18/09/2020
සුබ උදෑසනක් ඔක්කෝටම, ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලව මුන ගැහෙන්න ආවේ. අද මන් ඔබ වෙත ගෙන එන්නෙ ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම වැදගත් වෙන සහ ප්‍රශ්නයක් වෙලා තියෙන උදර ප්‍රදේශ මාංශ පේශි (Abdominals) නෙරා ඒම නිසා ඇති වෙන ගැටලු මග හරවා ගැනීම සදහා කල යුතු ව්‍යායාම කිහිපයක් සදහන් කිරීමටයි. එයින් එකක් නම්....
1. Crunches (ක්‍රන්චස්)
💪 ප්‍රධාන වශයෙන් උදරයේ ඉහල මාංශපේශීන් (Upper abodominals) සදහායි.
💪 පලමු රූපයේ ආකාරයට බිම දිගාවී, දෙපා දණහිසින් නවා තබාගෙන, දෙඅත් පපුව මත හෝ හිස දෙපැත්තෙන් තබාගෙන උදර මාංශ පේශීන් තද කරමින් සෙමින් ඉහලට එසවීමෙන්, පහලට යෑමත් සිදුකල යුතුය. මෙම ව්‍යායාමයේදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වනුයේ හිස පමණක් ඉහලට එසවීමත්, පහලට ඒමත් සිදුකල යුතු බවය. ඉහලට එසවීමේදී දෙවන රූපයේ තරමට ඉහලට එසවීම ප්‍රමානවත්ය.
💪 මෙම ව්‍යායාමයේදී ඉහලට එසවීමේදී හුස්ම පිට කිරීමත් (Breathe out) පහලට යෑමේදී හුස්ම ගැනීමත් (Breathe in) සිදුකල යුතුය.