Opal Medicare, Wattaranthenna, Kandy

Opal Medicare, Wattaranthenna, Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Opal Medicare, Wattaranthenna, Kandy, Medical and health, 78 Wattaranthenna road, Kandy, Katugastota.
(1)

අපගෙන් ලබාගත හැකි සේවාවන්:

සියලුම රෝග ප්‍රතිකාර (ළමා/වැඩිහිටි)
විශේෂිත දියවැඩියා සායනය
රුධිර පීඩනය පරීක්ෂාව
රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව
චර්ම රෝග ප්‍රතිකාර
තුවාල සදහා ප්‍රතිකාර
පෝෂණ උපදෙස්
මාතෘ හා ළමා සායනය

For appointments please call 072 3487965

මේ වැරැද්ද ඔබත් කරනවද??අදම නවත්තන්න!!ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කාපු ගමන් පොඩ්ඩක් ඇලවෙන්න. නමුත් ඒකෙන් වෙන හානිය ගොඩක...
25/10/2025

මේ වැරැද්ද ඔබත් කරනවද??
අදම නවත්තන්න!!

ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කාපු ගමන් පොඩ්ඩක් ඇලවෙන්න. නමුත් ඒකෙන් වෙන හානිය ගොඩක් අය දන්නෙ නෑ. ආහාර ගත්තු ගමන් ඇලවෙන එකෙන් ආහාර පල්ලෙහාට යන්න තියෙන ගුරුත්වාකර්ෂණ බලයේ උදව්ව නැති වෙලා යනවා. එතකොට බඩට ගියපු කෑම ටික, බඩේ ඇසිඩ් ටිකත් එක්කම ආපහු ගලනාලය දිගේ උඩට එන්න බලනවා. කෑම උගුරට එන එක, උගුර සහ බඩ මැද හරිය පිච්චෙන ගතිය හා දැවිල්ල වගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ එතකොට. බඩේ තියෙන ඇසිඩ්, ගලනාලයට ඔරොත්තු දෙන්නෙත් නෑ. ඒක නිසා නිතර නිතර මේක උනොත් ගලනාලයටත් හානි සිද්ධ වෙනවා.

මේක වළක්වා ගන්නේ කොහොමද?
ආහාර අරගෙන අඩුම ගානේ පැයක් යනකල් වත් ඇලවෙන්න එපා. කෑම අරගෙන පොඩ්ඩක් ඇවිදින්න, එහෙම නැත්නම් හිටගෙන ඉන්න. ඒ විදිහට බොහොම පහසුවෙන් මේ රෝග ලක්ෂණ වළක්වා ගන්න පුළුවන්.

20/10/2025
අද අපි ටිකක් අමුතු කතාවක් අරගෙන ආවෙ..ඕගොල්ලෝ දන්නවද?  අපි උදේ නැගිටිනකොට  සහ අපි රෑට නිදාගන්න යනකොට අපේ උස මැන්නොත් ඒ උස...
15/10/2025

අද අපි ටිකක් අමුතු කතාවක් අරගෙන ආවෙ..

ඕගොල්ලෝ දන්නවද?
අපි උදේ නැගිටිනකොට සහ අපි රෑට නිදාගන්න යනකොට අපේ උස මැන්නොත් ඒ උසවල් දෙක අතර අඩුම ගානෙ සෙන්ටිමීටර් දෙකකවත් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ උදේ නැගිටිනකොට තියෙන උසට වැඩිය රෑ නිදාගන්න යනකොට තියෙන උස අඩුයි. නිවාඩු දවසක මැනලා බලන්නකො.

කොහොමද මේ රෑ වෙද්දී අපේ උස අඩු වෙන්නේ??
අපේ කොඳු ඇට පේළියේ හැම කොඳු ඇට දෙකක් අතරම තියෙනවා ඩිස්ක් එකක් . හරියට ජෙලි වලින් හැදිච්ච කුෂන් එකක් වගේ එකක්. මේ ඩිස්ක් වලින් තමයි කොඳු ඇට පේලියට එන පීඩනය දරාගන්නේ. හරියට වාහනයක shock absorber වගේ. මේ ඩිස්ක් ඇතුලෙ වැඩිපුර තියෙන්නේ වතුර. දවස පුරාම අපි ඇවිදිනකොට, ඉඳගන්නකොට, ආපහු හිටගන්නකොට ඒකෙන් අපේ කොඳු ඇට පේලියට එන පීඩනය නිසා අපේ කොඳු ඇට පේලි අතර තියෙන මේ ඩිස්ක් වල තියෙන වතුර එළියට යනවා. ඊට අමතරව දවස පුරා අපි කෙලින් ඉන්නකොට පහළට තියෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ ඩිස්ක් වලට තියෙන පීඩනය තවත් වැඩියි. එතකොට මේ ඩිස්ක් ඇකිලෙනවා. කොඳු ඇට පේළියේ සම්පූර්ණ උස අඩුවෙනවා.
අපි නිදාගන්න ගියාම කොඳු ඇට පේලියට එන පීඩනය අඩුවෙනවා. කොන්ද relax වෙනවා. එතකොට නැවත කොඳු ඇට අතර තියන ඩිස්ක් ඇතුලට වතුර ඇතුල් වෙනවා. ඩිස්ක් කලින් තිබ්බ ප්‍රමාණයටම ලොකු වෙනවා. එතකොට උදේ නැගිටිනකොට අපි ආයෙත් අපේ තිබ්බ උසටම එනවා.
ඔන්න ඔහොම තමයි උදේට උස අඩි හයේ එක්කෙනා රෑට නිදාගද්දී අඩි පහයි අඟල් දහයයි වෙන්නේ.. පුදුමයි නේද?

ඇස් පෙනීම දියුණු කරගන්නේ කොහොමද??මොකක්ද මේ විටමින් A??ඇස් පෙනීම දියුණු වෙන්න නම් විටමින් A බහුල කෑම ගන්න කියලා වෛද්‍යවරු...
07/10/2025

ඇස් පෙනීම දියුණු කරගන්නේ කොහොමද??
මොකක්ද මේ විටමින් A??

ඇස් පෙනීම දියුණු වෙන්න නම් විටමින් A බහුල කෑම ගන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා ඔයාලා අහලා ඇති. ඇත්තටම මොකක්ද මේ විටමින් A? කොහොමද ඒකෙන් ඇස් පෙනීම දියුණු වෙන්නේ?

අපේ ඇස් ඇතුළෙ තියෙනවා රොඩොප්සින් (Rhodopsin) කියලා ප්‍රෝටීන් එකක්. ඒ ප්‍රෝටීන් එකෙන් තමයි අඩු ආලෝක තත්ත්ව යටතේ, එහෙම නැත්තං හවසට සහ රාත්‍රී කාලයට අපේ ඇහැට වැටෙන ආලෝකය උරාගෙන, පෙනීම ලබා දෙන්නේ. මේ රොඩොප්සින් කියන ප්‍රෝටීන් එක හැදෙන්න, විටමින් A අත්‍යවශ්‍යයි.

ඒ විතරක් නෙමෙයි අපේ ඇහේ සුදු ඉංගිරියාව, එහෙම නැත්නම් කණීනිකාව, වියලි වෙන්නැතුව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්නෙත් මේ විටමින් A වලින්ම තමයි.

එතකොට විටමින් A අඩු උනහම ඇස් දෙක වියළි වෙලා ඇස් රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම ඇසේ පෙනීම විශේෂයෙන් රාත්‍රී කාලයට දුර්වල වෙන්න පුළුවන්.

විටමින් A වල තව ප්‍රයෝජන තියෙනවද?
ඇස් පෙනීම දියුණු කරනවට අමතරව විටමින් A කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් එකක්. විටමින් A වල ප්‍රයෝජන කීපයක් පහතින් ලිව්වා.

1. ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම. අපේ ඇගේ ප්‍රතිශක්තියට, එහෙම නැත්නම් ලෙඩ රෝග වලට සටන් කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කරන්න විටමින් A උදව් කරනවා.

2. හම ලස්සන වීම. අපි ගොඩක් රූපලාවන්‍ය වෙළෙඳ දැන්වීම් වල අහල තියන රෙටිනෝල් (Retinol) කියන්නෙත් විටමින් A වලම එක වර්ගයක්. හම රැලි ගැහෙන එක අඩු කිරීම, හම දුර්වර්ණ වීම නැවැත්වීම, කුරුලෑ අඩු කිරීම සිදුවෙන්නෙ රෙටිනෝල් වලින්. රෙටිනෝල් වැඩිපුර තියෙන්නේ සත්ව ආහාරවල. ඒ කියන්නේ මාළු, මස් වර්ග, බිත්තර කහ මද, චීස්, fish oil වගේ සත්ව ආහාර වල මේ රෙටිනෝල් කියන විටමින් A විශේෂය වැඩිපුර තියෙනවා.

3. ගර්භනී සමයේ කලල වර්ධනය. ගර්භණී කාලේ විටමින් A අවශ්‍ය වෙනවා ලැබෙන්න ඉන්න දරුවා ගේ හෘදය වස්තුව, පෙනහළු, ඇස් වගේ අවයව නිසි ආකාරයට හැදෙන්න.

ඉතින් කොහොමද මේ විටමින් A ගන්නේ?

අර කලින් කිව්වා වගේ විටමින් A සත්ව ආහාර වලින් ලබා ගන්නත් පුළුවන්. මස් වර්ග, මාළු, බිත්තර (විශේෂයෙන් කහ මදේ) ඊට අමතරව චීස්,බටර්, යෝගට් වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වලින් විටමින් A ලබාගන්න පුළුවන්.

ඊට අමතරව කැරට්, වට්ටක්කා, බතල වගේ එළවළු වර්ග, සියලුම පලා වර්ග, ගස්ලබු සහ අඹ වගේ පළතුරු වලිනුත් අපිට විටමින් A වැඩිපුර ලබාගන්න පුළුවන්.

කහ පාට එළවළු පලතුරු වල වැඩිපුර විටමින් A තියෙනවද?

කහ පාට එළවළු සහ පලතුරුවල විටමින් A ටිකක් වැඩිපුර තියෙනවා. ඒකට හේතුව තමයි එළවළු සහ පලතුරු වල කහ පාට හැදෙන්න අවශ්‍ය බීටා කැරටීන් (beta carotene) කියන රසායන ද්‍රව්‍ය තමයි අපේ ඇඟ ඇතුලෙදි විටමින් A බවට පත්වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන. කෙසෙල් සහ අන්නාසි කහපාට වුණාට විටමින් A බහුල පලතුරු නෙමෙයි.

හරියට නිදාගන්නෙ කොහොමද??අපි දවසකට කොච්චර නිදාගන්න ඕනද??නින්ද  කියන්නේ නිකම්ම විවේකයක් නොවේ!අපි අඩුම වශයෙන් දිනකට පැය 7-9...
26/09/2025

හරියට නිදාගන්නෙ කොහොමද??
අපි දවසකට කොච්චර නිදාගන්න ඕනද??
නින්ද කියන්නේ නිකම්ම විවේකයක් නොවේ!
අපි අඩුම වශයෙන් දිනකට පැය 7-9 අතර හොඳ නින්දක් ලැබීම අත්‍යවශ්‍යයි.
අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා, බොහෝ විට නින්දට දෙන වටිනාකම අඩුයි. නමුත් නින්ද කියන්නේ අපේ ශරීරය සහ මනස උද්දීපනය (Recharge) කරන ඉතාම වැදගත් ක්‍රියාවලියක්!

නින්දේ අනිවාර්ය සෞඛ්‍ය ප්‍රතිලාභ කීපයක් තියෙනවා. ඒ කියන්නේ නිදා ගත්තාම අපිට ලැබෙන වාසි මොනවද??

1. මතක ශක්තිය හා ඉගෙනීමට තියෙන හැකියාව වැඩි දියුණු වෙනවා.

දවස පුරා අපේ මොළේට ලැබෙන තොරතුරු ටික මොළේ ඇතුළේ ගබඩා වෙන්නේ අපි නිදා ගන්නකොට. හොඳට නිදාගත්තොත් මතකය වැඩි වෙන්නේ ඒකයි.

2.ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වෙනවා.

අසනීප උනාම වෛද්‍යවරු අපිට විවේකයෙන් ඉන්න කියන්නේ ඇයි? අපේ ඇඟට ඇතුල් වෙන ලෙඩ රෝග එක්ක සටන් කරන්න අපේ ඇඟෙන්ම හැදෙන සෛල වර්ග තියෙනවා. අපි නිදා ගන්නකොට තමයි මේ කිව්ව සෛල වර්ග නිපදවෙන්නේ. හොඳින් නිදාගත්තොත් ඒ ලෙඩ එක්ක සටන් කරන සෛල නිපදවීම වැඩී. එතකොට අපේ ප්‍රතිශක්තීකරණය එහෙම නැත්නම් ලෙඩ රෝග සමඟ සටන් කරන්න තියෙන හැකියාව වැඩිවෙනවා.

3. බර පාලනයට උදව් කරනවා

හොඳ නින්දක් ලැබෙනකොට බඩගින්න ඇති කරන හෝමෝන ශ්‍රාවය වෙනවා අඩුයි. එතකොට අපිට නිතර නිතර බඩගිනි එන්නෙත් නෑ. ගොඩක් කෑම කන්න හිතෙන්නෙත් නෑ. බර වැඩි වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි, අපේ ඇඟේ ගබඩා වෙලා තියෙන තෙල් පිච්චෙන එක, එහෙම නැත්නම් කැලරි දහනය, හොඳ නින්දක් ලැබුනහම වැඩි වෙනවා. එතකොට ඇඟ ලස්සනට පිළිවෙලට තියාගන්නත් නින්ද කියන එක සෑහෙන බලපානවා.

4. ආතතිය කළමනාකරණය කරන එක.

පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා හොඳ නින්දක් ලැබුවම අපිට එන ආතතිය ගොඩක් අඩුවෙනවා කියලා.

5. හදවත් රෝග වලින් ආරක්ෂා වෙන එක.

දවසට පැය හතත් නවයත් අතර නිදා ගත්තාම හදවතේ ලෙඩ අඩු වෙනවා කියලත් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා.

මේ උඩ කිව්ව වාසි ලබා ගන්න නම් අපි සනීපෙට නිදාගන්න ඕන.
සනීපෙට නිදාගන්න නම් අපි මොනවද කරන්න ඕන??

1. හැමදාම නිදාගන්නයි නැගිටින්නයි එකම වෙලාවක් වෙන් කරගන්න. එතකොට අපේ ඇඟ පහසු නින්දකට හුරු වෙනව.

2. නිදන කාමරය සිසිල්ව, අඳුරුව සහ නිශ්ශබ්දව තියාගන්න.

3 නින්දට පෙර, අඩුම ගානේ පැයකට කලින් වත්, දුරකථන තිර, laptop තිර හෝ රූපවාහිනී තිර බලන එක නවත්තන්න. අපිට නිදාගන්න උදව් කරන හෝමෝනයක් තියෙනවා මෙලෙටොනින් (Melatonin) කියලා. නින්දට ලංවෙලා විද්‍යුත් තිර දිහා බලන් හිටියම ඒ හෝමෝනය ශ්‍රාවය වෙන එක අඩු වෙනවා.එතකොට අපිට හරියට නින්ද යන්නේ නෑ.

4.ඒ වගේම, නින්දට බාධා කරන තේ, කෝපි වගේ දේවල් නිදාගන්න ළංවෙලා බොන එක නවත්තන්න ඕනෙ.
මේ පුරුදු අනුගමනය කළොත්, අපිට සුවබර නින්දක් සහ සෞඛ්‍යමත් ජීවිතයක් ලං කර ගන්න පුළුවන්.

කෑම කාපු ගමන් තේ බොන්න හොඳ නෑ. මේ කතාව ගොඩක් වෙලාවට හැමෝම වගේ අහල ඇති. ඇත්තටම එහෙම එකක් තියනවද? උදේට දවල්ට හෝ රෑට කාපු ග...
21/09/2025

කෑම කාපු ගමන් තේ බොන්න හොඳ නෑ. මේ කතාව ගොඩක් වෙලාවට හැමෝම වගේ අහල ඇති. ඇත්තටම එහෙම එකක් තියනවද? උදේට දවල්ට හෝ රෑට කාපු ගමන් තේ බොන්න හොඳ නැද්ද?

මේ ප්‍රශ්නෙට උත්තරේ නං, ඔව්. කෑම කාපු ගමන් තේ බොන්න හොඳ නෑ. අඩුම ගානේ කෑම සහ තේ අතර පැයක්වත් කාලය තියෙන්න ඕන.

එතකොට ඇයි මෙහෙම වෙන්නේ?
තේ වල තියෙනව ස්වභාවික රසායන ද්‍රව්‍යයක් ටැනින් (Tanin) කියලා. මෙන්න මේ රසායන ද්‍රව්‍යය අපේ කෑම වල තියෙන යකඩ අපේ ඇඟට අවශෝෂණය කරගන්න එක අඩු කරනවා. සරලව කිව්වොත් ඇඟ ඇතුලට යකඩ ගන්න එක අඩු කරනවා. විශේෂයෙන් පලා වර්ග, පියලි ඇට සහ ධාන්‍ය වර්ග වල තියෙන යකඩ.

එතකොට යකඩ ලැබෙන්නේ ඒවගෙන් විතරද??
අපිට යකඩ ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සත්ව ආහාර. ඒ කිව්වේ මස් වර්ග සහ මාළු වලින් ලැබෙන යකඩ. මේ සත්ව ආකාර වලින් ලැබෙන යකඩ අවශෝෂණයට අර මම කිව්ව ටැනින්වලින් ලොකු බාධාවක් නැහැ. හැබැයි ඒ වගේම අපිට යකඩ ලැබෙන තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න වගේ පලා වර්ග, සහල්, ඕට්ස් වගේ ධාන්‍ය වර්ග සහ පරිප්පු, කඩල, මුං ඇට වගේ පියලි ඇට වර්ග වලින් ලැබෙන යකඩ. මෙන්න මේ දෙවෙනියට කියපු මස් මාංශ නොවන ආහාර වලින් ලැබෙන යකඩ අවශෝෂණයට තමයි තේ බිව්වහම බාධා වෙන්නේ.

තේ වෙනුවට ග්‍රීන් ටී බිව්වොත් ඕක වෙනවද?
ග්‍රීන් ටී වලත් අර කිව්ව ටැනින් කියන රසායන ද්‍රව්‍යය තියෙනවා. ඒක නිසා ග්‍රීන් ටී බිව්වත් ඔය වැඩේම වෙනවා.

කොහොමද මේක වළක්වන්නේ?
තේ කියන්නේ ලංකාවේ අපිට නැතුවම බැරි බීමක්. හැබැයි තේ බොනකොට අපිට පුළුවන් ප්‍රධාන ආහාර වේල අරගෙන, ඒ කියන්නේ උදේට, දවල්ට හරි රෑට කාලා, පැයක් විතර ගියාට පස්සෙ තේ බොන්න..

යකඩ වැඩිපුර ගන්න තව ක්‍රම නැද්ද?
ඔව්. යකඩ වැඩිපුර අපේ ඇඟට ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි විටමින් සී වැඩිපුර තියන ආහාරයක් අපේ කෑම වේලට එකතු කරගන්න එක.

විටමින් සී බහුල ආහාර මොනවාද?
ලංකාවේ අපිට ලේසියෙන් විටමින් සී ගන්න පුළුවන් පේර, පැපොල්, අන්නාසි, දොඩම් වගේ පලතුරු වලින්. ඒවගේම මුරුංගා, මුරුංගා කොල, රාබු කොල, බීට්රූට් කොල, තක්කාලි, මාළු මිරිස් වගේ එළවළු සහ පලා ජාති වලින්. ඉතින් මේ කියපු එක එළවළුවක් පලතුරක් හෝ පලා වර්ගයක් අපේ ආහාර වේලට එකතු කරගත්තාම වැඩිපුර අපේ ඇඟට යකඩ ටිකක් අවශෝෂණය කරගන්න පුළුවන්.

ඉතින් අපිට යකඩ ඔච්චර වැදගත් ඇයි?
හේතු කීපයක් තියෙනවා. යකඩ වලින් තමයි හිමොග්ලොබින් හැදෙන්නේ. අපි හුස්ම ඇතුලට අරගෙන ගන්න ඔක්සිජන් ටික ලේ වලට ගියාම අපේ ඇඟේ හැම කොටසකටම බෙදා දෙන්නේ මේ හිමොග්ලොබින් කියන රසායන ද්‍රව්‍ය විසින්.
යකඩ අඩු වුනහම හිමොග්ලොබින් අඩුවෙනවා. එතකොට ඇඟේ හැම කොටසකටම ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. එතකොට අපිට දවස පුරාම ඇඟට පණ නෑ. ශක්තිය නෑ හුස්ම ගන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි දීර්ඝ කාලීනව හදවත් රෝග පවා ඇතිවෙන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි යකඩ වලින් අපේ ඇඟේ වර්ධනයට, මතක ශක්තිය වැඩිකරන්න වගේම ප්‍රතිශක්තියටත් උදව් වෙනවා.

ඉතින් හැමෝම මීට පස්සේ තේ බොනකොට කාලා පැයක්වත් ගියාට පස්සේ තේ බොන්න පුරුදු වෙන්න. ඒ වගේම අර කියපු විටමින් සී තියන එළවළුවක් හෝ පලතුරක් කෑමට එකතු කරගන්න.

Goiter/ගලගණ්ඩය= Thyroid ග්‍රන්ථිය විශාල වීමහේතු:1. අයිඩින් හිඟය (Iodine deficiency) 2. Hormone සම්පාදන ගැටලු – hypothyro...
10/09/2025

Goiter/ගලගණ්ඩය= Thyroid ග්‍රන්ථිය විශාල වීම

හේතු:
1. අයිඩින් හිඟය (Iodine deficiency)

2. Hormone සම්පාදන ගැටලු – hypothyroidism හෝ hyperthyroidism.

3. Thyroid ග්‍රන්ථියේ ඇති තවත් රෝග – nodules, cysts

ලක්ෂණ:

Thyroid ග්‍රන්ථිය විශාල වීම
ශරීරයේ ශක්තිහරණය
හුස්ම ගැනීමේ අපහසුතාව
බර වැඩිවීම හෝ අඩුවීම (hypo/hyperthyroidism සමග)

ප්‍රතිකාර:

අයිඩින් සපයන ආහාර (iodized salt, seafood)
වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ (levothyroxine වැනි)
ශල්‍යචිකිත්සාව

දියවැඩියාවේ පොදු රෝග ලක්ෂණ: නිතර නිතර මුත්‍රා කිරීම අධික පිපාසය දැනේඅධික තෙහෙට්ටුවනොපැහැදිලි දැක්ම සුව වීමට මන්දගාමී වන ...
08/09/2025

දියවැඩියාවේ පොදු රෝග ලක්ෂණ:

නිතර නිතර මුත්‍රා කිරීම

අධික පිපාසය දැනේ

අධික තෙහෙට්ටුව

නොපැහැදිලි දැක්ම

සුව වීමට මන්දගාමී වන කැපුම් / තැලීම්

අත් / පාදවල හිරි වැටීම

කෙසේ වෙතත්, දියවැඩියාවෙන් පෙළෙන සමහර පුද්ගලයින්ට මෙම රෝග ලක්ෂණ මද වශයෙන් ඇති අතර ඒවා නොදැනේ.
දියවැඩියාව කලින් හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දියවැඩියාවේ සංකූලතා වර්ධනය වීමේ අවදානම අඩු කර ගත හැකිය.

Address

78 Wattaranthenna Road, Kandy
Katugastota
20000

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 08:00 - 11:00
16:00 - 22:00
Sunday 08:00 - 11:00
16:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Opal Medicare, Wattaranthenna, Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram