01/12/2025
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී ඇත !
එච්.අයි.වී වෛරසය හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය ශරීර ගත වීම නිසා ඇති වන රෝගී තත්වය ඒඩ්ස් (Acquired Immuno deficiency syndrome ) / නතුකරගත් ප්‍රතිශක්තිකරණ ඌණතා සහලක්ෂණය ලෙස හඳුන්වයි.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, රුධිර පාරවිලයනය සහ වෙනත් පටක කොටස් බද්ධ කිරීම් හරහා මෙම වෛරස ආසාදනය වැළඳීමේ අවධානමක් පවතී.
මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ පරීක්ෂාකිරීම් වලට බඳුන් කිරීම තුළින් රෝගය හඳුනා ගැනීමත් , එච් අයි වී ආසාදිතයන් වෙනස් කොට සැළකීම වැළැක්වීමත් ඒ හරහා සමානත්මතාව සහ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් වර්ධනය කිරීමත් යන කරුණු වේ.
එච්.අයි.වී බොහෝ විට අනාරක්ෂිත ලිංගික සබඳතා හරහා පැතිරීම සිදුවන අතර ආරක්ෂිත ලිංගික සබඳතා පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය මෙම තත්වය පැතිරීම වැළැක්වීම සඳහා වැදගත් වේ. එච්.අයි.වී වැළැක්වීම සඳහා කොන්ඩම් භාවිතය ප්‍රවර්ධනය වැදගත් වන අතර නිවැරදිව භාවිතා කළ විට එය ඉතාමත් සාර්ථක ලෙස මෛ වෛරසය ආසාදනය වළක්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල් වල ලිංගාශ්‍රිත රෝග සායන හරහා කිසිදු අයකිරීමකින් තොරව එච්.අයි.වී සඳහා පරීක්ෂණ සිදුකරවා ගත හැකි අතර රහස්‍යභාවය පිළිබඳ විශේෂ අවධානයක් එහිදී යොමු කරන අතර වෙනත් සායන මෙන් ස්ථාන කිහිපයක ලියාපදිංචි වීමකින් තොරව ඍජුව මෙම සායන වෙත ගොස් පෞද්ගලිකව පරීක්ෂණ සිදුකරගැනීමේ සහ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතී.
වගකිවයුතු පුරවැසියක් ලෙස මෙම වෛරස ආසාදිතයන් වෙනස් කොට නොසැළකීමත් , රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා හැකි දායකත්වය ලබාදීමත් සියළු දෙනා සතු වගකීමකි.