Randeniya Wound Care Center

Randeniya Wound Care Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Randeniya Wound Care Center, Medical and health, Randeniya, Kegalle.

ඔබගේ කැපීම් සීරීම් නිසා ඇති වූ තුවාල , නහර ගැට ගැසීම නිසා ඇති වු තුවාල, කල් ගත වූ පැරණි තුවාල, දියවැඩියා තුවාල,
ඉක්මනින් සුව කර ගැනීමට එන්න අප වෙත. පැමිණිමට පෙර වේලාවක් වෙන්කරවා ගැනීමට අපව අමතන්න
074 338 4140

නහර ගැට ගැසීම නිසා ඇති වූ තුවාලයකි.බොහෝ කාලයක් සුව නොවූ තුවාලයකි.
01/03/2025

නහර ගැට ගැසීම නිසා ඇති වූ තුවාලයකි.බොහෝ කාලයක් සුව නොවූ තුවාලයකි.

දියවැඩියාව රෝගයෙන් පෙළුණු රෝගයෙකි. ඇගිලි සියල්ල ඉවත් කල පසු දණහිසෙන් පහල කැපීමට තීරණය වූ තුවාලයකි. මාස 3ක කාලයකදී සුව කර...
25/02/2025

දියවැඩියාව රෝගයෙන් පෙළුණු රෝගයෙකි. ඇගිලි සියල්ල ඉවත් කල පසු දණහිසෙන් පහල කැපීමට තීරණය වූ තුවාලයකි. මාස 3ක කාලයකදී සුව කරන ලදී.

අවුරුදු 14ක තුවාලයකි. නහර ගැට ගැසීමෙන් ඇති වූ තුවාලයකි. මාස 3 ක කාලයකදී සුව කරන ලදී.
25/02/2025

අවුරුදු 14ක තුවාලයකි. නහර ගැට ගැසීමෙන් ඇති වූ තුවාලයකි. මාස 3 ක කාලයකදී සුව කරන ලදී.

මහපොට ඇගිල්ලේ අස්ථිය සමග ඉවත් කල රෝගියෙකි. දියවැඩියා රෝගයෙන්ද නිදන්ගත වකුගඩු අක්‍රිය තත්වයෙන් සිටි රෝගියෙකි.
25/02/2025

මහපොට ඇගිල්ලේ අස්ථිය සමග ඉවත් කල රෝගියෙකි. දියවැඩියා රෝගයෙන්ද නිදන්ගත වකුගඩු අක්‍රිය තත්වයෙන් සිටි රෝගියෙකි.

තුන් වන ඇගිල්ල ඉවත් කිරීමට තීරණය වූ තුවාලයකි. දියවැඩියාව, අධිරුදිර පීඩනය පෙලෙන රෝගියෙකි. මාස 3 1/2 ක කාලයකදී සුව කරන ලදී...
25/02/2025

තුන් වන ඇගිල්ල ඉවත් කිරීමට තීරණය වූ තුවාලයකි. දියවැඩියාව, අධිරුදිර පීඩනය පෙලෙන රෝගියෙකි. මාස 3 1/2 ක කාලයකදී සුව කරන ලදී.

24/02/2025

තුවාලයක් හොඳ නොවන බව දැන ගන්නේ කෙසේද ?

1. තුවාලය අවට ප්‍රදේශය රතු පැහැ ගැන්වී, ඉදිමී, උණුසුම් ගතියක් ඇතිවීම
2. තුවාලය වේදනාකාරී වීම
3. තුවාලයෙන් පිටතට එන ශ්‍රාවයන් අවපැහැ ගැන්වී ඝන ස්වභාවය ගැනීම
4. වැඩිපුර ශ්‍රාවයන් පිටවීම
5. සති හතරක් හයක් (4-6) පමණ ගත වුවත් තුවාලයේ ප්‍රමාණය අඩු නොවීම
6. තුවාලයෙන් නිතර වැඩිපුර ලේ ගැලීම
7. තුවාලය කළු හෝ කහ පැහැ ගැන්වීම
8. ශරීරයට ඇති අපහසුව සහ උණ ගතිය

24/02/2025

තුවාලයක් සුව වන්නේ කෙසේද ?

මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. සිදු වූ අනතුරේ ස්වභාවය අනුව තුවාල සුව වීම ද වෙනස් වෙයි. තුවාලයේ ප්‍රමාණය, ගැඹුර සහ තුවාලය තිබෙන තැන අනුව සහ එක් එක් පුද්ගලයාගේ ශාරීරික සෞඛ්‍ය තත්වය මත තුවාලය සුව වීම වෙනස් ආකාරයකින් සිදුවේ.
මුලින්ම ලේ කැටියක් තුවාලය මතුපිට ඇති වන්නේ සෛල සහ ප්‍රෝටීන් වල එකතුවක් ලෙසයි. මෙම ලේ කැටිය සෑදීම මගින් තවදුරටත් ලේ ගැලීම නවතින අතර පිටතින්ම ඇති වන විෂබීජ ආසාදන නවතාලයි.
ඉන්පසු ප්‍රෝටීන් තන්තු සහ කොලැජන් වැඩීම සිදුවේ. මේ සමග අලුතෙන් රුධිරවාහිනී සහ මතුපිට සම වර්ධනය වීම සිදුවේ. කල් ගතවූ තුවාල සුව වීම සිදු වන්නේ සෙමින් වන අතර තුවාලය සුව වීම සිදුවන්නේ ඇතුලත සිට මතුපිටටයි.

24/02/2025

හෙද සේවය යනු පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවගේ ප්‍රශස්ථ සෞඛ්‍ය තත්වය සහ ක්‍රියා කාරිත්වය පවත්වා ගැනීම සහ යථාතත්වයට පත් කර ගැනීම සදහා මූලිකව අවධානය යොමු කරන වෘත්තියකි. හෙද සේවය පිළිබදව ඇති නූතන අර්ථ දැක්වීම්වලට අනුව එය පුද්ගලයෙකුගේ හෝ පවුලක උපතේ සිට මරණය දක්වා වූ ජීවන අත්දැකීම්වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සදහා ඉලක්ක කරගත් විද්‍යාවක් සහ කලාවක් ලෙසට විග්‍රහ කෙරේ.

24/02/2025

කල් ගතවූ තුවාල වර්ග මොනවාද ?
1. රෝගියාට ඇති කල්ගත වූ රෝගී තත්ත්ව නිසා ඇතැම්විට කල් ගතවූ තුවාල ඇති වෙයි. ඇතැම් විට සමේ පවතින පවතින රෝග තත්ත්වයන් නිසාද කල් ගත වූ තුවාල බවට පත්විය හැකයි.

2. ඇඳ වන (Bed sours): මෙම තුවාල සම මතුපිටින් ඇති වී ඉතාම ගැඹුරට අස්ථි දක්වාම යාමටද හැකියාවක් ඇත. සම මතුපිට ඇතිවන පීඩනය නිසා රුධිර ගමනා ගමනය අඩු වී මෙම තුවාල ඇති වේ.

3. දියවැඩියාව නිසා ඇති වන කල් ගතවූ තුවාල: දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධයක් ලෙස විශේෂයෙන්ම දෙපාවල මෙවැනි තුවාල ඇති වේ. නිසි ආකාරයෙන් දෙපා රැකබලා නොගතහොත් තුවාල වැඩිවේ. දියවැඩියාව නිසා කකුල් වල ඇතිවන තුවාල බොහෝ විට ඇති වන්නේ රුධිරයේ සීනි මට්ටම නිසියාකාරව පාලනය නොවීම නිසාය. මෙම තත්ත්වයට ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රතිකාර නොකළහොත් දෙපාවල කොටස් කපා ඉවත්කිරීමට පවා සිදුවීමට පුළුවන.

4. රුධිර වාහිනී රෝගී වීමෙන් ඇති වන තුවාල: දෙපාවල ඇති රුධිර වාහිනී වල ඇති වන ගැටළුවක් නිසා කකුල් වල තුවාල ඇති වීමට පුළුවන. ඇතැම්විට ගැටලුව ඇත්තේ දෙපා වල ඇති ශිරා වලයි. කකුල් වල ඇති වන තුවාල දණහිස සන්ධියේ සිට වළලූකර ප්‍රදේශය දක්වා බොහෝවිට ඇති විය හැකියි. මේවා ඇති වන්නේ දෙපාවල ඇති ශිරා වල සිදුවන රෝගී තත්ත්වයන් නිසා ය.

24/02/2025

කල් ගත වූ තුවාල ඇති වීමට හේතු මොනවාද ?

1. දියවැඩියා රෝගී තත්ත්වය
2. මහලුවිය
3. රුධිර වාහිනී වල ඇතිවන රෝගී තත්වයන්
4. වකුගඩු ආබාධ
5. අධික තරබාරු බව

24/02/2025

කල් ගතවූ තුවාලයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

බොහෝ විට තුවාල ඉතා ඉක්මනින් සංකීර්ණ නොවී සුව වීම සිදුවේ. තුවාලයක් සුව නොවී මාස තුනකට (3) වඩා වැඩි කාලයක් තිබෙන විට කල් ගත වූ තුවාල ලෙස හඳුන්වයි. ඇතැම් විට තුවාල සුව වී කාලෙකට පසුව නැවත ඇතිවීමට පුළුවන. එවිට ද කල් ගත වූ තුවාලයක් ලෙස හඳුන්වයි.

24/02/2025

තුවාලයක් යනු මතුපිට සමෙහි ඇති වන වෙන්වී යාමක් ලෙස හැඳින්විය හැකිය. තුවාලයක් හදිසි අනතුරකින් හෝ හෝ සැත්කමකින් පසුව ඇතිවිය හැකියි. මේවා බොහෝ විට සුව නොවී පවතින්නේ සිරුරේ අභ්‍යන්තරයේ පවතින දියවැඩියාව හෝ රුධිර වාහිනී සම්බන්ධ රෝගයක් හෝ නිසා වීමට පුළුවන. එසේ නොමැති නම් වයසට යාම නිසා සමෙහි ඇති වන වෙනස්කම් නිසාද තුවාල ඇතිවීමට පුළුවන.

Address

Randeniya
Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Randeniya Wound Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram