Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර

  • Home
  • Sri Lanka
  • Kandy
  • Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර

Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර We provide traditional indigenous and Ayurvedic medical treatments using magical natural herbs to support fast recovery and long-term wellness.

Our special natural therapies are fractures, dislocations, joint pain, muscle injuries, and body imbalance.

සොබා දහමේ අනුහසින් ඔබ සැමගේ ගතසිත සුවපත් වන පින්සාර සුබ නව වසරක් වේවා!!!Happy Healthy New Year 2026 🍀✨️🙏✨️ 🍀සතුටින් පිරු...
31/12/2025

සොබා දහමේ අනුහසින් ඔබ සැමගේ ගතසිත සුවපත් වන පින්සාර සුබ නව වසරක් වේවා!!!

Happy Healthy New Year 2026 🍀✨️🙏✨️ 🍀
සතුටින් පිරුණු සුබ නව වසරක් වේවා...!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்..!
Happy New Year 2026 ✨️🙏✨️
තෙරුවන් සරණයි 🙏

කිරළගම වෙද මැදුර- කිරළගම
Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර
Kiralagama Weda Gedara Pharmacy, 5th mile post, Akurana

✨️🙏✨️
27/10/2025

✨️🙏✨️

🌿💚 භග්න රෝග නිවාරණී තෛලය 💚🌿

පුරා වසර තිහකට අධික කාලය පටන් ප්‍රදේශයේ විශ්වාසය දිනාගත් අත්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සහිත කිරළගම වෙද ගෙදර හි ඉපැරණි පාරම්පරික හෙළ වට්ටෝරුවකට අනුව සකස් කළ,
අපේ පාරම්පරාවෙන් උරුම වූ විශ්වාසදායක තෛලයයි 🪔

✨ හෙළ ඔසු උරුමය— ප්‍රත්‍යක්ෂ සුවය ✨

🪔 #හෙළඔසු #කිරළගමවෙදගෙදර #භග්නරෝගනිවාරණීතෛලය

27/10/2025

✨️🙏✨️

දස දහස් ගණන් ආතූර වූ රෝගීන් ස්වස්ථයන් බවට පත් කරන පින්සාර හෙළ වෙද මැදුර

😊✨️🙏
16/04/2025

😊✨️🙏

16/04/2025
✨️🙏✨️
02/04/2025

✨️🙏✨️

මේ දවස් වල හදිසියේ ඇති වන පුංචි ලෙඩ රෝග වලට ඔයාලගේ මුළුතැන්ගෙයින් සොයා ගත හැකි මා අත්දුටු ප්‍රත්‍යක්ෂ බේත් කිහිපයක්

✳️බඩේ අජීර්ණය, බඩ පිපුම හා ආහාර අරුචියට🍃

✔සාදික්කා මදයක් ගෙන දෙහි ඇඹුලින් ගල ගා ගම්මිරිස් ලුණු දමා මේස හැඳි 02ක් කෑමට පෙර පානය කරන්න...
✔දෙහි ගෙඩියක් සිහින් පෙති වලට කපා ගම්මිරිස් ලුණු දමා ආහාරයට ගන්න.
✔සූදුරු,මහදුරු ,කොත්තමල්ලි , අබ,අමු ඉඟුරු , සුදු ලූණු, රතු ලූණූ, කරපිංචා කොළ, තුනපහ, කහ, මිරිස්, සියඹලා,ලුණු, දෙහි පෙති, මුරුංගා පොතු කැබැල්ලක් දමා පොල් කුඩු මේස හැන්දක් පමණ බැද එකට එක් කොට ලිප තබා වතුර පත 4ක්, පත 1ට සිඳ පානය කරන්න
✔සුදුලූණූ , අමු කහ, අමු ඉඟුරු එකට කොටා යුෂ ගෙන එයට මී පැණි දමා මේස හැඳි 02ක් පමණ කෑමට පෙර පානය කරන්න

✳️දත් කැක්කුමට🍃

✔කරාබු නැට්ටක් තලා කැක්කුම සහිත දතෙහි තබාගන්න
✔අමු ඉඟුරු , සුදු ලූණූ , ගම්මිරිස් සමව ගෙන එකට අඹරා යුෂ ගෙන වියළි මිරිස් කරලක ඇට ඉවත් කර එතුළට පළමු බෙහෙත් දියරය පුරවා පොල්තෙලින් රත් කර මද රස්නයෙන් කැක්කුම ඇති දතට වත් කරන්න...

✳️හිසරදයට🍃

✔අමු ඉඟුරු ,සුදුලූණූ , අබ සමව ගෙන අඹරා රෙදි කඩක ගා නළලෙහි එලන්න නැතහොත් පොට්ටනි බැඳ කඩ බිම්මේ රත් කර නළල දෙපස තවන්න
✔ කප්පරවල්ලිය කොළයක් පොඩිකර සුවඳ බලන්න.
✔සුදුලූණු කරපිංචා නැටි, රතු ලූණූ, සූදුරු සමව ගෙන අඹරා පොල්තෙලින් රත් කර තෙමා හිස තෙල් ගල්වන්න.
✔බුලත් හෝ ගම්මිරිස් කොළයක් පහන් දැල්ලෙන් රත් කර නළල දෙපස තවන්න

✳️උගුරේ ඇතිවන සෙම්ගෙඩි වලට🍃

✔අමු ඉඟුරු , සුදුලූණූ , ගම්මිරිස් , මුරුංගා පොතු, ලුණු දියරෙන් අඹරා පොට්ටනියක් සාදා හක්කේ තබා ගෙන සෙම අරින්න
✔මඳ රස්නය ඇති උණුවතුරට කැට ලුණු දමා දියකොට උගුර දිනකට දෙතුන් වරක් සෝදන්න

✳️මූත්‍රා දැවිල්ලට🍃

✔පිපිඤ්ඤා ගෙඩියක් ඇටත් සමඟ අඹරා යුෂ පානය කරන්න

✳️කොන්දෙ කැක්කුමට🍃

✔බත් උයන විට එන පෙණ ප්‍රවේසමෙන් ගෙන ලුණු ස්වල්පයක් දමා කලතා කොන්දෙහි ගාන්න.
✔ ගම්මිරිස්, අමු ඉඟුරු, සුදුලූණූ පොට්ටනි බැඳ තවන්න.

✳️කටුවක් ඇනුණු විට🍃

✔කෝමාරිකා පත්තක් දෙකට කපා අමුකහ ලුණු කොටා එහි තවරා කෙසෙල් කොලයක ඔතා උණු අලුපල්ලේ තම්බා කටුව ඇනුණු ස්ථානයේ බඳින්න

✳️ඇඟිලි හෝ නියපොතු තැල්මට🍃

✔අමු ඉඟුරු , සීනී එකට කොටා තැලුණු ස්ථානයේ බඳින්න.

✳️සාමන්‍ය තැල්මට🍃

✔සියඹලා වලට හාල් පානු වතුර දමා බොරට ගෙන තැල්ම සහිත ස්ථානයේ ගාන්න.
✔ගොරකා ලුණු දමා අඹරා බඳින්න

✳️උලුක්කුවට🍃

✔අමුකහ, ලුණු,පොල් කොටා හාල්පානු වතුරින් අඹරා රත් කර රෙදි කඩක ගා බඳින්න.

✳️උගුරේ කටු හිරවුණාට🍃

✔මඳ උණුසුම් බත් ගුලි 03ක් ගෙන වාර තුනකට ගිලින්න.

✳️කැපුම්, සීරිම් හෝ තුවාල වලට🍃

✔කහ කුඩු තුවාලයට දමන්න

✳️පිළිස්සුණාට🍃

✔තේ කොළ ස්වල්පයක් දමන්න
✔කෝමාරිකා මදයක් ගෙන පිලිස්සුණු තැන අතුල්ලන්න

✳️මළ බද්ධයට🍃

✔එළඟි තෙල් තේ හැඳි 01ක් කෑමට පෙර උණු වතුරට දමා පානය කරන්න
✔සියඹලා බොර තේ කෝප්ප බාගයක් සීනි ලුණු දමා පානය කරන්න

✳️උණ, සෙම්ප්‍රතිශ්‍යාවට🍃

✔කොත්තමල්ලි කබලේ බැද ඉඟුරු සමඟ තම්බා සීනි දමා පානය කරන්න
✔ඉඟුරු තේ පානය කරන්න
✔තැම්බුම් හොඳි එනම්, සූදුරු,මහදුරු ,කොත්තමල්ලි , අබ,අමු ඉඟුරු , සුදු ලූණු, රතු ලූණූ, කරපිංචා කොළ, තුනපහ, කහ, මිරිස්, සියඹලා,ලුණු, දෙහි පෙති, මුරුංගා පොතු කැබැල්ලක් දමා පොල් කුඩු මේස හැන්දක් පමණ බැද එකට එක් කොට ලිප තබා වතුර පත 4ක්, පත 1ට සිඳ පානය කරන්න
✔වෙනිවැල්ගැට, සුදුලූණූ, ගම්මිරිස් හා කරපිංචා තම්බා පානය කරන්න

✳️කැසීම් බිබිලි දැමීම් වලට🍃

✔අමුකහ හෝ කහ කුඩු දෙහි ඇඹුලින් අඹරා ගාන්න
✔අමුකහ සහ දෙහි තැම්බු වතුරින් සෝදන්න
✔කරපිංචා කොළ යුෂ අමුවෙන් කෝප්ප බාගයක් දෙහි යුෂ දමා පානය කරන්න

✳️හිරමණයට තුවාල වූ විට🍃

✔හිරමණ තලය ළිපේ දමා රත්කර ගෙන එයින් පොල් ටිකක් ගා මිරිකා ගත් කිරි තුවාලයේ ගාන්න.

✳️වමන හෝ බඩ විරේකය නැවතුමට🍃

✔කෝපි කුඩු උණුසුම් ජලයට දමා දෙහි බිඳු දමා පානය කරන්න
✔කුරුඳු පොතු කුඩු තේ හැඳි බාගයකට කබලේ බැදගත් එනසාල් ඇටයක් තලා දමා උණු වතුරට දමා පානය කරන්න

✳️කන් කැක්කුමට🍃

✔සුදුලූණු, අමු ඉඟුරු, දෙහි, අමුකහ, ගම්මිරිස් කොටා පොට්ටනි බැඳ කන්මුල දෙපස තවන්න

✳️කූඩැල්ලන් කෑ තැනට🍃

✔හිස් පත්තර කොලයක් පුලුස්සා අළු ගෙන පොල්තෙල් සමඟ ගාන්න

✳️මැසි,කූඹි ආදී කෘමි සතුන් සපාකෑවාට🍃

✔රතුලූණු ගෙඩියක් කෘමියා සපා කෑ තැන අතුල්ලන්න
✔ඉන්පසු පොල් කොහු පුලුස්සා පොල්තෙලින් අනා ගාන්න

✳යටි පතුල් වල වේදනාවට🍃

✔ උණුසුම් ජලයට ලුණු හා කහ කුඩු ස්වල්පයක් දමා විනාඩි 10ක් පමණ දිනපතා නින්දට පෙර දෙපතුල් බහා සිටින්න
✔ලිපේ අලු හත්වරක් පමණ හලා ලුණු සමඟ මිශ්‍ර කොට පොට්ටනි බැඳ දෙපතුල් තවන්න

✳️කිනිතුල්ලන් ගැලවීමට🍃

✔පොල්තෙල් මඳක් රත් කර ගාන්න
✔පොල්කටු අඟුරු පොල්තෙලින් අනා ගාන්න

✳️බඩ පපුවේ දැවිල්ලට🍃

✔උළුහාල් කුඩු තේ හැඳි 1/4ක් වතුර වීදුරුවකට දමා සීනි ස්වල්පයක් කලවම් කොට පානය කරන්න
✔දියකිරි කෝප්පයකට උළුහාල් තේ හැඳි බාගයක් ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් සීනි තේ හැඳි එකක් දමා මැටි භාජනයක රත් කොට එයට උයාගත් බත් පොල්කටු හැන්දක් පමණ දමා කැඳ පිස පානය කරන්න

✳️ගැස්ට්‍රයිටීස් වලට🍃

✔රාත්‍රී ඉතිරි වූ බත් වලට උදෑසන දිය කිරි දමා අමු මිරිස් , රතු ලූණු, උම්මලක කපා දමා දෙහි ඇඹුල් සහ ලුණු ස්වල්පයක් දමා දිය බත් කැඳ පිස පානය කරන්න

✳️ප්‍රතිශක්තිය වඩවන ලුණු කැඳ🍃

✔සුදුලූණූ ,රතු ලූණූ ,
අමු ඉඟුරු, රම්පෙ, කරපිංචා,
කුරුඳු පොතු, එනසාල් ඇටයක්,
ගම්මිරිස් , උලුහාල්,
කොත්තමල්ලි කුඩු තේ හැඳි බාගයක් ,
කරාබු නැට්ටක්,
සූදුරු තේ හැඳි කාලක්,
සියඹලා ස්වල්පයක් සමඟ හොඳින් අඹරා එයට තම්බපු හාල් හුණ්ඩුවක් දමා වතුර පත 6ක් පමණ දමා බත බෙරි වන සේ කැඳ පිස ලුණු දමා දිනපතා පානය කිරීම සියලු උණ සන්නිපාතාදී රෝග වලට ගුණ දෙන ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඖෂධීය ලුණු කැඳ ලොකු කුඩා සියලු දෙනාට යහපත් ය.

ඔබ සැමගේ නීරෝගීභාවය ආරක්ෂා වේවා!
තෙරුවන් සරණයි 🙏

✍️සටහන -
පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
දේශීය වෛද්‍ය
බී.එච්.ජී.එම්.සුනේත්‍රා කුමාරී කුලතුංග
219/10, බණ්ඩාර අරඹ වත්ත,
කිරළගම ,
බටුගොඩ,
081 230 1404
077 484 6790

✨️😊✨️🙏
04/02/2025

✨️😊✨️🙏

සබ්බීතියෝ විවජ්ජන්තූසබ්බරෝගෝ විනස්සතූමාතේ භවත් අන්තරායෝසුඛී දිඝායුකෝ භව!!! ✨️🙏✨️🍀සියලු උවදුරු දුරුවේවාසියලු රෝග නැසේවාසි...
01/01/2025

සබ්බීතියෝ විවජ්ජන්තූ
සබ්බරෝගෝ විනස්සතූ
මාතේ භවත් අන්තරායෝ
සුඛී දිඝායුකෝ භව!!! ✨️🙏✨️🍀

සියලු උවදුරු දුරුවේවා
සියලු රෝග නැසේවා
සියලු අන්තරාය දුරුවේවා
දීර්ඝායුෂ ලැබ සුවපත් වේවා!!!✨️🙏✨️🍀

සතුටින් පිරුණු සුබ නව වසරක් වේවා...!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்..!
Happy New Year 2025…!

Address

Https://maps. App. Goo. Gl/65nkxE2yhZ4DNaow 9
Kandy

Opening Hours

Monday 09:30 - 20:00
Tuesday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:30 - 20:00
Friday 09:30 - 20:00
Saturday 09:30 - 20:00
Sunday 09:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share