10/12/2025
පසු ආපදා තත්ත්වයකදී ඔබේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?
ආපදාවක කම්පනය පහව ගිය පසු, පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ වේ. විදුලිය, පිරිසිදු ජලය සහ වෛද්‍ය පහසුකම් වැනි මූලික යටිතල පහසුකම් අඩාල වී ඇති අවස්ථාවක, සමස්ත සෞඛ්‍යය මෙන්ම මුඛ සෞඛ්‍යය ද දැඩි අවදානමකට ලක්විය හැකිය.
පසු ආපදා තත්ත්වයකදී මුඛ රෝග ඇතිවීමේ අවදානම ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ සනීපාරක්ෂාව දුර්වලවීම, අපිරිසිදු ජලය භාවිත කිරීම, පෝෂණයේ වෙනස්කම් සහ ආතතියයි.
එබැවින්, මෙම අභියෝගාත්මක අවධියේදී ඔබේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු ප්‍රායෝගික පියවරයන් රැසකි.
පශ්චාත් ආපදා අවධියේ ප්‍රමුඛතම අභියෝගය වන්නේ පිරිසිදු ජලය නොමැතිකමයි. මුඛ සෞඛ්‍යය සඳහා පිරිසිදු ජලය අත්‍යවශ්‍ය වේ.
දත් මැදීම, මුඛය සේදීම හෝ මුඛයේ තුවාල පිරිසිදු කිරීම සඳහා තම්බා නිවාගත් හෝ විෂබීජ නාශක පෙති යොදා පිරිසිදු කළ ජලය පමණක් භාවිතා කරන්න.
තවමත් පිරිසිදු ජලය සීමිත නම්, දන්තාලේප ස්වල්පයක් වියළි දත් බුරුසුවකට ගෙන දත් මැදීමෙන් පසු, මුඛය සේදීමකින් තොරව දන්තාලේප කෙළ ගසා දමන්න. දන්තාලේපයේ ඇති Fluoride ආරක්ෂාව මෙයින් ලබාගත හැකිය.
ඔබට දත් බුරුසුවක් නොමැති අවස්ථාවලදී, පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ ඇඟිල්ලක් භාවිතා කර විදුරුමස් සහ දත් පිරිසිදු කිරීමට උත්සාහ කරන්න. ආපදාවකින් පසු ආහාර සැපයුම් සීමා විය හැකි අතර, එමගින් ආහාර පුරුදු වෙනස් විය හැකිය.
බොහෝ විට හදිසි ආධාර වශයෙන් ලැබෙන වියළි හෝ ඇසුරුම් කළ ආහාරවල සීනි ප්‍රමාණය ඉහළ විය හැකිය. හැකි සෑම විටම, එවැනි ආහාර ගැනීම සීමා කරන්න. දත් දිරායාම පාලනය කිරීමට මෙය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ආතතිය සහ ජලය නොමැතිකම නිසා මුඛය වියළීම සිදුවිය හැකිය. කෙළ (Saliva) යනු මුඛය ස්වභාවිකව ආරක්ෂා කරන වැදගත්ම සාධකයකි. හැකි සෑම විටම පිරිසිදු ජලය පානය කර සජලනය පවත්වා ගන්න. ආපදාවෙන් පසු ඇතිවන ආතතිය, මුඛයේ සනීපාරක්ෂාව අඩුවීම සහ තුවාල වීම නිසා ගැටලු මතුවිය හැකිය.
ආපදාව අතරතුර ඇති වූ කැඩුණු දත්, ලිහිල් වූ දත් හෝ මෘදු පටක තුවාල තිබේ නම්, ඒවා පිරිසිදු ජලයෙන් හෝ ලුණු වතුරෙන් සෝදා පිරිසිදු කරන්න. ලේ ගැලීමක් ඇත්නම්, පිරිසිදු ගෝස් හෝ රෙදි කැබැල්ලකින් පීඩනය යොදන්න. එසේම ආපදාවෙන් පසු ඇතිවන මානසික ආතතිය නිසා ඇතැමුන් රාත්‍රියේදී Bruxism ආරම්භ කළ හැකිය. මෙහිදී දත් වලට හානි සිදුවිය හැකි අතර, දත් කැක්කුම වැඩි විය හැකිය. වේදනාව සමනයට වේදනා නාශකයක් භාවිත කරන්න.
ඔබේ පැරණි Fillings, Crown හෝ කෘත්‍රිම දත් ලිහිල් වී හෝ හානි වී ඇත්නම්, එම ස්ථාන පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරන්න. බරපතල තත්ත්වයක් වුවහොත්, හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර පතන්න. දත් කැක්කුම, මුහුණේ ඉදිමීම, ආසාදන (විශේෂයෙන් මුඛය වටා සැරව ගෙඩි වැනි දේ), හෝ පාලනය කළ නොහැකි ලේ ගැලීම් වැනි හදිසි අවස්ථා සඳහා හැකි ඉක්මනින් වෛද්‍යය උපදෙස් යොමු වන්න.
යථා තත්ත්වයට පත්වීමෙන් පසු, ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවී සම්පූර්ණ පරීක්ෂණයක් කරවා ගන්න. ආපදා සමයේදී ඇති වූ සියලුම හානි, දිරායාම් සහ විදුරුමස් ගැටලු නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍ය වේ. යථා තත්ත්වයට පත්වීමත් සමඟ, දිනකට දෙවරක් දත් මැදීම සහ flossing යන සාමාන්‍ය පුරුද්ද නැවත ආරම්භ කරන්න.
පශ්චාත් ආපදා තත්ත්වයකදී මුඛ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම, ආසාදන හා වේදනාවෙන් වැළකී සිටීමටත්, එමඟින් ඔබේ සුවය ලැබීමේ ක්‍රියාවලිය පහසු කර ගැනීමටත් උපකාරී වේ. මෙම උපදෙස් අනුගමනය කිරීමෙන්, දුෂ්කර කාලයකදී වුවද, ඔබේ සිනහව ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වනු ඇත. මේවන විට දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ඔබට හදිසි දන්ත වෛද්‍ය ප්‍රතිකාර හෝ දන්ත වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් WhatsApp මගින් හෝ Inbox මගින් Shine Dental Care සමඟ සම්බන්ධවන්න.
තවත් අයෙකුට කියවන්න මෙම ලිපිය share කරන්න.
📞 For Appointments & Inquiries
Call Our Hotline 👉 0770 125 055
🇱🇰
Instagram :- https://www.instagram.com/doctor__shine/
YouTube :- https://www.youtube.com/.AsankaSenanayake
TikTok :- https://www.tiktok.com/?lang=en