ස්වර්ණ ඔසු - Swarna Osu

ස්වර්ණ ඔසු - Swarna Osu ස්වර්ණ ඔසු - Swarna Osu

02/01/2022
https://youtu.be/HnQ89kXG_hE
23/06/2021

https://youtu.be/HnQ89kXG_hE

🌏ප්‍රාණ ඖෂධය Online Order කිරීමට www.Praana.lk වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න📞ප්‍රාණ ඖෂධය නිවසටම ගෙන්වා ගැනීමට 077 200 75 66 අමතන්නතවමත් PR...

ස්වර්ණ ලක්ෂ්මී සිරිකත සුවඳ ධුපය..“දෙවිවරු සුවඳට ප්‍රිය කරති.”ලංකාවේ ගොඩක් ගෙවල්වල, කඩවල් වල උදේ හවස දුම් අල්ලනවා ඔබ දැකල...
24/09/2020

ස්වර්ණ ලක්ෂ්මී සිරිකත සුවඳ ධුපය..

“දෙවිවරු සුවඳට ප්‍රිය කරති.”

ලංකාවේ ගොඩක් ගෙවල්වල, කඩවල් වල උදේ හවස දුම් අල්ලනවා ඔබ දැකලා ඇති. ගොඩක් අය මේ වැඩේට පාවිච්චි කරන්නේ සාම්බ්‍රානි කැට වලින් හදාගත්ත කුඩු වර්ගයක්. තවත් සමහරෙක් කඩෙන් ගන්න තියෙන එක එක ජාතියේ සුවඳ කුඩු පැකට් අරන් දුම් අල්ලනවා. හැබැයි මේ වර්ග දෙකෙන්ම ඔබට එන්නේ සුවඳක් විතරයි. උදේ හවස දුම් අල්ලද්දී ඔබේ හිතේ තියෙන ප්‍රර්ථනා වලට ජීවයක් දෙන්න මේ සුවඳට පුලුවන්ද කියන කාරණයේ ගැන ප්‍රශ්නයක් ඔබට එන්නේ මෙතනදී. ඉතින් ඔබේ ප්‍රර්ථනා ඉටුවෙලා, ඔබට ජය අරන් එන බලගතු සුවඳ ධූපයක් අපි ඔබටත් ලබා දෙනවා.

අගිල්/ ගුගුල්/ සුවඳ කොට්ටං/ පු සාම්බ්‍රානි/ කවඩි සාම්බ්‍රානි/ විෂ්ණු ක්‍රාන්ති/ නාමල් රේණු/ නෙලුම් රේණු/ සුදු හඳුන්/ රත් හඳුන්/ අමු කපුරු/ කපුරු, කියන මෙ ඖෂධ වර්ග නියමිතව යොදල තමයි මෙම සුවඳ ධුපය හදන්නේ.
ඊට අමතරව මනා ලෙස පේ වී,

“ ඒ තේ සං අනුභාවේන
සබ්බ භූතානි වදිදිනෝ
චතු වී සති කේජේන
සබ්බ වින විනස්සතු”

ඉහත පාඨයෙන් 108 වරක් ජීවම් කරලා ඉවරවෙලා, නැවත ජය පිරිතෙන් 108 වරක් ජීවම් කිරිමෙන් ධුපය බල ගන්වා ඇත.

ප්‍රතිඵල :-

- යක්ෂ,ප්‍රේත ,භූත දෝෂ දුරුවේ.
- දේව ආකර්ෂණය ලැබේ .
- දියුණුව, කීර්තිය ,යසස ,සෞභාග්‍යය උදා වේ.
-අණ,විණ දෝෂ වල බලපෑම් මර්දනය කරගත හැකිය.
- සිතේ පවතින නොසන්සුන බව නැති වේ.

මේ සුවඳ ධූපයෙන් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට දේව ආකර්ෂණය වැඩිවෙලා ධනය, බලය, දියුණුව උදාකරගන්න පුළුවන්.

පිළිවෙත් :

සතියට දින තුනක් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට මෙම සුවඳ දුම් අල්ලන්න.
දෙවියන්ට පින් අනුමෝදන් කර තම අපේක්ෂා පවසන්න. ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට මෙම සුවඳ දුම් සවස අල්ලමින් දියුණුව හා ජයග්‍රහණය කැන්දාගන්න.

( ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවින් අවශ්‍යම අය විමසන්න )

දිගු නිහැඬියාවකට පස්සේ අපි නැවතත් ඔබ හමුවට ආවා වැදගත් දෙයක් ගැන කතා කරන්න. මේ දවස් වල මුලු ලෝකයම භීතියට පත් කරමින් පැතිර...
03/05/2020

දිගු නිහැඬියාවකට පස්සේ අපි නැවතත් ඔබ හමුවට ආවා වැදගත් දෙයක් ගැන කතා කරන්න.

මේ දවස් වල මුලු ලෝකයම භීතියට පත් කරමින් පැතිරෙන කොවිඩ්19 වෛරසය, ශ්‍රී ලංකාවෙ ඉන්න අපටත් දරුණුවට බල පාමින් තියනව. කුඩා දරුවගේ ඉඳන් මහලු අය දක්වා සියලු දෙනා, කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් පීඩාවට පත් වෙලයි ඉන්නෙ. අපේ සෞඛ්‍ය අංශ මේ තත්වය සමනය කරන්න උපදෙස් සහ ප්‍රතිකාර ලබා දෙනව. නමුත් වෛරස් රෝග සම්බන්ධයෙන් දේශීය වෙදකමේ දැක්ම සමාජගත වෙනව අඩුයි. අපි මුලින්ම බලමු වෛරස් කියන්නෙ මොනාද කියල.

වෛරසයක් කියන්නෙ දැනට පවතින කුඩාම පරපෝෂිත වර්ගයක්. බැක්ටීරියා, විවිධ පනු වර්ග, පුස් වර්ග වගේ තව අය ඉන්නව. සාමාන්‍යයෙන් වෛරස් ප්‍රමාණයෙන් 0.02 සිට 0.3μm(මයික්‍රොමීටර් එකිව්වෙ මිලි මීටරෙනුත් දාහෙන් එකක්) දක්ව වෙනව. , නමුත් සමහර වෛරස් 1μm තරම් විශාලයි.

වෛරසයක ප්‍රෝටීන් කබායකින් වට වෙච්ච තනි න්‍යෂ්ටික අම්ල (ආර්එන්ඒ හෝ ඩීඑන්ඒ) හරයක් සහ සමහර විට වෛරස් ගුණනය ආරම්භ කිරීමට අවශ්‍ය එන්සයිම අඩංගු වෙනව. වෛරස් වලට තව බෝවෙන්න පුලුවන් සතුන්, ශාක හා බැක්ටීරියා වල සෛල තුළ පමණක් වන අතර, ඒවා අනිවාර්ය අන්තර් සෛල පරපෝෂිතයන් ලෙස හැඳින්වෙනව.

ඒ කියන්නෙ නිකන් එලියෙ ප්ලාස්ටික් හරි ලෝහ හරි මතුපිටක මේවා තිබුනට ආයි වර්ගයා බෝ කරගන්න බැහැ. ඒකට වෙනත් ජීවියෙක්ගෙ සපෝට් එකක් ඕනමයි.

වෛරස් ආසාදනය වන්නේ

* සෘජු සම්බන්ධතා සම්ප්‍රේෂණය: (ආසාදිත හා ආසාදිත නොවන විෂයක් අතර භෞතික සම්බන්ධතා හරහා)

* වක්‍ර සම්ප්‍රේෂණය: ( දූෂිත වස්තූන් හෝ උපකරණ හෝ බෙදාගත් ආහාර ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය සමඟ සම්බන්ධය)

* පොදු වාහක සම්ප්‍රේෂණය: (පොදුව මළ මූත්‍රාවලින් දූෂිත ආහාර හෝ ජල සැපයුම් වලින් වෛරසය සම්ප්‍රේෂණය වීම අදහස් කෙරේ. මෙය බොහෝ විට වසංගත රෝග ඇති කරයි.)

* වාතයෙන් සම්ප්‍රේෂණය: (වෛරසය ආශ්වාස කරන විට ඇතිවන ශ්වසන ආසාදනය)

තව විස්තර අපි මීලඟ ලිපියෙදි බලමු.

සමහරු සුදු ලූනුු වලට කැමතියි. සමහරු අකමැතියි, සුදු ලූනු ගඳයි කියලා. සුදු ලූනුවල ඖෂධීය ගුණ දන්නවා නම් කැමැති අකැමැති කවුු...
21/12/2017

සමහරු සුදු ලූනුු වලට කැමතියි. සමහරු අකමැතියි, සුදු ලූනු ගඳයි කියලා. සුදු ලූනුවල ඖෂධීය ගුණ දන්නවා නම් කැමැති අකැමැති කවුුරුත් සුදු ලූනු හොය හොයා ගනියි. සුදු ලුනුවලට අකැමැති අයට දැනගන්න යාළුවෝ අතරෙ මේ විස්තර බෙදා‍ ගන්න....

ගැස්ට්‍රයිටිස් ද? මෙන්න විසඳුම්...
19/12/2017

ගැස්ට්‍රයිටිස් ද? මෙන්න විසඳුම්...

ඔබගේ සියලුම ජෞතිෂ්‍ය කටයුතු
29/12/2016

ඔබගේ සියලුම ජෞතිෂ්‍ය කටයුතු

නොමිලේ රෝගී පරීක්ෂා සායනයක් දෙසැම්බර් මස 10, 11 ස්වර්ණ ඔසුහිදී පැවැත්වේ. කාරුණික ස්වර්ණ ඔසු වෛද්‍යවරු/වෛද්‍යවරියන් ඔබගේ ...
08/12/2016

නොමිලේ රෝගී පරීක්ෂා සායනයක් දෙසැම්බර් මස 10, 11 ස්වර්ණ ඔසුහිදී පැවැත්වේ. කාරුණික ස්වර්ණ ඔසු වෛද්‍යවරු/වෛද්‍යවරියන් ඔබගේ රෝග පරීක්ෂාව කිසිදු අය කිරීමකින් තොරව සිදු කරයි. ප්‍රතිකාර ඔබට අවශ්‍ය නම් පමණක්, එදින හෝ වෙන දිනයක නැවත පැමිණිය හැක. 0117 44 66 16 අමතා වෙලාවක් වෙන් කරවාගන්න. මෙය දණහිස කැක්කුම්, පාද වල වේදනාව, වළලුකර වේදනාව, ආතරයිටිස් සඳහා විශේෂ වේ.

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කැඩුම් බිඳුම් සිද්ධ වෙන්න පුළුවන්. වැටීම්, වැදීම්, පෙරලීම් නිසා ශරීරයේ අස්ථි (bones), සන...
08/12/2016

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කැඩුම් බිඳුම් සිද්ධ වෙන්න පුළුවන්. වැටීම්, වැදීම්, පෙරලීම් නිසා ශරීරයේ අස්ථි (bones), සන්ධි (joints), මාංශ පේශී (muscles), අනෙකුත් පටක (ligaments, cartilage ect.) ආශ්‍රිතව වෙනස් වීම් ඇතිවෙනවා. මෙවැනි වෙනස් වීම් නිසා වේදනාව, ඉදිමීම, සන්ධි නිසි පරිදි ක්‍රියා කරවීමට නොහැකි වීම ආදිය අත් දැකීමට සිදු වෙනවා.

කැඩුම් බිඳුම් රෝග
• අස්ථි භග්න (fractures)
• සන්ධි පැනීම (joint dislocations)
• මාංශ පේශි ඉරීම (muscle strains)
• පටක ඉරීම (ligament sprains)
• තැලීම් (bruises)

ඉහත ඕනෑම රෝගයක් අපේ ශරීරයේ තිබෙන ස්වාභාවික සුව කිරීමේ හැකියාව මඟින් කාලයත් සමඟ සුව වෙනවා. නමුත් එම සුව වීමට නිසි මඟ පෙන්වීමක් නොකලහොත් පෙර තිබූ ක්‍රියාකාරීත්වය ලැබෙන්නේ නැහැ වගේම සුව වීමට ගත වන කාලයත් වැඩියි.
එනිසා නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එමඟින් සුව වීම ඉක්මන් වීම, පෙර තිබූ තත්ත්වය ලබාගැනීම, විකෘති වීම් වැලැක්වීම වැනි ප්‍රතිලාබ ලබාගන්න පුළුවන්.

2017 ඔබට කොහොමද? නිවැරදි ඵලාපල සඳහා 0117 44 66 16 අමතා වෙලාවක් වෙන් කරවාගන්න.
28/11/2016

2017 ඔබට කොහොමද? නිවැරදි ඵලාපල සඳහා 0117 44 66 16 අමතා වෙලාවක් වෙන් කරවාගන්න.

පීනස යනු ආසාත්මිකතාවයක්. එය පාරම්පරික හෝ පාරම්පරික නොවිය හැකියි. සීතල ආහාර පාන ගත් විට, උදෑසනම අවදි වූ විට හිසේ කැක්කුම,...
03/11/2016

පීනස යනු ආසාත්මිකතාවයක්. එය පාරම්පරික හෝ පාරම්පරික නොවිය හැකියි. සීතල ආහාර පාන ගත් විට, උදෑසනම අවදි වූ විට හිසේ කැක්කුම, කිවිසුම් යෑම, සොටු දියර ගැලීම පීනස රෝගයේ පොදු ලක්ෂණ යි. මෙසේ වෙන්නේ නාසයත් ඒ ආශ්‍රිත කෝටරක වැනි කොටස් වලත් බිත්ති ඉදිමීම හා ස්‍රාවයන් පිට වීම නිසායි.

පීනස ඇති වෙන්නේ ඇයි
• පරිසර තත්ත්වය - අධික ශීතල, අධික රස්නය
• ආහාර වර්ග - ශීත කළ ආහාර පාන වර්ග, තැඹිලි, අන්නාසි , තක්කාලි, අච්චාරු, බිත්තර, කිරි, රටකජු වැනි ආහාර රෝගියාගෙන් රෝගියාට වෙනස්ව බලපායි.
• වැරදි ජීවන රටා - රාත්‍රියට දිය නෑම, නින්ද අඩු වීම, රාත්‍රියට ශීතල ආහාර පාන ගැනීම
• රෙදිවල කාපට්වල ඇති දූවිලි
• දුම්වැටි, මදුරු දඟර, දර ලිප් දුම
• සුවඳ විලවුන් වර්ග
• විදුලි පංකා, වායු සමීකරණ

පීනස වැලදෙන්නේ කාට ද?
වයස අවුරුදු 5න් පසු ඕනෑම කෙනෙකුට

සුව කරන්නේ කොහොමද?
පීනස නිසා ඇතිවෙන රෝග පීඩාව දේශීය ඖෂධවලින් සුව කරන්න පුළුවන්. සුදුසු වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවෙන් පසු ලබා දෙන ඖෂධ භාවිතය මෙන්ම, වැරදි ජීවන රටා අතහැර නිවැරදි ලෙස හුරු වීමත් අත්‍යාවශ කාරණයකි.

Address

Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණ ඔසු - Swarna Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category