Health for Life

Health for Life Welcome.. This page is to gather knowledge on health related topics. Thank you for joining with us.

18/11/2024

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

07/04/2024
01/04/2024
17/03/2024

HEAT STROKE (තාප ආඝාතය)

Heat stroke නමින් හදුන්වන රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ අපට මෑතක් වනතුරුම එතරම් සුලභ අත් දැකීමක් නොවූවත් දැන් දැන් මෙවන් රෝගීන්ගෙ වාර්තාවීම් දැකිය හැකියි. මේ දිනවලදී අප අවට පරිසරයේ උෂ්ණත්වය ඉතාමත් වැඩි නිසා මෙම heat stroke තත්ත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් තිබීම සහ එම තත්වය ඇතැම් විටක මාරාන්තික විය හැකි වීම මෙම සටහන තැබීමට හේතුවයි.

මිනිසා යනු අචලතාපී ජීවියෙක්. එනම් පරිසර උෂ්ණත්වයේ වෙනස්වීම අනුව අපේ දේහ උෂ්ණත්ව වෙනස් වන්නේ නෑ. එම අගය fahrenheit ( F) 98.4 එනම් celcius (C) 36.8 වේ. ඉතා සුළු වෙනස් වීමක් හැර කුමන පරිසර තත්ත්වයන් යටතේ වුවද මෙම අගය නොවෙනස්ව පැවතිය යුතුයි. විවිධ හේතූන් (ව්‍යයාම කිරිම වැනි)නිසා අපගේ ශරීරයේ උෂ්ණත්වය ඉහල යන විට ස්වභාවිකවම දහඩිය දැමීම ඇතුලු උපක්‍රම මගින් සිරුරේ ජනිත වන තාපය පරිසරයට මුදාහැරීම සිදු කරනු ලබන අතර එමගින් ශරීරය සිසිල් කර උෂ්ණත්වය නියත අගයක පවත්වා ගනු ලබයි. නමුත් අප අවට පරිසරයේ උෂ්ණත්වය මේ දිනවලදී මෙන් දීර්ඝ වේලාවක් තිස්සේ ඉතා ඉහළ මට්ටමක පවතින විට සහ විශේෂයෙන් පරිසර උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා වැඩි වන විට එම පරිසරයට තාපය මුදාහරිමින් සිදුවන සිසිලන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. එම නිසා සිරුරේ උෂ්ණත්වය ඇතැම් විට විනාඩි කිහිපයක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල ඉතා ඉහළ අගයක් දක්වා වැඩි විය හැකියි. මෙම අගය 104 F හෝ ඊට වඩා වැඩි වන විට මෙම heat stroke තත්ත්වය ඇතිවීමට ඉඩ තිබේ.

වැඩි අවදානමක් ඇති අය...

කුඩා දරුවන්, ඉතා වයස්ගත පුද්ගලයන්, රෝගාබාධ ආදිය නිසා ඉතා දුර්වල සෞඛ්‍යය තත්ත්වයක් සහිත පුද්ගලයන් හට වැඩි අවදානමක් ඇති අතර දැඩි පාරිසරික තත්ත්ව යටතේ පුහුණු වීම් වල යෙදෙන හමුදා සෙබළුන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, දැඩි අව් රශ්මියෙ කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන්ද මෙම තත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.

රෝග ලක්ෂණ ....

• තද හිසරදය
• වමනය
• මානසික ව්‍යාකූල ස්වභාවය
• සිරුර රත් පැහැ වීම
• සම වියලි ස්වාභාවයක් ගැනීම
• සිරුරේ උෂ්ණත්වය ඉතා වැඩි වීම (104 F ට වැඩි)
• හෘද ස්පන්දන වේගය ඉතා වැඩි වීම
• ක්ලාන්තය
• සිහි සුන් වීම.

ප්‍රථමාධාර......
• හැකි ඉක්මනින් රෝගියා සිසිල්, සෙවන ඇති ස්ථානයකට ගෙන යාම
• අයිස් හෝ සීතල ජලයෙන් සිරුර සිසිල් කිරීම,
• රෝගියා ඉතා හොද සිහි කල්පනාවෙන් සිටිනම් සහ වමනය තත්ත්වයක් නැතිනම් පමණක් සිසිල් පානයක් බීමට දීම.
• හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යාම .

වලක්වා ගැනීම ......

Heat stroke තත්ත්වයට සිරුර පත් වූ විට හෘදය, වකුගඩු, මොලය , පෙනහළු, ආදී සෑම අවයවයකටම පාහේ ඉතා බරපතල ලෙස හානි විය හැකි බැවින් සහ බොහෝ විට දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍යය වන බැවින් මෙම තත්වයට යා නොදී ආරක්ෂා වීම ඉතා වැදගත් වේ.
• දැඩි අව් රශ්මිය ඇති විට ක්‍රීඩා හෝ වෙනත් ශාරීරික පුහුණු වීම් වල නොයෙදීම,
• සිරුර විජලනය වීමට නොදී හොදින් ජලය පානය කිරීම,
• සිරුර තවදුරටත් උණුසුම් වන ඇදුම් ඇදීමෙන් වැලකීම,
• උණුසුම් සංවෘත ස්ථාන වල වැඩි වෙලාවක් රැදී නොසිටීම ( අව්වේ නවතා ඇති මෝටර් රථයක් තුළ උෂ්ණත්වය 60 C - 70 C තරම් ඉහළ අගයක් දක්වා වැඩි විය හැක)

වැනි ආරක්ෂක පියවරවල් අනුගමනය කිරීම මගින් මෙම තත්වයෙන් වැලකී සිටිය හැක. වයස් ගත පුද්ගලයන්, රෝගීන් සහ කුඩා දරුවන් විශේෂයෙන් ආරක්ෂා වීම වැදගත් වේ.

සටහන උපුටා ගැනීම .... වෛද්‍ය රෝහන ජයතිලක

22/01/2024
26/09/2023

- 03

අංශභාගය/ආඝාතය රෝගී තත්ත්වය මොලයට රුධිරය සපයන රුධිර නාලිකාවක ලේ කැටියක් සිරවීම මඟින් ඇතිවේ. මෙහිදී පහත සඳහන් ලක්ෂණ රෝගියාගෙන් මතුවිය හැක.

මෙවැනි රෝගියෙක් හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යායුතු වේ. එයට හේතුව මේ සඳහා ලබාදෙන "ජීවිතය සුරකින ඖෂධය (life saving drug)" ලෙස සැලකෙන tPA රෝග ලක්ෂණ මතුවී පැය 4 1/2ක් (හතර හමාරක්) ඇතුලත ලබාදිය යුතු වීමයි.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සෑහෙන ප්‍රමාණයක මේ වනවිට මෙම පහසුකම පවතී.

23/09/2023

Here are some ways to ↘️ your cancer risk:
🚭 Don't use to***co
🏊‍♂️ Exercise regularly
🍅 Eat healthy foods
☀️ Avoid strong sunlight for prolonged periods
🥃 Drink less alcohol

Let's beat cancer!

16/09/2023

Here are some ways to take care of your mental health:

💜Talk to someone you trust
💛Do some physical activity, like going for a walk
🧡Do things you enjoy
💚Give yourself time to rest
❤Know that having a bad day does not make you a bad person!

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Health for Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health for Life:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram