01/12/2025
1. නිවසට ඇතුළු වීමට පෙර ආරක්ෂාව තහවුරු කරගන්න
⭕️ විදුලිය: ප්‍රධාන ස්විචය (Main Switch) On කරන්න කළින් සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ගෙන්වා ගෙදර වයරින් පද්ධතිය පරීක්ෂා කරගන්න. තෙත සහිත බිත්තිවල විදුලිය කාන්දු වන්න පුළුවන් .
⭕️ ගොඩනැගිල්ලේ ශක්තිය: ගෙදර බිත්ති ඉරිතලල හරි අත්තිවාරම් ගිලා බැහැලද කියල බලන්න. වහලය හරි බිත්ති කඩා වැටීමේ අවදානමක් ඇත්නම් ඇතුළු වන්න එපා.
⭕️ හානිදායක සතුන් : ගංවතුරත් එක්ක පැමිණි සර්පයන්, මීයන් වැනි සතුන් ගෘහ භාණ්ඩ අස්සේ අඳුරු මුලු වල සැඟවී ඉන්න පුලුවන්. හොඳින් පරීක්ෂා කරල යන්න.
2. පිරිසිදු කිරීම් (Cleaning)
⭕️ ආරක්ෂිත ඇඳුම්: පිරිසිදු කරන විට සෑම විටම අත් ආවරණ (Gloves) සහ බූට් සපත්තු පළඳින්න. මඩ සහ වතුර විෂබීජ සහිත විය හැක.
⭕️ භාණ්ඩ: වතුරට යට වූ මෙට්ට, කොට්ට සහ පිරවුම් සහිත ගෘහ භාණ්ඩ නැවත භාවිතා කිරීමේදී කල්පනාකාරී වන්න. ඒවායේ පුස් (Mold) හටගත හැකි බැවින් හොදින් අව්වේ වේලා ගන්න (නැතහොත් ඉවත් කරන්න).
⭕️ විෂබීජ නාශක: නිවස සේදීමේදී විෂබීජ නාශක දියර භාවිතා කරන්න.
3. සෞඛ්‍ය ආරක්ෂාව (Health)
⭕️ මී උණ (Leptospirosis): ඔබ ගංවතුර පවතින විට ජලයේ ඇවිද්දේ නම් හෝ තුවාල සහිතව ජලයට බැස්සේ නම්, වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයෙන් හෝ ළඟම රෝහලෙන් 'ඩොක්සිසයික්ලින්' (Doxycycline) ඖෂධය ලබා ගන්න. උණ ගැන අවධානයෙන් සිටින්න.
⭕️ ළිං ජලය: ගංවතුරට යට වූ ළිං ජලය පිරිසිදු කර (PHIs මහතුන්ගේ උපදෙස් මත ක්ලෝරිනීකරණය කර) මිස භාවිතා කරන්න එපා. දැනට බෝතල් කළ හෝ උණුකර නිවාගත් ජලය පමණක් බීමට ගන්න.
#පරිස්සමින්ඉන්න