Awulak naa_අවුලක් නැ.

Awulak naa_අවුලක් නැ. just for fun nothing else

17/01/2023
04/09/2022
06/07/2022
19/06/2022

රියදුරු රැකියාවක් අවශ්‍යයි
හැකි අයුරින් මේ මහතාට උපකාර කරන්න.

15/06/2022

කොන්ඩම් වර්ග ගැන

මේ ඊයේ පෙරේදා දාපු IUD ගැන වීඩියෝවකට එක නෝනා කෙනෙක් හොදටෝම බැනලා තිබ්බා කොන්දක් තියන පිරිමියෙක් නම් එක එක දේවල් ඇතුලට දාන්නයි, බෙහෙත් පෙති බොන්නයි, ඉන්ජෙක්ෂන් ගහන්නයි, බිරිදව MOH ගානේ clinic යවන්නේ නෑ. එයාලටත් තියනවා උපත් පලන ක්‍රම කියලා.

ඒ අදහස හරිම වැරදියිනේ. පිරිමින්ට උපත් පාලන ක්‍රම තියෙන්නේ දෙකම දෙකයිනෙ. ඒ ඔය කොන්ඩම් සහ වාසෙක්තමි සැත්කම. ඒකෙන් වාසෙක්තමි කියන්නේ reversible quality එක අඩු ක්‍රමයක්. ඒක කරගත්තොත් නැවත බබාලා හදන්නම බැරි වෙන අවදානම වැඩියි. ඒ නිසා අපි අවුරුදු 04 ක් විතර තව බබාලා හදන්න නැතිව ඉදලා පස්සේ දුවෙක් හදමු සුදාම්මි කියන පිරිමියෙක්ට ඇත්තටම තියෙන එකම උපත් පාලන ඔප්ෂන් එක දවස ගානේ කොන්ඩම් පාවිච්චි කරන එක විතරයි.

කාන්තාවගේ උපත් පාලනයෙදි තියෙන්නේ මාසෙකට සැරයක් පරිනත වෙන ඩිම්බය ඒ විදියට පරිනත වීම වැලැක්වීම හෝ ඒ ඩිම්බය දිහාවට සජීවී ශුක්‍රාණුවකට යන්න නොදෙන එක විතරයි. එතකොට එතන වැඩ එකයි. ඒත් පිරිමි ශරීරයේ එක තත්පරයකට ශුක්‍රාණු 1500 ගානේ දවසකට ශුක්‍රාණු මිලියන ගානක් නිෂ්පාදනය වෙනවා. ශුක්‍ර තරලයේ එක මිලිලීටරයක් ඇතුලේ සජීවී ශුක්‍රාණු මිලියන 200 ක් විතර තියෙන්න ඉඩ තියනවා. ඉතින් මේ ශුක්‍රාණු පිටවීම නවත්වන එකවත් ශුක්‍රාණු අක්‍රිය කරන එකවත් කරන්න ලේසි පහසු වැඩක් නෙවෙයි.ඒ නිසා ගැහැණුන්ට විතරක් උපත්පාලන ක්‍රම තිබීම පුරුෂෝත්තමවාදයවත් ගැහැණුන්ට කරන අසාධාරණයක් වත් නෙවෙයි ඒක ජස්ට් බයෝලොජි. ඇත්තටම එතන පිරිමින්ටත් සෑහෙන්න අසාධාරණයක් වෙලා කියන එකයි මාධවීතුමී නම් හිතන්නේම.

ඉතින් අද ආවේ ඔය කොන්ඩම් ගැන ටිකක් කියලා දීලා යන්න. කොන්ඩම් කියන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීමයි ලිංගිකව පරිවහනය වෙන රෝගවලින් ආරක්ෂාව දීමයි කියන වැඩ දෙකම සුපිරියට කරන්න පුලුවන් ලෝකයේ තියෙන එකම ක්‍රමයනේ. ඉස් ඉස්සෙල්ලාම කොන්ඩම් එකක් භාවිත කරේ පිරිමි ළමයෙක් නෙවෙයි ගෑල්ලමයෙක් කියලත් කතාවක් තියනවා කියලත් මාධවීතුමී කලින් කියලා තියෙනවනේ. ඔය ග්‍රීසියේ හිටපු මිනෝස් කියලා රජ කෙනෙක්ගේ ශුක්‍රාණුවල ගෝනුසු විස තියෙනවා කියන ආරංචියට බය වුනු එයාගේ අන්තප්පුරේ එක හාමිනේ කෙනෙක් එලුවෙකුගේ මුත්‍රාශයක් කපලා අරගෙන වේලලා ඒක යෝනිය ඇතුලට දාගත්තලු රජතුමා එක්ක එව්වා මෙව්වා කරන්න කලින්.

චීනේ සහ ජපානේ මහත්තුරු අවුරුදු 3000 ක තරම් ඈත කාලෙක ඉදන් සතුන්ගේ බඩවැල් කොටස් වලින් කොන්ඩම් හදාගත්තා කියලා පුරාවිද්‍යාත්මක සාක්ෂි තියනවා. පස්සේ ඔය ක්‍රි.ව. 1494 වගේ කාලෙදි ඉතාලියේ හිටිය ගේබ්‍රියෙල්ලේ ෆැලෝපියෝ කියන කතෝලික පූජක තුමා තමා ලිනන් රෙදි වලින් කොන්ඩම් එකක් හදාගන්න ආකාරය ගැන මුලින්ම අදහස් පළ කළේ. මෙයා කායික ව්‍යූහ විද්‍යාඥයෙක්. මෙයාට ගෞරවයක් විදියට තමා ඔය ෆැලෝපීය නාල කියන එකට ඒ නම දීලා තියෙන්නේ. කොහොම හරි මේක තමයි කොන්ඩම් ගැන පැහැදිලිව ලේඛණගත වුන පළමු වතාව.

කොන්ඩම් වර්ග ගැන කතා කරොත් එකිනෙකට වෙනස් කොන්ඩම් විශේෂ 11 ක් විතර තියෙනවා මයේ හිතේ. මුලින්ම එන්නේ සාමාන්‍ය කොන්ඩම්. මේවා ලේටෙක්ස් කියන රබර් විශේෂයෙන් හදන කොන්ඩම්. මේවා තමා බහුලවම තියෙන ඒ වගේම මිල අඩුම කොන්ඩම් විශේෂය. මෙව්වා හොදයි, හැබැයි ඔය පෙට්‍රෝලියම් තෙල්වලින් (oil-based) හදන ක්‍රීම් වර්ග (ඒ කිව්වේ වැස්ලීන් වගේ ඒවා) තව එතකොට ලුබ්‍රිකන්ට් වගේ ඒවා මේකේ ගෑවුනොත් සොරි තමයි. මොකද ඒවයෙන් මේ ලේටෙක්ස් ව්‍යූහය හානි වෙලා කොන්ඩම් එක ඉරිලා යනවා. ඒ වගේම සමහර මහත්තුරුන්ට සහ නෝනලට මේ ලේටෙක්ස් කොන්ඩම් ඇලජික් වෙලා කැසීම් එහෙම එන්න පුලුවන්.

ඊලගට තියනවා non-latex කොන්ඩම් වර්ග. මේවා ඔය පොලිතීන් වගේ අමුද්‍රව්‍යවලින් හදන්නේ. මේවා එක්ක අර කලින් කියපු oil-based lubricants පාවිච්චි කරන්න පුලුවන් කරදරයක් නැතිව. හැබැයි මතක තියාගන්න සමහරු මේ non-latex ඒවටත් ආසාත්මික වෙන්න පුලුවන් හොදේ.

Spermicide condoms කියලත් ජාතියක් තියනවා. මේ කොන්ඩම්වල spermicide කියන රසායනික සංයෝගය අන්තර්ගත කරලයි තියෙන්නේ. මේකෙන් කොන්ඩම් එක ඇතුලේ නිදහස් වෙන ශුක්‍රාණු අකර්මන්‍ය කරනවා. ඒනිසා මොනව හරි කරුමෙකට කොන්ඩම් එක දාලා තිබිලත් ශුක්‍රාණු යෝනියට එකතු වුනොත් (එහෙම වෙන්න පුලුවන් අවස්ථා ඉතාම සීමිතයි) මේවගේ කොන්ඩම් වලින් තවත් චුට්ටක් ආරක්ෂාව ලැබෙනවා.

ඊලග වර්ගයට මම extended pleasure condoms කියන්නම් හොදේ. ඒ කියන්නේ දිගු වින්දනයක් සදහා වන කොන්ඩම් කියලා හිතන්නකෝ. Delay condoms කියන්නෙත් මේවම තමා. මේවයේ විශේෂත්වය තියෙන්නේ ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන්න මේවට benzocaine හෝ lidocaine වගේ විශේෂ සංයෝග ඇතුලත් කරලා තියනවා. මේ දෙකම නිර්වින්දනකාරක. කොන්ඩම් එක ඇතුල් පැත්තේ විශේෂයෙන්ම ශිෂ්ණය කෙලවර එන කොටසේ මේවා ආලේප කරලා තියෙන්නේ. ඒකෙන් ශිෂ්ණය ටිකක් හිරිවැටිලා ශිෂ්ණයට සිහිය මදි වගේ වෙනවා (numb). එතකොට ශිෂ්ණයට සංවේදන දැනෙන ප්‍රමාණය අඩු වෙලා ශුක්‍රාණු පිටවීම ප්‍රමාද වෙනවා. ඔය premature ej*******on (ඉක්මනින් ශුක්‍රාණු පිටවීමේ ගැටලුව) තියන අයට මේ වගේ කොන්ඩම් සෑහෙන්න වටිනවා.

තව තියනවා mutual pleasure condoms කියලා වර්ගයකුත්. මේවට සමහරු කියනවා textured condoms එහෙම නැත්නම් me & you condoms කියලා. මේවයේ අර උඩින් කියපු benzocaine/lidocaine වගේ සංයෝග ආලේප කරලා තියනවා. ඊට අමතරව කොන්ඩම් එකේ එලියෙන් පොඩි ගැටිති, ඩොට්ස් හෝ රටාවකට යන රේඛා වගේ දේවල් තියනවා. එතකොට මේ වර්ගයේ කොන්ඩම් භාවිත කරන පිරිමි කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක යෙදෙන කාන්තාවකට ඒක අමතර වින්දනයක්. තව තියනවා tingling condoms කියලා වර්ගයක්. මේවයේ බාහිර පැත්තේ විශේෂ ලිහිසිකාරක සංයෝග තියෙනවා. මේවගේ කොන්ඩම්වලින් යෝනියට ක්‍රීම්සෝඩා හැගීමක් දැනෙනවා(ලු). ක්‍රීම්සෝඩා හැගීමක් කිව්වේ නිකන් පොපියන චමත්කාරයක් වගේ එකක්.

Flavored condoms කියන්නේ ඒ කොන්ඩම් එකෙන් විවිධ රස වර්ග එන කොන්ඩම්. මේවා හොද මුඛ සංසර්ගයට. මේවා ගත්තම ස්ට්‍රෝබෙරි රස වගේ හරි සරල රසවල ඉදන් චිකන් ටික්කා මසාලා රස, විස්කි රස, බේකන් රස, ගංජා රස, අච්චාරු රස එහෙමත් තියනවා. මළ සමයන්. එතකොට glow in the dark condoms කියලා වර්ගෙකුත් තියනවා. මේවායේ පිටත පැත්තේ ලුමිනෙක්ස් වර්ණයක් ආලේප කරලා තියෙන්නේ. ඒක නිසා ලයිට් නිව්වම ඒක ලස්සනට බලුප් එක වගේ පේනවා.

තව එතකොට ඔය lambskin condoms එහෙමත් නැත්නම් natural membrane condom ගැන දවසක් කියලා දුන්නනේ. ඒව්වා හදන්නේ බැටලුවන්ගේ මහා බඩවැලේ කෙලවර තියෙන මල්ලක් වගේ කොටසකින්. මේවා ටිකක් ගනන්. ලංකාවෙත් නැතිව ඇති. මේ කොන්ඩම් හරිම තුනී පටලයක් වගේ නිසා සාමාන්‍ය කොන්ඩම්වලට වඩා දැනෙනවා(ලු). ඒ වගේම සාමාන්‍ය කොන්ඩම් වගේ නෙවෙයි මේවා oil-based ලුබ්‍රිකන්ට්ස්වලටත් ඔරොත්තු දෙනවා හොදේ.

ඔය කොන්ඩම් ඉරෙනවා කැඩෙනවා කියලා තියනවනේ. පිරිමි ළමයා ගිනි කසයා වගේ වැඩ දාලා කරා කියලා කොන්ඩම් එහෙම ඉරෙන්නේ / කැඩෙන්නේ නෑ. කොන්ඩම් එකක් කැඩෙන්නේ එක්කෝ තියන හදිස්සියට ඒකත් එක්ක Oil-based lubricant එකක් පාවිච්චි කරාම, නැත්නම් ඒක අවුරුද්දක් දෙකක් පරණ එකක් නම් විතරයි. දැන් හිතන්න කේන්දරේ අවුලක් නිසා හරි කොන්ඩම් එක කැඩෙනවා කියලා. එතකොට මොකෑ කරන්නේ?

මේ වගේ අවස්ථාවක එන්න පුලුවන් අවධානම දෙයාකාරයි. එකක් තමා අනවශ්‍ය ගැබ්ගැනීම්. දෙවෙනි එක ලිංගිකව පරිවහණය වන රෝගවලට නිරාවරණයවීම්. පිරිමි ළමයට ශුක්‍රාණු පිටවෙලා තිබුනාය නැතාය කියලා නෑ කොන්ඩම් එක කැඩුනොත් ගෑල්ලමයා විගහට බාත්රූම් එකට ගිහින් පිරිසිදු වතුරෙන් යෝනිය හෝදලා කරලා ඇවිත් emergency contraception එකක් ගන්න. එක්කෝ postinor වර්ගයේ පෙත්තක්, නැත්නම් ඩොක්ටර් හම්බෙලා ella පෙති වලට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියවගන්න, නැත්නම් IUD එකක් දාගන්න.

ඊලගට ඔයාට හිතෙනවා නම් වෙච්ච සන්තෑසිය නිසා HIV හෝ වෙනත් ලිංගාශ්‍රිත රෝග අවදානමක් වගේ දෙයක් තියනවා කියලා එහෙනම් වහාම රජයේ හෝ පුද්ගලික රෝහලක ලිංගාශ්‍රිත රෝග සායනයකට ගිහින් අදාළ පරීක්ෂාවන් කරගන්න ඕන. Rule of thumb එකක් විදියට මුල්ම වතාවට පරීක්ෂා කරගෙන මාස 03 කට පස්සේ ආයෙත් පරීක්ෂා කරගන්න මොකද සමහර ලිංගාශ්‍රිත රෝග මතුවෙන්න මාස 03 ක් විතර වගේ කාලයක් යනවා.

මේ කොන්ඩම් එක break වීමේ සන්තෑසිය වෙච්චි ඔයාලා සමසෙනෙහස් පිරිමි යුවළක් නම් හෝ සංක්‍රාන්ත්‍රි කාන්තාවක් නම් කොළඹ මහ ඉස්පිරිතාලේ ලග තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (National STD/AIDS Control Programme - NSACP) ඔෆිස් එකට ගිහින් PrEP කෝස් එක පටන් ගන්න. මොකද්ද PrEP කියන්නේ? PrEP කියන්නේ හලෝ Pre-exposure prophylaxis කියන ඖෂධය. මේක ලෝක සෞඛ්‍ය සංවිධානේ කට්ටියත් නිර්දේශ කරන හරිම හොද බෙහෙතක්. NSACP එක ඒත් එක්කම ඒඩ්ස් ක්ෂණික පරීක්ෂණය, ගොනෝරියා පරීක්ෂණය, සිෆිලිස් පරීක්ෂණය වගේ පරීක්ෂණ ගොඩකුත් කරලා දෙනවා තඹ සතයක්වත් ගන්නේ නැතිව. කොළඹ ඇරුනාම රාගම, යාපනය සහ හම්බන්තොට තියෙන NSACP ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වෙලා PrEP එක ගන්නත් පුලුවන්. දැනට PrEP එක locally available නෑ. ඒ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල්ස්වලින් හෙම ගන්න නෑ. NSACP එකේ අය මේක දෙන්නේ HIV high risk කණ්ඩායම්වලට විතරයි - ඒ ඔය සමසෙනෙහස් පිරිමි අය සහ සංක්‍රාන්ති කාන්තාවෝ. ඉස්සරහට ඕක සමහරවිට වෙනස් වෙයි.

ඔච්චර තමා කොන්ඩම් ගැන හොදේ. දන්නවයි අවුරුද්දකට ලෝකය පුරාම කොන්ඩම් අවම වශයෙන් බිලියන 05 ක් විතර භාවිතා වෙනවා. මේවයෙන් සාමාන්‍ය කොන්ඩම් වර්ග මුලුමනින්ම දිරා යන්න අවම වශයෙන් අවුරුදු 08 - 10 ත් අතර කාලයක් ගත වෙනෝ. Non-latex වගේ සමහර කොන්ඩම් හදන්න ගන්න අමුද්‍රව්‍ය පරිසර හිතකාමීයි, ඒත් ඒවට එකතු කරන ඔය උඩින් කිව්ව විදියේ රසායනික ද්‍රව්‍ය නිසා මේ කොන්ඩම් මුලුමනින්ම දිරා යන්නත් කාලයක් ගත වෙනවා. දළ වශයෙන් අවුරුදු 4 ක් විතර. ඉතින් ස්කන්ධය දිරුවට ආතල් ඉතිරි වෙන නිසා මේ ඔක්කොම අන්තිමට පරිසර දූෂ්‍යකාරක විදියට අපේ පරිසරයට එකතු වෙනවා කියලත් මතක තියාගන්න.

මම මාධවී. මේ මගේ bedroom talks

25/05/2022

Child is from Embilipitiya Rural Village. For more info

Call - Anusha (Boy’s mother) - +94 (74) 120 7153

Address

Katubedda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Awulak naa_අවුලක් නැ. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram