Nethra Eye Care Center

Nethra Eye Care Center Our optometrists are medical professionals who concentrate on the structure, function and disorders of the eye. In addition to prescribing glasses and fit

12/05/2025

පෙනීමට වයසට යන්න දෙන්න එපා! අදම ක්‍රියාත්මක වෙන්න.

දැක්මට ආරක්ශාවක්- නේත්‍රා අයි කෙයා(ර්) අප සමග

වයස වැඩිවෙනකොට හැමෝටම පෙනීම ටිකෙන් ටික වෙනස් වෙනවා දැනෙන්න පටන් ගන්නවා.ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වෙනස්වීම් පිළිබඳ අවබෝධයක් තිබ්බොත්, අපේ දෛනික ජීවිතය වඩා පහසු කරගන්න පුලුවන්. ඒක සිද්ද වෙන්නෙ කොහොමද හා ඒවට තියෙන විසදුම් මොනවද බලමු.

1. ලඟ තියෙන දේවල් පැහැදිලි නැති වීම (Presbyopia)

වයස අවුරුදු 40 ට පසු අකුරු කියවන්න, කුඩා අංක බලන්න, ජාතික හැඳුනුම්පත කියවන්න වගේ දේවල් අමාරු වෙනවා. මේකට විසදුමක් විදිහට කියවීමේ කාච (reading glass) හෝ bifocal කණ්ණාඩි වගේම progressive කණනාඩි භාවිතා කරන්න පුලුවන්.

2. ඇස් කාචය බොඳවීම

වයස වැඩිවෙන විට ඇස් තුළ කාචය (lens) දුඹුරු වෙයි. එතකොට ආලෝකය හරියට ඇතුල් වෙන්න බාධා වෙලා දේවල් පැහැදිලි නැතිව පේනවා. දවල් කාලයේ වඩා හොඳින් පේන එක, රාත්‍රීයේ බොඳවීම වගේ වෙනසක් දැනෙයි.මේකට විසදුමක් විදිහට මුල් අවදියේදිම කණ්නාඩි පාවිච්චි කරන්න පුලුවන්.පස්සෙ අවශයනම් සැත්කමක් සදහා යොමු වෙන්න හැකියාව තියෙනවා.

3. Age-related Macular Degeneration – AMD

මෙම තත්වය නිසා පොතක් කියවන්න, මුහුණු හඳුනාගන්න වගේ දේවල් අමාරු වෙනවා. වටපිටාව පෙනුනත් මැද තියෙන දේ පැහැදිලි නැහැ. මේකට විසදුමක් විදිහට නිතර ඇස් පරීක්ශා කරන්න.පූර්ණව සුව කරන්න බැරි උනාට තව තවත් දුර්වල වීම ලේසර් ප්‍රතිකාර මගින් පාලනය කරන්න හැකියාව තියෙනවා.මීට අමතරව විටමින් A ,C ,E වගේම zinc අඩංගු ආහාර ගැනීමත් අත්‍යාවශයයි.

4. කලාපීඩනය (Glaucoma)

මෙමගින් ඇස් තුළ පීඩනය වැඩි වීම නිසා පෙනීම අවම වෙනවා. මුලදි කිසිම ලක්ෂණයක් නැතිව පවා පෙනීම අහිමි වෙන්න පුළුවන්. නියමිත පරීක්ෂණ වාර්ශිකව කරගැනීම හා බෙහෙත් (eye drop),සැත්කම් මගින් මෙම තත්වය පාලනය කරන්න පුලුවන්.මුල් අවදියේම මේ තත්වය අදුරගන්න පුලුවන්නම් වඩාත් හොදයි.

5. වියළි ඇස් (Dry Eyes)

වයස වැඩිවීමත් එක්ක ඇස්වල කඳුළු අඩුවෙයි. එතකොට ඇස් රතු වෙනවා, දැවීමක්, කැසීමක් දැනෙයි. Eye drop භාවිතය හා දිනකට අවශය ජලය පානය මෙකෙදි වැදගත් වෙනවා.

ඇස් දෙක පරිස්සම් කරගන්න මීට අමතරව සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකකුත් අපි ඔයාලට කියලා දෙන්නම්.

* තිර/Screen දිගු වේලාවක් බලන එක අවම කරන්න: දුරකථන, පරිගණක, TV බලන කාලය සීමා කරන්න.

* 20-20-20 නීතිය: විනාඩි 20කට පසුව, අඩි 20ක් දුරින් තියෙන දෙයක් තත්පර 20ක් බලන්න.

* ආහාරයෙන් ඇස් රැකගන්න: කැරට්, ගෝවා, මාලු වගේ විටමින් හා ප්‍රෝටීන් අඩංගු දේවල් නිතරම ආහාරයට එකතුකරගන්න.

* තමන්ටම වෙන්වුනු කණ්නාඩි දෙකක් පමණක් භාවිතා කරන්න.

ඔබේ පෙනීම රැකගන්න-නිරවුල් දැක්මක් ලබාගන්න,අදම ඇස් පරික්ශාවකට එන්න.නේත්‍රා අයි කෙයා(ර්) අපි ඉන්නෙ ඔයා වෙනුවෙන්මයි.

මේක පණිවිඩය වැදගත් කියලා හිතෙනවානම් තව කෙනෙක්ට දැනගන්න දැන්ම ශෙයා කරන්න.

ඔයාගෙ මූණෙ හැඩේට ගැලපෙනම ඇස්කණ්ණාඩි කුට්ටමක් තෝරගන්නෙ මෙහෙමයි..............................................................
01/04/2025

ඔයාගෙ මූණෙ හැඩේට ගැලපෙනම ඇස්කණ්ණාඩි කුට්ටමක් තෝරගන්නෙ මෙහෙමයි........................................................................................................................................

ඇස් කණ්ණාඩි දෙකක් ඔයාට හොඳටම ගැලපෙන්න නම් ඒක කොච්චර හොඳට පේනවද කියන දෙයින් එහාට ගිය දෙයක් වෙන එක අනිවාර්යයයි. ඒ කියන්නෙ පෙනුමෙනුත් ඒක ඔයාට ගැලපෙන්නම ඕනෙ.

මේක සිද්ධවෙන්නෙ ඔයා හරියටම ඔයාගෙ මුහුණෙ හැඩයට ගැලපෙන, පෙනුම වැඩිදියුණු වෙන, ඔයා බලාපොරොත්තු වෙන පෙනුම ඔයාල අරන් දෙන විදියෙ කණ්ණාඩි දෙකක් තෝරගත්තොත් විතරයි.

අද අපි ඔයාට කියන්න හදන්නෙ අන්න ඒ වැඩේට ඔයාට උදව් වෙන පුංචි පුංචි දේවල් ටිකක්.

✅රවුම් මුහුණ (Round Face)........................................................

ඔයාට තියෙන්නෙ රවුම් මුහුණක් නම් ඔයාගෙ features soft සහ curvy ගතියෙන් යුක්තයි. ඒ කියන්නෙ දිග පළල බොහෝවිට සමානයි.

එහෙමවුණාම ඔයාට ගැලපෙන්නෙ චතුරස්‍ර හෝ සෘජුකෝණාස්‍ර හැඩයේ frames. ඒව ඔයාගෙ මූණෙ වක්‍ර වලට යම් වෙනසක් කරල පොඩි කෝණික හැඩයක් අරන් දෙනවා.

Sharp lines සහ bold shapes සහිත කණ්ණාඩියක් ඔයාගෙ මූණට වඩාත් විශ්වසනීය පෙනුමක් එකතු කරාවි.

✅කොටු හැඩයේ මුහුණ (Square Face)...........................................................................

කොටු හැඩයේ මුහුණකට සාමාන්‍යයෙන් තියෙන්නෙ පළල් නලලක් සහ නිකටක් එක්ක ශක්තිමත් වගේම කෝණික පෙනුමක්.

එහෙම මුහුණක තියුණු රේඛීය බව අඩු කරන්න නම් හරියටම ගැලපෙන්නෙ රවුම් හෝ ඕවලාකාර ඇස් කණ්ණාඩි රාමු.

ඒකෙන් වඩා මිත්‍රශීලී පෙනුමක් ඔයාට ලබාදෙනවා. ඒ එක්කම ලා පාට එහෙමත් නැත්තම් විනිවිද පෙනෙන frames තෝරගන්නවනම් පෙනුමෙ තියෙන මෘදු ගතිය තවත් වැඩිකරවන්න පුළුවන්.

✅ඕවලාකාර මුහුණ (Oval Face)................................................................

ඔයාට තියෙන්නෙ ඕවලාකාර මූණක් නම් එක අතකට ඔයා වාසනාවන්තයෙක් කියල කියන්න පුළුවන්.

මොකද ඔයාට තියෙන්නෙ හොඳ සමතුලිත මුහුණක්. කොහොමවුණත් ඔයාගෙ පෙනුමට සහ පෞර්ෂයට ගැලපෙන කණ්ණාඩි දෙකක් තෝරගන්න එක ගැන සැලකිලිමත් වෙන්න සිද්ධවෙනවනෙ.

එතනදි හතරැස්, සෘජුකෝණාස්‍රාකාර හෝ රවුම් හැඩයේ frames වලට ඔයාගෙ මුහුණෙ තියෙන පෙනුම වැඩිදියුණු කරවන්න පුළුවන්.

ඔයාට ගැලපෙන එක හරියටම මොකක්ද කියල දැනගන්න ඔයාට පුළුවන් frame styles සහ වර්ණයන් කැමති විදියට මාරුකරල අත්හදා බලන්න.

✅හදවත් හැඩයේ මුහුණ (Heart-Shaped Face)..............................................................................................

හදවත් හැඩයේ මුහුණක් කියන්නෙ පුළුල් නළලක් සහ සිහින් නිකටක් තියෙන මුහුණකට. කම්මුල් ගොඩක් වෙලාවට ඉහලින් පිහිටල තියෙන්නෙ.

මේ හැඩයේ මුහුණකට ගැලපෙන්න කණ්ණාඩි තෝරද්දි කරන්න නළලේ පලල සහ නිකටේ සිහින් බව සමතුලිත කරන එක.

ඒකට ගැලපෙන්නෙ රවුම් හෝ ඕවලාකාර Frames සහිත කණ්ණාඩි.........................................................................................................................................

ඒ එක්කම ඔයා කණ්නාඩි තෝරගන්නකොට, ඒ කණ්ණාඩි දෙක පැළඳගෙන ඉන්න එකෙන් දැනෙන සුවපහසුව, ඔයා කැමති style එක තරම්ම වැදගත් කියල අමතක කරන්න එපා.

ඒවා ඔයාගෙ මුහුණට සුදුසු ප්‍රමාණයේ ඒවා කියල සහතික කර ගන්න. හදිස්සි වෙන්න යන්නෙ නැතුව කල් අරගෙන ඔයාට ගැලපෙන කණ්ණාඩි දෙක මොකක්ද කියල තහවුරු කරගන්න බලන්න.

ඔයාට ඒක තනියම තීරණය කරන්න අමාරුනම් ඔයා ළඟින් ආශ්‍රය කරන කෙනෙකුට ඒක තෝරලදෙන්න කියල කියන්න පුළුවන්. හැබැයි ඊට කලින් එයාටත් මේ සටහන කියවන්න දෙනවනම් තමයි වඩා හොඳ.


අවසන් වශයෙන් කිව්වොත්, හොඳම ඇස් කණ්නාඩි කියන්නෙ ඔයාට සුවපහසුවක් වගේම විශ්වසනීය බවකුත් ලබාදෙන කණ්ණාඩි කුට්ටමට. ඔයා තේරීමක් කරන හැම වෙලාවෙම ඒක සිහියෙ තියාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
........................................................................................................................................
මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.........................................................................................................................................

ඔයා පුරුද්දක් විදියට නිතර කරන මෙන්න මේ දේවල් වලින් ඔයාගෙ ඇස් දෙකට හානිකර වෙන්න පුළුවන් කියල දන්නවද?........................
29/03/2025

ඔයා පුරුද්දක් විදියට නිතර කරන මෙන්න මේ දේවල් වලින් ඔයාගෙ ඇස් දෙකට හානිකර වෙන්න පුළුවන් කියල දන්නවද?........................................................................................................................................

ඔයාගෙ ඇස් දවස තිස්සෙම වෙහෙසෙනවා කියල ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ තියෙන කාර්යය බහුල ජීවන රටාව හින්දා කොහොමටවත් ඇස් දෙකට විවේකයක් දෙන්න වෙලාවක් ලැබෙන්නෙ නැති තරම්.

හැබැයි ඔයා දන්නවද මේ ජීවන රටාවෙ ඔයාගෙ තියෙන සමහර පුරුදු හින්දා ඔයාගෙ ඇස් දෙකේ පෙනීම ටිකෙන් ටික දුර්වල වෙන්න පුළුවන් කියලා?

සුපුරුදු විදියට අද අපි ඔයාට කියන්න හදන්නෙ ඔයාගෙ ඇස් දෙකට දීර්ඝකාලීන ආබාධ ඇති නොවෙන්න කරන්න පුළුවන් දේවල් ටිකක සහ වළක්වගන්න ඕනෙ පුරුදු කිහිපයක් ගැන.

ඔයා මොන විදියෙ දෛනික ජීවිතයක් ගෙවන කෙනෙක් වුණත් මේ ටික නම් කවදාවත් අමතක වෙන්න දෙන්න එපා.

ඇස් පොඩි කරන්න එපා!.....................................................

පොඩි වෙලාවකට මේක හරි සැපයි වගේ දැනුනට ඒකෙන් වෙන හානිය නම් පොඩි එකක් නෙවෙයි. ඔයාගෙ මේ ඇස් පොඩිකිරීමේ පුරුද්ද හින්දා ඇස් දැවිල්ල අල්ලන්න සහ ආසාදනයන්ට ලක්වෙන්න ලොකු අවදානමක් තියෙනවා.

ඔයාගෙ අත්වල තියෙන බිලියන ගණන් බැක්ටීරියා සහ විෂබීජ කිසිම අපහසුතාවයකින් තොරව ඔයාගෙ ඇස්වලට පැතිරෙන්න ගන්නවා. මේ තත්වය දිගින් දිගටම වැඩිවෙලා conjunctivitis හෙවත් සංසන්ධිත ප්‍රදාහය වගේ රෝගයක් පවා දක්වා වැඩි වෙන්න පුළුවන්.

ඒක හින්දා කොච්චර උවමනා වුණත් ඇස් අල්ලන්න කරන්න යන්න එපා. ඕනෙම නම් ඒකට පිරිසිදු ටිශූ එකක් හරි රෙදිකඩක් හරි පාවිච්චි කරන්න. එහෙම එකක් හොයාගන්නම බැරිනම් අත්දෙක හොඳටම පිරිසිදු කළාට පස්සෙ අත්‍යවශ්‍යම නම් විතරක් ඒ වැඩේට යොදාගන්න. ඒත් ඒක පුරුද්දකට තියාගන්න එපා.

Sunglasses පාවිච්චි කරන්න............................................................

තමන්ගෙ ඇස් වලට UV rays වලින් කොච්චර හානියක් වෙන්න පුළුවන්ද කියන එක ගැන ගොඩක් අයට කිසිම අවබෝධයක් නැහැ. මේ තත්ත්වය දිගින් දිගට තියෙන එක ඇහේ සුද ඇතිවීම, දෘෂ්ඨි විතානය දුර්වල වීම වගේම eye cancer තත්ත්වයක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්.

ඒ හින්දා ඔයා එළිමහනට යන අවස්ථාවල UV protection සහිත sunglasses පාවිච්චි කරන්න වගබලාගන්න.

වැඩිය ඉර එළිය නැති cloudy day එකක වුණත් මේ පුරුද්ද මගහැරගන්න එපා. මේක ඔයාගෙ ඇස්වල දීර්ඝකාලීන සුවතාවය වෙනුවෙන් කරන්න පුළුවන් පොඩි ධනාත්මක දෙයක්.


ප්‍රමාණවත් තරම් ඇහිපිය ගහන්න ..............................................................................

අද ලෝකෙ හැම කෙනෙක්ම වගේ screens දිහා, ඒ කියන්නෙ computers, phones, tablets, and TVs වගේ දේවල් දිහා බලාගෙන ඉන්න සෑහෙන වෙලාවක් වැයකරනවා කියන එක රහසක් නෙවෙයි.

මේක හින්දා වෙන දේ තමයි ඔයාට ඇහිපිය ගහන්න අමතක වෙන එක. මේකෙන් ඇහැ සුවපහසුව තියාගන්න අවශ්‍ය කෙරෙන තෙතමනය ප්‍රමාණවත් තරමට ඇහැට එන්නෙ නෑ.

ප්‍රතිඵලය වෙන්නෙ ඇහැ වියළිව වෙහෙසට පත්වෙලා තියෙන එක. අන්න ඒක හින්දා screen එකක් දිහා බලාගෙන ඉන්න හැම වෙලේම විනාඩි විස්සකට සැරයක්වත් පොඩි විවේකයක් ඇහැට දෙන්න අමතක කරන්න එපා.

Contact Lenses දාගෙනම නිදාගන්න එපා! ..........................................................................................

ගොඩක් අය contact lenses පළඳිනවනෙ. හැබයි මේ අය කරන එක වැරැද්දක් තමයි ඒවා පැළඳගෙනම නින්දට යන එක. මේකෙන් ඇහැට යම්කිසි ආසාදනයක් වෙන්න තියෙන අවදානම වැඩිකෙරෙනවා.

මොකද ඔයාගෙ ඇහැ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න නම් ඒකට ඔක්සිජන් අවශ්‍යයි. රාත්‍රිය පුරාම contacts දාගෙන ඉන්න එකෙන් දීර්ඝ කාලයක් පුරාවට ඇහැට ලැබෙන ඒ ඔක්සිජන් ප්‍රමාණය අවහිර වීමක් සිද්ධවෙනවා.

ඒ හින්දා නින්දට යන්න කලින් ඔයාගෙ contact lenses ගලවලා ඒවා පිරිසිදු කරල නියමිත විදියට තියන්න පුරුදුවෙන්න.


කාලෙන් කාලෙට ඇස් පරික්ෂාවන් කරගන්න. .....................................................................................................

ඇස් වල එන රෝගාබාධ මුල් අවස්ථාවලදි බොහෝ වෙලාවට අපිට දැනෙනවා අඩුයි. ඒවා අඳුනගන්න නම් නියමාකාරයේ ඇස් පරික්ෂාවක් කරගන්න වෙනවා.

ඒකෙන් ග්ලූකෝමාව, ඇහේ සුද ඇතිවීම වගේම ඔයාගෙ පෙනීමෙ සිද්ධවෙන සියුම් වෙනස්කම් පවා බරපතල වෙන්න කලින්ම අඳුනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා කාලෙන් කාලෙට ගැලපෙන තැනකින් ඇස් පරික්ෂාවක් කරගන්න එක ඔයාගෙ පුරුද්දක් කරගන්න.

අපි කිව්ව දේවල් ඔයාගෙ ඇස්වල පරිස්සමට සහ යහපැවැත්මට ගොඩක් උදව් වේවි. එ හින්දා මේ කිව්ව දේවල් හරියට පිළිපදින්න වගේම ඔයා දන්න කියන අය එක්ක බෙදාහදාගන්නත් අමතක කරන්න එපා.
........................................................................................................................................
මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.........................................................................................................................................

ඔයාට හොඳටම ගැලපෙන්නෙ Contact Lenses ද? එහෙම නැත්තම් Glasses ද?.............................................................
28/03/2025

ඔයාට හොඳටම ගැලපෙන්නෙ Contact Lenses ද? එහෙම නැත්තම් Glasses ද?........................................................................................................................................

contact lenses සහ glasses අතරින් ඔයාට වඩාම ගැලපෙන එක තෝරගන්න්න ටිකක් අමාරුයි තමයි. මොකද ඒ දෙකේම ඒවටම අනන්‍ය වුණ වාසි වගේම අවාසිත් තියෙන නිසා.

අනෙක් කාරණාව ඔයාගෙ ජීවනරටාව, රැකියාව,සුවපහසුව සහ ඔයා කැමති පෙනුමත් මේ තෝරාගැනීම වෙනුවෙන් බලපානවා.

අද අපි ඔයාට ඒ තෝරගැනීම වෙනුවෙන් පොඩි උදව්වක් දෙන්න හිතුවා. මේ කියන්න යන්නෙ contact lenses සහ glasses අතරින් ඔයාට ගැලපෙන එක තෝරගන්න උදව් වෙන්න පුළුවන් දේවල් ටිකක්.

Glasses: Easy සහ Stylish....................................................

Glasses තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය තමන්ට පහසු දේ විදියට තෝරගන්නේ. Glasses පළඳින එකේ තියෙන ලොකුම වාසිය තමයි හැම දවසකම ඒවා පළඳින්න හෝ ගලවන්න අමුතුවෙන් මහන්සි වෙන්න සිද්ධවෙන්නෙ නැති එක.

Glasses ගත්තොත් ඔයාට පුළුවන් විවිධාකාරයේ stylish frames තෝරගන්න වගේම ඔයාගෙ personality එකට ගැලපෙන විදියට තෝරගන්නත්.

ඔයා කැමති පරිණත පෙනුමකට නම් එහෙමයි, කෙළිලොල් පෙනුමකට නම් එහෙමයි, වෘත්තියමය පෙනුමකට නම් එහෙමයි, ඔයාට එතන තෝරගැනීම් ගොඩකට යන්න පුළුවන්.


අනෙක් කාරණාව තමයි Glasses පළඳිනකොට ඔයාගෙ ඇස්වලට ආසාදනයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩත් Contact Lenses වලට සාපේක්ෂව ගත්තොත් හරිම අඩුයි.

ඔයාට ඔයාගෙ ඇස් කෙලින්ම අල්ලන්න සිද්ධවෙන්නෙ නැති හින්දා යම්යම් හේතු නිසා ඇතිවෙන දැවිල්ල ගතිය, කැසීම් වගේ දේවල් ඇතිවීමේ අවදානම අවම වෙනවා.

අනෙක් පැත්තෙන් තියෙන අවාසි ගත්තොත් කණ්ණාඩි පළඳින්න අපහසු වෙලාවල් එන්න පුළුවන්. විශේෂයෙන්ම සීතල කාලගුණයක් තියෙනකොට ඒවයේ මීදුම බැඳෙන්න බලනවා.


ඔයා වැස්සෙ ගමන් කරන වෙලාවට, විශේෂයෙන්ම බයික් එකක වගේ යනකොට Glasses වල වතුර රැඳෙන හින්දා පැහැදිලිව පේන්නෙ නැති වෙන්න පුළුවන්.

එළිමහනේ ක්‍රීඩාවක නිරත වෙන කෙනෙකුටත් මේ අපහසුතාවයට මුහුණ දෙන්න වෙනවා.

තව ගත්තොත් ඒක නිතරම නහයෙන් පහලට ලිස්සල එන හින්දා ඇඟිල්ලෙන් උඩට කරකර ඉන්න එකත් කරදරයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා නිතර ඇවිදින්න වෙන හෝ දුවල පැනල වැඩකරන්න වෙන කෙනෙක් නම් මේ තත්වය සෑහෙන්න බලපානවා.

Contact Lenses: ඉතා පැහැදිලි පෙනීම සහ සුවපහසුව................................................................................................................

Contact lenses ගත්තොත් Glasses වලට වඩා පැහැදිලි ස්වභාවික පෙනීමක් ලබාදෙනවා. Glasses වගේ නොවී ඇහැත් එක්කම එහා මෙහා වෙන නිසා අවහිරයකින් තොරව එක බැල්මෙන්ම දේවල් පැහැදිලිව දැකගන්න පුළුවන්.

දවසපුරාම පැහැදිලිව බාධාවකින් තොරව දේවල් බලන්න ඕනෙ කෙනෙකුට හොඳටම ගැලපෙන්නෙ Contact lenses.

අනෙක් කාරණාව තමයි ඔයාට පුළුවන් ඇස් කණ්ණාඩි දෙකක් එක්ක පාවිච්චි කරන්න බැරි sunglasses හෝ ගොගල්ස් හෝ ඒ වගේ වෙනත් දේවල් වුණත් කිසිම ගැටළුවකින් තොරව පාවිච්චි කරන්න.

ක්‍රියාශීලී ජීවන රටාවක් තියෙන කෙනෙකුට නම් වඩාම ගැලපෙන්නෙ contact lenses බවට සැකයක් නැහැ. ඔයා ක්‍රීඩාවක් කරන කෙනෙක් වුණත්, වෙනත් ක්‍රියාකාරකමක නිරත වෙනකොට වුණත් Contact lenses ඇස් වලින් ලිස්සා වැටීම වගේ දේවල් සිද්ධවෙන්නෙ නැහැ.

අමුතුවෙන් පැළඳගෙන ඉන්න දෙයක් නැති හින්දා නාසය මත හෝ කන් මත අමතර පීඩනයක් යෙදෙන්නෙත් නැහැ. ඒ කියන්නෙ දීර්ඝ වෙලාවක් වුණත් පැළඳගෙන ඉන්න පුළුවන්.


හැබැයි, contact lenses පාවිච්චි කරනව නම් අනිවාර්යෙන් පිළිපදින්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.

ඒවා Contact lenses වල වගේම ඔයාගෙ ඇසේත් ආරක්ෂාවට දරන්න ඕනෙ වගකීම් වගේ දේවල් කියල තේරුම්ගත්තත් වඩා නිවැරදියි.

ඔයා Contact lenses පාවිච්චි කරනව නම් ඇස් වලට ආසාදන ඇති වෙන්නෙ නැති විදියට ඒවා දවස ගාණෙ පිරිසිදු සහ නඩත්තු කරන්න ඕනෙ.

ගැලපෙන තැනක සුදුසු විදියට ආරක්ෂිතව ගබඩා කරන්නත් ඕනෙ.

ඒ වගේම ඔයා ඒවා අල්ලනකොට අත පිරිසිදුව තියෙන බවට වගබලාගන්නත් සිද්ධවෙනවා.

මෙන්න මේ කිව්ව දේවල් පිළිපැදලා ඉවසීමෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාට Contact lenses කියන්නෙ හොඳ තේරීමක්.

ඔයාට ගැලපෙන්නෙ මොකක්ද? ....................................................................

අපි කිව්ව දේවල් හිතට අරගෙන අවසානයේ ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනෙ. ඔයාගෙ අවශ්‍යතා, දෛනික ජීවන රටාව වගේම කැමති අකමැති විදිත් ඒකට බලපානවා.

ඔයා ක්‍රියාශීලී ජීවන රටාවක ඉන්න, ක්‍රීඩාවල නිරතවෙන කෙනෙක් නම් ඔයාට කණ්ණාඩි පළඳින එක අපහසුයි වගේම තමයි ඒකට විසඳුමක් විදියට Contact lenses වලට යනවනම් ඒක හරි විදියට පාවිච්චි කරන්නත් ඔයා වගබලාගන්න ඕනෙ.

මේ දෙක හරියට සමබරව බලල ගැලපෙන එකක් තෝරගන්න එක තමයි කරන්න තියෙන්නෙ.
........................................................................................................................................

මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.
........................................................................................................................................

නිතර Screens පාවිච්චි කරන ඔයාගෙ ඇස්දෙක පරිස්සම් කරගන්නෙ මෙහෙමයි............................................................
26/03/2025

නිතර Screens පාවිච්චි කරන ඔයාගෙ ඇස්දෙක පරිස්සම් කරගන්නෙ මෙහෙමයි........................................................................................................................................

අද කාලෙ ගොඩක් වෙලාවට screen එක ඉස්සරහ කාලෙ ගතකරන එකෙන් බේරෙන්න විදියක් නැති තරම්.

වැඩකරන තැනක වුණත්, ඉගෙනගන්නකොට වුණත් විනෝදවෙන තැනක වුණත් ගොඩක් වෙලාවට අපිට සිද්ධවෙනවා මොකක්ම හරි විදියක පරිගණක තිරයක් ඉස්සරහ සෑහෙන වෙලාවක් ගතකරන්න.

හැබැයි මේ වගේ වෙලාවල්වල ඔයාට කවදහරි දැනිල ඇති ඔයාගෙ ඇස් දෙක මහන්සියට පත්වෙලා වගේ.

තව සමහර වෙලාවට ඇස් වේලිලා වගේ එහෙම නැත්තම් කසනවා වගෙත් ඔයාට දැනිල ඇති.

මෙන්න මේ දේ ඇතිවෙන්නෙ Digital Eye Strain එහෙමත් නැත්තම් Computer Vision Syndrome කියන තත්ත්වය හින්දා.

තවත් සරලව කිව්වොත් ඩිජිටල් උපාංග හින්දා, එහෙමත් නැත්තම් පරිගණක තිර දිහා ලොකු වෙලාවක් බලාගෙන ඉන්න හින්ද ඇතිවෙන අක්ෂි වේදනාව.

අපි මේ කියන්න හදන්නෙ අදකාලෙ ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ රෝගී තත්ත්වයෙන් බේරෙන්නෙ කොහොමද කියන දේ ගැන.

Digital Eye Strain කියන්නෙ මොකක්ද?..................................................................................

අපි කලින් කිව්ව වගේ මේ අපහසුතාවය ඇතිවෙන්නෙ ඔයා දීර්ඝ වෙලාවක් එකදිගට පරිගණක තිර දිහා බලාගෙන හිටියම. මේ තත්ත්වය වඩාත් බහුල වෙන්නෙ කාර්යාල වල වැඩකරන අයට සහ විනෝදාංශයක් එහෙම නැත්තම් ඇබ්බැහියක් විදියට දුරකතන, ටැබ් හෝ පරිගණක පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්න අයට.

Digital Eye Strain එක කලින් අඳුනගන්නෙ කොහොමද? ..........................................................................................................................................................................................................................................

ඔයාට Digital Eye Strain තියෙන බව අඳුනගන්න පුළුවන් ලක්ෂණ කීපයක්ම තියෙනවා.

වියලි, දැවිල්ල සහිත හෝ සාමාන්‍ය මට්ටමට වඩා තෙත ගතියෙන් යුතු ඇස්........................................................................................................................

Screens දිහා බලාගෙන ඉන්න කාලෙ වැඩිවෙනකොට ඔයාට ඇසපිය ගහන්න අමාරු ගතියක්, දැවිල්ල ගතියක් එන්න පුළුවන්.

බොඳවෙලා පෙනීම සහ දෙයකට අවධානය දෙන්න අමාරුවීම......................................................................................................................................

දීර්ඝ කාලයක් screen එකක් දිහා බලාහිටියට පස්සෙ ඔයාට දේකට හරියට focus කරන්න අමාරුයි වගේ දැනෙනවා.

නිතර ඇතිවෙන හිසේ රුදාව..................................................................

සෑහෙන වෙලාවක් screen එක දිහා බලාගෙන හිටියම හිසේ රුදා ඇතිවෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඉඩ තියෙනවා.

බෙල්ලේ සහ උරහිසේ අමාරුව......................................................................

ඔයා screens වල වැඩකරන අතරෙ ගොඩක් වෙලා වැරදි ඉරියව්වක ඉන්න පුරුදුවෙලා හිටියොත් බෙල්ලෙ සහ උරහිස්වල වේදනාවන් ඇතිවෙන්න පුළුවන්.

ඇස් පරිස්සම් කරගන්නෙ කොහොමද? ...............................................................................................................................................................................

ඕනෙම ආබාධයක් ඇතිවෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වුණොත් ඒක වළක්වාගන්න ක්‍රම තියෙනවා.

ඉතින් Digital Eye Strain එකත් ඇතිවෙන්න කලින් වළක්වගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඊළඟට අපි කියන්න හදන්නෙ.

20-20-20 Rule එක පිළිපදින්න.................................................................

Screen එක දිහා බලාගෙන ඉන්න හැම විනාඩි 20 කටම සැරයක් තත්පර විස්සක විවේකයක් ගන්න. ඒ තත්පර විස්සෙදි අඩි විස්සක්වත් ඈතින් තියෙන දෙයක් දිහා බලාගෙන ඉන්න. ඔයාගෙ ඇස් සන්සුන් කරවන්න මේක ලොකු උපකාරයක් වෙනවා.

Screen Brightness එක වෙනස්කරගන්න.......................................................................................

ඔයාගෙ screen brightness එක අනවශ්‍ය තරම් දීප්තිමත් කරගන්නෙත් නැතුව ඕනෙවවට වඩා dim කරගන්නෙත් නැතුව ගාණකට තියාගන්න. මේ දෙකෙන් කෝක අනවශ්‍ය විදියට කළත් ඔයාගෙ ඇස් දෙක වෙහෙසට පත්වෙනවා.

ඇස්වලට හිතකර ආහාර ගන්න..........................................................................

විටමින් A සහ ඔමේගා 3 වගේ පෝෂක ඔයාගෙ ඇස්වලට ගුණදායකයි. ඒ දේවල් බහුලව අඩංගුවෙන කැරට්, නිවිති සහ මාළු වගේ දේවල් නිතරම ඔයාගෙ ආහාර වේලට එකතුකරගන්න.

Blue Light Filtering Glasses පාවිච්චි කරන්න..................................................................................................

Screens වලින් එන නිල්පාට ආලෝකය ඔයාගෙ ඇස්වලට හානිකර වෙන්න පුළුවන්. මෙන්න මේ blue light එක filter කරන්න පුළුවන් විදියෙ කණ්ණාඩි පාවිච්චි කරන එකෙන් ඇස්වලට වෙන අපහසුතාවය මගහරවාගන්න පුළුවන්.


ඔයාගෙ දෛනික ජීවිතේ කරන සුළු වෙනස්කමකින් වුණත් ඔයාගෙ ඇස්දෙක ආරක්ෂා කරගන්න ලොකු දෙයක් කෙරෙනවා. ඒ නිසා මේ කිව්ව දේවල් දිනපතා කරන කියන පුරුදු බවට පත්කරගන්න. ඒක අනවශ්‍ය මහන්සියකින් හෝ වියදමකින් තොරවම ඔයාගෙ ඇස් දෙක හැමදාටම පරිස්සම් කරල දේවි.
........................................................................................................................................
මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.........................................................................................................................................

ඔයාගෙ පෙනීම ආරක්ෂා කරගන්න හරි වෙලාවට ඇස් පරික්ෂා කරගන්න එක වැදගත් වෙන්නෙ මෙහෙමයි...........................................
24/03/2025

ඔයාගෙ පෙනීම ආරක්ෂා කරගන්න හරි වෙලාවට ඇස් පරික්ෂා කරගන්න එක වැදගත් වෙන්නෙ මෙහෙමයි........................................................................................................................................

ඔයා දන්නවද? ඇස් පෙනීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළු වලින් 80%ක් විතරම කලින් අඳුනගත්තොත් වළක්වා ගන්න පුළුවන් ඒවා.

හැබැයි ඒ වෙනුවට බොහෝ දෙනා කරන්නෙ එයාලගෙ පෙනීමේ අපහසුතාවයක් හෝ බොඳවීමක් ඇතිවෙනකම් ඒ ගැන සැලකිලිමත් නොවී ඉන්න එක.

කියවීම, කම්පියුටර් එකක වැඩකිරීම එහෙමත් නැත්තම් රිය පැදවීම වගේ ඔයා දිනපතා කරන මොනවැඩේකදි වුණත් හැම තත්පරේකම ඔයාගෙ ඇස් දෙක වෙහෙසට පත්වෙනවා කියන දේ අමතක කරන්න එපා.

දැන්වත් අපි ඇහැ ගැන හිතන්න පටන්ගත්තොත් ඔයාට ආයෙ ඒ ගැන අමුතුවෙන් කරදර වෙන්න දෙයක් නෑ.

ඔයාට Eye Check-Up එකක් ඕනෙ කියල අඳුනගන්නෙ කොහොමද? ........................................................................................................................................

සමහරවෙලාවට පෙනීමේ ගැටළු ඇතිවෙන්නෙ ඉතා හෙමින්. කොච්චර හෙමින්ද කිව්වොත් ඔයාගෙ පෙනීමේ ගැටළුවක් තියෙනව කියල ඔයාට දැනෙන එකක්වත් නෑ. ඉතින් මෙන්න මේ කියන්න යන දේවල් අත්විඳින්න ලැබෙනව නම් ඔයාට වහාම ඇස් පිළිබඳ විශේෂඥවරයෙක් මුණගැහෙන්න වෙනවා.

✅නිතර ඇතිවන හිසේරුදාව සහ ඇස්වල අමාරු ගතිය.

✅කියවනකොට හෝ screens දිහා බලාඉන්නකොට ඇතිවෙන බොඳවීම්.

✅රෑට දේවල් දකින්න අමාරුවීම

✅වියළි, කසන එහෙමත් නැත්තම් තෙත් ගතියෙන් යුතු ඇස්.

✅වපර සහිත බව හෝ දේවල් කියවන්න වඩා දීප්තිමත් ආලෝකයක් අවශ්‍ය වීම.

මෙන්න මේ වගේ රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ඔයාට වඩාත් බරපතල තත්වයකට මුහුණ දෙන්න සිද්ධවේවි.

නිරන්තරයෙන් ඇස් පරික්ෂා කරවාගන්න එක පුරුද්දක් කරගත්තොත් ඔයාට මේ වගේ දේවල් කලින්ම අඳුනගෙන ඒවා කල්තියාම වළක්වාගන්න හැකියාව ලැබෙනවා.

ඇස් ගැන සැලකිලිමත් වෙන එක හැමෝටම වැදගත් වෙන්නෙ ඇයි? ........................................................................................................................................

වයස් බේදයකින් තොරව හැමෝම සැලකිලිමත් වෙන්න ඕනෙ අවයවයක් තමයි ඇස් කියන්නෙ.

ළමයින්ට...................
ළමයි කියන්නෙ ඉගෙනගන්න වයසෙ ඉන්න අයනෙ. එහෙම කෙනෙකුට හොඳ ඇස් පෙනීමක් හරිම වැදගත්.

දේවල් ඉගෙනගන්න වගේම ධාරණය කරගන්නත් ඒකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. දුර්වල ඇස්පෙනීම තියෙන සිසුන් කියවීමේදි වගේම දේවල් අවබෝධකරගැනීමේදීත් දුර්වලතා පෙන්වනවා. ඒ නිසා සමස්තයක් විදියට ගත්තොත් පෙනීම කියන දේ කුඩා දරුවෙක්ගෙ අධ්‍යයන කුසලතාවයට කෙලින්ම බලපානවා.

නිරන්තරයෙන් සිදුකෙරෙන ඇස් පරික්ෂාවකදි දුර නොපෙනීම, විෂම දෘෂ්ටිකත්ත්වය වගේ තත්ත්වයන් අඳුනගෙන දරුවන්ට එයාලගෙ දුර්වලතා මගහරවාගන්න ලොකු පිටිවහලක් ලැබෙනවා.

වැඩිහිටියන්ට............................

ඩිජිටල් සේවාවන්වල ආගමනය සහ දියුණුවත් එක්ක වැඩිහිටියන්ට නම් ඇස්වල විඩාව කියන දේ සුලබව ඇතිවෙනවා. පරිගණක තිර දිහා පැය ගණනක් බලාසිටීම හේතුවෙන් ඇස් වියලීම, හිසේරුදාව සහ වෙහෙස දැනීමත් ඇතිවෙන්න පුළුවන්.

නිරන්තර ඇස් පරික්ෂාවකින් පුළුවන් පෙනීමේ වෙනස්වීම් අඳුනගන්න. ඒ වගේම පරිගණක තිරවලට දීර්ඝකාලයක් නිරාවරණය වීමෙන් ඇතිවෙන පසුකාලීන හානි වළක්වාගන්නත් පුළුවන්.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ...............................................

අපි වයසට යෑමත් එක්ක අපේ ඇස්වල සුද ඇතිවීම, ග්ලූකෝමාව සහ දුර/ළඟ නොපෙනීම වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මේ ගොඩක් රෝග මුල් අවස්ථාවල රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ. හැබැයි මේවා ගණන් නොගෙන ඉන්න එකෙන් සම්පූර්ණ අන්ධතාවය වුණත් ඇතිවෙන්න පුළුවන්.

නිරන්තරයෙන් සිද්ධකරන පරික්ෂාකිරීම් වලදි මේ වගේ තත්වයන් ඇතිවෙන්න තියෙන අවදානම කොයි වගේද සහ ඒවට කරන්න ඕනෙ ප්‍රතිකාර මොනවද කියල අඳුනගන්න අවස්ථාව ලැබෙනවා.

දවස ගාණෙ ඇස් ගැන වගබලාගන්නෙ මෙහෙමයි...........................................................................................................

හොඳ අක්ෂි සෞඛ්‍යයක් පවත්වාගෙන යනවා කියන්නෙ නිරන්තර ඇස් පරික්ෂාවකට එහා ගිය දෙයක්. ඔයාගෙ පෙනීම පරිස්සම් කරගන්න උදව්වෙන පුරුදු කිහිපයක් අපි කියල දෙන්නම්.

✅හැම විනාඩි විස්සකටම සැරයක් පරිගණක තිරයෙන් ඇස් ඉවතට අරගෙන ඇස්වලට පොඩි විවේකයක් දෙන්න.

✅විටමින් A, C, සහ E වලින් පරිපූර්ණ සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් තෝරගන්න.

✅අහිතකර UV කිරණ වලින් ඇස් ආරක්ෂා කරගන්න හොඳ ප්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩි පළඳින්න.

✅ඇස් වියළීම වළක්වා ගන්න නිතරම ජලය පානය කරන්න.

✅ඇස් ආසාදනය වෙන එක වළක්වාගන්න නම් නිතරම ඒවා ඇල්ලීමෙන් වළකින්න.

Eye Care කියන දේ ජීවිතේ වැදගත්ම දෙයක් කරගන්න .....................................................................................................................

ඔයාගෙ පෙනීම ඔයාගෙ දෛනික ජීවිතයේ මොන දේකදි වුණත් වැදගත්ම කාර්යයභාරයක් ඉටුකරනව කියන එකේ සැකයක් නෑ. ඒ හින්දා ඔයාගෙ ඇස්, ‘ඇස් දෙක වගේ’ බලාගන්න. අවුරුද්දකට වතාවක්වත් ඇස් සම්බන්ධ විශේෂඥවරයෙකුට කියල පූර්ණ අක්ෂි පරික්ෂාවක් කරගන්න එක පුරුද්දක් කරගන්න.
........................................................................................................................................
මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Centerවෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.........................................................................................................................................

2025 ලෝක ග්ලුකෝමා සතිය නිමිත්තෙන් ග්ලුකෝමා අවදානම ගැන හදුනාගනිමු ..........................................................
22/03/2025

2025 ලෝක ග්ලුකෝමා සතිය නිමිත්තෙන් ග්ලුකෝමා අවදානම ගැන හදුනාගනිමු ........................................................................................................................................

ලෝක ග්ලුකෝමා දිනය පසුගිය මාර්තු 12 වෙනි දිනට යේදී තිබිණ. ඊට සමගාමිව මාර්තු 09 සිට මාර්තු 15 වෙනි දින දක්වා ග්ලුකෝමා සතිය ලෙස නම් කර තිබිණ. එහි මෙවර තේමාව වුයේ “See the Future Clearly,” යන්නයි.........................................................................................................................................

ග්ලුකෝමා යනු බරපතල අක්ෂි රෝගයක් වන අතර ප්‍රතිකාර නොකළහොත් නැවත පෙනීම ලබාදිය නොහැකි ලෙස පෙනීම නැති වීමට හේතු විය හැක.

මෙය දෘෂ්ටි ස්නායුවට හානි වීම මගින් පෙනීමේ දුර්වලතාවයන්ට හෝ ස්ථිර අන්ධභාවයට පත්විය හැකි රෝගී තත්වයකි. මෙම රෝගී තත්වය කලින් හදුනාගැනීම මගින් අන්ධභාවයට පත්වීම බොහෝ දුරට වලක්වාගත හැකි බව සොයාගන ඇත.

ග්ලුකෝමා වර්ග කීපයක් ඇත ................................................................

✅1. Open-Angle Glaucoma

✅2. Angle-Closure Glaucoma

✅3. Normal-Tension Glaucoma

✅4. Congenital Glaucoma

✅5. Secondary Glaucoma

මෙම රෝගිතත්වය ලොවපුරා මිනිසුන් අන්ධභාවයට පත්වීමට හේතුවන රෝග වලින් දෙවන තැනට පත්ව ඇත. ඒ
ග්ලුකෝමා මිහිපිට සිටින මිනිසුන්ගෙන් මිලියන 80 කට පමණ බලපා රෝගය වැළදීම මගිනි. එම නිසා මෙම රෝග අවදානම කෙතෙක්ද යන්න ඔබට තේරෙනු ඇත.

ග්ලුකෝමා රෝගයේ භයානකම තත්වය වන්නේ මුල් රෝගතත්ව අපට හදුනාගැනීමට නොහැකි ලෙස වර්දනය වීමයි.

රෝග ලක්ෂණ නොමැතිව ක්‍රමයෙන් ඉදිරියට යන බැවින් එය බොහෝ විට "පෙනීමේ නිහඬ සොරෙකු" ලෙස හැඳින්වේ.

ඒ ඇසේ පෙනීමට විශාල වශයෙන් හානිවන තෙක් මෙය බොහෝ දෙනෙකුට නොදැනිම හේතුවෙනි. තවද දැනට සිටින ග්ලුකෝමා රෝගීන්ගෙන් 50% ක් පමණ එනම් හරි අඩක්ම හදුනාගෙන නොමැති ලෙසද ගණන්බලා ඇත.


ග්ලුකෝමා ඇතිවීමට නිශ්චිත හේතුවක් තවමත් පැහැදිලි සොයාගෙන නැත. වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්, ග්ලුකෝමා රෝගය සහිත පවුල් පසුබිමක් ඇති අයට ග්ලුකෝමා වැළදීමේ වැඩි ඉඩක් ඇති බව සොයාගෙන ඇත.

ඒවගේම Eye Pressure එක වැඩි පුද්ගලයන්ට, දියවැඩියාව, අධි රුදිර පීඩනය, හෘද රෝග, ඇති යටත් මෙම රෝගය වැළදීමේ ඉඩකඩක් ඇත. තවද ඇස්වල ශල්‍යකර්ම සිදුකල පුද්ගලයන්ටද ග්ලුකෝමා වැළදීමේ හැකියාව ඇත.

ග්ලුකෝමා රෝගය මගින් ඇස්වලට සිදුවන හානිය නැවත යතා තත්වයට පත්කිරීමට නොහැකි වුවාට කල්තියා හදුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් පෙනීම නැතිව යාම වලක්වාගත හැක.

ඒ සදහා ඔබ ඉහත අවදානම් කන්යඩයන්ට අයත් නොවුනත් සුදුසු කම් ලත් අක්ෂි විශේෂඥයෙකු ලවා ඔබගේ ඇස් අවුරුද්දකට වරක්වත් පරික්ෂ්කරගැනීම වැදගත් වේ.

තවද ජීවන රටාවේ වෙනස්කම් මගින් යම් දුරකට රෝගයෙන් ආරක්ෂා විය හැක.සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ දුම්පානයෙන් වැළකී සිටීම අවදානම් සාධක කළමනාකරණය කිරීමට උපකාරී වේ.
........................................................................................................................................

මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.........................................................................................................................................

අපේ ළමයාටත් මේ වගේ ප්‍රශ්න පාසලේදී හා ගෙදරදී ඇති වෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න ............................................
14/03/2025

අපේ ළමයාටත් මේ වගේ ප්‍රශ්න පාසලේදී හා ගෙදරදී ඇති වෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න
........................................................................................................................................

පාසලේදී සහ නිවසේදී කුඩා දරුවන්ගේ පෙනීම සමබන්ද ගැටළු දෙමවුපියන් වන අපිට මුල් අවදි වලම හදුනාගන්න පුළුවන්. එහෙම අදුනගන්න පුළුවන් උනොත් දරුවන්ගේ ඉදිරි අනාගතයේ ඇතිවිය හැකි පෙනීම සම්බන්ද ගැටළු වලින් ළමයව බේරාගන්ට පුළුවන්. පෙනීම සම්බන්ද ගැටළු නිසා ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු පවා බිදවැටෙන්ට පුළුවන් කියල ඔයාල දැනගෙන හිටියද?


ඉතින් අද අපි පොඩ්ඩක් මේ ලිපිය කියවල දරුවන්ට ඇතිවෙන පෙනීම සම්බන්ද ගැටළු පහසුවෙන් හදුනාගන්නේ කොහොමද කියල බලමු.
........................................................................................................................................

ගොඩක් දරුවන් පෙනීම සම්බද ගැටුලුත් එක්ක ජීවත්වෙනවා. හැබැයි ඒක එයාලට කියන්න තේරෙන් නෑ. ඒවගේම ඒක ගැන කියන්න දන්නෙත් නෑ. ගොඩක් වෙලාවට හිතෙන්නේ එයාලට මේක හැමෝටම පෙනෙන විදිහ කියල.

මේ හින්ද තමයි අපිට දෙමවුපියන් විදිහට මේකට මැදිහත් වෙන්න වෙන්නේ. හැබැයි දෙමවුපියන් විදිහට අපිත් මේ දේවල් දරුවාගේ වෙන අඩුපාඩුවක් කියල හිතනවා ඇර පෙනීම සම්බන්ද ගැටළුවක් කියල කොහොමවත් හිතන්නේ නෑ

අපට දරුවා ගැන අවදානය යොදවනකොට මේ වගේ පොඩි පොඩි දේවල් වෙලා තියනවද කියල බලන්න.

✅ "අම්මේ මට බෝර්ඩ් එකේ තියන ඒවා කියවන්න බෑ" කියල ඔයාලගේ දරුවා ගෙදරදී හරි පාසලේදී කියනවද බලන්න.

✅ගෙදරදී හරි පාසලේදී හරි ඔයාලගේ දරුවා නිතර නිතර ඇස් පොඩි කරනවා එහෙමත් නැත්තන් ඇස් අතුල්ලනවද කියල,

✅ පොතක් කියවන කොට නිතර නිතර කියවන ස්ථානය එයාට මග හැරෙනවද කියල,

✅ පාඩම් කරනකොට ඔලුවේ කැක්කුම එනවද කියල, මේක ගැන්නන් අපි ගොඩක් වෙලාවට හිතන්ට ඕනි. හේතුව අපි හිතන්නේ අපිට දරුවා බොරු කියනවා කියල. මේක පෙනීම සම්බන්ද ව විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ වල ආරම්බයක් වෙන්ටත් පුළුවන්. සමහර වෙලාවට දරුවා බොරු කරනවා වෙන්නත් පුළුවන්. හොදම දේ මේ ගැන අවදානෙන් ඉන්න එක.

✅ දරුවාගේ අත් අකුරු කැතයිද. බෝර්ඩ් එකේ ලියල තියන දේවල් බොහොම අපිලිවෙලටද ලියාගෙන තියෙන්නේ කියල,

කියන කරුණු ටිකනන් ඔයාලට පාසලේ ගුරුවරුන් එක්කත් කතාකරල හොයල බලන්න පුලුවන්. අපේ අවදානේ තමා වැදගත්.

ඒ වගේම අපිට දරුවාගේ ගෙදරදී කරන කියන දේවල් බලල අපිට තවත් පෙනීම සම්බන්දව ගැටළුවක් තියනවද කියල සහතික කරගන්ට පුළුවන්.

ගෙදරැදී දරුවාගේ හැසිරීම මේ වගේද කියල බලන්න.

✅ TV එක බලන්න දරුවා TV එක ලගටම යනවද කියලා,

✅ පොත් කියවනකොට මුණ ලගටම පොත් ගන්නවද කියලා,

✅ නිතර නිතර ඇස් කසනවද කියලා

✅ ආලෝකය තියන තැන්වල හැසිරීම මොනවගේද කියල. ඒ කියන්නේ සාමාන්‍ය ආලෝකය එයාට දරාගන්ට අමරු ගතියක් එහෙමත් නැත්තන් සාමාන්‍ය ආලෝකය එයාට අඩුයි වගේ දැනෙනවද කියල කියන එක.

✅ ඇතදී දන්නා අදුරන අය අදුරගන්ට අමාරු එක, ලගට එනකන්ම අදුරගන්න බැරිවෙන එක ,

✅ චිත්‍ර පාට කරන එක එහෙමත් නැත්තන් ප්‍රෙහේලිකා පුරවන එක වගේ දේවල් වලට දරුවා අකමැත්තක් දක්වන එක වගේ දේ.
........................................................................................................................................

මේ වගේ වෙනස්කම් ඔයාලගේ දරුවගේන් ඔයාල දකිනවනම් බලාගෙන ඉන්න එපා. පොඩි ඇස් පරීක්‍ෂා කිරීමකින් මේ දේවල් ඇස් සම්බන්ද ප්‍රවීනයන්ට හදුනාගන්න පුළුවන්. මේ දේවල් වලින් දරුවාගේ ජිවිතේ ගොඩක් ලොකු වෙනස් කමක් කරන්න පුළුවන්.

"නිරෝගී පෙනීම දීප්තිමත් අනාගතයකට යතුරයි!" කියන කතාව හොදට මතක තියාගන්න ........................................................................................................................................

මෙම ලිපිය සකසන ලද්දේ Nethra Eye Care Center වෙන හින්ද ඔයාල වෙන තැනක මේ ලිපිය පලකරනවා නම් Copyrights අපිට ලබාදෙන්න අමතක කරන්ට එපා.

Address

No 78/1, Williamgopallawa Mawatha
Kandy

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Nethra Eye Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nethra Eye Care Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram