PrimeCare Medical Center

PrimeCare Medical Center Medical Center for General Practice and family care

21/08/2025

කොස්ගම ප්‍රයිම් කෙයා චැනල් සෙන්ටර්(මොරවක කැඩුම් බිදුම් වෙද මැදුර ආසන්නයේ)

විශේෂඥ වෛද්‍ය මනිවන්නන් මහතා අද දින (8/21) රාත්‍රී 7.30 පැමිණේ.

චැනල් කර ගැනීම සදහා අවශ්‍ය අය සිටී නම් පැමින වෙන් කරගැනීම සිදු කරන්න

විමසීම්-071-7112244

කොස්ගම ප්‍රයිම් කෙයා චැනල් සෙන්ටර්(මොරවක කැඩුම් බිදුම් වෙද මැදුර ආසන්නයේ)කායික රෝග විශේෂඥ වෛද්‍ය  රන්දිල් වෙල්ලකැටිය මහත...
12/08/2025

කොස්ගම ප්‍රයිම් කෙයා චැනල් සෙන්ටර්(මොරවක කැඩුම් බිදුම් වෙද මැදුර ආසන්නයේ)

කායික රෝග විශේෂඥ වෛද්‍ය රන්දිල් වෙල්ලකැටිය මහතා -හෙට (8/13)උදෑසන 7.30ට

විශේෂඥ වෛද්‍ය මනිවන්නන් මහතා-බ්‍රහස්පතින්දා (8/14)රාත්‍රි 7.30 ට සහ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ලියනගෙ මහතා - බ්‍රහස්පතින්දා (8/14)සවස 5.00 ට පැමිනේ .

චැනල් කර ගැනීම සදහා අවශ්‍ය අය සිටී නම් අදාල දිනට පෙර පැමින වෙන් කරගැනීම සිදු කරන්න

විමසීම්-071-7112244

විශේෂඥ වෛද්‍ය සේවය දැන් ඔබේ නගරයේ!!,  විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ පහසුකම් දැන් කොස්ගම ප්‍රයිම් කෙයාර් වෙතින්. අවිස්සාවේල්...
14/07/2025

විශේෂඥ වෛද්‍ය සේවය දැන් ඔබේ නගරයේ!!,
විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ පහසුකම් දැන් කොස්ගම ප්‍රයිම් කෙයාර් වෙතින්.

අවිස්සාවේල්ල මුලික රෝහලේ
කායික රෝග විශේෂඥ වෛද්‍ය රන්දිල් වෙල්ලකැටිය මහතා හමුවීම
සෑම අඟහරුවාදා හා සෙනසුරාදා දිනකම උදේ

අවිස්සාවේල්ල මුලික රෝහලේ
කායික රෝග විශේෂඥ වෛද්‍ය P. මනිවන්නන් මහතා හමුවීම
සෑම බදාදා දිනකම රාත්‍රී 7:30 සිට

අවිස්සාවේල්ල මුලික රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ලියනගේ මහතා හමුවීම
සෑම අඟහරුවාදා දිනකම සවස 6:30 සිට

PRIME Care Medical Center
Pahala Kosgama.
0717 11 22 44, 077 420 98 81

01/06/2025

චිකුන්ගන්යා - දැනුවත් කිරීම
ඩෙංගු රෝගය පැතිරීම සිදුවන්නේ ද මෙම මදුරුවන් මගින්ම වීම විශේෂත්වයක්!!

01/06/2025

චිකුන්ගන්යා රෝගීන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමෙන් වළකින්න

ECG  ලබා ගැනීමේ පහසුකම්  දැන්  PRIME Care වෙතින්.  නිරවද්‍ය සහ විශ්වාසදායී හෘද පරීක්ෂාවකට PRIME Care මෙඩිකල් සෙන්ටෙර් - ...
20/03/2025

ECG ලබා ගැනීමේ පහසුකම් දැන් PRIME Care වෙතින්.
නිරවද්‍ය සහ විශ්වාසදායී හෘද පරීක්ෂාවකට PRIME Care මෙඩිකල් සෙන්ටෙර් - කොස්ගම. වැඩි විස්තර සඳහා අමතන්න 0774 20 98 81, 0717 11 22 44
වාර්තා පරික්ෂා කිරීම නොමිලේ-(වෛද්‍යවරිය පැමිණ ඇති විට)

ECG Facility Now Available at PRIME Care - KosgamaAccurate & Reliable Heart MonitoringFree Consultation for Reports (Whe...
20/03/2025

ECG Facility Now Available at PRIME Care - Kosgama
Accurate & Reliable Heart Monitoring
Free Consultation for Reports (When Doctor is Available)
Contact - 0774 20 98 81, 0717 11 22 44

01/03/2025
කුරුළු උණෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කර ගන්නේ කෙසේද?
01/07/2024

කුරුළු උණෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කර ගන්නේ කෙසේද?

ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය. මෙන්න ඔබ දැනගත යුතු දේ සහ ඔබට ආරක්ෂිතව සිටිය හැකි ආකාරය:
🔍 කුරුළු උණ කියන්නේ මොකක්ද?
කුරුළු උණ, සාමාන්‍යයෙන් කුරුල්ලන් අතරින් පැතිරෙන රෝගී තත්ත්වයකි. සමහර අවස්ථාවන්වලදී, එය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැක. දුර්ලභ වුවද, මිනිස් සිදුවීම් සිදුවිය හැකි අතර, දැනුවත් වීම සහ ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.
🛡 ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කර ගන්නේ කෙසේද?
* කුරුල්ලන් සහ උන්ගේ මල අපද්‍රව්‍ය සමඟ ගැටීමෙන් වළකින්න: කුරුල්ලන් හෝ ඔවුන්ගේ අසූචි ස්පර්ශ නොකරන්න. අවශ්‍ය නම් මිස සජීවී කුරුළු වෙලඳපොලවල් හෝ කුකුළු ගොවිපළවල් නැරඹීමෙන් වළකින්න.
* හොඳ සනීපාරක්ෂාව පුරුදු කරන්න: විශේෂයෙන්ම කුකුළු මස් හෝ බිත්තර භාවිතයෙන් පසු සබන් හා වතුරෙන් ඔබේ අත් නිතර සෝදන්න. සබන් හා ජලය නොමැති විට අත් සනීපාරක්ෂක දියර භාවිතා කරන්න.
* කුකුළු මස් හොඳින් උයන්න: ඕනෑම වයිරසයක් විනාශ කළ හැකි පරිදි සියලුම කුකුළු මස් සහ බිත්තර නිසි ලෙස පිසූ බව සහතික කර ගන්න. අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින්න.
* අසනීප හෝ මියගිය පක්ෂීන් වාර්තා කරන්න: ඔබ රෝගී හෝ මිය ගිය පක්ෂීන් හමු වුවහොත්, වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඔවුන්ව වාර්තා කරන්න. එවැනි මළකුණක් අතපත ගෑමෙන් වැළකී සිටින්න.
* දැනුවත්ව සිටින්න: සෞඛ්‍ය බලධාරීන්ගේ නවතම තොරතුරු සහ මාර්ගෝපදේශ සමඟ යාවත්කාලීනව සිටින්න. මේ සම්බන්ධව අලුත්ම තොරතුරු සමග් දැනුවත් වීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ෆේස්බුක් පිටුව සමඟ සම්බන්ධ වන්න.
📣 ආරක්ෂිතව සහ සුපරීක්ෂාකාරීව සිටින්න
මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් සහ දැනුවත්ව සිටීමෙන්, කුරුළු ඉන්ෆ්ලුවෙන්සා තර්ජනයෙන් ඔබ, ඔබේ පවුල සහ අපගේ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට ඔබට උදවු කළ හැක.
🌟 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙර සූදානම
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේහි (MRI) වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද හඳුනාගැනීමේ හැකියාවට අමතරව H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයද හඳුනා ගැනීමට අවශ්‍ය PCR පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇත. පසුගිය වසර 12 පුරාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කුරුළු උණ බාහිර තත්ත්ව ඇගයීම් වැඩසටහනේ 100% නිරවද්‍යතාවයක් MRI ආයතනය මගින් තහවුරු කර ඇත. එබැවින් කුරුළු උණ තර්ජනයකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ප්‍රමිතීන් වලට අනුකූල හඳුනා ගැනීමේ සහ ආරක්‍ෂිත පද්ධති පවතින බව අපට සහතික විය හැකිය.

12/01/2024

ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක ) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ යමින් පවතින බව ඔබ දන්නවා ද? වැරදි භාවිතය නිසා රෝගකාරක බැක්ටීරියා විසින් දැනට අප සතු ප්‍රබලම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව ලබාගනිමින් වේගයෙන් පරිණාමය වෙමින් සිටී. දැනටමත් මේ නිසා වසරකට අපට අහිමි වන මිනිස් ජීවිත ගණන මිලියන ගනනකි.
අපේත් , අනාගත පරපුරේත් ජීවිතාරක්ෂාව වෙනුවන් අදම ක්‍රියාත්මක වෙමු. පහත සියලු උපදෙස් නොවරදවාම අනුගමනය කරමු.
1. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිම අවස්ථාවක හිතුමනාපයේ ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) ගන්න එපා.
2. නියමිත කාල සීමාවම, නියමිත මාත්‍රාව, නියමිත වේලාවටම වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිජීවක ලබාගන්න.
3. ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඔසුවක්, වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙනත් අයෙකු සමග බෙදා ගන්න එපා.
4. භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඔසු , නැවත නැවත භාවිතා කරන්න එපා.

උපුටා ගැනීම -Health Promotion Bureau

Address

106/2, Pahala
Kosgama
10730

Opening Hours

Monday 05:30 - 07:30
16:00 - 22:00
Tuesday 05:30 - 07:30
16:00 - 22:00
Wednesday 05:30 - 07:30
16:00 - 22:00
Thursday 05:30 - 07:30
16:00 - 22:00
Friday 05:30 - 07:30
16:00 - 22:00
Saturday 05:30 - 07:30
16:00 - 22:00
Sunday 05:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when PrimeCare Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram