කොබෙයිගනේ පාරම්පරික ඔසු

කොබෙයිගනේ පාරම්පරික ඔසු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොබෙයිගනේ පාරම්පරික ඔසු, Medical and health, Padeniya Road, Kobeigane.
(1)

ආයු. නිෂ් : 6/2/1/09/66
ව්‍යා. ලි. අ: 12/1678
රජයේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකර 100%ක් ම ස්වාභාවික ශාක සාරයන් පමණක් යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන පාරම්පරික ආයුර්වේද නිෂ්පාදන

ඇතෙකුගේ පා සලකුණු මෙන් ඇත්තේ ඇත් අඩිද ගොන් දිවද?ඇත් අඩි BOTANICAL NAME - Elephantopus scaber L.FAMILY - COMPOSTAEENGLISH...
23/08/2025

ඇතෙකුගේ පා සලකුණු මෙන් ඇත්තේ ඇත් අඩිද ගොන් දිවද?

ඇත් අඩි

BOTANICAL NAME - Elephantopus scaber L.

FAMILY - COMPOSTAE

ENGLISH NAMES - Elephant's foot

OTHER NAMES - Gobhi (Hin)

සංස්කෘත නාමය - අඳු ජීව, දාර්වි, ගෝබ්

පර්යාය නාමය - අඳුජීව, දාරවී, ගෝබි

(i) ගෝජිහ්වා ක්ෂුපය පිළිබඳත් උගතුන් අතර මත විෂමතා ඇත.

Elephantopus Scaber L. යන නමින් හැඳින් වෙන වර්ගය ගෝජිහ්වා වශයෙන් ගැනීමට කෙනෙක් කැමති වෙති. මෙය අඟල් 8 - 18 ප්‍රමාණයෙන් උස යන පැළෑටියෙකි. මෙහි හට ගන්නා මල මොණරකුඩුම්බියකට සමානය. මේ අනුව මේ නියම මයුර ශිවා විය යුතු යයි බලවන්ත සිං ශාස්ත්‍රී කියයි.

(ii) මේ ගෝජිහ්වා ක්ෂුපය Onosma bracteatum wall. ඉරාණය ඇෆ්ගනිස්ථානය, පශ්චිම හිමාලය භූමිය, කාශ්මීරයේ සිට කුමාඋන් තෙක් හැදී වැඩි සිටි මෙහි උස අගල් 15 කි. මල ගුරුපාටය.

(iii) අංක 1 උද්භිද නාමය දරන Elephant's foot ක්ෂුපය ඉන්දියාවේ සියලුම ඡායා සම්පන්න බිම් පෙදෙස්වල වැවෙන බවක් නාදකරණි කියයි. ක්ෂුපයේ ලක්ෂණ නොකියයි.

මෙය ශ්ලේෂ්මල, කෂාය රස, පරිවර්තක, ජ්වරහර යන මේවායින් සම්පන්න ය. අපේ ගෝජිහ්වා ක්ෂුපයේ උස අනුව ඉහත සඳහන් තුන් වර්ගයට මඃ පිටු පාන්නට සිදු වී ඇත.

එකම නම ද්‍රව්‍ය කිහිපයක් හැඳින්වීමෙහි ප්‍රධාන නම් වශයෙන් යෙදී තිබෙන හෙයින් Elephant's foot යන නම අපේ '' ඇත් අඩි '' යන්නෙහි නියම පරිවර් තනයක්ද? යනු සැක සහිතය.

පොළවේ පැතිරි සෑදී ඇති ආකාරය අනුව ඇත් අඩි නමින් හඳුන්වන මෙම පැළෑටිය සංස්කෘත ග්‍රන්ථ වල " ගෝජිහ්ව '' නමින් විස්තර වී ඇත. ඇතාගේ පතුල මෙන් රවුමට දිගටි කොල විසිරි පිහිටා ඇති අතර, ඇතකුගේ පතුලට වඩා ලොකු නැත. පෙනුමේ ස්වභාවය අනුව ම ඇත් අඩි යනුවෙන් හෙල වහරට හුරු වී ඇත්තේ මේ නිසා විය හැක. එහෙත් තනි කොලයක් කාලයක් වශයෙන් ගත් විට හැඩය හා රලු බව සළකා සකු ග්‍රන්ථ වල ගෝජිහ්ව යන නමින් ගවයාගේ දිවට සමාන යන අරුතින් ව්‍යවහාර කොට ඇත. සතු පොත් වල '' ගොජි '' යනුවෙන් විස්තර වන ද්‍රව්‍ය ගැන බැලු විට එය ගැට කොල යයි සිතිය හැක. එහෙයින් ගොජිහ්වා ගොජි දෙකකි යි ප්‍රියවෘත ෂර්මා පඬිතුමා දක්වන අදහසට එකඟ විය හැකිය.

සකු පොත් වල ගොජි නමින් විස්තර වන මෙයට සමාන පැලෑටිය චරක මණ්ඩුකපර්ණ ආදී ශාක වර්ගයට අයත් වේ යයි දක්වා ඇත. ඒ පොලව බදා වැටෙන නිසා විය හැක.

ගොජිහ්වා තිත්ත කටු විපාක, ශීත වීර්ය, මෙන් ම කළු පිත්ත හර ද්‍රව්‍යයකි යි ආචාර්ය ප්‍රියවෘත ශර්මා දක්වයි. ඊට අමතරව විසර්ප, වෘණ, විස, සඳහා ලේප වශයෙන් යොදනු ලැබෙයි ද දක්වා ඇත.

සුශ්‍රැත සංහිතාවෙහි මෙය මණ්ඩු පණි හා සමාන බවත් ලඝු, මධුර කෂාය මධුර විපාක, ශීත වීර්ය, එසේම පිත්ත සාමක ද්‍රව්‍යයකි යි දක්වා ඇත. එහි මෙම පැලෑටිය ජ්වරයට හිත ද්‍රව්‍යය කියි ද දක්වා ඇත. නාඩිවණ සඳහා සාදන තෙල් පිණිස ගත හැකි ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ද සුශ්‍රැතයේ දක්වා ඇත. සුශ්‍රැත ගොජි නම් ද්‍රව්‍යයක් විස්තර කරමින් කර්කශ පත්‍ර සහිත ලේඛණ විශ්‍රාවණ ගුණය බලාපො-රොත්තුව ලේප සඳහා ව්‍යවහාර කරන පැලෑටියක් ලෙස දක්වා ඇත. මේ සියලු කරුණු සළකා ඩල්හන ගොජි, ගෝජිව්හා එකම ද්‍රව්‍යයක පර්යාය ලෙස ම ගෙන

ධන්වන්තරී නිගණ්ඩුව ගොජිහ්වා යන්න ගවේ වු යන ධාන්‍ය විශේෂයක පර්යායක් සේ දක්වා ඇත. පර්යාය රත්න මාලාව ගවේවුකා යන්න දාර්වි පත්‍ර යන පර්යාය දක්වා ඇත. එහෙත් ගවේ වුකා ධාන්‍ය වර්ගය වෙනත් වර්ගයකි. ගොජිහ්වා ගැනවාග් හටාචාරීන් ද, වරකාචාරීන් අනුව යමින් විෂස්න ආලේප සඳහා යොදන බැව් දක්වයි.

චක්‍රපානි මෙහි අර්ථ දක්වා ඇත්තේ දර්වි පත්‍රිකා යනුවෙනි. ඩල්හනාචාරීන් මෙම දාර්වි පත්‍ර කර්කෂ දිග කොල ඇති ගොජි මෙන් වූ ද්‍රව්‍යයකි යි දක්වා ඇත.

කෙසේ වුවත් ලංකාවේ ඇත් අඩි, ඇත් තඩි නමින් හඳුන් වන වර්ගය දේශීය වුණ තෛල සඳහා උපයෝගී කරගන්නා ද්‍රව්‍යයකි. ගම්බද ඕනෑම තැනක වැවෙන දක්නට ඇති මෙම කොළ අත් බෙහෙතක් ලෙස හදිසි තුවාල, කැඩුම්, බිඳුම්, තැලුම් සිරිම, ලේ ගැලීම් වලදී කුඩා ළමුන් පවා පාවිච්චියට ගනී. තණ හා සමානව පොළව බද වැවෙන පැලෑටියකි. ඔව්හු මෙම කොළ කඩා සෝදා සේදීමට නොහැකි නම් පිසදා කමින් සපා හෝ ගලක් මත්තේ තබා තලා හෝ තලා හෝ තුවාල වලට ඵලා ලේ නතර කර ගැනීමට තුවාල සුව කර ගැනීමට පුරුදුව සිටිති.

දේශීය ගෙඩි වන පිලිකා වෙදකම් වලදී හිල් වු ගඩුවේ එලීමට ප්‍රලේප සඳහා ගැනීමට නියම කොට ඇත.

ආශ්‍රිත ගන්ථ

1. ද්‍රව්‍ය ගුණ විඥානය - ආචාර්ය ප්‍රිය වෘත ශර්මා

2. වාහට සංහිතාව

3. සුශ්‍රැත සංහිතාව

1. ද්‍රව්‍ය ගුණ නිගණ්ඩුව - දොස්තර ආටිගල මහතා

5. ධන්වන්තරී නිඝණ්ඩුව

6. පර්යාය රත්න මාලාව

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

මෙය ඖෂධ වශයෙන් යොදා ගන්නා අවස්ථා සුලභ නොවේ.ඇටෝරBOTANICAL NAME - Panicum repens L.FAMILY - GRAMINEAEපොදු සිංහල නාමය - ඇටෝ...
22/08/2025

මෙය ඖෂධ වශයෙන් යොදා ගන්නා අවස්ථා සුලභ නොවේ.

ඇටෝර

BOTANICAL NAME - Panicum repens L.

FAMILY - GRAMINEAE

පොදු සිංහල නාමය - ඇටෝර

දෙමළ නාමය - තිනයිපිල්ලු. ඉන්පිපිල්ලු

මේ වනාහි ශ්‍රී ලංකාවේ විශේෂයෙන් තෙතමනය ඇති කඳුකර හා මැදරට සුලභව දක්නට ලැබෙන, ගොවියාට අතිශය කරදරකාරී, වල් පැලෑටියකි. මෙහි භූගත (සුදු පැහැති) කඳ ඉතා වේගයෙන් වැඩෙමින් පැතිරේ. උදුරා ඉවත් කිරීම ඉතාමත් අපහසු යි.

ගවයින්ගේ ආහාර ලෙස ඇටෝරාවේ අමු. වියළි (තනි) කොළ හා ළපටි කඳන් යොදා ගනු ලැබේ. ඒවා බෙහෙවින් පෝෂණ ගුණවත්ය. එහෙත් ඇටෝරා බීජවලත් මුල්වලත් සයනෝජනනීය, (සයිඩ් ඩ්‍රජන් සයිනයිඩ් නිපදවීමේ ) ශක්තිය ඇති නිසා විෂ සහගත යයි වාර්තා වෙයි.

ඇටොරා ඖෂධ වශයෙන් යොදා ගන්නා අවස්ථා සුලභ නොවේ. එහෙත් ජාවා රටේ අස්වාභාවික මාස් ශුද්ධිය සිදුවන අවස්ථා වල දී පැන නැඟෙන කෘච්ඡුතාව පහකර හැරීම සඳහා යොදා ගන්නා බව වාර්තා වේ.

අනුස්මරණය සඳහා -

කාස්‍යෝත් කරන් තෘණ කරන් - ප්‍රියාහාරෝ ගවාදිෂු
සවිෂාණ්‍යස්‍ය බීජානි - මුලානි ක්ෂමාගතාන්‍යපි:
යුක්ත්‍යා තානි ප්‍රයුක්තානි -කෘච්ඡුාත වහරාණි හි. සා. සං.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

කැලේ තියෙන ශක්තිමත් ම ගහ ඇට්ටේරියාBOTANICAL NAME - Murraya paniculata (L.) Jack.FAMILY - RUTACEAEපොදු සිංහල නම්ඇට්ටේරිය,...
21/08/2025

කැලේ තියෙන ශක්තිමත් ම ගහ

ඇට්ටේරියා

BOTANICAL NAME - Murraya paniculata (L.) Jack.

FAMILY - RUTACEAE

පොදු සිංහල නම්

ඇට්ටේරිය, ඇටවීර (කැලයේ ශක්තිමත් ගස හෙවත් තද කඳක් ඇති ගස)

හින්දි - වීරසාර

බෙංගාලි - කාමීනි

සංස්කෘත - ශිංශ්‍යා

පර්යාය

කාෂ්ඨ වීරා - තද කඳක් (හරයක් ඇති නිසා)
වීරසාර
කාමීනී - මලින් සැරසී නෙත් පිනවන
ඒකාංගි - තනි ගසක් ලෙස සිටින නිසා

කුලය - ජම්බීර

ඇට්ටේරිය මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පඳුරකට සමානව වැඩේ. අලංකාරය වර්ෂය පුරා හට ගන්නා සුදු පැහැති මල් ඉතා සුවඳවත්ය. ලීය හයියය. ඉන්දියාවේ හිමාල අඩවියේ අඩ වියේ හා බෙංගාලයේ ද, මලයාවේ හා බුරුමය යේ ද මඳ විසින් ශ්‍රී ලංකාවේ ද වැවෙන පැලෑටියකි. කුඩා බීජ මගින් ව්‍යාප්ත වේ. සදා හරිත ශාකයකි. දැඩි නියඟයට ඔරොත්තු දෙන හෙයින් තෙත් වියළි වනාන්තර සහ ලඳු කැලෑ වල ද, ඕවිටිවල ද සාරවත්ව වැඩේ. ඉන්දියාවේ ගසට වඩා ලංකාවේ ගසේ සුළු සුළු වෙනස්කම් තිබේ.

ව්‍යවහාර්යය අංග

පංචාංගය ම ඖෂධ පිණිස ගැනේ. (ශිංශපා මල් කොළ දෙවගයේ ඵාන්ටය ගුණයෙන් කරපිංච හා සමාන වේ.)

එහි ප්‍රභෙද තුනකි

1. ස්වේත

2. ශ්‍යාම සුදු කළු මුසු පාට

3. කපිල් - මඳක් රතු

යන වශයෙනි.

ශ්වේත ඇට්ටේරිය

රසය - තිත්තයි

වීර්යය - ශීත යි

පිත් දාහ නසයි. බල කාරකයි. රුචි උපදවයි. සිරුර පැහැපත් කරයි. භික්කා, ඉදිමුම, විසර්ප ගමනය කරයි.

රපායනික උපාදන - මල්වල Murrayin නමැති Glucoside වර්ගය ඇතුළත් ය.

ශයාම ඇට්ටේරිය

රසය - තිත්ත
වීර්යය - උෂ්ණ
විපාක - කටු

වා සෙම් නසයි. අග්නි දීප්තිය ඇති කරයි. අජීර්ණ, ගොථ, අතීසාර පහ කරයි.

කපිල ඇට්ටේරිය

රසය - තිත්ත
වීර්යය - ශීත

වාත, පිත්ත, ජිජ්වර, පරිදි, භික්කා ශ්‍රම සහ ගැබ් නසන්නේය.

ඇට්ටේරිය තුන් වර්ගය ම ශීත, උෂ්ණ, ශෝථ, විසර්ප ශමනය. පිත්ත ප්‍රශමනය , ශරීරය පැහැපත් කිරීම ආදී ගුණ කර්ම පවතී. බල වැඩීම සහ ආහාර රුචිය ඉපැදවීම යන ගුණ පොදුවේ ඇතුළත් වේ. ශිංෂපා පිත්ත නාශිනී " යනුවෙන් එකී පිත් ශමන ගුණය ප්‍රධාන කොට ඇති බව පැහැදිලි වේ.

රෝග වශයෙන් ආමවාත ජ්වර, කැස්ස, හ්‍රම, පිපාසා, දාහ සහ හිස්ටිරියා රෝගයන් මේවාට ගුණ දායක ය.

වසාමේහයේ ඇට්ටේරියා මුල් හා පොතු ද ජීවරයෙහි ඇට්ටේරියා දළු ද ශෘධ්‍රසී නම් වාත රෝගයේ ඇට්ටේරිය පොතු ද ඖෂධ සංයෝග වල යොදා ගනු ලැබේ.

දේශීය කැඩුම් බිඳුම් ප‍්‍රතිකාරයේ දී තෙල ද අමු පොතුද යොදා ගනී. වේදනා ගමනය සඳහා මුලේ පොත්ත අඹරා ආලේප කෙරේ.

කොළ කෂාය සර්වාංග ශොට රෝගයේ දී මෙන්ම අතිරක්ත වාපයේ දීද පානයට දෙති. අතීසාර ශමන ගුණය එහි කඳේ පොත්තේ සහ මුලේ ද පවතී.

ශිංශපා අරටු තෙල් තිත්ත කටු කසට රසවලින් යුක්තය. දුෂ්ට වන ශෝධනය සඳහා උපයෝගි කෙරේ.

ශීංශපා තෛලය ක්‍රිමි, කළු, කුෂ්ඨ වායු, නසාලයි.

ශිංශපා, මල් තෛල වර්ග සුවඳවත් කිරීමේ උපාදානයක් ලෙස ද යෙදේ.

* ශිංශපා අභාවයෙහි සුරභී නිම්බ (කරපිංච) ප්‍රතිනිධි කළ යුතු වේ. වෘධ වෛද්‍ය උපදේශයකි.

මෙම ද්‍රව්‍ය අෂ්ටාංග හෘදය සංගීතාවේ මුෂ්ටකාදී ගණයේ ද සුශ්‍රැත සංහිතාවේ ශාලසාරාදී ගණයේ ද අන්තර්ගතය. කෂාය යෝග, ආලේප තෛල සහ සාර යන ගිංශපා සංස්කරණ ඖෂධ උපයෝගී වේ.

ගිංශපා කෘෂ්ඨ වීරා ච - වීරසාරාව කාමීනී. ඒකාඅගී ච සිතා ශ්‍යාමා - කපිලා ශිංග්‍යා කාෂ්ඨවීරා ට - වීරසාරා ච කාමීනි.
ඒකාංගි ච සිතා ශ්‍යාමා - කපිලා චේති සා ක්‍රීඩා:
සර්වේ භුමිනා ගුණෙස් තුල්‍යා- ස්නේහමුල දලා ශ්‍රී ණෛඃ
ත්‍රිදෝෂාම ජ්වරච්ඡර්දි - විස පශ්ව යථු හුමාඃ ශාම්‍යන්ත්‍යනේන හික්කාට ව- කටුකික්කා රසේ ත්‍රයැ, ශ්‍යාමා ක්‍රෝෂ්ණා භවත්‍යෙතේ - රුචිවණ බලප්‍රදා මුලත්ව වසාමෙහේ ශිංශපායා දලං ජීවරේ.

අපතන්ත්‍රා දිවා තේසු - පුද්‍යාද් ගංඩි වල්කලම්:

ආශ්‍රිත ග්‍රන්ථ

චරක සංහිතා
සු 11-19, 32, 25-49 8 8-144, 03 8 - 38 81-212-9-96 8 83, 2018, 39-169

සුශ්‍රැත සංහිතා -

සු 38 - 12 සාලසාර දිගණ 45 - 123

10-8, 12,299,35-5

39-203, 40-51

අෂ්ඨාංග හෘද සංහිතා -

11-19,329-96

ශිංශපා සාර - 1- 115

ආයුර්වේද ඖෂධ සංග්‍රහය - ප්‍රථම පියවර දෙවන කොටස සිංහල විශ්ව කෝෂය.

දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

සන්ධියක් එහෙම නැත්තං joint එකක් කියන්නේ අස්ථි දෙකක් හෝ කීපයක් එකතු වෙන තැනක්. කමක් නෑ ඒත් මේ පින්තුරයේ කතාව තේරුම් ගන්න.
21/08/2025

සන්ධියක් එහෙම නැත්තං joint එකක් කියන්නේ අස්ථි දෙකක් හෝ කීපයක් එකතු වෙන තැනක්. කමක් නෑ ඒත් මේ පින්තුරයේ කතාව තේරුම් ගන්න.

තිස් පැයෙන් කැඩුන බිඳුන අස්ථි පාස්සන දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයඇට්ටමුරාBOTANICAL NAME ...
20/08/2025

තිස් පැයෙන් කැඩුන බිඳුන අස්ථි පාස්සන දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධය

ඇට්ටමුරා

BOTANICAL NAME - Cansjera rheedii Gmelin

FAMILY OPILIACEAE

පොදු සිංහල නාම ඇටමුරා, ඇට්ටමුරා *

සංස්කෘත නාමය - කාෂ්ඨ මූර්වා. (කාෂ්ඨ යනු වන (වල්) වාචක ශබ්දයෙකි. ඇට කෙහෙල්, ඇටිකුළා, කොටදිඹුලා කැට කෑල යනාදියෙහි ඇති මුල් ශබ්දය කාෂ්ඨ ශබ්දයෙන් බිඳී ආයේය. මූර්වා යන්න මුරුවා වැලට මෙන් මැ වෙනත් ගස්වැල් වලට ද සම්බන්ධ වී ඇත.

නාමගුණ

කාෂ්ඨ මූර්වා රම්‍ය දලා - ප්‍රායශඃ පරපෝෂිතා,
මාරුතග්නිස්තික්තෝ ෂ්ණා - රෙවනී භග්න සාධනි;
ස. සං.

දේශීය වෙදකමේ සඳහන් වන විශේෂ පැලෑටියකි. මෙය දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයක් වන හෙයින් එම තෙල්, පත්තු, මැල්ලුම් ආදී සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගැනේ. එහෙත් වන බිම් එළි කිරීම අනුව අභාවයට යොමු වී යන පැලෑටියක් සේ හැඳින් විය හැකිය. තිස් පෑ හන්දි බෙහෙතට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යයකි. පැරැන්නෝ සන්ධි වෙදකමේ හාස්කම් දැක්වූයේ මෙබඳු ඖෂධ පැලෑටි උපයෝගි කරගනිමිනි. (සති තුනෙකින් මෙහා භග්නය සන්ධාන නොවේ යනු අලුත් සිද්ධාන්තයයි) විශාල කැලෑ වල ගස් දොරුවල බෙහෙවින් හටගන්නා මෙම පැලෑටිය උඩවැඩියා වර්ගයක් ලෙසින් දේශීය ශබ්ද කෝෂය විස්තර කරයි. බිම පැලවී ලඟ තිබෙන ගස් වලට පැතිර ගනී. මඳක් තිත්ත, උෂ්ණ, වීර්ය, වාත, නාශක රේවන ද්‍රව්‍යයකි. ගැමියෝ මේ කොළ තම්බා පොලුත් සමඟ කති. සතුන්ගේ අත් පා බිඳුන කල ඒවා සන්ධි ගැන්වීම පිණිස ඇටඹරා යෙදිය යුතු යැයි පුස්කොල පොත් වල සඳහන් වේ. පශු වෛද්‍ය ග්‍රන්ථය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

කොර වූ අවයව දිග හරින මොනවා ද මේ ආපසු මදුBOTANICAL NAME Paederia foetida Linn.FAMILY - RUBIACEAEඉංග්‍රීසි නාමය - Chinese ...
18/08/2025

කොර වූ අවයව දිග හරින මොනවා ද මේ

ආපසු මදු

BOTANICAL NAME Paederia foetida Linn.

FAMILY - RUBIACEAE

ඉංග්‍රීසි නාමය - Chinese flower plant

පොදු සිංහල නම - රටමදු, ආපසුමදු, ගඳපැහැරණිය. පැහැරණිය

සංස්කෘත නාමය - ගන්ධ ප්‍රසාරණි

පර්යාය නාම

ප්‍රසාරණි - (කොර වූ අවයව දිගාරවන හෙයිනි.)

රාජබලා - (බලය දෙන ද්‍රව්‍යයන් අතර රජා.)

සරණි - (මෙයින් හැකිලීම් දුරව යන හෙයිනි.)

වාරුපර්ණි
ප්‍රතානිකා
ගන්ධභද්‍රා
භද්‍රබලා
ගන්ධාලී
ගන්ධකාදුලී
සරණී

ප්‍රභේද හා තොරතුරු

i . ප්‍රසාරණි ලතා වර්ග තුනක් ඉන්දියාවේ ඇත. එයින් :

උත්තරා පථයේ ආර්යාවර්තයේ - වෙදවරුන් ගන්ධ ප්‍රසාරණී (Paederia foetida Linn.) නමැති වර්ගයද,

ii. රාජස්ථානයේ - මධ්‍ය භාරතයේ - වෙදදුරන් වරා පවුලට අයත් Leptadenia spartium wt Asclepadacea නැමති වර්ගය ද,

iii. දක්ෂිණාපථයේ - කේරලයේ වෙදවරුන් Merremia tridentata (L.) Hall. f. නමැති වර්ගය හා ද්‍රවිධාකාරයේ සෙසු වෙදවරුන් Convolvulus arvensis Linn නමැති වර්ගය ද, සුලභතාව අනුව ප්‍රසාරණී නාමයෙන් ගන්නා බව Ayurvedic Flora Medica - කොට්ටයම් නමැති ග්‍රන්ථය කියයි.

ලංකාවේ ප්‍රභේද දෙකකි.
(i) ගන්ධප්‍රසාරණී යැ.
(ii) ආපසුමදු ය.

මදු යනු මන්ද යි. සතුන් බැඳීමට ගන්නා රැහැන් (යොත්) එයින් කියැවේ. මදු වැල් ඒ සඳහා යොදාගන්නට ඇත. (අග්ගිස්සෙන් ආපසු හැරී බලා ඉදිරියට යන) මදු (වැල්) වර්ගයට ' මදු' නම යෙදුණේ ස්වරූපය අනුවයි. ශාලපර්ණිය වෙනුවට මේ රටේ අස්වැන්න ගන්නාක් මෙන් ගන්ධ ප්‍රසාරණිය වෙනුවට ආපසුමදු ප්‍රතිනිධි වී ඇත.එනමුත් එහි පදාර්ථ විනිශ්චයක් තවමත් සිදු වී නැත. ගන්ධ ප්‍රසාරණිය පළමු වෙන් ම කල්කටාවෙන් ගෙන්වා ගෙන යක්කල සිය විදුහලේ බේත් වත්තේ වවාගත්තේ වික්‍රමාරච්චි රාළහාමි විසිනි. එහෙයින් එයට ' වික්‍රම ප්‍රසාරණි යයි අමුතු නමක් ද පිළියෙළ වී ඇත. දැන් එයින් බෝ වූ ප්‍රසාරණි වැල් දිවයිනේ නො එක් තැනැ පැළ වී පැතිරී ඇත. මෙහි විස්තර වනුයේ ඒ (P. F.) ගඳ පැහැරණියයි.

F

වැවී තිබෙන තැන්

හිමාලය කඳු වැටියේ මැදි පෙදෙසේ මෙන්ම නැගෙනහිර පෙදෙසේත් අඩි 5.000 දක්වා උස් වූ බිමේ ද බෙංගාලය, ඇසෑමය හා බටහිර ඉන්දියාව ඇසුරු කළ බිම්වල ද මේ පැහැරැණියා රට ආපසුමදු වැල් සුලභය.

මේ වැල් වෙසෙස තමා අවට තරමක් දුරට අතු පතරින් පැතිරි වැවී තිබෙනු පෙනේ. එහි වැල්දඬු කෘශ ය. තෙල් ගැවාක් බඳු වැ දිලිසෙයි. දිගය, සවිමත් (හයිය) ය. අලුත් අතු ඉති, කෝමලය. පරණ වැලේ මුල් පෙදෙස අඟල් 1 - 1 1/2 තරමට මහත්ය. පත්‍ර අභිමුඛ වැ ඇත. අඟල් 2 - 6 දක්වා දිග යැ. තුඩු සහිත ය. දිග නැට්ටෙකින් යුක්ත යැ. මල දම්පාට දම්පාට ය. ගෙඩිය පැතැලි ය. සිනිඳු ය. තුනී දවටනයක් ඇත. මේ වැලෙන් දුගඳක් නික්මෙයි. වැල ලඟින් යන අයට මේ දුගඳ දැනෙයි. කසායට යොදා කොළ තැබීමේ දී හුමාලයට දුගඳ එක් වී ඉවත් වැ යන්නේ ය. මෙහි පසඟ මැ බෙහෙත් පිණිස ගැනේ. ශරත් ඍතුවේ දී මේ වැල මුලින් උදුරා පවනේ වියළා රැක ගනු ලැබේ.

රසායනික සංඝටනය

මෙහි අප්‍රිය ගන්ධයක් ඇති වාෂ්පශීලී තෛලාංශයෙකි. Alpha Paederine & Beta Paederine & Beta Paederine යන ක්ෂාර තත්ව දෙක ඇත.

කිපදාර්ථ

රස - තික්ත
ගුණ - සර
වීර්ය - උෂ්ණ
විපාක - කටු

කර්ම

වෘෂ්‍ය, සන්ධානකර, විබන්ධහර, ආමවාත, කඵහර, සන්ධි විකෘතිහර, තේජංප්‍රද, බලප්‍රද, ශෝථහර, අර්ශෝග්න, යනාදී කර්ම දක්වයි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

ඉස්සර බීඩි ඔතන්න කොළ ගත්ත, එළුවෝ කැමති නැති ඒත් ශ්වසන රෝග වලට නැතුවම බැරි පාවට්ටා නැත්තං ආඩතෝඩBOTANICAL NAME - Justisia ...
18/08/2025

ඉස්සර බීඩි ඔතන්න කොළ ගත්ත, එළුවෝ කැමති නැති ඒත් ශ්වසන රෝග වලට නැතුවම බැරි පාවට්ටා නැත්තං

ආඩතෝඩ

BOTANICAL NAME - Justisia adhatoda L. Adhatoda. vasica L

FAMILY - ACANTHACEAE

පොදු සිංහල නම - පාවට්ටා, අගල් ආධාර, වං ඇපල, වැටහිර

හින්දි නාමය - අඩුල්සා, අඩුසා, (අටරූෂා ශබ්දයේ ඡායාවත්ව)

බෙංගාල නාම - වාසක, බාසක

දෙමළ නාම - ආඩතෝඩෙයි. ප්‍රාවට්ටෙයි

ඉංග්‍රීසි නාමය - Malabar nut

සංස්කෘත නාම - වාසා, වාසක, වාසිකා

පර්යාය නාම

සිංහල පර්යාය නාම

ආඩතෝඩා - (එළුවනට අප්‍රිය නිස)

වංඇපල - (හොඳ ඇපල ගස් වර්ගය)

වැටහිර - (ගොවිපලේ සේදී යන වැට ඉනි හිර කරන නිසා)

අගල් ආධාර - (උණ පඳුරුමෙන් වං ඇපල සඳු සෝදා පාළුව වලක්වන නිසා ගල් නැති ආධාරයක්

සංස්කෘත පර්යාය නාම

වෛද්‍ය මාතා/ හිෂග්මාතා - වෙදකමේ දී නිතර පිහිට වන නිසා

අටරූෂක/ ආටරූෂ/ අටරුෂ - අටවිය රූෂණය (අලංකාර) කරන හෙයිනි.

සිංහස්‍යා, සිංහමුඛී - ( පිපුණු මලින් සිංහකට දැක්වෙන හෙයිනි)

කන්ධිරවි

සිංහපර්නි - (සිංහි)

වාජිදන්ත - (අශ්වදන්තයක් බඳු සුදුමල් ඇති නිසා)

වාසා, වාසක, වාසිකා - තමා අවට පෙදෙස තම මොටි ගස් වලින් වසා දමන හෙයිනි)

පඤ්චමුඛි - සිංහි

රසාදනි - (පොළවේ රසය උරන හෙයිනි)

මෘගෙන්ද්‍රාණි - සිංහි

මෘගෙන්ද්‍රානී - සිංහි

වාමාපීඩ - (පිපුණු මල් රැස ඔටුන්නක් බඳු වන නිසා)

වෘෂා - (මල් වලින් පැණි වැගිරෙන නිසා)

කුලය - වාසා කුලය

පැරණි වෛද්‍ය ග්‍රන්ථ වල ප්‍රභේදයක් නොදක්වුණත් අලුත් පොත්වල සුදු, කළු, යනුවෙන් පුෂ්පවාසක, තාමුපුෂ්පවාසක යනුවෙන් ද්විභේදයක් දක්වා ඇත. තාමුපුෂ්ප වාසකය අධික තිත්ත රසයෙන් යුතු අතර, ශ්වේත පුෂ්ප සහිත වර්ගය වඩාත් ගුණාත්මක වන බව වරක සංහිතාවේත් ද්‍රව්‍ය ගුණ විඥාන ග්‍රන්ථවලත් සඳහන් වේ.

බේත් පැලෑටි අතර, ප්‍රධාන තැනක් හිමිවන පැළෑටියකි. බේත් තැනීමේ දී ආඩතෝඩා පංචාංගයම උපයෝගී වේ. ජන ව්‍යවහාරයේ අගල්වල අද්දර සිටුවීමට ගත් හෙයින් අගල් ආදාර නමින් ද ඉඩමේ මායිමට වැටක් සේ සිට වූ නිසා වැටහිර නමින් ද පාවට්ටා යන නමින් ද හැඳින් වේ. එහෙයින් පාවට්ටා, වාසක (ආඩතෝඩා) නො වුව ද ආඩතෝඩා සඳහා කලෙක සිට ව්‍යවහාරයේ එන ප්‍රසිද්ධ නාමයකි.

දෙමළ පාවට්ටෙයි = ආඩතෝඩාය. අස්රුද මල් නමින් ප්‍රසිද්ධ පැළෑටිය ද පාවට්ටා යනුවෙන් හඳුන්වන්නේ බව සඳහන් වේ. එය ගම්පහ පැක්කේ මල් පාවට්ටා ය. ආඩතෝඩා සඳහා දී ඇති වෙනත් පර්යාය ගත අර්ථ වලින් ආඩතෝඩා වල ස්වභාවය පැහැදිලි වේ.යි.

වැවෙන ප්‍රදේශ

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවෙත් සියළුම ප්‍රදේශයන්හි ද නේපාලයේ ද වැවේ.

රසායනික සමතාවය

මෙහි වාෂ්පශීලි තෛල පදාර්ථ වර්ණකාරක පදාර්ථ මැලියම්, තිත්ත උපක්ෂාර (Vasicine Adhatodic Acid) ජෛව අමල හා සීනි අන්තර්ගතය.

රස ගුණාදිය

රස - තිත්ත, කෂාය

ගුණ - ලඝු රුක්ෂ

වීර්ය - ශීත

විපාක - කටු

වං ඇපල තිත්ත රස ද කසට රස ද වේ. වායු වඩයි. ස්වරය වඩයි. හෘදයට හිත කරයි. ලඝුය. ශීත වීර්යවත් ය. කළු, පිත්ත රක්ත දෝෂ, පීනස් රෝග. ශ්වාස කාස, උණ වමන, ප්‍රමේහ, කුෂ්ඨ, ක්ෂය, යන මේවා විනාශ කෙරේ.

ප්‍රයෝජනයට ගන්නා කොටස්

පොතු ඉවත් කල දණ්ඩ හැර ගසේ සෙසු සියළුම කොටස් ප්‍රයෝජනයට ගැනේ. (කොළ, පොතු, මුල්, මල්, නැටි යන වාසා පංචාංගය) ඉක්මනින් ගුණ හීන විය හැකි නිසා, ආඩතෝඩා භාවිතයට ගැනීමේ දී අලුත් අවස්ථාවේ දීම රැස්කර පවනේ වියලා ගත යුතුය.

දළු අනුපාන ගැනීමේ දී අමු අවස්ථාවේ ම රැස්කර ගත යුතුය.

විශේෂයෙන් නොවැම්බර් මාසවල මල් පිපෙන්නට පෙර, උදෑසන කඩා පවනේ වියළා ගත් පසු සුළං නොවදින සේ රැස්කොට තබා ගත යුතු ය. තද අවවේ වියලා ගැනීම අයෝග්‍ය ය.

මල් කොටස කැකුළු අවස්ථාවෙහි කඩා පවනේ වියළා ගත යුතුය. වර්ෂයකට කීප වරක් කොළ මල් රැස්කර ගත යුතු ය.

මාත්‍රාව

පත්‍ර ස්වරස කර්ෂ 1 - 2 (මි.ලී. 60 - 120) දක්වා

පොතු වාරය පලං 1 - 2 දක්වා
මුලත්වක් චූර්ණය - මාෂක 1 - 4 දක්වා

ප්‍රයෝග

කාස, ශ්වාස, හික්කා, රක්ත පිත්ත, හලීමක. හෘද්මරෝග, අම්ලපිත්ත, පීනස් යන රෝග සඳහා වෙසෙසින් යෙදේ. ලඝු, රුක්ෂ, ගුණ හා තිත්ත, කෂාය රස හා එක් වූ හෙයින් සෙම ද, ශීත, වීර්යය හා තිත්ත, කෂාය රස එක් වූ හෙයින් පිත ද. සන්සිඳුවාල යි. ශ්වසන ව්‍යුහයෙහි වාසක හොඳින් ක්‍රියා කරයි. සෙම දිය කර බැහැරට ඇද හෙළන අතර ශ්වාස නාලිකා වල ප්‍රසාරණය යන්තමින් හෝ ඇති කර ශ්වසනය පහසු කරවයි. මේ අනුව ශ්වාසහර ද්‍රව්‍යය ලෙසත්, කළු කාසහර ද්‍රව්‍යයක් ලෙසත් ආයුර්වේදයෙහි ප්‍රසිද්ධව ඇත. එහෙත් ද්‍රව්‍ය ගුණ විඥාන ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ විශේෂයෙන් පාවට්ටා රත්පිතට හා ලේ ගැලීම් සහිත රෝග අවස්ථා වලට ය. එසේ වන්නේ පිත්ත ශාමක ද්‍රව්‍යයක් වූ නිසාය.

මුත්‍ර ව්‍යුහයෙහි මුත්‍රජනක මෙන් ම, හමෙහි ස්වේදජනක ද්‍රව්‍යයක් ලෙසින් ද ක්‍රියා කරන නිසා, කුෂ්ට රෝග සඳහා ද යෙදිය හැකිය.

ආඩතෝඩා මල්, මුත්‍ර කාච්ඡ, මුත්‍ර දාහ. ප්‍රමේහ යන රෝග වලට ගුණ කාරකය. මුත්‍රා ඝාතයට වාසා ක්වාර ප්‍රයෝගය අනුදන ඇත. එය රත්පිත් රෝගීනට ද ගුණ දායකය. ආඩතෝඩා පංචාංගය දේශීය වෙදකමේ ප්‍රධාන කෂාය යෝගයකි. අන්න පවන ව්‍යුහයේ දී ස්තම්භන කාර්යය ඇති කරවන නිසා අතිසාර ප්‍රවාහිකා යන අවස්ථා වලට මෙන්ම ලේ පිටවන රක්තාතිසාරයට ද ප්‍රයෝග කරනු ලැබේ. මේ නිසා රත්පිත්, රක්ත අර්ශස්, රක්ත ප්‍රදර, රක්ත නිෂ්ඨිවන. රක්ත විකාර යන රෝග අවස්ථාවල දී යෙදිය හැකිය. විශේෂයෙන් රාජයක්ෂ්මි රෝගීන්ට ද ගුණදායක වනුයේ මෙම කරුණ ද හේතු කොට ගෙනය. එබඳු රෝගීන්ගේ උකු සෙම දිය වී පහසුවෙන් බැහැරට ඇදී යන අතර නිතර පවත්නා වියළි කැස්ස ද ක්‍රමයෙන් අඩු වී යයි. තුවාල සුව කරන අතර කැස්ස සමග හෝ කැස්සට පසු ව, පෙණහලු වලින් බැහැරට එන සෙම සමඟ වූ මුඛයෙන් නික්මෙන සෙම් දියර ද නතර කරයි. ඩහදිය ඇති කරයි. උන නැති කරයි.

වාසා ක්වාථය මෙන් ම සෘත, අරිෂ්ට, වටී, ක්ෂාර, ඵාණ්ඨ, අවලේහ වශයෙන් විවිධ සංස්කරණ ද ඇත. වාසාවලේහය, වෘහත් වාසාවලේහය, වාසා ඛණ්ඩය, වාසාරිෂ්ටය, වාසසෘතය, සිංහාස්‍යාදි වටීය, වාසා (අඩූසා) ක්ෂාර, වාසා පැණිය. ඉන් ප්‍රධානය.

වරකාවාරීන් මෙය තික්තස්කන්ධයට අයත් ද්‍රව්‍යයක් ලෙස සඳහන් කර ඇති අතර විරතරාදි ගණයට ඇතුළත් කොට ඇත. එහි ම වං ඇපල මල්, සෙම්, පිත් නසන අතර, තිත්ත ශිත කටුක රසයෙන් යුතු හෙයින් දෝෂයන් පැසවන බැව් දක්වා ඇත.

වාසා යෙදුණු විවිධ සංයෝග දෙස බලන විට ගහේ විවිධ කොටස් විවිධාකාර යෙන් ගුණ දී ඇති බව පෙනේ.

මුල් වාතරක්ත රෝග වලට ද, දළු, කොළ, පොතු වලට ද හිත යි. රත්පිත් ආදී රෝග

මල් - සෙම් රෝග

රෝග අවස්ථා සඳහා උපයෝග

ගුද කීල - වං ඇපල පොට්ටනියෙන් තැවීම

වාත ශුල - වං ඇපල පොට්ටනියෙන් තැවීම

වං ඇපල යොදා සිඳ ගත් තෙල පාවිච්චි කිරීම.

" වාසකෝ ' වාතකෘත් ස්වයඃ කළු පිත්තාසුනාශනඃ, තිත්තස්තු වාසකෝ හෘද්දො ලඝුඃ ශීතස්තෘර්වර්තිතෘත් (භාව ප්‍රකාශය)

"ස්වාස කාස ජීජ්වරච්ඡදි - මෙහ කුෂ්ඨ කථාපහඃ

" වෘෂා හස්තයෝ පුෂ්පාණි තිත්තානි කටු විපාකානි ක්ෂය කාසායහානිව (සු. සූත්‍ර)

'' වාසායාං '' විද්‍යාමානායාමාශායාං ජිවිතස්‍ය ච,

'' රත්තපිත් තීක්ෂයිකාසී - තිමථම වසීදති. -(වෘහත් මාධවය)

'' සිංහාස්සෝ වාජිදන්තඃ ස්‍යාදාට රූෂක ඉත්‍යපී:-"

'' වාසිකෝ වාසිකා වාසා - මා මා පීඩෝ ' ටරූෂකඃ, සිංහාසයඃ සිංහිකා සිංහ - පර්ණි සිංහ මුඛී වෘෂඃ:

- මහෞෂධනිඝංටුව.

ආයුර් ර්වේද ඖෂධ සංග්‍රහය 1970 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව සිංහල ශබ්ද කෝෂය සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

කැඩුම් බිඳුම් වෙදකමේ රහස් වට්ටෝරුවක් අංකෙන්ද කොළඑරබදු කොළ පොතුමේවා කොටා මිරිකාසියඹලා කොළ පොතුකොහොඹ කොළපෙති තෝර කොළයුෂ ගෙ...
16/08/2025

කැඩුම් බිඳුම් වෙදකමේ රහස් වට්ටෝරුවක්

අංකෙන්ද කොළ
එරබදු කොළ පොතු
මේවා කොටා මිරිකා
සියඹලා කොළ පොතු
කොහොඹ කොළ
පෙති තෝර කොළ
යුෂ ගෙන ඊට
වල් ඉඟුරු
පෙරුම්කායම්
අමුකහ
තිත්ත අබිං
සිවංගුරු
ගම්මිරිස්
තිප්පිලි
අබ
වදකහ
උලුහාල්
වියලි ඉඟුරු
මේවා ඇඹුල් දොඩම් වලින් අඹරා දිය කර කැකුළු හාල් මිටක් අඹරා දමා කකාරා ගානු.

කැඩුම් බිඳුම්, තැළීම් කෙටීම්, ඇමට්ටි, උළුක්කු, දණහිස් වේදනා, කොන්දේ කැක්කුම් ඇතුළු සියළු ම සන්ධි රෝග වලට ගුණදායක වේ.

අංකෙන්ද

BOTANICAL NAME - Acronychia pedunculata (L.) Miq..
FAMILY - RUTACEAE
පොදුයි හළ නම - අංකෙන්ද
ඉංග්‍රීසි නාමය - Claw flowered laurel (Laka wood)
දෙමළ නාමය - මුත්තයිනාරි කමුක්කානි
වෙනත් නම් - Bai bai, Buoibong, Cavi, Chai dai, Cut sat (China)
සංස්කෘත නාමය - ගම්බාදක්. මෙන්තුවා, කෙමිනියන්

පර්යාය නාම :-
හිංදි හෝ සංස්කෘත පර්යාය නාම අප්‍රකටය.
සිංහල පර්යාය - අඹගෙඳි, ලුනං ගෙඳි, හඟුගෙදී

(කාව්‍යශේඛරය. ගිරා සන්දේශය වැනි පැරණි පොත් වල සඳහන් වේ). එම ග්‍රන්ථ සඳහා ව්‍යාඛ්‍යාවන් ලියූ අය ඒ '' අඹගෙදී '' සඳ හා අංකෙන්ද යන අරුත් දී ඇත.

ලංකා සංස්කෘතයෙහි '' ආමුගන්ධිකා " යයි යෙදී ඇත. අමුකහ යනු ආමු ගන්ධිහරිද්‍රාය යි යොදාගෙන තිබෙන අයුරුද මෙහි ලා සසඳා බැලිය යුතුය. ලුණංගෙඳි යන්න ලුණ අංගෙන්ද වර්ගය - Evodia roxburghiam Benth විය හැකිය.

කුලය:- ජම්බීර කුලය

ප්‍රගේද :-

1. අංකෙන්ද
2. ලුණු අංකෙන්ද

මුහුදු මට්ටමේ සිට අඩි 5000 දක්වා උස් තෙත් ප්‍රදේශ වල හොඳින් වැවේ. මීටර් 6-9 දක්වා උස කුඩා ගසකි. සරල පත්‍ර එකිනෙකට විරුද්ධව හෝ මාරු වෙන් මාරුවට සම්බන්ධව පිහිටයි. සෙ.මී. 7-12 පමණ දිගයි. කොළවල සුගන්ධ වාෂ්පශීලී පදාර්ථයක් ද අන්තර්ගතය. පත්‍ර දිලිසෙන සුළු තද කොළ පාටකින් යුක්තයි. පත්‍ර නටුව සෙ. මී. 1.5 දිගය. ගසේ පොත්ත ලා කොළ පාටින් යුත් අළු පාටට හුරුයි. සිනිඳුයි. පෙබරවාරි - අප්‍රේල් අතර මල් හටගනී. මල් ලා කහ පාටට හුරු කොළ පාටයි. තද සුවඳක් ඇත. සෙ.මි. 1.8 ක් පමණ දිගය පෙති 04 ක් සහිත පුෂ්ප කෝෂ පත්‍ර 4 ක් යුක්තය. බද්ධ වූ මණිපත්‍ර හතරකි. ගෙඩි ගෝලාකාරයි. කාමර 4 ට බෙදී ඇත. තදය. ඩිම්බ සහිත ග්‍රන්ථි බිත්ති සේ පිහිටා ඇත. ගෙඩි ඉදුණු විට කළු පාටයි.

අතුවලින් බෝ කළ හැකිය.

රස ගුණ

රස - තික්ත, කෂාය. අම්ල
ගුණ - තීක්ෂණ, රූක්ෂ
වීර්යය - උෂ්ණ
විපාක - කටු

ව්‍යවහාර අංග - කොළ, පොතු, මුල්, මුලේ පොතු, ඇට

දෝෂ කර්ම වශයෙන් වාත, කඵ හර ද්‍රව්‍යයකි. බාහිර වශයෙන් ශෝථහර, වීම්ලාපන හා අභ්‍යන්තර වශයෙන් වාතානුලෝමන ද අන්තර් විද්‍රධිහර හා රක්තශාමක ද වේ.

දෝෂ ප්‍රයෝග වශයෙන් වාත. කළු, රක්ත ජනිත රෝගයන්හි යොදනු ලැබේ.

අභිඝාත හෝ තැළීමක් නිසා ඇති වූ වණ ශෝථයේ දී අංකෙන්ද කොළ, පොතු, මැල්ලුම ප්‍රශස්තය. උල්. කටු වැනි බාහිර යමක් ශරීරයට ඇතුළු ව කලක් පැවත එම ස්ථානයේ පසුකාලීනව ඇති වන ගෙඩි (අන්තඃශල්‍ය නිර්හරණය) සඳහා ද මෙම මැල්ලුම බැඳීමේ දී ගෙඩිය පිපිරි. එම ශල්‍යය බැහැරට පැමිණෙනු ඇත. ඒ ද්‍රව්‍යයෙන්ම අඹරා පත්තු පදමට කකාරා සාදා ගත් ලේපය ද එම ඵලය ලබා දෙයි.

දේශීය කැඩුම් බිඳුම් වෙදකමෙ ගැනෙන ද්‍රව්‍යයන් අතරින් ද ප්‍රධාන ස්ථානයක් ගන්නා අංකෙන් දවල අස්ථිසන්ධානය කිරීමේ ගුණයක් ඇති බව හග්න වෛද්‍ය වරු පවසති. මේ නිසා ඇද වූ අස්ථි දිග හැරීමේ දී මුලින්ම අංකෙන්ද අඩංගු මැල්ලුම් පත්තු බැඳීම අනු දැන ඇත. අස්ථි සන්ධාන ගුණය ද අංකෙන්දවල විශේෂත්වයකි. එසේම කැඩුම් බිඳුම් තැලීම් වලදී අංකෙන්ද කොළ කැඳ ඉතා ප්‍රශස්තය.

සංරක්ෂණ විධි -

අංකෙන්ද, සුලභ නොවන ප්‍රදේශ වල කැඩුම් බිඳුම වෛද්‍ය වරුන් එහි ඇති අඹ සුවඳට හානියක් නොවන වන සේ මුල්, පොතු, කොළ වියලා සුළං නොවදින සේ තබාගත යුතුය.

මාත්‍රාව -

කොළ, පොතු, මුල්, මුලේ පොතු, ඇට ව්‍යවහාර ද්‍රව්‍යයේ අවශ්‍යතාව අනුව මාත්‍රාව වෙනස් වේ.

විශේෂතා

ඖෂධ සඳහා අමුවෙන්ම ගැනීම ප්‍රශස්ත බව ආයුර්වේද ග්‍රන්ථගත වට්ටෝරු දෙස බැලීමෙන් පෙනේ. යෝග යන්හි අංකෙන්ද යොදා ඇත්තේ අමුවෙන් ගන්නා ආකාර යට මිස කෂාය යෝගයන් සඳහා නොවන බැවිනි. විය ළෙන විට අඹ ගද ඉවත් වෙයි.

යෝග සංග්‍රහ -

වටී. වුර්ණ, තෛල ආදි වශයෙන්.

රක්ත ශොධක, වුණ රෝපණ, විමලාපන, දාරණ, පීඩන භග්න යෝග සහ විවිධ සංස්කරණ යොදන අවස්ථා ව්‍රණ ශොථ. විද්‍රයි. ළදරුවන්ගේ රතගාය.

වෙනත් ප්‍රයෝජන

ඖෂධීය ප්‍රයෝගයන්ට අමතරව අංකෙන්ද පොතු. රා මදින්නන් විසින් හකුරු සෑදීම පිණිස යොදා ගන්නා මීරා පැසීම වලකා ගැනීමේ උපක්‍රමයක් ලෙස මී රා වලට මුසු කරයි.

විවිධය කරණ

1. අංකෙන්ද තෛලය :-

අංකෙන්ද කොළ, පොතු, හා මුල් සමව ගෙන පොල් සමඟ කොටා යුෂ මිරිකා අංකෙන්ද මුලේ පොතු චුර්ණය කල්ක වශයෙන් යොදා තෛල පාකයට ගනු ලැබේ. මේ තෛලය අන්තර් විද්‍රධි අන්ත්‍ර ශුල. විද්‍රධි ආදියෙහි අභ්‍යන්තර පාන හා බාහිර ආලේප වශයෙන් යොදා ගනී.

II. රත තෛලය :-

ආකන්ද කොළ පොතු මදටිය කොළ පොතු මුරුවා කොළ

මේවා සම භාගව ගෙන තැඹිලි පොල් සමඟ කොටා මිරිකා ලිප තබා කකාරා සියඹලා ඇට මිටක් බැද වුර්ණ කොට තෙලට යොදා මෘදු පාකයට බා පෙරා ගන් නේය.

මෙම තෙල අභ්‍යයංගයට හා පානයට සුදුසුයි. දරුණු වූ රත ගායේ දී රත බිබිළි ඇති විට කෙසෙල් කොලයක් මේ තෙල් හා එහි ළදරුවා නිදි කළ යුතුය.

III. අංකෙන්ද රොටිය

ආලේපය පිණිස යොදා ගනී. පුළුස්සන ලද තිරිවාණා ගල් සිහින්ව වුර්ණ කර සාදාගත් පිටි හීනටි හාල් පිටි අංකෙන්ද කොළ යුෂයෙන් අඹරා රතගෙඩිවල ආලේප කරන්න.

IV. රත කල්කය

අංකෙන්ද කොළ පොතු

මදටිය කොළ පොතු

ලුණුවරණ කොල පොතු

ගංසූරිය කොළ පොතු

මේ ද්‍රව්‍යයන්හි යුෂ පත බැගින් ගෙන ඊට

දෙදුරු
ත්‍රීවර්ග
වළඟසාල්
සවිඳලුණු
ඉඟුරු
උලුහාල්
අසමෝදගම
අබිං
කෙළිඳසාල්
සීනක්කාරං
ගම්මිරිස්
පෙරුම්කායම්
අබිං
තිපල්
තුරිසි ( විස හැර)
අබ
සතකුප්ප
සුදුලුනු
වදකහ

මේවා කලඳ බැගින් වුර්ණ කොට අඹරා ඉහත සඳහන් යුෂ හා සංයෝග කොට මඳගින්නෙන් ඝන වනතුරු කකාරා ගන්න.

මෙය බාහිර අභ්‍යන්තර ලේ ගෙඩි සඳහා යොදාගත හැකිය.

V. තැළුමට

අංකෙන්ද කොළ
එරබදු කොළ පොතු
මේවා කොටා මිරිකා
සියඹලා කොළ පොතු
කොහොඹ කොළ
පෙති තෝර කොළ
යුෂ ගෙන ඊට
වල් ඉඟුරු
පෙරුම්කායම්
අමුකහ
තිත්ත අබිං
සිවංගුරු
ගම්මිරිස්
තිප්පිලි
අබ
වදකහ
උලුහාල්
වියලි ඉඟුරු
මේවා ඇඹුල් දොඩම් වලින් අඹරා දිය කර කැකුළු හාල් මිටක් අඹරා දමා කකාරා ගානු

VI. ගෙඩි ඉහිරීමට පත්තුවක්

නික පොතු
රුක් අත්තන පොතු
ගෙරි පස්
පරණ වලංකටු
ගඩොල් කුඩු
අංකෙන්ද පොතු
වියන් දුඹුළු
ඇඹුල් දොඩම් ඇට
කුඹුරු ඇට මද
පුස් ඇට මද
බේත් එඬරු ඇට මද
මේවා වෙන වෙනම රත් කර ඇඹුල් දොඩම් ඉස්මෙන් අඹරා මී පැණියෙන් අනා භාන්න.

VII. නීල්‍යාදි තෛලය

අංකෙන්ද කොළ පොතු ප්‍රධාන ද්‍රව්‍ය වශයෙන් ගෙන සාදන තෙලකි.

ආශ්‍රිත ග්‍රන්ථ

ඔසුවග නාමාවලිය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

මේවා ගන්නේ කොඩිවින කරන්න විතරක් ම නෙවෙයි අහුBOTANICAL NAME - Morinda citrifolia LinnFAMILY - RUBIACEAEENGLISH NAMES - In...
15/08/2025

මේවා ගන්නේ කොඩිවින කරන්න විතරක් ම නෙවෙයි

අහු

BOTANICAL NAME - Morinda citrifolia Linn

FAMILY - RUBIACEAE

ENGLISH NAMES - Indian mul berry

පොදු සිංහල නම - අහු

හින්දි නාම - අඩි, ආල්, අබ්හි ආච්පුල්ගාච්, ආච්ආල්

බෙංගාලි නාම - අව්. අච්චුල්ගොජ්

බොම්බා නාමය - ආල්

මහාෂ්ට්‍ර නාමය - බරතින්දියාලා, අලිටා

තෙලිඟු නාමය - මද්දිවෙට්ටු

තමිල් නාමය - නූනා, තුනා වූ, තුනාඔන්, මීන මරම්

මලයාලි නාමය - කඩප්පිලව්

කන් - හලංජවතෙ, තඟ තෙමරා

කොන්කන් - මකඩ්ඵල්

සංස්කෘත නාමය - ආක්ෂික ගෙඩියේ ඇස් බඳු සටහන් ඇති නිසා

පර්යාය නාම

අවිච්ඡුක, ආර්ජුක, ආච්ඡුකා, ආග්ලුක.
පක්ෂික, පාක්ෂික, (කෝකිල ප්‍රිය)
රංජනද්‍රැ - ( මුලේ රතු සායම් ඇති ගස)
කුංඩල ඵල - (කොඩොල් බඳු ගෙඩි ඇති නිසා)
පීතසාර - (කහපාට අරටුව ඇති නිසා)

අහු ඖෂධීය මෙන්ම පාට ගැන්වීමේ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා පැළෑටියකි. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් මෙම පැළැටිය වගා කොට ඇති බව දැන ගන්නට ඇත. විශේෂයෙන් මෙම පැළෑටියේ මුල උපයෝගි කොට ගෙන රතුපාට ඩයි වර්ගයක් නිපදවන බැවින් එසේ වගා කිරීමට කටයුතු යොදා ඇති බව පෙනී යයි.

ලංකාවේ අහු කැලෑ තිබිණ. අක්ෂික කාන්න - අවුකන, 'හ' හට '' ව '' විය.

මෙම පැළෑටියෙහි ඖෂධිය වටිනාකම ගැන විවිධ රට වල විවිධ මත පවතින බව ද, යකෘත් රෝග, වෘක්ක රෝග, රක්තාතීසාර හා භයානක ක්ෂය රෝග යට පවා යොදා ඇති බව ද වාර්තාගත ය. අප රටේ බහුල වශයෙන් බාහිර ආලේප වශයෙන් යෙදෙන අතර, අභ්‍යන්තර ව කෂාය කල්ක ආදි යෙදීම්වල දී විරල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. අහු කොළ ඉස්ම පැරණි වණ සුව කරන ප්‍රත්‍යක්ෂ බෙහෙත් තෙලක ප්‍රධාන උපාදානයකි.

iii. ඉදුණු ගෙඩි - ස්ත්‍රීන්ගේ ඍතු අවරෝධ වේදනාදායි සෘතු වීම නැති කර ඍතු ස්‍රාවය වැඩි කරයි.

iv. විවිධ රටවල විවිධ කල්පනා මගින් මේ ගෙඩි යකෘත් රෝග. පිලිඟ රෝග, වෘක්ක රෝග, මධුමේහ, පාණ්ඩු රෝග, කාස රෝග, හා රක්ත පිත්ත, කෘච්ඡු රජක. රෝග වලදී යොදන බව දැන ගන්න ලැබී ඇත.

v. මුල් මලභේදය ඇති කරයි.

(හේදියි )

vi. දළු පුටපාකය මී පැණි සමග බාලාතිසාරයට යොදයි.

vii. තාමලක්‍යාදී කෂායේ - ළය පීනස - කුණ්ඩලී වෙනුවට සමහර වෛද්‍ය වරු අහු ගනිති.

viii. විෂභරණ තෛලයට ද අහු ගැනේ.

ගුණානුස්මරණ පද්‍ය

i. අක්ෂිතඃ කුණ්ඩල; පීතසාරස් තථා ''ච්ඡුකඃ මිමඃපිතප්‍රියඃ සරඃ ශීතඃ- ක්ෂත වුණ විෂා පහඃ ; ප්ලීභවෘක්ක යකෘද්රෝග - ක්ෂයා තීසාර පාංඩුජිත්.

වාතරක්ත රජඃ කෘච්ඡ - රක්ත පිත්ත හරඃ සරඃ :- ස. සං

ii. ආච්ඡු කස්තු රංජන:- පක්ෂී කාක්ෂික පක්ෂිකා රක්ත පිත්ත මතීසාරං - රක්තස්‍රාවං හරේදයම්:

ද්‍රව්‍ය ගුණ (උපේන්ද්‍රනාථ සේන)

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ගර්භාශය ගත රෝග සඳහා යොදා ගනු ලැබේ.අශෝක BOTANICAL NAME - Saraca asoka (Roxb.) De Wilde.FAMILY - LEG...
14/08/2025

විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ගර්භාශය ගත රෝග සඳහා යොදා ගනු ලැබේ.

අශෝක

BOTANICAL NAME - Saraca asoka (Roxb.) De Wilde.
FAMILY - LEGUMUINOSAE
පොදු සිංහල නම -අශෝක රතඹලා
ඉංග්‍රීසි නාමය - Asoka tree
දෙමළ නාම - අසෝගම්, අසෝක.
සංස්කෘත නාමය - අසෝක

පර්යාය නාම

හේම පුෂ්ප
චිත්‍ර
ශොකනාශ
වංජුලද්‍රම
කාංකේලී
ගතශෝක
සුභග
තාම්රපල්ලව
වංජුල
විචිත්‍ර
විශොක
මධුපුෂ්ප
කලික
අපශොක
රක්තපල්ලව
කර්ණපුර

කුලය - ශිම්බි කුලය

මෙය ස්ත්‍රීන්ගේ ගර්භාශයගත රෝග සඳහා විශේෂයෙන් යොදනු ලබන ඖෂධයකි. විශේෂයෙන් පොතු භාවිත වන අතර සාමාන්‍යයෙන් ගසෙහි අනිත් කොටස් ද ඖෂධ පිණිස යොදා ගනු ලැබේ.

අශෝක අයත් වන්නේ ශිම්බි කුලයට ය.

" ශොක නාශනඃ ඉති '' (ස්ත්‍රී පක්ෂයට නොයෙක් රෝග වලින් වන දුක් නසන හෙයින් අශෝක නමි.

ගුණ

රස - කෂාය, තික්ත,
ගුණ - ලඝු, රූක්ෂ,
විර්ය - ශීත
විපාක - කටු

ව්‍යාවහාය අංග පොතු, ඇට, මල්

මාත්‍රාව වුර්ණ ග්‍රෑම 5 - 10

විශේෂතා

විශේෂෂයෙන් ස්ත්‍රීන්ගේ ගර්භාශය ගත රෝග සඳහා යොදා ගනු ලැබේ.

කර්ම

වේදනා ස්ථාපන. ස්තම්භන, ක්‍රිමයන, ශාමක, රක්ත ස්තම්භක රක්ත ශොධක, ශෝථහර දාහ ප්‍රශමන.

දෝෂානුරූප කර්ම - කළු පිත්ත නාශකය

ව්‍යුහගත කර්ම - වෙදනාස්ථාපන විෂස්න ද වේ.

අභ්‍යන්තර කර්ම - නාඩි ව්‍යුහයෙහි වේදනා ස්ථාපනයි.

අන්න පවන ව්‍යුහයෙහි - ස්තම්භන ද කෘස්න ද තෘෂ්ණා ශාමක ද වෙයි.

රක්ත සංවහන ව්‍යුභයෙහි - රක්ත ස්තම්භන දරක්ත ශෝධන ද ශෝථහර ද වෙයි.

ප්‍රජනන ව්‍යුහයෙහි - ගර්භාශයේ ලිහිල් බව ඇති කරයි. වේදනා සහ ස්‍රාව ශාන්ත කෙරේ.

මුත්‍ර ව්‍යුහයෙහි - බීජය මුත්‍රල අශ්මරීනාශක ද වේ.

ප්‍රයෝග - ආමයික ප්‍රයෝග

(කව් පිත්තජ රෝගයන්හි යොදා ගනු ලැබේ. මෙහි පොත්ත බාහිර වශයෙන් වේදනා වලදී මෙන්ම විෂ අවස්ථාවන්හි දී ද ආලේපනය සඳහා යොදා ගනී.) එමෙන් ම අතිසාර, ප්‍රවාහිකා, කෘමි, තෘෂ්ණා යන රෝග වලට ද යොදා ගනී. ස්ත්‍රීන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය ගත රෝග වල දී එනම් රක්ත ප්‍රදර ස්වේත ප්‍රදර, කෘච්ඡු රජස්ක සහ ගර්භාශය ශෛථීල්‍යය යන මේවායෙහි යෙදීම ප්‍රයෝජනවත් ය.

ප්‍රදර අවස්ථාවන්හි දී අශෝක කිරි කෂාය වශයෙන් දීම කෂාය වශයෙන් යෙදීම ගුණ දායක වේ. මැනවි හුදු අශෝක පොතු කෂාය රක්තරෝමකය. එහෙයින් කර්ෂයක් කිරි කෂාය වශයෙන් යෙදීම ගුණදායක වේ.

මූත්‍ර ව්‍යුහයෙහි

රෝග වල දී එනම්, මුත්‍ර කෘච්ඡ, අශ්මරී අවස්ථාවන්හි බීජ වුර්ණය මාශක 1- 3 දක්වා ප්‍රයෝග කෙරේ. බීජ අඹරා පානය කළ යුතු යි.

වක්තව්‍යය

ඉන්දියාවේ අශෝක නම් දරන, අනෝදා (Anonaceae) කුලයට අයත් Polyalthia longfolia Benth & Hook) නම් තවත් උද්භිදයක් ඇත. එය අශෝක. අශෝක (කාෂ්ඨ), දේවදාර (හිං) අසෝකම් (තෙලඟු) අශෝ ගම් (ද්‍රවිධ) අසෝපාලව (ගුජරාටි) යන නම් වලින් ප්‍රසිද්ධය. මෙය ගුණ කර්ම අතින් අශෝක වලට සමාන නැත. එහෙයින් ප්‍රතිනිධි කොට නො ගැනේ. එහෙත් වෙළඳ පොලේ එම පොතු මිශ්‍ර කොට විකුණති. ජීවර නාශක ගුණ යුක්තය. ඔසු පිණිස ඇට සහ පොතු භාවිතයි.

නුවරඑලි අශෝක -කුරවක

ලංකාවේ නුවර එළි දිස්ත්‍රික්කයේ අඩි 6,000 - 8000 ක් පමණ උස් වූ පර්වතාශ්‍රීතව වැවේ. හිමාලයෙහි ඉතා සුලභය. ලංකාවේ පර්වත ප්‍රදේශයෙන් ගෙන ගොස් එංගලන්තයේ වගා කළ බව ලංඩනයේ කිව් උද්‍යාන වාර්තාවල සඳහන් ය.

(දධරෙන්ජරි. කීව උද්‍යාන වාර්තා 10 පිටුව) (ව) බ්‍රිතාන්‍ය පාලන යුගයේ නුවර එළි අශෝක පොතු ගැලවීම නීතියෙන් තහනම් විය. දැනුදු ෂවළඳ පොලේ හොරෙන් ගලවා විකුණන විට පොතු අශෝක පොතු වශයෙන් වෙළඳාම් කෙරේ. එය සංස්කෘත සාහිත්‍ය ග්‍රන්ථයන්හි කුරුවක සම්බන්ධ වාර්තා හා බෙහෙවින් දක්නා ලැබේ. එය අශෝක නොවී කුදු ස්‍රාවකාරි ආමාශයික ආබාධ වලට කරවක පොතු පාතය ගුණදායක යැයි ඇමරිකාවේ පළ වූ Earth Medicine Earth Foods නම් ග්‍රන්ථයෙහි සඳහන් ය. කුරවන කටුකරඬු යැයි ඇතැම් අය කියති.

මෙහි සඳහන් කුරවක අඩි 10-15 ක් උසට වැඩෙන වෘක්ෂයක් බව සංස්කෘත සාහිත්‍යයෙහි පැහැදිලිය. ගිනි සිළු මෙන් බබලන රතුපාට. පැණි පිරුණු මලින් ශෝභාවන් ය.

කාන්තානන ද්‍යානි මුෂාමවිරෝද්ගතාන
ශෝභා පරා කුරවක ද්‍රැම ඤරීජනා
දුෂට්වා ප්‍රියේ සහෘදයක් භවෙන්නක කිහිදපබාණික රෛර වසරි නිවෙතැ
(සෘතු සභාර වසන්න)

" වනිතාවන්ගේ මුහුණේ ශෝභාව පැහැර ගන්නා වූ අළුත් කුරවක මල් පොකුරු වල ගෝභාව දැක හදවතක් ඇති කවරකුගේ නම් චිත්තය අනාග සැර පහර වලින් පීඩාවට පත් නොවේද? (මහාකවි කාලිදාස) මෙහි කුර්වක කටුකරඬු නො වන බව පැහැදිලි වෙයි. " කුරවක ද්‍රැම් '' යන ද්‍රැම '' යන නාමයෙන්ම එය ලොකු ගසක් බව පැහැදිලිය. (ආලකමන්දාවේ) වනිතාවන් කේශ කලාපයන් සැරසීම පිණිස කුරවක මල් පොකුරු පැළැඳි බව මහකවි කාලිදාසයෝ උත්තර මෙසයෙහි ලා ප්‍රකාශ කෙරෙති. ආයුර්වේදගත කුරවක ක්ෂුප විශේෂයක් වන අතර සාහිත්‍යගතකුරවක මහගසකැයි ද කමාල දෙවර්ගය මීට නිදර්ශන යයි ද මහාකවි ආකුසිං කියයි.

මධුකෝෂ යනු කුරවක පර්යායෙකි. මල් පැණි වලින් පිරී ඇති බව එයින් පැහැදිලි වන්නේය. වසන්තයේ උපවන ශෝභාව වර්ධනය කරන්නා වූ කුරවක වෘක්ෂයෝ මීමැසි බඹරුන්ගේ ගුන්ජාරාවයෙන් ගීතවත් වෙන්නාහු ය. (රසුවංශ වසන්ත වර්ණනා - මහා කවි කාලිදාස) කුඩා කුරචකවල මේ ලක්‍ෂණය නැත.

කුරවක රක්ත සංග්‍රාහක ගුණයෙන් ආඪ්‍යය. ලේ ස්‍රාව සහිත ගර්භාශයික රෝගාදිය සුවපත් කෙරේ. ' එරිකේයි ' (පින්ටර් ග්‍රීන්) කුලයේ වැල්කපුරු ආදියේ කොළවල වින්ටර්ග්‍රීන් නමැති වාෂ්පශීලි තියුණු තෛලය අන්තර්ගතය. කුරවක කොළවල ද එම වාෂ්පශීලි තෛලය තිබෙන නිසා ආමවාතාදියෙහි කොළ තම්බා තැවීම ඵලදායක ය.

යෝග සහ විවිධ සංස්කරණ යෙදෙන රෝග අවස්ථා

අශෝක අරිෂ්ටය ස්ත්‍රීන්ගේ ගර්භාෂය ගත රෝගවල දී යොදනු ලබන අශෝක ප්‍රධාන අරිෂ්ටයකි.

අශෝක පානය

මෙය ද ස්ත්‍රි රෝග වල දී යොදා ගන්නා ප්‍රසිද්ධ සාකයකි.

වඤ්ජුල

" වජති ගච්ඡති ශීතලත්වාදී, ගුණ විශෙෂම ඉති '' වජ්ජගතො යන ධාතුවෙන් වජ්ජුලයෙනු සිද්ධයි. 'ශිතලතා ආදී විශිෂ්ට ගුණ දරන හෙයින් වජ්ජුල නම්' යනු

කණ්ඩකේලි

"කංඩතෝ යමඃ ස ඉව ඉලති ක්ෂිපති ක්‍රිම් ශොෂ විෂාදීන් ඉති " කංඩක නම් යමයා මෙන් ක්‍රිමි, විෂ, ශෝෂ ආදිය නසන හෙයින් කංඩ කේලි නම්.

ආශ්‍රිත ග්‍රන්ථ

ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කොටස සහ තෙවන කොටස ඉන්දියන් මැටිරියා මෙඩිකා (නාද කරණ)

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

Address

Padeniya Road
Kobeigane
60410

Alerts

Be the first to know and let us send you an email when කොබෙයිගනේ පාරම්පරික ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram