Isiwara Ayurveda Weda Medura - Ayurvedic Surgical and Medical Clinic -

Isiwara Ayurveda Weda Medura - Ayurvedic Surgical and Medical Clinic - We offer pure Ayurvedic treatments. We provide residential care for immobile patients.
(2)

Specializing in evidence-based, authentic medicine, we treat conditions like paralysis, spinal ailments, infertility, heart diseases, and more.

01/01/2026



ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා... 🎅☃️🎄
24/12/2025

ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා... 🎅☃️🎄

https://www.facebook.com/share/1AGwNEnTa1/
07/12/2025

https://www.facebook.com/share/1AGwNEnTa1/

🚨 දිට්වා සුළිකුණාටුවෙන් පසු : ජලගැලීමට ලක්වූ ප්‍රදේශවල හෘදයාබාධ අවදානම ඉහළට.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දහස් ගණන් පවුල් තාවකාලිකව පදිංචි විරහිතව ඇති අතර ජීවිත හා අවශ්‍ය සේවා නැවත පිහිටුවීම සදහා වැඩබලන මේ අවස්ථාවේදී, තවත් සෙමින් පැන නැඟෙන සෞඛ්‍ය අනතුරකට අවධානය යොමු කිරීමට අවශ්‍යය.

💔 ව්‍යසන තත්වයකින් පසුව හෘදයාබාධ අවදානම වැඩිවන්නේ ඇයි?

ජාත්‍යන්තර අධ්‍යයනවලින් පෙනී යන්නේ ස්වාභාවික විපත් වලින් පසු හෘදයාබාධ 40-50% කින් ඉහළ යා හැකි බවයි. ගංවතුර, අවතැන්වීම් සහ චිත්තවේගීය කම්පනය හදවතට බරපතල පීඩනයක් ඇති කරයි.

මෙයට හේතුවන සාධක මොනවාද?

🔥 අධික මානසික ආතතිය (අධික හෘද ආතතිය)

• ඇඩ්‍රිනලින් මට්ටම් ඉහළ යාම

• රුධිර පීඩනය වැඩිවීම

• හෘද ස්පන්දන වේගය වේගවත් වීම

• ඵලකය (රුධිර නාළි තුළ ඇති තරල ද්‍රව්‍ය එකතුව) කැඩී යා හැක → හෘදයාබාධය

😴 නිදාගැනීමේ අපහසුතාව සහ මහන්සිය:

අවතැන් කඳවුරුවල සිටීමෙන් සහ මානසික ආතතිය නිසාවෙන් හොඳ නින්දක් ලබාගැනීමට නොහැකි වීම

💊 නියමිත වෛද්‍ය බෙහෙත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වීම:

රුධිර පීඩන පෙති
දියවැඩියා ඖෂධ
කොලෙස්ටරෝල් පෙති
ඇස්පිරින් සහ ක්ලොපිඩොග්‍රෙල්
රුධිර කැටි වීම (clotting) අවහිර කරන ඖෂධ (වෝෆරින්)

මෙම ඖෂධ කිහිප දිනකට වුවත් නැවැත්වීමෙන් ජීවිතයට අධික අවදානමක් ඇති කරයි.

🍛 අක්‍රමවත් හෝ අසමතුලිත ආහාර:

හදිසි ආහාරවල ලුණු, සීනි අධික වීම හෝ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ නොමැති වීම සීනි නරක අතට හැරීම, රුධිර පීඩනය සහ තරල රඳවා තබා ගැනීම.

🚬 දුම්පානය සහ මත්පැන් පානය කිරීම:

බොහෝ දෙනෙක් ආතතිය සමඟ කටයුතු කිරීමට දුම්පානයට හෝ මත්පැන් පානයට යොමු වෙති, නමුත් මෙමගින් හෘදයාබාධ සහ හෘද ස්පන්දන විකෘති වීම සැලකිය යුතු ලෙස වැඩි කරයි.

⚠ වැඩිම අවදානමක් ඇත්තේ කාටද?

ඔබ පහත සඳහන් නම් විශේෂ අවධානයක් යොමු කරන්න:

🚨 හෘදයාබාධ හදිසි තත්ත්ව සලකුණු

ඔබට පහත ලක්ෂණයන් තිබෙනවානම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න:

• පපුවේ වේදනාව, පීඩනය හෝ තද ගතිය
• හුස්ම ගැනීමේ අපහසුතා
•හකු, බෙල්ල, අත හෝ පිටුපස වේදනාව
•හදිසි ඔක්කාරය, දහඩිය දැමීම හෝ කරකැවිල්ල
•වැතිරී සිටින විට කකුල් ඉදිමීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව

වහාම වෛද්‍ය උපකාර ලබාගන්න.

👉 බලා නොසිටින්න. ස්වයං ප්‍රතිකාර නොකරන්න. සෑම මිනිත්තුවක්ම වැදගත් වේ.

❤ අර්බුදය අතරතුර ඔබේ හදවත ආරක්ෂා කර ගන්නේ කෙසේද?

1️⃣ සියලුම නියමිත බෙහෙත් නවත්වන්න එපා.
නැතිවී ගියොත් හැකි ඉක්මනින් නැවත ලබාගන්න.

වෛද්‍ය උපදෙස් නොමැතිව රුධිර පීඩන ඖෂධ, දියවැඩියා පෙති, ඇස්ප්‍රීන් හෝ රුධිර තුනීකාරක කිසි විටෙකත් නතර නොකරන්න.

2️⃣ නින්දට සහ විවේකයට ප්‍රමුඛත්වය දෙන්න.
කෙටි නින්දක් පවා හෘද ආතතිය අඩු කිරීමට උපකාරී වේ.

3️⃣ දුම්පානය සහ මත්පැන් පානය කිරීමෙන් වළකින්න.
ආතතිය යටතේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන අවදානම වැඩි කරයි.

4️⃣ පිරිසිදු ජලය නිතර පානය කරන්න.
විජලනය වළක්වා ගැනීම සඳහා නිතිපතා ආරක්ෂිත ජලය පානය කරන්න.

5️⃣ ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගන්න
ඔබේ ළඟම ඇති ස්ථානයට පැමිණෙන්න:
● රෝහල
● වෛද්‍ය කඳවුර
● MOH සායනය

ඔබට පපුවේ අපහසුතාවයක්, කරකැවිල්ලක් හෝ හෘද ස්පන්දනයක් දැනේ නම් ECG එකක් ලබාගන්න.

🚑 හදිසි සේවාවන්:

📞 සුව සැරිය ගිලන් රථ සේවාව (24/7): 1990

📞 ශ්‍රී ලංකා STEMI සංසදයේ ක්ෂණික ඇමතුම් අංකය: +94 76 317 7312

පපුවේ වේදනාව, ඖෂධ හෝ රෝග ලක්ෂණ පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් සඳහා
පැකිළෙන්න එපා.

💬 කරුණාකර මතක තබා ගන්න

අපගේ නිවෙස්වලට වඩා ආපදාවන් අපගේ හෘදය පරීක්ෂා කරයි.
දැනුවත්ව සිටින්න. අවදියෙන් සිටින්න.
කරුණාකර, ඔබේ හදවත සහ එකිනෙකා ගැන සැලකිලිමත් වන්න.

29/10/2025



©️right & special thanks to Dr.Thimathi Wickramasekara

👨‍⚕️කොලෙස්ටරෝල් සදහා ආයුර්වේද ප්‍රතිකාර...👨‍⚕️වයස අවුරුදු 44ක් වූ මෙම රෝගියාගේ රුධිරගත කොලෙස්ටරෝල්  ඉතා ඉහල මට්ටමක (Hype...
28/10/2025

👨‍⚕️කොලෙස්ටරෝල් සදහා ආයුර්වේද ප්‍රතිකාර...

👨‍⚕️වයස අවුරුදු 44ක් වූ මෙම රෝගියාගේ රුධිරගත කොලෙස්ටරෝල් ඉතා ඉහල මට්ටමක (Hypercholesterolemia) පැවතුනු අතර වසර කිහිපයක් තිස්සේ බටහිර ඖෂධ ලබාගෙන තිබුණද සැලකියයුතු ප්‍රතිඵල නොලැබීම නිසා අප වෙත ප්‍රතිකාර සදහා යොමු විය.

💊නියමිත ලෙස ආයුර්වේද ඖෂධ පමණක් භාවිතා කර මාස 6 කට පසුව නැවත Lipid Profile වාර්තා ලබා ගත් අතර මෙහිදී සැලකිය යුතු ලෙස කොලෙස්ටරෝල් මට්ටම අඩුවී තිබිණි.

🍽️ 🏃 ඒ සමග ආයුර්වේදානුකූලව ලබාදුන් ආහාර හා ව්‍යායාම නියමයන්ද නිසිපරිදි පිළිපදින ලදී.

ප්‍රතිකාර වලට පෙර තිබූ,

👉අධික තෙහෙට්ටුව
👉නිද්‍රාශීලී ගතිය
👉සන්ධිවල තද ගතිය (stiffness)
👉කායික දුර්වලතාවය

යන ලක්ෂණ සියල්ලම පහව ගොස් තිබුණි.

👨‍⚕️නිසි ආයුර්වේද ප්‍රතිකාර තුලින් ජීවිත කාලයම රසායනික ඖෂධ පෙති භාවිතා කිරීමට සිදුවීම කෙටි කලකින් අවසන් කල හැකිය.

"ආයුර්වේදය තුළින් නීරෝගී දිවියක්"🌱

ඉසිවර ආයුර්වේද වෙද මැදුර-කැළණිය.

Dr.Dhanushke Dissanayake
Bachelor of Ayurveda Medicine & Surgery (BAMS)
University of Colombo

👨‍⚕සමේ රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...✅🩺වසර 2 ක් තිස්සේ විවිධ ප්‍රතිකාර සිදු කළද ස්ථිර සුවයක් නොලැබූ මෙම කා...
26/10/2025

👨‍⚕සමේ රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...✅

🩺වසර 2 ක් තිස්සේ විවිධ ප්‍රතිකාර සිදු කළද ස්ථිර සුවයක් නොලැබූ මෙම කාන්තාව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවූ අතර එහිදී නිවැරදි ලෙස වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ප්‍රතිකාර ලබාදී සති 2 කට පසුව ඉතාම හොද ප්‍රතිඵල ලබාගත හැකි විය.

💊අප ලබාදුන් අභ්‍යන්තර ඖෂධ හා බාහිර ඖෂධ නියමිත පරිදි භාවිතා කරන අතරතුර පථ්‍යාපත්‍ය නිසි පරිදි පිලිපැදීම මගින් මෙලෙස සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

"ආයුර්වේදය තුලින් නීරෝගී දිවියක්"


26/10/2025

👨‍⚕️සන්ධි රෝග යටතේ බහුලව හමුවන රෝග අවස්ථාවක් තමයි දණහිස් සන්ධි ගෙවීම නැතහොත් ඔස්ටියෝආතරයිටිස් කියල හඳුන්වන්නේ..📋මෙම තත්ත...
26/10/2025

👨‍⚕️සන්ධි රෝග යටතේ බහුලව හමුවන රෝග අවස්ථාවක් තමයි දණහිස් සන්ධි ගෙවීම නැතහොත් ඔස්ටියෝආතරයිටිස් කියල හඳුන්වන්නේ..

📋මෙම තත්ත්වය මීට දශක කීපයකට පෙර වයස්ගත පුද්ගලයන් අතර වැඩි වශයෙන් දක්නට ලැබුනද අපගේ සායනික අත්දැකීම් අනූව දැන් වයස අවුරුදු 20 ටත් පෙර සිටම පුද්ගලයන් අතර දක්නට ලැබෙනවා..

මෙහිදී දනහිසේ,
1.අධික වේදනාව
2.ඉදිමීම
3.චලනයේදී ගැටීමක් දැනීම/ඇසීම
4.තද ගතිය/චලන අපහසුව

ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම සියලුම ලක්ෂණ එකවර දක්නට නොලැබීමට පුලුවන්.

මීට බලපාන ප්‍රධානම හේතු අතර,

👉අති ස්ථුලතාවය
👉අධික ලෙස ඇවිදීම
👉වැඩි කාලයක් සිටගෙන සිටීම
👉අධික ලෙස පඩිපෙල් නැගීම හා
බැසීම
👉දනහිසේ සිදුවන අනතුරු
👉ජානමය බලපෑම්

දක්නට ලැබෙනවා.

💊🌿මේ සදහා ඉතාම සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුව පවතින අතර රෝගයේ මූලික ලක්ෂණ පහලවූ අවධියේදීම ප්‍රතිකාර සදහා යොමු වීමෙන් සම්පූර්ණ සුවය ලගාකර ගැනීමේ හැකියාව පවතී.

🌱"ආයුර්වේදය තුළින් නීරෝගී දිවියක්"

ඉසිවර ආයුර්වේද වෙද මැදුර-කැළණිය

Dr.Dhanushke Dissanayake
Bachelor of Ayurveda Medicine & Surgery (BAMS)
University of Colombo

゚ #ආයුර්වේද

👨‍⚕සමේ රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...✅🩺වසර 2 ක් තිස්සේ විවිධ ප්‍රතිකාර සිදු කළද ස්ථිර සුවයක් නොලැබූ මෙම කා...
25/10/2025

👨‍⚕සමේ රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...✅

🩺වසර 2 ක් තිස්සේ විවිධ ප්‍රතිකාර සිදු කළද ස්ථිර සුවයක් නොලැබූ මෙම කාන්තාව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවූ අතර එහිදී නිවැරදි ලෙස වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ප්‍රතිකාර ලබාදී සති 2 කට පසුව ඉතාම හොද ප්‍රතිඵල ලබාගත හැකි විය.

💊අප ලබාදුන් අභ්‍යන්තර ඖෂධ හා බාහිර ඖෂධ නියමිත පරිදි භාවිතා කරන අතරතුර පථ්‍යාපත්‍ය නිසි පරිදි පිලිපැදීම මගින් මෙලෙස සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

"ආයුර්වේදය තුලින් නීරෝගී දිවියක්"


👨‍⚕️කොඳු ඇට පෙලේ ඇතිවන වේදනාව සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...📋 අවශ්‍ය පරීක්ෂණ සිදුකර 🎯 නිවැරදි රෝග විනිශ්චයෙන් ...
25/10/2025

👨‍⚕️කොඳු ඇට පෙලේ ඇතිවන වේදනාව සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර...

📋 අවශ්‍ය පරීක්ෂණ සිදුකර
🎯 නිවැරදි රෝග විනිශ්චයෙන් පසුව
💊 උචිත ප්‍රතිකාර සිදු කර අවසානයේ වස්ති කර්ම ප්‍රතිකාර සිදු කරන අවස්ථාව.🌿

"ආයුර්වේදය තුළින් නීරෝගී දිවියක්"

ඉසිවර ආයුර්වේද වෙද මැදුර

22/05/2025

🧑‍⚕️🩺කාලීන බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර....

අපගේ ප්‍රධාන වෛද්‍ය මධ්‍යයස්ථානය හා නේවාසික ප්‍රතිකාර ඒකකය :-

ඉසිවර ආයුර්වේද වෙද මැදුර
📫නො.18/11/B, තල්වත්ත, කැළණිය.
(සදුදා සහ පෝය දින හැර පෙ.ව. 8.30 - ප.ව. 1.30 දක්වා)

Call/whatsapp 0716717622

Location 👇

https://maps.app.goo.gl/qpYmrLpQi6jwd8bv6

මාකොළ ශාඛාව :-

ඉසිවර ආයුර්වේද වෙද මැදුර
📫නො.74/A/3, මාකොළ දකුණ, මාකොළ.

(සදුදා සහ පෝය දින හැර පෙ.ව. 8.30 - ප.ව. 1.30 දක්වා
ප.ව. 5.00 - ප.ව. 9.00 දක්වා)

Location 👇
https://maps.app.goo.gl/419NVrUAhnqCM6PS7


#බෙල්ලේ වේදනාව
゚viralシfypシ゚viralシalシ

15/05/2025

Address

No: 25/2B, Thalwaththa
Kelaniya
11600

Opening Hours

Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94716717622

Alerts

Be the first to know and let us send you an email when Isiwara Ayurveda Weda Medura - Ayurvedic Surgical and Medical Clinic - posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isiwara Ayurveda Weda Medura - Ayurvedic Surgical and Medical Clinic -:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram