Ashwini ayurvedic medical center

Ashwini ayurvedic medical center Treatments for all diseases with best ayurvedic treatments with panchakarma and acupuncture .

01/01/2026
12/12/2025
ගංවතුරෙන් පසු නිවසක් පිරිසිදු කිරීම සඳහා අත්‍යාවශ්‍ය උපදෙස් සහ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග මෙන්න:🚨 ආරක්ෂාව ප්‍රමුඛයි! * නි...
01/12/2025

ගංවතුරෙන් පසු නිවසක් පිරිසිදු කිරීම සඳහා අත්‍යාවශ්‍ය උපදෙස් සහ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග මෙන්න:

🚨 ආරක්ෂාව ප්‍රමුඛයි!

* නිල අවසරය: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඔබේ ප්‍රදේශය ආරක්ෂිත බවට තහවුරු කරන තුරු නැවත නිවසට යාමට ඉක්මන් නොවන්න.

* ව්‍යුහාත්මක ස්ථාවරත්වය: නිවසට ඇතුළු වීමට පෙර පිටතින් පරීක්ෂා කරන්න. බිත්තිවල විශාල ඉරිතැලීම්, බිම ගිලා බැසීම් හෝ වහලය නැමී තිබේදැයි බලන්න. කඩා වැටෙන ශබ්ද ඇසෙන්නේ නම් වහාම ඉවත් වන්න.

* විදුලිය සහ ගෑස්:

* නැවත නිවසට පැමිණි පසු කිසිවිටෙකත් තෙමුණු ප්‍රධාන විදුලි ස්විචය ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකරන්න. විදුලි කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබාගන්න.

* ගෑස් ගඳක් දැනේ නම්, වහාම දොර ජනෙල් විවෘත කර නිවසින් පිට වී හදිසි සේවා අමතන්න. ගෑස් කාන්දුවක් ඇති විට කිසිම විදුලි උපකරණයක් ක්‍රියාත්මක නොකරන්න.

* ආරක්ෂිත ඇඳුම්: පිරිසිදු කිරීමේදී අනිවාර්යයෙන්ම ඝන රබර් බූට් සපත්තු (තියුණු වස්තූන් සහ සර්පයන්ගෙන් ආරක්ෂා වීමට) සහ රබර් අත්වැසුම් පළඳින්න.

💧 පිරිසිදු කිරීමේ පියවර
ගංවතුර ජලයෙහි අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සහ විෂබීජ අඩංගු විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

1. අපද්‍රව්‍ය ඉවත් කිරීම

* හානි වූ ද්‍රව්‍ය: ගංවතුරට හානි වූ, පිරිසිදු කිරීමට අපහසු හෝ විෂබීජවලින් තෙමුණු මෙට්ට, රෙදිපිළි, කාපට් වැනි දෑ ඉවත් කර නිසි පරිදි බැහැර කරන්න.

* මඩ සහ රොන්මඩ: හැකි ඉක්මනින් බිම සහ බිත්තිවල තැන්පත් වී ඇති මඩ සහ රොන්මඩ ඉවත් කරන්න. හෝස් එකක් භාවිතයෙන් ජලය විදීම මෙහිදී පහසු විය හැක.

2. විෂබීජහරණය සහ වියළීම

* සෝදා පිරිසිදු කිරීම: ගෘහ භාණ්ඩ, බිත්ති, බිම් සහ වෙනත් පෘෂ්ඨ සබන් හෝ ඩිටර්ජන්ට් යොදා හොඳින් සෝදන්න.

* විෂබීජහරණය: පිරිසිදු කළ පෘෂ්ඨ විෂබීජහරණය සඳහා බ්ලීචින් ද්‍රාවණයක් (Bleaching Solution) භාවිතා කරන්න. (නිවැරදි අනුපාතය සඳහා ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.)

* වියළීම: අච්චු ඇතිවීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් නිවස වියළා ගත යුතුය. දොර ජනෙල් විවෘත කර තබන්න. විදුලි පංකා හෝ ඩීහියුමිඩිෆයර් (Dehumidifier) භාවිතා කළ හැක.

3. ළිං සහ ජලය පිරිසිදු කිරීම

* ළිං: ගංවතුරට යට වූ ළිං නැවත භාවිතයට පෙර අනිවාර්යයෙන්ම ක්ලෝරීන් විෂබීජ නාශකය යොදා පිරිසිදු කළ යුතුය (ක්ලෝරිනීකරණය). මේ සඳහා ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයෙන් උපදෙස් ලබා ගන්න.

* පානීය ජලය: ළිඳ හෝ ජල ටැංකිය පිරිසිදු කර ආරක්ෂිත බව තහවුරු කරන තුරු, උණුකර නිවාගත් ජලය පමණක් පානයට සහ පිසීමට භාවිතා කරන්න.

💡 අවධානය යොමු කළ යුතු කරුණු

* ආහාර: ගංවතුරට හානි වූ හෝ තෙමුණු සියලුම ආහාර ද්‍රව්‍ය ඉවත දමන්න.

* බෝවන රෝග: ගංවතුරෙන් පසු මදුරුවන් බෝවීම හා ජලයෙන් බෝවන රෝග (ලෙප්ටොස්පයිරෝසිස් වැනි) පැතිරීමේ අවදානමක් ඇත. රෝගී තත්ත්වයක් ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගන්න.

* කසළ බැහැර කිරීම: කැළිකසළ සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමට වග බලා ගන්න.

Copied

14/11/2025

අද දින ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානයේ සිදු කල කටී වස්ති ප්‍රථිකාරය...

කොදු ඇට පෙලේ ආබාද සදහා ඉක්මන් සහ වඩාත් ප්‍රතථිපලදායක ආයුර්වේද කටී වස්ති ප්‍රතිකාරය. ...👍👍👍
මෙහිදී ඖෂධීය තෛල කොන්ද හෙවත් කටී ප්‍රදේශයට උදු වලලු මගින් දැමීම සිදුකරයි.රෝගය අනුව ගැලපෙන ඖෂධීය තෙල් නිර්දේශ කිරීමෙන් පසු එය රත්කර ඉතා වැඩි ප්‍රමානයක් දීර්ග වේලාවක් තුල අදාල ස්තානයට යෙදීම මෙහිදී සිදු කරයි.
මෙමගින් ඇතිවන ප්‍රතිලාබ ලෙස...👍👍👍👍
වේදනාව සමනය කිරීම (Pain relief), විශේෂයෙන් නිදන්ගත කොන්දේ වේදනාව.
* තද ගතිය සහ මාංශ පේශිවල පෙරලීම් (Stiffness and muscular spasms) අඩු කිරීම.
* රුධිර සංසරණය වැඩි දියුණු කිරීම (Improving blood circulation).
* ස්නායු සහ කොඳු ඇට පෙළ පෝෂණය කිරීම (Nourishing nerves and spinal structures).
* ශරීරයේ වාත දෝෂය (Vata Dosha) සමනය කිරීමට උපකාරී වීම (වේදනාවට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ).
මෙමගින් ස්නායු රෝග (sciatica), කොඳු ඇට පෙළේ මඩල ලිස්සීම් (disc prolapse).
මෙම ප්‍රතිකාරය ගෙල සහ දනහිස් සදහාත් යොදනු ලබන අතර ගෙලෙහි ඇතිවන අස්ථි ගනවීම් සහ ආතරයිටීස් තත්වයන්ට (cervical spondylosis) සහ දනහිස් වල කාටිලේජ ගෙවීම් වලට ඉතා සාර්තක ප්‍රතිකාරයක් වේ.ගෙල සදහා ග්‍රීවා වස්ති යොදනු ලබන අතර දනහිස් සදහා ජානු වස්ති යොදනු ලබෙයි.

ආසිරි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ චීන කටු චිකිත්සාව දැන් හෝමාගම ,කටුවාන පාර, මාගම්මන ,කාගිල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට නවත...
13/11/2025

ආසිරි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ චීන කටු චිකිත්සාව දැන් හෝමාගම ,කටුවාන පාර, මාගම්මන ,කාගිල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට නවතම ශාඛාව විවෘත වූ බව සතුටින් දැනුම් දෙමු. 🤗🤗🤗🤗🤗
ඔබට අවශ්‍ය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සියල්ලක්ම පලපුරුදු දක්ෂ වෛද්‍යවරුන් යටතේ මෙහිදී ලබාගත හැක.මෙහිදී....
ආතරයිටිස් ඇතුළු සන්ධි රෝග
පැරලයිසිස් (පක්ෂගාත) ඇතුළු සියලු ස්නායු රෝග
වකුගඩුවල ගල්,
ගල් තැලුම්,
නහර ගැට ගැසීම්,
PCOS ඇතුළු කාන්තා රෝග
පීනස,
ඉරුවාරදය ඇතුළු සියලු ශීර්ෂ රෝග,
අධික තරබාරුව,
දියවැඩියාව,
රුධිර ගත කොලෙස්ටරෝල්,
අධි රුධිර පීඩනය,
කොදුඇට පෙළ ඇදවිම(scoliosis),
සයටිකා ඇතුළු සියලු කොන්ද වේදනා,
පොතු කබර( psoriasis )
ඇතුළු සියලු සර්වාංග රෝග සහ හිසකෙස් යෑම ඇතුළු රූපලාවන්ය ප්‍රතිකාර, කැඩුම් බිදුම් ප්‍රතිකාර සහ චීන කටු ප්‍රතිකාර දැන් එකම ස්ථානයකින්

විශේෂ ප්‍රතිකාර ලෙස ,

වාෂ්ප ස්වේද (steam bath) (අධික තරබාරුව, PCOS සහ විශ කොටස් ශරීරයෙන් බැහැර කිරීම)
ශිරො ධාරා (සියලු ස්නායු රෝග සහ ශීර්ෂ රෝග සදහා),
සර්වාංග ධාරා(ස්නායු ආබාධ සහ මාංශ පේශි ආබාධ),
,කටී වස්ථි(කොදු ඇට පෙළ ආබාධ සහ කොන්ද කැක්කුම් සදහා),
කූඩැල්ලන් මගින් ප්‍රතිකාර(නහර ගැට ගැසීම් සදහා)
ඇතුලු සියලු ආයුර්වේද භාහිර ප්‍රතිකාර.

විමසීම් -ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීනකටු චිකිත්සාව
හෝමාගම 0774625289

13/11/2025
ඔටිසම් රෝගය ගැන ඔබ දැනුවත් ද??????ඔබගේ කුඩා දරුවා හෝ සමීපතමයකු ගේ ඔටිසම් රෝගය නිසා ඔබත් පීඩාවට පත්ව සිටින මවක් හෝ පියෙක්...
08/09/2025

ඔටිසම් රෝගය ගැන ඔබ දැනුවත් ද??????

ඔබගේ කුඩා දරුවා හෝ සමීපතමයකු ගේ ඔටිසම් රෝගය නිසා ඔබත් පීඩාවට පත්ව සිටින මවක් හෝ පියෙක් ද? නැතිනම් සමීපතමයෙක් ද??
කුමක්ද මේ ඔටිසම් රෝගය කියන්නෙ 🤔🤔මෙය හැදෙන්නෙ කොහොමද?🤔 රෝග ලක්ශන මොනවාද? 🤔හදුනා ගැනීමේ පරීක්ශන මොනවාද? 🤔🤔දෙමව්පියන් විදිහට කල යුත්තේ මොනවාද?🤔විශේශ ප්‍රතිකාර තිබෙනවාද??....... මේ සියල්ල මේ ලිපියෙන් විස්තර කර ඇත ...🤗
කුඩා දරුවකුගේ වර්දනය මෙන්ම සන්වර්දනය ද වැදගත් අන්ගයක්. මෙහිදී සිදුවන්නේ මොලයේ ස්නායු පද්දතියේ ගැටලුවක් නිසා සන්වර්දනයේ දුබලතාවයක් හටගැනීමයි.මෙහිදී ළමා සන්නිවේදනයේ ගැටලු ඇති වේ.මේ අතර ස්නායු පද්දතියේ සියුම් ක්‍රයා(fine motor activities ) සිදු කිරීමටද යම් දුර්වලතාවයක් පවතී .

උදා:මුල් ඇගිලි තුන ආදාරයෙන් පෑනක් ඇල්ලීම වැනි.

ඇතැම් විට වයස අවුරුදු 2 දී පමන හොදින් කතා කරමින් සිටි දරුවන් එක්වර කතනය නැවැත්වීම වැනි අවස්තාද දැකිය හැක.බොහෝ විට දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා හෝ මෙවන් තත්වයක් ඇති බව පිලිගැනීමට ඇති අකමැත්ත නිසා දරුවාට මෙම තත්වය පරදා ජීවිතය ජයගත නොහැකි අසීරු අවස්තාවට පත්වේ.එනිසා රෝගය ගැන දැනුවත් වී ඔහුට හෝ ඇයට නිවැරදිව සමාජ ගත වීමට අවකාශ සලසා දීම අප සැමගේ යුතුකමකි.🤗🤗🤗

නව්‍ය විද්‍යාත්මකව ඔටිසම් පිලිබදව ....🔉🔉🔉🔉

මෙය ASD ලෙස (Autism spectrum disorder ) හැදින්වේ.පෙර සදහන් පරිදි මොලයේ ස්නායු ආශ්‍රිතව ආබාදයක් නිසා සන්වර්දනයේ (development disability )සිදුවන දුර්වලතාවයකි.මෙයට පැහැදිලි හේතුවක් මෙතෙක් තවම සොයාගෙන නැතත් ජානමය හේතුවක් නිසා ඇතිවිය හැකි බව දක්වා තිබෙනවා. මෙම රෝගය විද්‍යාග්නයන් විසින් තවමත් අද්‍යනය කරමින් පවතී.හේතු කිහිපයක් එකතු වීමෙන් උවත් මෙම රෝගය ඇති වේ.
ඔටිසම් වැලදුන විට සිදුවන්නේ කුමක්ද? 🤔🤔
මෙහිදී,,,,
සන්නිවේදනයේ
අන්තර් පුද්ගල සම්බන්දතා පැවැත්වීමේ
මතකය
පරිකල්පනයේ
ගැටලු ඇතිවීම සිදුවේ.මෙහිදී දරුවාගේ ශරීරයෙන් හෝ මුහුනෙන් කිසිදු රෝගී බවක් නිරූපණය නොවන අතර භාහිර පෙනුම සාමන්‍ය දරුවකු සේ දිස් වේ.

මෙම තත්වය ඇති වන්නේ කුමන අවදියේද??
මෙම තත්වය දරුවාට වයස අවුරුදු 3 ටපෙර සිට ඇති වී ජීවිත කාලය පුරාම පවතී.
ඇතැම් දරුවන් මුල් මාස 12 තුල යම් යම් ලක්ශන පෙන්වයි.
ඇතැම් ලක්ශන මාස 24 වන තෙක් නොපෙන්වයි.
ඇතැමුන් වයස මාස 18-24 පමන වන තෙක් ළගා කරගත් සන්නිවේදන හැකියා නැවතීම හෝ තවදුරටත් ලගා වීම සිදු නොවීමත් සිදුවිය හැක.
දැකිය හැකි විශේශ ලක්ශන මොනවාද??🔉🔉🔉🔉

🔉ඇසට ඇස බලා කතා කිරීමේ නොහැකියව.(eye contact )

මෙම දරුවන් තම මවගේ වත් ඇස් දෙස බලා අදහස් හුවමාරුව සිදු නොකරයි.

🔉එකම දේ නැවත නැවත පැවසීම .(Repeating )

යමක් විමසූ විට එයම උච්චාරණය හෝ එකම ක්‍රීඩාවක් නිතරම සිදු කිරීම.

🔉දරුවාගේ නම කියා ආමන්ත්‍රණය කරනවිට ප්‍රතිචාර නොදැක්වීම.(මාස 9 සිට)

🔉මුහුනෙන් හැගීම් ප්‍රකාශ කිරීමේ දුර්වලතාවය , උදාහරණ , දුක,සතුට,පුදුමය.(මාස 9 සිට)

🔉අත් වලින් සන්නිවේදනය මදබව හෝ නොමැති බව (මාස 12 සිට)
උදා : අත් වලින් බායි (good bye) යනුවෙන් පැවසීම.

🔉ඇගිල්ල දිගුකර යමක් පෙන්වීමට හෝ ඉල්ලීමට නොහැකියාව.(pointing )බොහෝවිට මෙම දරුවන් තමාට අවශ්‍ය දේ පෙන්වන්නේ මවගේ ඇගිල්ල භාන්ඩය වෙත යොමුකරවීමට උත්සාහ කිරීමෙන්.
🔉සෙල්ලම් බඩු පේලියට තැබීම .(line up)
මෙම දරුවන් බොහෝවිට සෙල්ලම් භාන්ඩ හදුනා නොගනී.ඔවුන් ඒව පෝලිමට තැබීම සිදු කරයි.මෙම පිලිවෙල තවත් කෙනෙක් විසින් වෙනස් කල විට ඔවුන්ට බොහෝ කේන්ති යාම හෝ නොසන්සුන් වීම සිදු වේ.

🔉කැරකෙන භාන්ඩ දෙස බොහෝ වේලා බලා සිටීම( rotating objects).
බොහෝවිට විදුලි පන්කාව දෙස හෝ රෝද ඇති සෙල්ලම් භාන්ඩ වල රෝදය කරකවමින් ඒ දෙස බලා සිටී.
🔉කතා කිරීම පමා වීම.(speech delay) බොහෝ කල්ගත වී කතා කිරීම හෝ කිසිවක් නොපවසා සිටීම.ඇතැම් දරුවන් හොදින් කතා කරමින් සිට එකවරම කතනය නැවැත්වීම ද දැකිය හැක.(දෙමාපියන් ලෙස අවබෝධ කරගත යුත්තේ වයසට සරිලන ලෙස එම ක්‍රියාකාරකම් සිදුකරනවාද යන්න යි.)

🔉මෙම දරුවන් බොහෝ සතුටට හෝ තමන්ට ප්‍රියමනාප දෙයක් ලැබුන විට අත් නොනවත්වා ගැසීම සිදු කරයි.(hand flapping )

🔉ඉතා සරල ක්‍රීඩාවක් මවුපියන් සමග සිදුකිරීමට ඇති නොහැකියාව.

🔉තමා සමග සිටින අනෙක් පුද්ගලයන් දුකෙන් හෝ සතුටෙන් සිටිනවාද යන්න ඇදිනීමට නොහැක.(මාස 24 දි)

🔉අනෙක් දරුවන් සමග එකතු වී ක්‍රීඩා කිරීමට ඇති අකමැත්ත.(මාස 36)

මෙම දරුවන් ඇතැම් විට වයස අවුරුදු පහ පමන වන විට තම දෙමාපියන් ඉදිරියේ ගීත ගායන කිරීමට ,නැටීමට වැනි ක්‍රියාකාරකම් කිරීමට මැලි කම්ක් දක්වයි.

🔉මෙම දරුවන් අදික ශබ්ද වලට හෝ යම් යම් ශබ්ද වලට,ඇතැම් සුවදවල් වලට දරාගැනීමට අපහසු නොසන්සුන් ගතියක් දක්වයි .

🔉🔉🔉🔉 ඔටිසම් දරුවන්ගේ අනෙකුත් ලක්ශන ...

ඇතැම් දරුවන්ගේ මෙම ලක්ශන දැකිය හැකි බව දක්වා ඇත..

🔉 යමක් අවබෝධ කරගැනීමේ සහ අද්‍යනයේ හැකියාව මදකම.
🔉අදික්‍රියාශීලී බව.
🔉කුඩාකල වරින් වර ඇතිවන වලිප්පුව.
🔉සාමාන්‍ය නොවන ආහාර චර්‍යා රටා සහ නිද්‍රා රටා.
🔉අවස්තාවට නොගැලපෙන චර්‍යා රටා.
🔉නිතර දුක්වීම,හැඩීම හෝ අන් අයට ගැසීම වැනි ක්‍රියා.
🔉භය මදකම හෝ පමනට වඩා භය වීම.

මේවා සියල්ල එක දරුවකු තුලින් දැකිය නොහැකි අතර එක් එක් දරුවා තුලින් ඇතැම් පොදු ලක්ශන සමානව දැකිය හැකි නමුත් ඇතැම් වෙනස් ලක්ශනද දැකිය හැක.

මෙම රෝගය පිලිබදව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් ද???🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔටිසම් රෝගය මනෝදවුර්බල්‍ය රෝගයක් ලෙස හදුන්වා තිබෙනවා .
මෙම මනෝදෞර්බල්‍ය රෝගය පලමු වසර තුන පමන වන විට පැහැදිලිව නිර්නය කර හැකි බව දක්වා ඇත .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගයට පදනම් වන හේතු දක්වා තිබෙනවා .මේ යටතට .....🔉🔉🔉

ගර්භජ හේතු :ගර්භනී සමයේදී ඇති වන තත්වයන්.

👍ගර්භනී කාලයේදී මවට ඇතිවන රෝගී තත්වයන් සහ මව ලබා ගන්නා ඖෂධ .
👍ගර්භනී කාලයේදි මවගේ මානසික මට්ටම සහ චර්‍යා රටාවන්.මව අදික ආතතියෙන් පෙලෙන්නේ නම් සහ නිතරම අදිකව කෝප වී කලහකාරී ව හැසිරෙනවා නම් එය කුසෙහි සිටින දරුවාටද බලපානු ලබයි.
👍මවට ඇතිවන දොලදුක තත්වයන් නොසලකා හැරීමද හේතුවක් බව ආයුර්වේදයේ සදහන් වනවා.

👍ගර්භනී කාලයේදී ලබාගන්නා ආහාර රටාවත් දරුවාගේ මොලය සහ ස්නායු පද්ධතියට වැදගත්.මව විසින් අදිකව කටු,තික්ත,ලවන සහිත ආහාර(කෝපි, චොකලට්,චිලීපේස්ට්,සෝස් ඇතුලු රසකාරක යෙදූ ආහාර...) වැඩිපුර ගැනීමත් මොලය සහ ස්නායු පෝශණයට අවශ්‍ය ගිතෙල්,ගොටුකොල වැනි මේද්‍ය ද්‍රව්‍ය ආහාරයට ගැනීම අඩු වීම.

🔉🔉ජන්මෝත්තර හේතු.; දරුවා ඉපදීමේදී හා ඉපදීමෙන් පසු සිදුවන බලපෑම්....

දරුවා ඉපදීමේදී සිදුවන සන්කූලතා නිසා මොලයට හානි පැමිනිය හැක.එමෙන්ම දරුවාගේ උපත සිදුවන අවස්තාවේදී ප්‍රමානවත් තරම් ඔක්සිජන් නොලැබීම නිසාද දරුවාගේ මොලයේ ස්නායු වලට හානි සිදුවිය හැක.

දරුවා ඉපදීමෙන් පසු නිසියාකාරව මවුකිරි පානය නොකිරීමත් මවුකිරිවල පවත්නා ක්ශීර දෝශත් මෙයට හේතු විය හැක.

දරුවා ජීවත්වන පරිසරය අදික ශබ්ද සහිත නිතර බියවනසුලු පරිසරයක් නම් සහ නිතර කෝලහාල ගැටුම් ඇතිවන පරිසරයක් නම් එයද දරුවාගේ මානසික මට්ටමට බලපානු ලබයි.

දරුවාට ආහාර ලබාදෙන කාලයේ දී පෙර සදහන් කල පරිදි කටු,තික්ත ,ලවන රසයෙන් යුත් ආහාර වැඩිපුර ලබා දීමත් ක්ශනික,කල්තබාගන්නා ද්‍රව්‍ය යෙදූ ආහාර නිතර ලබා දීමත් හේතුවක් වේ.

ප්‍රමානවත් තරම් බාදා නොවූ සුවදායක් නින්දක් දරුවාට ලැබිය යුතුය.එය නොලැබීමත් මෙම තත්වයට හේතුවක් ලෙස දක්වා ඇත.

වර්තමානයේදී නම් දරුවාට රූපවාහිනී ,ජන්ගම දුරකතන ආදී විද්‍යුත් තිර දෙස බොහෝ වේලාවන් දරුවා බලා සිටීමද (මෙය vertual autism ලෙස දක්වා ඇත) හේතුවක් ලෙස දක්වා ඇත.

දරුවාට අවශ්‍ය ආදරය ,සොයා බැලීම නිසියාකාරව නොලැබීමෙන් ද මෙම තත්වය හටගැනිම සහ වර්දනය වීම සිදු වේ.
🔉🔉🔉 සහජ හේතු

මෙහිදී ජානමය හේතු බලපානු ලබයි .මවගේ සහ පියාගේ පාර්ශවයෙන් (ASD)මනෝදෞර්බල්‍ය රෝගය (ඔටිසම් )වැලදුන අයෙක් ඇතිනම් එම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව දක්වා තිබෙනවා .
🔉🔉🔉🔉 ආගන්තුජ හේතු...

මෙහිදී දරුවාට භාහිර බලපෑමක් නිසා සිදුවන හේතු දැක්විය හැකියි.එනම් ,,
👉වැටීමක් හෝ පහර දීමක් නිසා හිසට සිදුවන ආබාදයක් නිසා.
👉දරු ප්‍රසූතියේදී(forceps dilivery ) ඇතිවන ආබාද .ආයුර්වේදයේ මෙය ශිරෝ මර්ම අභිඝාතයක් ලෙස දක්වා ඇත.

🔉ඔටිසම් රෝගී දරුවෙකු කෙරේ අවදානය දෙන්නේ කෙසේද????
විශේෂම කරුණ වන්නේ මොවුන් සාමාන්‍ය දරුවෙකුට වඩා ආදරය,කරුණාව ,රැකවරණය අපේක්ශා කිරීම.ඔවුන්ට විශේෂ අවදානයක් ලැබිය යුතුය.මොවුන් ට යමක් පැවසූ විට ග්‍රහණය කර ගැනීමේ හැකියාව අඩු නිසා මොවුන් අතින් සිදුවන වැරදි වලදී සැර වැර කර බැන වැදීම, පහර දීම වැනි දඩුවම් වලට නොයා යුතුයි.ඔවුන්ට ආදරයෙන් පහදා දිය යුතුය.තරවටු කිරීමෙන් තත්වය උග්‍ර විය හැකි සේම එය එම දරුවාගේ ජීවන තත්වය උසස් කර හොද තාරුණ්‍යයක් ලබාදීමට බාදාවක් විය හැක.

දරුවා සමග ගත කිරීමට කාලය වෙන්කරගැනීම ඉතා වැදගත්.වර්තමානයේ බොහෝ දරුවන්ගේ මවුවරුන් තම රැකියා වලින් පවා ඉවත් වී තම දරුවාගේ මෙම රෝගී තත්වය සමග සටන් කිරීමට කාලය ලබා ගන්නවා.එහෙත් කණගාටුවට කරුන වන්නේ දිනෙන් දින උග්‍ර වන ආර්තික ගැටලු නිසා බොහෝ මවුවරුන් තම දරුවා දිවා සුරැකුම් මද්‍යස්තාන හෝ වෙනත් කාන්තාවක් සමීපයේ දරුවන් දමා තම රැකියාව සදහා පිටත් වීමයි.නමුත් මෙවන් දරුවෙක්ට මවගේ ආදරය නොලැබීමෙන් ද ඇතැම් විට එම ස්තාන වලින් සිදුවන තරවටු කිරීම් වැනි දෑ නිසාද ඔටිසම් තත්වය උග්‍ර විය හැක.
දරුවා නිතර නිවසේ රැදෙයි නම් රූපවාහිනී තිරයට ඇබ්බැහිවීම නිසාද මෙම තත්වය උග්‍ර විය හැක.( virtual autism ).
නිතර දරුවා සමග කතාබහ කරමින් ක්‍රියාකාරකම් වල නිරත වීම සිදුකල යුතුයි.ආදරයෙන් හිස අත ගාමින් කතන්දර ආදිය පැවසීම සිදුකල යුතුයි.ඉතාමත්ම කාර්‍යබහුල මවක් උවත්,

"අවම පැය 6ක් වත් දිනකට තම දරුවා සමගසිටිය යුතුයි."
දරුවාට අවට පරිසරයට හා අනෙකුත් අයට සරිලන සේ වෙනස්විය නොහැකි බව අවබෝද කරගත යුතුයි.හැසිරීම් රටාව එකවර වෙනස් කිරීමට උත්සාහ නොකල යුතුය.
කල යුත්තේ දරුවා සිදුකරන නොගැලපෙන දෑ අමතක කිරිමට අප විසින් වෙනත් ක්‍රියාකාරකමක් සිදුකිරීමයි.

දරුවා සිදුකරන ඉතා කුඩා හෝ ප්‍රගතිශීලී දෙයක් වැඩි වැඩියෙන් අගය කල යුතුයි.

දරුවාට බාදා නොවන ප්‍රමානවත් නින්දක් ලබාදීම සිදු කල යුතුයි.

🔉🔉වැදගත්ම කරුන වන්නේ දරුවාට යම් ගැටලුවක් ඇති බව දෙමව්පියන් විසින් අවබෝද කරගෙන වහාම වෛද්‍යවරයෙක් හමුවීමට යෑමයි.වර්තමානයේදී තාක්ශනය දියුනු නිසා අන්තර්ජාලයෙන් ලෙඩ රෝග පිලිබදව අවබෝදයක් ලබා ගැනීම බොහෝ දෙනෙක් සිදු කරනා දෙයක්. නමුත් මෙවන් තත්වයකදී මෙය දුටු පමනින් හෝ එක් ලක්ශනයක් දෙකක් දුටු පමනින් තමාගේ දරුවා පිලිබදව වැරදි නිගමනයකට එලබෙන්නට එපා.පිලිගත් වෛද්‍ය වරයකු වෙත ගොස් එම උපදෙස් පිලිපදින්න.එය ඔබේ දරුවා වෙනුවෙන් ඔබ ගන්නා වඩාත් දූරදර්ශීම ක්‍රියාවයි.ඇතැම් මවුවරුන් ඔටිසම් තත්වය පිලිගැනීමට මහත් මැලිකමක් දක්වයි.වෛද්‍ය වරුන් පැවසූ පසුවත් එය සාමාන්‍ය තත්වයක් සේ සලකා දරුවාට විශේශ අවදානයක් නොදී එලෙසින්ම දරුවා වර්දනය වීමට සලස්වනු ලබනවා.මෙම ලිපියේ මුල් අවස්තාවේදී සදහන් කර ඇති ආකාරයට ඔටිසම් වැලදුන දරුවන් ට යම් යම් විශේෂ දක්ශතා සහ හැකියාවන් පවතිනවා.මොවුන්ට විශේෂ නිර්මානාත්මක ,ගණිත යනාදී යම් යම් විශේශ හැකියාවන් පැවතිය හැක.ඇතැම් විට යම් වැඩිහිටියකු අසන දෙයකට ඔහුට නිරුත්තර විය හැකි උත්තර ද ලබා දෙන අවස්තා ඇත.එවන් අවස්තා වලදී දෙමාපියන් වැරදි නිගමන වලට එලබේ."මෙයා මේ බොරුවට රගපානවා,මෙහෙම කියනවනම් ඇයි අනික් දේවල් බැරි?" යනුවෙන් පවසමින් එය දරුවාගෙ මුරන්ඩු කමක් සේ සලකා කිසිත් ප්‍රතිකාරයක් නොකර සිටීමට කටයුතු කරනවා.එය දෙමාපියන් ලෙස දරුවාගේ අනාගතය තවත් අගාදයට දැමීමක්.එනිසා ඔටිසම් දරුවා පිලිබදව විශේෂ අවදානය ලබාදී අවශ්‍ය වෛද්‍ය උපදේශය,කතන උපදේශය ,සාමාජීය උපදේශය ලබා දෙන්න.

ඔටිසම් හදුනා ගැනීමට විශේෂ පරීක්ශන තිබෙනවාද ???🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉

මේ සදහා විශේෂ රුධිර පරීක්ශන වැනි දෑ නොමැත .ADOS-2 testing method යන ක්‍රියා පිලිවෙතෙන් ( Autism Diagnostic Observation Shedule ) දරුවාගේ ක්‍රියාකාරකම් සදහා ලකුනු ලබා දීමේ ක්‍රියා පිලිවෙතක් පවතී.(15 සිට 60 දක්වා)
මෙහි කඩයිම් ලකුන 30 වන අතර මෙය මේ සදහාම පුහුනු වූ වෘතිකයකු විසින් සිදු කරයි.කෙසේ වෙතත් මෙය උපකාරක පරීක්ශනයක් පමනි.දරුවාගෙ වර්දන සන්වර්දන ඉතිහාසය රෝග නිර්නයට ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ඔටිසම් වෙනුවෙන් සිදු කල හැකි දේ...🔉🔉🔉🔉🔉

ඔටිසම් වැනි මනෝදෞර්බල්‍ය රෝග සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතා හොද චිකිත්සා පද්ධතියක් පවතී.මෙහිදී දරුවාගේ මොලයේ ස්නායු වර්ධනයට හා නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය මේද්‍ය ද්‍රව්‍ය ලබාදීමෙන් දරුවාගේ ජීවන තත්වය හා කුසලතා ඉහල නැන්වීමට ඉඩකඩ සැලසී ඇත.ප්‍රතිකාර ලබා ගැනීමේදී දරුවාට ගැලපෙන ආහාර රටාවක් ද වෛද්‍ය වරයා විසින් පවසනු ලබයි.

මෙවන් දරුවන්ට සුදුසු ආහාර මෙනවාද ???🤗🤗🤗

ගොටුකොල
ලුනුවිල
එලගිතෙල්
ඔලිව් තෙල්
අඹ
රතුපරිප්පු
මුන් ඇට
කැරට්
නෙල්ලි
කව්පි
දෙලුම්
සම්පූර්ණ යොදය සහිත නැවුම් එලකිරි

නුසුදුසු ආහාර 🔉🔉🔉🔉🔉

කෘතීම ආහාර
ශීත කල කෘතීම බීම
කෙටි කඩ කෑම
සෝස්වර්ග
බිස්කට්
කෘතිම රසකාරක අඩන්ගු චීස් වර්ග

වයස අවුරුදු 10 ට පෙර ප්‍රතිකාරය සදහා යොමුවීමෙන් හොද ප්‍රතිඵලයක් ලබා ගත හැක .ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී එකම රෝගය වුවත් පුද්ගලයා අනුව චිකිත්සාව තරමක් වෙනස් වේ.(ප්‍රකෘර්තිය අනුව).
මීට අමතරව උණ වලිප්පුව රෝග ඉතිහාසයක් ඇති දරුවන්ට ද යම් තරමක් ප්‍රතිකාරය වෙනස් වේ.කෙසේ උවත් ඉතා විශිශ්ට අභ්‍යන්තර මෙන්ම භාහිර ප්‍රතිකාර ආයුර්වේද ක්‍රමයේ මෙවැනි දරුවන් සදහා ඇත .
මොලය හා සම්බන්ද නිල උත්තේජනය කරමින් මොලය හ සම්බන්ද ස්නායු පෝශණය කරමින් ක්‍රියාකාරකම් සිදු කරමින් ඉතා හොද ආහාර සහ විහරණ රටාවක් හදුන්වා දෙමින් ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මගින් ඔටිසම් දරුවන් සමාජයට වැඩදායි දරුවන් ලෙස යොමුකරවිය හැක.දෙමාපියන් ලෙස දරුවන් ට ලබාදිය හැකි හොදම ත්‍යාගය ද එයයි.

විමසීම්,
දු.අ 0774625289
වෛද්‍ය ඒ.යූ.චාමලී BAMS(කොලඹ විශ්වවිද්‍යාලය )
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීනකටු චිකිත්සාව
හෝමාගම

මද සරුබාවයට අත වනන PCOS (polycystic ovarian syndrome ) හෙවත් ඩිම්බ නොමේරීමේ තත්වය පිලිබදව ඔබ දැනුවත් ද????ප්‍රජනක අවදියේ...
12/06/2025

මද සරුබාවයට අත වනන PCOS (polycystic ovarian syndrome ) හෙවත් ඩිම්බ නොමේරීමේ තත්වය පිලිබදව ඔබ දැනුවත් ද????

ප්‍රජනක අවදියේ සිටින්නාවූ කාන්තාවන් මෙම තත්වයට පත්විය හැක.

👉👉👉 ඔබ අක්‍රමවත් ඔසප් චක්‍රයකින් පෙලෙන්නේ ද??

👉👉👉 අත් පා වලට අදික ලෙස දහඩිය දමනවාද???

👉👉👉 විවාහ වී බොහෝ කල්ගත වුවත් දරුවන් ප්‍රමාදයි ද??

👉👉👉අදික ලෙස මුහුනේ කුරුලෑ ඇති වනවාද??

මෙවන් ගැටලු වලට ඔබ මුහුන පා ඇත්නම් බොහෝ විට ඔබටත් PCOS තත්වය තිබෙනවා විය හැක. ඒ නිසා රෝගයේ ස්වභාවය 🔈🔈🔈🔈 එහි ලක්ශන🔈🔈🔈🔈, එය හදුනා ගැනීමට සිදුකරන පරීක්ශන 🔈🔈🔈🔈🔈 සහ නිසි ප්‍රතිකාර මෙන්ම ඔබ විසින් පිලිපැදිය යුතු ආහාර හා චර්‍යා රටා පිලිබදව දැනුවත් වීම අතිශයින්ම වැදගත් ය.

ප්‍රජනක අවදිය ලෙස හැදින්වෙන්නේ වැඩිවියට පැමිනීමේ සිට ආර්තවහරණය වන තෙක් කාල සීමාවයි. එම අවදියේ පසුවන්නන්ගේ මෙම තත්වය සුලබව දැකිය හැකියි.

PCOS තත්වය වෛද්‍ය විද්‍යාත්මකව 🤔🤔🤔🤔🤔

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඩිම්බ කෝශ ගත් ග්‍රන්ථි ලෙස මෙම තත්වය හදුන්වනු ලබනවා. මෙහිදී විවිද මට්ටමේ ග්‍රාෆීය ස්‍යුනිකා (Antral folicles ) පොකුරක් ඩිම්බ කෝශවල දැකිය හැක. ( දළ වශයෙන් 8 ත් 10ත් අතර ප්‍රමානයක් සාමාන්‍ය වේ. 12 ට වැඩි වීම මෙම තත්වයට ලගා වීමකි). මෙහිදී ඩිම්බ අතර තරලමය /දියරමය
ස්වභාවයක් දක්නට ලැබේ. ඒ නිසාම ඩිම්බ කෝශ ගත ගෙඩි/ ග්‍රන්ථි යන නම් වලින් හදුන්වනු ලබයි.

මෙම තත්වයට මූලික හේතුව හෝමෝන වල අසන්තුලිතතාවයයි. එනම් අන්තරාසර්ග ග්‍රන්ති වල ක්‍රියාකරිත්වයේ ගැටලු නිසා ඇතිවේ. මෙහිදී අසන්තුලිත තාවයක් දැක්විය හැකි හෝමෝන අතර👉👉👉

🌐 FSH

🌐LH

🌐ඊස්ට්‍රජන්

🌐ප්‍රොජෙස්ටෙරොන්

🌐ඉන්සියුලින්

🌐ඇන්ඩ්‍ර්ජන්

🌐තයිරොක්සින්

හෝමෝන දැක්විය හැක. ඩිම්බ කෝශ මගින් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් වලට අමතරව සුලු ප්‍රමානයක් ඇන්ඩ්‍රජන් නිපදවනු ලබයි. මෙය පුරුශ ලක්ශන පෙන්නුම් කරන හෝමෝනයක් වන අතර එහි වැඩිවීම මගින් සිත්‍රී ලක්ශන අභිබවා පුරුශ ලක්ශන පෙන්වයි.

හෝමෝන විශමතා ඇති කරවන අන්තරාසර්ග ග්‍රන්ති ලෙස 🤔🤔🤔

🌐පිටියුටරි ග්‍රන්තිය

🌐අග්න්‍යාශය

🌐ඩිම්බකෝශ

🌐තයිරොයිඩ ග්‍රන්ථිය දැක්විය හැක.

මීට අමතරව බොහෝ දෙනෙක් නොදන්නා කරුනක් වනුයේ අදික තරබාරුව හේතුවෙන් ඇතිවන මේදය තැන්පත් වූ එල්ලා වැටුන උදරය හෝමෝන අසන්තුලිතතාවයට හෙතු වන බවයි. මෙම තැන්පත් වූ මේදය (belly fat) මගින් ඇන්ඩ්‍රජන් නිපදවීම සිදු වේ.එය ඩිම්බ පරිනත නොවීමට හේතු වේ. එය pcos ඇතිවීමට අඩිතාලමක් වැටෙන්නක් වේ.මේ නිසා අදිකව එල්ලා වැටුන උදරය පිටතින් ශරීරයේ රූප ශෝබාව අවලස්සන කරනවා පමනක් නොව අභ්‍යන්තරයෙන් සිත්‍රී ලාලිත්‍ය පසුකර පුරුශ ලක්ශන ඉස්මතු කරයි.ක්‍රමවත් ඔසප් චක්‍රයකටඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් හා ඇන්ඩ්‍රජන් නියමිත පරාස වල පැවතිය යුතුයි .

මෙම තත්වය දරුවන් පිලිසිද ගැනීමට බාධාවක් ද??🤔🤔🤔🤔

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දරු පිලිසිද ගැනීමට බලපාන් සාදක හතරක් ඉදිරිපත් කර ඇත.

👉👉 ඍතු - ක්‍රමානුකූල මාසික ඔසප් චක්‍රය .

👉👉ක්ශේත්‍ර - නිරෝගී ගර්භාශය.

👉👉අම්බු - හෝමෝන සමතුලිතතාවය.

👉👉බීජ - නිරෝගී මාතෘ හා පීතෘ බීජ.

මෙම ඩිම්බ පරිනත නොවීම හෙවත් pcos තත්වයේදී ඍතු සහ අම්බු වල විශමතාවයක් ඇති වේ.
පරිනත නොවූ ඩිම්බ කිසිලෙසකත් ශුක්‍රාණු සමග සන්සේචනය නොවේ.

PCOS රෝග ලක්ශන මොනවාද ?? 🤔🤔🤔

භාහිර ලක්ශණ..👉👉

1.අදික තරබාරුව.

මොවුන්ගේ BMI ඉතා වැඩි අගයක් ගනී. බර බලන්නේ උසට සාපේක්ශව වන අතර මොවුන්ගේ උසට සාපේක්ශව බර ඉතා වැඩි වේ.
2. කොන්ඩය යෑම.

මෙය හෝමෝන අසන්තුලිතතාවය නිසා සිදු වේ. ඉතිරි වී ඇති කොන්ඩය ඉතා තුනී වේ.

3.ඝන රෝම වැඩීම.

උඩු හා යටි තොල ආශ්‍රිතව , මුහුන වට ,පියයුරු හා නාබිය අවට ඝනට රෝම වැඩේ. ( සාමාන්‍යයෙන් මෙලෙස දැකිය හැක්කේ පුරුශයින්ගේ පමනි)

4. ගෙල වට, අත්යට අදුරු පැහැය.

ගෙල වටා, අත් යට, ඉකිලිවල පවතින අදුරු පැහැය.බොහෝ විට මෙය ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිරෝදීතාවයත් සමග වර්දනය වනවා ඇත.

5.මුහුනේ අදිකව කුරුලෑ දැමීම.

හෝමෝන අසන්තුලිතතාවය මීට හේතු වේ.

🔈🔈 අභ්‍යන්තරිකව හට ගන්නා පිටතින් පෙන්වන ලක්ශන.

අක්‍රමවත් ඔසප් චක්‍රය .

👉👉👉👉ප්‍රතිකාරය අවශ්‍යම ද?? 👉👉👉👉

සැබවින්ම . බොහෝ දෙනෙක් මෙය නොසලකා සිටියි. ඇතැම් විට දරුවන් සිටින කාන්තාවන් මෙය නොසලකා සිටින්නේ දරු සම්පතට පමනක් මෙය බලපාන කරුනක් සේ සලකාය. නමුත් මෙය නොසලකා සිටීම මගින්...

🔈 දියවැඩියාව
🔈 කොලෙස්ටරෝල්
🔈 අදි රුදිර පීඩනය
🔈 ගබ්සා සිදු වීම
🔈 මද සරුබාවය
🔈 හෘද රෝග සදහා අවදානම
🔈 ගර්භාශ ගත පිලිකා තත්ව ඇතිවිය හැක.

රෝගය ඇතිවීමට බලපාන ඍජු / වක්‍ර කරුනු තිබෙනවාද?🤔🤔🤔

01. ඉන්සියුලින් ප්‍රතිරෝදීතාවය. ( insulin resistance )

අග්න්‍යාශයේ බීටා සෛල මගින් නිපදවන ඉන්සියුලින් රුදිරගත සීනි ප්‍රමාණය පහල දැමීමට උපකාරී වේ. ශරීරයේ ඉන්සියුලින් වලට ප්‍රතිරෝදීතාවයක් හට ගන්නා නිසා අදික සීනි හමුවේ ඉන්සියුලින් වලට ඉහල ඉල්ලුමක් ඇති වේ. මේ නිසා අග්න්‍යාශය මගින් වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවයි. මෙම ක්‍රියාවලිය නිසා ඩිම්බකෝශ මගින් වැඩියෙන් අන්ඩ්‍රජන් නිපදවීම සිදු වේ.

02. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ස්‍රාවය වන තයිරොක්සින් හෝමෝනයේ අඩු වැඩිවීම්.

03. අදික තරබාරුව

04. ජානමය හේතු

05.අහිතකර ආහාර හා චර්‍යා රටා

වර්තමානයේදී ක්ශනික ආහාර භාවිතය බහුලව සිදු වේ. පාන්, බනිස් ,...යනාදී විවිධ නම් වලින් හදුන්වන කෙටි ආහාර ඒවාට යොදන තිරිගු පිටි හා රසායනික ද්‍රව්‍ය නිසාද අදික තෙල් හා සීනි නිසාද තරබාරුව ආ හෝමෝන අසන්තුලිතතාවය ඇති වේ.

චර්‍යා රටා ලෙස...

දිවා කාලයේ නිදා ගැනීම

ව්‍යායාමයක් නැතිකම

රෝගය හදුනා ගන්නා පරීක්ශන මොනවාද?? 🤔🤔🤔🤔

රුදිර පරික්ශාවක් මගින්,, හෝමෝන පරික්ශාව, තයිරොක්සින් පරික්ශාව, රුදිර ගත සීනි පරික්ශව.

ස්කෑන් පරික්ශාව.(ultrasound scan ).
වෛද්‍ය වරයෙක් මුනගැසීමෙන් පසු මෙම පරීක්ශන සදහා ඔබව යොමු කරවනු ලබයි.

මේ සදහා ප්‍රතිකාර තිබෙනවාද?? 👉👉👉👉👉👉👉👉👉👉

ආයුර්වේද ප්‍රතිකාර මගින් අතුරු ආබාධ වලින් තොරව මෙය සුවකරගත හැක.
ආයුර්වේද ප්‍රතිකාර කියූ පමනින්ම තෛල අබ්‍යන්ගය බොහෝ දෙනෙක්ට සිහි වනු ලබනවා. නමුත් මේ සදහා විශිශ්ට අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දක්වා තිබෙනවා. රෝගියාගේ ප්‍රකෘර්තිය, ලෙඩේ ස්වබාවය නිර්නය කර අවශ්‍ය ප්‍රතිකර්මය ලබා දෙනු ලැබේ. තවද ආයුර්වේද ප්‍රතිකාර සමග චීන කටු චිකිත්සාවත් විශිශ්ට ලෙස එකට යොදා ගත හැක.

මෙහිදී කළ යුතු දෑ සහ නොකල යුතු දෑ තිබෙනවාද ?? 🤔🤔🤔

කළ යුතු දෑ 🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈

(භාවිතා කල යුතු ආහාර )

1.පළා වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම .

2.රතු නාඩු, නාඩු බත් ආහාරයට ගැනීම

3.පැපොල් ,නාරම් ,දොඩම් ,බෙලි වැනි පලතුරු ආහාරයට ගැනීම.

4.කොහිල වැනි තන්තු බහුල ආහාර භාවිතය .

5.තිරිගු පිටි වෙනුවට ඕට්ස්, ආටා, කුරක්කන් භාවිතය .

6. ප්‍රමානවත් තරම් ජලය මද රස්නෙන් පානය( බර අනුව ජලය පානය කිරීම)

7.කොල කැද භාවිතය (හීන් බොවිටියා, මොනරකුඩුම්බිය)

ක්‍රියාකාරකම් 🔈🔈🔈🔈🔈🔈🔈

1. දිනකට පැය භාගයක් දහඩිය දමන තෙක් ව්‍යායාමය .

2. යෝග අබ්‍යාසය.

නොකල යුතු දෑ 🔈🔈🔈🔈🔈🔈🔈

ආහාර

1. අදික තෙල්, සීනි හා රසකාරක යෙදූ ආහාර .

2. සෝයා භාවිතය

3. අදික උශ්න ආහාර .

4. කෙසෙල් වැනි කැලරි බහුල ආහාර.

5. හෝමෝන ගසන ලද කුකුලු මස් හා තෙල් බහුල මස් වර්ග.

මෙවැනි ලිපියක් කියවා මෙවැනි රෝග ලක්ශන හා තමන්ගේ රෝග ලක්ශන සන්සන්දනය කර තමන්ට රෝගය ඇතැයි අනුමාන කර මෙවැනි ලිපි වල ඇති අත් බෙහෙත් කිරීමෙන් වලකින්න. යම් සැකයක් මතු වේ නම් ප්‍රතිකාරය සදහා යොමු වන්න. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පුද්ගලයා අනුව චිකිත්සාව /ප්‍රතිකාරය වෙනස් වේ. ඒ සදහා විශිශ්ට ක්‍රම වේදයක් ඇත.එනිසා සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වෙත යොමු වන්න.

විමසීම්,
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීන කටු චිකිත්සාව
හෝමාගම

දු.අ. 0774625289

ස්පා නොවූ ප්‍රතිකාරයක්ම වූ ආයුර්වේද වාශ්ප ස්වේද (steam bath) ක්‍රමය.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔈🔈🔈🔈🔈Steam bath කිවුවම කොයි කවුරු...
07/06/2025

ස්පා නොවූ ප්‍රතිකාරයක්ම වූ ආයුර්වේද වාශ්ප ස්වේද (steam bath) ක්‍රමය.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔈🔈🔈🔈🔈

Steam bath කිවුවම කොයි කවුරුත්ම දන්නා ආයුර්වේදයේ අනර්ග ප්‍රතිකාර ක්‍රමයක් ලෙස වාශ්ප ස්වේද ක්‍රමය හැදින්විය හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පන්චකර්ම කිරීමට පෙර සිදුකරන පූර්ව කර්ම ලෙස මෙම steam bath නොහොත් වාශ්ප ස්වේද ක්‍රමය දැක්විය හැක. මෙහිදී වාශ්ප පිරුන කුටියක් තුල රෝගියා රදවා මුලු ශරීරයටම ඖශධීය ස්වේදය දීමට සලස්වනු ලැබේ. පන්චකර්ම සිදුකිරීමට පෙර තෛල අභ්‍යන්ගය සහ ස්වේද ක්‍රමය යොදන අතර ස්වේදනය සදහා භාවිතා කරන ක්‍රම අතරින් එකක් ලෙස වාශ්ප ස්වේදය හැදින්විය හැක. මෙය ශරීරයේ දෝශ සහ, මළ කොටස් ඉවත් කිරීමට හැකි විශිෂ්ඨ ක්‍රම වේදයකි.

වාශ්ප ස්වේදය සිදුකරන විශේශිත ක්‍රම වේදයක් තිබෙනවාද??🤔🤔🤔🤔🤔🤔🤔🤔🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈

මේ සදහා විශේෂයෙන් දැවයෙන් සෑදූ (රූපයේ දක්වා ඇති පරිදි) පෙට්ට්ටියක් (steam box) භාවිතා කරයි....

හිස එලියට යොමු වන සේ රෝගියා එහි වැතිරවිය යුත්තේ රෝගයට ගැලපෙන ඖෂධීය තෛලයකින් ශරීර අභ්‍යන්ගය සිදුකිරීමෙන් පසුවයි.
ඉන්පසු වාශ්පය එලියට නොඑන සේ හිස පමනක් එලියට එන ලෙස මෙම පෙට්ටිය හොදින් වැසිය යුතුයි...
එක් එක් රෝගයට සරිලන සේ සකසාගත් සුවිශේශී වූ ඖශධීය වාශ්පය රෝගියාට අඛන්ඩව විනාඩි 20ක් පමන ලබා දිය යුතුයි.

වාශ්ප ස්වේදයට (steam bath) පෙර සිදුකල යුතු කරුනු තිබෙනවාද ???????????????🤔🤔🤔🤔🤔🤔🤔🤔

👉👉හොදින් ජලය පානය කිරීම.( වතුර වීදුරු 3ක් පමන)

👉👉ප්‍රතිකාරයට පැයකට පමන පෙර ආහාරයෙන් වැලකීම .

👉👉 යම් ආසාත්මිකතාවයක් ඇත්නම් ඒබව වෛද්‍යවරයාට පැවසීම.

👉👉රෝගයට,ප්‍රතිකාරයට අදාල ඖශධීය තෛලය අභ්‍යන්ගය .

👉👉අධි රුදිර පීඩනය වැනි රෝග වලින් පෙලේනම් ඒ පිලිබදව වෛද්‍යවරයාව දැනුවත් කිරීම..

වාශ්ප ස්වේදය අතරතුර දී ඔබ කල යුතු දෑ.....👍👍👍👍

👉👉👉 හුස්ම ගැනීමට සිත යොමු කරමින් නිවැරදි අවදානයෙන් ප්‍රසන්න මනසකින් සිටීම.

👉👉👉තමන්ට යම් අපහසුවක් දැනෙන්නේ නම් ඒ පිලිබදව වහාම වෛද්‍ය වරයා දැනුවත් කිරීම.

වාශ්ප ස්වේදයේ ප්‍රතිලාබ....👍👍👍👍👍👍👍👍👍👍👍

👉👉 අදික ස්ථූලභාවය අඩු වීම. ( බර අඩු වීම)

👉👉 සම හරහා ශරීරයේ විශ පදාර්ත දහඩිය සමග පිට වීම.

👉👉 රුදිර සන්සරනය කාර්‍යක්ශම වීම

👉👉ආතතිය අඩු වී සැහැල්ලුවක් දැනීම.

👉👉ශරීර කාන්තිය වැඩි වීම.

👉👉අක්මාව සහ වකුගඩු වල ක්‍රියාකාරිත්වය වැඩි වීම.

👉👉 මාන්ශ පේශි ආශ්‍රිත සන්කූලතා සහ ස්නායු ආබාද සදහා සහනයක් දැනීම.

මීට අමතරව පහත රෝග සදහා ප්‍රතිකාරයක් ලෙසද යොදා ගනී.

🔈සන්දිගත වාත(Arthritis )
🔈ගුඩ්‍රසි (sciatica )
🔈කොදු ඇට පෙල ඇද වීම්.( scoliosis )
🔈කොදු ඇට පෙල ආබාද

රූපලාවන්‍ය ප්‍රතිකාරයක් ලෙසටද මෙය වෛද්‍ය උපදෙස් මත සිදුකල හැකියි.

මෙම ප්‍රතිකාරයේ අවදානම් සහගත තැන් තිබෙනවාද??? 🤔🤔🤔🤔

ඔව් . ඔබ අදි රුදිර පීඩනයෙන් පෙලෙන්නේ නම් මෙය නොකල යුතුයි. මෙහිදී රුදිර සන්සරනය ක්‍රමවත්ව වේගවත් ව සිදු වෙයි. එනිසා රුදිර පීඩන වැඩිවී අභ්‍යන්තර රුදිර ගැලීමක් වැනි තත්වයක් ඇති විය හැක.ඒ නිසයි මෙය සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයකුගේ/වරියකුගේ අදීක්ෂණයෙන් සිදු විය යුත්තේ.

මෙය වෛද්‍යවරුන්ගේ අදීක්ෂණයෙන් ම විය යුතුද??

වාශ්ප ස්වේදයේදී මුලින්ම ශරීරයේ තෛල අභ්‍යන්ග විය යුතු ය. එය අදාල රෝගය ,අවස්තාව අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ඔබට ශරීරය කෙට්ටු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ගැලපෙනම තෛලය ඔබේ ශරීර ප්‍රකුර්තිය අනුව වෛද්‍ය වරයා දනී. එමෙන්ම වාශ්පය ලබාදීමට යොදන ඖශධීය දියරය ද ඒ සදහා ගැලපෙන්නක් විය යුතුයි. එය භාවිතා කරන තෛලය සමග ආසාත්මිකතාවයක් ඇති නොවිය යුතුයි.

වැදගත්ම කරුනක් වන්නේ මෙම ප්‍රතිකාරයේදී ඔබ කාන්තාවක් නම් වෛද්‍ය සහායක ලෙස කාන්තාවක් සිටිය යුතු අතර ඔබ පුරුෂයෙක් නම් සහායක ලෙස පුරුෂයෙක් සිටිය යුතුයි.

වර්තමානයේ දි මෙම වටිනා ප්‍රතිකර්මය වානිජ අරමුනින් යම් යම් පහත් අකටයුතුකම් සදහා යොදා ගැනෙන අතර එහි භයානක අතුරුපල රාශිඇත. මෙවැනි ප්‍රතිකාර ලබා ගැනීමේදී ආසාත්මිකතා , රුදිර පීඩනය වැඩි වුවහොත් එම සිතානයේ වෛද්‍ය වරයෙක් සිටිය යුතුමය. මෙම ප්‍රතිකාරය පරම්පරාවෙන් උරුම වූවක් නොව එය හුදෙක් ආයුර්වේද ප්‍රතිකාරයක්මය. එනිසා සුදුසු තැනකින් ප්‍රතිකාරයට යොමු වීම ඔබට බාරය.

ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීන කටු චිකිත්සාව,
හෝමාගම
0774625289.

Address

Magammana
Homagama
10200

Opening Hours

Monday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 14:30
Sunday 09:00 - 19:00

Telephone

+94774625289

Alerts

Be the first to know and let us send you an email when Ashwini ayurvedic medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ashwini ayurvedic medical center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram