Asiri Ayurweda Medical Center And Acupuncture

Asiri Ayurweda Medical Center And Acupuncture Ayurvedic treatment, panchakarma therapy is done very precisely for all diseases.

ස්පා නොවූ ප්‍රතිකාරයක්ම වූ ආයුර්වේද වාශ්ප ස්වේද (steam bath) ක්‍රමය.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔈🔈🔈🔈🔈Steam bath කිවුවම කොයි කවුරු...
17/08/2023

ස්පා නොවූ ප්‍රතිකාරයක්ම වූ ආයුර්වේද වාශ්ප ස්වේද (steam bath) ක්‍රමය.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔈🔈🔈🔈🔈
Steam bath කිවුවම කොයි කවුරුත්ම දන්නා ආයුර්වේදයේ අනර්ග ප්‍රතිකාර ක්‍රමයක් ලෙස වාශ්ප ස්වේද ක්‍රමය හැදින්විය හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පන්චකර්ම කිරීමට පෙර සිදුකරන පූර්ව කර්ම ලෙස මෙම steam bath නොහොත් වාශ්ප ස්වේද ක්‍රමය දැක්විය හැක. මෙහිදී වාශ්ප පිරුන කුටියක් තුල රෝගියා රදවා මුලු ශරීරයටම ඖශධීය ස්වේදය දීමට සලස්වනු ලැබේ. පන්චකර්ම සිදුකිරීමට පෙර තෛල අභ්‍යන්ගය සහ ස්වේද ක්‍රමය යොදන අතර ස්වේදනය සදහා භාවිතා කරන ක්‍රම අතරින් එකක් ලෙස වාශ්ප ස්වේදය හැදින්විය හැක. මෙය ශරීරයේ දෝශ සහ, මළ කොටස් ඉවත් කිරීමට හැකි විශිෂ්ඨ ක්‍රම වේදයකි.
වාශ්ප ස්වේදය සිදුකරන විශේශිත ක්‍රම වේදයක් තිබෙනවාද??🤔🤔🤔🤔🤔🤔🤔🤔🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈
මේ සදහා විශේෂයෙන් දැවයෙන් සෑදූ (රූපයේ දක්වා ඇති පරිදි) පෙට්ට්ටියක් (steam box) භාවිතා කරයි....
හිස එලියට යොමු වන සේ රෝගියා එහි වැතිරවිය යුත්තේ රෝගයට ගැලපෙන ඖෂධීය තෛලයකින් ශරීර අභ්‍යන්ගය සිදුකිරීමෙන් පසුවයි.
ඉන්පසු වාශ්පය එලියට නොඑන සේ හිස පමනක් එලියට එන ලෙස මෙම පෙට්ටිය හොදින් වැසිය යුතුයි...
එක් එක් රෝගයට සරිලන සේ සකසාගත් සුවිශේශී වූ ඖශධීය වාශ්පය රෝගියාට අඛන්ඩව විනාඩි 20ක් පමන ලබා දිය යුතුයි.
වාශ්ප ස්වේදයට (steam bath) පෙර සිදුකල යුතු කරුනු තිබෙනවාද ???????????????🤔🤔🤔🤔🤔🤔🤔🤔
👉👉හොදින් ජලය පානය කිරීම.( වතුර වීදුරු 3ක් පමන)
👉👉ප්‍රතිකාරයට පැයකට පමන පෙර ආහාරයෙන් වැලකීම .
👉👉 යම් ආසාත්මිකතාවයක් ඇත්නම් ඒබව වෛද්‍යවරයාට පැවසීම.
👉👉රෝගයට,ප්‍රතිකාරයට අදාල ඖශධීය තෛලය අභ්‍යන්ගය .
👉👉අධි රුදිර පීඩනය වැනි රෝග වලින් පෙලේනම් ඒ පිලිබදව වෛද්‍යවරයාව දැනුවත් කිරීම..
වාශ්ප ස්වේදය අතරතුර දී ඔබ කල යුතු දෑ.....👍👍👍👍
👉👉👉 හුස්ම ගැනීමට සිත යොමු කරමින් නිවැරදි අවදානයෙන් ප්‍රසන්න මනසකින් සිටීම.
👉👉👉තමන්ට යම් අපහසුවක් දැනෙන්නේ නම් ඒ පිලිබදව වහාම වෛද්‍ය වරයා දැනුවත් කිරීම.
වාශ්ප ස්වේදයේ ප්‍රතිලාබ....👍👍👍👍👍👍👍👍👍👍👍
👉👉 අදික ස්ථූලභාවය අඩු වීම. ( බර අඩු වීම)
👉👉 සම හරහා ශරීරයේ විශ පදාර්ත දහඩිය සමග පිට වීම.
👉👉 රුදිර සන්සරනය කාර්‍යක්ශම වීම
👉👉ආතතිය අඩු වී සැහැල්ලුවක් දැනීම.
👉👉ශරීර කාන්තිය වැඩි වීම.
👉👉අක්මාව සහ වකුගඩු වල ක්‍රියාකාරිත්වය වැඩි වීම.
👉👉 මාන්ශ පේශි ආශ්‍රිත සන්කූලතා සහ ස්නායු ආබාද සදහා සහනයක් දැනීම.
මීට අමතරව පහත රෝග සදහා ප්‍රතිකාරයක් ලෙසද යොදා ගනී.
🔈සන්දිගත වාත(Arthritis )
🔈ගුඩ්‍රසි (sciatica )
🔈කොදු ඇට පෙල ඇද වීම්.( scoliosis )
🔈කොදු ඇට පෙල ආබාද
රූපලාවන්‍ය ප්‍රතිකාරයක් ලෙසටද මෙය වෛද්‍ය උපදෙස් මත සිදුකල හැකියි.
මෙම ප්‍රතිකාරයේ අවදානම් සහගත තැන් තිබෙනවාද??? 🤔🤔🤔🤔
ඔව් . ඔබ අදි රුදිර පීඩනයෙන් පෙලෙන්නේ නම් මෙය නොකල යුතුයි. මෙහිදී රුදිර සන්සරනය ක්‍රමවත්ව වේගවත් ව සිදු වෙයි. එනිසා රුදිර පීඩන වැඩිවී අභ්‍යන්තර රුදිර ගැලීමක් වැනි තත්වයක් ඇති විය හැක.ඒ නිසයි මෙය සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයකුගේ/වරියකුගේ අදීක්ෂණයෙන් සිදු විය යුත්තේ.
මෙය වෛද්‍යවරුන්ගේ අදීක්ෂණයෙන් ම විය යුතුද??
වාශ්ප ස්වේදයේදී මුලින්ම ශරීරයේ තෛල අභ්‍යන්ග විය යුතු ය. එය අදාල රෝගය ,අවස්තාව අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ඔබට ශරීරය කෙට්ටු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ගැලපෙනම තෛලය ඔබේ ශරීර ප්‍රකුර්තිය අනුව වෛද්‍ය වරයා දනී. එමෙන්ම වාශ්පය ලබාදීමට යොදන ඖශධීය දියරය ද ඒ සදහා ගැලපෙන්නක් විය යුතුයි. එය භාවිතා කරන තෛලය සමග ආසාත්මිකතාවයක් ඇති නොවිය යුතුයි.
වැදගත්ම කරුනක් වන්නේ මෙම ප්‍රතිකාරයේදී ඔබ කාන්තාවක් නම් වෛද්‍ය සහායක ලෙස කාන්තාවක් සිටිය යුතු අතර ඔබ පුරුෂයෙක් නම් සහායක ලෙස පුරුෂයෙක් සිටිය යුතුයි.
වර්තමානයේ දි මෙම වටිනා ප්‍රතිකර්මය වානිජ අරමුනින් යම් යම් පහත් අකටයුතුකම් සදහා යොදා ගැනෙන අතර එහි භයානක අතුරුපල රාශිඇත. මෙවැනි ප්‍රතිකාර ලබා ගැනීමේදී ආසාත්මිකතා , රුදිර පීඩනය වැඩි වුවහොත් එම සිතානයේ වෛද්‍ය වරයෙක් සිටිය යුතුමය. මෙම ප්‍රතිකාරය පරම්පරාවෙන් උරුම වූවක් නොව එය හුදෙක් ආයුර්වේද ප්‍රතිකාරයක්මය. එනිසා සුදුසු තැනකින් ප්‍රතිකාරයට යොමු වීම ඔබට බාරය.
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීන කටු චිකිත්සාව
කොට්ටාව,පිලියන්දල
0774625289.

මද සරුබාවයට අත වනන PCOS (polycystic ovarian syndrome ) හෙවත් ඩිම්බ නොමේරීමේ තත්වය පිලිබදව ඔබ දැනුවත් ද????ප්‍රජනක අවදියේ...
17/08/2023

මද සරුබාවයට අත වනන PCOS (polycystic ovarian syndrome ) හෙවත් ඩිම්බ නොමේරීමේ තත්වය පිලිබදව ඔබ දැනුවත් ද????
ප්‍රජනක අවදියේ සිටින්නාවූ කාන්තාවන් මෙම තත්වයට පත්විය හැක.
👉👉👉 ඔබ අක්‍රමවත් ඔසප් චක්‍රයකින් පෙලෙන්නේ ද??
👉👉👉 අත් පා වලට අදික ලෙස දහඩිය දමනවාද???
👉👉👉 විවාහ වී බොහෝ කල්ගත වුවත් දරුවන් ප්‍රමාදයි ද??
👉👉👉අදික ලෙස මුහුනේ කුරුලෑ ඇති වනවාද??
මෙවන් ගැටලු වලට ඔබ මුහුන පා ඇත්නම් බොහෝ විට ඔබටත් PCOS තත්වය තිබෙනවා විය හැක. ඒ නිසා රෝගයේ ස්වභාවය 🔈🔈🔈🔈 එහි ලක්ශන🔈🔈🔈🔈, එය හදුනා ගැනීමට සිදුකරන පරීක්ශන 🔈🔈🔈🔈🔈 සහ නිසි ප්‍රතිකාර මෙන්ම ඔබ විසින් පිලිපැදිය යුතු ආහාර හා චර්‍යා රටා පිලිබදව දැනුවත් වීම අතිශයින්ම වැදගත් ය.
ප්‍රජනක අවදිය ලෙස හැදින්වෙන්නේ වැඩිවියට පැමිනීමේ සිට ආර්තවහරණය වන තෙක් කාල සීමාවයි. එම අවදියේ පසුවන්නන්ගේ මෙම තත්වය සුලබව දැකිය හැකියි.
PCOS තත්වය වෛද්‍ය විද්‍යාත්මකව 🤔🤔🤔🤔🤔
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඩිම්බ කෝශ ගත් ග්‍රන්ථි ලෙස මෙම තත්වය හදුන්වනු ලබනවා. මෙහිදී විවිද මට්ටමේ ග්‍රාෆීය ස්‍යුනිකා (Antral folicles ) පොකුරක් ඩිම්බ කෝශවල දැකිය හැක. ( දළ වශයෙන් 8 ත් 10ත් අතර ප්‍රමානයක් සාමාන්‍ය වේ. 12 ට වැඩි වීම මෙම තත්වයට ලගා වීමකි). මෙහිදී ඩිම්බ අතර තරලමය /දියරමය
ස්වභාවයක් දක්නට ලැබේ. ඒ නිසාම ඩිම්බ කෝශ ගත ගෙඩි/ ග්‍රන්ථි යන නම් වලින් හදුන්වනු ලබයි.
මෙම තත්වයට මූලික හේතුව හෝමෝන වල අසන්තුලිතතාවයයි. එනම් අන්තරාසර්ග ග්‍රන්ති වල ක්‍රියාකරිත්වයේ ගැටලු නිසා ඇතිවේ. මෙහිදී අසන්තුලිත තාවයක් දැක්විය හැකි හෝමෝන අතර👉👉👉
🌐 FSH
🌐LH
🌐ඊස්ට්‍රජන්
🌐ප්‍රොජෙස්ටෙරොන්
🌐ඉන්සියුලින්
🌐ඇන්ඩ්‍ර්ජන්
🌐තයිරොක්සින්
හෝමෝන දැක්විය හැක. ඩිම්බ කෝශ මගින් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් වලට අමතරව සුලු ප්‍රමානයක් ඇන්ඩ්‍රජන් නිපදවනු ලබයි. මෙය පුරුශ ලක්ශන පෙන්නුම් කරන හෝමෝනයක් වන අතර එහි වැඩිවීම මගින් සිත්‍රී ලක්ශන අභිබවා පුරුශ ලක්ශන පෙන්වයි.
හෝමෝන විශමතා ඇති කරවන අන්තරාසර්ග ග්‍රන්ති ලෙස 🤔🤔🤔
🌐පිටියුටරි ග්‍රන්තිය
🌐අග්න්‍යාශය
🌐ඩිම්බකෝශ
🌐තයිරොයිඩ ග්‍රන්ථිය දැක්විය හැක.
මීට අමතරව බොහෝ දෙනෙක් නොදන්නා කරුනක් වනුයේ අදික තරබාරුව හේතුවෙන් ඇතිවන මේදය තැන්පත් වූ එල්ලා වැටුන උදරය හෝමෝන අසන්තුලිතතාවයට හෙතු වන බවයි. මෙම තැන්පත් වූ මේදය (belly fat) මගින් ඇන්ඩ්‍රජන් නිපදවීම සිදු වේ.එය ඩිම්බ පරිනත නොවීමට හේතු වේ. එය pcos ඇතිවීමට අඩිතාලමක් වැටෙන්නක් වේ.මේ නිසා අදිකව එල්ලා වැටුන උදරය පිටතින් ශරීරයේ රූප ශෝබාව අවලස්සන කරනවා පමනක් නොව අභ්‍යන්තරයෙන් සිත්‍රී ලාලිත්‍ය පසුකර පුරුශ ලක්ශන ඉස්මතු කරයි.ක්‍රමවත් ඔසප් චක්‍රයකටඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් හා ඇන්ඩ්‍රජන් නියමිත පරාස වල පැවතිය යුතුයි .
මෙම තත්වය දරුවන් පිලිසිද ගැනීමට බාධාවක් ද??🤔🤔🤔🤔
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දරු පිලිසිද ගැනීමට බලපාන් සාදක හතරක් ඉදිරිපත් කර ඇත.
👉👉 ඍතු - ක්‍රමානුකූල මාසික ඔසප් චක්‍රය .
👉👉ක්ශේත්‍ර - නිරෝගී ගර්භාශය.
👉👉අම්බු - හෝමෝන සමතුලිතතාවය.
👉👉බීජ - නිරෝගී මාතෘ හා පීතෘ බීජ.
මෙම ඩිම්බ පරිනත නොවීම හෙවත් pcos තත්වයේදී ඍතු සහ අම්බු වල විශමතාවයක් ඇති වේ.
පරිනත නොවූ ඩිම්බ කිසිලෙසකත් ශුක්‍රාණු සමග සන්සේචනය නොවේ.
PCOS රෝග ලක්ශන මොනවාද ?? 🤔🤔🤔
භාහිර ලක්ශණ..👉👉
1.අදික තරබාරුව.
මොවුන්ගේ BMI ඉතා වැඩි අගයක් ගනී. බර බලන්නේ උසට සාපේක්ශව වන අතර මොවුන්ගේ උසට සාපේක්ශව බර ඉතා වැඩි වේ.
2. කොන්ඩය යෑම.
මෙය හෝමෝන අසන්තුලිතතාවය නිසා සිදු වේ. ඉතිරි වී ඇති කොන්ඩය ඉතා තුනී වේ.
3.ඝන රෝම වැඩීම.
උඩු හා යටි තොල ආශ්‍රිතව , මුහුන වට ,පියයුරු හා නාබිය අවට ඝනට රෝම වැඩේ. ( සාමාන්‍යයෙන් මෙලෙස දැකිය හැක්කේ පුරුශයින්ගේ පමනි)
4. ගෙල වට, අත්යට අදුරු පැහැය.
ගෙල වටා, අත් යට, ඉකිලිවල පවතින අදුරු පැහැය.බොහෝ විට මෙය ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිරෝදීතාවයත් සමග වර්දනය වනවා ඇත.
5.මුහුනේ අදිකව කුරුලෑ දැමීම.
හෝමෝන අසන්තුලිතතාවය මීට හේතු වේ.
🔈🔈 අභ්‍යන්තරිකව හට ගන්නා පිටතින් පෙන්වන ලක්ශන.
අක්‍රමවත් ඔසප් චක්‍රය .
👉👉👉👉ප්‍රතිකාරය අවශ්‍යම ද?? 👉👉👉👉
සැබවින්ම . බොහෝ දෙනෙක් මෙය නොසලකා සිටියි. ඇතැම් විට දරුවන් සිටින කාන්තාවන් මෙය නොසලකා සිටින්නේ දරු සම්පතට පමනක් මෙය බලපාන කරුනක් සේ සලකාය. නමුත් මෙය නොසලකා සිටීම මගින්...
🔈 දියවැඩියාව
🔈 කොලෙස්ටරෝල්
🔈 අදි රුදිර පීඩනය
🔈 ගබ්සා සිදු වීම
🔈 මද සරුබාවය
🔈 හෘද රෝග සදහා අවදානම
🔈 ගර්භාශ ගත පිලිකා තත්ව ඇතිවිය හැක.
රෝගය ඇතිවීමට බලපාන ඍජු / වක්‍ර කරුනු තිබෙනවාද?🤔🤔🤔
01. ඉන්සියුලින් ප්‍රතිරෝදීතාවය. ( insulin resistance )
අග්න්‍යාශයේ බීටා සෛල මගින් නිපදවන ඉන්සියුලින් රුදිරගත සීනි ප්‍රමාණය පහල දැමීමට උපකාරී වේ. ශරීරයේ ඉන්සියුලින් වලට ප්‍රතිරෝදීතාවයක් හට ගන්නා නිසා අදික සීනි හමුවේ ඉන්සියුලින් වලට ඉහල ඉල්ලුමක් ඇති වේ. මේ නිසා අග්න්‍යාශය මගින් වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවයි. මෙම ක්‍රියාවලිය නිසා ඩිම්බකෝශ මගින් වැඩියෙන් අන්ඩ්‍රජන් නිපදවීම සිදු වේ.
02. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ස්‍රාවය වන තයිරොක්සින් හෝමෝනයේ අඩු වැඩිවීම්.
03. අදික තරබාරුව
04. ජානමය හේතු
05.අහිතකර ආහාර හා චර්‍යා රටා
වර්තමානයේදී ක්ශනික ආහාර භාවිතය බහුලව සිදු වේ. පාන්, බනිස් ,...යනාදී විවිධ නම් වලින් හදුන්වන කෙටි ආහාර ඒවාට යොදන තිරිගු පිටි හා රසායනික ද්‍රව්‍ය නිසාද අදික තෙල් හා සීනි නිසාද තරබාරුව ආ හෝමෝන අසන්තුලිතතාවය ඇති වේ.
චර්‍යා රටා ලෙස...
දිවා කාලයේ නිදා ගැනීම
ව්‍යායාමයක් නැතිකම
රෝගය හදුනා ගන්නා පරීක්ශන මොනවාද?? 🤔🤔🤔🤔
රුදිර පරික්ශාවක් මගින්,, හෝමෝන පරික්ශාව, තයිරොක්සින් පරික්ශාව, රුදිර ගත සීනි පරික්ශව.
ස්කෑන් පරික්ශාව.(ultrasound scan ).
වෛද්‍ය වරයෙක් මුනගැසීමෙන් පසු මෙම පරීක්ශන සදහා ඔබව යොමු කරවනු ලබයි.
මේ සදහා ප්‍රතිකාර තිබෙනවාද?? 👉👉👉👉👉👉👉👉👉👉
ආයුර්වේද ප්‍රතිකාර මගින් අතුරු ආබාධ වලින් තොරව මෙය සුවකරගත හැක.
ආයුර්වේද ප්‍රතිකාර කියූ පමනින්ම තෛල අබ්‍යන්ගය බොහෝ දෙනෙක්ට සිහි වනු ලබනවා. නමුත් මේ සදහා විශිශ්ට අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දක්වා තිබෙනවා. රෝගියාගේ ප්‍රකෘර්තිය, ලෙඩේ ස්වබාවය නිර්නය කර අවශ්‍ය ප්‍රතිකර්මය ලබා දෙනු ලැබේ. තවද ආයුර්වේද ප්‍රතිකාර සමග චීන කටු චිකිත්සාවත් විශිශ්ට ලෙස එකට යොදා ගත හැක.
මෙහිදී කළ යුතු දෑ සහ නොකල යුතු දෑ තිබෙනවාද ?? 🤔🤔🤔
කළ යුතු දෑ 🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈
(භාවිතා කල යුතු ආහාර )
1.පළා වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම .
2.රතු නාඩු, නාඩු බත් ආහාරයට ගැනීම
3.පැපොල් ,නාරම් ,දොඩම් ,බෙලි වැනි පලතුරු ආහාරයට ගැනීම.
4.කොහිල වැනි තන්තු බහුල ආහාර භාවිතය .
5.තිරිගු පිටි වෙනුවට ඕට්ස්, ආටා, කුරක්කන් භාවිතය .
6. ප්‍රමානවත් තරම් ජලය මද රස්නෙන් පානය( බර අනුව ජලය පානය කිරීම)
7.කොල කැද භාවිතය (හීන් බොවිටියා, මොනරකුඩුම්බිය)
ක්‍රියාකාරකම් 🔈🔈🔈🔈🔈🔈🔈
1. දිනකට පැය භාගයක් දහඩිය දමන තෙක් ව්‍යායාමය .
2. යෝග අබ්‍යාසය.
නොකල යුතු දෑ 🔈🔈🔈🔈🔈🔈🔈
ආහාර
1. අදික තෙල්, සීනි හා රසකාරක යෙදූ ආහාර .
2. සෝයා භාවිතය
3. අදික උශ්න ආහාර .
4. කෙසෙල් වැනි කැලරි බහුල ආහාර.
5. හෝමෝන ගසන ලද කුකුලු මස් හා තෙල් බහුල මස් වර්ග.
මෙවැනි ලිපියක් කියවා මෙවැනි රෝග ලක්ශන හා තමන්ගේ රෝග ලක්ශන සන්සන්දනය කර තමන්ට රෝගය ඇතැයි අනුමාන කර මෙවැනි ලිපි වල ඇති අත් බෙහෙත් කිරීමෙන් වලකින්න. යම් සැකයක් මතු වේ නම් ප්‍රතිකාරය සදහා යොමු වන්න. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පුද්ගලයා අනුව චිකිත්සාව /ප්‍රතිකාරය වෙනස් වේ. ඒ සදහා විශිශ්ට ක්‍රම වේදයක් ඇත.එනිසා සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වෙත යොමු වන්න.
විමසීම්,
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීන කටු චිකිත්සාව
කොට්ටාව,පිලියන්දල .
දු.අ. 0774625289

අවබාහු (frozen shoulder / adhesive capsulitis )ඔබත් අත ඉහලට එසැවීමේ පීඩාවෙන් පෙලෙනවාද?අත පිටුපසට හැරවීමට අපහසු ද?එදිනෙදා...
17/08/2023

අවබාහු (frozen shoulder / adhesive capsulitis )
ඔබත් අත ඉහලට එසැවීමේ පීඩාවෙන් පෙලෙනවාද?
අත පිටුපසට හැරවීමට අපහසු ද?
එදිනෙදා ඇදුම් පැලදුම් මාරු කිරීමට අපහසු ද?
හිස පීරීම වැනි එදිනෙදා වැඩකටයුතු කිරීමේදී එක් අතක් අදිකව පීඩාවට පත් වනවාද? 🤔🤔🤔🤔🤔🤔🤔
ඔබේ පිළිතුර " ඔව්" නම් ඔබත් මෙම රෝගයෙන් පීඩා විදිනවා විය හැක. මෙම රෝගි තත්වය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අවබාහු ලෙස හදුන්වන අතර නව්‍යව මෙයට Frozen shoulder හෙවත් adhesive capsulitis යන නාමයෙන් හදුන්වනවා . වර්තමානයේදී මෙය තරුන මහළු භේදයක් නොමැතිව ඇති උවත් ප්‍රභලව දැකිය හැක්කේ වයස 40 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ වන අතර එයිනුත් කාන්තා පාර්ශවය ප්‍රමුඛ වේ.
👉👉බටහිර විද්‍යාත්මකව මේ රෝගය ගැන සරලව හැදින්වීමක් කලොත් එය උරහිස ආශ්‍රිතව ඇති ශක්තිමත් සම්බන්දක පටක ආසාදනය වීම හා ඒ ආශ්‍රිතව තද වේදනාව (pain) හා තද ගතියක් ( stiffness ) ඇති වීමයි.මෙහිදී සාමාන්‍යයෙන් උරහිස ආශ්‍රිතව සිදුවන චලනයන් සීමාකාරී වීම සිදු වේ.
👉👉ආයුර්වේද මතය වන්නේ අදාල හේතූන්ගෙන් කුපිත වූ වාත හා කඵ දෝශ උරහිස ආශ්‍රිතව සිරා (ස්නායු, පේශි, කන්ඩරා )සන්කෝචනය කර අවබාහු රෝගය ඇති කරන බවයි. ඇතැම් විට ආම වාත ජ්වරය නිසා ඇතිවන ප්‍රදාහික තත්වය නිසාද මෙය ඇති විය හැකි බව දක්වා තිබෙනවා .
👉👉මෙයට බලපාන හේතු තිබෙනවාද 🤔🤔🤔
ඇතැම් රෝග ඇතිවීමට නිශ්චිතවම කිව හැකි හේතුවක් නොමැත. මෙයත් එවැනිම තත්වයක් උවත් උරහිස් සන්දියේ ප්‍රදාහය ඇති වීමට බලපාන කරුණු ඇත.
1) රුධිර ගත සීනි මට්ටම වැඩි වීම. නිරෝගී පුද්ගලයාට වඩා මොවුනට තුන්ගුණයක පමණ සම්භාවිතාවයක් ඇත.
2) රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම.
3) හෝමෝන ආශ්‍රිතව ගැටලු ( තයිරොක්සින් ග්‍රන්ථිය ආශ්‍රිත )
4) ශල්‍ය කර්ම හෝ තරමක් ලොකු තුවාල/ අස්ථි බිදීමක් හේතුවෙන් දිගු කලක් උරහිස අකර්මණ්‍යව පැවතීම.
🔊🔊 මේ සදහා අවදානම් සාදක මොනවාද ?
👉 වයස ~ අවු 40 ත් 60 ත් අතර කාන්ඩය
👉 ස්ත්‍රි පුරුෂ භාවය ~ මෙයින් 70% කාන්තාවන්‍ ය
👉 මෑත කාලීනව සිදු වූ තැලීම් වැටීම් ශල්‍ය කර්ම.
මෙම තත්වයට බලපාන අවදානම් වෙනත් රෝග මොනවාද 🤔🤔
👉 දියවැඩියාව
👉 ආඝාතය (stroke)
👉 කම්ප වාත ( parkinson disease )
👍 හෘද රෝග ( cardiovascular disease )
රෝග ලකෂණ මොනවාද 🤔🤔🤔🤔🤔🤔
මෙම රෝගයේ රෝග ලක්ෂණ කාන්ඩ තුනකට නව්‍යව ඉදිරිපත් කරයි. 🔔🔔🔔🔔🔔🔔
1) freezing stage - වේදනාව ක්‍රමයෙන් වැඩි වේ. චලනයේදී වඩාත් තද බවක් දැනේ. රාත්‍රියේදී තදබල ලෙස පීඩාවක් දැනේ. සති 6 සිට මාස 9ක කාලයක් මෙම තත්වය පවතී.
2) Frozen stage - වේදනාව තව දුරටත් වර්දනය නොවේ. මෙහිදී යම් ප්‍රමාණයක් වේදනාව අඩු විය හැක. තද ගතිය තව දුරටත් පවතී. චලනයන් සීමා විට හැක. මෙම තත්වය සති 4 සිට මාස 6ක පමන කාලයක් පවතී.
3) Tawing stage - චලනයන් සාමාන්‍ය මට්ටමට පත් වේ. චලනය අපහසුවකින් තොරව සිදු වේ. ඇතැම් අවස්තා වල වේදනාව දැකිය හැක. නමුත් වේදනාව දුරුව ගොස් ඇත. මෙය මාස 6ත් අවු 2ක දක්වා කාලයක් පැවැතිය හැක.
👉👉 ඔබට දැනෙන අනෙකුත් අපහසුතා මොනවාද ? 🤔🤔🤔🤔
🔈 ගෙල දෙසට ඇතිවන වේදනාව .
🔈 චලනයන් සිදුවන විට උරහිස සන්දිය තදින් වෙලන්නාක් මෙන් දැනෙන වේදනාව .
🔈 උරහිස ස්පර්ශයේදී ඇතිවන වේදනාව .
🔈 අත උරහිස සන්දියෙන් ඉහලට ඔසවන විට,කරකවවන විට, පසුපසට ගැනීමේදී ඇතිවන අපහසුව හා වේදනාව .
🔈 කොන්ඩය පීරීම , ඇදුම් පැලදුම් මාරු කිරීම වැනි දෛනික ක්‍රියා වල අපහසුව.
මෙම තත්වයට ප්‍රතිකාර තිබෙනවාද 🤔🤔🤔🤔🤔🤔🤔🤔
මේ සදහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද චිකිත්සා පද්ධතියක් ඇත. ඔබ ආයුර්වේද වෛද්‍ය වරයකු වෙත යොමු විය යුත්තේ ඒ නිසාවෙනි.( ක්‍රමවේදය පසුවට දක්වා ඇත)
රෝගය හදුනා ගන්නා ක්‍රම තිබෙනවාද ? 🤔🤔🤔🤔🤔🤔🤔
රෝග විනිශ්චය සදහා බොහෝ විට සායනික පරික්ශාව පමනක් ප්‍රමානවත් වන නමුත් මෙම ලක්ශණ ම දැකිය හැකි වෙනත් අවස්තාත් දකින්නට පුලුවන්. එනම්,
🔈 Subacromial bursitis
🔈Calcific tendinitis
🔈 Rotator cuff tear
🔈 Osteoarthritis
වැනි තත්ව. මේ නිසා ඇතැම් අවස්තා වල x ray, MRI, USS වැනි පරීක්ෂණ වල සහය ලබා ගත යුතු වෙනවා. නමුත් සරලව මෙම අවබාහු තත්වය රෝගියාගේ අදාල බාහුවේ,
ශක්තිය
නම්‍යතාව
චලන
පරික්ශා කර බලා හදුනාගත හැක.
මේ සදහා ප්‍රතිකාර මොනවාද 🤔🤔🤔🤔🤔🤔🤔🤔
මුලින් සදහන් කල ලෙස මේ සදහා ඉතා විශිශ්ට ආයුර්වේද චිකිත්සා පද්ධතියක් තිබෙනවා. වෛද්‍යවරුන් විසින් රෝගය පරික්ශා කර බලා රෝගියාගේ ශරීර ප්‍රකෘර්තිය , රෝගයේ ස්වරූපය නිර්නය කර අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාර නිර්දේශ කරනු ලබනවා. මෙහිදී ගොඩක් රෝගීන් සිතන්නේ තෛල අභ්‍යන්ගයෙන් සහ පත්තු දැමීම වැනි භාහිර ප්‍රතිකර්ම වලින් පමනක් රෝගය සුවපත් වනවා ඇති බවටය. ඇත්තෙන්ම එය වැරදියි. රෝගියාගේ වේදනාව සහ දෝශ තත්ව ශමනය වීම සදහා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අභ්‍යන්තර ඖෂධ ලබාදිම සිදු කරනු ලබනවා. යොදන බාහිර ඖෂධත් නිසි අයුරින් රෝගය සහ රෝගියාගේ ස්වබාවය අනුව වෙනස් වනු ලබනවා. කටු චිකිත්සාවත් මෙම ප්‍රතිකාර අතරතුර යොදන ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. රෝග ලක්ශන කිවු පමනින්ම තමන් රෝග නිර්නය කරගෙන ,මෙවැනිම රෝග ලක්ශන ඇති පුද්ගලයකුට ලබා දුන් ඖෂධ භාවිතා නොකරන්න. මන්ද එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රතිකාරය වෙනස් වන බැවිනි.
මෙම තත්වය ඇති ඔබ නොකල යුතු දෑ👉👉👉👉👉
👍නිවැරදි ඉරියව් වල ශරීරය පවත්වා ගැනීම.
👍පේශී අදික ලෙස ඇදෙන ව්‍යායාම වල නොයෙදී ම.
👍රාත්‍රි කාලයේ ස්නානයෙන් වැලකීම.
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය
කොට්ටාව,පිලියන්දල.
විමසීම් 0774625289

17/08/2023
අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?😱😱😱😱මාතෘකාව දැකපු ගමං ගසපු brand එක අහන්න හිතුන නේද..? 🤗🤗🤗 තාම අවුරැද්ද...
17/08/2023

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?😱😱😱😱
මාතෘකාව දැකපු ගමං ගසපු brand එක අහන්න හිතුන නේද..? 🤗🤗🤗 තාම අවුරැද්දට සෙට් උනේ නෑ...හැබැයි මේ සීන් එක ගැන කියෙවුවට පස්සෙ නං නිකම්ම බාගෙක විතර වෙරි....🙄🙄🙄
අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නව (5g micro plastic තමයි ATM card එකකට සමාන කරල තියන්නෙ)...Australia වෙ මෑතක කරපු පර්යේෂණයකින් ආව දත්ත වලට අනුව තමයි ඒ....කාරණා බලද්දි ලංකාවෙ හැටියට ඒක බැංකු කාඩ් එකේ ඉඳං පොඩි ප්ලාස්ටික් බේසමක් වගේ වෙන්න උනත් පුළුවං සමහරක් එවුංගෙ චර්යාවෙ විදිහට..🤗🤗
දැං මේ විදිහට ප්ලාස්ටික්‍ අපි ඇඟට දාගන්නෙ plastic micro particles කියන ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර අංශු හැටියට..මේවයින් ඇඟට වෙන හානිය සුළුපටු නෑ...නොම්බර එකේ පිලිකා කාරකයක් වගේම තාම හොයා නොගත්ත ලෙඩරෝග ගොඩකට මේ plastic micro particles වග කියනව...ඇඟේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්නත් සෘජුවම බලපානව...
දැං බලමු මේව කොහොමද අපේ ඇඟට එන්නෙ, එහෙම නැත්තං කොහොමද අපි ගේමක් නැතුව ප්ලාස්ටික් කන්නෙ කියල...
1. Bottled water - වැඩිම ප්‍රමානයක් එන්නෙ මේකෙං තමයි...හුඟක් ප්ලාස්ටික් බෝතල් එක පාරක් විතරක් පාවිච්චි කරල විසිකරන්න හදපුවනෙ (disposable).. ලාබෙ වැඩිම කරගන්න නං ප්‍රමිතිය අඩු ප්ලාස්ටික් තමයි ගන්න වෙන්නෙ...ඒකෙදිත් බෝතලේ හැදුන ගමං උණු උණුවෙම ඒකට වතුර පිරවෙනව හුඟක් නිෂ්පාදනාගාර වල..ඊට පස්සෙ මාස ගානක් තිබිල තමයි අපේ අතට එන්නෙ..මේ බෝතල් ඉරඑලියට නිරාවරණය උනාම ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම තවත් වැඩියි...natural spring water කියල උල්පත් වල ෆොටෝ දාල තිබුනට micro plastic මිශ්‍රණයක් තමයි අපි බොන්නෙ...
2. ආහාර ඇසුරැම් - මේකනං ඉතිං කෙලවරක් නෑ...බත් කොලේ ඉඳං take away boxes, කෑම ගෙනියන පෙට්ටි, රෙජිෆෝම් පෙට්ටි වගේ ජාති තොගයක් තියනව...රත් වෙච්ච කෑම දැම්මම මේ ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම ඩබල් වෙනව...ප්ලාස්ටික් අසුරන එක්ක microwave කරන එකනං මාරාන්තිකයි කියල කියන්නෙ දැං...ප්ලාස්ටික් බෝතල්වල දාල තියන බීම ජාති (soft drinks, juices, yoghurt, ice cream, etc) වලත් සැලකිය යුතු micro plastic තොගයක් තියනව..මීට අමතරව tea bags අලවන්න ගන්න ප්ලාස්ටික් මිශ්‍ර මැලියම් උණුවතුර එක්ක පෙඟිල එද්දි, ටින් කෑම වලදි (සැමන් වගේ) කෑන් එක ඇතුලෙ ගාලා තියන තුනී plastic තට්ටුවෙන් කෑම වලට එකතු වෙන ප්‍රමාණ, ප්ලාස්ටික් ජෝගු වල වතුර උණු කරද්දි, plastic බෝතල් වල දාපු විනාකිරි, පොල්තෙල්, සෝස් වර්ග, .......මේ ලැයිස්තුවෙ කෙලවරක් නෑ...
3. අවකාශයේ තියන micro plastics - අළුත් වාහනේකට නැග්ගම එන සුවඳ, අළුත් ප්ලාස්ටික් බඩුමුට්ටු වල සුවඳ , පාරෙ යද්දි එන සුවඳවල්...මේ සේරම අර කියන අංශු තමයි නහය හරහා ඇඟට ඇතුළුවෙන...ඇඳුම් වලින් නිකුත් වෙන, අනෙකුත් ගෙදර පාවිච්චි කරන බඩු වලින් නිකුත් වෙන ප්ලාස්ටික් අංශු වලින් පිරැන අවකාශයක අපි ඉන්නෙ..මේ අංශු නහයෙන් වගේම කන බොන කෑම වල තැවරීමෙනුත් ඇඟට ඇතුල් වෙනව..
4. Salt and sea food - ලුණු සහ මුහුදු මාළු, ඉස්සො, දැල්ලො හරහා micro plastics එන්නෙ කොහොමද...? මුහුද කියන්නෙ plastic සහ polythene අපද්‍රව්‍ය වලින් දරැණුවටම දූෂණය වෙච්ච තැනක්නෙ...ලංකාව වටේට තියන මුහුදත් ඒකෙ අංක එකේ දූෂිත තැනක ඉන්නව...මුහුදු වතුරෙන් හදන ලුණු වල ප්ලාස්ටික් අංශු බහුලයි...මුහුදෙන් එන ආහාර වලත් ඒ වගේම තමයි...
මේ තියන්නෙ ප්‍රධානවම ප්ලාස්ටික් අංශු අපේ ඇඟ ඇතුලට රිංගන විදි කීපයක්..මීට අමතරව තමං කරන රස්සාව අනුව, දවස ගෙවන විදිහ අනුව මේ ප්‍රමාණ අඩු වැඩි වෙන්න පුළුවං...මේ හැම දේකින්ම මිදිල කැලෑවක ජීවත් වෙන්නත් බැහැනෙ...දැං බලමු ප්ලාස්ටික් අනුභවය අඩුම කරගන්න පුළුවං විදි ටිකක්...
- Plastic වතුර බෝතල් පාවිච්චිය අවම කරන්න...වීදුරැ/ලෝහ බෝතලේක වතුර ගෙනියන්න...
- Plastic බෝතල්වල දාපු බීම වර්ග බොන්නත් එපා...සීනි නිසා කොහොමත් හොඳ නෑ..බොන්නම ඕනෙ නං වීදුරැ බෝතලේක දාපුව බොන්න..
- වතුර රත් කරද්දි නං plastic භාජන ගන්නම එපා
- කෑම දාද්දි පුළුවං තරං වීදුරැ/ceramic/ලෝහ භාජනම පාවිච්චි කරන්න...ප්ලාස්ටික් ඇසුරැම් වල microwave කරන එක තරං භයානක වැඩක් තවත් නෑ..
- ගෙදරදොරේ පාවිච්චියටත් පුළුවං තරං අඩු plastic ප්‍රමාණයක් ගන්න...plastic කෙඳි වලින් හදපු ඇඳුම් වෙනුවට කපු ඇඳුම් අඳින්න පුළුවංනං..ඇඳුම් වලින් අපේ හුස්මට එකතු වෙන අංශු තමයි වැඩි...
- පුළුවං හැම වෙලාවෙම fasting පාරක් දාන්න...පැය 16/18/20 වගේ නං වඩා හොඳයි...fasting period එකේදි ඇඟ ඇතුලෙ සිද්දවෙන විෂ හරණය (detoxification) නිසා micro plastic සෑහෙන්න ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්..
- Cruciferous කුලයේ එලවළු (ගෝවා, broccoli , රාබු, නෝකෝල්) වලින් ඇඟ ඇතුලට එන කුනුකන්දල් පවිත්‍ර කිරීමක් කරනව...මේ එලවළු ජාති වැඩිපුර කෑමට එකතු කරගන්නත් පුළුවං...
- මුහුදු ලුණු (sea salt) වෙනුවට නිධි වලින් එන ලුණු (rock salt) පාවිච්චි කරන්න පුළුවං..හැබැයි මේක හැමෝටම ප්‍රායෝගික නෑ...මුහුදු මාළු වලට වඩා ඉස්සො, දැල්ලො, oyster වගේ කෑමවල තමයි plastic අංශු වැඩි...ඒත් අපිට තියන විකල්ප සීමිතයි...
අන්තිමටම කියන්න තියන්නෙ අපි සේරම ජීවත් වෙන්නෙ අම්බානට දූෂිත චාටර් ලෝකෙක..සුඛෝපභෝගී ගෙදරක, වාහනේක ඇතුලට වෙලා හිටියට අපිට ඒකෙන් මිදෙන්න බෑ...හුස්ම ගන්නෙ කන්නෙ බොන්නෙ ප්ලාස්ටික් ලෝකයක්...ඇහැට පේන්නෙ නැති කම විතරයි...ඇල් වතුරත් නිවල බොන, පට්ටෙට සෞඛ්‍ය සම්පන්නයි කියල හිතං ඉන්න එවුං පිලිකා රෝහල් ඇතුලට යන්නෙ මේ දේවල් නිසා තමයි...අපි ලඟම තියන හුඟක් අනතුරැ අපි දන්නෙ නෑ..මේ එකක් විතරයි...මේකෙ භයානක කම අපි හිතනවට වඩා හුඟක් වැඩියි..
ප්ලාස්ටික් අපේ ජීවිත වෙලාගෙන තියන තරමට සම්පූර්ණ ගැලවීමක් නෑ... කලිං පෝස්ට් වල වගේ දෙන්න පුළුවං strong recommendations මේකෙදි මගේ ලඟ නෑ...පට්ට අසරණයි...පුළුවං ගානකට පරිස්සං වෙමු...😌😌...මට මෙතන අහුඋනේ නැති දේවල් දන්නවනං බෙදාගන්න...👊🏾👊🏾👊🏾
උපුටාගන්නා ලදී

බොහෝ දෙනෙක් පීඩා වන ආතරයිටිස් හෙවත් සන්ධිගත වාතය....🌏🌏🌏🌏🌏අතීතයේ මහලු අයට පමනක් සුලබ රෝගයක් වන මෙය දැන් දැන් තරුන අය අතරත...
17/08/2023

බොහෝ දෙනෙක් පීඩා වන ආතරයිටිස් හෙවත් සන්ධිගත වාතය....🌏🌏🌏🌏🌏
අතීතයේ මහලු අයට පමනක් සුලබ රෝගයක් වන මෙය දැන් දැන් තරුන අය අතරත් සුලබ රෝගයක් බවට පත්වෙලා. මේ අතුරින් ඇතැම් අය මේක හුදෙක් වාත අමාරුවක් කියල හිතාගෙන ඒ අවස්තාවට පමනක් වේදනා නාශක , යම් ආලේපනයක් භාවිතා කරලා ඒ අවස්තාවට පමනක් සුවයක් ලබල හිටියත් කාලයක් යද්දි ලෙඩේ බොහොම උග්‍ර අතට හැරිලා තිබෙන අවස්තා තියෙනවා.👈👈👈👈
ඇගිලි දිගහැරීමට අපහසුව
ඇවිදීමට අපහසුව
වාඩිවී සිට නැගිටගැනීමේ අපහසුව
ආදී අපහසුතා ඇති වෙද්දි ඒ සදහා ප්‍රතිකාර ගැනීමට පෙලඹීම වර්තමානයේදී බහුලව සිදුවෙන දෙයක්.
ආතරයිටිස් හෙවත් සන්දිගත වාත රෝගයේදී ආයුර්වේද මතය අනුව සිදු වන්නේ වාතය සන්දි ස්තාන කරා ආක්‍රමනය වී සන්දි නැවීමේදී සහ දිග හැරීමේදී අදික වේදනාවක් ඇති වීමයි. ඇතැම් ස්තාන වල මද ඉදිමුමක් ද දකින්නට පුලුවන්.
මේවාට අමතරව ලක්ෂණ මොනවද????? 🤔🤔🤔🤔🤔
සන්දි වල මටසිලිටි භාවය අඩු වීම..
සන්දි දිරා යෑම
ඇවිදීමේදි සන්දි වලින් ඇති වන ශබ්දය
වේදනාව සහිතව කාලයක් ඇවිදීමේදි අස්ති විකුර්තිතාවයක් හට ගනි.🔉🔉🔉🔉🔉🔉🔉🔉
මෙම රෝගි තත්වයට හේතු තිබෙනවාද 🤔🤔🤔🤔🤔🤔🤔
අදිකව සිටගෙන සිටීම...
ශරීරයේ බර අදිකව වැඩි වීම
ඇතැමුන්ගේ උෂ්න අදික ආහාර රටාව
ආදී බොහෝ කරුනු බලපානු ලබයි.
රෝග ලක්ෂන සහ හේතු කිව් පමනින්ම රෝග නිර්නය කිරීමටත් වෙන කෙනෙක් සදහා නිර්දේශ කරන ඖෂධ භාවිතා කිරීමටත් අද බොහෝ රෝගීන් පෙලබෙනවා. නමුත් මෙය අතිශයින්ම වැරදි දෙයක්.මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී පුද්ගලයාට අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් වීම සුවිශේශී දෙයක්... 👍👍👍👍
සුවකල නොහැකි යැයි පවසන මෙම රෝගය ආයුර්වේද ඖෂධ මගින් විශ්මිත ආකාරයෙන් සුවකරනේත් මෙම සුවිශේශී ප්‍රතිකාර රටාව නිසායි..
ප්‍රතිකාර නොකලොත් සන්දි අතර ඇති කාටිලේජ කොටස් ගෙවී ගොස් එම සන්දි කෙටීමකට ලක් විය හැකියි. එය ඉතා අපහසුවෙන් සුව වන හෝ සුව නොවන මට්ටමේ අවස්තාවකි..
මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර මොනවද ??🤔🤔🤔🤔
අභ්‍යන්තර ඖෂධ ලෙස විවිද කශාය වර්ග සහ , චූර්ණ ,ගුලි ,කල්ක ලබා දෙන්නේ වේදනා ශමනයට පමනක් නොව රෝග නිවාරනය සදහාය. බොහෝ දෙනෙක් සිතන්නේ තෙල් ගෑමෙන් සහ පත්තු බැදීමෙන් පමනක් හොද වෙනවාය යන්නය..නමුත් ඇත්තෙන්ම භාහිර ප්‍රතිකාර පමනක් ගෙන සිටියොත් එය හුදෙක් බටහිර වෛද්‍ය ක්‍රමයේ වේදනා නාශක ලබාගෙන සිටිනවා වැනි ක්‍රියාවලියක් ය. ඔබට රෝගයෙන් මිදීමට අවශ්‍ය නම් ඔබ අභ්‍යන්තර සහ භාහිර ප්‍රතිකාර දෙවර්ගයම වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතුය.
ඔබේ ගැටලු විමසන්න.
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය
කොට්‌ටාව,පිලියන්දල
0774625289

මාස තුන සම්පූර්ණ නොවූ ගර්භනී මවුවරුන් සඳහා  බහුල ලෙස කොත්තමල්ලි පානය  අහිතකර  වනුයේ මන්දැයි ආයුර්වේදාත්මකව සහ  නව්‍ය විද...
26/06/2023

මාස තුන සම්පූර්ණ නොවූ ගර්භනී මවුවරුන් සඳහා බහුල ලෙස කොත්තමල්ලි පානය අහිතකර වනුයේ මන්දැයි ආයුර්වේදාත්මකව සහ නව්‍ය විද්‍යාත්මක විවරණය
==========================================
මෙම ලිපිය ආරම්භයේදීම විශේෂයෙන් මෙම මාතෘකාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම් ඉතාමත්ම වැදගත්ය. එනම් ඉහත සදහන් කරනුයේ මාස තුන සම්පූර්ණ නොවූ ගර්භණීන් පිළිබඳව පමණක් බව අවධාරණය කරමි.
මන්දයත් මෙම ලිපියේ අන්තර්ගත කරුනු ගර්භණී වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට, මදසරුභාවයට ප්‍රතිකාර කරන කාන්තාවන්ට හෝ කිසියම් වූ කාන්තා රෝගයකින් පෙළෙන කාන්තාවකට හෝ ළදරුවකුට හෝ පුරුෂයකුට හෝ කොත්තමල්ලි භාවිතයේ දී අදාල නොවන බව ඉතාමත් සරලව පැහැදිලිව දන්වා සිටිමි.
ආයුර්වේදාත්මකව කොත්තමල්ලි දිව ඖෂධයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කොත්තමල්ලිවල ගුණ සහ එහි වටිනාකම් සහ එහි රෝග සුවකිරීමේ හැකියාව පිළිබඳ කිසිදු මතවාදයක් හෝ තර්කයක් නොමැත.
අප සමාජය තුළ කාලෙන් කාලයට රෝග සුවකරගැනීමේ අපේක්ෂාවෙන් ඖෂධයක් හොඳයි යැයි කිවූ පමණින් ආයුර්වේද වෛද්‍ය නිර්දේශයකින් තොරව ඒකීය ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස අවභාවිතය සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස කොතල හිඹුටු, කරවිල, වල් කොත්තමල්ලි දියවැඩියාවට යෝග්‍ය යයි සමාජගත වූ විට මිනිසුන් දිනපතා අනවශ්‍ය ලෙස භාවිතයට යොමුවිය. කාලානුරූපීව සමාජයෙන් මතු වු මෙම තත්ත්වයන් හේතු කොට ගෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට වු පරිහානිය බොහෝය. කොතල හිඹුටු, කරවිල, වල් කොත්තමල්ලි වල ඇති ඖෂධීය ගුණ පිළිබද කිසිදු තර්කයක් නොමැත ගැටළුව ඇත්තේ සමාජ ගතවු ආකාරය හා අවභාවිතය තුළය..
වර්තමානයේද කෝවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන මිනිසුන් දේශීය ඖෂධ යයි හදුන්වා ගත් පැණි හා පාන වර්ග වෙනුවෙන් රැවටීම් වු වාර ගනන බොහෝය. වර්තමානයේ කෝවිඩ් වසංගත රෝග තත්ත්වය හමුවේ අධික ලෙස වෛද්‍ය නිර් දේශයෙන් තොරව ගර්භණි කාන්තාවන් කොත්තමල්ලි අවභාවිතය කිරීම සිදුවෙමින් පවතී. මේ පිළිබඳව විශේෂයෙන්ම මාස තුන නොඉක්මවූ ගර්භණී මව්වරුන් දැනුවත් කිරීම ආයුර්වේද කේෂත්‍රයේ කාන්තා රෝග හා ප්‍රසව වේදය පිළිබඳව විශේෂඥතාවයක් ලබාගත් වෛද්‍යවරියක් විදිහට සමාජ වගකීමක් යැයි අපේක්ෂා කරමි.
මක්නිසාදයත් මෙම මාස 3 නොපිරිනු ( CONCEPTION TO BEFORE 12 WEEK) ගර්භණීන් ඉතාමත්ම අවදානම් කාණ්ඩයක් බැවින් ආයුර්වේද ඖෂධ ලබාදීමේදී සුදුදුකම් ලත් වෛද්‍ය නිර්දේශය අත්‍ය අවශ්‍ය වන බව නැවතත් අවධාරණය කරමි. මෙම අවදානම් තත්වය දෙතුන් ගුණයකින් වැඩි වනුයේ අද සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන
1. අවුරුදු 35 ඉක්මවු පළමු දරුප්‍රසවය සදහා සුදානම්වන මවිවරුය.( ELDERLY PRIM GRAVIDA)
2. මදසරුභාවය සඳහා දීර්ඝ කාලයක් ආයුර්වේද හා බටහිර ප්‍රතිකාර වලින් පසු පිළසිදගත් මව්වරු
3. කෘතීම තැම්පත් කීරීම් වලින් පසු පළමු වර හෝ වාර 5/6 පසු පිළසිද ගත් මව්වරු ( AFTER IUI & IVF)
4. වෙනත් හෝමෝන අසමතුළිතාවයන් හෝ කාලීන රෝගාබාධ වලින් පෙලෙන මව්වරු නිසාය. සමාජ ගත කිරිමේදී මෙම සැවොම සමාජය නියෝජනය කරන බව මතකයේ තබා ගත යුතුය.
විශේෂයෙන් ම අවදානම් තත්ත්වයේ ගර්භණීභාවය ලබාගත් ගර්භනී මවක් මුල් මාස තුනක කාලය ඉතාමත්ම අවදානමෙන් ගත කෙරෙනු ලබයි. එම නිසා මෙවැනි වසංගත තත්වයක් තුළ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරු වගකීමෙන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විද්‍යාත්මක බැවින් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදේශනය විය යුත්තේ නිවැරදි දේ සමාජයට හෙළි කිරීම මිස අඳුරේ ප්‍රතිකාර කිරීම නොවන්නේය. සමාජය දැනුවත් කිරීම සමාජ බිය ගැන්වීමක් නොවන බව ගර්භණී මව්වරුන්ට සත්‍ය වශයෙන් ප්‍රතිකාර කර විට අපි ප්‍රායෝගිකව අත්විදිමු.
ආයුර්වේද විද්‍යාව තුළ ගර්භණී සමයේ ගත යුතු ආහාර. විහරණ (මාසානු මාසික පරිචර්යා ) වලින් ඔබ්බට ගිය ගැබෙහි හා මවගේ ප්‍රකිශක්තිය වර්ධනය කරන ඖෂධ ගැබිණියට දිය යුතු ඖෂධ නොදිය යුතු ඖෂධ , ගර්භය රැක ගැනීම සඳහා දිය යුතු ඖෂධ, ගර්භචලනයක්, ගර්භස්‍රාවයක් හෝ ගර්භපාතනයක් (MISCURRAGE ) සිදුවු අවස්ථාවක දිය යුතු ඖෂධ, ගර්භණී සමයේ ඇතිවන රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලෙස දිය යුතු ඖෂධ නොදිය යුතු ඖෂධ, දරු ප්‍රසවය පහසු කරවමින් (සුඛ ප්‍රසවයක්) සදහා වු ප්‍රතිකාර, අපරාපාතනය ( EXPULSION OF PLACENTA) සදහා වු ඖෂධ, මූඩ ගර්භ අවස්ථාවේ දියයුතු ඖෂධ,දරු ප්‍රසවයෙන් පසු ( සූතිකා ) දිය හැකි ඖෂධ , සූතිකා අවස්ථාවේ ඇතිවන රෝග තත්වයන් සදහා භාවිතා කළ යුතු ඖෂධ ඉතාමත්ම සූක්ෂමව ගැඹුරු විද්‍යාත්මක පදනමක් මත ආයුර්වේද ග්‍රන්ථ තුළ මොනවට පැහැදිලි කරනු ලබයි.
ආයුර්වේදයට අනුව ගර්භණී මවක ප්‍රධාන වශයෙන් ද්‍රව, මධුුර රස, ශීත වීර්යය, ස්නිග්ධ, ජීවනීය, ප්‍රජාස්ථාපන ඖෂධ භාවිතා කළ යුතු බව අප සැම දන්නා කරුණකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරූ සියලුම දෙනා හොඳින් දන්නා කරුනක් වනුයේ විශේෂයෙන්ම ගර්භණී අවධියේ තුළ නොගත යුතු ඖෂධ රාශියකි. මුල් කාලය (EARLY PREGNANCY) මේ අතරින් විශේෂය. මක්නිසාද යත් මෙම කාලය අසංජාත සාර හා ආම ගර්භ අවස්ථාවේ පවතින බැවිනි.
ආයුර්වේදයේ ගර්භණී කාලය තුල නොගතයුතු ඖෂධ රාශියක් ( වචා/හිංගු/ලාංගලී/කුෂ්ඨා ) ඇතත් කොත්තමල්ලි වාර්තා කිරීමට සිදුවී ඇත්තේ වසංගත රෝග හේතුවෙන් ගර්භනී මව්වරුන් අතර අවභාවිතය වීම හේතුවෙනි.
ආයුර්වේද මුලික ග්‍රන්ථ විශ්ලේෂණය කර බැලීමේදී ධාන්‍යක හෙවත් කොත්තමල්ලි බහුල ලෙස භාවිතා කර ඇත්තේ සූතිකා අවස්ථාවේදී එනම් දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාවේදීය.
කොත්තමල්ලි විශේෂයෙන් සාමාන්‍ය ජ්වර (උණ) චිකිත්සාවේදී ප්‍රධාන ස්ථානයක් උසුලයි- නමුත් විශේෂෙන්ම කාශ්‍යප සංහිතාවේ දී ආචාර්ය කාශ්‍යප මුල් මාස තුනේ දී ගර්භනී ජ්වරයේදී කිසිදු ඖෂධයක් ලබා නොදිය යුතු බවත් එහිදී කැඳ වර්ග පමණක් යොදාගතයුතු බවත් දක්වා ඇත. වෘහත්‍රයේද ගර්භනී ජ්වරයේදී කොත්තමල්ලි පිළිබද සදහනක් නොමැත.
එලෙසම හාරිත හා යෝගරත්නාකරයේ මාසානුමාසික ගර්භ චලන (THREATEN ABORTION AND EXCESSIVE QUIVERING) ප්‍රතිකාර දක්වා ඇති අතර ඇතිවන ජ්වර හා තෘෂ්ණා වලදී කිසිම අවස්ථාවක කොත්තමල්ලි (උෂ්ණ වීර්යය /ජ්වරඝ්න/ තෘෂ්ණා ප්‍රසමන) භවිතාකර නොමැත. මෙහිදි සැවැන්දරා, චන්දන, නාගකේෂර ගිතෙල් වැනි ඖෂධ භාවිතා කල යුතු බව දක්වයි‍.
නමුත් මූලික ආයුර්වේද ග්‍රන්ථයන්හි දරු ප්‍රසවයෙන් පසු සියළු සූතිකා රෝග හා සූතිකා ජ්වරය සදහා භාවප්‍රකාශයේ එන දේවදාර්ව්‍යාදී කෂාය සුදුසු බව දක්වා ඇති අතර කොත්තමල්ලි හා අනෙකුත් ගර්භණී අවස්ථාවේ නොදෙන ඖෂධ අඩංගු වෙි.
අෂ්ටාංග හෘදයේ හා අෂ්ටාංග සංග්‍රහයේ කොත්තමල්ලි විශේෂයෙන් ඉතා බහුල වශයෙන් දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මක්කල්ල ශූලයේදී (SPASMODIC CONTRACTION OF UTERUS IN OBSTRUCT LABOUR CAUSE TO MAKKALLA SHULA) හා ආචාර්යය සුශ්‍රැත ගර්භ මක්කලයේදී (IRREGULAR UTERINE CONTRACTION IN OBSTRUCT LABOR) කොත්තමල්ලි , ත්‍රිකටු හා පුරාණ ගුඩ සමග හෝ කොත්තමල්ලි තැම්බු වතුර ත්‍රිකටු , ත්‍රිජත සමග යෙදිය යුතු බව දක්වා ඇත. භාව ප්‍රකාශයේ ද මෙම යෝග දක්වයි.
ධනවන්තරී නිඝණ්ඩුවේ ශතපුෂ්පාදී වර්ග යටතේත් රාජ නිඝණ්ඩුවේ පිප්පල්‍යාදී වර්ග යටතේත් කොත්තමල්ලි දක්වා ඇත. සූතිකා අවස්ථාවේ කැඳ මෙම ගණවල ද්‍රව්‍යයන්ගෙන් පිළියෙල කල යුතුබව ග්‍රන්ථ වල දක්වා ඇත. එමෙන්ම අපරා පාතනය නිසි නිසියාකාරව සිදු නොවන අවස්ථාවලදී සහ වැදහමහ ගර්භාෂය තුළ රැඳුණු අවස්ථාවලදී RETAINED PLACENTA) භාවිතා කරනු ලබන යෝගවලදී කුස්තුරුම්බු හෙවත් කොත්තමල්ලි දක්වා ඇත.
කෂ්ඨආර්තව (DYSMENORRHEA) අපහසුවෙන් වේදනාකාරීව ඔසප් සිදුවීම ආයුර්වේදයේ මෙලෙස හඳුන්වනු ලබයි. මෙහිදී විශේෂයෙන්ම (MENSTRUAL CRAMPS/PAIN ARE CAUSED BY CONTRACTION IN THE UTERUS) අක්‍රමවත් ගර්භාශ මාංසපේශි සංකෝචනය සිදුවීම අපාන වාතයේ වු විමාර්ග ගත වීම නිසා සිදු වේ. කෂ්ඨආර්තව සඳහා කොත්තමල්ලි භාවිතයෙන් පසු වේදනාව සමනය වි ඔසප් රුධිරය ඉතාමත් පහසුවෙන් පිටවිම සිදුවෙන බව අප සැවොම දන්නා කරුණකි. නව්‍ය මතානුකූලව DYSMENORRHEA සදහා ඖෂධ පැලැටි යොදා සිදු කරන ලද පර්යේෂණයන්ගේ කොත්තමල්ලි EMMENAGOGUE HERBS එකක් වශයෙන් දක්වා ඇත. (EMMENAGOGUE HERBS DEFINE AS HERBS CAPABLE OF STIMULATING THE MENSTRUAL BLOOD FLOW AND ALSO TO BE AVOIDED DURING PREGNANCY). EMMENAGOGUE පැළෑටි යනු ඔසප් රුධිර ප්‍රවාහය උත්තේජනය කළ හැකි ගර්භනී අවධියේදී භාවිතා නොකළයුතු ඖෂධ පැළෑටි ලෙස අර්ථ දක්වයි.
මක්කල්ල ශූලය, ගර්භ මක්කල්ල සහ ගර්භාෂය තුළ වැදැහැමහ රැදිම යන අවස්ථාවලදි තත්ත්වයන්ගේ දී සිදුවන්නාවූ වේගවත් අක්‍රමිකවත් ගර්භ සංකෝචන අවස්ථාවන් යථා තත්ත්වයට පත් කරමින් ගර්භාෂයේ සිනිඳු මාංශ පේශි වලට ANTISPASMODIC බලපෑම මගින් විස්තාරණය කරමින් වේදනාව සමනය කරමින් ගර්භාෂය තුළ රුධිරයේ වේගය වැඩි කරමින් ගර්භාෂයේ රැදුනු අපද්‍රව්‍ය කොටස් ඉවත්කරන ( ශෝධනය ) ගුණ සහිත ඖෂධ යොදා ගන ඇති බව හා එවැනි ඖෂධ යොදාගත යුතු බව පැහැදිලිය.
මෙම ක්‍රියාවලිය නව්‍ය විද්‍යාත්මක මෙසේ විස්තර කළ හැකිය. ඖෂධ පැලෑටි සඳහා කරන ලද පර්යේෂණයන්ගේ දත්තයන් අනුව කොත්තමල්ලි වල වේදනා නාශක ගුණය (ANALGESIC EFFECTS OF POLYPHENOLS INCLUDING RUTIN, CAFFEIC ACID, AND GALLIC ACID HAS ALSO BEEN REPORTED ) ඇතිවනුයේ වේදනාව ඇතිකිරිමට හේතු වන ක්‍රියාවලියට අවශ්‍ය රසායනික සංඝටකයක් වන PROSTAGLANDIN ක්‍රියාකාරිත්වය අවහිර කිරීම් මගිනි එසේම සිනිඳු මාංශ පේශි වලට ANTISPASMODIC බලපෑම කැල්සියම් නාලිකා අවහිර කර සෛල විස්ථාපනය සිදු කරනු ලැබේ. එලෙසම ANTI- INFLAMMATORY EFFECT කොත්තමල්ලි වල අඩංගු වේ.
කළලය ගර්භාෂය තුලට සාර්ථකව බද්ධ වීම ( IMPLANTATION) ලෙස හදුන්වමු. මේ සඳහා බලපානු ලබන සාධක පිළිබඳ බටහිර රටවල කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ලෙස ඔවුන් දක්වා ඇත්තේ සාර්ථක බද්ධ වීම සදහා ENDOMETRIUM RECEPTIVITY බලපානු ලබන අතර IMPLANTATION ක්‍රියාවලිය ආරම්භ වීමේදී (IMPLANTATION BEGINS WITH APPOSITION OF THE BLASTOCYST AT THE UTERINE EPITHELIUM,) PRO-INFLAMMATORY REACTION එකක් වන අතර මේ සදහා PROSTAGLANDIN, INTERLEUKIN යන රසායනික සංඝටක ඉතාම අවශ්‍ය වන බවය. නමුත් කොත්තමල්ලි ඇටවල අඩංගු PROSTAGLANDIN INHIBITORY EFFECT, ANTI- INFLAMMATORY EFFECT AND ANTISPASMODIC EFFECT නිසා ගර්භාෂය තුලට කලලය (BLASTOCYST) සාර්ථකව බද්ධ වීම හෙවත් IMPLANTATION ක්‍රියාවලියට බාදා වීම සිදු වේ. මෙම තත්වය ගර්භ ස්‍රාව/ EARLY MISCARRIAGE සදහා සෘජුවම බලපානු ලබයි. (EARLY MISCARRIAGE IS DEFINE AS INTRAUTERINE PREGNANCY LOSS OF < 10 WEEKS SIZE ON USG).
මෙහි තවත් අවදානම් තත්වයක් වනුයේ IVF මගින් ගර්භාෂය තුලට කලලය තැම්පත් කළ මව්වරුය. PRO-INFLAMMATORY ක්‍රියාවලිය පවතිනුයේ මුල්ම හා අවසාන ගර්භණී අවස්ථාවල පමණි. ( EARLY AND LATER STAGE OF PREGNANCY).
මිලග සාධකය වනුයේ කොත්තමල්ලි වල අඩංගු රසායනික සංඝටක විශ්ලේෂනය කරමින් සිදු කරනු ලැබු පර්යේෂණ අනුව (PHYTOCHEMISTRY) කොත්තමල්ලි වල පොලිෆෙනෝල් (POLYPHENOLS) අඩංගු වන අතර පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි දී ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන ලද පොලිෆෙනෝල් වල ඇති විය හැකි අන්තරායකාරී බලපෑම් මානව මැදිහත්වීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර පිළිසිඳ ගැනීමේදී සහ ගර්භණී සමයේදී පොලිපෙනෝල් වල ඇති විය හැකි අහිතකර බලපෑම් පරීක්ෂා කිරීම අවශ්‍ය වන බව දක්වමින් පර්යේෂණ සිදුකර ඇත.
සාර්ථකව බද්ධ වීම හෙවත් IMPLANTATION ක්‍රියාවලියට බාදා වීම සිදුවන බව පෙන්වා දි ඇත. එයට හේතු වනුයේද IMPLANTATION PRO INFLAMMATORY අවස්ථාවක් බැවින් පොලිපෙනෝල් වල ANTI -INFLAMMATORY EFFECT මගින් INFLAMMATORY CYTOKINES වල ක්‍රියාව අඩපන කරයි. (OTHER STUDIES HAVE REPORTED THAT MATERNAL INTAKE OF POLYPHENOL-RICH FOODS AND BEVERAGES DURING PREGNANCY MAY HAVE ADVERSE EFFECTS ON FETAL HEALTH (ZIELINSKY ET AL., 2010, 2012) 😉
තවත් පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි ඔප්පු වු සාධකයක් වනුයේ කොත්තමල්ලි ඇට වල අඩංගු රසායනික සංඝටක් වන කැෆරික් අම්ලය/CAFFERIC ACID ප්‍රොස්ටොගල්න්ඩීන් ක්‍රියාකාරිත්වය වළක්වා (INHIBIT PROSTAGLANDIN ) කලලය ගර්භාෂයේ බද්ධ විමේ ක්‍රියාවලිය වළකාලයි. ( ANTI – IMPLANTATION ACTION),
ශ්‍රී ලංකාව තුළ සිදුකල සතත්ව පර්යේෂණයක් මගින්ද කොත්තමල්ලි ඇට වල අඩංගු ANTI -IMPLANTATION ACTION එක ඹප්පු කර ඇති අතර එහිදී පෙන්වා දෙනුයේ PROGESTERONE හෝමෝනයේ ක්‍රියාව අඩුවිම හේතු කොටගෙන ගර්භාෂයට සාර්ථකව බද්ධ වීම සිදු නොවීමය. PROGESTERONE RECEPTORS වල ක්‍රියාව හා PROGESTERONE ගර්භාෂයේ සෛල ප්‍රගුණනය (EPITHELIAL CELL PROLIFERATION) හා ENDOMETRIUM IMPLANTATION සඳහා ඉතාමත් වැදගත් සාධකයක් බව අප දන්නා කරුණකි.
එලසම කොත්තමල්ලි ඇට වල HYPOGLYCEMIC ACTION පවතින අතර මුල්ම ගර්භණී අවස්ථාවේ (EARLY PREGNANCY) ගර්භයේ පෝෂණයට බලපානු ලබයි. මක්නිසාද යත් PLACENTA සෑදීමට පෙර උපස්නේහ (විසරණය) හා උපස්වේද මගින් ගර්භය පෝෂණය ලබාගනු ලබයි. මුල්ම ගර්භණී අවස්ථාවේ ගර්භයේ සෛල ප්ලාස්මයේ පෝෂක ඉතාම කුඩා ප්‍රමාණයක් තැම්පත් වේ. එමනිසා අමතර පෝෂක ප්‍රමාණයක් ලබාගත යුතුය. මෙම තත්වය ගර්භණී වමනය අධික වශයෙන් ඇති මවකට තවත් අහිතකර වේ.
එලසම කොත්තමල්ලි ඇට වල DIURETIC ACTION එක පවතින අතර අධික ලෙස ගැනීම ගර්භය බද්ධවන මුල්ම අවස්ථාවේ යෝග්‍ය නොවේ. මෙමඅවස්ථාවේ ක්ලෙද ගුණය හා ආප් භූතය ඉතාම වැදගත්ය. (CORIANDER SEEDS INCREASED DIURESIS, EXCRETION OF ELECTROLYTES, AND GLOMERULAR FILTRATION )
එනම් මූලික ආයුර්වේද ග්‍රන්ථයන් තුළ ගර්භණි අවස්ථාවේ කොත්තමල්ලි භාවිතා නොවිම හා සූතිකා රෝග හා අනෙක් කාන්තා රෝග වලදී භාවිතයත් ඉතාම විද්‍යානුකූල බව අපහට අවබෝධ විය යුතුය. යෝග රත්නාකරයේ පමණක් ගර්භණී වමනයේදී කොත්තමල්ලි කල්කය සීනි හා තණ්ඩුලෝදක සමග අවලේහයට සංස්කරණ ඖෂධයක් ලෙස යොදා ගත හැකි බව දක්වයි. වෛද්‍ය නිර්දේශය මත අවලේහ පරිභාෂාවෙන් සකසා, නියමිත මාත්‍රාවෙන් ගත යුතුය, එය ඒකීය ද්‍රව්‍ය අවභාවිතය හා කිසිසේත් සංසන්දනය කළ නොහැක. හාරිත හෝ කාශ්‍යප හෝ වෙන කිසිම ආචාර්යයවරයකු ගර්භණී වමනයේදී ධාන්‍යක දක්වා නොමැත. ගර්භණී වමනයේදී දෙහි හෝ දෙළුම් යුෂ සීනි සමග හෝ ලාජා පේයා සිනි මී පැණි සමග යොග්‍ය බව අන්තර්වලී චිකික්සාවේ ආචාර්යය කාශ්‍යප දක්වා ඇත.
ලෝකය තුළ වර්තමානයේ කුමන පර්යේෂණය සිදුවුවත්, අනාගතයේ පර්යේෂණය සිදුවුවත් ආයුර්වේදය තුන් කල්හිම ඉතාමත්ම විද්‍යානුකූලය. අවශ්‍යවනුයේ අප ගැඔුරින් අධ්‍යනය කිරීම පමණි. තවත් කරුණු බොහෝ ඇතත් දීර්ඝවන බැවින් මෙම ලිපිය අවසන් කරමි.
එබැවින් ආයුර්වේද විද්‍යාව තුළ ගර්භණී සමයේ ගත යුතු ආහාර. විහරණ (මාසානු මාසික පරිචර්යා ) වලින් ඔබ්බට ගිය ගැබෙහි හා මවගේ ප්‍රකිශක්තිය වර්ධනය කරන ඖෂධ ගැබිණියට දිය හැකි ඖෂධ රාශියකි. එබැවින් මත‍භේදාත්මක ඖෂධ භාවිතය හා අවභාවිතය ගැබිණියට කිසිසේත් හිකතර නොවන අතර ගැබෙහි හා මවගේ ප්‍රකිශක්තිය වර්ධනය සඳහා වෛද්‍ය උපදෙස් ද සහිතව වසංගත සමයේ භාවිතා කළ හැකි ඖෂධ ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරමි.
गणोक्तमपि यद्द्रव्यं भवेद्व्याधावयौगिकम् |
तदुद्धरेद्यौगिकं तु प्रक्षिपेदप्यकीर्तितम् ||१३७|| ( SU/ CHI )
ගණෝක්ත අපි යද් ද්‍රව්‍යං භවේද් වියාද් අයෝගිතම්
තද් උද්දරේද් යෞගිතම් තු ප්‍රක්ෂිපේද් අපි තර්තිතම් ( SU/ CHI )
කිසියම් විශේෂිත රෝගයකට අදාල නොවන බව වෙන වෙනම විස්තර කර ඇත්නම්, කිසියම් විශේෂිත ඖෂධයකට හෝ කණ්ඩායමකට අයත් ඖෂධයක් අත්හැර දැමිය යුතු අතර, කණ්ඩායමට අයත් නොවන ඖෂධයක් ධනාත්මකව වාසිදායක යැයි වෙනත් තැනක තැබුවහොත් එයට එකතු කළ හැකිය. (A DRUG BELONGING TO ANY PARTICULAR GANA OR GROUP IF SEPARATELY DESCRIBED AS NON- EFFICACIOUS TO ANY SPECIFIC DISEASE, SHOULD BE OMITTED WHEREAS A DRUG NOT BELONGING TO A GROUP MAY BE ADDED TO IT IF IT IS ELSEWHERE LAID DOWN AS POSITIVELY BENEFICIAL THERE TO).
එනම් යම් ඖෂධයක් නුසුදුසු බව ඔප්පු උවහොත් එම ද්‍රව්‍ය ඉවත් කිර දැමීමටත් වෙනත් දුව්‍යක් යෝග්‍යයි හැගුනොත් එකතුකර ගැනිමටත් ආචාර්යය වරු අවසර දී ඇති බව සුසදුසුකම් ලත් වෛද්‍යවරු ලෙස අප දැනගත යුතුය.
copied

Address

Siddamulla
Kottawa
10230

Telephone

+94774625289

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Ayurweda Medical Center And Acupuncture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Asiri Ayurweda Medical Center And Acupuncture:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram