03/09/2025
සමට සිදු කරන PRP ප්‍රතිකාරය ගැන ඔබ දන්නවාද?
🟣PRP යනු කුමක්ද?
*වෛද්‍ය වරයෙකු විසින් රෝගියාගේ රුධිර සාම්පලයක් යන්ත්‍රානුසාරයෙන් අධික වේගයෙන් කරකැවීම (centrifuge) මගින් රුධිර පට්ටිකා සන්ද්‍රගත තරලයක් ලෙස ලබා ගැනීම සිදු කරයි.
*සම හිරිවැටීම සඳහා ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කර විනාඩි 20ක් 30ක් පමණ ගත වූ පසු මෙම ප්‍රතිකාරය සිදු කරන නිසා වේදනාව ඉතා අවමය.
*මෙය microneedeling සහ එන්නත් ලෙස මුහුණේ හෝ හිසේ සමට ඇතුල් කරයි.
*සමහර විට ලේසර් ප්‍රතිකාර සමගද එක්ව සිදු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක
🟣PRP ක්‍රියා කරන්නේ කොහොමද?
*අධි සාන්ද්‍ර පට්ටිකා මගින් අධික ලෙස වර්ධක සාධක නිදහස් කරයි.මේවා නිසා නව පටක සහ සෛල නිර්මාණය කරමින් සමේ ඇති ගැටළු රාශියක් විසඳයි.
🟣PRP කා සඳහාද?
සමේ ඇති වන ප්‍රශ්න රාශියකට මෙම ප්‍රතිකාරය මගින් විසඳුම් ලබා ගත හැකියි.
*සමේ ඇති සියුම් රැළි වැටීම්
*Uneven skin tone (සමේ ඇති වර්ණයේ අසමාන බව)
*අඳුරු ලප
* හෝමෝන වල විෂමතා නිසා ඇති වන හිසකෙස් ගැලවී යාම (ගැහැණු හෝ පිරිමි)
*කුරුලෑ කැළැල්,වලවල්
*සමේ ඇති වන් ඇදීමේ කැළැල්(Stretch marks)
*ඇස් යට කළු වීම් (Dark circles)
🟣මේ ප්‍රතිකාරය අතුරු අබාධ මොනවාද?
*ප්‍රතිකාරය සිදු කළ දිනයේ සම තරමක් රතු වීම,සහ සුළු වේදනාවක් තිබිය හැක.නමුත් එය පැය කිහිපයක් ඇතුළත සමනය වේ.
*රෝගියාගේ රුධිරයෙන් ලබා ගන්නා නිසා ආසාත්මිකතා (allergy) සිදු නොවේ.
🟣ප්‍රතිඵල ලැබීමට කොතරම් කලක් ගත වෙයිද?
*සති 3ක් 8ක් පමණ කාලයකදී සමේ වර්ණයේ සහ ස්වභාවයේ වර්ධනයක් දැකිය හැකියි.
ප්‍රතිකාරයක් පසු සිදු කළ යුත්තේ මොනවාද?
*මුහුණ සේදීම පැය 3කට වත් ප්‍රමාද කළ යුතුයි.
*හොඳින් ජලය පානය කළ යුතුයි.(ලීටර් 2.5ක් පමණ)
*සති 2ක් පමණ යන තෙක් SPF 50ට වැඩි sun cream එකක් සහ moisturizer එකක් භාවිතා කළ යුතුයි.
*තද අව්වේ සිටීම සති 2ක් වත් නොකල යුතුයි
*මුහුණට කරන් ප්‍රතිකාර සති 2ක් 3ක් වත් ප්‍රමාද කළ යුතුයි.
🟣PRP ප්‍රතිකාරය සිදුකළ නොහැක්කේ කාටද?
*Aspirin,clopidogrel වැනි රුධිර පට්ටිකා වල ක්‍රියාකාරිතවය අඩු කරන ඖෂධ ගන්නා පුද්ගලයන්ට.
*Autoimmune රෝග සහිත පුද්ගලයන්.
*රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වන රෝග සහිත පුද්ගලයන්.
*සමේ ඇති ආසාදන තත්වයන්
31/05/2024
Merit Health and Skincare
Kurunegala
රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා විමසන්න
0704200091
කරුණාකර මුල් කතෘ අයිතිය සුරකින්න