Uroclinic

Uroclinic Specialist Urology Clinic - Best in Kandy, Sri Lanka.

ශිෂේණය ඍජු වීම සඳහා විසඳුම්.ලිංගික සංසර්ගය සඳහා ප්‍රමාණවත් තරම් ශිෂේණය ඍජු නොවීම (Erectile dysfunction) (ED), ලිංගික සංස...
17/07/2024

ශිෂේණය ඍජු වීම සඳහා විසඳුම්.

ලිංගික සංසර්ගය සඳහා ප්‍රමාණවත් තරම් ශිෂේණය ඍජු නොවීම (Erectile dysfunction) (ED), ලිංගික සංසර්ගය සඳහා ප්‍රමාණවත් තරම් ශිෂේණය ඍජු වීමට ඇති නොහැකියාව, පිරිමින්ට ආතති සහගත සහ ව්‍යාකූල ගැටලුවක් විය හැකිය. ඔබ තනිවම නොවේ. ED වයස් භේදයකින් තොරව ලොව පුරා මිලියන ගණනක් පිරිමින්ට බලපායි.

මහනුවර මුත්‍රා සායනයේදී, අපි ED අවට ඇති සංවේදීතාව තේරුම් ගන්නා අතර ඔබේ ගැටළු විසඳීම සඳහා රහස්‍ය සහ සහායක පරිසරයක් සැපයීමට කැපවී සිටිමු. මෙම ලිපියේ අරමුණ ED, එහි හේතු සහ පවතින ප්‍රතිකාර විකල්පයන් පිළිබඳව දැනුවත් කිරීමටයි.

ශිෂේණය ඍජු වීම තේරුම් ගැනීම:

ශිෂේණය ඍජු වීම සිදුවේ, රුධිරය ශිෂේණයට ගලා යන විට, ස්පොන්ජි පටක පුරවා ඒවා දැඩි වීමට හේතු වේ. මෙම ක්‍රියාවලියට බලපාන සාධක කිහිපයක් ඇතුළත් වේ:

ශාරීරික සෞඛ්යය: රුධිර ප්රවාහය, ස්නායු හා හෝමෝන සියල්ලම භූමිකාවක් ඉටු කරයි.

මානසික යහපැවැත්ම: ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය උද්දීපනයට බාධාවක් විය හැකිය.

ජීවන රටා පුරුදු: දුම්පානය, අධික මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ලිංගික ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකිය.

ED සඳහා හේතු:
ED විවිධ කායික හා මානසික සාධක වලින් පැන නැගිය හැක. මෙන්න පොදු හේතු කිහිපයක්:
ශාරීරික තත්ත්වයන්: හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ ස්නායු ආබාධ රුධිර ප්රවාහයට සහ ස්නායු ක්රියාකාරිත්වයට බලපෑම් කළ හැකිය.

ඖෂධ: විෂාදනාශක සහ රුධිර පීඩන ඖෂධ වැනි ඇතැම් ඖෂධ, අතුරු ආබාධයක් ලෙස ED තිබිය හැක.

ජීවන රටාව: දුම්පානය, අධික මත්පැන් පානය සහ මත් ද්‍රව්‍ය භාවිතය ED සඳහා දායක විය හැක.

හෝර්මෝන අසමතුලිතතාවය: අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් ලිබිඩෝ අඩුවීමට සහ ශිෂේණය ඍජු වීමට දුෂ්කර විය හැක.

මනෝවිද්‍යාත්මක සාධක: ආතතිය, කාංසාව, කාර්ය සාධන පීඩනය සහ මානසික අවපීඩනය ලිංගික ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකිය.

ප්‍රතිකාර විකල්ප:
ශුභාරංචිය නම් ED බෙහෙවින් ප්‍රතිකාර කළ හැකි බවයි. මහනුවර මුත්‍රා සායනයේදී, අපි මූලික හේතුව මත පදනම්ව පුද්ගලාරෝපිත ප්‍රතිකාර ප්‍රවේශයන් රාශියක් ඉදිරිපත් කරමු. අපට සාකච්ඡා කළ හැකි විකල්ප කිහිපයක් මෙන්න:

ජීවන රටාව වෙනස් කිරීම: දුම්පානය නතර කිරීම, මත්පැන් පානය අඩු කිරීම සහ සෞඛ්ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් ශිෂේණය ඍජු ක්රියාකාරිත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකිය.

ඖෂධ: Vi**ra සහ Cialis වැනි බෙහෙත් වට්ටෝරු මගින් ශිෂේණය ඍජු වීම සඳහා රුධිර ප්රවාහය වැඩි කළ හැක.

හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය: අඩු ටෙස්ටොස්ටෙරෝන් වැරදිකරු නම්, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය විසඳුමක් විය හැකිය.

රික්තක උපාංග: මෙම උපකරණ රික්තක පොම්පයක් භාවිතයෙන් තාවකාලික ශිෂේණය ඍජු වීම නිර්මාණය කරයි.

බද්ධ කිරීම්: දරුණු අවස්ථාවල දී, ශිෂේණය ඍජු බද්ධ කිරීම ස්ථිර විසඳුමක් ලබා දිය හැකිය.

ඊළඟ පියවර:
ඔබ ED අත්විඳින්නේ නම්, උපකාර ලබා ගැනීමට පසුබට නොවන්න. මතක තබා ගන්න, ED යනු ප්‍රතිකාර කළ හැකි වෛද්‍ය තත්වයක් වන අතර, සංවේදනය සහ නිවැරදි ප්‍රතිකාර ක්‍රියාවලිය හරහා ඔබට මග පෙන්වීමට මහනුවර මුත්‍රා සායනයෙහි අපගේ විශේෂඥය වෛද්‍යවරු මෙහි පැමිණ සිටිති.

අදම මහනුවර මුත්‍රා සායනය අමතන්න: 0777 567 566

ඔබේ ගැටළු සාකච්ඡා කිරීමට සහ වඩාත් තෘප්තිමත් ලිංගික ජීවිතයක් සඳහා ප්‍රතිකාර විකල්ප ලබාගැනීමට අපගේ පළපුරුදු මෞත්‍ර ලිංගික වෛද්‍යවරුන් සමඟ රහස්‍ය උපදේශනයක් ලබා ගන්න.

මහනුවර Uroclinic

0777 567 566

ප්‍රශස්ත ලිංගික සෞඛ්‍යය සහ යහපැවැත්ම ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙමු!✌️

Erectile Dysfunction: A Common Concern, Discreet Solutions.Erectile dysfunction (ED), the inability to achieve or mainta...
16/07/2024

Erectile Dysfunction: A Common Concern, Discreet Solutions.
Erectile dysfunction (ED), the inability to achieve or maintain an er****on firm enough for sexual in*******se, can be a stressful and confusing issue for men. You're not alone. ED affects millions of men worldwide, regardless of age.

At Kandy Urology Clinic, we understand the sensitivity surrounding ED and are dedicated to providing a confidential and supportive environment to address your concerns. This article aims to shed light on ED, its causes, and the treatment options available.

Understanding Erections:

An er****on occurs when blood flows into the p***s, filling spongy tissues and causing it to harden. Several factors contribute to this process, including:

Physical health: Blood flow, nerves, and hormones all play a role.
Mental well-being: Stress, anxiety, and depression can hinder arousal.
Lifestyle habits: Smoking, excessive alcohol, and drug use can impact sexual function.
Causes of ED:

ED can stem from various physical and psychological factors. Here are some common culprits:

Physical Conditions: Heart disease, high blood pressure, diabetes, and neurological disorders can affect blood flow and nerve function.
Medications: Certain medications, like antidepressants and blood pressure drugs, can have ED as a side effect.
Lifestyle: Smoking, excessive alcohol consumption, and drug use can all contribute to ED.
Hormonal Imbalances: Low testosterone levels can lead to decreased libido and erectile difficulties.
Psychological Factors: Stress, anxiety, performance pressure, and depression can all negatively impact sexual performance.
Treatment Options:

The good news is that ED is highly treatable. At Kandy Urology Clinic, we offer a range of personalized treatment approaches based on the underlying cause. Here are some options we may discuss:

Lifestyle Modifications: Quitting smoking, reducing alcohol intake, and maintaining a healthy weight can significantly improve erectile function.
Oral Medications: Prescription medications like Vi**ra and Cialis can increase blood flow to the p***s, facilitating er****ons.
Hormone Replacement Therapy: If low testosterone is the culprit, testosterone replacement therapy can be a solution.
Vacuum Devices: These devices create a temporary er****on using a vacuum pump.
Implants: For severe cases, pe**le implants can provide a permanent solution.
Taking the Next Step:

If you're experiencing ED, don't hesitate to seek help. Remember, ED is a treatable medical condition, and our urologists at Kandy Urology Clinic are here to guide you through the process with empathy and discretion.

Contact Kandy Urology Clinic Today:

Schedule a confidential consultation with our experienced urologists to discuss your concerns and explore personalized treatment options for a more fulfilling sexual life.

Kandy Urology Clinic

0777 567 566

Kandy, Sri Lanka

We look forward to helping you achieve optimal sexual health and well-being!

Disclaimer: This blog post serves as general information only and should not be a substitute for professional medical advice. Please consult a urologist for diagnosis and treatment specific to your situation.
,

24/10/2021

There are more options to remove stones in your urinary tract. Visit uroclinic.lk

මුත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?   දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්‌ථාව වකුගඩු වේ හෝ මුත...
05/02/2018

මුත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?


දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්‌ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ ගල් හට ගැනීම සහ එය අවහිර වීමෙන් හටගන්නා වේදනාකාරී අවස්‌ථාවය. මෙම වේදනාව විඳ දරා ගනිමින් ප්‍රතිකාර කොතෙක්‌ ලබා ගත්ත ද, නිසි ප්‍රතිකාර නොලද හොත් ඇති වන්නේ දරුණු වකුගඩු රෝගියකු ලෙස දිගුකාලීන ප්‍රතිකාර වෙත යොමු වීමට සිදු වීමය. එය ජීවිතය පිළිබඳව අවදානමක්‌ ද වන්නේය.


"කැල්සියම් ඔක්‌සලේට්‌ ඩයිහයිඩ්රේට් (Calcium Oxalate Dihydrate Crystals) ‌ , කැල්සියම් ඔක්‌සලේට්‌ මොනෝහයිඩ්රේට් (Calcium Oxalate monohydrate Crystals), බේසික්‌ කැල්සියම් පොස්‌පේට් (Basic calcium phosphate crystals)‌, සහ මැග්නීසියම් ඇමෝනියම් ෆොස්‌පේට්‌ (Magnesium ammonium phosphate stones) යනු එම ගල් වර්ග හතරයි.

මෙම ගල් සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර ලබා දුනහොත් ලැබෙන ප්‍රතිඵල සතුටු දායකයි. මන්ද මෙම ගල් දියවීමේ ක්‍රමවේද එකිනෙකට වෙනස්‌ බැවින් ඒ ඒ ගල් සඳහා නිසි ප්‍රතිකාර ලබා දීම අතිශය වැදගත්.

ගල් ඇතිවීම මත වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවන බව සාමාන්‍ය දෙයක්‌ වුවත් මෙම තත්ත්වය රෝගින්ගේ මනසට දරුණු කරදරයක්‌. මොකද ... ගල් ඇ තිවන සෑම රෝගියෙකුම පාහේ තමන්ගේ වකුගඩු දෙකට කිසියම් බලපෑමක්‌ ඇති වී ඇතැයි බිය වෙනවා. ඕනෑම රෝගයකට තමන්ගේ සිතෙහි ඇතිවන ආකූල ව්‍යාකුල බව වක්‍රව බලපෑම් ඇතිකරනවා වාගේ මෙයත් සුදුසු නැති තත්ත්වයක්‌. මේ නිසා රෝගීන් තමන්ගේ මුත්‍රාශයේ හෝ වකුගඩුවේ ගලක්‌ ඇති වීමට ඇති ඉඩ කඩ අහුරා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනතාවට ඒ වග මුලින්ම දැනුම් දීම අපේ වගකීමක්‌.

ගල් කියන රෝගී තත්ත්වයට රෝගින් ඉතාම බියගුලු බවක්‌ දක්‌වනවා. විශේෂයෙන්ම අතිශය පීඩාකාරී ලෙස, මෙයින් වේදනාකාරී අත්දැකීමක්‌ ලබන්නේ පිරිමි පාර්ශ්වයයි. ගල් නැති නම්, කැල්සියම් මිශ්‍රව ගලක ස්‌වරූපයෙන් සැකසෙන මේ කැට මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි රැඳීම මත, වේදනාවක්‌ ඇති වෙනවා. එය ස්‌වභාවිකයි. මේ ගල් අපේ සිරුරේ හැදිලා තිබෙන බවටත් සිරවී ඇති බවටත්, අපට දැනුම් දෙන්නේ රෝග ලක්‌ෂණ හරහා. වකුගඩුවේ කොනක ගලක්‌ ඇත්නම් අපට කිසිදු රෝග ලක්‌ෂණයක්‌ පෙන්වන්නේ නැහැ. නමුත් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි ගලක්‌ සිරවී ඇති විටෙක, මුලින්ම ඉළේ කැක්‌කුමක්‌ ඇති වෙනවා. එය ක්‍රමයෙන් වැඩිවෙමින් දරුණු වේදනාවක්‌ බවට පත් වෙනවා. එය අර පෙර කී පරිදි ප්‍රසව වේදනාවට සමානයි. ගලක්‌ මුත්‍රා මාර්ගයේ පහළට එනවා නම්, මුත්‍ර සමඟ ලේ පිටවීමක්‌ දක්‌නට පුළුවන්. යටි බඩෙහි වේදනාවක්‌ ද ඇති විය හැකියි. මුත්‍රාශයේ ගලක්‌ ඇති විටක මුත්‍රා අඩස්‌සිය ඇති වන්නත් පුළුවන්. නිතර නිතර මුත්‍ර ආසාදන ඇති විමේදී වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම තිබෙනවා. ඒ වගේම ගලක්‌ වකුගඩුවේ සිරවීම සහ එයට විෂබීජ යාම මත තද උණ තත්ත්වයක්‌ ඇති වන්නත් ඉඩක්‌ තිබෙනවා. එය වඩාත් බරපතළ වූ විටෙක සෙප්ටිසීමියා (septicaemia) වැනි රෝග තත්ත්වයක්‌ ඇති වී මිය යැමට වුවද හැකියි.

කැල්සියම් ඔක්‌සලේට්‌ ඩයිහයිඩ්රේට් (Calcium Oxalate Dihydrate Crystals)‌ කියන ගල් වර්ගය වැඩි වශයෙන් ඇතිවන්නේ සිරුරේ ජලය අඩුවීමෙන්. කෙටියෙන්ම කියතොත් වතුර බීම අඩු නම් ගල් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මෙහි භයානකකම එම ගල්වල සාන්ද්‍රණය සමඟ විෂබීජ බැක්‌ටීරියා එකතු වීමෙන් වකුගඩු දෙක රෝගී වීමයි.

ගල් ඇති වීමට බලපාන තවත්, කරුණු අතර පවුලේ ජාන වල බලපෑම ඉන් ඇතිවන ආවේණික තත්ත්වයක්‌, ද තිබිය හැකිය. සියයට පහළොවක්‌ හෝ විස්‌සක්‌ හෝ ජාන මත ගල් ඇති වුවත් සෙසු සියයට අසූවම තමන්ගේ නොසැලකිල්ල මත ඇති වන බව පරීක්‌ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

කැල්සියම් වැඩි ආහාර කිරි චීස්‌ බටර් වැනි ආහාර වැඩියෙන් ගැනීම, තක්‌කාලි, නිවිති, ආදිය පමණ ඉක්‌මවා ආහාරයට ගැනීම, යූරික්‌ ඇසිඩ් බහුල රතු මස්‌ එළුමස්‌, ඌරු මස්‌, පීකුදු ආදිය ආහාරයට ගැනීම මානසික ආතතිය වැනි කරුණු මත ගල් හැදීමේ ඉඩකඩ වැඩියි.

අඩුවෙන් ජලය පානය කිරීම මත, ගල් සෑදීමට අවශ්‍ය කරන අයනවල සාන්ද්‍රණය වැඩි වීමෙන් මුත්‍රාශයේ ඉක්‌මනින්ම ගල් ඇති වන්න පුළුවන්.

රෝග ලක්‌ෂණ සහිතව වෛද්‍යවරයකු හමුවට යන රෝගියකු මුත්‍රා පරීක්‌ෂණයකට හෝ ස්‌කෑන් පරීක්‌ෂණයකට හෝ එක්‌ස්‌ කිරණ පරීක්‌ෂණයකට ලක්‌ කොට රෝගය නිශ්චය කිරීම සිදු කරනවා. නිතර නිතර ගල් ඇති වනවා නම්, පවුලේ අයට ගල් ඇති වී ඇත්නම් හෝ කුඩා දරුවෙක්‌ නම් හෝ ගල් විශාල සංඛ්‍යාවක්‌ ඇත්නම් විශේෂ පරීක්‌ෂාවකටද ලක්‌ කළ යුතුවනවා.

වකුගඩුවේ ගලක්‌ ඇත්නම්, ඉක්‌මනින් ඉවත් කරන්නට ඉස්‌සර වගේ, දැන් සිරුර බාහිර කැපුමකට ලක්‌ නොකොට, ලේසර් මාර්ගයෙන් කුඩු කිරීමට හෝ නැමෙන සුලු ටෙලස්‌කෝප් භාවිත කරමින් කුඩු හෝ පිටිකර දැමීමට දැන් වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා.

තම තමන්ගේ සෞඛ්‍ය ආරක්‌ෂාව ගැන අවදානය යොමු කරමින් මෙම තත්ත්තවයන් මග හරවා ගැනීමට බාල වැඩිහිටි කොයි කවුරුත් කටයුතු කළ යුතුයි. නැතිනම් වේදනාව තමන්ට තනිව දරා ගන්න සිදුවනවා පමණක්‌ නොව ජීවිත කාලය පුරාම වකුගඩු රෝගියකු ලෙස කනස්‌සල්ලෙන් ජීවත් වන්නත් සිදුවේවි....

www.uroclinic.lk

පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම අන්වීක්ෂයක් අධාරයෙන් සිරුරේ කැපුම් ඇති නොකර මෙම සැත්කම සිදුකරන අතර මුත්‍රමාර්ගය හරහ...
02/02/2018

පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම

අන්වීක්ෂයක් අධාරයෙන් සිරුරේ කැපුම් ඇති නොකර මෙම සැත්කම සිදුකරන අතර මුත්‍රමාර්ගය හරහා සැත්කම සිදුකරයි. මෙහිදී පුරස්ථි ග්‍රන්ථිය කුඩා කැබලි ලෙස ඉවත්කර මුත්‍රා මාර්ගයේ ඇති අවහිරතාවය ඉවත් කරනු ලබයි.

මෙම ක්‍රමයට පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීම ඉතාම සාර්ථක ක්‍රමයයි.

පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ.

1. නිතර මුත්‍ර කිරීමට සිදු වීම.

2. මුත්‍රා බර ඇති වූ විට දරා ගැනීමේ අපහසුව.

3. මුත්‍රා කිරීම පටන් ගැනීමට ඇති අපහසුව.

4. දීර්ඝ වේලාවක් මුත්‍රා කිරීමට සිදු වීම

5. රාත්‍රියේ දී නිතර නිතර නැගිට මුත්‍රා කිරීමට අවශ්‍යවීම

6. මුත්‍රා කරනවිට නැවති නැවතී මුත්‍රා යෑම

7. ඉවරෙටම මුත්‍රා කිරීමට නොහැකිවීම

8. නිතර හැදෙන මුත්‍රා අසාදන

9. මුත්‍රා කිරීමට අපහසුව

සැත්කමක් සිදුකල යුතුම ද ?

වකුගඩු වලට හා මුත්‍රාශයට වන හානිය වලක්වාගැනීම, මුත්‍රගල් තිබීම, මුත්‍ර සමග ලේ යනවිට, ඇදුම්වල මුත්‍රා යනවිට මෙම සැත්කම සිදු කිරීම අවශ්‍ය විය හැකි අතර ඒ මඟින් මුත්‍ර අඩස්සිය වලක්වා ගැනීමට පුළුවන.

මෙම සැත්කම සිදුකලයුත්තේ ඇයි ?

ඔබගේ මුත්‍ර රෝග ලක්ෂණ බොන බෙහෙත් මගින් හොඳ කර ගත නොහැකි විට මෙමගින් සහනය ලැබේ.

මෙම සැත්කම ආරක්‍ෂිත ද ?

අත්දැකීම් සහිත විශේෂඥය වෛද්‍යවරයෙකුට මෙම සැත්කම ආරක්ෂා සහිතව සිදු කළහැක. කෙසේවෙතත් ලේ වහනය වීමක් සිදු විය හැකි අතර කලාතුරකින් රුධිරය ලබාදීමට සිදුවීමට පුළුවන. ග්‍රන්ථිය විශාල නම් වැඩිපුර කැපීමට සිදුවන නිසා එවැනි රෝගීන්ට ලේ වහනය වැඩිවීමට පුළුවන. කෙසේවෙතත් මෙවැනි තත්වයන්ට ප්‍රතිකාර ඇති බැවින් බියවීමට අවශ්‍ය නොවේ.

සැත්කම

විනාඩි 60 - 90 පමණ කාලයක් සැත්කමට ගත වන අතර හිරිවට්ටවා හෝ සිහිනැතිකර සැත්කම සිදු කරන බැවින් වේදනාවක් හෝ දැනීමක් සිදු නොවේ. ප්‍රතිජීවක ඖශධ ලබා දීමෙන් ආසාදනයන් පාලනය කරයි. සැත්කම සඳහා අත්දැකීම් සහිත විශේෂඥය වෛද්‍යවරයෙකුට පැයකට අඩු කාළයක් ගතවන අතර අඩු කාලයකින් සැත්කම සිදු කිරීම මගින් සංකුලතා අඩුවේ.

සැත්කමෙන් පසු තාවකාලිකව මුත්‍ර කිරීමට අපහසුතාවයක් ඇති වන අතර දින කිහිපයක් යනතුරු කැතීටර් එකක් දමාගෙන සිටීමට සිදුවේ.

මුත්‍ර මාර්ගයේ අසාදන ඇතැම්විට ඇතිවිය හැකි අතර මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමට සිදුවීමට පුළුවන.

සැත්කමෙන් පසු මුත්‍රා තදකරගෙන සිටීමට නොහැකිවීම ඇතැම් විට තාවකාලිකව ඇති වේ.

සැත්කමට සුදානම් කරන්නේ කෙසේද ?

ප්‍රථමයෙන් සිස්ටෝස්කෝප්
පරීක්ෂණයක් මගින් මුත්‍රාශයේ
ඇතුලත නිරීක්ෂණය කරයි. මෙමගින්
ඔබෙගේ වෛද්‍යවරයාට පුරස්ථි
ග්‍රන්ථියේ ප්‍රමාණය සහ මුත්‍රා
මාර්ඝය නිරීක්ෂණය කලහැක. අනෙකුත්
පරීක්ෂණ අතර රුධිරය සහ මුත්‍රා ගමන් කරන
අයුරු පරික්ෂා කරන අතර බඩේ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යවිමට පුළුවන.

පහත කරුණු ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

දැනට ඔබ ලබාගන්න බෙහෙත් ගැන.

ඔබ ළඟ ඇති බෙහෙත් තුන්ඩු පෙන්නන්න. ඔබ ආයුර්වේද ප්‍රතිකාර හෝ වෙනත්
ප්‍රතිකාර ලබා ගන්නේනම් ඒවාද නොසඟවා පවසන්න.

විශේෂයෙන්ම ලේ කැටි ගැසීම වලක්වන
ඖශධ ( warfarin or clopidogrel) සහ වේදනා නාශක
බෙහෙත් ( aspirin, ibuprofen ) ගැන වෛද්‍යවරයා දැනුවත් කරන්න.

ඔබ ක්ලොපිඩෝග්රල් ( clopidogrel) බෙහෙත
ගන්නේනම් එය සැත්කමට දින 7 කට ප්‍රථම නැවැත්විය යුතුය.

සැත්කමට ප්‍රථම කොපමණ වේලාවක් නිරාහාරව සිටිය යුතුද ?

සැත්කමට පැය 6කට ප්‍රථම කෑම බීම ආහාරයට ගෙන ඉන්පසු නිරාහාරව සිටිය යුතුයි. ඔබේ ඖශධ වතුර උගුරක් සමග ගැනීමට මෙය භාධාවක් නොවේ.

සැත්කම සිදුකරන්නේ කෙසේද ?

සැත්කම සඳහා කිසිදු පිටතට පෙනෙන කැපුමක් ඇති නොකරන අතර අන්වීක්ෂයක් තුලින් නිරීක්ෂණය කරමින් සැත්කම සිදුකරයි. ලේ වහනය නැවැත්වීමට අවශ්‍ය උපකරණ සහිත කැපුම් උපකරණයක් මේ සඳහා භාවිතා කරයි.

පුරස්ථි ග්‍රන්ථියේ කොටස් පරික්ෂා කරන්නේ ඇයි ?

පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම පිලිකා තත්වයක් නොවන අතර කෙසේවෙතත් ග්‍රන්ථියේ කොටස් විද්‍යාගාරයකදී පරික්ෂ කර බලයි. මෙමගින් ඉතාම කලාතුරකින් ඇතිවන පුරස්ථි ග්‍රන්ථි පිළිකාව හදුනාගත හැකිවේ.

සැත්කමට පසු කොපමණ කාලයක් රෝහලේ සිටිය යුතුද ?

කී දවසක් රෝහලේ සිටිය යුතු දැයි ඔබේ විශේෂඥ වෛද්‍යවරයා තීරණය කරනු ඇත. බොහෝවිට දින දෙකකින් ගෙදර යා හැක.

මුත්‍ර මාර්ගයට කැතිටර් එකකක් දමා ඇති අතර එය දින 4 සිට 7 දක්වා තබා ගැනීමට සිදුවේ. ( ඔබට සාමාන්‍ය ලෙස මුත්‍රා කිරීමට හැකිවන තුරු ) ඇතැම් විට විශාල ග්‍රන්ථියක් තිබුණු රෝගීන්ට කැතීටරය වැඩි කාලයක් තැබීමට සිදුවේ. කැතීටරයට පිටින් මුත්‍රා ගැලීම සාමාන්‍ය තත්වයකි.

සැත්කමෙන් පසු පරිස්සම් විය යුතුද ?

සති 3 - 6 පමණ යන තුරු මහන්සි වී වැඩ කිරීමෙන් වලකින්න. ඔබේ වෛද්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කරනු ඇත.

මුත්‍රා කිරිම මුලදී වේදනාකාරී වුවත් පසුව යථාතත්වයට පත්වේ.

ඉක්මනින් මුත්‍රා කිරීමට අවශ්‍යතාවය ඇතිවිය හැකි ඇතර මෙය සැත්කම කල ස්ථානයෙන් මුත්‍රා ගමන් කරන විට ඇතිවන සංවේදනය නිසා ඇතිවේ. නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම සහ වේදනාකාරී බව සති 1 - 4 දක්වා කාලයක් පැවතීමට පුළුවන. මුත්‍ර සමග රුධිරය පිටවීම සැත්කම සිදුකල වහාම පවතී. එහෙත් ලේ කැටි සහිතව තද රතු පාටට යන්නේ නම් වහාම වෛද්‍යවරයාට දන්වන්න.

ඉක්මන් සුවයකට පහත උපදෙස් පිළිපදින්න

1. වැඩිපුර වතුර බොන්න. මෙමගින් මුත්‍රාශය සෝදාහරියි.

2. වැසිකිලි ගියවිට තටමන්න එපා. කෙඳි සහිත ආහාර අරගැනීමෙන් සහ බඩ වේලන ආහාර නොගැනීමෙන් මෙය පහසුවේ. බඩ විරේක කරන බෙහෙත් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයාගෙන් අසන්න.

3. ඔබ ලේ කැටි ගැසීම වලක්වන බෙහෙත් ගන්නේනම් නැවත එම බෙහෙත් ගැනීමට පෙර වෛද්‍යවරයාගෙන් අසන්න.

4. සති 4 - 6 යනතුරු බරවැඩ කිරීමෙන්
වලකින්න.

5. සති 4 - 6 යනතුරු ලිංගිකව එක්වීමෙන්
වලකින්න.

6. වාහන පැදවීමෙන් වලකින්න.
සාමාන්‍යයෙන් ඔබේ කැතිටරය ගැලවූ
පසු සහ වේදනා නාශක නැවතු පසු වාහන
පැදවීමට පුළුවන.

සැත්කමට පසු අවුරුදු 7 - 15 යනතුරු නැවත රෝග ලක්ෂණ ඇතිනොවේ. එසේ රෝගලක්ෂණ නැවත ඇති වේ නම් නැවත ශල්‍ය වෛද්‍යවරයෙකු (මුත්‍රරෝග පිලිබඳ ) හමුවන්න.

for more information: visit www.uroclinic.lk

සිස්ටස්කොපි (Cystoscopy) පරීක්ෂණයමෙය ඉතා කුඩා කැමරාවක් සහිත බටයක් වැනි උපකරණයක් මගින් සිදුකරන පරීක්ෂණයකි. මෙමගින් මුත්‍ර...
01/02/2018

සිස්ටස්කොපි (Cystoscopy) පරීක්ෂණය

මෙය ඉතා කුඩා කැමරාවක් සහිත බටයක් වැනි උපකරණයක් මගින් සිදුකරන පරීක්ෂණයකි. මෙමගින් මුත්‍රාශයේ ඇතුලත ඇති පටක සමීපව නිරීක්ෂණය කළ හැක. එමෙන්ම මුත්‍ර මාර්ගය සහ ඇතුලත ඇති මුත්‍ර ගෙනෙන නාල විවර ද නිරීක්ෂණය කල හැක.

මෙහිදී සිස්ටස්කොපි (Cystoscopy) වර්ඝ දෙකක් ඇති අතර flexible cystoscopy සහ rigid cystoscopy. flexible cystoscopy සඳහා නිර්වින්දනය කිරීමක් (සිහිනැති කිරීමක් ) අවශ්‍ය නොවන අතර rigid cystoscopy සඳහා ඇතැම් විට නිර්වින්දනය අවශ්‍ය වේ.

මෙම පරීක්ෂණය සිදු කරන්නේ ඇයි ?

මෙමගින් මුත්‍රාශයේ ඇති රෝගී තත්වයන් හදුනාගැනීමට, නිරීක්ෂණය කිරීමට පුළුවන. එමගින් ඔබගේ රෝග ලක්ෂණ වලට හේතුව සොයා ගැනීමට පුළුවන.

පහත රෝග ලක්ෂණ ඇත් නම් මෙම පරීක්ෂණය අවශ්‍ය වීමට පුළුවන

1. මුත්‍ර සමග ලේ යෑම

2. මුත්‍රා ඉබේ පිටවීම.

3. මුත්‍රා පිට කරන විට වේදනාකාරී වීම.

4. නිතර ඇතිවන මුත්‍ර අසාදන

5. මුත්‍ර ගල්

6. මුත්‍රාශයේ අසාදන

7. පුරස්ථි ග්‍රන්තිය විශාලවීම සොයාගැනීමට

8. මුත්‍රාශයේ ඇති වන ඕනෑම රෝගී තත්වයක්

පරීක්ෂණය සඳහා කොපමණ පමණ කාලයක් ගතවේ ද ?

විනාඩි 15ක් පමණ

මෙය සිදුකරන අයුරු

ප්‍රථමයෙන් ප්‍රතිජීවක ලබාදී අසාදන ඇති වීම වලක්වයි. ඉන් පසු සිස්ටස්කොපි පරීක්ෂණය සිදුකරයි.
දුම්පානය, අධික වයස, අසාමාන්‍ය ඉන්ද්‍රිය පිහිටීම මගින් අසාදන තත්වයට වැඩි නැඹුරුවක් දක්වයි.

ඇතැම් විට රුධිර වහනයක් සිදුවිය හැකි අතර උදරයේ වේදනාව නැති කිරීමට වේදනා නාශක මගින් පුළුවන. මුත්‍ර පිටකරන විට දැවිල්ලක් ඇතිවිය හැක. මෙම ලක්ෂණ එතරම් කරදරකාරී නොවන අතර ක්‍රමයෙන් නැතිවී යයි.

කෙසේවෙතත් පරීක්ෂණයෙන් පසු පහත ලක්ෂණ තිබේනම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

1. මුත්‍රා යෑම නැවතුනහොත්

2. මුත්‍ර තද රතු ලේ හෝ කැටි සහිතව යන්නේනම්

3. බඩේ රුදාව සමග වමනය ඇතිනම්

4. උණ සමග වෙව්ලීම ඇතිනම්

5. අධික උණ (101.4 F හෝ 38.5 C )

6. වේදනාව හෝ දැවිල්ල දින 2 කට වඩා පවතී නම්.

සුදානම් වීම

ප්‍රතිජීවක ලබාගන්න.- පරීක්ෂණයෙන් පසු ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කල ප්‍රතිජීවක ලබා ගැනීම කලයුතුයි.
මුත්‍රා සාම්පලයක් ලබා ගැනීමට සිදු විය හැකි බැවින් ඒ සඳහා සුදානමින් සිටින්න. ඒ නිසා පරික්ෂණයට ප්‍රථම මුත්‍ර කිරීමෙන් වැලකි සිටින්න.

අවශ්‍ය වුව හොත් නිර්වින්දනය සඳහා සුදානම් වී සිටින්න. පැය 6 ක් නිරාහාරව සිටීම වැදගත්.

පරීක්ෂණයට සුදානම් කිරීම

ප්‍රථමයෙන් මුත්‍රාශය හිස්කර ගතයුතුයි. ඉන් පසු උඩ අතට වැතිරී සිටිය යුතුයි. ඔබේ දෙපා දණහිසෙන් නමා ආධාරකයකට තබනුලැබේ. ඇතැම් විට නිර්වින්දනයක් හෝ නිදිකිරීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. නිදි කර ඇතිවිට ඔබට සියළු දේ දැනෙන අතර නිර්වින්දනයේදී එසේ නොදැනේ. කෙසේවෙතත් මේ දෙවිදියේදීම නික්ෂේපන ලබාදේ.

මුත්‍ර මාර්ගය හිරිවැට්ටීමට ජෙලි යොදන අතර ඉන්පසු සිස්ටෝස්කෝප් උපකරණය ඇතුල් කරයි. මෙහිදී ඉතා කුඩාම උපකරණය මුත්‍ර මාර්ගයට ඇතුල් කරන අතර විශාලත්වයෙන් වැඩි උපකරණ භාවිතා කරන්නේ බයොප්සි සාම්පල හෝ සැත්කම් උපකරණ ඇතුල් කිරීමට අවශ්‍ය විටයි. එවිට නිර්වින්දනය ලබාදීම අනිවාර්ය වේ.

මෙම පරීක්ෂණය මගින් මුත්‍රාශයේ ඇතුලත විශාල කරන කාච මගින් නිරීක්ෂණය කර නිවැරදි තොරතුරු ලබා ගනී. රුපවාහිනී තිරයක් මතට මෙම රූප වැටෙන අතර ඔබටද මෙය නැරබිය හැක. මුත්‍රාශය විෂබීජ නසන ලද ජලය පුරවා නිරීක්ෂණය කරයි. එනිසා මුත්‍රකිරීමට ඇතිවන අවශ්‍යතාවය වැනි දැනීමක් ඇති වේ. පරීක්ෂණයෙන් පසු මුත්‍රකිරීමට පුළුවන.

ඇතැම් විට පටක සාම්පලයක් ගෙන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමට සිදු වියහැක.

පරීක්ෂණයෙන් පසු

ඔබේ සුපුරුදු වැඩ කරගෙන සිටියහැක. නිවින්දනය කර පරීක්ෂණය සිදු කළේනම් පැය හයක් පමණ යනතුරු විවේකීව සිටින්න.

ඇතැම් විට සුළු ලේ වහනයක් ඇති විය හැකි අතර මෙය රෝස පාටට මුත්‍ර වාහනයක් සේ දිස් වේ.
මුත්‍රා දැවිල්ලක් ඇතිවීමට පුළුවන.

දින 2ක් යනතුරු වැඩිපුර වාර ගණනක් මුත්‍රා කිරීමට සිදුවේ.

අපහසුතාවය අඩු කර ගන්නා අයුරු

මද උණුසුමක් ඇති තෙත රෙදි කඩක් මුත්‍ර මාර්ගයේ විවරය අසල තැබීමෙන්. මෙය කිහිප වතාවක් උවද කල හැක.
උණු වතුර නෑම මගින් ද සහනයක් ලැබෙන අතර ඔබේ වෛද්‍යවරයා එසේ කිරීමට උපදෙස් දෙන්නේ නම් පමණක් කරන්න.

වතුර බොන්න ! එමගින් මුත්‍රාශය සේදීම මගින් අපහසුතාවය අඩුවේ. පරීක්ෂණයෙන් පසු මුල් පැය දෙකේදී සෑම පැයකටම මිලි ලීටර් 400 - 450 පමණ වතුර බොන්න.

පරීක්ෂණ ප්‍රථිඵලය

පරීක්ෂණය අවසන් වූ වහාම ප්‍රථිඵලය ගැන ඔබේ වෛද්‍යවරයා පැහැදිලි කරනු ඇත. පටක පරීක්ෂණ වාර්තා ලබාගත්තේනම් එම වාර්ථා පසුව ලැබේ.

for more information: visit

We are a group of experienced, keen and cooperative specialist in urology whose practices encompass a mix of public and private practice. All members are qualified specialist in Sri lanka as well as in UK. Experience the best treatments for your Urology problems.

PCNL  හෙවත් පර්කිවූටේනියස් නෙෆ්රෝ ලිතෝටොමි  යනු  කුමක්ද ?මුත්‍රා ගල් ඉවත් කිරීමට මෙම සැත්කම සිදු කරයි. කුඩා කැමරාවක් සිර...
01/02/2018

PCNL හෙවත් පර්කිවූටේනියස් නෙෆ්රෝ ලිතෝටොමි
යනු කුමක්ද ?

මුත්‍රා ගල් ඉවත් කිරීමට මෙම සැත්කම සිදු කරයි. කුඩා කැමරාවක් සිරුරට ඇතුළුකර වකුගඩුවේ ඇති මුත්‍රා ගල ඉවත් කරයි.

\මෙම ක්‍රමයට විශාල මුත්‍රා ගල් ඉවත් කරයි. එමෙන්ම ආදී ශබ්ද තරංග මගින් මුත්‍රා ගල් ඉවත්කිරීමට නොහැකි විටද මෙම ක්‍රමය යොදා ගනී.
ප්‍රථිපල

සති 4-6 කට පසු නැවත ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි. එහිදී අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සහ X - Ray පරීක්ෂණයකින් ගල් ඉවත්කිරීම සම්පූර්ණ දැයි සොයා ගත හැක.

මෙම ක්‍රමයට සැත්කම සිදුකිරීමෙන් ඇති
වාසි මොනවාද ?

මෙහිදී ඇති ප්‍රධාන වාසිය වන්නේ ඉතාම කුඩා කපුමකින් (1cm ) විශාල මුත්‍රා ගල් ඉවත් කළ හැකි වීමයි.
රෝහලේ නැවතී සිටීමේ කාලය අඩු අතර ඉතා ඉක්මන් සුවයක් ලැබේ.
පැරණි ක්‍රමයේදී, මුත්‍රා ගල් ඉවත් කිරීමට ව්ශාල කැපුම් යොදා සැත්කමක් කිරීමට සිදු වේ.

මෙම සැත්කම සිදු කරන්නේ ඇයි ?
PCNL සැත්කම සිදු කරන්නේ වකුගඩුවේ විශාල මුත්‍ර ගල් ( විශ්කම්භය 1-1.5 cm) ඇති විට

මුත්‍රවාහිනීවල විශාල ගල් ඇතිවිට

මුත්‍රා ගල් සඳහා අනෙකුත් ප්‍රතිකාර අසාර්ථක වූ විට
මහතින් වැඩි රෝගීන්ට මුත්‍රා ගල් ඇති විට

මෙම සැත්කම සිදු කිරීමට අවශ්‍ය දැයි වෛද්‍යවරයා තීරණය කිරීමට ප්‍රථම පරීක්ෂණ කිහිපයක් සිදු කරයි.

1. මුත්‍රා වල විෂබීජ ඇතිදැයි බැලීම.

2. ලේ පරීක්ෂණ කිහිපයක්

3. උදරයේ CT ස්කෑන් පරීක්ෂණයක් (මෙමගින් මුත්‍රා ගල් තිබෙන තැන සහ විශාලත්වය සොයාගත හැක)

සැත්කමට සුදානම්
කරන්නේ කෙසේද ?

පහත කරුණු ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

දැනට ඔබ ලබාගන්න බෙහෙත් ගැන.

ඔබ ළඟ ඇති බෙහෙත් තුන්ඩු පෙන්නන්න. ඔබ ආයුර්වේද ප්‍රතිකාර හෝ වෙනත් ප්‍රතිකාර ලබා ගන්නේනම් ඒවාද නොසඟවා පවසන්න.

විශේෂයෙන්ම ලේ කැටි ගැසීම වලක්වන ඖශධ ( warfarin or clopidogrel) සහ වේදනා නාශක බෙහෙත් ( aspirin, ibuprofen) ගැන වෛද්‍යවරයා දැනුවත් කරන්න.

ඔබ ක්ලොපිඩෝග්රල් ( clopidogrel) බෙහෙත ගන්නේනම් එය සැත්කමට දින 7 කට ප්‍රථම නැවැත්විය යුතුය.

සැත්කමට පැය 6කට ප්‍රථම කෑම බීම ආහාරයට ගෙන ඉන්පසු නිරාහාරව සිටිය යුතුයි. ඔබේ ඖෂධ වතුර උගුරක් සමග ගැනීමට මෙය භාධාවක් නොවේ.

සියලුම X - ray පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ වාර්තා සියල්ල ගේන්න.

මෙම සැත්කම ආරක්ෂිතද ?
නිර්වින්දනය කිරීමක් මගින් වේදනාව නොමැතිව ආරක්ෂා සහිතව මෙම සැත්කම සිදු කරයි. සාමාන්‍යයෙන් සැත්කමකදී ඇතිවියහැකි අනතුරුදායක තත්වයන් වන ලේ වහනයක්, ආසාදනයක් වැනි දේ මෙහිදී ද කලාතුරකින් ඇති විය හැක.

පළපුරුදු විශේෂඥය ශල්‍ය වෛද්‍යවරයෙකු මෙම සැත්කම සිදු කරන විට අනතුරු ඇතිවීම අවමයි.

ප්‍රතිජීවක ඖශධ ලබා දීමෙන් ආසාදනයන් පාලනය කරයි.

සැත්කම සිදු කරන අයුරු

මෙය ශල්‍යාගාරයක් තුලදී සිදු කරනු ලැබේ. නිර්වින්දය කර මෙය සිදු කරන බැවින් වේදනාවක් ඇති නොවන අතර ආරක්ෂා සහිත වේ. මුත්‍රා ඉවත් කිරීමට ඔබගේ මුත්‍රාශයට මුත්‍ර බටයක් දමනු ලබයි. ඉන් පසු කුඩා කැමරාවක් සහිත බටය උදරයේ කුඩා කැපුමක් තුලින් ඇතුල් කර අදාල ස්ථානයට ගොස් විශාල මුත්‍ර ගල් කුඩා කොටස් වලට කඩා ඉවත්කරයි. සැත්කමට පැය 2-3ක් ගතවේ.

මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට නිර්වින්දන වෛද්‍යවරු, X- ray තාක්ෂණවේදීන්, හෙදියන් ඇතුළු කාණ්ඩායමක් සහභාගී වේ.

සැත්කමෙන් පසු

සැත්කම අවසානයේ මුත්‍රා ගල් තිබුණු වකුගඩුවේ සිට කුඩා බටයක් තාවකාලිකව තබනු ලැබේ.

සැත්කමෙන් පසු දින 2-4 ක් රෝහලේ නැවතී සිටීමට සිදුවේ.
වේදනාව සඳහා වේදනා නාශක ලබාදෙනු ලැබේ.
ප්‍රතිජීවක ඖෂධ තවත් දින 5 ට ලබා දිය යුතුයි.

සති 2-4 ක් බර වැඩ කිරීමෙන් වැලකී සිටිය යුතුයි.
සතියකට පසු වැඩට යාමට පුළුවන්වුවත් බරවැඩ කිරීමට සති 4ක් වත් ගත විය යුතුයි.

බට තුලින් තද රතු ලේ වහනය වැඩිනම් වෛද්‍යවරයාට පවසන්න. එසේත් නැතිනම් රෝහලට පැමිණෙන්න.

උණ හෝ වෙව්ලීම ඇතිනම් ඔබේ වෛද්‍යවරයා අමතන්න. මෙය අසාදන තත්වයක් විය හැකියි.

ගල් වල කොටස් පරික්ෂා කිරීමට රසායනාගාරයට යවනු ලැබේ.

for more information : www.uroclinic.lk

මුත්‍රා ගල් ඇතිවන්නේ කෙසේද ?වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ. එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ  කුඩා ක...
01/02/2018

මුත්‍රා ගල් ඇතිවන්නේ කෙසේද ?

වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ. එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ කුඩා කැටති ඇතිවේ. මෙම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර විශාල කැටති වකුගඩුවේ ඉතිරිවේ. මෙම කැටති ක්‍රම ක්‍රමයෙන් එකතුවී විශාල ගල් ඇතිවේ. විශාල ගල් මුත්‍රා මාර්ගය අවහිර කරයි.

පහත දැක්වෙන්නේ වකුගඩුවේ එසේ මුත්‍රා ගල් මගින් අවහිර වන තැන්ය.

මුත්‍රා ගල් වර්ග

1. කැල්සියම් ගල්

කැල්සියම් ඔක්සලටේ හෝ කැල්සියම් කාබනේට් ලෙස සම්බන්ද වී පවතියි. මෙම ගල් X - ray රූප වල දිස්වේ. මේවා සෑදෙන හේතුවක් නිශ්චිතව සොයාගෙන නැති මුත් පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවීම නිසා මෙන්ම ඇතැම් වකුගඩු රෝගවලදී මෙම වර්ගයේ ගල් ඇතිවේ.

2. යුරික් අම්ල ගල්

අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් කබෝහඩ්රේට් නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි) මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.

3. සිස්ටීන් ගල්

1% ක් පමණ සුළු පිරිසකට මෙම ගල් වර්ගය ඇතිවන අතර වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනා ගමන මාර්ගයේ පරම්පරා ගත රෝගී තත්වයක් නිසා මෙම ගල් වර්ගය සෑදේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතී. දිර්ඝකාලින ප්‍රතිකාර ලෙස වැඩිපුර වතුර බිම, ප්‍රෝටීන් ආහාර පාලනය, රෝගය පිළිබඳව දැනුවත් කිරීම යන දේ කළහැකි අතර ඇතැම්විට ඖශධ යොදාගනී.

4. අසාදන ගල්

මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ ඇතිවන පරිසරය ගල් ඇතිවී ඉක්මනින් වර්ධනය වීමට උපකාරීවේ. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන.

රෝගය ඇතිදැයි දැන ගන්නේ කෙසේද?

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. රෝගලක්ෂණ නොමැතිවිට මෙය බොහෝවිට සොයාගන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණ මගිනි.

එහෙත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. මෙම වේදනාව යටිබඩ දිහාවට විහිදී යන සහ විටින් විට එන යන තද වේදනාවකි. ඇතැම් විට වමනය පවා ඇතිවිය හැක.

මුත්‍රා කිරීමට යන වාර ගණනන වැඩිවීම හා මුත්‍රා බර දරා ගෙන සිටීමට ඇති අපහසුව ඇතිවිය හැකි අනෙකුත් රෝග ලක්ෂණයි. ඇතැම්විට මුත්‍රා සමග ලේ යෑම ඇතිවිය හැකියි.

මෙම රෝග ලක්ෂණ ඇතිනම් මුත්‍රා රෝග පිලිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකුට පෙන්වන්න. එවිට CT ස්කෑන් පරීක්ෂණයක් සහ X- ray පරීක්ෂණයක් මගින් රෝගය නිශ්චය කලහැක.

ප්‍රතිකාර ක්‍රම මොනවාද ?

රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම මුලින් සිදු කරයි. උදරයේ වේදනාවට වේදනා නාශක ලබාදෙයි. වමනය ඇතිනම් එය පාලනයට බෙහෙත් දෙයි. සේලයින් ද ලබා දෙයි. මුත්‍රා වැඩිපුර යැවීමට ඖශධ ලබා දීමටද පුළුවන.
උණ තිබේනම් ප්‍රතිජීවක ඖශධ ලබා දෙයි.

බහුතරයක් ගල් ඉබේම මුත්‍රා සමග එලියට යන අතර අනෙකුත් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වන්නේ එසේ නොවන විටයි. ඒවා නම්

1. කම්පන තරංග මගින් ගල් කුඩු කිරීම

2. PCNL සැත්කම - කුඩා කපුමකින් සිදුකරන අතර ඉක්මන් සුවයක් ලැබේ.

රෝගය වලක්වා ගන්නේ කෙසේද?

සරලම ක්‍රමය නම් වැඩිපුර වතුර පානය, ප්‍රෝටීන් අඩුවෙන් ගැනීම සහ ලුණු අඩුවෙන් භාවිතයයි.

කැල්සියම් ගත්තාට කමක් නැද්ද?

කැල්සියම් පාලනයෙන් මුත්‍රා ගල් සෑදීම වලකින බවට සාධක නොමැත. ඇත්තෙන්ම කැල්සියම් අඩුවෙන් ගත්විට මුත්‍රා ගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩි වීමට පුළුවන් වන්නේ ගල් සාදන අනෙකුත් සංඝටක ඉතා පහසුවෙන් රුධිරගත වී වෙනත් ආකාරයේ ගල් ඇතිකරන බැවිනි. අනෙක් හේතුව නම් කැල්සියම් මගින් අස්ථි දිරායාම අඩුකරන බැවිනි.

1. මුත්‍රා නිපදවීම වැඩිකර ගන්න.

දිනකට වතුර ලීටර් 2.5 පමණ සාමාන්‍යයෙන් බොන්න. මේසඳහා වතුර විදුරු 8-10 පමණ සෑහේ. වැඩිපුර රස්නය අති දිනවල මීටත් වඩා වතුර බොන්න. මුත්‍රා වල පැහැය සුදු හෝ ඉතා ල කහ පැහැයක් වනතෙක් වතුර බොන්න.

දෙහි, පළතුරු යුෂ වල ස්වභාවිකවම සිට්රේට් ඇති නිසා මුත්‍රා ගල් සැදීම අඩුකරයි.

එහෙත් සීනි මගින් ගල් සෑදීම වැඩිකරයි. සීනි භාවිතය අවම කරන්න.

2. ප්‍රෝටීන් ආහාර අඩුකරන්න

වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගතහොත් යුරික් අම්ල ගල් ඇති වේ. දිනකට මස් ග්‍රෑම් 350 පමණ උපරිමයක් ගත්තාට කමක් නැත. මෙම ප්‍රමාණය සාමාන්‍යයෙන් ඔබගේ අල්ලේ ප්‍රමාණය තරම් හරක් මස් හෝ කුකුල් මස් හෝ මාළු හෝ ඌරු මස් කොටසකි. රතු මස්, පීකුදු, බෙල්ලන්, ඉස්සන්, පොකිරිස්සන් මගින් මුත්‍රා ගල් සෑදීම වැඩිකරයි.

ලුණු අඩුවෙන් කන්න !

සිරුරේ ඇති සෝඩියම් අණු ඉතාම හොඳින් යාමනය කරයි. ලුණු වල ප්‍රධාන වශයෙන් ඇත්තේ සෝඩියම් අණුයි. ලුණු වැඩිපුර ආහාරයට ගත්විට වැඩිපුර ශරීර ගත වූ සෝඩියම් මුත්‍ර සමග ඉවත් කරයි.

මෙම සෝඩියම් අණු සමග කැල්සියම් අණුද මුත්‍රා සමග ගමන් කරයි. මෙසේ වැඩිපුර සෝඩියම් අණු මුත්‍ර සමග යනවිට කැල්සියම් අණුද වැඩිපුර මුත්‍රා සමග යයි. එවිට වැඩිපුර යන කැල්සියම් මගින් මුත්‍රා ගල් සැදීමේ වැඩි ප්‍රවනතාවක් ඇතිවේ.

එමනිසා ක්‍ෂණික ආහාර සහ ලුණු වැඩි ආහාර ගැනීමෙන් වලකින්න. එවිට මුත්‍රා ගල් සැදීමද අඩුවේ.
දිනකට තේ හැන්දක් ප්‍රමාණයේ ලුණු එක් අයෙකුට භාවිතය යෝග්‍යයි.

මද්‍යසාර භාවිතය නවතන්න
හෝ අවම කරන්න !

සෞඛ්‍යසම්පන්න ආහාර
වේලක් සඳහා පළතුරු, එළවළු සහ
වැඩිපුර වතුර භාවිතා කරන්න !

යුරික් අම්ලය නිසා ඇතිවන ගල් සැදීම අඩුකිරීමට මුත්‍රා භාෂ්මික කරන බයිකාබනේට් සංයෝගයන් පානයෙන් පුළුවන. ඇතැම් විට ඖශධ භාවිතා කිරීමට සිදුවේ.

මුත්‍රා ආසාදනයන් නිසා ඇතිවන ගල් සඳහා සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදුවන අතර ප්‍රතිජීවක ඖශධ ද ලබාදීමෙන් නැවත ආසාදන ඇතිවීම වලක්වයි.

for more information: visit www.uroclinic.lk

Address

UroClinic, Peradeniya Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Uroclinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uroclinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Urology Clinic

මුත්‍රා ගල් දිය කරන හැටි දන්නවාද ? www.uroclinic.lk