Keshara Dissanayake

Keshara Dissanayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keshara Dissanayake, Mental Health Service, kandy, Kandy.
(1)

☯️Personal Development Coach
☯️Mental Health Counselor
☯️Physical Fitness Trainer
☯️Youtube Channel - https://youtube.com/?si=TI_vzR7OXKhiAT_U

26/11/2025

🔥☯️ ඔබත් දේවල් අහිමි වීම ගැන දුක් වෙනවානම්..

☯️🔥🙌🏽 දැන් උන සිදුවීමක් මීට කලිනුත් වෙලා තියනවා වගේ දැනිලා තියෙන්නේ  කාටද. දැන් දැක්ක කෙනෙක් මීට කලින් දැකලා තියනවා වගේ ...
25/11/2025

☯️🔥🙌🏽 දැන් උන සිදුවීමක් මීට කලිනුත් වෙලා තියනවා වගේ දැනිලා තියෙන්නේ කාටද. දැන් දැක්ක කෙනෙක් මීට කලින් දැකලා තියනවා වගේ හිතිලා තියනවද? මේ දේ ඡා වූ කියන සංසිද්ධිය ඔයාටත් වෙලා තියනවනම් රිඇක්ට් එකක් දාන්න🤔 අදහස් දක්වන්න. ලගදීම අපි ඒ ගැන කතාකරනවා...

Who has ever felt like something that just happened has happened before? Have you ever felt like you've seen someone before? If this phenomenon named "De Ja Vu" has happened to you, leave a reaction or a comment 🤔 We'll talk about it soon...


☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥Instergram page - https://www.instagram.com/keshara__dissanayake_page?igsh=MWIxNzVwbXI4ODZ1Mg==

☯️🔥 ඡීවිතයේ විසදිය නොහැකි ප්‍රශ්න වලින් ගැලවී ඉදිරියට යා හැකි චින්තන රටාවක් පිලිබද වැඩසටහනකි. ☯️🔥 පුද්ගල සංවර්ධනය හා උපද...
23/11/2025

☯️🔥 ඡීවිතයේ විසදිය නොහැකි ප්‍රශ්න වලින් ගැලවී ඉදිරියට යා හැකි චින්තන රටාවක් පිලිබද වැඩසටහනකි.

☯️🔥 පුද්ගල සංවර්ධනය හා උපදේශන සේවා සදහා පහත අංකයෙන් හෝ email හරහා සම්බන්ධ වෙන්න.

☯️🔥 Whatsapp - 071 9 801 927

☯️🔥Contact Me For Inquiries-
Email- kesaradissanayake@gmail.com

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
Join the Neuramind community - link-https://web.facebook.com/groups/285380606143575/

☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-page -
page-https://www.facebook.com/kesharasden/

0:00 ආරම්භය
01:24 Silver play button
02:02 ක්‍රමය
02:19 ප්‍රශ්නයකට දිය යුතු වටිනාකම
03:44 තමා විශාල වීම
04:12 ලැබෙන දේට හුරුවීමේ ස්වභාවය
06:15 මරණය තෙක්
07:35 තමාට වඩා විශාල ප්‍රශ්න
11:45 ඡීවිතයේ සිදුවීම් වර්ග තුන
13:35 ඡීවිතයේ මගනොහැරෙන ප්‍රශ්න

☯️🔥 ඡීවිතයේ විසදිය නොහැකි ප්‍රශ්න වලින් ගැලවී ඉදිරියට යා හැකි චින්තන රටාවක් පිලිබද වැඩසටහනකි. ☯️🔥 පුද්ගල සංවර්.....

✋🏼 නිතරම සතුටින් ඉන්නේ කොහොමද?☯️ මම මේකට භාවිතා කරන ක්‍රමයක් තියනවා. ඒක මට ප්‍රතිඵලදායක ක්‍රමයක්. ඔබටත් මේ ක්‍රමය අනිවාර...
18/11/2025

✋🏼 නිතරම සතුටින් ඉන්නේ කොහොමද?

☯️ මම මේකට භාවිතා කරන ක්‍රමයක් තියනවා. ඒක මට ප්‍රතිඵලදායක ක්‍රමයක්. ඔබටත් මේ ක්‍රමය අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි.

වර්තමාන සමාජය ඇතුලේ අපි දකින දෙයක් තමා අපට ඉලක්කයක් පසුපස ඉලක්කයක් හඹා යාමට සිදුවීම. කෙලවරක් නැතිව මුදල් සෙවීමට, රැකියාවට, වගකීම්වලට මහන්සි වීමට සිදුවී තිබීම. මහන්සි වී මුදල් සෙවීම සහ වගකීම් ඉටු කිරීම කියන්නේ ඇත්තෙන්ම හොද දෙයක් සහ කල යුතු දෙයක්. නමුත් මේ ගලාගන යන තරගකාරී වේගවත් ඡීවන රටාව ඇතුලේ මිනිස්සුන්ට සතුට සහ ඡීවිතයේ සැනසීම විදින්න අමතක වෙලා තියනවා.

🍃 අමතක වීමටත් වඩා මිනිසුන්ව සැලසුම් (Programmed) කරලා තියනවා,දෙයක් කරාට පස්සේ විතරක් සතුට සැනසීම උරුම වෙනවා කියන තැනට. ඒක ඇත්ත නෙමෙයි. දෙයක් කරන්නම ඕන නෑ සතුටු වෙන්න. හොදට මේ කියන දේ හිතලා බලන්න. දෙයක් කරලා සතුටු වෙන්න බෑ කියනවා නෙමෙයි. දෙයක් කලාම අනිවාර්යයෙන්ම සතුටක් සැනසීමක්, ජයග්‍රාහී හැගීමක් දැනෙනවා..

නමුත් වැඩක් නොකරත් මේ දැන් ඔබට නිකන්ම සැනසීමක් සතුටක් හිතට දැනෙන්න සලස්වන්න බැරිද?

පුලුවන්!!

මට සැනසෙන්න නම් සතුටු වෙන්න නම් අර වැඩේ කරන්නම ඕන, අර වැඩේ ඉවර උනාම මම සැනසීමෙන් ඉන්නවා කියන එක ගොඩක් මිනිස්සුන්ගේ ඔළුවේ තියන දෙයක්.මේක ඔබේ වැරැද්දක් නෙමෙයි..

වර්තමාන තරගකාරී කලබලකාරී සමාජය ඇතුලේ, සමාජ මාධ්‍ය ඇතුලේ ඔබට පෙන්වනවා, ඔබව තත්වාරෝපණය (Conditioning) කරනවා තරගයෙන් තොර සතුටක් නැති බවට, ඊලග වැඩේ කිරිමෙන් පමණක් සතුටු විය හැකි බවට. මනෝ විද්‍යාව තුල මේකට කියන්නේ Conditioning කියන එක.

නමුත් මේ දැහැනෙන් එලියට ආව කෙනාට තේරෙනවා මේ දැන්, මේ මොහොතේ මට හිතලා සැනසෙන්න සතුටු වෙන්න පුළුවන් බව.

නිකමට බලන්න, මේ ලිපිය කියවන ඔබට,හොද හුස්මක් අරන්, මනසේ වේගය අඩු කරලා, මම මේ මොහොතේ සතුටින් සැනසීමෙන් ඉන්නවා කියලා හිතලා බලන්න. ඔව් කිසිම කාර්යක් වගකීමක් නොකරත් මේ දැන් මේ මොහොතේ ඔබට සතුට සැනසීම විදින්න පුළුවන්. සතුට සැනසුම ඔබට නොමිලේ ඕනම මොහොතක සිතුවිල්ලකින් කැදවලා විදින්න පුළුවන් දෙයක්.

💫 මේකට මම භාවිතා කරන ක්‍රමය කියන්නම්..ඉතාම සරලයි.

දවසේ වැඩ කරන අතරතුර, අහඹු විදියට මම මගෙන්ම අහනවා ඔබ මේ දැන් සතුටෙන් ද සැනසීමෙන් ද ඉන්නේ කියලා..
ඒ ප්‍රශ්නය මගෙන් ඇහුව ගමන් මගේ මනසේ තියන කාර්යබහුල විසිර ගිය වේගවත් සිතිවිලි ධාරාව බිදෙනවා . ඒකට බාධා වෙනවා. රටාව බිදෙනවා. ඒකට මනෝවිද්‍යාව තුල කියනවා Pattern interruption කියලා.

මේ ප්‍රශ්නය අහපු ගමන් මට ඉතා හොද සැනසීමක් සිතට දැනෙනවා. කොයිතරම් වැඩ,ගැටලු තිබුනත්, මේ මොහොතේ තියන මට පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා නේද හිතෙනවා..ඒක තමාම විදලා බලන්නට ඕන. එය මනසට ඉතාම නිරෝගී දෙයක්.

ඉතින් සතුට සැනසීම විදින්න අමතක උන අයට පොඩි මතක් කිරීමක් තමා මේ කලේ..
සතුට සහ සැනසුම ඔබට නොමිලේ පැය 24 ම ලැබෙන දෙයක්.. ඉතින් මේ වේගවත් ඡීවන රටාව ඇතුලේ ඒක විදින්නත් අමතක කරන්න එපා!!

ඡය වේවා!!

-කේශර දිසානායක-

♦️ තමන්ව දියුණු කරගන්න, මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..

🔥Link -https://youtube.com/c/KesharaDissanayake

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥Join the page -https://www.facebook.com/kesharasden/

☯️🔥 ඇත්තටම හැමදේම අහිමි වෙන්නේ, නැති වෙන්නේ මරණයේ දී පමණයි. එතකන් ඡීවිතයේ මොන දේ නැති උනා කියලාවත් ලොකුවට මානසිකව වැටෙන්...
29/07/2025

☯️🔥 ඇත්තටම හැමදේම අහිමි වෙන්නේ, නැති වෙන්නේ මරණයේ දී පමණයි. එතකන් ඡීවිතයේ මොන දේ නැති උනා කියලාවත් ලොකුවට මානසිකව වැටෙන්න ඕන නෑ. මොකද තාමත් ඔබ ඡීවත් වෙලා ඉන්නවා. දේවල් නැති උනා කියන එක මානසික මායාවක් විතරයි. මරණයේදී විතරයි ඔබට සියල්ල අහිමි වෙලා යන්න වෙන්නේ..

♦️ තමන්ව දියුණු කරගන්න, මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..

🔥Link -https://youtube.com/c/KesharaDissanayake

♦️ Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥 ඔබට වැඩක් කරන්න බැරි නම් ඒ වැඩේ කරන්න!! අපි සාමාන්‍යයෙන් කියන්නේ බැරි වැඩ කරන්න එපා කියලා. මගේ මතය ඔබ බැරි වැඩ අනිවා...
05/07/2025

☯️🔥 ඔබට වැඩක් කරන්න බැරි නම් ඒ වැඩේ කරන්න!! අපි සාමාන්‍යයෙන් කියන්නේ බැරි වැඩ කරන්න එපා කියලා. මගේ මතය ඔබ බැරි වැඩ අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔබට ඒ වැඩේ කරන්න සිද්ධ වෙන තැනකට ඔබව දාගන්න ඕන බලෙන්ම.එහෙම නැත්නම් කොහොමද ඒ වැඩේ ඔබට කවදහරි පුළුවන් වෙන්නේ? හැමදාම බැරි විදියටයි ඉන්න වෙන්නේ!

♦️ඔබට ඉංග්‍රීසි බැරි නම් ඉංග්‍රීසියෙන් වැඩ කරන තැනකට සම්බන්ධ වෙන්න.

♦️ඔබට පරිගණක කුසලතාව නැත්නම් පරිගණක වැඩ කරන තැනකට සම්බන්ධ වෙන්න.

♦️ඔබට නායකත්ව කුසලතාව නැත්නම් කණ්ඩායමක නායකත්වය අරන් බලන්න.

♦️ඔබට ඇගේ ශක්තිය නැත්නම් ඇගේ ශක්තිය ඕන වෙන ක්‍රීඩාවකට ,ව්‍යායාම වලට සම්බන්ධ වෙන්න.

♦️ඔබට සමාජශීලී වෙන්න හැකියාව අඩුනම් ගිහින් බලෙන්ම සමාජයට ඔබව දාගන්න.

♦️සන්නිවේදන කුසලතා අඩුනම් ගිහින් බලෙන්ම සන්නිවේදනය කරන්න සිද්ධ වෙන තැනකට ඔබව දාගන්න.

♦️ඔබව ඔබට කරන්න බැරි වැඩ තියන තැන් වලට ගිහින් අත අරින්න. ඔබේ මොළය ඉතා ඉක්මණින් දේවල් වලට හුරුවෙන ඉගෙනගන්න දෙයක්. ඔබේ මොළය කොහොමහරි ඔබේ නැති කුසලතාව හදලා ඔබව ඒ අදාළ පරිසරයට හුරුකරන්න බලනවා.ඔබට යම් කුසලතාවයක් නැත්නම්,වැඩකරන්න ඒ කුසලතාවය අවශ්‍ය තැනකට යන්න.

🙌🏽 මනුස්සයෙක් දියුණු වෙන්නේ අභියෝග, හැලහැප්පීම්, තර්ඡන ඔස්සේ මිසක් හැමදාම ලේසි,පහසු,තමන් කැමති දේවල්ම කරලා නෙමේ. ඇත්ත ඒක. සමහරු ඕනවට වඩා නිදහස හොයනවා. අපි කැමති දේ විතරමයි කරන්න ඕන කියලා හිතනවා. අපි කැමති දේවල් කරන්න ඕන බව ඈත්ත. නමුත් ඒක නීතියක් නෙමෙයි. ඔබව දියුණු වෙන්නේ ඔබට පුලුවන් දේම කර කර ඉන්නවට වඩා වෙනස් දෙයක් කිරීමෙන් බව මතක තියාගන්න. මේ නිසා කෙටි කාලීන සැහැල්ලු මානසිකත්වයක් හදාගන දිගු කාලීනව කිසි දෙයක් කරගන්න බැරුව දුක් විදින අය ඉන්නවා.

✌🏽පෞද්ගලිකව මගේ ඉංග්‍රීසි භාෂාව කතා බහ හදාගන්න මම පිටරට ආයතනයක සම්බන්ධව වැඩ කිරීම ලොකු උදව්වක් උනා.ඉංග්‍රීසී කතාව මදි කියලා රස්සවට නොගිහින් හිටියනම් ඡීවිතේට කතාබහ හදාගන්න වෙන්නේ නෑ.ගිය නිසා අද හොදට ඉංග්‍රීසී භාෂාව කතාකරනවා.

👉🏽සමහරු ඉන්නවා තමන්ගේ කුසලතාවය දියුණු වෙනකන් වැඩේට බහින්නේ නෑ. ඔබ වැරදී!!

🔥වැඩේට බැස්සට පස්සේ ඒ වැඩේ කරන ගමන් තමා කුසලතාව හැදෙන්නේ.

☯️ඒ නිසා ඔබ දන්නවනම් ඔබට යමක් කරගන්න පුලුවන් කියලා, ඔබව විශ්වාස කරලා ඒ වැඩේ භාරගන්න,කරන්න. ඊට පස්සේ බලන්න වැඩේ කරද්දී තේරෙයි කොහොමද වැඩේ කරගන යන්න ඕන කියලා.

මේ මම කිව්ව වැරදි චින්තන රටාව නිසා ඡීවිතේ කනපිට හරවන අවස්ථා මගහැරගන්න මිනිස්සු ඉන්නවා..ඒ නිසා ඒක හදාගන්න.

ඡය වේවා!!

-කේශර දිසානායක-

♦️ තමන්ව දියුණු කරගන්න, මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..

🔥Link -https://youtube.com/c/KesharaDissanayake

☯️රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තියෙන්නේ අම්මගේ අතේ?පැහැදිලි කරගමු අපි ඒක.💬සාමාන්‍යයෙන් ගෙදරක වැඩිපුරම උයන්නේ අම්මා. ඒක ලංකාවේ...
03/07/2025

☯️රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තියෙන්නේ අම්මගේ අතේ?

පැහැදිලි කරගමු අපි ඒක.

💬සාමාන්‍යයෙන් ගෙදරක වැඩිපුරම උයන්නේ අම්මා. ඒක ලංකාවේ සාමාන්‍ය ගෙදරක විදිය. මේක වෙනස් වෙන තැන් තියනවා විටින් විට. අපි දැනට අම්මා ගැන කතා කරමු. අම්මෙක් නම් ඔබේ අතේ තමා ගෙදර හැමෝගෙම සෞඛ්‍ය තියෙන්නේ. ඒක සෙල්ලමක් නෙමෙයි.ඔබ උයන විදිය අනුව තමා ගෙදර අයට ලෙඩ රෝග හැදීම බොහෝදුරට තීරණය වෙන්නේ.

♦️ මේ වනවිට
දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය,ගැස්ට්‍රයිටිස් සහ මානසික රෝග වල සැලකිය යුතු වර්ධනයක් තියනවා.

♦️මේ සේරටම ආහාර වල සෘඡු හෝ වක්‍ර බලපෑමක් තියනවා.නූඩ්ල්ස්, සුප් කැට,තෙල් අධික ආහාර,ක්ෂණික ආහාර,තෙල්දමා බදින ආහාර,අධික සීනි දැමූ තේ,කිරිපිටි වැනි ආහාර මේ අතර ප්‍රධානම ආහාර වර්ග කීපයක්.

♦️හැකිතරම් මේ කෑම වර්ග අවම කරන්න. සතියකට හෝ මාසයකට අවම ලෙස පරිහෝඡනය කරන්න.

♦️සුප් කැට ,රසකාරක,නූඩ්ල්ස් මාසයකට එක් වරක් දක්වා හෝ ගන්න ප්‍රමාණය හැකිතාක් අවම කරන්න. නවත්වන එක තමා හොදම.

♦️හැකිනම් තුනපහ, කහ, මිරිස් වැනි දේවල් තමන්ම කුඩුකර ගෙන භාවිත කරන්න.ගම්බද පළාත් වල අයට මේක පහසුයි.

♦️කොස්,පොළොස්,බතල,කඩල,කවුපි,මැල්ලුම් වර්ග,මුරුංගා කොල, ගොටුකොල වැනි දේවල් මාසයට වැඩි වාරයක් උයන්න උත්සාහ කරන්න. පලතුරු වර්ග වැඩියෙන් ගන්න.

♦️හැකිතාක් සොසේඡස්,නූඩ්ල්ස් වැනි පිළියෙල කල සහ ක්ෂණික ආහාර අවම හෝ නැති කරන්න. පිළියෙල කල ආහාර වල පෝෂණය ඉතා විශාල විදියට අඩු වෙලා තියෙන්නේ සහ විශාල ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා.

♦️බිස්කට් අවම කරන්න. දරුවන් අතර දියවැඩියාව වැඩි වීමේ ප්‍රවණතාවයක් තියනවා. දරුවන් පැණි රසට හුරු කරවන්න එපා.

💚✌🏽අපිට නොලැබුණ දේ ළමයට දෙන්න ඕන කියලා අපි නොකාපු වස දරුවට කවන්න තරම් අනුවණ වෙන්න එපා!!

♦️දරුවන්ට සහ පවුලේ අයට පන්ති හෝ වැඩට යන විට කඩ කෑම,බනිස් වගේ ක්ෂණික ආහාර පුරුදු කරන එක අඩු කරන්න.

🍃නිතරම අම්මා හෝ ගෙදර උයන කෙනා මේ සියල්ල ගැන සැලකිලිමත් විය යුතුයි.

☯️පවුලේ නිරෝගිකම තියෙන්නේ ගොඩක් අම්මගේ අතේ,

🍃පවුල නිරෝගිමත් නම් රටත් නිරෝගී බොහෝදුරට..

🍃ඉතින් රටේ නිරෝගීකම තියෙන්නේ අම්මගේ අතේ කිව්වේ ඒකයි.

♦️රටක් නිරෝගී උනොත් ඒ රට තවත් කාර්යක්ෂම වෙනවා. ඒක රටටත් පවුලටත් පෞද්ගලිකවත් වාසි සහගත දෙයක්.ලේසි නෑ අම්මෙක්ට තියන වගකීම් කන්දත් එක්ක හැමදේම කරන්න.පුළුවන් තරම් උත්සාහ කරමු. පොඩි හරි උදව්වක් ලැබෙන නිසා මේ විදියට යම් දැනුවත් කිරීමක් කරනවා...

මේ ගැන ඔබේ අදහස් මොනවාද??

හිතලා බලන්න..

-කේශර දිසානායක-

♦️ තමන්ව දියුණු කරගන්න මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..

Link -https://youtube.com/c/KesharaDissanayake

♦️ඇත්තටම කැප්පෙටිපොල කියන කෙනා ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියා. ඇයි එහෙම කියන්නේ? ඉස්සෙල්ලම බලමු කවුද මේ කැප්පෙටිපොල කියන්න...
02/07/2025

♦️ඇත්තටම කැප්පෙටිපොල කියන කෙනා ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියා. ඇයි එහෙම කියන්නේ? ඉස්සෙල්ලම බලමු කවුද මේ කැප්පෙටිපොල කියන්නේ?? පොරක් ද??

මේ පුද්ගලයා ප්‍රසිද්ධ වෙලා තියනවා මාර වැඩකට සෑහෙන්න ලංකාවේ. මොනව කරාටද?🤔

ඉදලා තියෙන්නේ 1818. සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ. සම්පූර්ණ නම මොණරවිල කැප්පෙටිපොල.ඒ කාලේ බ්‍රිතාන්‍ය ඡාතිකයෝ ලංකාව යටත් කරලා තිබ්බේ. කෙලින්ම චිත්‍රපටියක ඇගේ මයිල් කෙලින් වෙන වගේ කතන්දර ටිකක් මේ මනුස්සයා කරලා තියනවා. මම කියන්නම්.

ඒ කාලේ මහනුවර රාජධානිය තිබ්බේ බ්‍රිතාන්‍ය යටතේ. ඉතින් කැප්පෙටිපොල කියන්නේ දිසාවේ කෙනක් රටේ. ඒ කියන්නේ රට පාලනය කරන පාලන තන්ත්‍රයේ කෙනක්. ඇමති කෙනෙක් වගේ හිතාගමුකෝ..මෙයාව බ්‍රිතාන්‍යයන් යවලා තියනවා බ්‍රිතාන්‍යන්ට විරුද්ධව ලංකාවේ මිනිස්සු පටන්ගත්ත කැරැල්ලක් නවත්තන්න. මොකද දැන් බ්‍රිතාන්‍ය යටතේ තමා දිසාවේලා රඡ්ඡුරුවෝ ඔක්කොම ඉන්නේ.ලංකාවේ උන්ට නිදහස ඕන නිසා තමා කැරලි ගහලා එලවන්න හදලා තියෙන්නේ සුද්දෝ ටික. පස්සේ ඔන්න කතාවේ හොදම ටිකට දැන් එනවා.

කැප්පෙටිපොල දිසාවේ දැන් ගිහින් කැරැල්ල නවත්තන්න සේනාව එක්ක. ගියාම දැක්කා ලංකාවේ මිනිස්සු දුක් විඳින විදිය. පස්සේ හිතුනා මේ මිනිස්සු අරගල කරන එක සාධාරණයි. මේ මොනව උනත් මගේ රටේ මගේ මිනිස්සු.

මොනවද කරේ ඊට පස්සේ?

මනුස්සයා කෙලින්ම තමන්ගේ එක්ක ආපු බ්‍රිතාන්‍ය සේනාවට කිව්වා මම එන්නේ නෑ ආයේ යන්න තමුන් ලා එක්ක. මම කැරැල්ලට එකතු වෙනවා. මෙන්න උබලාගේ අව් ආයුධ තුවක්කු. උබලාගේ අවි ආයුධ වලින් උබලාටම පහර දෙන එක මගේ තරමට,මට්ටමට මදිකමක්. මේ සේරම අරන් උබලා දැන් ගිහින් සුද්දට මේක දැනුම් දීපල්ලා කියලා. මේක විශිෂ්ඨ සිද්ධියක්. මේක ආරම්හය විතරයි. නිකන් හිතලා බලන්න මනුස්සයොගේ පෞරුෂය👌🏽👌🏽

බ්‍රිතාන්‍යන්ගේ ආයුධ වත් ගන්නේ නෑ. මොකද, බ්‍රිතාන්‍යයන් විශ්වාස කරලනේ මනුස්සයාව එව්වේ මේ වැඩේට. ඒ විශ්වාසය ඡරා විධියටවත් කැඩුවේ නෑ.නැත්නම් තිබ්බනේ එයා එක්ක ආව බ්‍රිතාන්‍ය සේනාව මරලා දාන්න ලේසියෙන්ම කැරැල්ලට එකතු වෙලා. මාරම පොරක්.හැමදේම ලස්සනට බාර දුන්න මහත්මා ගතියෙන් යුත් අමුතුම මට්ටමක සිංහයෙක් වගේ වීර පෞරුෂයක්...🔥

කතාවේ අවසානේ තමා නියම.

අවාසනාවන්ත විදියට කැරැල්ල පැරදුනා මිනිස්සු. බ්‍රිතාන්‍යයන් මුළු ඌව වෙල්ලස්ස ම ගිනිබත් කරා. ඔවුන්ගේ ආයුධ බලය පිරිස් බලය වැඩි නිසා. අන්තිමේ කැප්පෙටිපොල දිසාවේ අහු උනා සුද්දන්ට. කෙලින්ම මරණයට බෙල්ල කපන්න නියම කරා. හැබැයි වැඩියෙන්ම ප්‍රසිද්ධ මෙන්න මේ මරණය උන විධිය.බ්‍රිතාන්‍යයන්ගේ ඒ කාලේ ලියපු වාර්තා වල පවා මේක තියනවා අදටත්.

කොහොමද උනේ??

ඔන්න හිස ගසා දාන දවස ආවා කැප්පෙටිපොල දිසාවේ ගේ. සුද්දගේ වාර්තාවලම තියනවා කිසිම භයක් පසුතැවීමක් මොහු පෙන්නුවේ නැතිලු මරණයට. එඩිතර ලීලාවෙන් ගියාලු. ගිහින් දන ගහලා එඩිතරව බෙල්ල තිබ්බලු.

සිංහල කතා වල කියන විධියට වධකයා පසුබට උනාලු මේ ගෞරවනීය චරිතයේ හිස ගසාදාන්න. ඒත් වධකයාට කිව්වලු එක කඩු පාරෙන් මගේ බෙල්ල කපලා දාපන් කියලා. ඊලගට තමන් ගාව තිබ්බ පොඩි පොතක් අරගෙන ධම්මපදයේ ගාථා කීපයක් කිව්වලු. ඊලගට මේක බලාගන හිටපු මිනිස්සුන්ට ධෛර්යක් එන විධියට නිර්භීත ඇස් දෙකකින් යුතුව හිස තිබ්බලු දංගෙඩිය උඩ.පලවෙනි කඩු පහරින් බෙල්ල කැපිලා නෑ. පස්සේ කැප්පෙටිපොල කිව්වලු මෙතනට ගහපන් කියලා වධකයාට බෙල්ල පෙන්නුවලු. දෙවනි කඩු පාරෙන් බෙල්ල වෙන් උනාලු. මේක නිකන් film එකක ප්‍රධාන චරිතයක රගපෑමක් වගේ. ඔබට පුළුවන් ද මෙහෙම බෙල්ල කපද්දී එඩිතරව මූණ දෙන්න??

ඇත්තටම වචන මදි මේක ගැන කියන්න. මේක බලපු මිනිස්සුන්ට පුදුම ධෛර්යයක් ලැබෙන්න ඇති. මෙහෙම විශිෂ්ඨ නායකයෝ තමා අපට ඉන්නේ,අපි මාර මිනිස්සු කියලා.

වෙන මිනිස්සු පණ බයේ අඩනවා. මළ මූත්‍ර පිටවෙනවා. බැගෑපත්වෙනවා මරද්දී. ඒත් මේ මනුස්සයා????

කොච්චර මේ සිදුවීම බ්‍රිතාන්‍යයන්ට පුදුමයක් උනාද කිවිවනම්, බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් උන Henry Marshall මේක දැකලා කියලා තියනවා, මේ අසාමාන්‍ය චරියක් පෞරුෂයක් තියන මේ මනුස්සයේ හිස මට ගෙනියන්න ඕන බ්‍රිතාන්‍යයට පරීක්ෂණ කරලා බලන්න කියලා.මේ ගැන Henry Marshall ගේ පුද්ගලික වාර්තාවල තියනවා සාක්ෂි අදටත්.

කොච්චර උනත් බ්‍රිතාන්‍යයන් පවා මොහුට ගරු කරලා තියනවා මේ හැසිරුණු අසාමාන්‍ය වීර අභිමානවත් ලක්ෂණ වලට.

කොහොමද චරිතේ??

මම අදටත් ලංකාවේ ඉතිහාසයේ ගරු කරන ලෞකික චරිත වල උඩම ඉන්නේ මෙතුමා... මෙතුමාගේ චරිතය අපිට දෙන්නේ මාර ආදර්ශයක්.. මරණයට මෙහෙම නිර්භීතව මුණ දෙන්න?? සතුරාගේ ආයුධ, සේනාව හානියක් නොකර ආපසු යවන්න??

වචන නෑ කියන්න!!!

ඉතින් මොකද හිතන්නේ මේ ගැන ?

ඡය වේවා.

-කේශර දිසානායක-

මේ පහල තියන පින්තූරය මම ශෙයා වෙනවා දැකපු එකක් හැමතැනම. මෙතුමාව විහිලුවකට ගත්තට එහෙම ගන්න තියා හිතන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි. මේක කරපු කෙනා ඒ තරම් දැනුමක් ඇති කෙනෙක් නොවන නිසයි මේක කරලා තියෙන්නේ. ඉතින් එතුමාට සාධාරණයක් ලෙස තමා මේ කතාව ලියන්නේ..

♦️ තමන්ව දියුණු කරගන්න මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..
Link -https://youtube.com/c/KesharaDissanayake

28/06/2025

☯️💚 ස්වභාවධර්මයේ ශක්තිය ඔබ තුලට ලබාගන්නා කාලයත් සමග අමතක ගිය ක්‍රමවේදය.

A Cinematic video about nature and human connection and healing.

♦️ use headsets for better experience.

Visit our youtube channel for more videos - https://youtube.com/c/KesharaDissanayake

☯️🔥 අපි කැලයෙන් ඈතට ගියා වැඩි ද? (ඔබේ ප්‍රශ්නයට සොභාදහමෙන් පිළිතුරක්)
28/06/2025

☯️🔥 අපි කැලයෙන් ඈතට ගියා වැඩි ද? (ඔබේ ප්‍රශ්නයට සොභාදහමෙන් පිළිතුරක්)

☯️🔥 මිනිසාගේ සහ සොබාදහමේ ශක්තීන්ගේ අපූර්වත්වය විඳින්නටත්, සොබාදහමට සමාජය සමීප කිරීමට ගත් වෑයමකි.☯️🔥 පුද්ගල සංව...

☯️🔥 ඔබට තිබිය යුතුම කුසලතා 08 ක්.ඡීවිතේ දෙයක් කරන්න,ඉස්සරහට යන්න කැමති අයට තිබිය යුතුමයි කියලා මම හිතන කුසලතා කීපයක් පහල...
26/06/2025

☯️🔥 ඔබට තිබිය යුතුම කුසලතා 08 ක්.

ඡීවිතේ දෙයක් කරන්න,ඉස්සරහට යන්න කැමති අයට තිබිය යුතුමයි කියලා මම හිතන කුසලතා කීපයක් පහල තියනවා.

1.🔥 අනුවර්තනය වීමේ හැකියාව.

ඡීවිතයේ එන අභියෝග වලට,අලුත් පරිසරයන්ට, ඔබට කොයි තරම් ඉක්මණින් හැඩ ගැහෙන්න පුලුවන්ද? හැඩ ගැහෙන්න පුලුවන් තරමට ඔබේ සාර්ථකත්වය වැඩි වෙනවා.

2. 💥තැනකින් ඉවත්ව යාමට ඇති හැකියාව.

ඔබට අවශ්‍ය නැති තැනක ඔබ ඉන්නවනම්, ඔබට අවශ්‍ය නැති ප්‍රශ්නයක පැටලෙන තැනක ඔබ ඉන්නවනම්, ඔබට තරහ යන තැනක ඔබ ඉන්නවනම්, ඔබට නොගැලපෙන හානි කරන ඔබේ කාලය කන අය සමග ඉන්නවනම්, ඒ තැන් වලින් ලහා ඉවත්වීමේ හැකියාව තිබිය යුතුයි.

3.🦻ඇහුම්කන්දීමේ හැකියාව

කෙනෙක් ඔබට දෙයක් කියන විට, ඒකච අනවශ්‍ය ලෙස බාධා නොකර ඔබට ඉතා විශිෂ්ඨ ලෙස අවධානයෙන් ඇහුම්කන්දෙන්නට පුළුවන් නම් ඔබට මිනිසුන් කතා කරන්නට කැමති සහ පහසු පුද්ගලයෙක් බවට ඔබ පත්වෙනවා.

4. 👏🏽පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති හැකියාව

ඔබට නොබියව ,ආත්ම ශක්තියකින් යුතුව යම් තැනක හෝ යම් කෙනෙකුට කතා කල හැකිනම්, මිනිසුන් ඔබට ගරු කරනවා සහ ඇහුම්කන් දෙනවා. ඔබේ පණිවිඩය සාර්ථකව සමාඡගත කරන්න පුළුවන් වෙනවා.

5. 🙌🏽ධනාත්මකව සිටීමේ හැකියාව

දෙයක් කරන්නට බැරි ක්‍රම අපේ හිතට එන එක සාමාන්‍ය දෙයක්.නමුත් අසාමාන්‍ය චරිතයන්ගේ ලක්ෂණයක් තමයි කරන්නට බැරි දේ පැත්තක තියලා කරන්න පුළුවන් දේට අවධානය දෙන එක එහෙම කුසලතාවයක් හදාගන්න. ඔබ අපරාඡිත වෙනවා.

6. ✌🏽අවශ්‍ය විට උදව් ඉල්ලීමට ඇති හැකියාව

හැමවෙලේම මට පුලුවන්,මට කවුරුත් එපා කිය කිය දේවල් කරගන්නම බැරුව විනාශ වෙනවට වඩා, ඔබට කෙනෙක්ගෙන් උදව්වක් ගන්න අවශ්‍ය තැන් වලදී නොපැකිලිව ඒ දේ ඉල්ලන්න පුළුවන්කම තියනවනම් ඔබේ ඉදිරියට යාමේ වේගය වැඩිවීමට එය උදව්වක් වෙනවා.

7. 🧠විශාල ඉලක්ක කුඩා කොටස් වලට කැඩීමේ හැකියාව

ලොකු හීනයකට යන්න නම්, ඒ හීනය පොඩි පොඩි කොටස් කොටස් වලට කඩලා ඒ පොඩි කොටස් කරන්නට ඕන. එතකොට දන්නෙම නැතුව ලොකු හීනය ඉටුවෙනවා. ඉතින් ලොකු ඉලක්ක ගැන හීන මව මව ඉන්නවා වෙනුවට ඒවා කරන්න පුළුවන් කොටස් වලට කඩා ගැනීම විශිෂ්ඨ හැකියාවක්.

8. 💪🏽තමා පාලනය කර ගැනීමේ හැකියාව

තමාගේ ආශාවන්,හැසීරීම් ,ගතිගුණ ,චර්යාවන් ,හැගීම් පාලනය කරගන්න පුළුවන් පුද්ගලයා කිසි කෙනෙක්ට පාලනය කරන්න බැරි ඉතා තියුණු පුද්ගලයෙක් වෙනවා. ඉතින් ඒක ඉතාමත් විශිෂ්ඨතම ගුණයක්

මේ කුසලතා නිකන් ලැබෙන්නේ නෑ. පුහුණු කරන්නම ඕන. එහෙම කලොත් ඔබ සුපිරි පුද්ගලයෙක් බවට පත්වෙනවා..

♦️තවත් ඔබේ පෞරුෂය දියුණු කරගන්න කැමතිනම් මේ අන්තිමට දාලා තියන ලින්ක් එකෙන් ගිහින් සුපිරි පෞරුෂයක් හදාගන්න විදිය බලන්න.

❣️ඒ වගේම වීඩියෝ එක බලන ගමන්ම ලක්ෂයකට අධික පිරිසක් එකතුවෙලා ඉන්න අපේ keshara Dissanayake youtube channel එකට ඔබත් සම්බන්ධ වෙන්න.

මේ දැනුම සමාජයට බෙදා හරින්න. අපි ශක්තිමත් ප්‍රබලයන් වෙමු. එතකොට අපේ රට,සමාජය තවත් ශක්තිමත් වෙයි.

ඡය වේවා.

-කේශර දිසානායක-

☯️සුපිරි පෞරුෂයක් හදාගන්න විදිය- https://youtu.be/DQS0lJv-DyE?si=FejDXQMLd93vH4dv

Address

Kandy
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94719801927

Alerts

Be the first to know and let us send you an email when Keshara Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Keshara Dissanayake:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram