22/11/2025
Hyperopia නැතහොත් දුර දෘෂිඨිකත්වය Hypermetropia සහ Hyperopia ලෙසද හැඳින්වේ,එහිදී දුරස්ථ වස්තූන් පැහැදිලිව දැකගත හැකි නමුත් අසල ඇති වස්තූන් බොඳ වී ඇති බව පෙනේ. මෙම බොඳවීම සිදුවන්නේ ඇසේ කාචය හරහා එන ආලෝකය දෘෂ්ටි විතානය මත නොවැටී පිටුපසට යොමු වීම නිසාය.තරුණ රෝගීන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක මෙම තත්වය දැක ගත හැකි නමුත්, ඔවුන් දුර බැලීම සඳහා ගන්නා උත්සාහය හේතුවෙන්, ඇස් වෙහෙසට පත්වීම නිසා අපහසුතා පවතින බවට පැමිණිලි කළ හැකිය.මෙම තත්වය ඉහළ නම්, දුර සහ ළග පෙනීම යන දෙකටම දෝෂ ඇති වීම සිදු විය හැකිය.කුඩා කල සිට මෙම තත්වයන් පැතීම නිසා accommodative dysfunction, binocular dysfunction(දුරදක්නා අක්‍රියතාව), amblyopia(ඇම්බ්ලියෝපියාව) සහ strabismus(ස්ට්‍රැබිස්මස්) වැනි තත්වයන් අත්විදීමට සිදු විය හැකිය, අලුත උපන් බිළිඳුන් සෑම විටම hypermetropia වලින් පෙළෙන නමුත් ඔවුන් ක්‍රමයෙන් වැඩෙත්ම එය ක්‍රමයෙන් අඩු වේ.
අක්ෂී ගෝලයේ දිග ඉතා කෙටි වූ විට හෝ ඇසේ කාචයේ පිහිටීම කාචයේ හෝ කෝනියාව (ඇසේ මතුපිට කලු ඉංගිරියාවට ඉදිරියෙන් ඇති ජෙලිමය කොටස) ප්‍රමාණයට වඩා පැතලි වූ විට එය සිදුවිය හැක. මෙම මෙම තත්වයේ පවුලේ ඉතිහාසයක්, දියවැඩියාව, ඇතැම් ඖෂධ සහ ඇස වටා ඇති පිළිකා ද හේතුවිය හැකිය.එය දෘෂ්ඨි දෝෂයක් වේ.
ඇස් කණ්ණාඩි, සිවි කාච හෝ කෝනියල් සැත්කම් මගින් මෙය කළමනාකරණය කරන අතර ඒ සදහා ඇස් කණ්ණාඩි පහසුම විසදුම වේ. මෙය ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ට බලපාන අතර, වයස අවුරුදු 6 දී 8% ක් සහ අවුරුදු 15 දී 1% ක් පමණ වේ. ඉන්පසු අවුරුදු 40 න් පසු නැවත බහුලව දක්නට ලැබේ,එය මිනිසුන්ගෙන් අඩකට පමණ බලපායි.
නිසි කළමනාකරණය සහා නිරන්තර අක්ෂි පරීක්ෂාව මගින් මෙම තත්වයන් සදහා පිළියම් සොයාගත හැකිය.
ඉතින් දැනුම බෙදා ගැනීමට කැමති ඔබ වෙනුවෙන් මෙම ලිපිය විවෘත කරමු.ඉදිරි ලිපියෙන් තවදුරටත් ඇස සහ පෙනීම පිළිබදව කතා කරීමට බලාපොරොත්තු වන්නෙමු