Divisional Hospital Ambalangoda

Divisional Hospital Ambalangoda Official Page of Divisional Hospital Ambalangoda.

04/12/2022

මං කියනව දවසක මගෙ දෝණිට
හිතුනොත් කවදහරි ඔයා නොබැඳ ඉන්න
ඇත්තමයි ඔයා නොබැඳ ඉන්න
ඩිංගක් දවල් වෙනකන් නිදාගන්න
හිතුන වෙලාවක උයන් කන්න
හිතුනොතින් කඩෙන් කන්න
කියනව මං එයාට එහෙම කරන්න
කවද හරි දවසක තනි වේවි කියල
කියන්නෙ නෑ මම නම් එයාට
බැඳපු මිනිස්සු තනි වෙලා නැද්ද ජිවිතේ
ඉඳුල් ගෑවුනු වලං පිඟන්
කිලුටු වෙච්චි රෙදි කඳු
කෙලවරක් නැති නිදි නැති රාත්‍රීන්
එපා පුතේ ඔයත් ගෙවන්න
ඔයාගෙ අම්ම වගේ
ගොඩක් අම්මල වගේ
මට පුදුමයි ආච්චි ඇයි නොකිව්වෙ කියල
මට මෙහෙම දෙයක්
අඩු ගානෙ මී ආච්චි වත්
කිව්වෙම බඳින්න කියල
හැමදේම හොඳයි තමයි
හොඳටම හොඳයි තමයි
ඒත් හරි වෙහෙසයි පුතේ

බුද්ධිකා අබේසුන්දර
Copied

May you all have the courage and determination to overcome the challenges of 2022.😇🙏🏻
03/01/2022

May you all have the courage and determination to overcome the challenges of 2022.😇🙏🏻

Funny Happy New Year animated video. Santa wants to stop Covid -19 and wishes everyone a Happy New Year 2022. Share this short video from video present http:...

ඉකුත් නොවැම්බර් 14 දින සිය ජීවින ගමන් මඟෙහි අළුත් කඩ ඉමක් පසුකළ  සිසිල දයාවංශ මහතා මෙතෙක් කලක් ඉතාමත් කැමැත්තෙන් ඉටුකළ ඖ...
10/12/2021

ඉකුත් නොවැම්බර් 14 දින සිය ජීවින ගමන් මඟෙහි අළුත් කඩ ඉමක් පසුකළ සිසිල දයාවංශ මහතා මෙතෙක් කලක් ඉතාමත් කැමැත්තෙන් ඉටුකළ ඖෂධ සංයෝජක භූමිකාවට නිල වශයෙන් සමුදුන්නේය.
1987.05.09 දින රත්ගම ප්‍රාදේශීය රෝහලට මුල් පත්වීම ලැබූ සිසිල මහතා අම්බලන්ගොඩ ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයෙකු ලෙස සේවය කරන ලද කාලය තුළ ඉතා උනන්දුවෙන් තම සේවා කටයුතු ඉටු කළ බව අපි දනිමු. තම සහෝදර කාර්ය මණ්ඩලයට හිතෛෂී සොහොයුරෙකු වූ ඒ මහතා රෝහලේ පොදු කටයුතුවලදී ලබා දුන් සහයෝගය ද අපි කෘතවේදීව අගය කරමු.
දැනටත් ස්වෙච්ඡාවෙන් අප ආයතනයේ සේවය කරන ඒ මහතාට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි පතමින් තව බොහෝ කලක් රට දැය වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා'යි ආශිර්වාද කරමු.🌷🌼⚘🌸🌹🏵🌷🌺

05/11/2021

මෙම පිටුව නිර්මාණය වෙන්නෙ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන...........
එනම්.., අපේ රෝහලේ ඉතිහාසය පිළිබඳව හා එහි උන්නතිය වෙනුවෙන් අපේ කාලයේදී අප විසින් ඉතිහාසයට එක් කරනලද සිදුවීම් පිළිබඳව සනිටුහන් කිරීමටත්, අප්‍රසිද්ධියේ ඉටුකෙරෙන, අමිල මෙහෙයට වටිනාකමක් දීමටත්, අප තුළ යම් අඩුපාඩු වෙත්නම් ඒවා සපුරා ගැනීමට සුදුසු පසුබිමක් සකසා දීමටත් , දැනුම්වත් වීමෙන් අපේ වටිනාකම් වැඩි දියුණු කරගැනීමටත්, අප රෝහල දියුණුවේ හිණිපෙතටම ඔසවා තැබීමටත්...... සියල්ලටමත් වඩා, අපගේ දෛනික ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගෙවා දැමෙන ඔබෙත් මගෙත් සේවා ස්ථානයෙ අපට ප්‍රමෝදයෙන්, ප්‍රබෝධයෙන්,අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් කැපවී සේවය පුද කළ හැකි පරිසරයක් ගොඩනංවාලීමටත්ය...

Address

District Hospital Ambalangoda
Karandeniya
80300

Telephone

+94912258444

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Ambalangoda:

Share

Category