Ashwini ayurvedic medical center

Ashwini ayurvedic medical center Treatments for all diseases with best ayurvedic treatments with panchakarma and acupuncture .

12/05/2025
Psoriasis /පොතුකබර රෝගය සහ සියලුම චර්ම රෝග සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය හෝමාගම .දු අ...
05/05/2025

Psoriasis /පොතුකබර රෝගය සහ සියලුම චර්ම රෝග සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය
හෝමාගම .දු අ 0774625289

ඔටිසම් රෝගය ගැන ඔබ දැනුවත් ද??????ඔබගේ කුඩා දරුවා හෝ සමීපතමයකු ගේ ඔටිසම් රෝගය නිසා ඔබත් පීඩාවට පත්ව සිටින මවක් හෝ පියෙක්...
14/03/2024

ඔටිසම් රෝගය ගැන ඔබ දැනුවත් ද??????

ඔබගේ කුඩා දරුවා හෝ සමීපතමයකු ගේ ඔටිසම් රෝගය නිසා ඔබත් පීඩාවට පත්ව සිටින මවක් හෝ පියෙක් ද? නැතිනම් සමීපතමයෙක් ද??
කුමක්ද මේ ඔටිසම් රෝගය කියන්නෙ 🤔🤔මෙය හැදෙන්නෙ කොහොමද?🤔 රෝග ලක්ශන මොනවාද? 🤔හදුනා ගැනීමේ පරීක්ශන මොනවාද? 🤔🤔දෙමව්පියන් විදිහට කල යුත්තේ මොනවාද?🤔විශේශ ප්‍රතිකාර තිබෙනවාද??....... මේ සියල්ල මේ ලිපියෙන් විස්තර කර ඇත ...🤗
කුඩා දරුවකුගේ වර්දනය මෙන්ම සන්වර්දනය ද වැදගත් අන්ගයක්. මෙහිදී සිදුවන්නේ මොලයේ ස්නායු පද්දතියේ ගැටලුවක් නිසා සන්වර්දනයේ දුබලතාවයක් හටගැනීමයි.මෙහිදී ළමා සන්නිවේදනයේ ගැටලු ඇති වේ.මේ අතර ස්නායු පද්දතියේ සියුම් ක්‍රයා(fine motor activities ) සිදු කිරීමටද යම් දුර්වලතාවයක් පවතී .

උදා:මුල් ඇගිලි තුන ආදාරයෙන් පෑනක් ඇල්ලීම වැනි.

ඇතැම් විට වයස අවුරුදු 2 දී පමන හොදින් කතා කරමින් සිටි දරුවන් එක්වර කතනය නැවැත්වීම වැනි අවස්තාද දැකිය හැක.බොහෝ විට දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා හෝ මෙවන් තත්වයක් ඇති බව පිලිගැනීමට ඇති අකමැත්ත නිසා දරුවාට මෙම තත්වය පරදා ජීවිතය ජයගත නොහැකි අසීරු අවස්තාවට පත්වේ.එනිසා රෝගය ගැන දැනුවත් වී ඔහුට හෝ ඇයට නිවැරදිව සමාජ ගත වීමට අවකාශ සලසා දීම අප සැමගේ යුතුකමකි.🤗🤗🤗

නව්‍ය විද්‍යාත්මකව ඔටිසම් පිලිබදව ....🔉🔉🔉🔉

මෙය ASD ලෙස (Autism spectrum disorder ) හැදින්වේ.පෙර සදහන් පරිදි මොලයේ ස්නායු ආශ්‍රිතව ආබාදයක් නිසා සන්වර්දනයේ (development disability )සිදුවන දුර්වලතාවයකි.මෙයට පැහැදිලි හේතුවක් මෙතෙක් තවම සොයාගෙන නැතත් ජානමය හේතුවක් නිසා ඇතිවිය හැකි බව දක්වා තිබෙනවා. මෙම රෝගය විද්‍යාග්නයන් විසින් තවමත් අද්‍යනය කරමින් පවතී.හේතු කිහිපයක් එකතු වීමෙන් උවත් මෙම රෝගය ඇති වේ.
ඔටිසම් වැලදුන විට සිදුවන්නේ කුමක්ද? 🤔🤔
මෙහිදී,,,,
සන්නිවේදනයේ
අන්තර් පුද්ගල සම්බන්දතා පැවැත්වීමේ
මතකය
පරිකල්පනයේ
ගැටලු ඇතිවීම සිදුවේ.මෙහිදී දරුවාගේ ශරීරයෙන් හෝ මුහුනෙන් කිසිදු රෝගී බවක් නිරූපණය නොවන අතර භාහිර පෙනුම සාමන්‍ය දරුවකු සේ දිස් වේ.

මෙම තත්වය ඇති වන්නේ කුමන අවදියේද??
මෙම තත්වය දරුවාට වයස අවුරුදු 3 ටපෙර සිට ඇති වී ජීවිත කාලය පුරාම පවතී.
ඇතැම් දරුවන් මුල් මාස 12 තුල යම් යම් ලක්ශන පෙන්වයි.
ඇතැම් ලක්ශන මාස 24 වන තෙක් නොපෙන්වයි.
ඇතැමුන් වයස මාස 18-24 පමන වන තෙක් ළගා කරගත් සන්නිවේදන හැකියා නැවතීම හෝ තවදුරටත් ලගා වීම සිදු නොවීමත් සිදුවිය හැක.
දැකිය හැකි විශේශ ලක්ශන මොනවාද??🔉🔉🔉🔉

🔉ඇසට ඇස බලා කතා කිරීමේ නොහැකියව.(eye contact )

මෙම දරුවන් තම මවගේ වත් ඇස් දෙස බලා අදහස් හුවමාරුව සිදු නොකරයි.

🔉එකම දේ නැවත නැවත පැවසීම .(Repeating )

යමක් විමසූ විට එයම උච්චාරණය හෝ එකම ක්‍රීඩාවක් නිතරම සිදු කිරීම.

🔉දරුවාගේ නම කියා ආමන්ත්‍රණය කරනවිට ප්‍රතිචාර නොදැක්වීම.(මාස 9 සිට)

🔉මුහුනෙන් හැගීම් ප්‍රකාශ කිරීමේ දුර්වලතාවය , උදාහරණ , දුක,සතුට,පුදුමය.(මාස 9 සිට)

🔉අත් වලින් සන්නිවේදනය මදබව හෝ නොමැති බව (මාස 12 සිට)
උදා : අත් වලින් බායි (good bye) යනුවෙන් පැවසීම.

🔉ඇගිල්ල දිගුකර යමක් පෙන්වීමට හෝ ඉල්ලීමට නොහැකියාව.(pointing )බොහෝවිට මෙම දරුවන් තමාට අවශ්‍ය දේ පෙන්වන්නේ මවගේ ඇගිල්ල භාන්ඩය වෙත යොමුකරවීමට උත්සාහ කිරීමෙන්.
🔉සෙල්ලම් බඩු පේලියට තැබීම .(line up)
මෙම දරුවන් බොහෝවිට සෙල්ලම් භාන්ඩ හදුනා නොගනී.ඔවුන් ඒව පෝලිමට තැබීම සිදු කරයි.මෙම පිලිවෙල තවත් කෙනෙක් විසින් වෙනස් කල විට ඔවුන්ට බොහෝ කේන්ති යාම හෝ නොසන්සුන් වීම සිදු වේ.

🔉කැරකෙන භාන්ඩ දෙස බොහෝ වේලා බලා සිටීම( rotating objects).
බොහෝවිට විදුලි පන්කාව දෙස හෝ රෝද ඇති සෙල්ලම් භාන්ඩ වල රෝදය කරකවමින් ඒ දෙස බලා සිටී.
🔉කතා කිරීම පමා වීම.(speech delay) බොහෝ කල්ගත වී කතා කිරීම හෝ කිසිවක් නොපවසා සිටීම.ඇතැම් දරුවන් හොදින් කතා කරමින් සිට එකවරම කතනය නැවැත්වීම ද දැකිය හැක.(දෙමාපියන් ලෙස අවබෝධ කරගත යුත්තේ වයසට සරිලන ලෙස එම ක්‍රියාකාරකම් සිදුකරනවාද යන්න යි.)

🔉මෙම දරුවන් බොහෝ සතුටට හෝ තමන්ට ප්‍රියමනාප දෙයක් ලැබුන විට අත් නොනවත්වා ගැසීම සිදු කරයි.(hand flapping )

🔉ඉතා සරල ක්‍රීඩාවක් මවුපියන් සමග සිදුකිරීමට ඇති නොහැකියාව.

🔉තමා සමග සිටින අනෙක් පුද්ගලයන් දුකෙන් හෝ සතුටෙන් සිටිනවාද යන්න ඇදිනීමට නොහැක.(මාස 24 දි)

🔉අනෙක් දරුවන් සමග එකතු වී ක්‍රීඩා කිරීමට ඇති අකමැත්ත.(මාස 36)

මෙම දරුවන් ඇතැම් විට වයස අවුරුදු පහ පමන වන විට තම දෙමාපියන් ඉදිරියේ ගීත ගායන කිරීමට ,නැටීමට වැනි ක්‍රියාකාරකම් කිරීමට මැලි කම්ක් දක්වයි.

🔉මෙම දරුවන් අදික ශබ්ද වලට හෝ යම් යම් ශබ්ද වලට,ඇතැම් සුවදවල් වලට දරාගැනීමට අපහසු නොසන්සුන් ගතියක් දක්වයි .

🔉🔉🔉🔉 ඔටිසම් දරුවන්ගේ අනෙකුත් ලක්ශන ...

ඇතැම් දරුවන්ගේ මෙම ලක්ශන දැකිය හැකි බව දක්වා ඇත..

🔉 යමක් අවබෝධ කරගැනීමේ සහ අද්‍යනයේ හැකියාව මදකම.
🔉අදික්‍රියාශීලී බව.
🔉කුඩාකල වරින් වර ඇතිවන වලිප්පුව.
🔉සාමාන්‍ය නොවන ආහාර චර්‍යා රටා සහ නිද්‍රා රටා.
🔉අවස්තාවට නොගැලපෙන චර්‍යා රටා.
🔉නිතර දුක්වීම,හැඩීම හෝ අන් අයට ගැසීම වැනි ක්‍රියා.
🔉භය මදකම හෝ පමනට වඩා භය වීම.

මේවා සියල්ල එක දරුවකු තුලින් දැකිය නොහැකි අතර එක් එක් දරුවා තුලින් ඇතැම් පොදු ලක්ශන සමානව දැකිය හැකි නමුත් ඇතැම් වෙනස් ලක්ශනද දැකිය හැක.

මෙම රෝගය පිලිබදව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් ද???🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔටිසම් රෝගය මනෝදවුර්බල්‍ය රෝගයක් ලෙස හදුන්වා තිබෙනවා .
මෙම මනෝදෞර්බල්‍ය රෝගය පලමු වසර තුන පමන වන විට පැහැදිලිව නිර්නය කර හැකි බව දක්වා ඇත .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගයට පදනම් වන හේතු දක්වා තිබෙනවා .මේ යටතට .....🔉🔉🔉

ගර්භජ හේතු :ගර්භනී සමයේදී ඇති වන තත්වයන්.

👍ගර්භනී කාලයේදී මවට ඇතිවන රෝගී තත්වයන් සහ මව ලබා ගන්නා ඖෂධ .
👍ගර්භනී කාලයේදි මවගේ මානසික මට්ටම සහ චර්‍යා රටාවන්.මව අදික ආතතියෙන් පෙලෙන්නේ නම් සහ නිතරම අදිකව කෝප වී කලහකාරී ව හැසිරෙනවා නම් එය කුසෙහි සිටින දරුවාටද බලපානු ලබයි.
👍මවට ඇතිවන දොලදුක තත්වයන් නොසලකා හැරීමද හේතුවක් බව ආයුර්වේදයේ සදහන් වනවා.

👍ගර්භනී කාලයේදී ලබාගන්නා ආහාර රටාවත් දරුවාගේ මොලය සහ ස්නායු පද්ධතියට වැදගත්.මව විසින් අදිකව කටු,තික්ත,ලවන සහිත ආහාර(කෝපි, චොකලට්,චිලීපේස්ට්,සෝස් ඇතුලු රසකාරක යෙදූ ආහාර...) වැඩිපුර ගැනීමත් මොලය සහ ස්නායු පෝශණයට අවශ්‍ය ගිතෙල්,ගොටුකොල වැනි මේද්‍ය ද්‍රව්‍ය ආහාරයට ගැනීම අඩු වීම.

🔉🔉ජන්මෝත්තර හේතු.; දරුවා ඉපදීමේදී හා ඉපදීමෙන් පසු සිදුවන බලපෑම්....

දරුවා ඉපදීමේදී සිදුවන සන්කූලතා නිසා මොලයට හානි පැමිනිය හැක.එමෙන්ම දරුවාගේ උපත සිදුවන අවස්තාවේදී ප්‍රමානවත් තරම් ඔක්සිජන් නොලැබීම නිසාද දරුවාගේ මොලයේ ස්නායු වලට හානි සිදුවිය හැක.

දරුවා ඉපදීමෙන් පසු නිසියාකාරව මවුකිරි පානය නොකිරීමත් මවුකිරිවල පවත්නා ක්ශීර දෝශත් මෙයට හේතු විය හැක.

දරුවා ජීවත්වන පරිසරය අදික ශබ්ද සහිත නිතර බියවනසුලු පරිසරයක් නම් සහ නිතර කෝලහාල ගැටුම් ඇතිවන පරිසරයක් නම් එයද දරුවාගේ මානසික මට්ටමට බලපානු ලබයි.

දරුවාට ආහාර ලබාදෙන කාලයේ දී පෙර සදහන් කල පරිදි කටු,තික්ත ,ලවන රසයෙන් යුත් ආහාර වැඩිපුර ලබා දීමත් ක්ශනික,කල්තබාගන්නා ද්‍රව්‍ය යෙදූ ආහාර නිතර ලබා දීමත් හේතුවක් වේ.

ප්‍රමානවත් තරම් බාදා නොවූ සුවදායක් නින්දක් දරුවාට ලැබිය යුතුය.එය නොලැබීමත් මෙම තත්වයට හේතුවක් ලෙස දක්වා ඇත.

වර්තමානයේදී නම් දරුවාට රූපවාහිනී ,ජන්ගම දුරකතන ආදී විද්‍යුත් තිර දෙස බොහෝ වේලාවන් දරුවා බලා සිටීමද (මෙය vertual autism ලෙස දක්වා ඇත) හේතුවක් ලෙස දක්වා ඇත.

දරුවාට අවශ්‍ය ආදරය ,සොයා බැලීම නිසියාකාරව නොලැබීමෙන් ද මෙම තත්වය හටගැනිම සහ වර්දනය වීම සිදු වේ.
🔉🔉🔉 සහජ හේතු

මෙහිදී ජානමය හේතු බලපානු ලබයි .මවගේ සහ පියාගේ පාර්ශවයෙන් (ASD)මනෝදෞර්බල්‍ය රෝගය (ඔටිසම් )වැලදුන අයෙක් ඇතිනම් එම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව දක්වා තිබෙනවා .
🔉🔉🔉🔉 ආගන්තුජ හේතු...

මෙහිදී දරුවාට භාහිර බලපෑමක් නිසා සිදුවන හේතු දැක්විය හැකියි.එනම් ,,
👉වැටීමක් හෝ පහර දීමක් නිසා හිසට සිදුවන ආබාදයක් නිසා.
👉දරු ප්‍රසූතියේදී(forceps dilivery ) ඇතිවන ආබාද .ආයුර්වේදයේ මෙය ශිරෝ මර්ම අභිඝාතයක් ලෙස දක්වා ඇත.

🔉ඔටිසම් රෝගී දරුවෙකු කෙරේ අවදානය දෙන්නේ කෙසේද????
විශේෂම කරුණ වන්නේ මොවුන් සාමාන්‍ය දරුවෙකුට වඩා ආදරය,කරුණාව ,රැකවරණය අපේක්ශා කිරීම.ඔවුන්ට විශේෂ අවදානයක් ලැබිය යුතුය.මොවුන් ට යමක් පැවසූ විට ග්‍රහණය කර ගැනීමේ හැකියාව අඩු නිසා මොවුන් අතින් සිදුවන වැරදි වලදී සැර වැර කර බැන වැදීම, පහර දීම වැනි දඩුවම් වලට නොයා යුතුයි.ඔවුන්ට ආදරයෙන් පහදා දිය යුතුය.තරවටු කිරීමෙන් තත්වය උග්‍ර විය හැකි සේම එය එම දරුවාගේ ජීවන තත්වය උසස් කර හොද තාරුණ්‍යයක් ලබාදීමට බාදාවක් විය හැක.

දරුවා සමග ගත කිරීමට කාලය වෙන්කරගැනීම ඉතා වැදගත්.වර්තමානයේ බොහෝ දරුවන්ගේ මවුවරුන් තම රැකියා වලින් පවා ඉවත් වී තම දරුවාගේ මෙම රෝගී තත්වය සමග සටන් කිරීමට කාලය ලබා ගන්නවා.එහෙත් කණගාටුවට කරුන වන්නේ දිනෙන් දින උග්‍ර වන ආර්තික ගැටලු නිසා බොහෝ මවුවරුන් තම දරුවා දිවා සුරැකුම් මද්‍යස්තාන හෝ වෙනත් කාන්තාවක් සමීපයේ දරුවන් දමා තම රැකියාව සදහා පිටත් වීමයි.නමුත් මෙවන් දරුවෙක්ට මවගේ ආදරය නොලැබීමෙන් ද ඇතැම් විට එම ස්තාන වලින් සිදුවන තරවටු කිරීම් වැනි දෑ නිසාද ඔටිසම් තත්වය උග්‍ර විය හැක.
දරුවා නිතර නිවසේ රැදෙයි නම් රූපවාහිනී තිරයට ඇබ්බැහිවීම නිසාද මෙම තත්වය උග්‍ර විය හැක.( virtual autism ).
නිතර දරුවා සමග කතාබහ කරමින් ක්‍රියාකාරකම් වල නිරත වීම සිදුකල යුතුයි.ආදරයෙන් හිස අත ගාමින් කතන්දර ආදිය පැවසීම සිදුකල යුතුයි.ඉතාමත්ම කාර්‍යබහුල මවක් උවත්,

"අවම පැය 6ක් වත් දිනකට තම දරුවා සමගසිටිය යුතුයි."
දරුවාට අවට පරිසරයට හා අනෙකුත් අයට සරිලන සේ වෙනස්විය නොහැකි බව අවබෝද කරගත යුතුයි.හැසිරීම් රටාව එකවර වෙනස් කිරීමට උත්සාහ නොකල යුතුය.
කල යුත්තේ දරුවා සිදුකරන නොගැලපෙන දෑ අමතක කිරිමට අප විසින් වෙනත් ක්‍රියාකාරකමක් සිදුකිරීමයි.

දරුවා සිදුකරන ඉතා කුඩා හෝ ප්‍රගතිශීලී දෙයක් වැඩි වැඩියෙන් අගය කල යුතුයි.

දරුවාට බාදා නොවන ප්‍රමානවත් නින්දක් ලබාදීම සිදු කල යුතුයි.

🔉🔉වැදගත්ම කරුන වන්නේ දරුවාට යම් ගැටලුවක් ඇති බව දෙමව්පියන් විසින් අවබෝද කරගෙන වහාම වෛද්‍යවරයෙක් හමුවීමට යෑමයි.වර්තමානයේදී තාක්ශනය දියුනු නිසා අන්තර්ජාලයෙන් ලෙඩ රෝග පිලිබදව අවබෝදයක් ලබා ගැනීම බොහෝ දෙනෙක් සිදු කරනා දෙයක්. නමුත් මෙවන් තත්වයකදී මෙය දුටු පමනින් හෝ එක් ලක්ශනයක් දෙකක් දුටු පමනින් තමාගේ දරුවා පිලිබදව වැරදි නිගමනයකට එලබෙන්නට එපා.පිලිගත් වෛද්‍ය වරයකු වෙත ගොස් එම උපදෙස් පිලිපදින්න.එය ඔබේ දරුවා වෙනුවෙන් ඔබ ගන්නා වඩාත් දූරදර්ශීම ක්‍රියාවයි.ඇතැම් මවුවරුන් ඔටිසම් තත්වය පිලිගැනීමට මහත් මැලිකමක් දක්වයි.වෛද්‍ය වරුන් පැවසූ පසුවත් එය සාමාන්‍ය තත්වයක් සේ සලකා දරුවාට විශේශ අවදානයක් නොදී එලෙසින්ම දරුවා වර්දනය වීමට සලස්වනු ලබනවා.මෙම ලිපියේ මුල් අවස්තාවේදී සදහන් කර ඇති ආකාරයට ඔටිසම් වැලදුන දරුවන් ට යම් යම් විශේෂ දක්ශතා සහ හැකියාවන් පවතිනවා.මොවුන්ට විශේෂ නිර්මානාත්මක ,ගණිත යනාදී යම් යම් විශේශ හැකියාවන් පැවතිය හැක.ඇතැම් විට යම් වැඩිහිටියකු අසන දෙයකට ඔහුට නිරුත්තර විය හැකි උත්තර ද ලබා දෙන අවස්තා ඇත.එවන් අවස්තා වලදී දෙමාපියන් වැරදි නිගමන වලට එලබේ."මෙයා මේ බොරුවට රගපානවා,මෙහෙම කියනවනම් ඇයි අනික් දේවල් බැරි?" යනුවෙන් පවසමින් එය දරුවාගෙ මුරන්ඩු කමක් සේ සලකා කිසිත් ප්‍රතිකාරයක් නොකර සිටීමට කටයුතු කරනවා.එය දෙමාපියන් ලෙස දරුවාගේ අනාගතය තවත් අගාදයට දැමීමක්.එනිසා ඔටිසම් දරුවා පිලිබදව විශේෂ අවදානය ලබාදී අවශ්‍ය වෛද්‍ය උපදේශය,කතන උපදේශය ,සාමාජීය උපදේශය ලබා දෙන්න.

ඔටිසම් හදුනා ගැනීමට විශේෂ පරීක්ශන තිබෙනවාද ???🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉

මේ සදහා විශේෂ රුධිර පරීක්ශන වැනි දෑ නොමැත .ADOS-2 testing method යන ක්‍රියා පිලිවෙතෙන් ( Autism Diagnostic Observation Shedule ) දරුවාගේ ක්‍රියාකාරකම් සදහා ලකුනු ලබා දීමේ ක්‍රියා පිලිවෙතක් පවතී.(15 සිට 60 දක්වා)
මෙහි කඩයිම් ලකුන 30 වන අතර මෙය මේ සදහාම පුහුනු වූ වෘතිකයකු විසින් සිදු කරයි.කෙසේ වෙතත් මෙය උපකාරක පරීක්ශනයක් පමනි.දරුවාගෙ වර්දන සන්වර්දන ඉතිහාසය රෝග නිර්නයට ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ඔටිසම් වෙනුවෙන් සිදු කල හැකි දේ...🔉🔉🔉🔉🔉

ඔටිසම් වැනි මනෝදෞර්බල්‍ය රෝග සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතා හොද චිකිත්සා පද්ධතියක් පවතී.මෙහිදී දරුවාගේ මොලයේ ස්නායු වර්ධනයට හා නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය මේද්‍ය ද්‍රව්‍ය ලබාදීමෙන් දරුවාගේ ජීවන තත්වය හා කුසලතා ඉහල නැන්වීමට ඉඩකඩ සැලසී ඇත.ප්‍රතිකාර ලබා ගැනීමේදී දරුවාට ගැලපෙන ආහාර රටාවක් ද වෛද්‍ය වරයා විසින් පවසනු ලබයි.

මෙවන් දරුවන්ට සුදුසු ආහාර මෙනවාද ???🤗🤗🤗

ගොටුකොල
ලුනුවිල
එලගිතෙල්
ඔලිව් තෙල්
අඹ
රතුපරිප්පු
මුන් ඇට
කැරට්
නෙල්ලි
කව්පි
දෙලුම්
සම්පූර්ණ යොදය සහිත නැවුම් එලකිරි

නුසුදුසු ආහාර 🔉🔉🔉🔉🔉

කෘතීම ආහාර
ශීත කල කෘතීම බීම
කෙටි කඩ කෑම
සෝස්වර්ග
බිස්කට්
කෘතිම රසකාරක අඩන්ගු චීස් වර්ග

වයස අවුරුදු 10 ට පෙර ප්‍රතිකාරය සදහා යොමුවීමෙන් හොද ප්‍රතිඵලයක් ලබා ගත හැක .ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී එකම රෝගය වුවත් පුද්ගලයා අනුව චිකිත්සාව තරමක් වෙනස් වේ.(ප්‍රකෘර්තිය අනුව).
මීට අමතරව උණ වලිප්පුව රෝග ඉතිහාසයක් ඇති දරුවන්ට ද යම් තරමක් ප්‍රතිකාරය වෙනස් වේ.කෙසේ උවත් ඉතා විශිශ්ට අභ්‍යන්තර මෙන්ම භාහිර ප්‍රතිකාර ආයුර්වේද ක්‍රමයේ මෙවැනි දරුවන් සදහා ඇත .
මොලය හා සම්බන්ද නිල උත්තේජනය කරමින් මොලය හ සම්බන්ද ස්නායු පෝශණය කරමින් ක්‍රියාකාරකම් සිදු කරමින් ඉතා හොද ආහාර සහ විහරණ රටාවක් හදුන්වා දෙමින් ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මගින් ඔටිසම් දරුවන් සමාජයට වැඩදායි දරුවන් ලෙස යොමුකරවිය හැක.දෙමාපියන් ලෙස දරුවන් ට ලබාදිය හැකි හොදම ත්‍යාගය ද එයයි.

විමසීම්,
දු.අ 0774625289
වෛද්‍ය ඒ.යූ.චාමලී BAMS(කොලඹ විශ්වවිද්‍යාලය )
ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය සහ චීනකටු චිකිත්සාව
සිද්දමුල්ල
පිලියන්දල ,කොට්ටාව .

Shout out to my newest followers! Excited to have you onboard!Sanjeewa Kumarasinha, Widuruwan Waruna Jayawardana, Gnanar...
24/01/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Sanjeewa Kumarasinha, Widuruwan Waruna Jayawardana, Gnanarathana Podi Hamudhuruvo

නවතම ශාඛාව කොට්ටාව ,සිද්දමුල්ල ,පිලියන්දල .විමසීම් 0774625289
23/01/2024

නවතම ශාඛාව කොට්ටාව ,සිද්දමුල්ල ,පිලියන්දල .
විමසීම් 0774625289

නවතම ශාඛාව කොට්ටාව ,සිද්දමුල්ල,පිලියන්දල .විමසීම් 0774625289
23/01/2024

නවතම ශාඛාව කොට්ටාව ,සිද්දමුල්ල,පිලියන්දල .
විමසීම් 0774625289

Address

Siddamulla
Kottawa
10230

Opening Hours

Monday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 14:30
Sunday 09:00 - 19:00

Telephone

+94774625289

Alerts

Be the first to know and let us send you an email when Ashwini ayurvedic medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ashwini ayurvedic medical center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram