10/01/2023
ිග්‍රේන්____😒
හැදුනම මැරෙන්න හිතෙන හිසේරදය, හැමෝම කියන මිග්‍රේන් ගැන පුංචි දැනුවත් කිරීමක් තමයි මේ.
සමහර අයට මේ හිසේරදය කොච්චර වේදනාවක් ද කියනව නම් මනුස්සයෙක් පිහියකින් ඔලුවට අනිනව වගේ දැනෙනවා කියලා කියයි. කවුරු හරි ඔලුවට පොල්ලකින් ගහලා වගේ දැනෙනවා කියලා කියයි. ඒක දන්නේ හැදුන කෙනාම තමයි ඉතින්.
MIGRAINE
මේක ටිකක් සුලබ තත්වයේ හිසරදයක්. ඒ හිසරදය එන්නෙ නිකන්ම නෙවෙයි. බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය හැක. එම හිසරදය සාමාන්‍යයෙන් පැය 4 සිට දින 3 ක් දක්වා පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථා වලදී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද ඇත.
මොනාද මේකට හේතු?
මොළයේ ඇති Cerebral artery එහෙමත් නැත්නම් ධමනි විස්තාරනය වීමත් හැකිලීමත් නිසා ඇති විය හැකි තත්වයක්.
හිසරදය ඇතිවන්නේ පුද්ගලයෙකුගේ හිස සහ බෙල්ල ආවරණය කරන ස්නායු, රුධිර නාල සහ මාංශ පේශිවල. සමහර විට මෙම මාංශ පේශි හෝ රුධිර නාල ඉදිමීම, තද වීම හෝ අවට ස්නායු උත්තේජනය කරයි. මෙම ස්නායු මගින් මොළයට වේදනා පණිවිඩයක් යවන අතර මෙය හිසරදයක් නිර්මාණය කරයි.
ගොඩක්ම හැදෙන්නේ ස්ත්‍රී පාර්ශවයට.
සමහර අයට පරම්පරාවෙන් එන්නත් පුලුවන්.
සමහර සුවඳවල්, ගඳවල්, අධික ශබ්ධයන්, වැඩි ආලෝකය සහ දුම් බීම ආදිය මේකට හේතුවෙනව.
හිසරදය
ඉරුවාරදය හේතුවෙන් ඇති වන හිසරදය හිසේ එක් පැත්තකින් ආරම්භ වී හිස පුරා පැතිරෙන වේදනාවක් ලෙස පැවතිය හැකිය.
මෙලෙස ඇති වන හිසරදය පැය 4-72 කාලයක් පැවැතීම ප්‍රධාන ලක්ෂණයකි. වරක් ඇති වන හිසරදය නිතර ඇති වීමට පුළුවන.
* කැෆේන් අඩංගු ආහාර (Caffine)
*හෝමෝන වෙනස් වීම (කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස් වීම් නිසා)
*නින්ද යාමේ වෙනස් වීම්
*වමනය, ඔක්කාරය.
* ආහාර වේල් අතපසු වීම්
* දුම් බීම හෝ දුම ආග්‍රහනය වීම
* හිරු එළියට සහ ශබ්දවලට අධික ලෙස සංවේදී වීම.
* ඉක්මනින් තරහා යෑම
ඒ වගේම පහත සඳහන් ආහාර හිසරදය තව තවත් වැඩිකරන්න හේතු වෙනව.
*සකසන ලද ආහාර, අච්චාරු, පැසීමට බදුන් කල ආහාර, රසකාරක යෙදූ ආහාර (MSG අඩංගු ආහාර)
*බේක් කරන ලද ආහාර, චොකලට්, රටකජු, කජු, බටර් වැනි කිරි නිශ්පාදන
*රතු වයින්, චීස්, දුම් ගසන ලද මාලු, කුකුල් මස් පීකුදු, බෝංචි
*පළතුරු(අලිපේර,කෙසෙල්,පැඟුරි කුළයේ පළතුරු)
*නයුට්‍රේට අඩංගු මස් වර්ග(බේකන්,හොට් ඩෝග්ස්,සලාමි)
*ළූණු
රෝග ලක්ශන
*පෙනීමට බාධා ඇති වීම(මෙය මිග්‍රේන් වල පූර්ව අනතුරු හැඟවීමකි)
*පොඩි තිත් වැනි දෙයක් ඇස මත ඇති සේ දැනීම
*බොඳ වී පෙනීම
*ඇස් වල වේදනාව
*තාරකා වැනි හෝ සිග්සැග් ආකාරයේ ඉරි පෙනීම
*කලුවර වීම
මෙය අඩු වේදනාවක සිට ඉතා දරුණු වේදනාවක් දක්වා වැඩි වියහැකිය.
සාමාන්‍යයෙන් පැය 6-48ක් අතර කාලයක් පැවතිය හැකිය.
🔴ඉරුවාරදය ඇතිවීමට හේතුව කුමක්ද?
ඉරුවාරදය ජානමය හේතුවක් ඇති බව පර්යේෂකයෝ විශ්වාස කරති. ඉරුවාරදයට හේතුවන සාධක ගණනාවක් ද තිබේ. මෙම සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
• ප්‍රවේණික පසුබිමක්
• මානසික ආතතිය
• කාංසාව
• කාන්තාවන්ගේ හෝමෝන වෙනස්කම්/ ඔසප්වීම
• අධික ආලෝකය
• අධික ශබ්දය
• තද සුවඳ
• ප්‍රමාණවත් නින්දක් නැතිවීම/ පමණ ඉක්මවා නිදාගැනීම මෙන්ම, නිදිවැරීම ද ඉරුවාරදය ඇතිවීමට හේතු විය හැක
• කාලගුණය හෝ පරිසරයෙහි හදිසි වෙනස්කම්
• අධික ලෙස වෙහෙසීම (වෙහෙසකාරී ශාරීරික ක්‍රියාකාරකම්)
• මද්‍යසාර හා දුම්කොළ
• ආහාර වේල් මගහැරීම.
• අධික ලෙස ඖෂධ භාවිතා කිරීම (ඉරුවාරදය සඳහා බොහෝ විට ඖෂධ ගැනීම)
• කාන්තාවන් උපත් පාලන එන්නත් සහ උපත් පාලන ඖෂධ පෙති ලෙසට ලබාගැනීම.
• අධිකව පවතින මලබද්ධය තත්වයන් පැවතීම
මෙම හිසරදය සමඟ පහත ලක්ශන ඇති විය හැකිය.
*සීතල
*මූත්‍රා කිරීමේ වාර ගනන වැඩි වීම
*අලස බව
*ආහාර අරුචිය
*ඔක්කාරය සමඟ වමනය
*හිරිවැටීම හෝ දුර්වලබව
*අකුරු කියවීමට අපහසු වීම
*දහඩිය දැමීම
*ආලෝකයට හෝ ශබ්ධයට සංවේදී වීම.
•මානසික ආතතිය (Stress): මෙය ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන ප්‍රධානතම සාධක වලින් එකකි.
100% අතුරු ආබාධ රහිත හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සහ හෝමියෝපති නිශ්පාදන මගින් මිග්‍රේන් (ඉරුවාරදය) නිට්ටවට සුවකල හැක.
ඉහත ලක්ශන ඇත්නම් ඔබත් වෛද්‍යවරයකු හමුවන්න.
කොපමණ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වුවද මේ තත්ත්වය නිට්ටාවටම සුවවී නොමැති නම් 100%ක් අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ගෙනදේ.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න
විමසීම් 📞
අප සම්බන්ධ කරගැනීම සදහා -
285/D Pahala Kosgama,Kosgama.
දුරකතන අංක-
074 016 7129
077 448 5472
Youtube Channel - https://www.youtube.com/channel/UC6KeDZ2Jm5mVdfLD2kvcD1Q
Experienced & qualified graduated Doctor in Homoeopathic Medicine.