11/03/2026
මේ දවස්වල ශ්‍රී ලංකාවේ කාලගුණය ඉතා උණුසුම් සහ හිරු එළිය වැඩියි ☀️. එම නිසා ශරීර උණුසුම වැඩි වීම පහසුවෙන් සිදුවිය හැක.
ඔබගේ ශරීරය සිසිල්ව තබා ගැනීමට සරල උපදෙස් කිහිපයක් මෙන්න.
💧 1. ජලය සහ දියර වැඩියෙන් පානය කරන්න
දිනකට ලිටර් 2.5 – 3 ක් පමණ ජලය පානය කරන්න.
ස්වභාවික පාන වඩා හොඳයි:
🥥 තැඹිලි
🌾 බාර්ලි වතුර
🌼 බෙලිමල් හෝ රණවරා
මේවා ශරීරය සිසිල් කරයි .
🥒 2. ශරීරය සිසිල් කරන ආහාර කන්න
ශරීර උෂ්ණත්වය අඩු කරන ආහාර:
🥒 පිපිඤ්ඤා
🍉 කොමඩු
🥭 පැපොල්
🌿 ගොටුකොල සම්බෝල
🥛 කිරි හා පැනි
උණුසුම් කාලයේ තෙල් වැඩි, බැදපු සහ ඉතා මිරිස් සහිත ආහාර අඩු කරන්න.
🌿 3. ආයුර්වේදට අනුව උපදෙස්
✔ ශරීරයේ තෙල් අභ්‍යංගය ( Oil Abyanga )
✔ ඖෂධීය ජලයේ ගිල්වීම (Herbal Bath )
✔ ශිරෝ අභ්‍යංග (Shiro Abhyanga)
ශරීර උෂ්ණත්වය සහ මානසික ආතතිය අඩු කරයි.
🚿 4. සිසිල් ජලය නාන්න
හැකි නම් දිනකට දෙවරක් නාන්න.
මෙය ශරීරයට සිසිලක් සහ සුවපහසුවක් ලබා දේ.
👕 5. සැහැල්ලු ඇඳුම් අඳින්න
✔ කපු (cotton) ඇඳුම් අඳින්න
✔ අඳුරු හෝ තද ඇඳුම් උදෑසන හා දවල් කාලයේ වළකින්න
😴 6. ප්‍රමාණවත් විවේක ගන්න
හොඳ නින්දක් ලබා ගන්න.
පෙ.ව. 11 සිට ප.ව. 3 දක්වා දැඩි හිරු එළියට යාමෙන් වළකින්න.
✅ අමතර ආයුර්වේද උපදෙස්
කොත්තමල්ලි වතුර උදෑසන පානය කරන්න.
එය ශරීර උෂ්ණත්වය අඩු කර ආහාර ජීර්ණය වර්ධනය කරයි.
These days in Sri Lanka the weather is very hot and sunny ☀️, so the body can easily feel tired, dehydrated, and overheated. Here are some simple ways to keep your body fresh and cool:
💧 1. Drink Plenty of Fluids
Drink 2.5–3 liters of water per day.
Natural drinks are better:
🌱King coconut (Thambili) 🥥
🌱Fresh lime juice
🌱Barley water
🌱Belimal or Ranawara herbal drink
These help cool the body and prevent dehydration.
🍉 2. Eat Cooling Foods
Choose foods that reduce body heat:
🌱Cucumber
🌱Watermelon
🌱Papaya
🌱Gotukola sambol
🌱Curd with treacle
Avoid too much fried, spicy, and oily foods in hot weather.
💆 3. Ayurvedic Body Cooling Tips
🌱Herbal oil head massage (coconut oil or herbal oil)
🌱Cool herbal bath with neem leaves or sandalwood
🌱Shiro Abhyanga (head oiling) to reduce body heat and stress.
🚿 4. Take Cool Baths
Take 2 baths a day if possible.
👕 5. Wear Light Clothes
Wear light cotton clothes
Avoid dark or tight clothes during the day.
😴 6. Get Enough Rest
Hot weather can make you tired.
Try to sleep well and avoid strong sunlight between 11 AM – 3 PM.
✅ Extra Ayurvedic Tip:
Drink coriander seed water (koththamalli water) in the morning. It helps reduce body heat and improve digestion.