29/05/2023
කුරුඳු වල ඖෂධිය ගුණ
කුරුඳු වල භාවිතය ගත්තම අතීත ඊජිප්තු ඉතිහාසය තුල පවා කුරුඳු භාවිතා කල බවට තොරතුරු වාර්තා වෙනවා. කුරුඳු කියන්නේ ඊජිප්තු රජවරුන් සදහා ලැබුණු වටිනාම සහ දුර්ලභම ත්‍යාගයක් විදියට සලකලා තියනවා.
ප්‍රධාන ලෙසම කුරුඳු වල පහත ඖෂධිය ගුණ පවතින බව ලෝකය පුරා සිදුවූ විවිධ වෛද්‍ය පර්යේෂණ හරහා අනාවරණය කරගෙන තිබෙනවා.
01 කුරුඳු වල තිබෙන ප්‍රබල ඖෂධිය ගුණ : කුරුඳුවලට ආවේනික රසය සුවඳ ලැබෙන්නේ එහි තිබෙන තෙල් වර්ග, විශේෂයෙන්ම එහි තිබෙන සිනමැල්ඩිහයිඩ් කියන රසායනික සංඝටකය නිසා. විශේෂයෙන්ම අපගේ සෞඛ්‍යට හා කායික ක්‍රියාකාරිත්වයට ප්‍රභල හිතකර බලපෑම් ඇතිවෙන්නේ මෙම සිනමැල්ඩිහයිඩ් නිසා බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.
02 කුරුඳුවල පවතින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණ :
කුරුඳු වල පවතින මෙම ප්‍රතිඔක්සිකාරක ගුණ ( antioxidants) නිසා අප ගන්නා ආහාර තුලින් අපේ දේහයේ ඇතුළුවන ඇතැම් මුලද්‍රව්‍ය අයන ( free radicals) අපේ දේහයට හානි නොවන තත්වයට පත් කරනවා.
උදා : තනි ඔක්සිජන් අයන O-/
හයිඩ්රිජන් ෆෙරෝක්සයිඩ් අයන (H2O2 )
සුපර් ඔක්සයිඩ අයන
මෙම කුරුඳු වල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා රුධිරයේ ප්‍රතිඔක්සිකාරක මට්ටම ( antioxidant level) වැඩි කරනවා වගේම එහිදී විශේෂයෙන්ම දේහයේ ඇතිවන ප්‍රදාහක තත්වයන් (inflammation ) ඇතිවීමට බලපාන C – Reactive ප්‍රෝටීන මට්ටම අඩු කරන බවටත් සමහර අධ්‍යන වලදී හදුනාගෙන තිබෙනවා.
එසේම මෙම ප්‍රතිඔක්සිකාරක ගුණ නිසාම කුරුඳු ස්වභාවික ආහාර කල්තබා ගනිමේ ද්‍රව්‍යයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්.
03 ) ප්‍රති ප්‍රදාහක ගුණ (anti-inflammatory properties)
ප්‍රදාහක තත්වය අපේ දේහයට බෙහෙවිම වැදගත් වෙනව. එමගින් අපේ දේහයට ඇතිවෙන ආසාදන හා සිරුරේ පටක වලට සිදුවන හානි අලුත් වැඩියා කරනවා. මෙමගින් දේහයට රෝග වැළදීමේ අවධානම අඩු කරනවා.
04) හෘද රෝග අවධානම අඩු කිරීම
දිනකට කුරුඳු ග්‍රෑම් 1.5 ක් හෝ තේ හැඳි ¾ ක් අතිරේකව දේහයට ලබා දීමෙන් ට්‍රයිග්ලිසරයිඩ (Triglycerides), සම්පුර්ණ කොලොස්ටරෝල් (Total cholesterol), LDL කොලොස්ටරෝල් ( හෘද රෝග අවධනම ඇති කරන කොලොස්ටරෝල්) හා රුධිරගත සිනි මට්ටම අඩු කිරීමට බලපාන බව පරික්ෂනාත්මකව තහවුරු කර තිබෙනවා.
එසේම දිනපතා මෙලෙස අවමව සති 8 ක පමණක කාලයක් කුරුදු දේහයට ලබා දීම හරහා රුධිර පීඩනය අඩුකිරීමටත් බලපාන බව තහවුරු කරගෙන තිබෙනවා.
මෙහි සමස්ථ ප්‍රතිඑලය විදියට හෘද රෝග අවධානම අඩු කිරීමට කුරුඳු ඉවහල් වෙනවා.
05 ඉන්සියුලින් සදහා ප්‍රතිචාර දැක්වීම වැඩි කිරීම
ඉන්සියුලින් කියන්නේ අපේ දේහයේ පරිවෘතිය හා ශක්තිය භාවිතා කරන ආකාරය නියාමනය කරන ප්‍රධානම හෝර්මෝනය. රුධිර ප්‍රවාහයේ සිට සෛල දක්වා සිනි රැගෙන යාමට එය අත්‍යවශ්‍යයි.
කොහොම උනත් සමහර පුද්ගලයින් ඉන්සියුලින් වල බලපෑමට ප්‍රතිරෝධී වෙන අවස්ථා තියනව. මෙය පරිවෘතිය සින්ඩ්‍රෝමය (Metabolic syndrome ) සහ දෙවන වර්ගයේ දියවැඩියාව ( type 2 diabetes) ලෙස හැඳින්වෙනවා.
මෙහිදී ඇතැම් අධ්‍යන වලදී කුරුඳු මගින් මෙම ඉන්සියුලින් ප්‍රතිරෝධය අවම කරන බව හදුනා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙය තව දුරටත් අධ්‍යනය කල යුතු බව සදහන්.
මෙහි ප්‍රතිඑල විදියට කුරුඳු මගින් ඉන්සියුලින් හෝර්මෝනය සදහා වන සංවේදිතාවය ( sensitivity) වැඩි කරන අතරම එමගින් රුධිරයේ සිනි මට්ටම පාලනය කරනවා.
06 රුධිරයේ සිනි මට්ටම අඩුකිරීම
රුධිරයේ සිනි මට්ටම අඩු කිරීම කුරුඳු වලින් ඇති කරන සුවිශේෂී ගුණාංගයක් විදියට හදුන්වා දෙන්න පුළුවන්.
ඉන්සියුලින් ප්‍රතිරෝධයට කුරුඳු මගින් ඇති කරන හිතකර බලපෑම් හැරුණු විට, කුරුඳු වෙනත් යාන්ත්‍රණ කිහිපයක් හරහා රුධිරයේ සීනි අඩු කිරීමටත් බලපෑම් ඇති කරනවා.
පළමුව : අප ආහර වේලක් ගැනීමෙන් පසු, කුරුඳු මගින් රුධිරයට ඇතුළු වන සිනි ප්‍රමාණය අඩු කරන බව හදුනාගෙන තිබෙනවා. එහිදී කුරුඳු අපගේ ආහාර ජීරණ පද්ධතිය තුල පවතින එන්සයිම මත බලපෑම් ඇති කිරීම හරහා කාබෝහයිඩ්රේට බිඳවැටීම මන්දගාමී කරනවා.
දෙවනුව : කුරුඳු තුල අඩංගු රසායනික සංයෝග මගින් සෛල තුලට සිනි අවශෝෂණය වැඩි කිරීම සදහා ඉන්සියුලින් වලින් සිදු කරන බලපෑම අනුකරණය (mimic) කරනවා. එමගින් සෛල තුල සිනි අවශෝෂණය වේගවත් කිරීම හරහා රුධිරගත සිනි මට්ටම අඩු කරනවා.
එසේම මිනිසුන් යොදාගෙන කල අධ්‍යන වලදී කුරුඳු මගින් රුධිරයේ සිනි මට්ටම අඩු කරන බව හා එමගින් දිගු කාලීනව රුධිරයේ සිනි පාලනය කරීම සදහා බලපාන හිමොග්ලොබින් A1c ( hemoglobin A1c) මට්ටම අඩු කිරීමට බලපෑම් ඇති කරන බව තහවුරු වී තිබෙනවා. ( සාමාන්‍යයෙන් මෙම A1c මට්ටම 6.5% වැඩියි නම් එය දෙවන වර්ගයේ දියවැඩියාව ( type 2 diabetes) ඇතිවීම සදහා වැඩි අවධානමක් තිබෙන බව සදහන්)
සාමන්‍යයෙන් දිනකට කුරුඳු ග්‍රෑම් 1සිට 6 අතර ප්‍රමාණයක් හෝ තේ හැඳි 0.5. සිට 2. දක්වා ප්‍රමාණයක් ලබා ගැනීම තුල රුධිරගත් සිනි ප්‍රමාණය සාර්ථකව අඩු කරන බව පෙන්වා දී තිබෙනවා.
07) ස්නායු විකෘතිතා රෝග (neurodegenerative diseases) සඳහා හිතකර බලපෑම් ඇති කිරීම
ස්නායු විකෘතිතා රෝග වල ලක්ෂණය වන්නේ ස්නායු සෛලවල ව්‍යුහය හෝ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකුලව අඩුවීමයි/නැති වීමයි.
ඇල්සයිමර් සහ පාකින්සන් රෝගය යනු මෙවැනි තත්වයේ වඩාත් සුලභ රෝග වර්ග දෙකකි.
කුරුඳු වල ඇති ඇතැම් සංයෝග, ඇල්සයිමර් රෝගයේ එක් ලක්ෂණයක් වන මොළයේ tau නම් ප්‍රෝටීනය ගොඩනැගීමට බාධා කරන බව හඳුනාගෙන තිබෙනවා.
එසේම පාකින්සන් රෝගය සහිත මීයන් යොදාගෙන 2014 වසරේ සිදු කල අධ්‍යයනයක දී, කුරුඳු මගින් නියුරෝන ආරක්ෂා කිරීමට, ස්නායු සම්ප්‍රේෂක මට්ටම් සාමාන්‍යකරණය සදහා උපකාරී වන බව හදුනාගෙන තිබෙනවා. (කෙසේ වෙතත්, මෙම බලපෑම් මිනිසුන් තුළ තවදුරටත් අධ්‍යනය කළ යුතුය.)
08 පිළිකා වලින් ආරක්ෂා වීමට කුරුඳු භාවිතය
පිලිකා මර්ධනය හා ඒ සදහා ප්‍රතිකාර කිරීම සදහා කුරුඳු භාවිතා කිරිමී හැකියාව ගැන බහුලව පර්යේෂණ සිදුකර තිබෙනවා.
සමස්ථයක් ලෙස පර්යේෂණාගාර හා සත්ව අධ්‍යනයන්ට සිමා උනත් කුරුඳු සාරය මගින් පිළිකා වලින් ආරක්ෂා විය හැකි බව සනාථ කරගෙන තිබෙනවා.
එසේම එමගින් පිළිකා සෛල වර්ධනය අඩු කිරීම සහ පිළිකා සෛලවල රුධිර වාහිනී සෑදීම අඩු කිරීම සදහා ක්‍රියා කරන අතරම පිළිකා සෛල වලට විෂ සහිත වීම හරහා පිළිකා සෛල මරණයට ලක් කිරීමට ඉවහල් වෙනවා.
එසේම ඩිම්බකෝෂ පිළිකා ඇති මීයන් සම්බන්ධයෙන් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ සිනමල්ඩිහයිඩ් පිළිකා වර්ධනයට සම්බන්ධ ඇතැම් ප්‍රෝටීන වල ක්‍රියාකාරිත්වය නතර කිරීමට බලපාන බවයි.
මෙම සොයාගැනීම් සඳහා පරීක්ෂණාගාර පරීක්ෂණ මගින් සහය ලබා දී ඇති අතර, සිනමැල්ඩිහයිඩ් මගින් ඩිම්බකෝෂ පිළිකා සෛල වර්ධනය සහ පැතිරීම අඩු කළ හැකි බව පෙන්නුම් කර තිබෙනවා.
(කෙසේ වෙතත්, මිනිසුන් තුළ කුරුඳු වල ඇති විය හැකි පිළිකා නාශක බලපෑම් ඇගයීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වේ.)
09 ) බැක්ටීරියා හා දිලිර ආසාදන වලක්වා ගැනීම
කුරුඳු වල ප්‍රධානම රසායනික සංඝටකය වන සිනමැල්ඩිහයිඩ් මගින් විවිධ ආසාදන වලට එරෙහිව හිතකර බලපෑම් ඇතිකිරීමට හැකියාව තියනවා.
විශේෂයෙන්ම පරීක්ෂණාගාර තත්වයන් යටතේ කුරුඳු තෙල් මගින් ස්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදන ඇති කරන දිලිර විනාශ කරන බව හදුනාගෙන තිබෙනවා.
එසේම එමගින් ලිස්ටීරියා සහ සැල්මොනෙල්ලා ඇතුළු ඇතැම් බැක්ටීරියා වර්ධනය වීම ද වලක්වන බව තහවුරු වී තිබෙනවා.
තවද, කුරුඳු වල ඇති ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බලපෑම් (Anti-microbial effects ) නිසා දත් දිරායාම වැලැක්වීමට සහ මුඛ දුර්ගන්ධය අඩු කිරීමට ද උපකාරී වෙනවා.
10 කුරුඳු වල පවතින ප්‍රති-වෛරස ගුණාංග ( Anti-virus properties)
සමහර පර්යේෂණ වලට අනුව කුරුඳු සමහර වෛරස් වලින් ආරක්ෂා වීමට උපකාරී වන බව හදුනාගෙන තිබෙනවා.
විශේෂයෙන්ම කුරුඳු මගින් ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු වැනි රෝග මෙන්ම අනෙකුත් මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන වෛරස් වලින් රෝග වලින් ආරක්ෂා විය හැකි බව හඳුනාගෙන තිබෙනව.
හොඳම වර්ගය කුමක්ද?
Cassia ප්‍රභේදයේ coumarin නම් සංයෝගයක් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු බැවින් එය විශාල මාත්‍රාවලින් භාවිතය හානිකර බව හඳුනාගෙන තියනවා.
සියලුම කුරුඳු වර්ග වලින් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වන නමුත් කැෂියා ( Cassia) කුරුඳු වල කූමරින් අන්තර්ගතය හේතුවෙන් කැසියා විශාල මාත්‍රාවලින් පරිභෝජනය මගින් හානි ඇතිවිය හැකියි.
එම නිසාම Ceylon cinnamon (“සත්‍ය කුරුඳු”) භාවිතය වඩා හිතකර වන අතර අධ්‍යයනවලින් පෙනී යන්නෙ එහි අඩංගු කුමරින් ප්‍රතිශතය Cassia ප්‍රභේදයට සාපේක්ෂව ඉතාම අඩු බවයි.
Source:
https://www.healthline.com/nutrition/10-proven-benefits-of-cinnamon
උපුටා ගැනීම
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව