PhysioForth

PhysioForth We provide treatment and rehabilitation for individuals with musculoskeletal conditions, neurologica

Sciatica (සයටිකා) ______________________________________________කොදුඇට පෙලේ පහල ප්‍රදේශයේ සුෂුම්නාවෙන් පටන්ගන්නා ස්නායුම...
21/11/2020

Sciatica (සයටිකා)
______________________________________________

කොදුඇට පෙලේ පහල ප්‍රදේශයේ සුෂුම්නාවෙන් පටන්ගන්නා ස්නායුමූල පහක්(5) එක්වීමෙන් සෑදෙන, මිනිස් සිරුරේ විශාලතම ස්නායුව සයටික් ස්නායුවයි.

එය තට්ටම, කලවා පිටුපසින් පහලට විලුඹ හා පාද දක්වා ගමන් කරන අතර පාදවලට ස්නායු සැපයුම සිදුකරන්නේ මෙම ස්නායුව මගිනි.

මෙම ස්නායුවට සිදුවන ආභාධයක් (තදවීමක්/ ඇදීමක්) Sciatica තත්වයට හේතුවක් විය හැක.

🔴 සයටිකා රෝග ලක්ෂණ
____________________________

1. වේදනාව
🔺 කකුල දිගේ විදුලියක් සේ පහලට දුවන වේදනාව
🔺 කකුලේ මද හෝ තද කැක්කුමක්
🔺 කෙන්ඩා ප්‍රදේශයේ පවතින වේදනාව
🔺 සමහර අවස්ථාවල කකුල් පනනැතිව යන ආකාරයේ වේදනාව
🔺 කකුලේ පවතින නිරන්තර වේදනාව

2. කකුලේ කෙන්ඩා වල, ඇගිලි වල, යටිපතුල් වල හිරිවැටීමක්, නලියෑමක් හෝ ඉදිකටුවලින් ඇනීමක් සේ දැනීම

3. සමහර විට දැනීමේ වෙනසක් ඇතිවිය හැක
______________________________________________________

🔵 සයටිකා ඇතිවීමට හේතු
______________________________

1. ස්නායුව ආරම්භ වන ප්‍රදේශයේ අන්තර් කෂේරුක මඩල පැනීම ( hurniated disc) නිසා ස්නායු මූලමත තෙරපීමක් ඇතිවීම මගින්

2. අන්තර් කෂේරුක මඩල පිපිරීමෙන් ඒ තුල ඇති ද්‍රව්‍ය නිසා ස්නායු මූලමත තෙරපුම ඇතිවීම මගින්

3. කොදුඇට පෙල දිරීමකට ලක්වීම මගින් කොදුඇට අතර ඉඩ අඩුවීම නිසා ස්නායුව තදවීම මගින්

4. සුෂුම්නාව පහලට ගමන්කරන මාර්ගය අවහිර වීම නිසා සුෂුම්නාව හා ඉන් ආරම්භ වන ස්නායු මූල තදවීම මගින්

5. එක් කොදු ඇටයක් මත අනෙක් කොදුඇටය ඉදිරියට ලිස්සා යාමනිසා ස්නායුව තදවීම මගින්

6. විවිධ හේතු නිසා කොදුඇට බිදීයාම හෝ පුපුරායාම නිසා එමගින් සිදුවන ස්නායු තදවීම මගින්

7. Piriformis Syndrome

පිරිෆෝමිස් මාංශපේෂිය තට්ටම ප්‍රදේශයේ පිහිටා ඇත. සයටික් ස්නායුවේ ගමන්මාර්ගය ඇත්තේ මෙම මාංශපේෂියට යටින් වන අතර මෙම මාංශපේෂියේ තදවීමක් (spasm) නිසා සයටික් ස්නායුව තදවීමකට ලක්විය හැකියි. එමගින් කකුල දිගේ පහලට වේදනාව ගමන්කල හැක.
______________________________________________________

⚫️ සයටිකා ලක්ෂණම සහිත, නමුත් සයටිකා නොවන රෝගී තත්වයන්

🔶 Sacroiliac Joint Dysfunction

Sacroiliac සංධියේ සිදුවන තදවීමක්, ආසාදනයක් නිසා සයටිකා ආකාරයේම වේදනාවක් ඇතිවිය හැකි අතර එමගින් ඇවිදීමට අපහසු තත්වය ඇතිවේ. පඩිනගින විට, දුවනවිට හා එක් පසෙකට වැටන බර වැඩිවන විට වේදනාව වැඩිවේ.

🔶 Trigger Points

මාංශපේෂි තන්තුවලට සිදුවන ආභාධ නිසා තන්තු තදවීමකට ලක්වීමෙන් ඇතිවන ගැටගැසීම් මෙලෙස හැදින්විය හැකියි.
මෙම ගැටගැසීම් නිසා එම ස්ථානයෙන් දුරස්ථ ස්ථානයක වේදනාවක් ලෙස දැනීමට හැක. ( referred pain)
කොන්දේ හා තට්ටම් ප්‍රදේශයේ ඇතිවන Trigger Points නිසා එමගින් කකුල දිගේ දුවන වේදනාවක් ලෙස ඇතිවිය හැකියි. එය සයටිකා ලෙස වැරදියට තේරුම්ගත හැකියි.
______________________________________________________

නිවැරැදි රෝග විනිශ්චයක් මගින් ඔබට ඇති රෝගී තත්වය සයටිකා තත්වය ද නැතහොත් ඉහත රෝගී තත්වයන්ගෙන් එකක්ද යන්න වෙන්කර හදුනාගත හැකියි.

සයටිකා තත්වයට විවිධ වූ හේතු බලපාන බැවින් නිවැරදි රෝග විනිශ්චයකින් නිශ්චිත වූ ප්‍රතිකාර මගින් රෝග තත්වය මගහරවා ගත හැකියි.

එනිසා නියමිත රෝග විනිශ්චයක් සදහා යොමුවීම වැදගත් වේ. මේ සදහා විශේෂිත වූ භෞත චිකිත්සක ප්‍රතිකාර ඇති නිසා ඒ සදහා පිලිගත් භෞත චිකිත්සක වරයෙකු කරා යොමුවී ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්ය.

Pavithra Wickramasinghe
Senior Physiotherapist
BSc in Physiotherapy (col)
MBM business management (col)
SLMC 480

👀 One of the essential things for women - the handbag and its hidden risk 👀Needless to say, handbags are indispensable f...
30/04/2020

👀 One of the essential things for women - the handbag and its hidden risk 👀

Needless to say, handbags are indispensable for women today. Today women are used to carrying handbags when they go to work, shop, or even to weddings. Handbags made of various materials in various shapes and sizes can be found on the market today. Have you ever considered the health risk of handbags when you are buying it? You don't pay much attention to it and you are buying a handbag as you wish. Conditions such as back pain, neck pain, shoulder pain, numbness in the hands, and headache are common in women today.

Do you know that the handbag you use every day is one of the causes of such illnesses?

🌞 The impact of handbags on the body.....

Hanging a handbag on your shoulder can have a profound effect on your postures and movements. The thrust that generates by large and heavy handbags pushing down on the shoulders has a direct impact on the upper and middle parts of the spine. Also, the shoulder is raised slightly above to prevent handbag is slipping over the shoulder. It changes our posture and muscles around the shoulder are fatigue easily because they are contributing to maintain that posture. It causes neck pain and shoulder pain.

Often the handbags are hanging on the same side (their dominant side), so the muscles attached to the spine have to compensate the impact of the bag's thrust. The muscle work in the opposite side of the bag is increased and causing pain. This effect affects the spine from top to bottom and increases the risk of having back pains.

It also causes stiffness of muscles around shoulder and neck, even can change curvature of the neck spine.

Also, using handbags for a long time can cause arthritis-like conditions in the neck. Then the neck movements can become more difficult.
Pain in the neck muscles may initially causes pain in back of the head then pain in front of the head(headache)

Moreover, this effect can have a significant impact on your gait. Because the handbags hang on one side of the body, the movements of that hand(swinging) does not occur properly, so can affect the balance of the body while walking.

🗽 Do's and Don'ts to Prevent This Risk

A suitable bag should be selected. Use a small sized bag. Choose a bag with wide straps. (As the width of the strap increases, the pressure on the muscles becomes a little bit split). Select a bag with a variety of adjustable straps, such as has handheld handle and has long straps which can put across the body (strap to one shoulder and bag to other side). Also, when buying a bag, consider the material that is made. That is, buy a light bag. (Just as materials are light, the empty bag is also light).

The weight of the bag should be minimized as much as possible. Be careful to carry only the essentials.

The strap of the bag should not be carried too long. It is important to always carry the bag above your hip.

Move the bag from time to time without hanging it on one shoulder only.

Switch to a light bag hanging from the back if possible. (If used correctly, their weight split on both shoulders)

Never carry the handbag on the elbow joint.

⚽Proper exercises for shoulder and neck can help you to avoid this risk. You should consult a physiotherapist for this. If you use the handbag correctly, but you have neck pain, back pain, numbness of hands, muscle pains and headaches, consult a qualified physiotherapist. He or she will assess you properly and give advises and treatments for strengthen your appropriate muscles, correct your posture and to get rid of your current discomforts ... 😊

🖋Written by,
T. M. Dilanka Ruwanjith Tennakoon
B.Sc.(Physiotherapy/Hons)
Physiotherapist
Teaching Hospital
Kurunegala

For more about physiotherapy...
Visit https://www.facebook.com/srilankanphysiotherapy

වේදනා සමනයට භෞතචිකිත්සාව..."මගෙ ජීවිතේම එපා වෙලා දැන්.. කොච්චර බෙහෙත් බිව්වත් තාම හරි හැටි සුවයක් නෑනෙ..." ඔබටත් නිතරම ම...
28/04/2020

වේදනා සමනයට භෞතචිකිත්සාව...

"මගෙ ජීවිතේම එපා වෙලා දැන්.. කොච්චර බෙහෙත් බිව්වත් තාම හරි හැටි සුවයක් නෑනෙ..."

ඔබටත් නිතරම මෙලෙස සිතෙනවාද? එසේ සිතීම වරදක් නැත. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ හන්දිපත් වේදනාවකින් එසේත් නැතිනම් මස්පිඩු වේදනාවකින් එසේත් නැතිනම් කොන්දේ, බෙල්ලේ, දණහිසේ හෝ හිසේ රුදාවකින් පෙලෙන්නට ඇති. ඔබ නොයෙකුත් ආකාරයේ තෙල් බෙහෙත් වර්ග, එන්නත් වර්ග භාවිතා කරන්නට ඇති. විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යටකරන්නට ඇති. ඉතින් ඔබට එසේ සිතීම පුදුමයට කරුණක් නොවේ. 😥

අද ලංකාව තුල වේදනා නාශක ඖෂධ භාවිතයට ඇති නැඹුරුව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. නොයෙකුත් ආකාරයේ වේදනා නාශක ඖෂද වර්ග ඖෂධ හල් වල සුලබව දකින්නට පුළුවන්. වේදනා නාශක ඖෂද බටහිර වෛද්‍ය කර්මය සඳහා නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා අවසන්. එම වේදනා නාශක මගින් ඉතාමත්ම තදබල වේදනාවක් පවා සුලු මොහොතකින් සමනය කිරීමට හැකියාව පවතිනවා. සැත්කම් වලින් පසුව, යම් අනතුරක් නිසා ඇතිවන තුවාල සහ කැඩුම් බිඳුම් නිසා ඇතිවන වේදනාව සමනයට සහ යම් යම් ලෙඩ රෝග ගණනාවක් සඳහා වේදනා නාශක සුලබ වශයෙන් භාවිතයට ගන්නවා. නමුත් කොන්දේ කැක්කුම්, බෙල්ලේ කැක්කුම, දණිස් කැක්කුම්, උරහිස් කැක්කුම් වැනි දිගු කාලයක් පවතින රෝග සඳහා වේදනා නාශක භාවිතය යෝග්‍ය නොවේ. වේදනා නාශක දීර්ඝකාලීනව භාවිතය සිරුරට ඉතා අහිතකර අතුරු ආබාධ ගෙනදෙන බැවින් එවැනි රෝග තත්ව සඳහා වේදනා නාශක භාවිතය යෝග්‍ය නොවේ. තවද එවැනි රෝගී තත්ව සඳහා භාවිතා කරන වේදනා නාශක මඟින් ලබෙන සහනය තාවකාලික වන අතරම එම ඖෂධ වල ක්‍රියාකාරිත්වය අවසන් වූ පසු නැවතත් සුපුරුදු වේදනාව ඇතිවෙනවා. එමෙන්ම මෙම ඖෂද මඟින් වේදනාව පමනක් සමනය වනවා විනා රෝගයට ස්ථීර සුවයක් ලැබෙන්නේ නෑ. එහෙත් අප කණගාටු වියයුතුද නෑ.බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ම ඊට විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ "භෞතචිකිත්සාවයි". 😊

භෞත චිකිත්සාව මඟින් වේදනාව සමනය කර, සුවවීමේ ක්‍රියාවලිය ඉහල නංවන අතර ශරීරයේ සාමන්‍ය ක්‍රියකරිත්වය ප්‍රතිස්ථාපනය කරනවා. එමඟින් ඖෂද භාවිතයකින් තොර, අතුරු අබාධ වලින් තොර සුවයක් ඉක්මනින් අත්විඳින්න පුළුවන්. වර්තමානයේ ඔබට ශ්‍රී ලංකාව පුරා සිටින මනා පුහුණුවකින් සහ දැනුමකින් යුතු උපාධිධාරී භෞත චිකිත්සකවරු රැසක් යටතේ ප්‍රතිකාර ලබාගන්නට පුළුවන්. එමෙන්ම දිවයින පුරා සෑම රජයේ සහ පුද්ගලික රෝහලකම පාහේ අත්දැකීම් බහුල සුදුසුකම්ලත් භෞත චිකිත්සකවරුන් පිරිසක් ඔබ වෙනුවෙන් සේවයේ නියුතුව සිටිනවා. 💪

එහෙත් කණගාටුවට කරුණක් තිබෙනවා. ඒ ඔබ නිසි ආකාරව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු නොවීමයි. ඇතැම්විට එය ඔබේ නොදැනුවත්කම නිසා වෙන්නට ඇති. එසේත් නැතිනම් අදාල වගකිවයුතු නිලධාරීන් ඔබව ඒ සදහා යොමු නොකිරීම නිසා වෙන්න පුළුවන්. ඒ කෙසේ වුවත් අදාල සේවාවන් සහ පහසුකම් තිබියදීත් ඔබ තව දුරටත් පසුතැවිය යුතු නෑ. ඒ මක්නිසාද ඔබගේ නිරෝගීකම පිළිබඳව සිතිය යුත්තේ ඔබම නිසා බැවින්... 🤔

🖋සටහන:
T. M. දිලංක රුවන්ජිත් තෙන්නකෝන්
B.Sc Physio (Hons)
භෞතචිකිත්සක නිලධාරී
ශික්ෂණ රෝහල - කුරුණෑගල

What is Physiotherapy ?   Part 02👍 What is the physiotherapy management? Assessment Physiotherapy diagnose Explain & ...
27/04/2020

What is Physiotherapy ? Part 02

👍 What is the physiotherapy management?

 Assessment
 Physiotherapy diagnose
 Explain & Educate the client
 Treatment
 Exercise plan
 Home advices

There is a unique assessment criterion for physiotherapists. History taken, Observation, Palpation, Examination, posture & movement analyzation will be done under the assessment.
Then physiotherapist will come to a unique physiotherapy diagnose. By doing so physiotherapist will be able to find out or explain the cause behind the impairment, inability or the injury.
Then physiotherapist will make a treatment plan.

👍There are three main components in physiotherapy treatments.
• Exercise Therapy.
• Manual Therapy.
• Electrical modalities and other modalities.

Physiotherapists have their own unique techniques to reduce the pain without using pain killers. By reducing the prolong usage of pain killers, we eliminate the risk of liver, kidney & other organ damages.

👍Difference between Physiotherapist, Massage Therapist & Physical Trainer

👀 Physiotherapist

Physiotherapy helps restore movements and functions when someone is affected by an injury, an illness or a disability by using Manual therapy, Exercise therapy & Physiotherapy modalities. For this procedure, first Physiotherapists will have an assessment. It will lead to a solid physiotherapy diagnose. According to the physiotherapy diagnose, treatment plan or Rehabilitation process will be initiated.
Physiotherapists will use their clinical knowledge & recent research guidelines for maximum outcome. At the end of the rehabilitation process, physiotherapists will advice to massage therapist or physical trainer to carry out the plan.
In the field of sports, Physiotherapist should advice the massage therapist to avoid future complications when massaging injured players. Otherwise there will be vast complications.

👀 Massage Therapist

Massage therapy is a manipulation of the soft tissues of the body, consisting primarily of manual (hands-on) techniques such as applying fixed or movable pressure, holding, and moving muscles and body tissues.
Massage therapy can’t be applied on damage or injury prone structures without physiotherapist’s advice. Because, Physiotherapist is the clinician who knows about injury mechanism scientifically.

👀 Physical Trainer

A physical trainer helps people of all ages and fitness levels to safely improve their physical condition through exercise and proper diet. Physical trainer can take over the process with physiotherapist’s advice just after the physiotherapy management by Physiotherapist. That’s how the process can be safe.

This must be a team work to reduce the number of injuries.

👍Why Massage Therapy not good in acute stage of the injury?

As you all know by using massage therapy in acute stage/ early stage of the condition, the condition can be worsened. By massaging, the injured structure or the prone structure can be worsened or it can lead to further injuries. We are getting so many chronic cases these days due to massage on the acute damaged structures of the players in field of sports.

With physiotherapy techniques in early stage as well, we can eliminate the risk that massage therapy can create. Due to these reasons, side effects of the physiotherapy treatments is almost zero when comparing with the other treatment concepts.

In next article(What is Physiotherapy part 03), we will discuss how to become a physiotherapist and how to identify a qualified physiotherapist.

🖋Written by -
K.V.Chanaka Sanjeewa
B.Sc(Physiotherapy/Hons)
Dip.( Exercise & Sport Sciences)
CMT
Physiotherapist,
Sports & Exercise Medicine Unit,
National Hospital - Sri Lanka

For more about physiotherapy...
Visit https://www.facebook.com/srilankanphysiotherapy

What is Physiotherapy?Physiotherapy helps restore movements and functions when someone is affected by an injury, an illn...
27/04/2020

What is Physiotherapy?

Physiotherapy helps restore movements and functions when someone is affected by an injury, an illness or a disability.
Physiotherapy is a science-based profession and takes a ‘whole person’ approach to health and well being, which includes the patient’s general lifestyle.
Physiotherapy is a Health Related Scientific Art which is dealing with patients/ Clients mechanical and physical properties of the body.
Physiotherapy helps to encourage development and facilitate recovery, enabling people to stay in work while helping them remains independent for as long as possible.
You can benefit from physiotherapy at any time in your life. Physiotherapy helps with back pain or sudden injury, managing long-term medical condition such as asthma, and in preparing for childbirth or a sporting event.

What physiotherapists do?

Simply physiotherapist will assess and adjust.
Physiotherapists help people who are affected by an injury, an illness or a disability through Movements and Exercises, Manual Therapy, Other Treatments, Education and Advice.
While the physiological balance of the people is being handled under medical management, Physiotherapists are maintaining the physical and mechanical balance of the people.
They maintain health for people of all ages, helping patients to manage pain and prevent disease.
At the core is the patient’s involvement in their own care, through education, awareness, empowerment and participation in their treatment.

Why physiotherapy?

Physiotherapy is a degree-based healthcare profession. Physios use their knowledge and skills to improve a range of conditions associated with different systems of the body.
Physiotherapists work in a variety of specialisms in health and social care. Additionally, some physiotherapists are involved in education, research and service management.

What are the Fields of physiotherapy?

Physiotherapy - heart failure, heart attack, rehabilitation after coronary artery bypass surgeries

Physiotherapy - asthma, chronic obstructive pulmonary disease, cystic fibrosis, Pulmonary tuberculosis, pulmonary rehabilitation

Physiotherapy - guillain barre syndrome, stroke, parkinson disease, spinal cord injury, multiple sclerosis

Physiotherapy - cerebral palsy, downs syndrome, autism, duchenne muscular dystrophy, spina bifida

Physiotherapy - low back pain, arthritis, whiplash associated disorders, scoliosis

& Exercise Physiotherapy - various sports injuries such as ankle sprain, knee ligament injuries, rotator cuff injury, muscle tendon tears and sports injury rehabilitiaon, ACL rehabilitation

and obstetrics Physiotherapy- pelvic organ prolapse, urinary incontinence, management after mastectomy and hysterectomy, re**us abdominis diastasis, pre natal and post natal physiotherapy

Physiotherapy - fall prevention

Physiotherapy- bone fractures, joint dislocation and subluxation

and Acute condition Physiotherapy- pneumonia, covid-19, remove excessive secretions and maintaining or improving mobility by physiotherapy. It is very important to eliminate ICU related complications and risk of death.

Physiotherapy - obsessive compulsive disorder, dementia, schizophrenia, depression, anxiety

surgical physiotherapy - cholesystectomy, colostomy,gastrectomy, laparotomy, oesophagectomy

Rehabilitation Physiotherapy - vertigo, dizziness, headache

සිංහලෙන් කියවන්න..
https://www.facebook.com/permalink.php?story_fbid=115459936793913&id=111104080562832&__tn__=K-R

🖋Written by -
Shanika Amarasena
University of Colombo

For more about physiotherapy...
Visit https://www.facebook.com/srilankanphysiotherapy

භෞතචිකිත්සාව යනු කුමක්ද?භෞතචිකිත්සාව, යමෙකු තුවාලයකින්, අසනීපයකින් හෝ ආබාධයකින් පීඩාවට පත් වූ විට ඔහුගේ චලනයන් හා ක්‍රිය...
27/04/2020

භෞතචිකිත්සාව යනු කුමක්ද?

භෞතචිකිත්සාව, යමෙකු තුවාලයකින්, අසනීපයකින් හෝ ආබාධයකින් පීඩාවට පත් වූ විට ඔහුගේ චලනයන් හා ක්‍රියාකාරකම් යථා තත්වයට පත් කිරීමට උපකාරී වන ප්‍රතිකාර ක්‍රමයකි.
භෞතචිකිත්සාව,විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එය පුද්ගලයෙකුගේ කොටසක් කෙරෙහි පමණක් අවධානය යොමු නොකරන අතර සමස්ත පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කරමින් යහපත් සෞඛ්‍ය හා යහපැවැත්ම ඇතුලත් රෝගියාගේ සාමාන්‍ය ජීවන රටාව පවත්වා ගැනීමට උපකාරී වේ.
භෞතචිකිත්සාව යනු සෞඛ්‍යයට සම්බන්ධ විද්‍යාත්මක කලාවක් වන අතර එය රෝගීන්ගේ/ සේවාදායකයින්ගේ යාන්ත්‍රික හා භෞතික ගුණාංග සමඟ කටයුතු කරන ප්‍රතිකාර ක්‍රමයකි. එය රෝග තත්වයකින් ප්‍රකෘති තත්වයට පත්වීමට පහසුකම් සපයන අතර පුද්ගලයින්ට හැකි තාක් දුරට ස්වාධීනව රැකියාවෙහි රැඳී සිටීමට සහ තම එදිනෙදා කටයුතුවල නිරත වීමට ශක්තිය සපයයි.
ඔබේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක භෞතචිකිත්සාව ඔබට ප්‍රයෝජනවත් විය හැකිය. භෞත චිකිත්සාව කොන්දේ වේදනාව,හදිසි තුවාල සහඇදුම වැනි දිගු කාලීන රෝගී තත්වයන් කළමනාකරණය කිරීම සහ දරු උපතක් හෝ ක්‍රීඩා ඉසව්වකට සූදානම් වීම සඳහා උපකාරී වේ.

භෞත චිකිත්සකවරුන් කරන්නේ කුමක්ද?

මූලිකවම භෞතචිකිත්සකවරයා රෝගී තත්වය පිලිබඳ තක්සේරු කර (assess), ඒ අනුව ප්‍රතිකාර සැලැස්මක් සකස් කරනු ඇත.භෞතචිකිත්සකවරුන් චලනයන් හා ව්‍යායාම, කායචිකිත්සක සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම,රෝගීන් දැනුවත් කිරීම සහ උපදෙස් ලබා දීම මගින් තුවාලයකින්, රෝගී තත්වයකින් හෝ ආබාධයකින් පෙළෙන පුද්ගලයින් හට එම තත්වයෙන් ප්‍රකෘති තත්වයට පත්වීම සදහා තම සේවාව සපයයි.
වෛද්‍ය ප්‍රතිකාර යටතේ පුද්ගලයින්ගේ භෞතික විද්‍යාත්මක සමතුලිතතාවය පවත්වා ගෙන යන අතර භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් පුද්ගලයිනගේ භෞතික හා යාන්ත්‍රික සමතුලිතතාවය පවත්වා ගනී.
භෞතචිකිත්සකවරුන් සෑම වයස් කාණ්ඩයක් සඳහාම තම සේවාව පවත්වා ගෙන යන අතර, රෝගීන්ට වේදනාව පාලනය කිරීමට සහ රෝග වළක්වා ගැනීමට උපකාරී වේ.
රෝගීන් දැනුවත් කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන් තම ප්‍රතිකාර සඳහා සහභාගී වීම මගින් රෝගීන් තමන්ගේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම සදහා දායක වීම මෙහි මූලිකම අරමුණකි.

භෞත චිකිත්සාව කුමක් සදහාද?

භෞතචිකිත්සාව යනු උපාධිය පදනම් කරගත් සෞඛ්‍ය වෘත්තියකි. ශරීරයේ විවිධ පද්ධති හා සම්බන්ධ විවිධ රෝගී තත්වයන් කලමනාකරණය කිරීම සඳහා භෞතචිකිත්සකවරුන් ඔවුන්ගේ දැනුම හා කුසලතා භාවිතා කරයි. භෞතචිකිත්සකවරුන් සෞඛ්‍ය හා සමාජ සත්කාර කටයුතුවලට විශේෂයෙන්ම තම දායකතවය ලබා දෙන අතර, ඇතැම් භෞත චිකිත්සකවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය, පර්යේෂණ සහ සේවා කළමනාකරණය සඳහා සම්බන්ධ වේ.

භෞත චිකිත්සාවේ ක්ෂේත්‍ර මොනවාද?

#කන්තුකවාහිනී(cardiovascular) පද්ධතිය සම්බන්ධ තත්වයන් - හෘදයාබාධ, හෘද අකර්ණිය, කිරීටක ධමනි බයිපාස් ශල්‍යකර්ම පුනුරුත්ථාපනය

# ශ්වසන පද්ධතිය සම්බන්ධ තත්වයන් - ඇදුම, නිදන්ගත පුප්ඵුශීය රෝග, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, පුප්ඵුශීය ක්ෂය රෝගය, ශ්වසන රෝග හා සම්බන්ධ පුනරුත්ථාපනය

#ස්නායු පද්ධතිය සම්බන්ධ තත්වයන් - ගිලන් බාරේ සින්ඩ්‍රෝමය, ආඝාතය, පාකින්සන් රෝගය, සුසුම්නාවට සිදුවන අනතුරු

