිමෙන් ඔබට සුන්දර වෙනසක් අත්විදින්න ලැබේවි.
හැමෝටම කියවන්න share කරන්න අමතක කරන්න එපා.

⏩එසේනම් ඔබ කල යුත්තේ කුමක්ද⏪️

⭕මෙම කරැණු මේ දිනවල කොරෝනා රෝගි තත්වය නිසා ඇතිව ඇති මානසික ආතතියෙන් මිදිමටද ප්‍රයෝජනවත් වේවි.

✅ඒ සඳහා පෙර දින ලබා ගත් ප්‍රමාණවත් නින්ද මනා පිටුවහලක් වේවි.

✅බ්‍රහ්ම මුහුථයේ අවදි වන්න.

🔆සෑම දිනකම අවදි වන නිශ්චිත වේලාවක් තබා ගන්න.
🔆බොහෝ විට ආයුර්වේදයට අනුව බ්‍රහ්ම මහුර්ථයේ අවදි වීමට උපදෙස් දෙනු ලබයි.(හිරැ උදාවට විනාඩි 45කට පමණ පෙර- සාමාන්‍යයෙන් උදෑසන 4.45 - 5.30කාලය).
🔆එමගින් ශරීරයට ඉතාමත් ප්‍රබෝධමත් බවක් මෙන්ම ශරීර ක්‍රිකාරිත්වයට මනා පිටුවහලක් ලැබේ.
🔆මෙහි වැදගත්කම නවීන විද්‍යාත්මකවද තහවුරැ කොට ඇත.

📵අවදි වූ විගස දුරකනය භාවිතයට කාලය වැය නොකරන්න.
📵 අවදි වූ විගසම සමාජ මාධ්‍ය ආදියට පිවිසීමෙන් වැළකීමට වග බලා ගන්න.
-ඍනාත්මක සිතුවිලි වලට ඉඩ නොදෙන්න.

✅මුහුණ, මුඛය ආදිය පිරිසිදු කරන්න.

✅මද උනුසුම් ජලය වීදුරැවක් පානය කරන්න.
(මෙහි වැදගත් කම පිළිබද ලිපිය කියවන්න https://www.facebook.com/Ayuyathra.srilanka/photos/a.272671266233370/1637992056367944/?type=3 )

✅විනාඩි දහයක හෝ හැකි පමණ වේලාවක් මනස ඒකාග්‍ර වන භාවනා ක්‍රමයකට යොමු වන්න.

✅ඔබ සතු සියලු දේ පිළිබඳ ස්තුතියි වන්න.ඔබේ සතු හැකියාවන්ට,ඔබේ වටපිටාවට ස්තුතියි වන්න.ඒ සදහා මද වේලාවක් වැය කරන්න.

✅මද වේලාවක් (පැය භාගයක පමණ) ව්‍යායාම සිදු කරන්න. ඒ සදහා ඔබට, ⏺️සූර්ය නමස්කාරය, ⏺️ප්‍රාණයාම ආදිය උපයෝගි කොට ගත හැකිය.⏺️ඇවිදීම ආදි ක්‍රියාකාරකම් ඉතා සුදුසුය.

✅අත් පා ආදිය ස්වයං සම්භාහනයකට යොමු වන්න.ඒ සදහා ඔබේ ශාරිරික ප්‍රකෘතිය අනුව සුදුසු තෙල් වර්ගයක් භාවිතා කරන්න.

✅ඔබේ ඉලක්ක පිළිබඳ මදක් මෙනෙහි කරන්න, ධනාත්මක සිතුවිලි තුලින් සිත පුරවා ගන්න.අසාර්ථක වීම් ඔබේ සාර්ථකත්වයේ මාර්ගය කරගන්න.

⭕දැන් ඔබ සාර්ථක දිනයකට සුදානම්!⭕

⏺️උදෑසන ආහාර වේල පෝෂ්‍යදායි ලෙස ලබා ගන්න අමතක කරන්න එපා❗

⏺️ක්ෂණික ආහාර භාවිතයෙන් තොරව දේශීය ආහාර පාන සඳහා යොමුවන්න.❗

෴ආරෝග්‍යා පරමාලාභා෴
#හෙලවෙදකම


පෙර ලිපි:
➡️සිත ගත පෙලන තරබාරැ බව ජයගමු https://m.facebook.com/story.php?story_fbid=1666984663468683&id=272640456236451

➡️ඔබගේ සන්ධි ආරක්ෂා කරගන්න මේ දේවල් පිලිපදිමු
https://www.facebook.com/272640456236451/posts/1668828876617595/

➡️අපේ ආහාර වේල වෙනස් කරගනිමු
https://www.facebook.com/272640456236451/posts/1647416372092179/

➡️කුඩා දරැවන් සිටින ඔබ මෙය අනිවාර්යයෙන් කියවන්න
https://www.facebook.com/272640456236451/posts/1672436539590162/

Āyu Yāthra - ආයු යාත්‍රා ayurveda & traditional clinic
Tharinda sandaruwan(BAMS)
University of Colombo

©️All Rights Reserved/ කතෘ අවසරයකින් තොරව විද්‍යුත් මාධ්‍ය හා ලිපි ලෙස පලකිරීම සපුරා තහනම් වේ

🇱​​​​​🇮​​​​​🇰​​​​​🇪​​​​​/🇸​​​​​🇭​​​​​🇦​​​​​🇷​​​​​🇪​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​ 🇫​​​​​🇦​​​​​🇨​​​​​🇪​​​​​🇧​​​​​🇴​​​​​🇴​​​​​🇰​​​​​

https://www.facebook.com/Ayuyathra/

🇫​​​​​🇴​​​​​🇱​​​​​🇱​​​​​🇴​​​​​🇼​​​​​ 🇺​​​​​🇸​​​​​ 🇴​​​​​🇳​​​​​
🇮​​​​​🇳​​​​​🇸​​​​​🇹​​​​​🇦​​​​​🇬​​​​​🇷​​​​​🇦​​​​​🇲​​​​​

Āyu Yāthra - ආයු යාත්‍රා

උපුටා ගැනීම ආයුර්වේද දෙපාර්තුමේන්තු පිටුවෙනි.
28/05/2021

උපුටා ගැනීම ආයුර්වේද දෙපාර්තුමේන්තු පිටුවෙනි.

27/05/2021
නිවසේදී ප්‍රථිපලදායක කැද කෝප්පයක් සදා ගන්නෙ කෙසේද...?(සරලව.කෙටියෙන්)අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයා නිරෝගි ජීවන රටාවක් ගෙන ගි...
02/05/2021

නිවසේදී ප්‍රථිපලදායක කැද කෝප්පයක් සදා ගන්නෙ කෙසේද...?
(සරලව.කෙටියෙන්)

අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයා නිරෝගි ජීවන රටාවක් ගෙන ගියේ නිවැරදි ආහාර රටාවක් අපට ආවේණික ජන විඥානයක් පැවති නිසාය. ගම් ගෙවල් වල එදිනෙදා භාවිතා වූ ලුණු කැඳ ප්‍රතිශක්තිකරණ මෙන්ම ආහර ජීරණයද වැඩි කරන,විජලනය හා පිපාසය වලකන. එවැනි ගුණදායක පානයකි. නිරෝධායන සමයේ නිවසේ සිටම පහසුවෙන් සකස් කරගත හැකි ඖෂධිය ලුණු කැද පානය ගැනයි මේ. නිවැරදි දෙශිය ඥානයට අනුව හතරදෙනෙකුගෙන් පමණ යුක්ත පවුලක් සඳහා පිළියල කරගැනීමට,

අවශ්‍ය ද්‍රව්‍ය
1.තම්බපු සහල් 200g
2.සූදුරු ඇඟිලි දෙකට හසුවන ප්‍රමණය
3.තලාගත් කොත්තමල්ලි මේස හැදි 1
4.නොතැලු උළු හාල් ඇට තේ හැදි 1/2
5.සුදු ළූණු බික් 5ක් හෝ 6ක්
6.රතු ළූණු ගෙඩි 5ක් හෝ 6ක්
7.තලාගත් අමු ඉඟුරු කැබැල්ලක්
8.කරපිංචා ඉති 2ක්
9.රම්පෙ කැබැල්ලක්
10.සේර කැබැල්ලක්
11.කුරුඳු පොතු කැබැල්ලක්
12.කරාබු නැටි 2ක් හෝ තුනක්
13. තලාගත් හීන් එනසාල් කරලක ඇටයක්
14.අවශ්‍ය ප්‍රමාණයට ලුණු
15.නොතැලු ගම්මිරිස් ඇට තේ හැදි 1ක්
16.ජලය ලීටර් 1ක්

සාදන ක්‍රමය
බත බෙරිවන ප්‍රමාණයට වතුර වැඩිකර දමා එයට කොත්තමල්ලි උළුහාල්,සූදුරු පොට්ටනියක ගැට ගසා එකතු කරගන්න. සුදු ළූණු,රතු ළූණු,අමු ඉඟුරු,කරපිංචා,රම්පේ,සේර,කුරුඳු පොතු,කරාබු නැටි,හීන් එනසාල් සහ සියඹලා මිශ්‍ර කර හොදින් බත බෙරිවන ප්‍රමාණයට වතුර ලීටර් 1ක් එක් කර දියාරුවට උයා ගන්න.අවසානයේ පොට්ටනිය ඉවත් කර ඉතිරි සියලුම දෑ මත්ගාගන්න. මද උණුසුමින්ම පානය කරන්න.

*වැඩිහිටියෙකුට වරකට අඩු කෝප්ප 1
*කුඩා දරුවෙක්ට වරකට 100ml.

උපුටා ගැනීම : ආයුර්වේද ⁣වෛද්‍ය මහේෂ් ජයතිලක මහතාගෙනි.

ව්‍යායාම ආහාර හා රෝග ඇතිවීම අතර සම්බන්ධය මොන වගේද?පොඩි වෙලාවක් අරන් මේ ලිපිය කියවන්න..  මුරලිටත් හාට් ඇටෑක් එකක් ඇවිත්. ...
19/04/2021

ව්‍යායාම ආහාර හා රෝග ඇතිවීම අතර සම්බන්ධය මොන වගේද?
පොඩි වෙලාවක් අරන් මේ ලිපිය කියවන්න..

මුරලිටත් හාට් ඇටෑක් එකක් ඇවිත්.
ඉන්දියාවෙදිම ස්ටෙන්ට් එකක් දැම්මා කියලා අරංචියි.

මේක ලියන්නේ ඒකෙන් දෙන්න තියෙන පණිවිඩය හින්දා.

මුරලි කියන්නේ වෘත්තීය ක්‍රීඩකයෙක්. ජීවිතෙන් වැඩි කාලයක් ක්‍රීඩාවෙම ඉඳලත්, මැදි වියට ආපු ගමන් හාට් ඇටෑක් එන්නේ ඔහු ක්‍රීඩාවෙන් සමුගත් පසු වැඩිය ව්‍යායාම කරන්න නැතුව ඇති.

මුරලිටත් එහෙම වෙන්න පුළුවන් නම්, ඔබටයි මටයිත් හැදෙන්න පුළුවන්.

ඒ නිසා වයස මොකක් උනත් නිරෝගීව ඉන්න නම් හොඳ ආහාර පුරුදුයි, ව්‍යායාමයි අත්‍යාවශ්‍යයි.

සතියට දවස් 3ක් වත්, දවසකට පැය භාගයක් වත්...
පුරුද්දක් හදා ගන්න. විශේෂයෙන් ඔබ මහත් වෙලා නම්...

මුරලිට ඉක්මන් සුව.

පැතුම් කර්නර් මහතාගේ facebook පිටුවෙන් උපුටා ගැනිනි

තරබාරැ බව පිළිබඳ පැරණි ලිපිය කියවන්නhttps://www.facebook.com/272640456236451/posts/1666984663468683/

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Yāthra - Ayurveda & Wellness Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayu Yāthra - Ayurveda & Wellness Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Our Story

ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රියව පවතී. ආයුර්වේද යන්න ආයු යනු ජීවිතය හෝ දිර්ඝ ආයුෂ සහ වේද යනු දැනුම යන තේරුම ඇත්තකි. එලෙස ගත් කළ ආයුර්වේද යන්නෙහි දල අදහස “ජීවිතය පිළිබද දැනුම” / “දිර්ඝායුෂ පිළිබද දැනුම” හෝ “ජීවිතය පිළිබද විද්‍යාව” යන්නයි. චරක සම්හිතයට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව, මනස සහ ආත්මය, මරණය සහ ජරාජීර්ණ වීම වළක්වන සාධක සහ පුනරුප්පත්තිය සදහා බලපාන සාධක එක්ව ගත් කලයි. ඉහතින් දැක් වූ පර්යාලෝකනයන්ට අනුව ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමයි. ආයුර්වේදය යනු ‍ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රයන් අතරින් අතලොස්සකි.