Gampaha Siddhayurveda Beheth Shalawa - Thorana Junction

Gampaha Siddhayurveda Beheth Shalawa - Thorana Junction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gampaha Siddhayurveda Beheth Shalawa - Thorana Junction, Medical Service, Kelaniya.

01/07/2024
Plantar Fasciitis හෙවත් විලුබේ වේදනාව උදේට නැගිටලා ඇවිදගන්න අමාරු ද? විළුඹ රිදෙනවද??මෙය බොහෝ දෙනා අතර දකින්නට ඇති සුලබ ර...
01/07/2024

Plantar Fasciitis හෙවත් විලුබේ වේදනාව

උදේට නැගිටලා ඇවිදගන්න අමාරු ද? විළුඹ රිදෙනවද??

මෙය බොහෝ දෙනා අතර දකින්නට ඇති සුලබ රෝගී තත්වයකි. වැඩි වශයෙන් කාන්තා පාර්ශවය මෙයින් පීඩා වින්දත්, පුරුෂ පාර්ශවටත් පොදු ගැටලුවකි.

මේ සඳහා බලපාන හේතු රාශියකි.කෙසේ නමුත්, විළුඹේ වේදනාව ශරීරයේ වෙනත් රෝග තත්වයක මුල් අවධියක් ලෙසද ඇතිවිය හැකිය. එම නිසා මෙය නොසලකා හැරිය හැකි තත්වයක් නොවේ.

විළුඹේ වේදනාවට හේතු:-
පාදයේ විළුඹ යනු අපේ ශරීරයේ සම්පූර්ණ බර දරා සිටින ස්ථානයකි.එසේම මාංශපේඅහී, අස්ථි, ස්නායු, රුධිර නාල, සම්බන්ධක පටක යන මේ සියල්ලම ඇති ස්ථානයකි. එම නිසා මෙහි ඇතිවන රෝග තත්ව වලදී මේ සියල්ල ගැන විමසිය යුතුය. විළුඹේ වේදනාවට හේතු වශයෙන්,
• සිරුරේ අධික බර
•⁠ ⁠දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම
•⁠ ⁠විළුඹේ ඇති මස්පිඩු ගෙවී යාම
•⁠ ⁠වැරදි පාවහන් විලාසිතා
•⁠ ⁠ක්‍රීඩා නිසා ඇතිවන තත්ව
•⁠ ⁠Plantar faciitis හෙවත් පාසයේ යටි පතුලේ ඇති සම්බන්ධක පටකයේ ඇති වන සංකූලතා
•⁠ ⁠අස්ථි, මස් පිඩු, සම්බන්ධක පටක අතර ඇති පීඩනය දරාගන්නා තරලයේ ඉදිමීමක්
•⁠ ⁠අස්ථි බිඳීමක්
•⁠ ⁠රූමටොයිඩ් ආතරයිටිස් වැනි තත්ව
•⁠ ⁠කොලෙස්ටරෝල්, දියවැඩියා වැනි රෝග තත්ව
•⁠ ⁠ආදී වශයෙන් හේතු දැක්විය හැකිය.

ප්‍රතිකාර

මෙහිදී වේදනාව හට ගන්නා නිවැදරි හේතුව අනුව ප්‍රතිකාර කිරිම වැදගත් වේ. එමගින් ඉතා ඉක්මනින් මේ රෝගි තත්වය සමනය කරගත හැකිය. හේතුව ඉවත් කරනා අතරම වේදනා සමනය කල යුතුය.
කෂාය, පත්තු, අවගාහ ස්ව්ද, තෛල අභ්‍යංග ආදිය මෙහිදී යෙදේ.

Carpal Turnnel  Syndrome හෙවත් (CTS කාපල් ටනල්සින්ඩ්‍රෝමය )හෙවත්, අතේ මැණුක්කටුවෙන් පහල හිරි වැටෙන රෝගය.මෙය බොහෝ දෙනාට ත...
01/07/2024

Carpal Turnnel Syndrome හෙවත්
(CTS කාපල් ටනල්සින්ඩ්‍රෝමය )හෙවත්, අතේ මැණුක්කටුවෙන් පහල හිරි වැටෙන රෝගය.
මෙය බොහෝ දෙනාට තිබෙන විෂාල ගැටළුවක්.මෙහිදී රෝගියාගේ පැමිණිල්ල වනුයේ බොහෝ විට පොල් මිරිකීමට, යමක් තදින් අල්ලා ගැනීමට අපහසු අතේ හිරියක් පවතින බවයි. මෙය ද බහුලව කාන්තා පාර්ශවය අතර දකින්නට ලැබුනත්, දෙපාර්ෂවයටම පොදු තත්වයකි.

කාපල් ටනල් සින්ඩ්‍රෝමය යනු කුමක් ද?
මෙහිදී ඔබේ අතේ මැණික්කටුවේ ඇති කාපල් ඇලිය ඉදිමීමට ලක් වී, එම නිසා අතෙහි මධ්‍ය ස්නායුව තෙරපීමට ලක් වේ. එම නිසා අතේ මහපටැඟිල්ල සිට මැද ඇඟිල්ල දක්වා ඇඟිලි තුනත්, වෙදඇඟිල්ලේ ඇතුල් දාරයත් හිරි වැටීමට ලක් වේ.

ලක්ෂණ :-
අතේ ඉහල සඳහන් කල ඇඟිලිවල පවතින හිරිය
ඇතැම් විට වැලමිට දක්වාම වූ වේදනාව
කල්යත්ම මහපට ඇඟිල්ලේ ක්‍රියා හානිය
ඇඟිලි ලොක් වීම
අත්ලේ වේදනාව සහ හිරිය
මෙම රෝග ලක්ෂන මද වශයෙන් ආරම්භ වී පසුව වර්ධනය වේ.

මෙම තත්වය බොහෝ විට, ආතරයිටීස්, දියවැඩියා, අතිස්ථුල බව, ගර්භනී සමයේ තෙවන ත්‍රෛමාසිකය වැනි තත්ව වලදී ඇතිවීමේ වැඩි සම්භාවිතාවයක් තිබේ. එසේම ඇතැම් එන්නත් නිසාද ඇතිවිය හැක.

මෙහිදී ප්‍රතිකාර වශයෙන් අවශ්‍යතාවය අනුව විරේචන, තෛල අභ්‍යංග, පොට්ටනි වලින් තැවීම, පත්තු ආදිය සමග අභ්‍යන්තර ඖෂධ යෙදීමට ද සිදු වේ. නිට්ටාවට සුව කරගැනීමට හැකියාව පවතී.

08/04/2024
ෆොටෝ එක ටච් කරලා ඔරිජිනල් ෆොටෝ එකට ලයික් එකක් දාන්න හැමෝම 🥰🥰🥰No -2
08/04/2024

ෆොටෝ එක ටච් කරලා ඔරිජිනල් ෆොටෝ එකට ලයික් එකක් දාන්න හැමෝම 🥰🥰🥰
No -2

ෆොටෝ එක ටච් කරලා ඔරිජිනල් ෆොටෝ එකට ලයික් එකක් දාන්න හැමෝම 🥰🥰🥰No -1
08/04/2024

ෆොටෝ එක ටච් කරලා ඔරිජිනල් ෆොටෝ එකට ලයික් එකක් දාන්න හැමෝම 🥰🥰🥰
No -1

Address

Kelaniya

Telephone

+94774041727

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Siddhayurveda Beheth Shalawa - Thorana Junction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gampaha Siddhayurveda Beheth Shalawa - Thorana Junction:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram