Suwasewana phamacy and nursing home

Suwasewana phamacy and nursing home FOR ANY HEALTH NEED,,WE GIVE GOOD AND QUALITY SERVICES

06/01/2026

🔴 - ලිප්ස්ටික් හරහා සිරුරට ඇතුළු වන 'කැඩ්මියම්' මාරාන්තික💀 විෂ ගැන ඔබ දැනුවත්ද?⬇️

🔰 - කැඩ්මියම් (Cadmium) යනු ඇතැම් නිෂ්පාදනවල වර්ණකයක් ලෙස, විශේෂයෙන්ම කහ සහ තැඹිලි පැහැයන් ලබා ගැනීමට භාවිතා කරන ලෝහයකි.

🔰 - කෙසේ වෙතත්, මෑතකාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පරීක්ෂාවට ලක් කළ සියලුම වර්ගවල සහ වර්ණවල ලිප්ස්ටික්වල මැනිය හැකි මට්ටමින් කැඩ්මියම් අඩංගු වන බවයි.

🔰 - තවත් පර්යේෂණ කිහිපයකින් හෙළි වී ඇත්තේ ඇතැම් ලිප්ස්ටික් වර්ගවල නිර්දේශිත මට්ටමට වඩා වැඩි කැඩ්මියම් ප්‍රමාණයක් අඩංගු වී ඇති බවයි.

🔰 - එක් විශේෂිත අධ්‍යයනයකට අනුව, පරීක්ෂා කළ බොහෝ සාම්පලවල ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) මගින් නියම කර ඇති උපරිම සීමාව (3mg/kg) ඉක්මවා කැඩ්මියම් අඩංගු වී තිබි ඇත..

🔰 - කැඩ්මියම් යනු ශරීරය තුළ තැන්පත් වන (Accumulate) අතිශය විෂ සහිත බර ලෝහයකි.

🔰 - මෙය ප්‍රධාන වශයෙන් වකුගඩු, අස්ථි, හෝමෝන, හෘදය සහ පෙනහළුවලට බලපෑම් කරයි.
🔰 - මෙය සිරුරෙන් බැහැර වීමට දිගු කලක් ගතවේ..

🔰 - එම නිසා ඉතා අඩු ප්‍රමාණයකින් කැඩ්මියම් ශරීර ගත වුනත් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකියි.

🔴 - දීර්ඝ කාලීනව කැඩ්මියම් ශරීරගත වීමේ අතුරු ආබාධ⬇️⬇️

🔰 - වකුගඩු හානි ➡️ - කැඩ්මියම් ප්‍රධාන වශයෙන් තැන්පත් වන්නේ වකුගඩුවල වන අතර දශක ගණනාවක් එහි රැඳී තිබිය හැක. මේ නිසා වකුගඩු නාලවලට හානි සිදු වී මුත්‍රා සමඟ ප්‍රෝටීන් සහ සීනි පිටවීමට පටන් ගනී (Fanconi’s syndrome). මෙය අවසානයේ නිදන්ගත වකුගඩු රෝග දක්වා වර්ධනය විය හැක.

🔰 අස්ථි රෝග ➡️ - අස්ථිවල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන කැල්සියම්, පොස්පරස් සහ විටමින් D පරිවෘත්තීය ක්‍රියාවලියට කැඩ්මියම් බාධා කරයි. මෙහි ප්‍රතිඵල ලෙස, ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), අස්ථිවල ඝනත්වය අඩු වී පහසුවෙන් බිඳී යාමේ අවදානම ඇති වේ.

🔰 ඔස්ටියෝමලේෂියා (Osteomalacia)➡️ - අස්ථි මෘදු වීම.

🔰Itai-itai Disease ➡️ - ජපානයෙන් මුලින්ම හඳුනාගත් මෙම රෝගය කැඩ්මියම් විෂ වීම නිසා ඇතිවන අස්ථි හා වකුගඩුවලට දැඩි වේදනා දෙන රෝගී තත්ත්වයකි.

🔰 පෙනහළු රෝග➡️ - දිගුකාලීනව කැඩ්මියම්වලට නිරාවරණය වීමෙන් සුව කළ නොහැකි පෙනහළු හානි..

🔰 පිළිකා ➡️ - කැඩ්මියම් යනු මිනිසාට පිළිකා ඇති කරන බවට තහවුරු වූ රසායනයකි. මෙය දීර්ඝ කාලීනව ශරීරගත වීම පෙනහළු, වකුගඩු, ප්‍රොස්ටේට් සහ මුත්‍රාශයේ පිළිකා ඇතිවීමේ අවදානම සමඟ දැඩිව සම්බන්ධ වේ.

🔴 - මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් යැයි සිතෙනවානම් අන් අය අතරත් share කරන්න අමතක කරන්න එපා 🙏

👈🏻

06/01/2026

මේක ඔබට ඉතාම වැදගත් පොස්ට් එකක් වෙයි . මොකද අපි මේ කතා කරන්න යන්නේ සමාජයේ ඉන්න අපිට පටස් ගාලා අදුර ගන්න පුළුවන් මෝඩ කපටි මිනිසුන් ගැන නෙවෙයි. අපේ සමාජයේ ඉන්නවා, හරිම සුක්ෂම කපටි මිනිසුන් කොට්ටාශයක්. ඇත්තටම ඔවුන් අප හා ගනුදෙනු කරද්දී කිසිම වෙනසක් අපිට තේරෙන්නේ නෑ . මොකද ඔවුන්ගේ කපටි සැලසුම් ඉතා දීර්ඝ කාලින ලෙස සකස් කරපු සැලසුම්. කාලයක් ඔවුන්ව ඇසුරු කිරීමේදී අපි දන්නෙම නැතුව , ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරන තැනට අපි පත් වෙලා ඉවරයි. ඒ නිසා අද විශ්ම ලෝකයෙන් අපි ඔබට එවැනි සුක්ෂම කපටි මිනිසුන් මුල් අදියරේදීම හදුනා ගත හැකි ලක්ෂණ 10ක් ගැන කියලා දෙන්නම්.

🕵️‍♂️ සූක්ෂ්ම කපටි මිනිසුන් මුල් අදියරේදීම හඳුනාගත හැකි ලක්ෂණ 10

අංක 01 - "ඕනෑවට වඩා" පෙන්වන සුහදශීලී බව (Love Bombing)

කපටි මිනිසෙකුගේ මුල්ම උපක්‍රමය තමයි, ඉතාම කෙටි කලකින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කිරීම. මේ අරමුණ සදහා ඔවුන් අසාමාන්‍ය ලෙස ඔබට උදව් කිරීමට හෝ වර්ණනා කිරීමට පෙළඹනවා.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Reciprocity' (අන්‍යෝන්‍ය හුවමාරුව) කියලා. කවුරුහරි අපිට අසීමිතව උදව් කරනකොට හෝ වර්ණනා කරනකොට, අපේ මොළයේ ඩොපමින් (Dopamine) කියන සතුට දනවන හෝමෝනය නිපදවෙනවා. ඒ එක්කම "මෙයා මට මෙච්චර දේවල් කරන එකේ මමත් මෙයාට මොනවා හරි කරන්න ඕනේ" කියන හැඟීම (Psychological Debt) අපේ හිතේ ඇති වෙනවා. සූක්ෂ්ම කපටියා කරන්නේ අන්න ඒ හැඟීම පාවිච්චි කරලා ඔයාගේ "ආරක්ෂක වැටවල්" (Emotional Boundaries) බිඳලා දාන එකයි.

මාළුවෙක් අල්ලගන්න කලින් අපි කරන්නේ මාළුවා කන්න කැමතිම දේ (ඇම) බිලී කොක්කේ අමුණලා වතුරට දාන එක. මාළුවා හිතන්නේ "අම්මෝ... මට ලැබුණු නිකන් කෑමක්" කියලා හරිම ආසාවෙන් ඒක ගිලිනවා. හැබැයි ඒ "නොමිලේ ලැබුණු රස කෑම" ඇතුළේ මාළුවාව පාලනය කරන බිලී කොක්ක හැංගිලා තියෙනවා කියලා මාළුවා දන්නේ නැහැ.

අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියෙක් දෙන අසීමිත වර්ණනාව සහ උදව් කියන්නේ "නොමිලේ දෙන ඇමක්". ඔයා ඒක ගිලපු ගමන්, එයාට ඕන විදිහට ඔයාව හසුරුවන්න එයා නූල අදින්න පටන් ගන්නවා.

"මතක තබාගන්න, ඕනෑම දෙයක් 'ඕනෑවට වඩා' ලැබෙනවා නම් ඒක පිටුපස හැංගුණු අරමුණක් තියෙන්න පුළුවන්. සැබෑ මිත්‍රත්වය ගොඩනැගෙන්නේ කාලයත් එක්කයි, එක රැයකින් නෙවෙයි."

02. නිතරම "ගොදුරක්" (Victim) ලෙස පෙනී සිටීම

මේක තමයි සූක්ෂ්ම කපටියන් පාවිච්චි කරන ඉතාම භයානක "මනෝවිද්‍යාත්මක උගුල". ඔවුන්ගේ කතාවල හැමවිටම ඔවුන් අහිංසකයි. ඔවුන් වැඩ කරන තැන ලොක්කා නරකයි, කලින් හිටපු යාළුවෝ නරකයි, පවුලේ අය ඔවුන්ව තේරුම් ගන්නේ නැහැ. මේ හැම කතාවකම පොදු ලක්ෂණය තමයි, තමන්ගේ අතින් වුණු කිසිම වැරැද්දක් ඔවුන් පිළි නොගැනීම.

මනෝවිද්‍යාවේදී මේ වගේ අයට කියන්නේ "Perpetual Victim" (සදාකාලික ගොදුර) කියලා. මෙතැනදී ඔවුන් පාවිච්චි කරන්නේ 'Empathy Exploitation' කියන උපක්‍රමයයි.

සාමාන්‍යයෙන් මනුස්සයෙක් තව කෙනෙක් අසරණ වෙලා ඉන්නවා දැක්කම, මොළයේ 'Mirror Neurons' ක්‍රියාත්මක වෙලා අපිටත් ඒ වේදනාව දැනෙන්න ගන්නවා. එතකොට අපේ බුද්ධියට වඩා "අනුකම්පාව" ඉස්සර වෙනවා. සූක්ෂ්ම කපටියා දන්නවා ඔයා අනුකම්පා කරන්න ගත්ත ගමන්, ඔයා එයාගේ වැරදි හොයන එක නතර කරනවා කියලා. මේකෙන් වෙන්නේ ඔයාගේ මානසික ආරක්ෂක පවුර (Critical Thinking) බිඳ වැටෙන එකයි.

හිතන්න ඔයා සටනක (War) ඉන්නවා කියලා. 🏰 සතුරෙක් ඔයාගේ බලකොටුවට කෙලින්ම පහර දුන්නොත් ඔයා සූදානම් වෙලා ඉන්නවා පෙරළා පහර දෙන්න. හැබැයි සතුරා කරන්නේ තුවාල වුණු, අසරණ වුණු කෙනෙක් වගේ වෙස් වලාගෙන ඔයාගේ බලකොටුව ගාවට ඇවිත් උදව් ඉල්ලන එක. ඔයා අනුකම්පා කරලා බලකොටුවේ දොර ඇරලා එයාට ඇතුළට එන්න දෙනවා. එයා ඇතුළට ආවට පස්සේ තමයි දැනගන්නේ, එයා ඇවිත් තියෙන්නේ ඔයාගේ බලකොටුව ඇතුළේ ඉඳලම ඒක විනාශ කරන්න කියලා.

අන්න ඒ වගේ තමයි, කපටි මිනිහෙක් තමන්ගේ "අසරණකම" පෙන්වන්නේ ඔයාගේ ජීවිතයේ දොරටු ඇරගන්නයි.

අංක 03 - කරුණු විකෘති කිරීම (Gaslighting)

සූක්ෂ්ම කපටියෙක් තමන්ගේ වැරැද්දක් අතටම අහු වුණත්, ඒක පිළිගන්නෙම නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ හරිම කපටි විදිහට තර්ක කරලා, වැරැද්ද කළේ ඔවුන් වුණත් "සමාව ඉල්ලන්න වෙන්නේ ඔබටයි" කියන තැනට කරුණු ගෙන ඒමයි.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ Gaslighting කියලා. මේකෙන් කරන්නේ පුද්ගලයෙකුගේ Reality (යථාර්ථය) සහ Memory (මතකය) ගැන සැකයක් ඇති කරන එකයි. ඔවුන් කරන්නේ:

සිදුවීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ("මම එහෙම කිව්වේ නැහැ").

ඔබේ මතකය වැරදි බව කීම ("ඔයාට දැන් අමතක වෙනවා වැඩියි").

ඔබව ව්‍යාකූල කිරීම ("ඔයාට ඕක පේන විදිහ වැරදියි").

විද්‍යාත්මකව බැලුවොත්, මෙතැනදී ඔබේ මොළය Cognitive Dissonance (ප්‍රජානන විසංවාදය) කියන තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ "මම දැක්ක දේ හරිද? නැත්නම් එයා කියන දේ හරිද?" කියලා ඔබ ව්‍යාකූල වෙනවා. අන්තිමට ඔබ තීරණය කරන්නේ ඔබව විශ්වාස කරනවාට වඩා, ඔහුව විශ්වාස කරන එක ලේසියි කියලා. මොකද මේ ලෝකේ හොද මිනිස්සුන්ගේ ගතියක් තමයි, හැම වේලේම සිදුවීමක වැරැද්ද භාරගෙන , හිතින් සමාව දීලා , ප්‍රශ්නය ඉවර කර ගන්න එක.

අංක 04 - ඉතා සියුම් ලෙස තොරතුරු රැස් කිරීම

සූක්ෂ්ම කපටියා හරිම දක්ෂ "සවන් දෙන්නෙක්" (Listener). ඔවුන් නිතරම ඔබව කතාවට පොළඹවනවා. ඔබේ අතීතය, ඔබේ පවුලේ රහස්, ඔබේ බය, ඔබේ දුර්වලතා සහ ඔබ වැඩියෙන්ම ආශා කරන දේවල් ගැන ඔවුන් ඉතාම ඕනෑකමින් අසා සිටිනවා. මේක මුලදී අපිට පේන්නේ "හරිම ලෙන්ගතු කමක්" වගේ වුණත්, ඇත්තටම මෙතැන වෙන්නේ වෙනම දෙයක්.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Information Gathering for Manipulation' කියලා. ඔවුන් කරන්නේ ඔබේ මානසික සිතියම (Psychological Map) අධ්‍යයනය කරන එකයි. විද්‍යාත්මකව බැලුවොත්, ඔවුන් සොයන්නේ ඔබේ 'Vulnerability Points' හෙවත් ඔබව හසුරුවන්න පුළුවන් දුර්වල තැන්. ඔබ යමකට බය නම්, පසුව ඔවුන් ඒ බය පාවිච්චි කරලා ඔබව පාලනය කරනවා. ඔබ යම් දෙයකට ගොඩක් ආශා කරනවා නම්, ඒ දේ ලබා දෙන බව පෙන්වා ඔබව ඔවුන්ට අවශ්‍ය තැනට මෙහෙයවනවා. ඔවුන් ඔබේ තොරතුරු එකතු කරන්නේ ඒවාට ආදරේට නෙවෙයි, පසුව ඒවා ඔබටම එරෙහිව Blackmail කිරීමට හෝ Leverage (වාසියක්) ලෙස පාවිච්චි කිරීමටයි.

හිතන්න සටනකට (Battle) සූදානම් වෙන දක්ෂ ඔත්තුකරුවෙක් ගැන. 🏰 එයා කෙලින්ම ඇවිත් බලකොටුවට පහර දෙන්නේ නැහැ. එයා කරන්නේ සිඟන්නෙක් වගේ හරි, යාළුවෙක් වගේ හරි වෙස් වලාගෙන ඇවිත් බලකොටුව ඇතුළේ ඇවිදින එක. එයා බලනවා බලකොටුවේ රහස් දොරටු තියෙන්නේ කොහේද? කෑම ගබඩා කරලා තියෙන්නේ කොහේද? පවුරේ දුර්වලම තැන කොතැනද? කියලා. දවසක යුද්ධයක් ආවම, එයා පහර දෙන්නේ අර එයා හොයාගත්ත දුර්වලම තැනටයි.

අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියා ඔබේ රහස් අහගෙන ඉන්නේ දවසක ඔබව ලෙහෙසියෙන්ම දණගස්වන්න පුළුවන් "දුර්වලම තැන" හොයාගන්නයි.

අංක 05 - අවශ්‍යතාවය අනුව හැඩය වෙනස් කිරීම (Chameleons)

සූක්ෂ්ම කපටියෙකුට ස්ථිර පෞරුෂයක් නැහැ. ඔවුන් හරියට දර්පණයක් (Mirror) වගේ. ඔවුන් ඉදිරියේ ඉන්න පුද්ගලයා කවුද, ඔහු කැමති මොන වගේ චරිතයකටද කියලා තේරුම් අරගෙන, ක්ෂණයකින් තමන්ගේ හැසිරීම ඒ විදිහටම වෙනස් කරනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Social Camouflage' හෝ 'High Self-Monitoring' කියලා. ඔවුන් කරන්නේ තමන්ගේ සැබෑ අරමුණු සහ ගතිගුණ සඟවාගෙන, ඉදිරියෙන් ඉන්න පුද්ගලයාට "ගැලපෙන" පෙනුමක් මවාගන්න එකයි.

විද්‍යාත්මකව බැලුවොත්, මෙතැනදී ඔවුන් පාවිච්චි කරන්නේ 'Halo Effect' කියන මනෝවිද්‍යාත්මක තත්වයයි. ඒ කියන්නේ, ඔබ කැමතිම දේවල් වලට ඔවුන් ද කැමති බව පෙන්වන විට, ඔබේ මොළය "මෙයා මගේම වගේ කෙනෙක්" කියලා තීරණය කරලා ඔබේ තර්කානුකූල බුද්ධිය නතර කරනවා. ඔවුන් විවිධ අය ඉදිරියේ විවිධ චරිත රඟපාන්නේ, සෑම පුද්ගලයෙකුගෙන්ම තමන්ට අවශ්‍ය වාසිය ලබාගන්නා ආකාරය එකිනෙකට වෙනස් නිසායි.

හිතන්න කටුස්සෙක් (Chameleon) ගැන. 🦎 කටුස්සා කොළ පාට කොළයක ඉන්නකොට කොළ පාට වෙනවා. දුඹුරු පාට අත්තක ඉන්නකොට දුඹුරු පාට වෙනවා. කටුස්සාට තමන්ගේම කියලා ස්ථිර පාටක් නැහැ. එයා පාට වෙනස් කරන්නේ ගොදුරට පේන්නේ නැතුව ළඟට ගිහින් ගොදුර අල්ලගන්නයි.

අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියා ආගමික මනුස්සයෙක් ළඟදී හරිම ආගමික කෙනෙක් වගේ රඟපානවා. ව්‍යාපාරිකයෙක් ළඟදී හරිම දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේ රඟපානවා. දේශපාලන මතයක් ගැන කතා කරන කොට , ඔහුත් ඒ මතයම නියෝජනය කරනවා. එයා එහෙම කරන්නේ ඒ හැම කෙනෙක්වම රවට්ටලා තමන්ගේ වැඩේ කරගන්නයි.

අංක 06 - ඔබේ පෞද්ගලික සීමාවන් ආක්‍රමණය කිරීම (Boundary Crossing)

මුල් කාලයේදී මේක පේන්නේ හරිම "හිතවත්කමක්" හෝ "ළෙන්ගතුකමක්" වගේ. ඔවුන් හරිම සූක්ෂ්ම විදිහට ඔබේ පෞද්ගලික තීරණ වලට, ඔබේ නිදහසට සහ ඔබ කාලය ගත කරන විදිහට බලපෑම් කරන්න පටන් ගන්නවා. ඔබ "එපා" කියලා කියන සීමාවන් පවා ඔවුන් "ඔයාගේ හොඳටනේ" කියමින් උල්ලංඝනය කරනවා.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Isolation and Enmeshment' කියලා. සූක්ෂ්ම කපටියෙකුට ඔබව පාලනය කරන්න නම්, ඔබ සහ ඔබේ හිතවතුන් හෝ ඔබේ ස්වාධීනත්වය අතර තියෙන සීමාවන් (Boundaries) බිඳලා දාන්නම වෙනවා.

විද්‍යාත්මකව බැලුවොත්, ඔවුන් කරන්නේ ඔබේ Autonomy (ස්වාධීනත්වය) හෙමින් හෙමින් දිය කරලා දැමීමයි. ඔබ ඔවුන්ගෙන් තොරව තීරණයක් ගන්න බැරි තත්වයට පත් කිරීම මෙහි අරමුණයි. ඔවුන් ඔබේ සීමාවන් ආක්‍රමණය කරන්නේ ඔබව හුදකලා කරලා, ඔවුන් මත පමණක් යැපෙන "බල රහිත" පුද්ගලයෙක් බවට පත් කරන්නයි.

හිතන්න ලස්සනට වැවුණු ලොකු ගහක් සහ ඒ වටේ එතෙන කැළෑ වැලක් ගැන. 🌿🌳 මුලින්ම මේ වැල ගහ වටේ හරිම ලස්සනට, මල් පිපිලා එතෙන්න ගන්නවා. ගහට හිතෙන්නේ "මට හොඳ යාළුවෙක් ලැබුණා" කියලා. හැබැයි මේ වැල හෙමින් හෙමින් ගහේ අතු ඉති වලටත් වඩා උඩට යනවා.කාලයක් යනකොට ගහට ලැබෙන හිරු එළිය සහ පෝෂණය සම්පූර්ණයෙන්ම අර වැල වහගන්නවා. අවසානයේදී ගහට හුස්ම ගන්නවත් ඉඩක් ඉතුරු නොකර, අර ලොකු ගහම මරා දාලා වැල විතරක් ඉතිරි වෙනවා.

අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියා ඔබේ සීමාවන් ඇතුළට එන්නේ ඔබේ නිදහස සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඔබව මානසිකව මරා දාන්නයි.

අංක 07 - අනුන්ගේ රහස් ඔබට පැවසීම

සූක්ෂ්ම කපටියා ඔබ ළඟට ඇවිත් හරිම රහසිගත විදිහට, වෙනත් කෙනෙක්ගේ පෞද්ගලික විස්තරයක් හෝ රහසක් පවසනවා. "මේක මම ඔයාට විතරයි කියන්නේ, වෙන කාටවත් කියන්න එපා" කියලා තමයි ඔවුන් මේක පටන් ගන්නේ.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'False Intimacy' (ව්‍යාජ සමීපතාවය) ඇති කිරීම කියලා. මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ගේ රහසක් තව කෙනෙක්ට කියන්නේ ඒ කෙනාව ගොඩක් විශ්වාස නම් විතරයි. සූක්ෂ්ම කපටියා කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඔහු තව කෙනෙක්ගේ රහසක් ඔබට පවසලා, "ඔයා මට හරිම විශේෂ කෙනෙක්, ඒකයි මම මේ රහස ඔයාට කිව්වේ" කියන හැඟීම ඔබේ හිතේ ඇති කරනවා.

මෙතැනදී 'Triangulation' කියන උපක්‍රමයත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ, ඔබව සහ අර තුන්වෙනි පාර්ශවය අතර අවිශ්වාසය ඇති කරලා, ඔබව ඔවුන්ගේ පැත්තට (Team) බඳවා ගැනීමයි. හැබැයි මතක තබා ගන්න, තව කෙනෙක්ගේ විශ්වාසය කඩපු කටකට, ඔබේ විශ්වාසය කොහොමත් රකින්න බැහැ.

අංක 08 - උදව් කර ඒවා මතක් කිරීම (The Debt Trap)

සූක්ෂ්ම කපටියා ඔබට උදව් කරන්නේ හරිම කැමැත්තෙන් වගේ පෙන්වමිනුයි. හැබැයි ඒ උදව්ව "උදව්වක්" නෙවෙයි, ඒක "ආයෝජනයක්". ටික කලක් ගියපුවාම, ඔවුන්ට ඔබෙන් යම් වාසියක් ගන්න ඕන වුණාම, හරිම සූක්ෂ්ම විදිහට අර කරපු පරණ උදව් මතක් කරන්න ගන්නවා.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Exploitative Reciprocity' කියලා. සාමාන්‍යයෙන් මනුස්සයෙක් අපිට උදව් කළාම අපේ මොළයේ 'Cognitive Dissonance' එකක් ඇති වෙනවා ඒ උදව්ව පෙරළා කළේ නැත්නම්. අපිව මානසිකව ණයගැති බව දැනෙනවා.

සූක්ෂ්ම කපටියා මේ "වගකීමේ හැඟීම" (Sense of obligation) ආයුධයක් කරගන්නවා. ඔවුන් කරන්නේ Emotional Blackmail. ඔබ ඔවුන්ගේ වැරැද්දක් දැකලා ඒක ප්‍රශ්න කරන්න යනකොට, "එදා මම ඔයාට උදව් කළේ නැත්නම් ඔයා අද මෙතැන නැහැ" වගේ කතා කියලා ඔබේ කට වහනවා. ඔවුන් ඔබේ කෘතගුණ සැලකීමේ ගුණය පාවිච්චි කරලා ඔබව සිරකරුවෙක් කරනවා.

09. වක්‍ර විවේචනය සහ අවතක්සේරු කිරීම (Passive-Aggressive)

සූක්ෂ්ම කපටියෙක් කිසිම වෙලාවක ඔබට කෙලින්ම අපහාස කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ "වර්ණනාවක" ලේබලය යටතේ ඔබට හීන් සැරේ රිද්දන එකයි. ඔවුන් කතා කරලා ඉවර වුණාම, ඔබට දැනෙන්නේ ලොකු අඩුවක් හෝ ලැජ්ජාවක්. හැබැයි ඔවුන්ට බනින්නත් බැහැ, මොකද ඔවුන් ඒක කිව්වේ හරිම සුහදශීලී විදිහට පෙනෙන නිසා.

මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ 'Passive-Aggressive Behavior' කියලා. ඔවුන් කරන්නේ ඔබේ සාර්ථකත්වයන් හෝ දක්ෂතාවයන් හෑල්ලු කරන එකයි. විද්‍යාත්මකව බැලුවොත්, මෙතැනදී ඔවුන් පාවිච්චි කරන්නේ 'Undermining' කියන උපක්‍රමයයි. ඔබව මානසිකව දුර්වල කළොත් විතරයි ඔවුන්ට ඔබව පාලනය කරන්න ලේසි වෙන්නේ. ඔවුන් ඔබේ පෙනුම, ඔබේ රැකියාව හෝ ඔබේ තීරණ ගැන ඉතා සියුම් විවේචන (Micro-insults) ඉදිරිපත් කරනවා. ඔබ තනිවම තීරණ ගන්න බය වෙන මට්ටමටම ඔබේ ආත්ම විශ්වාසය බිඳ දැමීම මෙහි සැබෑ අරමුණයි.

හිතන්න ලස්සනට පූදින්න තියෙන මල් පොහොට්ටුවක් ගැන. 🌸 කවුරුහරි ඇවිත් ඒ පොහොට්ටුව පොඩි කළොත් ඒක හැමෝටම පේනවා. හැබැයි සූක්ෂ්ම කපටියා කරන්නේ ඒ මල පොඩි කරන එක නෙවෙයි. මලේ නාරටිය ළඟින් ඉතාම කුඩා විෂ බින්දුවක් තියන එකයි. ඒ විෂ බින්දුව නිසා මල පරවෙලා යනවා, හැබැයි පිටතින් බලන කෙනෙක්ට පේන්නේ මල ඉබේම මැලවුණා වගේ. අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියා ඔබේ හිතට වචන වලින් විෂ බින්දු දානවා. ඒකෙන් ඔබ වැටෙන්නේ ඔබේම වරදින් වගේ හැඟීමක් ඔවුන් මවනවා.

අංක 10. ඔබට ඔවුන් ගැන යම් අමුත්තක් දැනෙනවා (The Gut Feeling)

සමහර වෙලාවට කෙනෙක්ව මුණගැසුණම, එයා හරිම හොඳට කතා කරනවා, උදව් කරනවා, කිසිම වරදක් පේන්න නැහැ. හැබැයි ඔයාගේ හිත ඇතුළෙන් මොකක්දෝ නොසන්සුන් බවක් දැනෙනවා. "මෙයා කියන තරම් හොඳ කෙනෙක් නෙවෙයිද?" කියන සැකය නිකම්ම ඇති වෙනවා. ගොඩක් අය කරන්නේ "මම නිකම් සැක කරනවා ඇති" කියලා ඒ හැඟීම යටපත් කරන එකයි. ඒක තමයි අපි කරන ලොකුම වැරැද්ද.

මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ 'Thin-Slicing' කියලා. අපේ මොළයේ Amygdala කියන කොටසට පුළුවන් තත්පරයකින් දහයෙන් පංගුවක වගේ කාලයකදී තව කෙනෙක්ව ස්කෑන් කරන්න. ඔවුන් දක්ෂ විදිහට රඟපෑවත්, ඔවුන්ගේ ඇස් වල ඉරියව්, කටහඬේ පොඩි වෙනස්කම්, සහ ශරීර භාෂාවේ (Body Language) තියෙන ඉතාම කුඩා නොගැලපීම් (Micro-expressions) අපේ යටි සිත හඳුනාගන්නවා. ඔවුන් මවන "බොරුව" සහ ඔවුන්ගේ යටි සිතේ තියෙන "ඇත්ත" අතර තියෙන ගැටීම අපේ මොළයට සංඥාවක් විදිහට දැනෙනවා. ඒක තමයි ඔයාට "බය" හෝ "අවිශ්වාසය" විදිහට දැනෙන්නේ.

හිතන්න ඔයා කැලෑවක ඇවිදගෙන යනවා කියලා. 🌳🐍 ඔයාට කිසිම සතෙක් පේන්න නැහැ, හැමතැනම හරිම නිශ්ශබ්දයි.
හැබැයි එකපාරටම ඔයාගේ ඇඟ හිරි වැටෙනවා, මොකක්දෝ අනතුරක් ළඟ තියෙනවා වගේ දැනෙනවා. ඔයා පස්සේ බලනකොට තමයි දකින්නේ කොළ අස්සේ හැංගිලා ඉන්න සර්පයෙක්ව. ඔයා සර්පයාව ඇස් දෙකෙන් දකින්න කලින්, ඔයාගේ කන් වලට ඇහුණු පොඩි කොළ සද්දයක් හෝ වෙනස් වුණු පරිසරය ඔයාගේ යටි සිත හඳුනාගෙන ඔයාට අනතුරු ඇඟෙව්වා.

අන්න ඒ වගේ තමයි, සූක්ෂ්ම කපටියා කියන්නේ වෙස් වලාගත් සර්පයෙක්. ඔයාගේ ඇසට වඩා ඔයාගේ "හෘද සාක්ෂිය" දක්ෂයි ඒ අනතුර හඳුනාගන්න.

💡 අවසාන පණිවිඩය: සූක්ෂ්ම කපටියා කියන්නේ මකුළුවෙක් වගේ. දැල වියන්නේ හරිම හෙමින් සහ ලස්සනට. ඔබ ඒ දැලට අසු වූ බව දැනෙන්නේ පැනලා යන්න බැරි තරමට දැල ශක්තිමත් වුණාට පස්සෙයි. ඒ නිසා විශ්ම ලෝකයෙන් අද අපි මේ කියපු ලක්ෂණ ටික ගැන අද ඉදන්ම හොද අවධානයෙන් ඉන්න. මොකද මේ වගේ අතිශය කපටි මිනිසුන් මේ වන විටත් ඔබේ ජිවිතයට ඇතුළු වෙලා ඉන්න පුලුවන්.

05/01/2026

😮රුපියල් 100-200ක් ඉතුරු කරන්න ගිහින් මුළු පවුලම 'පිළිකා මාරයාට' බිලිදෙන හැටි - කුස්සියේ සැඟවුණු බිහිසුණු ඇත්ත! 🥥☠️👇👇

ඔන්න එහෙනම් අද කතා කරන්න යන්නේ අපි කවුරුත් අතින් නොදැනුවත්වම සිද්ධ වෙන, හැබැයි මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන භයානක පුරුද්දක් ගැන.

අපි හැමෝගෙම ගෙවල්වල මේක වෙනවා. වෑංජනයක් උයන්න හදනකොට, දවස් දෙකකට කලින් බිඳපු පොල් බෑව අතට ගන්නවා. පොඩ්ඩක් පුස් කාලා වගේ නේද? සුදු පාටට, අළු පාටට පුස් දැක්කම හිතට දෙගිඩියාවක් එනවා. 🤔

"අපරාදෙනේ... ගානත් එක්ක මේක විසි කරන්නේ කොහොමද?" කියලා හිතලා, අපි මොකද කරන්නේ? පිහියෙන් ඒ පුස් ටික සූරලා, හෝදලා ආයෙමත් කෑමට ගන්නවා. 🔪

යාලුවනේ, ඔන්න එතන තමයි අපි කරගන්න ලොකුම වැරැද්ද! 🛑

මේක නිකන්ම "අපිරිසිදුකමක්" නෙවෙයි. මේක විද්‍යාත්මකව ඊට වඩා බරපතල කතාවක්. ඇයි කියලා බලමු:

1. පේන දේට වඩා නොපෙනෙන දේ බියකරුයි! 🦠 අපි දකින්නේ පුස් (Fungi) වල මතුපිට කොටස විතරයි. මේක හරියට අයිස් කන්දක් වගේ. අපිට නොපෙනුනාට, මේ පුස්වල "මයිසීලියම්" (Mycelium) කියන අන්වීක්ෂීය මුල්, පොල් මදය අස්සටම රිංගලා ඉවරයි. ඔයා මතුපිට කොච්චර හේදුවත්, මේ ඇතුලට ගිය විෂ සහිත මුල් අයින් කරන්න බැහැ.

2. රත් කළාට මැරෙන්නේ නෑ - "ඇෆ්ලටොක්සින්" (Aflatoxin) ⚠️ ගොඩක් අය හිතන්නේ "හොද්දට දාලා නටවද්දි විෂබීජ මැරෙනවා" කියලා. බැක්ටීරියා නම් මැරෙයි. ඒත් මේ පුස් වර්ග වලින් හැදෙන ඇෆ්ලටොක්සින් කියන මාරාන්තික විෂ රසායනිකය සෙල්සියස් අංශක 100ට රත් කලත් විනාශ වෙන්නේ නෑ. සරලවම කිව්වොත්: ඔයා හදපු කිරි හොද්දේ රසට, පාටට කිසිම වෙනසක් නැති වුණාට, ඒක ඇතුලේ "පිළිකා කාරක විෂ" තියෙනවා.

3. කෙලින්ම පහර දෙන්නේ අක්මාවට (Liver Cancer) 🏥 මේ විෂ එක පාරටම වමනය, බඩේ අමාරු හදන්නේ නෑ. ඒ වෙනුවට මේක "සයිලන්ට් කිලර්" (Silent Killer) කෙනෙක් වගේ ටික ටික ශරීරගත වෙලා, අක්මාවේ සෛල විනාශ කරනවා. දිගුකාලීනව මෙය අක්මා පිළිකා (Hepatocellular carcinoma) දක්වා වර්ධනය වෙන්න පුළුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කරලා තියෙනවා.

💡 කරන්න ඕන දේ මොකක්ද?

🥥 පොල් බෑවේ පුංචි හරි පුස් පැල්ලමක් දැක්කොත්, ලෝභ නොවී සම්පූර්ණයෙන්ම විසි කරන්න.

🚫 සත්තුන්ට කන්න දෙන්නත් එපා. (සත්තුන්ටත් මේ පිළිකා අවදානම එහෙමමයි).

❄️ පොල් බෑයක් ඉතුරු වුණා නම්, අනිවාර්යයෙන්ම ශීතකරණයේ (Refrigerator) දාන්න. එළියේ තියන්න එපා.

රුපියල් 200ක පොල් බෑව බේරගන්න ගිහින්, ලක්ෂ ගාණක් වියදම් වෙන ලෙඩක් ගෙදරට ගෙන්න ගන්න එපා. මේ පණිවිඩය හැමෝම එක්ක බෙදාගන්න. විශේෂයෙන් ගෙදර අම්මලා දැනුවත් කරන්න! ❤️

Disclaimer: This article was created based on user instructions and prepared using Artificial Intelligence (AI) and internet sources. While every effort has been made to verify the accuracy of the information, this is not an official news source or medical/legal advice. Scientific consensus regarding Aflatoxins and food safety suggests discarding moldy food. Please re-verify the information independently.

Sources & References
World Health Organization (WHO) - Aflatoxins: https://www.who.int/news-room/fact-sheets/detail/mycotoxins

National Cancer Institute - Aflatoxins & Liver Cancer: https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/substances/aflatoxins

USDA Food Safety and Inspection Service - Molds on Food: https://www.fsis.usda.gov/food-safety/safe-food-handling-and-preparation/food-safety-basics/molds-food-are-they-dangerous

05/01/2026

සොඳුරු මිරිඟුවක සැඟවුණු ජෛව විද්‍යාත්මක ඛේදවාචකය: වීදුරුවක් පතුලේ ඇති යථාර්ථය

බොහෝ දෙනෙකුට මත්පැන් වීදුරුවක් යනු හුදෙක් විඩාව නිවාගැනීමට හෝ මිතුරන් සමඟ ප්‍රීති වීමට ඇති මාධ්‍යයක් ලෙස පෙනුනද, එම දියරය තොල ගෑ මොහොතේ පටන් ඔබේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය කිසිසේත්ම ප්‍රීතිමත් එකක් නොවේ. බාහිර ලෝකයට ඔබ විනෝදයෙන් පසුවන බවක් පෙනුනද, සැබවින්ම සිදුවන්නේ ඔබේ සිරුර දැවැන්ත රසායනික ව්‍යසනයක් පාලනය කිරීමට දරන දැඩි ප්‍රයත්නයකි. මෙය හරියටම පාලනයකින් තොරව ගිනි ගන්නා ගොඩනැගිල්ලක් ඇතුලේ සිටින ගිනි නිවන භටයන් පිරිසක් ගැන බාහිර ලෝකයට නොපෙනෙන කතාවක් වැනිය. මත්පැන් යනු ආහාරයක් නොව, ශරීරය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ආගන්තුක ද්‍රව්‍යයක් බැවින්, එය ආමාශයට ඇතුළු වූ වහාම සාමාන්‍ය ආහාර ජීරණ ක්‍රියාවලියට අභියෝග කරයි. බත් පතක් හෝ වෙනත් ආහාරයක් දිරවීමට ගතවන කාලය වැනි දීර්ඝ කාලයක් මත්පැන් ලබා නොගන්නා අතර, එයින් සැලකිය යුතු කොටසක් ඉතා ක්ෂණිකව ආමාශයේ බිත්ති හරහා රුධිරයට කාන්දු වී මුළු ශරීරය පුරාම සැරිසැරීම අරඹයි. මෙය හරියටම ආරක්ෂක වැටවල් කඩාගෙන පැමිණි අනවසර ඇතුල්වීමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම රසායනික ආක්‍රමණය හමුවේ ඔබේ ශරීරයේ ඇති එකම විශ්වාසවන්ත මුරකරු වන්නේ අක්මාවයි. ඔබේ මොළයට විනෝදය දැනෙන විට අක්මාව සිදු කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. රුධිරයේ සැරිසරන මධ්‍යසාරය විෂ ද්‍රව්‍යයක් ලෙස හඳුනාගන්නා අක්මාව, එය උදාසීන කිරීමට සිය රසායනාගාරය තුළ ඇති ප්‍රබල එන්සයිම දියරයන් භාවිත කරයි. මෙහිදී පළමු පියවර ලෙස මධ්‍යසාර අණු බිඳ දැමීමේදී 'ඇසිටැල්ඩිහයිඩ්' නම් අතුරු ඵලය නිර්මාණය වේ. මෙය මත්පැන් වලටත් වඩා කිහිප ගුණයක් විෂ සහිත, පිළිකා කාරක සංයෝගයකි. පසුදා උදෑසන ඔබට දැනෙන හිසරදය, ක්ලාන්තය සහ දැඩි අපහසුතාවයට වගකිව යුතු සැබෑ අපරාධකරුවා වන්නේ ශරීරය තුළ නිපදවෙන මෙම විෂ රසායනයයි. කෙසේ වෙතත්, අක්මාව මෙම විෂ ද්‍රව්‍යය ශරීරයට හිතකර නොවන ශක්ති ප්‍රභවයක් බවට පරිවර්තනය කරමින් සිය රාජකාරිය ඉටු කිරීමට උත්සාහ කරයි.

ගැටලුව පැන නගින්නේ මෙම පිරිපහදු ක්‍රියාවලියට දරාගත නොහැකි වේගයකින් ඔබ මත්පැන් ශරීරයට ඇතුළු කරන විටයි. අක්මාව යනු සීමිත ධාරිතාවක් ඇති යන්ත්‍රයක් වන අතර, ඊට වරකට පිරිසිදු කළ හැක්කේ ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයක් පමණි. මෙම ධාරිතාව ඉක්මවා යන විට, අක්මාවට සිය සාමාන්‍ය රාජකාරිය වන මේදය දිරවීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවේ. ප්‍රමුඛතාවය ලැබෙන්නේ ශරීරයට ඇතුළු වූ විෂ ද්‍රව්‍ය විනාශ කිරීමට බැවින්, ඔබ ආහාරයට ගන්නා තෙල් සහ මේද දිරවීමට නොහැකිව අක්මාව වටා ගොඩ ගැසීමට පටන් ගනී. 'බියර් බඩ' යනුවෙන් බොහෝ දෙනා හඳුන්වන තත්ත්වය ඇති වන්නේ මෙලෙසිනි. එය හුදෙක් තරබාරුකමක් නොව, අක්මාව වටා ඉදිවුණු අනවශ්‍ය මේද ගබඩාවක් වන අතර එය දීර්ඝකාලීනව අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට සමත් වේ.

අක්මාවට පෙරීමට නොහැකි වී රුධිරය හරහා ගලා යන මත්පැන් ඊළඟට පහර දෙන්නේ ඔබේ පාලන මධ්‍යස්ථානය වන මොළයටයි. මෙය හරියටම පරිගණක පද්ධතියක මවු පුවරුවට (Motherboard) වෛරසයක් ඇතුළු වුවා හා සමානය. මුලින්ම සිදුවන්නේ මොළයේ ඇති රසායනික සමතුලිතතාවය වෙනස් කරමින් ඔබට බොරු සැහැල්ලුවක් සහ ව්‍යාජ සතුටක් ආරූඪ කිරීමයි. නමුත් ක්‍රමයෙන් ඔබේ තීරණ ගැනීමේ හැකියාව, බිය සහ ලැජ්ජාව වැනි හැඟීම් පාලනය කරන ස්වභාවික තිරිංග පද්ධතිය (Prefrontal Cortex) අක්‍රීය කර දමයි. බීමත් වූ විට ඕනෑම අවදානම් සහගත ක්‍රියාවක් කිරීමට පෙළඹෙන්නේ මේ නිසාය. අවසානයේදී මතකය ගබඩා කරන ඒකකයටද බාධා පමුණුවන බැවින්, සිදුවූ දේ පිළිබඳ මතකය මැකී යයි. මේ සියල්ල දෙස බලන විට පෙනී යන්නේ, තාවකාලික වින්දනයක් වෙනුවෙන් ඔබ ඔබේම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට දරාගත නොහැකි වධයක් පමුණුවන බවයි. අක්මාව ස්වභාවයෙන්ම නැවත වර්ධනය වීමේ හැකියාවක් සහිත අපූරු ඉන්ද්‍රියයක් වුවද, ඊටද සීමාවක් තිබේ. දිගින් දිගටම සිදුවන මෙම රසායනික ප්‍රහාර හමුවේ යම් දිනක එය ස්ථිරවම අකර්මණ්‍ය විය හැකි බවත්, සිරෝසිස් වැනි මාරාන්තික තත්ත්වයන්ට අත වැනීමක් සිදුවන බවත් සිහි තබා ගැනීම වැදගත්ය.

05/01/2026
04/01/2026

ශ්‍රී ලංකාවේ ඉන්න සර්පයන් අතරින් කරවලා කියන්නේ හරිම කපටි සහ භයානක සර්පයෙක්. ඔවුන් ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න

ලංකාවේ ප්‍රධාන වශයෙන් කරවලුන් වර්ග දෙන්නෙක් දකින්න ලැබෙනවා

තෙල් කරවලා (Common Krait): මොවුන්ගේ සිරුර තද කළු හෝ නිල්වන් කළු පාටයි. ඇඟ පුරා යුගල වශයෙන් (ජෝඩු විදිහට) විහිදුණු සුදු පාට හරස් ඉරි දකින්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම මරණ වාර්තා වෙන්නේ මොවුන්ගෙන්.

මුදු කරවලා (Ceylon Krait): මොවුන් ලංකාවට ආවේණික සර්පයෙක්. තෙල් කරවලාට වඩා ටිකක් වෙනස්, මොවුන්ගේ ඇඟේ තියෙන්නේ තනි සුදු පාට මහත වළලු.

කරවලෙකුගේ (Common Krait) විෂ ශරීරගත වූ විට එය ක්‍රියා කරන්නේ ඉතාමත් සූක්ෂ්ම සහ භයානක විදිහටයි. කරවලා දෂ්ට කළ බොහෝ දෙනෙක් මුලින්ම ඒ බව දන්නේවත් නැහැ, මොකද කරවලාගේ දෂ්ටනය වේදනාකාරී නැති නිසා.

විෂ ඇඟට ඇතුළු වූ පසු පැයෙන් පැය සිදුවන දේ (සාමාන්‍ය තත්ත්වයන් යටතේ) මෙන්න මෙහෙමයි:

පළමු පැය 1 - 2: "නිශ්ශබ්ද කාලය"

දෂ්ට කළ ස්ථානයේ ලොකු ඉදිමීමක් හෝ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට කුඩා කටු ඇනුණු සලකුණක් විතරක් පේන්න තියෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ විෂ රුධිරය හරහා ස්නායු පද්ධතිය කරා ගමන් කරමින් පවතිනවා.

පැය 3 - 6: "පළමු රෝග ලක්ෂණ"

විෂ ස්නායු සහ මාංශපේශී අතර පණිවිඩ හුවමාරුව අඩපණ කරන්න පටන් ගන්නවා. ඇස් පියන් පහත් වීම ඇරඹෙනවා. රෝගියාට ඇස් ඇරගෙන ඉන්න අමාරු වෙනවා. මේක කරවල විෂේ ප්‍රධානම ලක්ෂණයයි. කරවලෙක් දෂ්ට කළාම ගොඩක් දෙනෙකුට තදබල බඩේ කැක්කුමක් ඇති වෙනවා. මෙය බොහෝ විට වරදවා වටහා ගන්නා ලක්ෂණයක්.

පැය 6 - 12: "අංශභාග තත්ත්වය පැතිරීම" - විෂ ක්‍රියාකාරීත්වය උච්චතම අවස්ථාවට ළඟා වෙනවා.

කතාව සහ ගිලීම අපහසු වීමට පටන් ගන්නවා. උගුරේ මාංශපේශී අකර්මණ්‍ය වීම නිසා කතා කරනකොට ගොත ගැසීම සහ කෙළ ගිලීමට පවා අපහසු වීම සිදු වෙනවා. හුස්ම ගැනීමේ අපහසුව ආරම්භ වෙනවා. පෙනහළු ක්‍රියා කරවන මාංශපේශී අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. මේක ජීවිත අවදානම ඇති කරන තීරණාත්මකම මොහොතයි.

පැය 12 න් පසු: "සම්පූර්ණ අකර්මණ්‍ය වීම"

ප්‍රතිවිෂ (Anti-venom) ලබා නොදුන්නොත්, රෝගියා සම්පූර්ණ අංශභාග තත්ත්වයට පත් වී හුස්ම ගැනීමට නොහැකි වීමෙන් මරණය පවා සිදුවිය හැකියි.

ඇයි මෙහෙම වෙන්නේ? (The Science)

කරවලාගේ විෂ හඳුන්වන්නේ "Pre-synaptic Neurotoxin" එකක් විදිහටයි. මේක කරන්නේ ස්නායුවලින් මාංශපේශීවලට "වැඩ කරන්න" කියලා දෙන පණිවිඩය (Chemical signal) යන එක සම්පූර්ණයෙන් නතර කරන එකයි.

කරවලුන් ක්‍රියාකාරී වේලාවන් සහ දෂ්ට කරන අවස්ථාවන්

කරවලා කියන්නේ රාත්‍රී කාලයේදී (Nocturnal) පමණක් ක්‍රියාකාරී වන සර්පයෙක්.

ක්‍රියාකාරී වේලාව: සාමාන්‍යයෙන් හිරු බැස ගිය වෙලාවේ සිට අලුයම දක්වා මොවුන් ආහාර සොයා එළියට එනවා. දහවල් කාලයේදී මොවුන් ගල් ගොඩවල්, කොළ රොඩු හෝ මී ගුල් අස්සේ සැඟවී නිදාගන්නවා.

දෂ්ට කරන වේලාව: කරවලා දෂ්ට කරන සිදුවීම්වලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මධ්‍යම රාත්‍රියේ සිට අලුයම දක්වා කාලය තුළයි.

මොවුන් ශරීරයේ උණුසුමට කැමති නිසා, රාත්‍රියේ බිම නිදාගන්නා මිනිසුන් අසලට ඇදී එනවා. නිදා සිටින පුද්ගලයා නොදැනුවත්වම සර්පයා මත ඇඟ හැරවූ විට හෝ අතපය වැදුණු විට මොවුන් දෂ්ට කරනවා. දෂ්ටනය වේදනා රහිත නිසා බොහෝ දෙනෙක් ඒ බව දන්නේ නැහැ. උදේ ඇහැරෙනකොට ඇස් ඇරගන්න බැරි නම්, බඩේ කැක්කුමක් තියෙනවා නම් වහාම රෝහල්ගත වෙන්න. රාත්‍රියේ බිම නිදාගන්නවා නම් මදුරු දැලක් පාවිච්චි කිරීමෙන් කරවලුන්ගෙන් සිදුවන අනතුරු සියයට සියයක්ම වළක්වා ගන්න පුළුවන්.

කරවෙලෙකු දෂ්ට කල වෙලාවක ජීවිතය බේරාගන්න කළ යුතු සහ නොකළ යුතු දේවල්:

1. වහාම රෝහල්ගත වන්න

කරවලෙකුගේ විෂ ස්නායු පද්ධතියට බලපාන නිසා (Neurotoxic), රෝගියාට හුස්ම ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩියක්වත් පමා නොවී සර්ප විෂ නාශක (Anti-venom) ඇති ලොකු රෝහලකට රෝගියාව රැගෙන යන්න.

2. රෝගියාව සන්සුන්ව තබන්න

බය වුණාම හදවත ගැහෙන වේගය වැඩි වෙනවා. එතකොට විෂ ලේ හරහා ඇඟ පුරා යන වේගයත් වැඩි වෙනවා. ඒ නිසා රෝගියාව ඇවිද්දවන්නේ නැතුව, එක තැනක නිශ්ශබ්දව තබාගෙන රැගෙන යන්න.

3. දෂ්ට කළ ස්ථානය සේදීමෙන් වළකින්න

තුවාලය සෝදන්න එපා. සමහර වෙලාවට තුවාලයේ තියෙන විෂ සාම්පල පරීක්ෂා කරලා සර්පයාව හඳුනාගන්න වෛද්‍යවරුන්ට පුළුවන්.

4. වෙළුම් පටි (Bandages) තදින් බඳින්න එපා

ලේ ගමනාගමනය සම්පූර්ණයෙන් නතර වෙන විදිහට තදින් "ටොනිකේට්" (Tourniquet) බඳින්න එපා. ඒකෙන් අදාළ අවයවය කුණු වෙලා කපා දාන්න පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙනුවට තුවාලය වටා රෙදි පටියකින් සාමාන්‍ය ප්‍රමාණයට වෙළන්න.

5. දෂ්ට කළ ස්ථානය හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න

අතක හෝ කකුලක දෂ්ට කළා නම්, ඒ අවයවය සෙලවෙන්නේ නැති වෙන්න පතුරක් (Splint) තබා බඳින්න.

04/01/2026

උදේට ඉස්කෝලේ යන්න හදිස්සි වෙලාවට පොඩි එකාගේ බත් පෙට්ටියට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් දේ මොකක්ද? සොසේජස් දෙකක් බැද්දා, බත් එකට තිබ්බා. එහෙම නැත්තම් රෑට කඩෙන් ගෙනාපු සොසේජස්/ මීට් බෝල්ස් දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් දුන්නා. දරුවත් හරි ආසාවෙන් මේවා කනවා. "අම්මේ මට අරකම ඕන" කියලා අඬනකොට අපිටත් බැහැ කියන්න අමාරුයි.

ඒත් අම්මේ, තාත්තේ... ඔයා මේ පොඩි බඩට යවන්නේ මොනවද කියලා ඇත්තටම දන්නවාද?

මේවා හුරතලේට "Processed Meat" කියලා හැඳින්වුවට ඇත්ත කතාව ඊට වඩා භයානකයි.

1. මේක ඇත්තම "මස්" ද? 🥩 අපි කඩෙන් මස් ගේනකොට හොඳ මස් කෑලි බලලා ගේනවානේ. ඒත් සොසේජස්, මීට් බෝල්ස් හදද්දී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ "Mechanically Separated Meat" කියන ක්‍රමය. ඒ කියන්නේ සත්තුන්ගේ ඉතුරු වෙන කෑලි, හම, කටු, නහර වගේ දේවල් අධික පීඩනයක් දීලා අඹරලා ගන්න පේස්ට් එකක්. මේක නිකන්ම නිකන් රෝස පාට තලපයක් විතරයි.

2. ඇයි මේක පිළිකා කාරකයක් වෙන්නේ? ⚠️ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් සොසේජස්, හැම්, බේකන් වගේ සකසන ලද මස් වර්ග "කාණ්ඩ 1 පිළිකා කාරක" (Group 1 Carcinogen) ලෙස නම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේවා දුම්වැටි සහ මත්පැන් වගේම භයානකයි කියන එක. මේ කෑම කල් තියාගන්න සහ ලස්සන රෝස පාට ගන්න එකතු කරන "නයිට්රේට්" (Nitrates) සහ "නයිට්රයිට්" (Nitrites) කියන රසායනික ද්‍රව්‍ය, බඩට ගියාම පිළිකා සෛල හැදෙන්න ලොකු රුකුලක් දෙනවා.

3. ලුණු ගොඩක් - වකුගඩු ඉවරයි 🧂 පොඩි සොසේජස් කරලක තියෙන ලුණු ප්‍රමාණය දරුවෙක්ට දවසකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් මේවා කන්න පුරුදු වුනාම, නොදැනුවත්වම අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග වලට අඩිතාලම වැටෙනවා.

4. කෘතීම රසයට ඇබ්බැහි වීම 😋 සොසේජස් වලට දාන රසකාරක (MSG සහ වෙනත් දේ) නිසා දරුවාගේ දිව ඒ කෘතීම රසයට හුරු වෙනවා. ඊට පස්සේ අම්මා ගෙදර උයන පරිප්පු එකයි, හාල්මැස්සෝ බැදුමයි දරුවට "රස නෑ" කියලා එපා වෙනවා. දරුවන් ස්වභාවික කෑම ප්‍රතික්ෂේප කරන්න මේක ලොකු හේතුවක්.

ආදරෙන් කරන ඉල්ලීමක්...

ඉඳලා හිටලා ආසාවට කෑවට කමක් නෑ. ඒත් "ලේසියට" කියලා සතියට දවස් 2-3ක් දරුවට සොසේජස්, මීට් බෝල්ස් දෙන්න එපා. ඒ වෙනුවට:

බිත්තරයක් තම්බලා දෙන්න. 🥚

ගෙදරම හදපු මස්/මාළු කෑල්ලක් දෙන්න. 🐟

කඩල, මුං ඇට වගේ දෙයක් පුරුදු කරන්න.

ඔයාගේ දරුවාගේ සෞඛ්‍යය තියෙන්නේ ව්‍යාපාරිකයින්ගේ අතේ නෙවෙයි, අම්මා තාත්තා විදියට ඔයාලගේ අතේ.

මේ පණිවිඩය සොසේජස් වලට ආස හැමෝටම පෙන්වන්න. ශෙයා කරන්න. ❤️

04/01/2026

🌱 කුඩා දරුවන් තුළ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගමු.

ඔරොත්තු දීමේ හැකියාව සහිත දරුවන් යනු “දැඩි දරුවන් ඇති දැඩි කිරීම නොවේ.
එය උත්සාහ කිරීමට, අසාර්ථක වීමට, අවබෝධ කර ගැනීමට සහ නැවත උත්සාහ කිරීමට තරම් ආරක්ෂිත බවක් දැනෙන දරුවන් ඇති දැඩි කිරීම පිළිබදව ය.
මුල් ළමාවියේදී, ඔරොත්තු දීමේ හැකියාව නිහඬව ගොඩනැගේ - එනම් විශාල කතා හෝ ඉගැන්වීම් හරහා නොව එදිනෙදා සරල අවස්ථාවන් හරහා ගොඩනැගේ.

🧠 මුල් ළමාවියේදී ඔරොත්තු දීමේ හැකියාව (Resilience) යනු කුමක්ද?
ඔරොත්තු දීමේ හැකියාව යනු දරුවෙකුගේ;
✅කලකිරීම් සමඟ කටයුතු කිරීමේ හැකියාව ✅බලාපොරොත්තු සුන්වීමෙන් සුවය ලැබීමේ හැකියාව
✅වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දීම
✅හැඟීම් කළමනාකරණය කිරීම
✅දුෂ්කරතාවයෙන් පසු උත්සාහ කිරීම දිගටම කරගෙන යාමේ හැකියාවයි.
කුඩා දරුවන්ට, ඔරොත්තු දීමේ හැකියාව ඉගෙන ගත යුතු වන අතර සහජයෙන්ම ලැබෙන දෙයක් නොවේ.

🌼 කුඩා මොළයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වන ආකාරය.
දරුවන්ගේ මොළය:
✔ කළමනාකරණය කළ හැකි ආතතිය,
✔ චිත්තවේගීය සහයෝගය,
✔ ගැටළු විසඳීමට අවස්ථා,
✔ ආරක්ෂිත සබඳතා, අත්විඳින විට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟයි.
සන්සුන්, ප්‍රතිචාරාත්මක වැඩිහිටියෙකු දරුවාගේ ස්නායු පද්ධතියට “මට මෙය හැසිරවිය හැකිය.” යන්න ඉගෙන ගැනීමට උපකාර කරයි.

💛 දෙමාපියන් විසින් දරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කළ හැකි ප්‍රධාන ක්‍රම (අවුරුදු 0–5)

1. ආරක්ෂිත බැඳීම පළමුව පැමිණේ.
ආරක්ෂිත බවක් සහ සම්බන්ධයක් දැනෙන දරුවන්
➡️අවදානම් ගන්න,
➡️අලුත් දේවල් උත්සාහ කරන්න.
➡️අභියෝගවලට මුහුණ දෙන්න වඩාත් වැඩි කැමැත්තක් දක්වයි.
සම්බන්ධතාවය යනු ඔරොත්තු දීමේ හැකියාවේ පදනමයි.

2. දරුවන්ට කුඩා අරගල අත්විඳීමට ඉඩ දෙන්න.
දරුවන්ට:
➡️ඔවුන්ගේ ජැකට්ටුව සිප් කිරීමට උත්සාහ කරන විට,
➡️ප්‍රහේලිකාවක් විසදීමට උත්සහ කරන විට,
➡️තමාගේ වාරය ලැබෙන තුරු බලා සිටින විට,
➡️කුඩා බලාපොරොත්තු සුන්වීම් සමඟ කටයුතු කරන විට,
ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වේ.
සියල්ල නිවැරදි කිරීමට ඉක්මන් වීමෙන් වළකින්න.දරුවන්ට උත්සහ කිරීමට, අරගල කිරීමට ඉඩ දෙන්න.

3. වැරදි සාමාන්‍යකරණය කරන්න.
➡️“වැරදි අපට ඉගෙන ගැනීමට උපකාරී වේ”
➡️“ඒක තවමත් හරි ගියේ නැහැ”
➡️“අපි නැවත උත්සාහ කරමු” වැනි වාක්‍ය ඛන්ඩ වැඩිහිටියන් පවසන විට,දරුවන් බිය වෙනුවට නොපසුබට උත්සාහය ඉගෙන ගනී.

4. සීමාවන් ඉවත් නොකර දරුවන්ගේ හැඟීම් වලංගු කරන්න.
ඔරොත්තු දීමේ හැකියාව සහිත දරුවන්:
හැඟීම් වලට ඉඩ ඇති බවත්,සීමා තවමත් පවතින බවත් ඉගෙන ගනී
උදාහරණය:
“ඔබ කලබල වුනත් අපිට ක්‍රීඩා පිටියෙන් යන්න වෙනවා. තරහ ගියාට කමක් නැහැ. අපිට යන්නම වෙනවා.”

5. ගැටළු විසඳීම දිරිමත් කරන්න
පිළිතුරු ලබා දීම වෙනුවට, අසන්න:
“අපට කුමක් උත්සාහ කළ හැකිද?”
“කුමක් කළොත් හරි යයිද?”
මෙය දරුවන්ගේ චින්තනය තුළ විශ්වාසය ගොඩනඟයි.

6. සන්සුන්ව කටයුතු කිරීම ආදර්ශනය කරන්න.
වැඩිහිටියන් නැරඹීමෙන් දරුවන් ඔරොත්තු දීමේ හැකියාව ඉගෙන ගනී:
➡️ගැඹුරු හුස්ම ගන්න
➡️හැඟීම් හරහා කතා කරන්න
➡️ආතතිය අතරතුර සන්සුන්ව සිටින්න
ඔබේ නියාමනය ඔවුන්ට එවැනි හැසිරවීම් උගන්වයි.

7. අභ්‍යන්තර ශක්තිය ගොඩනඟන භාෂාව භාවිතා කරන්න.
දරුවන්ට මෙසේ කියන්න:
➡️“එය කොපමම අපහසු වූවත් ඔබ දිගටම උත්සාහ කළා.”
➡️“ඒක අමාරුයි, ඒත් ඔබ ඒක කළා.”
➡️“ඔබ එය තේරුම් ගත්තා.”
➡️“ඔබේ උත්සාහය ගැන මම ආඩම්බර වෙනවා.”
මෙය දරුවන් තුළ ශක්තිමත් අභ්‍යන්තර හඬක් ගොඩනඟයි.

8. පුරෝකථනය කළ හැකි චර්යාවන් පවත්වා ගන්න
අනුකූලතාව දරුවන්ට ආරක්ෂිත බව, වෙනස්කම් හැසිරවිය හැකි බව දැනීමට උපකාරී වේ.එමෙන්ම පුරෝකථනය කිරීමේ හැකියාව දරුවන්ගේ චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාවට සහාය වේ.

🚫 දරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව දුර්වල කරන සාධක
✴️අධික ලෙස ආරක්ෂා කිරීම
✴️ගලවා ගැනීමට ඉක්මන් වීම(උත්සහ කිරීම වලදී උදව් කිරීමට ඉක්මන් වීම)
✴️වැරදීම් වලදී දරුවන් ලැජ්ජාවට පත් කිරීම
✴️නිරන්තර නිවැරදි කිරීම
✴️යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් පැවැත්වීම්
අධික පීඩනය හෝ ඕනෑවට වඩා ආරක්ෂාව යන දෙකම දරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සීමා කරයි.

🌈 ඔරොත්තු දීමේ හැකියාවේ දිගුකාලීන ප්‍රතිලාභ.
ඔරොත්තු දෙන දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට:
✔ ආතතිය කළමනාකරණය කරන්න,
✔ වෙනස් කම් වලට අනුවර්තනය වන්න,
✔ අසාර්ථකත්වය හසුරුවන්න,
✔ චිත්තවේගීය සමතුලිතතාවය පවත්වා ගන්න,
✔ සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමට, දක්ෂ වේ.

💬ඔරොත්තු දෙන බව යන්නෙන් අදහස් කරන්නේ දරුවන් කිසිදා අඬන්නේ නැති බව නොවේ.
එයින් අදහස් වන්නේ ඔවුන් සහයෝගය ඇතිව ඔරොත්තු දෙන්නන් බවට පත් වන බවයි.
ඔබ පවසන සෑම අවස්ථාවකම:
“මම ඔබ වෙනුවෙන් මෙහි සිටිමි. ඔබට මෙය හැසිරවිය හැකිය.”
ඔබ ඔරොත්තු දෙන මොළයක් ගොඩනඟමින් සිටී.
ශක්තිමත් දරුවන් පීඩනයෙන් ඇති දැඩි නොවේ —
ඔවුන් සහයෝගය, විශ්වාසය සහ ඉවසීමෙන් ඇති දැඩි වේ. 🌱

Shyamini Liyanage,
Brain Bear.
28.12.2025

(මෙම ලිපියෙහි අයිතිය Brain Bear පිටුව සතු වන බැවින් උපුටා ගැනීමක් සිදු කරන්නේ නම් කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න.)

Address

No 84 Abayamawatha New Town Kataragama 0472235378 And 0701938080
Kataragama
91400

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94472235378

Website

Alerts

Be the first to know and let us send you an email when Suwasewana phamacy and nursing home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwasewana phamacy and nursing home:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram