Chami Herbal Health Care

Chami Herbal Health Care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chami Herbal Health Care, Massage service, Main Street (in front of samarasinghe optical ), Kegalle.

20/12/2021

කන්ෆියුස් වෙලා ඉන්නේ | 😂

Store MR. BEARD STORE
Mr. Beard Dilshan T Amarasinghe

14/08/2019
07/06/2019

ශරීර සම්බාහනය කියන්නේ අතීතයේ ඉඳන්ම මිනිසුන්ගේ ශරීරයේ තිබෙන විවිධ රෝග පීඩා වගේම කායික මානසික වෙහෙසකර බව තුරන් කරන්නට අපූරුම වෙදකමක්. ලෝකයේ රටවල් අති බහුතරයක් ශරීර සම්බාහනය ප්‍රචලිත අංගයක් බවට පත්කරගෙන ඉන්න කාලෙක කාන්තාවන්ගේ ශරීර සම්බාහනය ඔවුන් අතරේ බොහොම ප්‍රසිද්ධයි.

ඒත් ආවට ගියාට බෝඩ් ගහලා තියන තැන්වලින් ඔබේ ශරීරය සම්බාහනය කරන්න යද්දි සැලකිලිමත්වෙන්න අවශ්‍ය කාරණා ගණනාවක්ම තියනවා.

අදාල ස්ථානය ආරක්ෂිත සහ පුද්ගලිකත්වය ආරක්ෂා කරන ස්ථානයක්ද?
එහි සිටින සම්බාහන කටයුතු සිදුකරන්නන් වෘත්තීයමය සුදුසුකම් සහ චර්යාවන් සහිත අයද?
යොදාගන්න තෙල්, බෙහෙත් වැනි දෑ ගුණත්වයෙන් යුතුද?
ගෙවන මුදලට සාධාරණ සේවයක් ලැබෙනවද?
ඔවුන්ගේ සේවය සඳහා වගකීමක් ලැබෙනවද?
මේ කාරණා ගැන හරි අවබෝධයක් නැතිවනම් සම්බාහනය කරගන්න කාන්තා ඔබ තැන් තැන්වලට යන්න එපා. මොකද අද ශරීර සම්බාහනය කියන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයට මුවාවෙලා ලිංගික ශ්‍රමය සැපයීම වගේ ව්‍යාපාර කරන ස්ථානත් ලංකාව පුරා වැහි වැහැලා තියන නිසා.

ගොඩක් දුරට දැනටමත් ඉතා ගුණත්වයෙන් ඉහළ සහ හොඳ සේවාවක් ලබාගන්න ස්ථානවල ඉන්න පාරිභෝගිකයන් ඒ ස්ථාන ගැන හොඳ Recommendations ඔබට දෙවනම් (ඔබේ යෙහෙළියන්, නෑදෑයන් වගේ විශ්වාසවන්ත අය පමණක්) ඔබට පුළුවන් ස්ථානයක් තෝරගන්න.

ඒ වගේම ඔබට අවශ්‍ය සේවාව පූර්ණ ශරීර සම්බාහනයක්ද, පාද සම්බාහනයක්ද, හිස සම්බාහයනයක්ද කියන එකත් මේ ස්ථානයන් තෝරගනිද්දි ඉතා වැදගත්. ඔබගේ අවශ්‍යතාවය කායික මානසිකව වෙහෙසකර බව හෝ දැඩි බව වළක්වාගන්න සිදුකරන සම්බාහනයක්නම් පූර්ණ ශරීර සම්බාහනයක් වඩාත්ම හොඳයි.

මුලින්ම මේ වගේ ස්ථානයක් තෝරාගෙන සේවය ලබාගන්න යන්න කලින් ඔබ අනුගමනය කළ යුතු මූලික දේවල් කතා කලා. ඊටත් අමතරව මෙන්න මේ දේවල් අමතක කරන්නත් එපා.

හොඳින් නාලා පිරිසිදුවෙලා අදාල ස්ථානයට යන්න.
ඔබ කාන්තාවක් නම් ඔබට අයිතියක් වගේම හැකියාවක් තියනවා කාන්තාවක් ලවා ඔබේ සම්බාහන කටයුත්ත සිදුකරගන්න, නමුත් වෘත්තීයමය වශයෙන් මෙය සිදුකරන පුරුෂයන් ඉන්නවා. ඔබට ගැටළුවක් නැත්නම් ඔබට පුරුෂයෙක් ලවා වුනත් සම්බාහනය කරගන්න පුළුවන්.
ස්වාභාවික ශාකසාර අඩංගු දේවල් වලින් කරන සම්බාහයනයක්ද, නැත්නම් වෙනත් කෘත්‍රීම ඖෂධ වලින් කරන සම්බාහනයක්ද යන්න තීරණය කරන්න.
සම්බාහනයේ කාලයත් ඔබටම තීරණය කරන්න පුළුවන්.
ඒ වගේම ගාස්තු ගැනත් කලින් දැනුවත් වෙලා යන්න.

Address

Main Street (in Front Of Samarasinghe Optical )
Kegalle
71000

Telephone

+94766001900

Website

Alerts

Be the first to know and let us send you an email when Chami Herbal Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram