FOUR PAWS Animal Hospital - Kochchikade

FOUR PAWS  Animal Hospital - Kochchikade . Four Paws Animal Hospital was established in 2008. Our focus is to provide quality veterinary care

Treatments for both pet and farm animals, Hospitalization, Surgeries, Blood and Urine analysis, Vaccinations, Pharmacy, home visits, food and pet accessories..

04/07/2025
Time  to groom your furry friend? Feel free to call us to book your appointment!Phone 0771 333 555
14/01/2024

Time to groom your furry friend? Feel free to call us to book your appointment!
Phone 0771 333 555

සුරතලුන්ගේ කුෂ්ඨ රෝගලස්සන හමක් තියන සුරතලෙක් කියන්නේ කොච්චර ආකර්ෂණීයද. හම කියන්නේ අපේ වගේම සතුන්ගෙත් විශාලතම ඉන්ද්‍රිය. ...
28/05/2023

සුරතලුන්ගේ කුෂ්ඨ රෝග

ලස්සන හමක් තියන සුරතලෙක් කියන්නේ කොච්චර ආකර්ෂණීයද. හම කියන්නේ අපේ වගේම සතුන්ගෙත් විශාලතම ඉන්ද්‍රිය. හම අභ්‍යන්තර ඉන්ද්‍රීයන් ආරක්ශා කරන්න ආරක්ශක වලල්ලක් ලෙස ක්‍රියා කරන හරිම සංවේදී ඉන්ද්‍රියක්. මේ සංවේදිකම නිසා විවිධ හේතු සාධක හේතුවෙන් සම ඉක්මණින් ලෙඩ වෙන්න පුලුවන්. කුෂ්ඨ කියන්නේ බල්ලන් අතර සුලභතම සමේ රෝගයක්. සතෙක්ගේ කුෂ්ඨ/rash කියලා අපි සැක කරන්න පටන් ගන්නේ, ඒම නැත්තන් දැන ගන්නේ,

1. අධිකව ලෝම යාම
2. කැසීම
3. සම මතුපිට බිබිලි පැමිණීම
4. සමේ තුවාල ඇතිවීම
5. සම ඝණ වීම හා සම කලු වීම
6. සමේ රතු පැහැ ලප පැමිණීම
7. සමෙන් දුගඳක් පැමීණීම
8. සම ගැලවී යාම
වගේ ලක්ෂණ වලින්. ඊට අමතරව දීර්ඝකාලීනව මේ සමේ ඇතිවන කුෂ්ඨ වලින් පීඩා විඳීම නිසා ආහාර ගැනීම අඩු වීම වගේම ප්‍රතිශක්තිය අඩුවීම නිසා වෙනත් රෝග වලට පහසුවෙන් ගොදුරු වීමත් දක්නට ලැබෙන්න පුලුවන්.

සතුන්ගේ කුෂ්ඨ/rash හදන රෝගකාරක හෝ හේතු සාධක නම් බොහොමයි. සමහර කරුණු හරිම සංකීර්ණයි.

1. සමේ ආසාදන / skin infections
- බැක්ටීරියා ආසාදන
- දිලීර ආසාදන

2. ආසාත්මිකතා/ allergies
- ආහාර හා සම්බන්ධ ආසාත්මිකතා (food allergy/sensitivity/ food intolerance)
- බලු මැක්කන් නිසා ඇතිවන ආසාත්මිකතා (flea bite allergy)
- පරිසරයේ පවතින දූවිලි, රසායන ද්‍රව්‍ය, සේදුම්කාරක, පිරිසිදුකාරක හෝ ඕනෑම ද්‍රව්‍යයකට ඇතිවන ආසාත්මිකතා

3. පරපෝශීන්
- සාකොප්ටික් මයිටාව (sacoptic mange)
- ඩෙමොඩෙක්ස් මයිටාවා (demodex mite)
- ඇවිදින හිස්සොරි (walking dandroff/ cheyletiella mites)

4. හෝමෝන අසමතුලිතා
- තයිරොසින් හෝමෝනය අඩු වීම (hypothyrodism)
- ඇඩ්‍රෙනල් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වය ( hyperadrenocorticism/ cushing syndrome)
- ලිංගික හෝමෝනවල අසමතුලිතතාවය

5. ජානමය හේතු සාධක

වගේ කරුණු අපිට සරළව පෙල ගස්වන්න පුලුවන්. එතකොට මේ සමේ කුෂ්ඨ රෝග ඇතිවෙන්න උදව්වෙන තව දේවලුත් තියනවා. ඒවට උදාහරණ කිහිපයක් තමා පහත දැක්වෙන්නේ.

1. නිසි පෝශදායී ආහාර හා සතුන්ට ගැලපෙන ආහාර නොලැබීම,
2. නැහැවීමට සමට නොගැලපෙන සබන් හෝ ශැම්පූ භාවිතය
3. නැහැවූ සතුන් නිසි ලෙස වියලන් නැතිව තැබීම
4. නිරන්තරයෙන් සතුන් නැහැවීම
5. සතුන්ට ආසාත්මික වන පිරිසිදුකාරක ඔවුන්ගේ කූඩූ සේදීමට හෝ නිවෙස් පිරිසිදු කිරීමට යොදාගැනීම
6. සත්ව වර්ගයට නොගැලපෙන පරිසර උෂ්ණත්වය
7. මානසික පීඩනය (stress factors)
8. සමේ බෝවන කුෂ්ඨ රෝග ඇති සතුන් සමඟ එකට වාසය
9. නිසි ලෙස භාහිර පරපෝශීන් වන කිනිතුල්ලන් මැක්කන් පාලනය නොකිරීම
10. දීර්ඝකාලීනව ලබාදෙන සමහර ඖෂධ වර්ග

ඉතින් මෙතනදී තමයි පශූවෛද්‍යවරයෙක්ගෙ කාර්යභාරය පටන් ගන්නෙ, නිවැරදි දැනුම යටතේ රෝග තත්වයට නිවැරදි ප්‍රතිකාර ඉක්මණින් අවශ්‍ය වෙනවා. සමහර විට මෙහිදී සමේ නියැදි පරීශාකිරීමට හෝ රුධිර සාම්පල පරීශාවට සිදු වෙන්න පුලුවන්. රෝග නිධානය අනුව බෙහෙත් විදින්න, බොන්න දෙන්න, ආලේප කරන්න, නහවන්න දෙන්න පුලුවන්. ආයේ දෙවනවර පරීශාවකට හෝ බෙහෙත් විදින්න ගේන්න කියන්නත් පුලුවන්.

මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න ඕනී කරුණ නම් කුෂ්ඨ රෝග එක රැයෙන් හොඳ වෙන රෝග නෙවේ. ඒ සඳහා රෝග කාරකයා මර්ධනය කරන්න ගත වෙන කාලේ වගේම ස්භාවිකව ලෝම වර්ධනයට කාලය ගත වෙනවා. එතකොට ඉවසීම වගේම වෛද්‍ය උපදෙස් පරිදි නිවැරදි අයුරින් ප්‍රතිකරම දිගටම සිදු කරන්න වෙනවා. ඉන්ජෙක්ශන් වලින් විතරක් හොදකරන්න හෝ බෙහෙත් පෙතිවලින් විතරක් කුෂ්ඨ හොඳ කරන්න ගොඩක් වෙලාවට අමාරුයි. ඒක හොදින් අවධාරණය කරගන්න වෙනවා.

ඒ එක්කම සමහර කුෂ්ඨ රෝග තියනවා සතුන්ගෙන් ඔබට බෝවෙන්න පුලුවන්. එවැනි අවස්ථාවල සතුන්ට ප්‍රතිකාර කිරීමේදී ඔබේ පරිස්සම ගැනත් සැලකිලිමත්වීම හරිම වැඳගත්.

රෝග වලින් ආරක්ශා කරගැනීම ප්‍රතිකර්ම කිරීමට වඩා පහසු නිසා,
1. පෝශදායී සමබල සතුන්ට ගැලපෙන ආහාර ලබා දෙන්න
2. සතියකට වරක් හිරු එලිය වැටෙන දවසක නාවන්න
3. නාවා හොදින් පියදමන්න
4. නැහැවීමට සතුන්ගේ සමට සුදුසු ශැම්පු හෝ සබන් භාවිතා කරන්න. රෙදි සෝදන් සබන් හෝ අප භාවිතා කරන සුවඳ සබන් හෝ ශැම්පු ඔවුන්ට ගැලපෙනේ නෑ. ඒ නිසා ඔබේ පශුවෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.
5. මැක්කන් කිනිතුල්ලන් පාලනය කරන්න
6. සතුන්ට ගැලපෙන, සතුන්ට ආසාත්මික නොවන පිරිසිදුකාරක නිවස පිරිසිදු කිරීමට හා සතුන්ගේ කූඩු පිරිසිදු කිරීමට යොදාගන්න.
7. ඔබ ජීවත්වන පරිසරයට ගැලපෙන සතුන් සුරතලයට ඇති කරන්න. (සීතල පරිසර හුරු සතුනට අපේ රටේ සමහර පලාත්වල උෂ්ණත්වය දරාගන්න අමාරුයි.)
8. සතුන් පීඩනයට පත්වෙන කරුණු ගැන අවධානය යොමු කර ඉන් සතුන් මුදවාගන්න කටයුතු කරන්න.
9. සමේ නිරෝගී පැවැත්මට උදව්වෙන පෝශක අතිරේක හැකිනම් ලබාදෙන්න
වගේ කරුණු ගැන අවධානය යොමු කිරීම ඉතාම වැඳගත් වෙනවා.

සතුන්ගේ කුෂ්ඨ රෝග කියන්නේ ඔබට මට වැළඳෙන රෝග වගේම රෝගයක්. එම රෝග සුවකරගන්න වෛද්‍ය ප්‍රතිකාර විවිධයි. ඉක්මණින් ප්‍රතිකාර වලට යොමුවෙනවා කියන්නේ ඉක්මනින් රෝගය සුව කරගන්න හැකි වෙනවා කියන එක.
ඉතින් ඔබේ සුරතලුන්ගේ සමේ රෝග සම්බන්ධ ගැටලු වලට ඉක්මනින් අප හමුවන්න.

අමතන්න
0771333555

අධික පරිසර උශ්නත්වය සුරතලාට කෙසේ බලපායිද?රටේ මේ දවස් වල පරිසර උශ්නත්වය හරිම උණුසුම්. ඒක ඔබ දන්නවා, ඒ වගේම දැනෙනවා. උදෑසන...
21/04/2023

අධික පරිසර උශ්නත්වය සුරතලාට කෙසේ බලපායිද?

රටේ මේ දවස් වල පරිසර උශ්නත්වය හරිම උණුසුම්. ඒක ඔබ දන්නවා, ඒ වගේම දැනෙනවා. උදෑසන 10 වගේ වෙනකොට අපිට විදුලි පංකාවක් වත් නැතිව නම් හරිම අමාරුයි. නමුත් විදුලි පංකාවෙන් එන සුලගත් හරිම උණුසුම්. එලිමහනේ නම් වැඩක් පලක් කරන්න, ගමනක් යන්න හරිම අපහසුයි.

ඔබ නිකමට හිතුවද මේ අධික පරිසර උශ්නත්වය සුරතලාට කෙසේ බලපායිද කියලා?

විශේෂයෙන්ම පොඩි පැටවුන් වගේම කලු පාට ලෝම තියන සතුන්ට මේ පරිසර උශ්නත්වය දරාගන්න ගොඩක් අමාරුයි. ඒ වගේම පොඩි පැටවු කියන්නේ කොයිවෙලෙත් නටන්න දගලන්න බලන කොටසක්. මේ රස්නේ දවස්වල එලියේ නටන පැටවුන්ගේ ශරීර උශ්නත්වය හරි ඉක්මන්ට වැඩි වෙන්න පුලුවන්. ඒ එක්කම වෙන දේ තමා ක්ශණිකවම කම්පන (shock) තත්වයකට පත්වෙලා ඇද වැටෙන එක. එම කම්පනය මරණයක් උනත් ගෙනත් දෙන්න පුලුවන්.

එහෙම කම්පනයකට පත් වෙලා ඇද වැටුනත් ඉක්මනට යතා තත්වයට ප්‍රතිකාර මගින් පත්කරගන්න හැම සුරතලාවම බැහැ. මරණයෙන් ගලවාගන්න පුලුවන් උනත් සමහරවිට වෙනත් ආබාධ ඉතිරි වෙන්න පුලුවන්.

ඉතින් ඒ නිසා ඔබ ඔබේ සුරතලා ගැන මේ දිනවල විශේෂ අවධානයක් ලබාදෙන්න.
1. ඔවුන්ට වැතිරෙන්න සිසිල් වියලි ස්ථානයක් ලබා දෙන්න.
2. සිසිල් වතුර පානයට ලබාදෙන්න.
3. දහවල් කාලයේ මහන්සිවෙන ක්‍රියාකාරකම් කරන්න දෙන්න එපා.
4. සුරතලුන් සමඟ දහවල් කාලයේ ගමන් බිමන් හැකිතාක් අවම කරන්න. සුරතලා සමඟ උදෑසනම (10ට පෙර) හෝ සවස් කාලයේ (5න් පසු) ගමන් බිමන් යන්න.
5. වායු සමීකරණ සහිත රථයන්ගේ සුරතලුන්ව ප්‍රවාහනය කරන්න.
6. හැකිනම් ලෝම ගොඩක් තියන සුරතලුන්ගේ ලෝම දිග අඩු කරන්න.

සුරතලා පරිසර උශ්නත්වය නිසා කම්පන තත්වයකට පත්වෙලා කියලා ඔබ සැක කරනවා නම්,
1. සිසිල් වතුර බොන්න දෙන්න. බලෙන් පොවන්න එපා.
2. බඩ බෙල්ල යන ප්‍රදේශ සිසිල් ජලයෙන් තෙමන්න. අයිස් වතුරෙන් තෙමන්න එපා.
3. විදුලිපංකාවක් සුරතලා දෙසට යොමු කරන්න. නැතිනම් පවන් ගහන්න.
4. සුවපහසු ලෙස සුරතාලාව වහාම පශුවෛද්‍ය ප්‍රතිකාර කරා රැගෙන යන්න.

මේ ඖෂධ හිඟ වගේම ආර්ථික අපහසුතා තියන කාලයක ගෙදර සතුන් පිළිබදව වෙනදාටත් වඩා අවදානය යොමු කරලා ඔවුන්ව නිරෝගීව තියාගන්න උත්සාහ කරන්න කියලා අපි නැවත නැවතත් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ගැටලු අපට ඉදිරිපත් කරන්න.
අමතන්න
0771333555

08/04/2023

Cesarean section surgery එකක් කියන්නේ අම්මගේ ගර්භාශයේ පැටවුන් ශල්‍යකර්මයක් මගින් එලියට ගන්න ක්‍රමවේදයට. ගොඩක් වෙලාවට C- section එකක් කියන්නේ හදිසි ශල්‍යකර්මයක්. සාමාන්‍යය විදියට පැටවුන් බිහි කරන්න බැරි උනාම හෝ වෙනත් සෞඛ්‍යමය හේතූන් වලදී අපි C-section වලට යොමු වෙනවා.

අද අපි ගාවට ආව Rottweiler අම්මගේ පැටවුන් 13ක් හිටියා. පැටවුන් සංඛ්‍යාව වැඩි නිසා ඒ අම්මට පැටවුන් බිහි කරන්න නොහැකිවීම හින්දා අපිට ශල්‍යකර්මයට යොමුවෙන්න සිදු උනා. දැනට අම්මයි පැටවුන් ටිකයි හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. ❤

A caesarean section/C-section, is major surgery performed to remove puppies from the uterus. This is most commonly performed as an emergency procedure when there is difficulty with natural birth.

Today we did a cesarean section of a Rottweiler and delivered 14 pups. At the time of birth one puppy was already dead. At the moment mother and puppies are doing well. ❤

Address

Four Paws Animal Hospital, NO 22/12, Pathima Lane
Kochchikade
11540

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94771333555

Website

Alerts

Be the first to know and let us send you an email when FOUR PAWS Animal Hospital - Kochchikade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to FOUR PAWS Animal Hospital - Kochchikade:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category