04/02/2023
u🌹 Depression -විශාදය🌹
අද බොහෝදෙනා කතාකරන මාතෘකාවක් නිසා ඒ ගැන කෙටි අවබෝධයක් ලබා දෙන්න සිතුනා.අද ලෝකයේ ගොඩක් දෙනාට වැලදෙන මානසික ආබාදයක් ලෙස මෙය හැදින්විය හැකිය.mood disorders (depression ,mania,bipolar ) යටතට ගැනෙන මෙය ආකාර තුනක් ඇත.
1.mild depression
2.modarate depression
3.severe depression
අපට එදිනෙදා එන විවිධ ගැටලු නිසා මානසික කඩාවැටීම් වලට ලක් විය හැක.මේ මානසික ආතතිය /stress නිසා අපගේ මානසික මට්ටමට බලපෑම් එල්ලවේ.නමුත් එය විශාදය කරා යාම නිතරම සිදු නොවේ.ආතතියක් විශාදය කරා යාමට ඒ ආතතියේ ස්බාවය,එකිනෙකාගෙ පෞරුෂය,පවුලෙන් /වටපිටාවෙන් ලැබෙන සහයෝගය යන කරුනු මත පදනම් වේ.
ව්ශාදය, OCD(obsessional compulsory disorder )/ග්‍රස්තය එකම දේ නැවත නැවත කරන ආබාදයේදි ඈතිවිය හැක .එසේම social anxiety /සමාජමය කාන්සා තත්ව හා alcohol නිසාද ,බින්නොන්මාදයේදි ගන්නා ඖෂධ නිසාද ඇතිවිය හැකිය .
තවද ජාන හා පාරීසරික සාදක එකතු වීමෙන්ද ඇතිවිය හැක.37% ජානද ,20% පාරිසරික සාදක වේ.
විශාදයේදී seratonin,noradrinaline කියන මොලයේ රසායනික වල අඩුවීමෙන් මෙය හටගනී.නිතරම ආතතිය වැඩිවීම නිසා මෙම රසායනික අඩුවිය හැක.එමනිසා විශාදය ඇතිවේ.
අප විශාදය කියලා හදුනාගන්න ප්‍රදාන ලක්ශන 3 තිබිය යුතුය .
1.දිගින් දිගටම පවතින දුක-මෙය සති 2 වඩා තිබිය යුතුයි.persistent sadness
2.ශක්තිය හීන වීම. Anergy
3.වෙනදා කල විනෝදාංශ /ක්‍රියාවන් වලින් දැන් තෘප්තිමත් නොවීම.Anhedonia
එසේම අනුලක්ශන ලෙස,
🌟නින්ද අඩුකම ,පාන්දර අවදි වූ පසු නින්ද නොයෑම
🌟ආහාර අරුචිය /වැඩිපුර ආහාර ගැනීම
🌟අවදානය අඩුකම
🌟සිතට නිතරම සෘන සිතිවිලි පහළ වීම
🌟අමතක වීම.
🌟නිතර කේන්තිය
🌟ලින්ගික ආශාව අඩුවීම
🌟ආත්ම විශ්වාසය නැතිවීම
🌟තමා වැඩක් නෑ කියා සිතීම
🌟මලබද්දය
🌟 තත්වය උග්‍රවූ විට hallucinations ,එනම් විවිධ ශබ්ද ,රූප,,රස,ස්පර්ශ ,සුවද වල් දැනීම
🌟සියදිවි හානිකරගන්න සිතීම හා උත්සහ කිරීම.
🌟විවිද මවාගත් විශ්වාසයයන් ඇතිකර ගැනීම delusions .
🌹මෙම මූලික ලක්ශන 3 සමග 🌟 අනුලක්ශන 4 තිබේනම් severe depression ද /උග්‍ර
🌹මූලික ලක්ශන 2 සමග අනුලක්ශන 3 තිබේනම් modarate depression /මද්‍යම
🌹මූලික ලක්ශන 2 සමග අනුලක්ශන 2 තිබෙනවානම් mild depression /සුලු
තත්වය මෙසේ බෙදා දැක්විය හැක .තත්වය උග්‍ර නම් ක්‍රියාකාරිත්වය අඩුයි,කතාබහ අඩුයි. Modarate අය තමන්ගෙ වැඩ කරගෙන සිටී,නින්ද අඩුයි .මෙම විශාදය රෝග විවිනිශ්චය සදහා සති 2 අවශ්‍ය වේ.severe depression නම් සතියෙන් ප්‍රතිකාර පටන් ගත යුතුය(counselling යන අතර තුර). Mild depression නම් ඖෂධ ප්‍රතිකාර පටන් නොගනී.උපදේශනය ප්‍රමානවත් වේ.
මේ සදහා උපදේශනය,ඖෂධ ,mindfullness ,behavioral therepy මේ සෑම දෙයයක්ම ප්‍රතිකාර ලෙස යොදාගනී.severe /උග්‍ර නම් ඖෂධ ප්‍රතිකාර අත්‍යාවශ්‍ය අතර උපදේශන ලබාදිය යුතුයි.modarate නම් ඖෂධ ප්‍රතිකාර සමග උපදේශන ද mild නම් උපදේශන පමනක් සෑහේ.අලුත්ම සොයාගැන්ම අනුව අපගේ මොලයේ සතුටු රසායනික seratonin ,noradrinaline ,dopamine වල සාන්ද්‍රනය ඉහල දැමීමට mindfullness ප්‍රතිකාරය හේතුවන බව තහවුරුව ඇත.
ඔබට තමන් විශාදයට ලක්වීද බලන්න මෙම ප්‍රදාන ලක්ශන සමග අනුලක්ශන තිබේද බලන්න ,අනුලක්ශන තිබුන නිසාම එය විශාදය කියා පැවසිය නොහැක.එසේම නිතරම පවතින දුක සති 2 පමන තිබිය යුතුයි .
උපදේශකයකු වෙත යොමුවීම කලයුතු අතර ඔබ සමග විස්තර කතාකර දැන ගැනීමෙන් ප්‍රතිකාර අවශ්‍ය තත්වයක් තිබේනම් මනෝවෛද්‍ය වරයකුට යොමුකිරීම සිදුකරනු ලබයි.නැත්නම් උපදේශන සැසි කීපයක් කරනු ලැබීමෙන් මෙම තත්වයෙන් මිදිය හැක .පවුල් උපදේශන සිදුකර පවුලේ සහය ලබා දීමටද උපදේශනයේදි සිදුවෙයි.
ස්තුතියි ,
චතුරිකා හේවගේ අබේනායක ( diploma in psychology and counselling )
හෙද නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශන ඒකකය
අපේක්ෂා රෝහල
මහරගම .