
10/06/2023
රුවන්වැලි මහා සෑය ♥️♥️♥️
රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු..
මහ සෑයේ ගර්භයේ තිබෙනවා..
☸️ රනින් කල සාල වෘක්ෂ දෙකක්
☸️ ඒ අතර රත්තරන් සයනයක් හදා තිබෙනවා.
☸️ එහි වැඩහිඳිනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානවම සර්වඤ ධාතුන් වහන්සේලා ආශ්‍රිතව සෘධියෙන් මැවුනු බුදුරුවක්.
☸️ එවන් අසිර්මත් දෙතිස්මහා පුරුෂ ලකුණින් යුතු සෘධිමත් සම්බුදු සිරුරක්
කොහේවත් නෑ.. මේ දසදහසක් ලෝකධාතුව තුල.
☸️ සම්බුදු ශීර්ෂය - උතුරු දිශාවටත්
සිරිපතුල් - දකුණු දිශාවටත් සිටින ලෙසට පිරිණිවන් මංචකයේ සැතපුන ඉරියව්වෙන් බටහිර(පැරණි වාහල්කඩ දිශාව) දිශාවට මුහුණලා වැඩ හිඳි.
☸️ මහ රහතන්වහන්සේලාගේ අධිෂ්ඨානය නිසා, එදා පූජා කරපු මල්වල සුවඳ, සදුන්වල සුවඳ තාම හමනවා.
☸️ එදා දැල්වූ පහන් තාම දැල්වෙනවා සාසනය පවතින තුරුම.
☸️ තවත් බොහො අසිරිමත් දේ පවතිනවා.
☸️ මහ සෑය හදන්න දායක වූ පින්වත් උතුමන්..
🌺 සක් දෙවියන්..
එතුමාට තමයි, අපේ භාග්‍යවතුන් වහන්සේ ,
ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වෙන් කරගන්න කටයුත්ත පැවරුවේ.
🌺 සක් දෙවියන් ම තමයි, ධාතූ කරඬුව පරිත්‍යාග කලෙත් තවත් බොහෝ උපකාර කලා දෙව්පිරිසත් සමඟ.
🌺 සතර වරම් දෙවි වරු සහ භූමාටු දෙවිවරු
🌺 රාම ග්‍රාම ස්තූපය බිඳී ගිය පසූ එදා සිට
ධාතූන් වහන්සේලා රැකබලාගත් මහාකාල නා රජු- සහ පිරිවර
🌺 මිහිඳු මහ රහතන් වහන්සේ-
සෑය සෑදිය යුතු ස්තානය සහ සෑය සෑදීමට
පින් ඇති දුටුගැමුණු මුණුබුරා ගැන
දෙවන්පෑතිස් රජුට කියා දීම.
🌺 ස්වර්ණමාලි දෙව්දුව-භූමාටු දේවතාවියක්
ස්තානය ලබා දීම.
🌺 සහම්පති බ්‍රහ්ම රජු,
🌺 ගඨීකාර බ්‍රහ්මයන් සහ සාසන ලැදි බ්‍රහ්මයන් බොහෝ උපකාර කලා.
🌺 බුදු සසුනට හිතැති යක්ෂයින්
🌺 රහතන් වහන්සේලා-
*සෝනුත්තර රහතන් වහන්සේ - නා ලොවේ සිට ධාතූන් වැඩම කරවීම.
*සුමන සහ උත්තර රහතන් වහන්සේලා දෙනම-ධාතු ගර්භය තැනීමට අවශ්‍ය
විශාල ගල් ලෑලි හය
උතුරු කුරු දිවයිනෙන් ගෙන ඒම.
*ලක්ෂ ගනන් විදේශීය රහතන් වහන්සේලා
මුල් ගල තැබීමේ උත්සවයට පැමිණීම
*පියදස්සී රහතන් වහන්සේ - ධර්ම දේශනය පැවැත්විම
*සහ බොහො සිංහල රහතන් වහන්සේලා
🌺 දුටුගැමුණු රජතුමා - (මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි.) මිනිසුන් නියෝජනය කරමින් සෑය සෑදීමට මූලිකත්වය ගෙන,
ඉතාම සුන්දර ලෙස සිදු කිරීම.
🌺 සද්ධාතිස්ස රජතුමා
(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි)
මහ සෑයේ කටටුතු නිම කිරීම.
🌺 සිංහලඅපේ මුතුන් මිත්තන්
බොහෝ සේ ජීවිතය දෙවනිකොට කැප වුනා.
බලන්න පින්වත් මිතුරනේ,
ඔබ දැන් හිඳිනා
තැන කොතරම් අසිරිමත්ද..
මහා සෑය
වන්දනා කිරීමට
පිරිසිදු කිරීමට
පිලිසකර කිරීමට
දැක බලා අනුමෝදන් වීමට
අද දවසේ පින් ඇත්තේ කාටද?
1.කෝටි හත්සියයක අධික ලෝ වැසි
මිනිසුන්ගෙන්
ඉතා සුළු පිරිසකට(ඔයාත් ඉන්නවා)
2. සක් දෙවිදු
විස්කම් දෙවිදු
සතර වරම් දෙවිවරු
දුටුගැමුණු දෙවියන් සහ පිරිස
ස්වර්ණමාලි දෙවියන්
සහ අල්පෙසාක්‍ය මහේශාක්‍ය පින් වත් දෙවිවරු.
3. මහා බ්‍රහ්මයා
ගඨීකාර බ්‍රහ්මයා සහ පින්වත් බ්‍රහ්මයින්
4.මහා කාළ නා රජු සහ පිරිස
5.ශ්‍ර්ද්ධාවන්ත යක්ෂයින්
බලන්නකො
ඔයාත් ඒ බලවත් පින්වත් පිරිස අතර කෙනෙක් නේද.
සාදු සාදු සාදු...!!!
ඉතිං දුර්ලභ ලාභයක්මයි ඔබට උදා වුණෙ..
බුදු ගුණ අසා,
ඒ බුදුන් වහන්සේ වෙනුවෙන්
පුංචි වැලි සෑයක් හදලා,
ඒ සෑයට වන්දනා කරලාත්
බොහෝ පින් කරගත්
සුගතියෙ කල්පගනන් සුවසේ
හිටපු අය ගැන අහලා තියනවා.
වැටකොටු මල් හතරක්
අරන් සෑය වඳින්න , බුදුගුණ සිතමින් ගියා පමණි. පූජා කරන්න බැරි වුනා.
හරකෙක් ඇනලා මැරුණා.
ඒත් ඇය දැන්..
දෙවගනක්
රහතන් වහන්සේ නමක්
රහත් වෙලා බැලුවා,
කුමක්ද මා කල පින කියලා, අරහත් බව පිනවුනෙ කල්ප 30 ක් ආපසු බැලුවා. පිනක් හමු වුනේ නෑ. දෙව් මිනිස් සැප විඳිනවා පමණයි දුටුවේ.
අහෝ අසිරියකි,
කල්ප 30 කට පෙර බුද්ධානුස්සතිය වඩනවා.
සාදු සාදු සාදූ
🙏🙏🙏
උ.ගැ