25/05/2026
🔴 පිරිමි විශ්වාස කරන්න බැරි ද? මට මෑත කාලීනව වැඩියෙන් උපදේශන වලට එන ගැහැණු ලමයින්ගේ ගැටළුවක් තමයි මේ ලගම විශ්වාසවන්තව හිටිය පිරිමි ලමයි එකපාරම වෙනස් වෙලා තමන්ට ලිංගික හිරිහැර සහ ලිංගික ඇහැකින් බලන එක.
තමන්ගේ මස්සිනා, ලගම නෑයෙක් වෙන සහෝදරයෙක්, අවුරුදු ගණනක් හොදට හිටිය පිරිමි යාලුවෙක් පවා එකපාර අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන්න යෝඡනා කරන්න ආව අවස්ථා කියන සිදුවීම් බහුල විදියට පේන්න තියනවා.
🤔ඇයි මේ විදියේ දේවල් වෙන්නේ? පිරිමි මනසේ මොකක්හරි වෙනසක් තියනවාද? ඇයි ලගම විශ්වාසවන්ත අය පවා මෙහෙම හැසිරෙන්නේ? මේකෙන් ආරක්ෂා වෙන්න ක්‍රම තියනවද? මේ ගැන අද අපි බලමු.
මේ සිදුවීම් නිසා කාන්තාවන් බොහෝ ආතතියකට පත්වෙනවා. සමහරුන්ට දින ගණන් නින්ද යන් නෑ. සමහරුන්ට විටින් විට මේ සිදුව්ම් මතක් වීම නිසා panic attack තත්ව ඇතිවෙනවා. ඒ ආතතිය ඉතා දරුණු විදියට බලපානවා. සමහර අවස්ථාවල තමන්ගේ විශ්වාසවන්ත පිරිමි යාලුවා සමග වාහනයේ යන විට අනවශ්‍ය ස්පර්ශ කරන්න ආව අවස්ථා තියනවා. සමහරු ගෙවල් වල තනි උන අවස්ථාවල හිරිහැර කරන්න උත්සාහ කරනවා. සමහරු අනවශ්‍ය විදියේ ඡායාරූප සහ යෝඡනා දුරකථන ඔස්සේ එවනවා. ගැටලුව තියෙන්නේ මේ හැමෝම ඒ කාන්තාවන්ට, ගැහුණු ලමයින්ට, කාලයක් තිස්සේ කරදර නොකල විශ්වාසවන්ත අය වීම. කාටහරි හිතෙන්න පුළුවන් කාන්තාවගේ ඇදුම් අදින විදිය නිසා මේවා වෙනවා කියලා. නමුත් ගැටලුව මේ මට ආව හැම සිද්ධියකම කාන්තාවන් හොදින් ඇග ආවරණය වෙන ලෙස ඇදගන සිටීම.
👉🏽 මේකෙදී හේතු විදියට මම දකින දේවල් කීපයක් තියනවා.
එකක් තමයි අන්තර්ජාලයේ, සමාජ මාධ්‍ය වල අධික ලෙස කාන්තාව sexualize කිරීම නැත්නම් කාන්තාවන් යනු ලිංගික තෘප්තිය ඇති කරන දෙයක් විදියට ප්‍රචාරණය කීරීම. සාමාන්‍යයෙන් කාන්තාවන් තමයි 95%ක යොදාගන්නේ වෙළද දැන්වීම් වලදී. ඇයි ඒ?
හේතුව කාන්තාවට ස්වාභාවිකවම පිහිටන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව සහ සෞන්දර්ය.
මෙතන ගැටලුව එන්නේ, වර්තමානය වන විට කාන්තාවගේ ශරීරයේ කොටස් වැඩියෙන් නිරාවරණය වන විදියේ විඩියෝ සහ දර්ශන වලින් ලිංගික ආකර්ෂණය කියන මේ ස්වාභාවික මිනිස් යාන්ත්‍රණය අවුස්සලා Views , Reach සහ මුදල් හම්බකරන්න කාන්තාව යොදාගැනීම. මේක පැරණි ලොකයේ ඉදන් තිබුන නමුත් මේ වන විට දහස් ගුණයකින් මේ කාන්තාව ලිංගික භාණ්ඩයක් සහ ආකර්ෂණ භාණ්ඩයක් විදියට Sexualize කිරීම වැඩි වෙලා තියනවා.
👉🏽ඊලග දෙය තමයි නිල් චිත්‍රපට සහ ලිඛ්ත අසභ්‍ය කතා සමාඡයේ පැතීරීම. නිල් චිත්‍රපට වල තනිකරම කාන්තාව ලිංගික භාණ්ඩයක් පමණයි. ඇයගේ සිතුවිලි, හැගීම් සහ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස කාන්තාවක් දකින්න පොලඹවන්නේ නෑ. තමන්ගේ ඥාති සහෝදරිය සමග අනවශ්‍ය සබදතා පැවැත්වීම වගේ විවිධ දේවල් පෙන්වලා මිනිස්සුන්ගේ ඔලු විකාර වෙන තැනට දේවල් සිද්ධ වෙන්න මේක එක් හේතුවක්. ඒ වගේමයි ලිඛිතව ලියවුණු අසභ්‍ය කතා.මේ දේවල් බලන ඇබ්බැහි උන අයට කාන්තාව පේන්නෙම ප්‍රයෝජනයක් ගත හැකි අයෙක් මිස, සහෝදරයෙක් සහෝදරියක් මිතුරියක් මිතුරෙක් විදියට නොවෙයි. මේ අධික අසභ්‍ය දර්ශන සහ දේවල් වලට පහසුවෙන් නිරාවරණය වෙන්න අවස්ථා සමාජයේ වැඩිවීම මේ මම මුලින් සදහන් කල ගැටලුවට හේතුවක්.
සමාඡ මාධ්‍ය වල පවා,instergram, Facebook ,Tiktok වල බලෙන්ම හරි අඩ නිරුවත් කාන්තාවන් ගේ වීඩීයෝ පෙන්වන්න උත්සාහ කරනවා. මෑත කාලීනව ගණිකා වෘත්තිය ඉතා බහුල විදියට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරගන යනවා. ඒ කාන්තාවන් තමන්ගේ ශරීරය පෙන්වමින් ගැහැණිය තවත් sexualise කරමින් මේ සමාජ මාධ්‍ය තුල මේ ක්‍රියාවලිය කරගන යනවා. මේ දේවල් බලන පිරිමින් තමන්ගේ ඔලු විකාර කරගන ගැහැනිය දෙස ලිංගික ඇසකින් විතරක් බලන්න පෙළඹෙනවා.
👉🏽 ඊලග ප්‍රධානම දෙය තමා පිරිමින්ගේ මොළයේ තිබෙන අවුලක්. බොහෝ විට පිරිමින් වැරදියට වටහාගන්න දෙයක් තියනවා. කාන්තාවක් විදියට ඔබ ඉතා අවංකව, විවෘතව තමන්ගේම සහෝදරයෙක්ට වගේ තමන්ගේ මිත්‍රයන් ට සහෝදරයන්ට සලකනවා. නමුත් මේ මිත්‍රභාවය, ස්වරූපය පිරිමින් බහුතරයක් දකින්නේ වෙනත් දෙයක් විදියට. ඔවුන් හිතන්නේ මේ කාන්තාව මේ තරම් ලගින් සලකන එකේ වෙන දෙයකටත් කැමති වෙයි කියලා. පිරිමින් මේ කාන්තාවන්ගේ මිත්‍රශීලී
ස්වරූපය දකින්නේ වෙන විදියටකට. මේක බෝහෝ විට කාන්තාවන්ට තේරෙන් නෑ මොකද ඔවුන් ඒ මිත්‍රශීලීව ඉන්නේ අවංකවම නිසා. ඔවුන් හිතන්නේ හැමෝම ඔවුන් වගේම කියලා.
💯 ඇත්තම කතාව ,බොහෝ විට තමන්ගේ එක කුස උපන් සහෝදරයන් හැරෙන්නට ඔබට වෙන කිසිවකුටත් ඔබ ගැන රාගික හැගීමක් එන එකක් නෑ කියලා කියන්න බෑ. එහෙම පිරිසිදු ලෙස ඔබ දෙස බලන්නේ ඔබේම එක කුස උපන් සහෝදරයන් පමණයි. බොහෝ විට ඒක තමා ඇත්ත. බොහෝ විට කියන වචනය වැදගත්. හැමවෙලේම නෙමෙයි. නමුත් බොහෝ විට එයයි ඇත්ත.
මේ දේවල් මම කියන්නේ හැම වෙලේම බහුතර සමාජය ගැන. මේ දේවල් නොකරන ඉතා හොදින් පිරිසිදුව කාන්තාවන්ට සලකන ඉතාම සුළු පිරිසක් සමාජය තුල ඉන්නවා. නමුත් ඒ පිරිස ඉතාම කුඩයි. ඒ නිසා වැඩි හරියක් කාන්තාවන් ලෙස ඔබ කල්පනාකාරී විය යුතුයි.
🚫 කොහොමද දැන් මේ දේවල් වලින් බේරෙන්නේ? පිරිමි විශ්වාස කරන්න බැරිද??
මේ දේවල් ඔබ ඔලුවේ තියාගන්න.
👉🏽 ඔබ පිරිමි යහලුවන් සමග තනි වෙන පාලු තැන් වලට යන එකෙන් වලකින්න. මොකද ඒ තැන් වලදී තමා වැඩි හරියක් මේ කරදර වෙලා තියන්නේ.
👉🏽 එහෙම යනවනම් තවත් ගැහැණු යාලුවෙක් එක්ක යන්න. එතකොට තමන්ට ගැටලු ඇතිවෙන්න තියන ඉඩ අඩුයි.
👉🏽 ඔබ හැමවෙලේම සීමාවන් (Boundaries) රැකගන්න.යාලුවන්ට උනත් නෑයන් වෙන සහෝදරයන්ට උනත් විහිලුවට හරි සෙල්ලමට හරි තමන්ගේ ශරීරය ස්පර්ශ කරන්න දෙන්න එපා. අනවශ්‍ය ශරීර ස්පර්ශයන් මේ මනස ලිංගිකකරණය (sexualize) උන පිරිමින් වගහාගන්නේ බොහෝවිට ලිංගික තෘප්තියක්, ආරාධනයක් විදියට. ඒ නිසා තමන්ගේ ශාරීරික මානසික සමාඡීය සීමාවන් ආරක්ෂා කරගන කටයුතු කරන්න. ඔබ අවංකව මිතුදම කරනවා උනාට ඔබට කවදාවත් අනික් පාර්ශවය එහෙමයි කියන්න බෑ.
👊🏽ඒ වගේම ඡීව විද්‍යාත්මකව පිරිමින්ගේ Testesterone හෝමෝන නිසා බොහෝවිට ඔවුන් ලිංගික සහකරුවෙක් හොයන්න පෙළඹෙන අවස්ථා සාපේක්ෂව මේ සමාඡ රටාවන් තුල වැඩී. ඒකට කරුණු ගණනාවක් බලපානවා. ඉතා සරලව තමා මේ කියන්නේ.ඒ නිසා මිනිසා කියන්නේ හැමවිටම ස්ථීර පෞරුෂ හැසීරීම් රටාවක් තියන අය නෙවෙයි. ඔවුන්ගේ හෝමෝන අඩු වැඩි වීම අනුව ඔවුන්ගේ හැසීරීම් වෙනස් වෙනවා. පිරිමි ගැහැණු දෙපාර්ශවයටම ඒක අදාලයී. ඒ නිසා ඒ ගැන කල්පනාකාරීව ඉන්න ඕනේ.ඔබට 100% ක් මිනිස් හැසීරීම් මේ විදියට විතරක්ම වෙයි කියන්න බෑ.predict කරන්න බෑ.
මේ දේවල් කරොත් ඔබට අමිහිරි අත්දැකීම් බොහොමයක් වලක්වගන්න පුලුවන්.
⛔️ නැවතත් කියනවා මේ කතාකරන්නේ සමාජයේ සියලු පිරිමි සහ ගැහැණු අය පිලිබද නොවෙයි. පිරිමි අය මෙන්ම අනවශ්‍ය චරිත ලක්ෂණ තියෙන ගැහැණු අයද ඉන්නවා. ඒ වගේම මම කිව්වා වගේ මේ කිසිවකට අදාල නැති ඉතා යහපත් සුලු පිරිසක් ද සමාඡයේ ඉන්නවා.
නමුත් කාන්තාවක් ලෙස මේ සමාජයේ වෙන පරිවර්තනයන් සහ දැනුම ඔබ සතු විය යුතුයි. නැත්නම් ඔබ අමාරුවේ වැටෙනවා.
🚫 පිරිමි අයට සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි. රාගයෙන් ඔලුව විකාර කරගන්න එපා. රාගය පාලනය කර ගත නොහැකි පිරිමි දුර්වල පෞරුෂයක් ඇති පිරිමින් පමණයි. ලෞකික ලෝකය තුල රාගය නරක දෙයක් නොව, නමුත් ඕනම දෙයක සීමාව නොදන්නා පාලනයක් නැති පුරුෂයෙකුගෙන් තමන්ටත් සමාඡයටත් කිසිම වැඩක් නැත. මේ උපදෙස් විශිෂ්ට චරිතයක් ගොඩනගන්න බලාපොරොත්තුව වෙන පිරිමින්ට පමණයි!!
හැකිතාක්දුරට මේ දේවල් ශෙයා කරගන්න. පණිවුඩය බෙදාගන්න. කෙනෙක්ගේ ඡීවිතයක් මනසක් ආරක්ෂා වෙන්න ඒක උදව්වක් වෙයි.
ඡය වේවා.
-කේශර දිසානායක-
🔥යූ ටියුබ් නාලිකාවට(100k+) සම්බන්ධ වන්න-You tube channel link-https://youtube.com/c/KesharaDissanayake
🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b
👉🏼 page- https://www.facebook.com/kesharasden/