#ළමා රෝග තත්වයන් - මස්තිෂ්ක ආඝාතය, ඩවුන්ස් සින්ඩ්‍රෝමය, ඔටිසම්

#පේශි සහ සැකිලි පද්ධතිය සම්බන්ධ තත්වයන් - කොන්දේ වේදනාව, ආතරයිටිස්, පැති කුදය

#ක්‍රීඩා ක්‍ෂේත්‍රය - වළලුකර උළුක්කුවීම්, දණහිසේ බන්ධනිවලට සිදුවන අනතුරු, උරහිස් මාංශ පේශිවලට සිදුවන අනතුරු, මාංශ පේශි කණ්ඩරා ඉරීම් සහ ක්‍රීඩා තුවාල පුනරුත්ථාපනය - ACL පුනරුත්ථාපනය

#ප්‍රසව හා නාරිවේද - ශ්‍රෝණි ඉන්ද්‍රිය දුර්වල වීම, පාලනයකින් තොරව මුත්‍රා පිටවීම, ශල්‍යකර්මයකින් පියයුරු සහ ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු කලමනාකරණය,උදරයේ මාංශ පේශි දුර්වල වීම්, පූර්ව ප්‍රසව හා පශ්චාත් ප්‍රසව භෞතචිකිත්සාව

#වයස්ගත වීම සමග ඇති වන තත්වයන් - වැටීම වැළැක්වීම

#හදිසි අනතුරු සහ විකලාංග තත්වයන් - අස්ථි බිඳීම්, සන්ධි විස්ථාපනය

#දැඩි සත්කාර ඒකක සහ රෝගී තත්වයක මුල් අවධියේ /උග්‍ර(acute)රෝගී තත්වයන් - නියුමෝනියාව,කොවිඩ්-19, ශ්වසන භෞතචිකිත්සක ක්‍රම මගින් ශ්වසන පද්ධතියේ වැඩිපුර එකතු වූ ශ්ලේශමල තරල ඉවත් කිරීම, මෙය දැඩි සත්කාර ඒකක හා සම්බන්ධ සංකූලතා වලක්වා ගැනීමට ඉතා වැදගත් වේ.

#මානසික රෝගී තත්වයන් - චිත්ත වික්ශේපය, භින්නෝන්මාදය, මානසික අවපීඩනය, සාංකාව

#පශ්චාත් ශල්‍ය භෞතචිකිත්සාව - ශල්‍යකර්මයකින් පිත්තාශය, අග්න්‍යාශය ඉවත් කිරීම් සහ වෙනත් ශල්‍යකර්ම

#වෙස්ටිබියුල( vestibular) පද්ධතිය සම්බන්ධ තත්වයන් - කරකැවිල්ල, හිසරදය

🖋සටහන:ශානිකා අමරසේන
භෞතචිකිත්සක නිළධාරිනී

භෞතචිකිත්සාව පිළිබඳ දැනගන්න..
පිවිසෙන්න https://www.facebook.com/srilankanphysiotherapy

Obesity & Life ...Do you know?  Obesity leads to a number of serious illnesses that can occur to you.that risk increses ...
27/04/2020

Obesity & Life ...

Do you know? Obesity leads to a number of serious illnesses that can occur to you.that risk increses with your obesity. Many reports state that in the near future, obesity will become the most serious health problem for the entire world.

Currently, various measures of obesity are used in the world. The most prominent of these is the body mass index (Weight Kg / Height x Height). For an average person this is between
18.5% and 25%. overweight people ara in range from 25% to 30% and obese people rate over 30%(regionally these data may vary from country to country). According to the latest research reports,it has been found to have a significant impact on the longevity of the humans. You can decide whether or not reduce your life span by it.

Surveys have shown that life exepectancy of a person who is between BMI value 30% and 35% is reduced by 3 years and BMI value more than 30% is reduced by 8-10 years. It is very important to remember that life is lost only because of obesity. Obese people tend to have a variety of illnesses and problems. Diabetes, High Blood Pressure, Heart Diseases, Stroke, Cancer (Breast Cancer, Cervical Cancer, gastrsointensinal Cancer etc ...), Respiratory Disease, Gallbladder Disease, Liver Disease, Sexual Impotence, Skin Disease and Arthritis. These conditions also can make your life expectancy more short. The serious illnesses such as Stroke, high blood pressure can cause sudden death.
One out of every 13 people in Europe dies because of obesity. That's a staggering 8% of all deaths. The reason is the difference in their way of life. Current health reports confirm that the number of obese individuals in Asian countries is increasing rapidly.

We can control obesity and get out of it. With a proper diet and healthy behaviour ,you can easily get rid of obesity. Eating a balanced diet helps to reduce obesity and maintain good health. Avoiding fat-rich foods, abstaining from deep-fried foods, avoiding short-eats, and eating more vegetables and fruits are important in following a good diet. Not only diet, but also regular exercises are essential to reducing obesity. With the help of an experienced physiotherapist, you will be able to perform proper exercises. Because you have to take care of your health for yourself.

Many people think that the only thing that they want to do is eating and having fun in their lives. But don't forget that you have to be alive to eat well and be happy. Think for yourself ...

🖋Written by -
T.M.Dilanka Ruwanjith Thennakoon
B.Sc Physiotherapy(Hons)
Physiotherapist
Teaching Hospital
Kurunegala

For more about physiotherapy...
Visit https://www.facebook.com/srilankanphysiotherapy

Do you know, what is physiotherapy?As you know, the world is changing rapidly.  In the meantime, medical science is a to...
27/04/2020

Do you know, what is physiotherapy?

As you know, the world is changing rapidly. In the meantime, medical science is a top priority. What is medicine? The science of maintaining good health, preventing and treating diseases is called medicine. This can be divided into mainly Western and Indigenous Medicine.western medicine is a field which is progressing from moment to moment. Physiotherapy is one of the most talked-about treatment method in today's Western medical system. But there is a lack of awareness among the public about physiotherapy in Sri Lanka. While there is good awareness in the urban areas, there is little awareness in the rural areas. There are many reasons for this, but the main reason is the fault of the system.

Do you know? Most common disorders such as neck pain,back pain, joint pains, musculoskeletal pain, shoulder disorders, obesity, sports injuries, arthritis can be cured without any side effects by physiotherapy. Patients who are attending hospitals and private medical clinics often complain the same diseases/ symtoms. first, You will consult a doctor to cure them. then you will receive a wide variety of topical medicines(creams, foams, gels,lotions,ointments) with/or pain killers. As long as those medications are used, the pain will temporarily subside. Sometimes you have to use those drugs for a long time. Did you know that long-term use of those painkillers can have many side effects? Therefore, in many countries these drugs have been minimized, except where necessary. This has led to many alternative treatment methods. among them Physiotherapy is a dominant treatment method. The main reason for this is the treatments are done without the use of harmful medications and it is possible to get a quick cure instead of a temporary cure from painkillers.

Unfortunately, there is very little awareness of physiotherapy in our country. As mentioned earlier the main reason for this is the fault of the existing system. Although there are physiotherapists in almost every hospitals in Sri Lanka, there is very little patient referral. This is due to the need for a doctor's recommendation to seek physiotherapy treatments in hospitals in Sri Lanka. But there is no such situation in other countries. In such countries, patients can go directly to a physiotherapist for treatments. Unfortunately, there is no such situation in Sri Lanka.

🖋Written by
T.M Dilanka Ruwanjith Thennakoon
B.Sc Physio(Hons)
Physiotherapist
Teaching hospital
Kurunegala

For more about physiotherapy...
Visit https://www.facebook.com/srilankanphysiotherapy

~කාන්තාවන්ට නැතුවම බැරි අත්බෑගය සහ එහි සැඟවුණු අවදානම~අත්බෑග (Hand Bags) යනු වර්තාමනයේ කාන්තාවන්ට නැතුවම බැරි දෙයක් බව අ...
25/04/2020

~කාන්තාවන්ට නැතුවම බැරි අත්බෑගය සහ එහි සැඟවුණු අවදානම~

අත්බෑග (Hand Bags) යනු වර්තාමනයේ කාන්තාවන්ට නැතුවම බැරි දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රැකියාවට යනවිට කඩ සාප්පුවට යන විට සහ මඟුල් ගෙදරට පවා අත්බෑග රැගෙන යන්නට අද කාන්තාවන් පුරුදු වෙලා තියනවා. විවිධ හැඩයෙන් යුක්ත විවිධ ප්‍රමාණ වලින් යුක්ත නොයෙකුත් අමුද්‍රව්‍ය වලින් සාදන ලද අත්බෑග අද වෙළඳපොළේ දකින්නට පුළුවන්. ඔබ කිසිවිටක අත්බෑගයක් මිලදී ගැනීමේදී එහි ඇති සෞඛ්‍ය අවදානම ගැන සිතා බලා තිබෙනවාද? ඔබගේ සිතැඟි පරිදි අත්බෑගයක් මිලට ගන්නවා හැරෙන්නට ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වන්නේ නැහැ. කොන්දේ කැක්කුම්, බෙල්ලේ කැක්කුම්, උරහිස් කැක්කුම්, අත් වල ඇඟිලි හිරිවැටීම්, හිසේ කැක්කුම් වැනි රෝගී තත්ව‍ අද කාන්තාවන්ගෙන් සුලබ වශයෙන් අසන්නට පුළුවන්. ඔබ දන්නවාද ඔබ එදිනෙදා භාවිතා කරන අත්බෑගය එවැනි රෝගී තත්වයන්ට එක හේතුවක් බව?

#අත්බෑග භාවිත නිසා සිරුර මත ඇතිවන බලපෑම.....

ඔබගේ උරහිස මත අත්බෑගයක් එල්ලාගෙන යාමෙන් එය ඔබගේ ඉරියව් සහ චලනයන් කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරනු ලබනවා. තරමක් විශාල සහ බරින් යුතු අත්බෑග මගින් උරහිස මත පහලට ඇතිකරන තෙරපුම කොඳු නාරටියේ ඉහල සහ මධ්‍ය කොටස් මත සෘජු බලපෑමක් ඇතිකරනු ලබනවා. එමෙන්ම බෑගය උරහිස මතින් පැත්තට ලිස්සායෑම වැළක්වීමට උරහිස තරමක් ඉහළට එසවීමක් සිදුකරන නිසා අපගේ ඉරියව්වේ යම් වෙනසක් සිදුවන අතරම ඒ සඳහා ඒ අවට මාංශපේෂි දායකවීම නිසා එම මාංශපේෂිද වෙහෙසට පත්වීම සිදුවෙනවා. එම නිසා උරහිස කැක්කුම බෙල්ලේ කැක්කුම ඇතිවන්නට පුළුවන්.
බොහෝවිට අත්බෑග එල්ලාගෙන යන්නේ එකම පැත්තකින් (තම හුරු පැත්තෙන්) වන බැවින් බෑගයේ බර නිසා ඇතිවන තෙරපුමේ බලපෑම නැතිකිරීමට කොඳුනාරටියට සම්බන්ධව ඇති මස්පිඩුවලට සිදුවෙනවා. එනම් බෑගය ඇති පැත්තට විරුද්ධපස මස්පිඩුවල කාර්‍ය ඉහල යන අතරම එහි වේදනාවද හටගන්නවා. මෙම බලපෑම කොඳුනාරටියේ ඉහළ සිට පහළටම බලපාන අතර කොන්ඳේ කැක්කුම් තුනටිය කැක්කුම් ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනවා.
එමෙන්ම මෙම තෙරපුම නිසා උරහිස සහ බෙල්ල ආශ්‍රිත කොටස්වල මස් පිඩු තද වීමකට (stiffness) ලක්වෙන අතරම බෙල්ල ආශ්‍රිත කොඳුනාරටියේ වක්‍රතාවය පවා වෙනස්වෙනවා.
එපමණක් නොව දීර්ඝකාලීන අත්බෑග භාවිතයෙන් බෙල්ල ආශ්‍රිතව ආතරයිටිස් වැනි තත්ව ඇතිවන්නට පුළුවන්. එවිට බෙල්ලේ චලනයන් පවා ඉතා අපහසු වෙනවා.
තවද බෙල්ල ආශ්‍රිත මස්පිඩුවල වේදනාව නිසා මුලදී හිස පිටුපස වේදනාවත් පසුව හිසේ ඉදිරිපස කැක්කුමත් (හිසරදය) ඇතිවන්නට පුළුවන්.
එපමණක් නොව මෙමගින් ඇතිවන බලපෑම ඔබගේ සාමාන්‍ය ඇවිදීමේ රටාවට (Gait) සැළකියයුතු මට්ටමේ බලපෑමක් ඇතිකරනු ලබනවා. අත්බෑග සිරුරේ එක් පැත්තක උරහිසක පමණක් එල්ලාගෙන යන නිසා එම පැත්තේ අතෙහි චලනයන් (පැද්දීම) නිසියාකාරව සිදු නොවීමෙන් ඇවිදින විට සිරුරේ සමබරතාවයට හානි වෙනවා.

#මෙම අවදානම වළක්වාගැනීමට කළයුතු සහ නොකළයුතු දෑ

✅ සුදුසු බෑගයක් තෝරාගත යුතුය. එහිදී ප්‍රමාණයෙන් කුඩා බෑගයක් භාවිතා කරන්න. පළල් පටි සහිත බෑගයක් තෝරාගන්න. (පටිවල පළල වැඩිවන විට මස්පිඩුවල ඇතිවන පීඩනය තරමක් බෙදී යන හෙයින්). විවිධ ආකාරයට වෙනස් කලහැකි පටි සහිත එනම් අතින් එල්ලාගෙන යා හැකි හැඬලය සහිත සහ සිරුර හරහා දැමීමට හැකි දිගු පටි සහිත (පටිය එක්පසක උරහිසට සහ බෑගය අනික්පසට) බෑගයක් තෝරාගන්න. තවද බෑගයක් මිලට ගැනීමේදී එය සාදා ඇති අමුද්‍රව්‍ය පිළිබඳවද සැළකිලිමත්වන්න. එනම් සැහැල්ලු බෑගයක් මිලට ගන්න. (අමුද්‍රව්‍ය සැහැල්ලු වන තරමට භිස් බෑගයේ බරද සැහැල්ලු වන නිසා).

✅ බෑගය තුල ගෙනයන බර ප්‍රමාණය හැකිතරම් අවම කරගත යුතුය. තමන්ට අත්‍යවශ්‍යයම බඩු බාහිරාදිය පමණක් රැගෙනයාමට කල්පනාකාරීවන්න.

✅ බෑගයේ පටිය වඩාත් දිගුකර එල්ලාගෙන යාම නොකළයුතුය. සැමවිටම බෑගය ඉනට ඉහළින් සිටින පරිදි එල්ලාගෙන යාම ඉතා වැදගත්.

✅ බෑගය එක් උරහිසක පමණක් එල්ලාගෙන නොගොස් වෙලාවෙන් වෙලාවට උරහිස මාරුකිරන්න.

✅ පිටුපස එල්ලාගෙන යන සැහැල්ලු බෑගයකට හැකිනම් මාරුවන්න. (නිවැරදිව භාවිතා කරන්නේ නම් එවායේ බර උරහිස් මත බෙදී යන නිසා)

✅ කිසිවිටක අත් බෑගය වැලමිට සන්ධිය මත එල්ලාගෙන යාම නොකළයුතුය.

✅ නිසි පරිදි උරහිසට බෙල්ලට සහ කොන්දට ව්‍යායාම කිරීම මගින් මෙම අවදානම් තත්වය මගහරවා ගන්නට පුළුවන්. ඒ සඳහා භෞතචිකිත්සකවරයකුගේ උපදෙස් ලබාගතයුතුය. ඔබ නිවැරදි පරිදි අත්බෑගයක් භාවිතා කලද බෙල්ලේ කැක්කුම, කොන්දේ කැක්කුම, අත් හිරිවැටීම, මස්පිඩුවල වේදනාව සහ හිසරදය වැනි තත්ව ඇත්නම් සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකු වෙත යොමුවන්න. ඔහු හෝ ඇය විසින් ඔබව නිසි පරික්ෂාවකට ලක්කර ඔබගේ සුදුසු මස්පිඩු ශක්තිමත් කර ඔබගේ ඉරියව් නිවැරදි කරගැනීමට සහ ඔබගේ දැනට පවතින අපහසුතා සමනයට අවශ්‍ය සුදුසු ප්‍රතිකාර සහ උපදෙස් ලබාදෙනු ඇත... 😊

🖋සටහන:
T. M. දිලංක රුවන්ජිත් තෙන්නකෝන්
B.Sc Physio (Hons)
භෞතචිකිත්සක නිලධාරී
ශික්ෂණ රෝහල - කුරුණෑගල

Address

Kurunegala

Telephone

+94702198400

Website

Alerts

Be the first to know and let us send you an email when PhysioForth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category