Madapatha Ayurveda Clinic

Madapatha Ayurveda Clinic Advice on Cure, Fitness and beauty.

22/09/2023

ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් අද අපේ කතා බහට ලක්වන්නේ විශාල පිරිසකට බරපතල ගැටලුවක් ඇතිකරන රෝගී තත්ත්වයක් වන අර්ශස් ...

15/05/2021
දණහිස පරිස්සම් කර ගමුද ?========================ශරීරයේ බොහෝ බර දරා සිටින මෙන්ම කාර්ය බහුලම සන්ධියක් තමයි දණහිස කියන්නේ. ...
11/01/2021

දණහිස පරිස්සම් කර ගමුද ?
========================
ශරීරයේ බොහෝ බර දරා සිටින මෙන්ම කාර්ය බහුලම සන්ධියක් තමයි දණහිස කියන්නේ. මේ ආශ්‍රිතව භග්න, අවසන්ධි, උළුක්කු, ඇමට්ටි, තැළුම්, ආතරයිටිස්, අර්බුද ආදිය ඇතිවෙන්න පුළුවන්.
ඉහත එක් එක් රෝග තත්ත්වයන් පිළිබඳව ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ලිපියෙන් ඒ ආශ්‍රිතව ඇතිවන උළුක්කු පිළිබඳව පමණක් සාකච්ඡා කරමි.
පසුගිය දිනවල බොහෝ වෛද්‍යවරු මේ පිළිබඳව මගෙන් කරුණු විමසීම් කළ අතර මුහුණු පොතේද ලිපි කීපයක් පලකර තිබුනා.

දණහිසේ උළුක්කු ඇතිවන ස්ථාන
---------------------------------------------------------
1. පූර්ව හරස් ඛන්ඩරාව - Anterior cruciate ligament (මෙහි උළුක්කු වීම් සිදුවනුයේ ක්‍රිකට්, බැඩ්මින්ටන්, ෆුට්බෝල් වැනි ක්‍රීඩා කිරීමේදී ක්ෂණිකව නතරවීම, හැරීම වැනි අවස්ථා හෝ හදිසි අනතුරකට දණහිස ලක්වීම නිසා)
2. අපර හරස් ඛන්ඩරාව - Posterior cruciate ligament (බස් ර‍‍‍තයේ හිටගෙන සිටින විට හදිසි තිරිංග යෙදීම හෝ එය අනතුරකට ලක්වීමේදී, දණහිස ඉදිරියෙන් වාහනයක් වැදීම වැනි හේතු නිසා මෙම ඛන්ඩරාව අනතුරට ලක්වේ)
3. මධ්‍ය ජානු ඛන්ඩරාව - Medial collateral ligament (පාර්ශවිකව තදබල තෙරපුමක් ඇතිවිම හෝ පාදය මධ්‍ය දෙසට පෙරලීම)
4. පාර්ශවීය ජානු ඛන්ඩරාව - Lateral collateral ligament (මධ්‍ය දෙසින් තදබල තෙරපුමක් ඇතිවිම හෝ පාදය පැත්තට/පාර්ශවිකව පෙරලීම)
5. ප්ශ්චාත් හරස් බන්ධනය Posterior meniscofemoral ligament (PCL ඛණ්ඩරාව අනතුරට ලක්වන හේතු මේ සඳහා ද බලපායි)
6. අධර කටාහක බන්ධනය patellar tendon (වැටීමෙන් දණහිස බිම වැදී මෙය අනතුරට ලක්වේ)
මීට අමතරව දණහිස මධ්‍යයේ ඇති මධ්‍ය හා පාර්ශවීය කාටිලේජ medial & lateral meniscus වල පිපිරීම් ඇතිවිය හැක. ඉහත ඛන්ඩරා වල ඇතිවන තුවාල වීම් උළුක්කු ලෙස හඳුන්වන අතර ඒ සඳහා ප්‍රතිකර්ම කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව නිවැරදි ලෙස අවබෝධ කරගැනීම වැදගත්.දරුණු අනතුරකදී හෝ ඉහළ සිට වැටීමකදී හැරුණු කොට බොහෝ විට දණහිස ආශ්‍රිත භග්න ඇති නොවේ.

අනතුරකදී හෝ ඉහළ සිට වැටීමකදී දණහිස අභ්‍යන්තරයේ ඇති කාටිලේජ medial and lateral meniscus වල ඉරීම් හෝ තුවාල ඇතිවිය හැකියි.
මේ තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට MRI පරීක්ෂාවක් කලයුතුය. නමුත් අනතුර සිදු වූ ආකාරය විමසීමෙන් හා ස්ථානිකව වේදනාව ඇති ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරේ ස්වභාවය අවබෝධ කරගත හැක.

කාටිලේජ වලට හානි සිදු වුවහොත් එය සුව වීමට දීර්ඝ කාලයක් ගත වේ. ඊට හේතුව ඒ තුල රුධිර සංසරණයක් නොමැති වීමයි. සරල විසරණය මගින් ඊට අවශ්‍ය පෝෂණය ලැබෙන අතර තුවාල සුව වීමත් ඉතා සෙමෙන් සිදුවේ. එම තුවාල සුව කිරීමට දණහිසේ රුධිර සැපයුම ඉහළ නැංවිය යුතුය. වාත හා ක‍‍ඵ නාශක පොට්ටනියක් මගින් දිනකට දෙවරක් තැවීම කලයුතුය. එමෙන්ම මුලදී සූර්ය ගනයේ ඖෂධ අඩංගු පත්තුවක් දමා (දින 14 ක්) පසුව කාටිලේජ වර්ධනය කරන තොලබෝ පත්තුව ඉතා සුදුසුයි. දිනකට දෙවරක් තැවීමෙන් අනතුරුව පත්තුව යෙදිය යුතුය.

අභ්‍යන්තර ඖෂධ ප්‍රයෝගයේදී (රෝගීන් බොහෝ විට ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා අප ළඟට පැමිණෙන බැවින්) පළමුව විරේචනය කොට, ආම පාචනයට තිප්පිලි, වී පොරි කෂාය දින 5 ක් දී, අනතුරුව ශෝධන, ශමන, තර්පන ආදී ලෙස ඖෂධ ලබාදිය යුතුය. ශෝධන, ශමන, තර්පන සති 2 බැගින් ලබාදීම සෑහේ. ප්‍රතිකාර කාලය මාස 2 යි. දිවීම, පල්ලම් බැසීම, බර ඉසිලීම මේ කාලයේදී නතර කිරීම සුදුසුයි.

දණහිසේ ආබාධ වලදී කාටිලේජ ඉරීමට ප්‍රතිකාර මෙන්ම පූර්ව හා අපර හරස් ඛන්ඩරා ACL & PCL ඉරීයාමට සිදු කරන ප්‍රතිකාරයද තරමක් අසීරුයි.

මේ සඳහා ප්‍රතිකාර පැහැදිලි කරන්නම්.

මෙහිදී වැදගත්ම දේ තමයි නිශ්චලව තැබීම. මා කලින් සඳහන් කල පරිදි මෙහිදීද පළමුව විරේචනය කොට, ආම පාචනයට තිප්පිලි වී පොරි කෂාය දින 5 ක් දී, අනතුරුව ශෝධන, ශමන, තර්පන ආදී ලෙස අභ්‍යන්තර ඖෂධ ලබාදිය යුතුය. පළමු සති 2 තුල සූර්ය ගනයේ ඖෂධ පොට්ටනි වලින් තැවීම හා පත්තු යෙදීම දිනකට දෙවරක් කලයුතු අතර මහා තුවාල තෙල් හෝ සීතෝදක ආලේපනය සුදුසුයි. 3 වන සතියේ සිට කැටකෑල දෙසතියක් හා අනතුරුව මුංඇට පත්තුව යෙදීම සිදු කරමි.

මෙම ප්‍රතිකාර සිදු කර මාස 3 කින් MRI එකක් අරන් බැලීමෙන් ප්‍රතිකාරය ප්‍රත්‍යක්ෂ කරගත හැක. ACL හෝ PCL සම්පූර්ණයෙන් ඉරී ගියත් මේ ප්‍රතිකාර වලදී නැවත වර්ධනය වේ. එපමනක් නොව ACL ඛන්ඩරාව සවිවන ජංගාස්ථියේ භග්න tibial spine avulsion fracture වලදීද මෙම ප්‍රතිකාරය සාර්ථකයි. ඉහත සඳහන් කල ඉතිරි උළුක්කු එනම් මධ්‍ය ජානු ඛන්ඩරාව Medial collateral ligament, පාර්ශවීය ජානු ඛන්ඩරාව Lateral collateral ligament, ප්ශ්චාත් හරස් බන්ධනය Posterior meniscofemoral ligament, අධර කටාහක බන්ධනය patellar tendon යනාදියේ ඇතිවන ඉරීම් වලට සාමාන්‍ය උළුක්කු චිකිත්සාව කිරීම සෑහේ.

සකස් කලේ :- වෛද්‍ය මනෝජ් මැදගොඩ
ඡායාරූප :- අන්තර් ජාලයෙන්
--------------------------------------------------------------------------------
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997

කොන්දේ වේදනාවෙන් ඔබ පීඩා විඳිනවාද******************************************                   කොන්දේ වේදනාව ඕනෑම අවස්ථාව...
29/11/2020

කොන්දේ වේදනාවෙන් ඔබ පීඩා විඳිනවාද
******************************************
කොන්දේ වේදනාව ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. මේකට හේතු ගොඩක් බලපානවා. ඒ හේතු වලින් කිහිපයක් පහත සඳහන් කරල තියෙනවා.
ඒවා
# තාවකාලික
# තරමක් අසීරු හා
# ඉතා අසීරු ලෙස වර්ග කරන්න පුළුවන්.

# තාවකාලිකව කොන්දේ වේදනාවට බලපාන හේතු.......
-------------------------------------------------------------------
1. එක දිගට සිරුර නමාගෙන හෝ කොන්දට වෙහෙසකර වැඩක නිරතවීම.
2. දිගු වේලාවක් අයහපත් ඉරියව්වක සිටීම.
3. කොන්ද ප්‍රදේශයට පහරක් වැදීම.
4. මල බද්ධය හෝ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග.
මෙවැනි අවස්ථා වලදී අදාල හේතුව ඉවත් කිරීම හා සුදුසු තෙල් වර්ගයක් ආලේප කිරීමේන් සුවය සලසා ගත හැක.

# තරමක් අසීරු අවස්ථා
--------------------------------------------
(මේ සඳහා ඔබ ආසන්නයේ ඇති ආයුර්වේද රෝහලට හෝ ආයුර්වේද ඩිස්පෙන්සරියට ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත් යෝග්‍ය වේ.)

1. බරක් ඔසවාගෙන එක් වරම හැරීමකදී, වැටීමකදී, වැරැදි චලනයකදී කොන්දේ ඇතිවන උළුක්කුවක් (මෙය පේශි, ඛන්ඩරා හා සම්බන්ධක පටක වල ඇතිවන ඉරීමක් හෝ තුවාල වීමක්)

ඒ සඳහා ප්‍රතිකාර
-----------------------------
බහුල ලෙස උළුක්කු වනුයේ L3,L4 කශේරුකා වල මධ්‍යයේ සිට අඟල් 11/2 ක් පැත්තට වන්නට හෝ L2,L3 කශේරුකා වල මධ්‍යයේ සිට අඟල් 3 ක් පැත්තට වන්නටය. මෙය ස්ථානිකව තද කිරීමෙන් පහසුවෙන් හඳුනා ගත හැක.

ස්ථානිකව රත්කර,පටක සන්ධාන තෙලක් අභ්‍යංග කර පටක සන්ධාන පත්තුවක් ආලේපයෙන් පහසුවෙන් සුවවේ.

2. ඉහළ සිට වැටීමකදී තට්ටම බිම වැදී හිසේ බරට කඳ දුන්නක් ලෙස නැමී, පිට මැද (උරස් කශේරුකා 10,11,12 හෝ කටී 1(T10,11,12/L1) )කශේරුකා වල ඇතිවන බිඳීමක් (wedge fracture)

ප්‍රතිකාර
---------------
මෘදු ලෙස තෙල් ගල්වා ඉහළට අතගා සියුම් සකස් කිරීමකින් අනතුරුව සතියක් මැල්ලුම්ද, සති 2 ක් සන්ධාන පත්තුද, අවසාන සති 2 ක පැණි පත්තුද යොදා, ස්ථිරව කෙලින් තබා ගැනීමට අඟල් 4 ක් පළල අඟල් 10 ක් දිග පතුරක් කශේරුව දිගේ ස්ථාවරව තබා ප්‍රතිකාරය යෝග්‍යයි.

3. තට්ටම බිම වදින ලෙස වැටීමකදී අනු ත්‍රිකාස්තිය coccyx ආශ්‍රිතව ඇතිවන භග්නයක් හෝ අවසන්ධි වීමක් (බහුල ලෙස කාන්තාවන්ට මෙය සිදුවේ) - මේ පිළිබඳව මාගේ ඊලඟ ලිපියෙන් සවිස්තරාත්මකව කරුණු දක්වමි.

4. කොන්ද ප්‍රදේශයට සිදුවන පහර වැදීමක් හෝ තැලීමක්

ප්‍රතිකාර
--------------
ආයුර්වේද රෝහල් තුල තිබෙන ලාක්ෂා අඩංගු ලේපය, ඇඹුල් දොඩං හෝ හින්නාරං යුෂින් අනා සුව වන තුරු ආලේපය.

5. පිරිෆෝමිස් මාංශ පේශියේ ඝනවීම. (මෙම ප්ශිය ඝනවීම නිසා ඊට යටින් යන සයටික් ස්නායුව sciatic nerve තද වීමෙන් කොන්දේ හා පාදයේ වේදනාව ඇතිවේ)

ප්‍රතිකාර
--------------
සුදුසු මෘදුකාරක තෙල් වර්ගයක් ආලේප කර මැද සිට පාර්ශවිකව පිරිෆෝමිස් මාංශපේෂිය දිගේ සම්බාහනය කර අස්ථිහාරී පත්තුවක් යෙදීම.

6. සුශුම්නා ප්‍රාවරයේ ඝනවීම Thickened ligamentum flavum

ප්‍රතිකාර
---------------
මෙයද ඉතා බහුල රෝගී තත්ත්වයකි. ඝනවීම සුශුම්නාවේ විවිධ ස්ථාන වල සිදුවේ. එම ඝනවීම් මගින් සුශුම්නාව තෙරපීම නිසා වේදනාව ඇතිවේ. මේ සඳහා සුදුසුම ප්‍රතිකාරය කටී වස්තියයි.

# ඉතා අසීරු අවස්ථා
-------------------------------------
1. අධික බරක් එසවීමකදී කොන්දේ කශේරුකා අතර ඇති, අන්තර් කශේරුක මඬල නැමති කාටිලේජමය කොටස පුපුරා එහි මධ්‍යයේ ඇති දියර ඝන වීමෙන් සෑදෙන ගැටිත්තෙන්, සුශුම්නාව හෝ පර්‍යන්ත ස්නායු තෙරපීමෙන් හෝ එම කාටිලේජයේ දුර්වල තාවයක් නිසා එය පැතලි වී අදාල ස්නායු තෙරපීමෙන් ඇතිවන කොන්දේ වේදනාව.(මෙය බහුල රෝගී තත්වයකි)
2. කටී 5 හා ත්‍රිකාස්ථි (L5-S1)අතර ඇති බන්ධනය facet joint ගැලවී, ත්‍රිකාස්ථිය පිටුපසට නෙරා යාම (spodylosis, spodylolysis, spodylolisthesis)
3. Osteoporosis නිසා කශේරුකාවල ඇතිවන බිදීම්.
4. පාදයක් කොටවීම හේතුවෙන් කශේරුව ඇද්වී ඇතිවන වේදනාව
5. පැති කුදය scoliosis නිසා ඇතිවිය හැකි වේදනාව.
6. කශේරුකා සන්ධ් අතර ඇතිවන ආතරයිටිස් intervertebral arthritis
7. කශේරුවේ ස්නායු ජිද්‍රය වටා අස්ථි ඛන්ඨක සෑදීම osteophytes.
8. කශේරුකා එකිනෙක සම්බන්ධ වීම fused vertebrae.
9. අන්තර් කශේරුක මඬලේ තුනී වීම්, දිරාපත්වීම්.
10. කොඳු නාරටිය ආශ්‍රිතව ඇතිවන අර්බුද.

මෙම ඉතා අසීරු අවස්ථා සඳහා ප්‍රතිකාර කොට ඊට සුදුසු ප්‍රතිකාර පද්ධති මා විසින් ගොඩ නගා ඇත. ඒවා ඉදිරියේදී, විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම සඳහන් කරනලද කරුණු වලට අමතරව දරුවන් අධික බර සහිත බෑග් දිනපතාම එක් පැත්තක එල්ලා ගෙන යාම. ගර්භණී භාවය, ගර්භාෂය පිට දෙසට තදවීම, වෘක්ක ආශ්‍රිත ගල් හා රෝග, ඉල ඇට බිඳීම්, අක්මා රෝග, ප්ලීහා රෝග, අන්ත්‍ර ගත රෝග හා පිලිකා, අධික තරබාරුව, වයස් ගත වීම,මෙට්ටයේ පවතින දෝෂ ආදිය නිසාද කොන්දෙ අමාරුව නොහොත් කටීශූල ඇතිවේ.

සකස් කලේ
--------------------
වෛද්‍ය. මනෝජ් මැදගොඩ
මෝදර රජයේ ආයුර්වේද බෙහෙත් ශාලාව,
කොළඹ 15.

පින්තූර :- අන්තර් ජාලයෙනි

Bringing health with herbal...
21/10/2020

Bringing health with herbal...

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර____________________________________________මඩපාත ආයුර්වේද වෛද...
08/10/2020

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
____________________________________________
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
--------------------------------------------------------------------------
වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන, බාල-මහළු බේදයකින් තොරව බොහෝ දෙනෙකු පීඩා විඳින කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇති විය හැකි පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වනවානම් මෙම ලිපිය ඔබට ඉතා වැදගත් වනු ඇත...!

කොඳු ඇට පෙළෙහි වේදනාවක්‌ ඇති වූ විට බොහෝ විට රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරු දක්‌නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට පෙළෙහි ආබාධයන් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වන නිසාවෙනි. ආයුර්වේදයේදී කොඳු ඇට පෙළෙහි ආබාධයක්‌ නිසා වන වේදනාව වාත රෝග යටතට ගැනේ.

කොඳු ඇට පෙළ ගැන කතාබහ කිරීමේදී එය ප්‍රධාන කොටස්‌ තුනකට බෙදා දක්වයි.

එනම්, ග්‍රිවා අස්‌ථි (බෙල්ල)- Cervical Spine, උරස්‌ කශේරු අස්‌ථි - Thorasic Spine සහ කටී කශේරුකා අස්‌ථිය - Lunbar Spine. ග්‍රීවය සහ කටී කශේරුකා අස්‌ථිවල හැරවුම් සහ නම්‍යශිලිතාවය වැඩිය. උරස්‌ කශේරුකාවල නම්‍යශිලිතාවය ඉතා අඩුය. එයට හේතුව පර්ශු හා බැඳී තිබීමය. එබැවින් කශේරුකා අතර මඩල ඉතා තුනිවීම මත නම්‍යශීලීතාවය අඩු වී ඇත. ග්‍රීවය හා කටී ප්‍රදේශවල නම්‍යශිලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල තරමක්‌ ඝනකම්ව පිහිටිමය. අන්තර් කශේරුකා මඩල මගින් ඝට්‌ඨනය (ගැටීම) නැති කර කොඳු ඇට පෙළ පැවැත්මට, ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දීමයි.

ඒ නිසා වැඩිපුරම කොඳු ඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත්වන්නේ ග්‍රීවය සහ කටී ප්‍රදේශයේ ඇති අස්‌ථින් සහ අන්තර් කශේරුකා මඩලය.

කොඳු ඇට පෙළ හරහා ගමන් කරන සුෂුම්නා ස්‌නායු යුගල 12 ක්‌ තිබේ. මේවායින් ශරීරයේ පාලන, විධාන යන ක්‍රියා ක්‍රමවත්ව සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනාට කොන්දේ කැක්‌කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදීය. නැති නම් සයිටිකා(Sciatica) තත්ත්වයේදීය. බෙල්ලේ සිදු වන ආබාධයකදී බෙල්ලේ කැක්‌කුමක්‌ ඇති වන අවස්‌ථා ඇත. සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්‌කුම අවස්‌ථාවේදී අත දිගේ එන කැක්‌කුමක්‌ දැනෙනු ඇත. එපමණක්‌ නොව පීඩාවට පත් වන ස්‌නායුවේ ස්‌වාභාවය අනුව මළ මුත්‍රා එනම් බහිස්‍රාවිය ක්‍රියාවන්, අන්තර් පේශින්ගේ ක්‍රියාවන් ආදිය පවා අඩාල කරන වෙනස්‌ කරන තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආබාධයේ ස්‌වභාවය අනුව වේදනාව සහ එයින් ඇති වන අතුරු ආබාධ තීරණය වනු ඇත.

කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග අවස්‌ථා ලෙසට කශේරුකා අතර මඩල ලිස්‌සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව S අකුරේ හැඩය හෝ C අකුරේ හැඩයට කුදු ගැසීම (පැති කුදය-Scoliosis) යන තත්ත්වයන් ඇති විය හැක.

මේවා ඇති වන හේතුන් ගැන කතා කිරීමේදී ධාතු ක්‍ෂීණාභාවය නිසා ශරීරය දුබල වීම (අධික කෘෂ බව), අධික ස්‌ථුලතාවය (අධික මහත නිසා බර දරා ගන්නට කොඳු ඇට පෙළට වෙහෙසක්‌ දැරීමට සිදුවීම), ගර්භනී අවධියේ ඇති වන විවිධ සංකූලතා (කලාතුරකින් සිදු වන ත්ත්වයකි), උපතේදී වන ආබාධ එනම් අඬු භාවිතය වැනි, ඉපදුනු පසු ළදරුවා වඩා ගන්නා වැරදි ඉරියව් මෙන් ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉසිලීම, වැරදි ඉරියව්වල පිහිටා කටයුතු කිරීම වැනි කරුණු ප්‍රධාන වේ. හදිසි අනතුරු, ආමවාත, වාතරක්‌ත ආදී රෝග කාරණා ද කොඳු ඇට පෙළ ආබාධවලට හේතු විය හැක.

සුෂුම්නා ස්‌නායුව කොඳු ඇට පෙළ දිගේ ගමන් ගන්නා විට එහි ආරක්‌ෂාවට තරලයක්‌ තිබේ. එය ස්‌නායු ආවරණ තරලය නම් වේ. යම් හේතුවකින් මෙම තරලය වියළි යැමත්, යම් දුරකට එම ස්‌නායු සංවේදිතාවයට හානි පමුණුවා කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇති විය හැකිය. මොළය ප්‍රදාහයට ළක් වීම වැනි, එනම් මෙනින්ජයිටීස්‌ වැනි තත්ත්වයන් මේ සඳහා හේතු විය හැක. හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක්‌ වීම වැනි අවස්‌ථා ද මේ සඳහා හේතු විය හැක.

කොඳු ඇට පෙළ වැදගත් වන්නේ සිරුර සෘජුව පවත්වා ගැනීමට, ශරීර හැඩය හා නම්‍යශිලිත්වය සඳහා යන ප්‍රධාන කාරණාවලටය. ඒ නිසා එය වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කරනු ඇත. ඉහත හේතුවකින් කොදු ඇට පෙළ ආශ්‍රිත ආබාධයක්‌ වේ නම් එය ඉතා අපහසු සහ අසහනකාරී තත්ත්වයක් බවට පත් වනු ඇත. ශරීර ක්‍රියාවන් අඩපණ වන්නේය.

කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්‌නට ලැබෙන වේදනාව, එනම් කොන්දේ හෝ බෙල්ලේ ස්‌පර්ශයෙන් එය විනිශ්චය කර දැන රෝගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාව (ගුද්‍රසි-Sciatica හෝ අවබාහුක-Frozen shoulder වැනි) ඇති වීමට පුළුවන.

මෙම තත්ත්වය මුලදී වේදනාව පමණි. පසුව හිරිය දක්‌වා වර්ධනය වී එතැනින් එහාට සංඥ දැනෙන්නේ නැතිව යනු ඇත. එනම් අත හෝ පාදය පණ නැතිව යන්නේය.

එය සුෂුම්නා ස්‌නායුවට ඇති කරන පීඩාව අනුව වෙනස්‌ වන තත්ත්වයකි. මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිදුම් තත්ත්වයක් ද නොවේ. ඒ නිසා ම ප්‍රතිකාරය මෙයටම අන්‍යන්‍ය ප්‍රතිකාරයක්‌ විය යුතුය. ඒ නිසා බොහෝ විට සිදු වන වැරදි ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් බොහෝ රෝගීන් පීඩා විඳින අයුරු දක්නට ඇත.

ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස්‌ වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක්‌ නිශ්චිත ස්‌වරූපයට යළි සකසා ගැනීමටයි. ඒ සඳහා කොඳු ඇට පෙළ යම් ආකාරයකට මොළොක්‌ කිරීමකට බදුන් කළ යුතුය. මෙහිදී මොළොක්‌ කරන්නේ කශේරුකා අස්‌ථි නොවේ. කොඳු ඇට පෙළ පුරුක්‌ය. මොළොක්‌ කළ පසු නිශ්චිත හැඩයට ගෙන සකස්‌ කර ගත යුතුය. ඒ සඳහා විශේෂිත තෙල් වර්ග තිබේ. දේශීය පාරම්පරික, ඉතා අතීතයේ සිට භාවිත වූ ඖෂධ වට්‌ටෝරු මෙන්ම ආයුරේවේදයෙ එන විවිධ ඖෂධීය තෛල, පත්තු ආදිය භාවිතයෙන් එය සාර්ථකව කර ගැනීමේ හැකියාව ඇත.

එම ක්‍රම අතුරින් ආබාධිත ස්‌ථානය ආශ්‍රිතව සකසා ගත් ආවාට තුළට තෙල් පුරවා නිශ්චිත කාලයක් තැබීම (කටී වස්‌ති, ග්‍රීවා වස්‌ති) බොහෝ ප්‍රචලිත ක්‍රමයකි. ඉන්පසුව එම තෙලම යොදා ගනිමින් සැකසීම සිදු කරනු ලැබේ. මෙය දිනකින් දෙකකින් කළ හැකි දෙයක්‌ නොවේ. ආබාධයේ ස්‌වභාවය අනුව යම් කාලයක්‌ ගත වේ. ඉන්පසු නැවත කොඳු ඇට පෙළ ශක්‌තිමත් කරනු ලැබේ. ඒ සඳහා වෙනම ම තෙල්, පත්තු, මැල්ලුම්, ලේප ආදිය අවස්‌ථනෝචිතව යොදා ගනු ලැබේ.

ඒ නිසාම වෙහෙසකර දේ, වැරදි ඉරියව්වලින් ඈත් විය යුතුය. වෛද්‍ය උපදෙස්‌ මත කොන්දට නම් මෙට්‌ටය, බෙල්ලට නම් කොට්‌ටය සකස්‌ කර ගත යුතුය. දුරගමන්, බර ඉසිලීම වැනි වෙහෙසර කර ක්‍රියා නැවැත්විය යුතුය. බිමට නැමී ගමන් ගැනීම නුසුදුසුය. එනම් ප්‍රවේශම වැදගත්ය.

වාත රෝග ගණයේ නිසා පත්‍ය අපත්‍ය අනුගමනය කළ යුතුය. ඇල් දිය භාවිතය, ශීතල ආහාර, අධික ව්‍යායාම ආදී වාතය කෝප කරවන ආහාර-විහරණගෙන් වැළකී සිටිය යුතුය.

යම් පුද්ගලයකුට කොන්දේ හෝ බෙල්ලේ වේදනාවක්‌ ඇති වී නම් වහාම නිසි වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමට යොමු විය යුතුය. X - කිරණ පරීක්‌ෂණ වැනි පරීක්‌ෂණ මගින් රෝගය වඩාත් පහසුවෙන් නිර්ණය කර ගතත හැක.

කොන්දේ වේදනාව කොඳු ඇට පෙළ ආබාධයක්‌ම නොවන තැන් තිබේ. ගර්භාෂ, වකුගඩු, අක්‌මා, අන්ත්‍රගත රෝග හා උදරය ඇසුරු කළා වූ පිළිකාවලදී ද ඇතැම් විට උග්‍ර අම්ල පිත්ත අවස්‌ථාවලදීද කොන්ද ආශ්‍රිත වේදනාවන් ඇති වන්නේය. එහෙත් මේවායේ වේදනාවන් වෙනස්‌ වන නිසා එය හඳුනා ගැනීම අපහසු නැත.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ, කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම එවැනි රෝගීන්ට මහත් අස්වැසිල්ලකි.

--------------------------------------------------------------------
කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ ඇතුළු බොහෝ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර අපගේ ආයුර්වේද වෛද්‍ය මධයස්ථානය වෙතින් ලබාගත හැකිය.

මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො. 63/2, මඩපාත, පිළියන්දල.
____________________________________________
පෝය දින හැර සතියේ සෑම දිනකම සවස 4.00 සිට ප. ව. 9.00 දක්වාද, සෙනසුරාදා ප.ව. 2.00 සිට ප. ව. 9.00 දක්වාද, ඉරිදා උදෑසන 9.00 සිට ප. ව. 9.00 දක්වා ද ප්‍රතිකාර කරනු ලැබේ.

විමසීම් : 071 5420401 | 077 3891663
____________________________________________

අක්මා රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර_____________________________________________මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයනො.63/2, ...
20/09/2020

අක්මා රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර
_____________________________________________
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
_____________________________________________
◼️"සිරෝසිස්" හැදෙන්නෙ මත් පැන් නිසාද?
◼️ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ද වැඩි ප්‍රමාණයකටත් අවදානමක් තිබෙන මොකක්ද මේ සිරෝසිස් කියන්නෙ??
◼️ආයුර්වේදයෙන් සිරෝසිස් හොඳ කරන්න පුළුවන්ද??
----------------------------------------------------------------------------

අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග‍්‍රන්ථියද වේ. බරින් කිලෝ ග‍්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප‍්‍රාචීරයට යටිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැක්කේ මෘදු රෝස හෝ දුඹුරු පැහැයට හුරු ති‍්‍රකෝණාකාර අවයවයක් වශයෙනි.

අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.අක්මාවේ සිදුවන ප‍්‍රධාන කාර්යයන්:

🔸රුධිර කැටි ගැසීම වළක්වන ප්‍රෝටීන 🔸නිෂ්පාදනය සිදු වනුයේ අක්මාවෙනි.
🔸ශරීරයට ඇතුලූ වන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්මාවෙන් සිදුවේ.
🔸ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත නිපදවනුයේ ද අක්මාවෙනි.
🔸ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරේ.
🔸මත්පැන් වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්මාව උපකාරී වේ.

මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවා රැසක් සිදුකරන අක්මාව ආශි‍්‍රතව බොහෝ රෝග තත්ත්ව දැක ගත හැකියි.

ඉන් එක් රෝග තත්ත්වයක් වනුයේ ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් මේද තැන්පත් වී තිබිම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම නිසා රෝගී තත්ත්වයක් ඇති විය හැක. මෙම තත්ත්වය අක්මාවේ මේද තැනපත් වීම ලෙස හැඳින්වේ. මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට මෙම රෝග තත්ත්වය ඇතැයි විශ්වාස කෙරේ. මෑත කාලයේදී මෙම රෝගය සුලභ වශයෙන් දැකිය හැක.

ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමට ප‍්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. එහෙත් මත්පැන් භාවිතා නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම සුලභ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් පවතී. මෙම රෝග තත්ත්වය නන් 'ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස්' ලෙස හැඳින්වේ.

“නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස්” හෙවත් මත්පැන් පානය නොකරන අයගේ අක්මාවේ ප‍්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීමට:

🔴ශරීරයේ අධික ස්ථුලතාව
🔴දියවැඩියාව රෝගයෙන් පෙළීම (ප‍්‍රධාන වශයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව)
🔴ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග
🔴මන්දපෝෂණයෙන් පෙළීම
🔴කෙටි කාලයක් තුළ ශරීරයේ කෙට්ටුවීම. විශේෂයෙන් අධික ස්ථුලතාව ඇති අයගේ බර අඩුකිරීමට කරන ඇතැම් සැත්කම් වලින් පසුව.
🔴රුධිරයේ ඇති කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය වැඩිවීම.
🔴වයස්ගතවීමත් සමඟම මේද තැන්පත් වීම වැඩිවේ. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දැකිය හැක.
🔴මෑතකදී අධි රුධිර පීඩනය තත්ත්වයත් මෙම රෝගය සෑදීමට හේතුවන බව සොයාගෙන ඇත.

සරළව කිවහොත් අධික ලෙස තෙල් ආහාර දිනපතා ගන්නා පුද්ගලයන්ට සිරෝසිස්‌ මතු වීමේ අවදානමක්‌ පවතී. තෙල් සහිත ආහාර ගෙන නිසි ව්‍යායාම නොකර සිටීමෙන් අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත් වේ. (Fatty Liver)

මෙලෙස අධික ලෙස අක්‌මාවේ තෙල් තැන්පත් වීමෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. (Non Alcoholic Steatohepatitis)

මේ සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සිරෝසිස්‌ රෝගය ඇති වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 30% පමණ පිරිසක්‌ සිරෝසිස්‌ රෝගයට ගොදුරුව සිටිති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික ලෙස මේද සහිත ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම නොකිරීමය.

|අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ|

බොහෝ රෝගීන් තුළ කිසිම රෝග ලක්‍ෂණයක් දැකිය නොහැක. කලාතුරකින් දැකිය හැකි රෝග ලක්‍ෂණ වනුයේ.

🔹අධික තෙහෙට්ටු ගතිය අප‍්‍රාණික බව
🔹උදරයේ දකුණු පැත්තේ අක්මාව ආශි‍්‍රත ප‍්‍රදේශයේ වේදනාවක් ඇතිවීම.
🔹ආහාර රුචිය අඩුවීම
🔹නිතර ඔක්කාර ගතිය ඇතිවීම.
🔹බඩ පුරවා දැමීම.

මත්පැන් භාවිත නොකරන අයගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා ප‍්‍රධාන වශයෙන් රෝග අවස්ථා තුනක් දැකිය හැක.

1.බොහොමයක්ම රෝගීන් තුළ දැකිය හැක්කේ අක්මාවේ මේද ප‍්‍රතිශතය සියයට 10 කට වඩා තැන්පත් වීම පමණකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්මාවේ ආසාදන තත්ත්වයක් ඇති නොවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ 'හෙපටික් ස්ටියටෝසිස්' නමිනි.

2.ඇතැම් රෝගින්ගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා අක්මාවේ සෛලවල ආසාදන තත්ත්වයක් ඇතිවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ 'නන් ඇල්කොහලික් ස්ටියටොහෙපටයිටිස්' නමිනි.

3.දිගින් දිගටම ස්ටියටොහෙපටයිටිස් නමැති තත්ත්වය පැවතුන හොත් අක්මාවේ ප‍්‍රධානතම කාර්ය සිදුකරන අක්මා සෛල විනාශ වී සිරෝසිස්, නමැති රෝග තත්ත්වය ඇතිවිය හැක. මත්පැන් පානය නොකරන අය අතර සිරෝසිස් රෝගය සෑදීමට ප‍්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මේද තැන්පත් වීම සැලකේ.

දියවැඩියා රෝගීන්, අධි ස්ථුලතාව ඇති අය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි අය, අවුරුදු 45 ට වැඩි අයට මේ සඳහා වැඩි අවදාමක් පවති.

මත්පැන් භාවිතය නොමැතිව අක්මාවේ මේද තැන්පත් වූ රෝගීන්ගෙන් පොදුවේ ගත් කළ සියයට 10 ත් 20 ත් අතර ප‍්‍රමාණයක රෝගීන්ට අවසානයේ සිරෝසිස් නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.

අක්මාවේ මේද තැන්පත් වී ඇතැයි කියා දැනගත හැකි පරීක්‍ෂණ වර්ග කිහිපයක්ම පවතින් අතර පිළිගත් වෛද්‍යවරයෙකු හමු වීමෙන් පසු රෝග ලක්ෂණ අනුව එම පරීක්ෂණ වෙත ඔබව යොමු කරනු ඇත.

|අක්මාවේ මේද තැන්පත් වීම වැඩිවී ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු|

🔵මත්පැන් පානය කරන අයෙක් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය.
🔵රෝගියා අධික ස්ථුලතාවෙන් පෙළේ නම් ක‍්‍රමානුකූලව බර අඩු කරගත යුතුය.
🔵දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප‍්‍රමාණය පාලනය කළ යුතුය.
🔵අධි රුධිර පීඩනය ඇති නම් රුධිර පීඩනය නිසි ලෙස පාලනය කරගත යුතුවේ.
🔵රෝගියා මේද තැන්පත් වීම වැඩි කරන ඖෂධ භාවිත කරන්නේ නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය.
🔵එළවළු පලතුරු කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි ලෙස භාවිත කළ යුතුවේ.
🔵මස් භාවිතය අවම කළ යුතුවේ.
🔵සංතෘප්ත තෙල් භාවිතය අඩු කළ යුතුය.
🔵සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුවේ.
🔵බිත්තර කහ මදය අඩුවෙන් භාවිත කළ යුතුය.
🔵හැකි තරම් දුරට සීනි භාවිතය අඩු කළ යුතුය.
🔵සුදු පාන් සහ සුදු සහල් භාවිතය අවම කළ යුතුය.
🔵වැඩිපුර කෝපි භාවිතය අක්මාවට ආරක්ෂාවක් වේ.
🔵අඩුම තරමින් සතියකට දින තුනක් වත් දිනකට පැය භාගයක් නිසි අලෙස ව්‍යායාම කළ යුතුවේ.

අක්මාවේ ඇති අනවශ්‍ය මේද ප‍්‍රමාණය අඩුකර ගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. එමෙන්ම 90% ක්‌ම ජීවන රටාවේ පුරුදුවලින් දුරස්‌ වීමෙන් අක්‌මාව රැක ගැනීමේ ස්‌වයං ආරක්‌ෂාව ලැබීමේ හැකියාව ඇත.

රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී නිවැරදි රෝග පරීක්ෂාවකින් අනතුරුව නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වීමය.

ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද හැකියාව පවතී. මෙ සඳහා හොඳ ආහාර පුරුදු ඇතිකරගැනීමෙ වැදගත්කම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඖෂධීය කැඳ වර්ග භාවිතය ඇතුළු ඉතා පහසුවෙන් එදිනෙදා කළ හැකි දේ රාශියක් පවතී. එමෙන්ම රෝග-රෝගී පරීක්ෂාවකින් අනතුරුව ලබාදෙන ආයුර්වේද ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කිරීමෙන් ඉතා කෙටිකළකදී 'ෆැටි ලිවර්' (අක්මා තෙල්) තත්ත්වයෙන් අත් මිදිය හැකි බව සඳහන් කළ යුතුය.

අප සමාජයේ පැවතුන දුර්මතයක් වන ඇතැම් ආයුර්වේද ඖෂධ (අරිෂ්ට-ආසව වැනි) මගින් 'සිරෝසිස්' සෑදෙනවා යන්න අද වන විට බැහැරව ගොස් ඇති අතර, මේ වන විට ශරීරියට කිසිදු අහිතකර ප්‍රතිඵලයක් නොමැති ස්වභාවික ඖෂධ කෙරෙහි ලෝකයම නැඹුරු වෙමින් පවතී. එමෙන්ම ඇතැම් සාම්‍ප්‍රදායික ඖෂධ වෙනුවට, භාවිතයට පහසු මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ නවීන ආයුර්වේද ඖෂධ හඳුන් වා දී ඇත. විවිධ පර්‍යේෂණ මගින් තහවුරු කළ ඇති ආකාරයට අක්මා රෝග සඳහා ද ඉතා සාර්ථක ප්‍රතිඵල එම ඖෂධ මගින් ලබා ගෙන ඇත.
_____________________________________________
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අප ඔබගෙ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කරනුයේ පරේයෂණාත්මකව තහවුරු කරන ළද නවීන ආයුර්වේද ඖෂධ සහ අනාදිමත් කාලයක සිට භාවිතාවෙන් තහවුරු කරන ළද දේශීය ප්‍රතිකාර ක්‍රම වල සංකලනයක් මගින් ගොඩ නගාගත් සුවිශේෂී චිකිත්සා පද්ධතියක් අනුවය.
-----------------------------------------------------------------------------
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
_____________________________________________

නහර ගැට ගැසීම හා පා තුවාල (Varicosities and Leg  Ulcerations)____________________________________________නහර ගැට ගැසීම(V...
14/09/2020

නහර ගැට ගැසීම හා පා තුවාල (Varicosities and Leg Ulcerations)
____________________________________________

නහර ගැට ගැසීම(Varicose Veins )කියන්නේ සමහරුන් එතරම් සැලකිල්ලක් ගන්නෙ නැති එසේම රෝගයක් නෙමෙයි කියල හිතන තත්වයක්.මෙය නොසලකා හැරීම නිසා ඇති වෙන පසු උපද්‍රව පේන්න පටන් ගන්නේ කාලයක් ගිහින්.

මේ අතරින් මුලින්ම හිතට එන්නේ පාදයේ පෙනුම වෙනස් වීමෙන් ඇතිවෙන විරූපී වීම්(Disfiguring) පිළිබඳ වයි.කාන්තාවක් නම් මෙය ඇගේ රූසපුවට වඩාත් බලපානවා.
ඒ වගේම ගැට ගැසුණු නහර ඇති විට, කල් ගත වීමත් සමග, පාදයේ කැසීමක් ඇති වෙනවා.එය දදයක් (Eczema) ලෙස පැතිර යන්න පුලුවන්.පාදයේ කැසීම,සම කළු වී ඝනවීම හා තුනී විමත් සිදු විය හැකියි.තවද පාදයේ ඉදිමීම සුලබ ලක්ෂයක් වෙනවා(Swollen Legs).

වඩා වැදගත් කරුණක් වන්නේ සුව නොවන තුවාල පාදයේ ඇතිවීමයි. සමහරවිට වසර ගනණාවක් මෙම තුවාල සුව නොවී, රෝගියටත් ඔහුගේ සමීපතමයන්ටත් හිතට වද දෙමින් තියෙනවා. අවාසනවකට ,සමහරුන්ට තම පාද නොමැතිව ජීවිතයේ ඉතුරු කාලය ගත කරන්න සිදුවීමටත් පුළුවන්...

+මෙම රෝගී තත්වට ඇති වන්නෙ කෙසේ ද?

දේහය පුර එකතු වන ඔක්සිජනීහෘත රුධිරය නැවත හෘදය කරා පරිවහනය කරන්නෙ ශිරා පද්ධතිය මගිනි. ධමනි තුළින් රුධිරය පරිවහනයට හෘදය මගින් පොම්ප කිරීමේ බලයක් සැපයුන ද ශිරා තුළින් රුධිරය ගමන් කරන්නෙ හෘදය දෙසට විවෘත වන කපාට සහ ඒ අසල ඇති මාංශපේෂි වල ක්‍රියාකාරිත්වය හෙතුවෙනි.
මෙම කපාට වල අක්‍රීය වීමක දි සහ රුධිර නාල බිත්ති දුර්වල වීම නිසා රුධිරය හෘදය දෙසට ගමන් නොකොට නැවත පහළට ගමන් කිරීම නිසා මෙමෙ රුධිර නාල ඇද වීම ඉදිමීම රුධිරය පිටතට ගමන් කිරීම හා විශේෂයෙන්ම අභ්‍යන්තර ශිරා වල රුධිරය එකතු වීම නිසා මෙමෙ Vericose තත්වය ඇති වේ. Vericose තත්වයන් නිසා එම රුධිර නාල වල ලේ කැටි සිරවීම ද සිඳුවිය හැක.

||අවදානම් සාධක

වැඩිපුරම ඇතිවන්නෙ කාන්තාවන් ටය.. මැදි වියේ සිට ඇති විය හැකි අතර ගර්භණී සමයේ විශේෂයෙන්ම ඇති විය හැක. එයට හේතුව ගර්භණී සමයේ උදරය සහ දෙපා මත යෙදන අමතර පීඩනය සහ ඇතැම් හෝර්මෝන වල ක්‍රියාකාරිත්වයයි..
ඇතැම් කාන්තාවන් ට ගර්භනී සමයෙන් පසුව නැති වී යා හැකි අතර ඇතැමුන් ට දරු ප්‍රසූතියෙන් පසුව ද ජානගත හේතුන් නිසා ශිරාගත ව පැවතී නැවත මතු විය හැක.

පිරිමින්ට ද විවිධ හේතු නිසා ඇති විය හැකි අතර බොහෝවිට වයස්ගත වන විට ඇති වේ.

||රෝගය ඇති වීමට හේතු

🔴ගර්භණී බාවය
🔴ආර්තවහරණය
🔴වයස 50ට වඩා වැඩිවීම
🔴දිගු වෙලාවක් එක දිගට සිටගෙන
සිටීම.
🔴තරබාරු බව
🔴ප්‍රමාණවත් ව්‍යායාම නොමැතිවීම.
🔴ජානමය බලප

||රෝගය හඳුනා ගන්නේ කෙසේද?

දෙපාවල නහර විකෘති වී තද දම් හෝ නිල් පැහැයකට හැරේ. (පාද වල ඇති වන Vericose තත්වය බොහෝවිට කකුලේ ඇතුලු පස වලලුකර ප්‍රදේශයේ ඇති වී පැතිරේ.)

පාද වල කුඩා කලු පැහැ ඉක්මනින් සනීප නොවන ආකාරයේ තුවාල හටගනී.

බොහෝදෙනෙකුට මෙහි වේදනාවක් ඇති නොවන නිසා සැළකිල්ලට නොගනී. නමුත් නහර තුවාල වී ලේ ගැලීමක් වුවහොත් එය බරපතළ තත්වයක් බවට පත් වේ... 😲

||රෝගය වළක්වා ගැනීමට නිවසේදී ම කළ හැකි ප්‍රතිකර්ම තිබේ ද...?

🔸ශරීරයේ බර පාලනය.

🔸දිගු වෙලාවක් සිටගෙන සිටීමෙන්
වැළකීම

🔸නිසි ව්‍යායාම වල යෙදීම.

🔸ඇවිදීම මගින් Vericose අවදානම
ඇති අයෙකුගෙ වුව ද එම අවදානම
අඩු කර ගත හැක.

🔸හැකි සෑම විටම දෙපා සිරුරට වඩා මදක් ඉහළින් තබා ගැනීම.

🔸උසින් වැඩි සෙරෙප්පු, ඉඟටිය සහ කකුල් අනවශ්‍ය ලෙස සිර කරන ඇදුම් භාවිතය අවම කරීම.

🔸ක්‍රේප් බැන්ඩේජ් හෝ සම්පින්ඩන මේස් පැළදීම.

🔸ඔලිව් තෙල් හෝ පොල් තෙල් සමග විටමින් E මිශ්‍ර කර ගැටගැසුණු නහරවල පහල සිට ඉහළට සම්භාහනය කිරීම.

||නහර ගැටගැසීමේ රෝගයට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවති||

◼️නහර විද ලේ ඉවත් කිරීම

අයුර්වේද පංචකර්ම වලින් එකකි. සතුන්ගෙ අං වලම් ලබුකබල්, අයුර්වේදයෙ ඇති විශේෂ උපකරණ මෙන්ම වෙද කූඩැල්ලන් යොදා ගැනීමෙන් ද අපිරිසිදු රුධිරය ඉවත් කිරීම සිදු කරයි.

◼️තව ද පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ කෙරෙන ස්නේහ කර්ම, පත්තු, ආලේප,වස්ති කර්ම, චීන කටු චිකිත්සාව ආදි රුධිරය පිරිසිදු කෙරෙන බොහෝ අයුර්වේද ප්‍රතිකර්ම මගින් නහර ගැටගැසීමේ රෝගය නිට්ටාවටම සුව කර ගත හැක.
_____________________________________________
නහර ගැට ගැසීමේ රෝගය ඇතුළු බොහෝ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර අපගේ ආයුර්වේද වෛද්‍ය මධයස්ථානය වෙතින් ලබාගත හැකිය.
---------------------------------------------------------------------------
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො. 63/2, මඩපාත, පිළියන්දල

විමසීම් : 071 5420401 | 076 2399997
---------------------------------------------------------------------------

පිත්තාශ්මරී හෙවත් පිත්තාශ ගල් (Gallbladder stones) හා පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය/ඉදිමුම (Prostate Gland Enlargement) නිසා...
05/09/2020

පිත්තාශ්මරී හෙවත් පිත්තාශ ගල් (Gallbladder stones) හා පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය/ඉදිමුම (Prostate Gland Enlargement) නිසා ඇති වූ කොන්ද කැක්කුම, උදර වේදනාව හා බඩ පුරවාදැමීම, බඩ දැවිල්ල, මුත්‍ර දැවිල්ල හා මුත්‍ර පිට කිරීමේ අපහසුතා ආදි රෝගලක්ෂණ සහිතව අප සායනය වෙත පැමිණි වයස අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙකු සඳහා ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර සහ ප්‍රතිකාර අතරතුර ලබාගත් ස්කෑන් පරීක්ෂණ වාර්තා මෙහි දැක්වේ.

මේ වන විට රෝගියාට පැවති අපහසුතා සියල්ලම පාහෙ පහව ගොස් ඇති අතර, මළ හා මුත්‍ර සම්බන්ධ ගැටළුද පහව ගොස් ඇති බැවින් ශාරිරික මෙන්ම මානසික සැහැල්ලුවක් දැනෙන බව රෝගියා පැවසීය. ආයූර්වේද මූලධර්මානුකූලව අප විසින් සිදු කළ ප්‍රතිකාර මගින් සති 3ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ප්‍රතිඵල පෙන්වීය.

නවීන ආයුර්වේද ප්‍රතිකාර හා දේශීය වශයෙන් සුලභව භාවිතා වන ඖෂධ සමග විශේෂ ප්‍රතිකාර පන්තියක් අප විසින් මෙහිදී භාවිතා කරනු ලැබීය.

රෝගියා විසින් අපගේ ප්‍රතිකාර අතරතුර මේ සඳහා වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය නොකළ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සැ.යු.
අප වෙත පැමිණෙන බොහෝ රෝගීන් මැසිවිලි නගන්නේ විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද රෝගය නිට්ටාවට සුව කරගැනීමට නොහැකි වූ බව කියමිනි. ඔබ විසින් සුදුසුකම් සහිත සහ පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවී, රෝගයෙහි සාධ්‍ය-අසාධ්‍යතාවය පිළිබඳ නිවැරදිව දැනුවත් නොවීම මෙයට ප්‍රධාන හේතුවයි. එමෙන්ම, ඕනෑම රෝගයක් හටගත් වහාම නිවැරදි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අනුගමනය කිරීමට ඔබ උත්සුක විය යුතුය. කල්ගත වීමෙන් ඔබට කාලය හා මුදල් නාස්ති වීම පමණක් නොව රෝග නිට්ටාවට සුවකරගැනීමට ද අපහසු වනු ඇත.

__________________________________________

මෙවැනි රෝග තත්ත්වයන් මෙන්ම සියළුම රෝග සඳහා නිවැරදි රෝග පරීක්ෂාවකින් අනතුරුව ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දැන් ඔබට පුළුවන.
__________________________________________

මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
__________________________________________

පීනස හා ඇදුම නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රතිකාර_____________________________________________මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍ය...
24/08/2020

පීනස හා ඇදුම නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රතිකාර
_____________________________________________

මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
_____________________________________________

පීනස හා ඇදුම යනුවෙන් හඳුන්වන්නෙ කුමක්ද?

පීනස
_______________
නවීන වෛද්‍ය විද්‍යාත්මකව පීනස යනුවෙන් හදුන්වන්නේ පාරම්පරිකව හෝ පාරම්පරික නොවන ලෙස ඇතිවන ආසාත්මිකතාවයක්. මෙම රෝගී තත්ත්වයේ දී නාසය හා නාසයට සම්බන්ධ කෝටරක වැනි කොටස් වල බිත්ති ඉදිමීම හා ඒවා ආශ්‍රිතව වැඩිපුර ශ්‍රාවයන් පිටවීම සිදුවෙනවා. මෙම රෝගී තත්ත්වය සමහර රෝගීන්ට එක් කාලයකට පමණක් ඇති විය හැකි (Seasonal Rhinitis) අතර සමහර රෝගීන්ට දීර්ඝ කාලයක් පුරා (Perennial Rhinitis) පැවතිය හැකියි.

මෙම රෝගයේ රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. සමහරෙකුට නාසය සිරවීම ප්‍රධාන රෝග ලක්‍ෂණය ලෙස හදුනාගත හැකි අතර සමහරෙකුට නිතර කිවිසුම් යාම ප්‍රධාන රෝග ලක්‍ෂණය විය හැකියි. මීට අමතරව නාසය කැසීම, නාසය ඉදිමීම, නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම, නිතර උගුර පෑදීමට සිදු වීම, ඇස් කැසීම, ඇස් රතුවීම සහ සම කැසීම වැනි රෝග ලක්‍ෂණ මෙම රෝගීන් තුළ දැකිය හැකියි. මෙම රෝග ලක්‍ෂණ එකක්, කිහිපයක් හෝ සියල්ලම ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් හදුනාගත හැකියි. මෙම රෝගීන්ට පීනස රෝගයට අමතරව ඇදුම රෝගය හා සමේ දද ඇති වීමට ද හැකියාවක් තිබෙනවා. මෙයින් එක් රෝගයක් පළමුව ඇති වී පසුව අනෙක්වා ඇති වන අවස්ථා තිබෙනවා.

මෙම රෝගය සමහරෙකුට පාරම්පරිකව වැළදෙන රෝගයක්. මවට හෝ පියාට මෙම රෝගී තත්ත්වය ඇත්නම් දු දරුවන්ට එය ඇති වීමේ අවදානමක් තිබෙනවා. එසේම එක් සහෝදරයෙකුට හෝ සහෝදරියකට මෙම රෝගී තත්ත්වය වැළදී ඇත්නම් අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් මෙම රෝගය වැළදීමේ වැඩි හැකියාවක් පවතිනවා. එසේ වුවත් මෙය සෑම විටම පරම්පරාගතව වැළදෙන රෝගී තත්ත්වයක් මත් නොවේ.

රෝගය වැළදීමට, රෝග ලක්‍ෂණ මතු වීමට හෝ ඒවා උත්සන්න වීමට විවිධ සාධක බලපාන්න පුළුවන්. අධික ශීතල, අධික රස්නය, ඉහළ පරිසර ආර්ද්‍රතාවය එසේත් නැතිනම් ජල වාෂ්ප වැඩි බව, වැසිබර පරිසර තත්ත්ව වැනි කාළගුණ විපර්යාස මේ සඳහා සෘජු ලෙසම බලපානවා. අප ගන්නා ආහාර වර්ග මේ කෙරෙහි බලපාන තවත් සාධකයක්. ශීත කළ ආහාර වර්ග, ශීත කළ පාන වර්ග හා තැඹිලි සෑම රෝගියෙකුටම අහිතකරව බලපාන අතර අන්නාසි, තක්කාලි, අච්චාරු, බිත්තර, කිරි, රටකජු, වර්ණ ගැන්වූ පැණි බීම වැනි ආහාර පාන වර්ග එක් එක් රෝගියාට වෙන් වෙන් වශයෙන් බලපාන්නට පුළුවන්. එමෙන්ම බූල් සහිත රෙදි, කාපට්, විසිතුරු භාණ්ඩ, මදුරු දැල්, ඇඳ ඇතිරිලි වල පවතින දුවිලි සෑම රෝගියෙකුටම පාහේ අහිතකර ලෙස බලපෑ හැකිය. දුම් වැටි වලින්/දර ලිපෙන් ඇතිවන දුම, සුවඳ විලවුන් වර්ග, මදුරු නාශක දඟර වලින් ඇති වන දුම මේ සඳහා බලපාන තවත් සාධක කිහිපයකි. විදුලි පංකා සහ වායු සමීකරණත් මේ තත්ත්වය කෙරෙහි සෘජුවම බලපානවා. රාත්‍රීයට දිය නෑම පීනස ඇති වීම හෝ උත්සන්න වීම කෙරෙහි බලපාන තවත් කරුණක්. මීට අමතරව එක් එක් පුද්ගලයෙකුට පමණක් බලපාන විශේෂිත වූ සාධකත් හදුනාගත හැකි අවස්ථා තිබෙනවා.

ආයුර්වේදයට අනුව....

ඕනෑම අයකු ඉමහත් කරදරකාරි රෝගයක් ලෙස සලකනු ලබන “පීනස” ආයුර්වේදයට අනුව නාසා රෝග 31 න් එකකි. පීනස් රෝගයේ ප්‍රභේද 18ක් ඇත.
එසේම දේශීය වෙදකම අනුව පීනස් රෝගය මුලින්ම අපීනස, පීනස, ලය පීනස ලෙස ප‍්‍රභේද වන බව අපට පැහැදිලි වේ. අපීනස යනු පීනසෙන් තොරව සෙම් කොටස් ඉවත්වීම. (මෙය සෙම්ප‍්‍රතිශ්‍යාව) පීනස යනු දීර්ඝ කාලයක් සුව නොවී කිවිසුම් යාම වතුරමෙන් නාසයෙන් බරව සොටු වැගිරීම සමහර විට ලේ යාම, තවත් විටෙක මේ එකක් වත් නැතිව නාස්පුඩු දෙක සිරවීම හෝ වරින් වර නාස්පුඩු සිරවීම පීනස් රෝගයේ මූලික ලක්‍ෂණයයි. ලය පීනස් (හතිය, ඇදුම) සෙම් කොටස් පපුවේ රැඳෙමින් නිතර කැස්ස ඇතිකරමින් පපුව පීඩාවට පත් කිරිමය.

අපීනස (සෙම්ප‍්‍රතිශ්‍යාව) නොසලකාහැරීමෙන් පීනසද, පිනස නොසලකා හැරීමෙන් ලය පීනස (හතිය, ඇදුම) ඇතිවිය හැකි බව රෝගීන් විමර්ෂණයේදී පැහැදිලිවේ. පීනස් රෝගයේ ප‍්‍රභේද අනුව ලක්‍ෂණ පහලවීම වෙනස් විය හැක. දිය පීනස, සොටු පීනස, ගල් පීනස, ගඳ පීනස, ලේ පීනස ලෙස බොහෝ විට වර්ග කීපයක පීනස් රෝගීන් අපට හමුවේ.

🔵දිය පීනස - නිතර නිතර නාසයෙන් දියර ගැලීම හා නිතර හිස රදය
🔵සොටු පීනස - දියර මෙන් නොව ගණ වූ සොටු කොටස් වරින් වර නාසයේ සිරවී හුස්ම ගැනීමේ අපහසුව, ඇස් යට කැක්කුම ඇතිවේ.
🔵ගඳ පීනස - තමාට දැනී හෝ නොදැනී නාසයෙන් ඉතා දුගදක් ඇතිවීම, බොහෝවිට දුගද අන් අයට දැනේ.
🔵ලේ පීනස - වේදනාවක් නොමැතිව එකවර නාසෙයන් ලේ බින්දු වරින් වර වැගිරීම

පීනස වැලඳෙන්නේ කාලයක් මුළුල්ලේ පවත්වා ගෙන යන වැරදි ආහාර රටා සහ අහිතකර ජීවන රටා නිසාය. එනම් ශීතල වතුර පානය කිරීම, ශීත කළ බීම භාවිතය, ශීතකරණ‍යේ තැබූ ආහාර නැවතත් රත් කර ආහාරයට ගැනීම, ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අතිරේක ආහාර ගැනීම, දහවල් කාලයේ නිදා ගැනීම, රාත්‍රියේ ස්නානය කිරීම, නිදි මැරීම වැනි ජීවන ර‍ටාවේ වැරදි ඇවතුම් පැවැතුම් හේතුවෙන් පීනස වැලඳේ. මෙහිදී බොහෝ දෙනකු නොදන්නා කරුණක් තිබේ. ඒ එකිනෙකට නොගැළපෙන ආහාර එකට ගැනීමයි. මෙය පීනස් රෝගයට බලපාන ප්‍රබල සාධකයකි. නොගැළපෙන ආහාර යනු මස් සහ මාළු, කිරි සහ බිත්තර, කුකුළු මස් සහ මුදවාපු කිරි එකම ආහාර වේලට ගැනීමය. තවද අළු පුහුල්, බණ්ඩක්කා, මෑ කරල්, දිය ලබු වැනි සෙම් කෝප වන ආහාර නිතර ආහාරයට ගැනීමෙන්ද පීනස වැලඳේ. මෙම වැරදි ආහාර රටාව සහ වැරදි ජීවන රටාව නිසා ශරීරයේ වා, පිත්, සෙම කෝප වීමෙන් ආමය ඇති වේ. ආමය යනු අප ගන්නා ආහාර නියමාකාරයෙන් ජීරණය නොවීමෙන් ඇති වන තත්ත්වයකි.

ප්‍රථමයෙන් පෙණහලුවල සිට හිස මුඳුන දක්වා ආම ගතිය පැමිණීමෙන් පීනස ඇති වේ. මේ සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් පීනස් රෝගය වැඩි වී ඇදුම හෙවත් හතිය දක්වා වර්ධනය විය හැකිය. එහෙත් පීනස් රෝගීන් තම වැරදි ආහාර රටාව සහ වැරදි ජීවන ර‍ටාව තවදුරටත් පවත්වා ගෙන ගියහොත් ආමය සම සහ අස්ථි කරා පැමිණේ. ඉන්පසු සමේ කුෂ්ඨ රෝග සහ අස්ථි විකෘතිතා ඇතිවේ. එබැවින් “පීනස” යනු සුළුවෙන් තැකිය යුතු රෝගයක් නොවේ.

පීනස සම්පුර්ණයෙන් සුව කළ හැකි රෝගයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පීනස වැලදීමට හේතු කාරක වූ ආමය නැති කිරීම සඳහා අග්නි ගතිය වර්ධනය කෙරෙන ආම පාචක ප්‍රතිකාර කෙරේ. ඉන්පසුව නස්න කිරීම්, ගුලි, කෂාය, චූර්ණ, තෙල් වර්ග සහ දුම් වර්ග යොදා ගනිමින් ඖෂධීය ප්‍රතිකාර සිදු කෙරේ. එහෙත් පීනස් රෝගයට වෙදකම මෙන්ම හෙදකම ද අත්‍යවශ්‍ය වේ. එනම් වැරදි ආහාර පුරුදු සහ අහිතකර ජීවන ර‍ට‍ාවෙන් මිදීමෙන් පීනස සම්පූර්ණයෙන් සුව කළ හැකිය. නැතහොත් වෙදකම කොපමණ හොඳින් සිදු කළ ද පීනස සම්පූර්ණයෙන් සුව කර ගත නොහැකි වේ. එමනිසා ම චර්ම රෝග (කුෂ්ඨ) අස්ථි විකෘතිතා වැනි ජීවිත කාලය පුරා බලපාන රෝගවලට පවා ගොදුරු විය හැකිය.

|නිවැරදි විහරණ|

🔶කුසගින්න ඇති විට පමණක් ආහාර ගැනීම.

🔶රාත්‍රි නින්දට අඩුම වශයෙන් පැය 3 ක් වත් තබා රාත්‍රි ආහාර වේල ගැනීම.

🔶මඳ උණුසුම් වතුර පානය කිරීම.

🔶ශීත කළ ආහාර පාන භාවිත නොකිරීම.

🔶ශීතකරණයේ තැබූ ආහාර රත් කර නැවත ආහාරයට නොගැනීම.

🔶බල මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, තක්කාලි, අන්නාසි වැනි ආහාරවලින් හැතිතාක් වැළකීම.

🔶දූවිලි, විෂ වායු, සතුන්ගේ ලොම් සහිත ස්ථානවලින් ඈත් වී සිටීම.

🔶වායු සමනය කළ කාමර, විදුලි පංකා යට සිටීමෙන් ඈත් වීම.

🔶රාත්‍රි කාලයේ එළිමහනේ නොසිටීම.

🔶රාත්‍රියේ සහ අවේලාවේ ස්නානය කිරීමෙන් වැළකීම.

🔶දහවල් නිදා නොගැනීම.

🔶සෙම් කෝප ආහාරවලින් සහ නොගැළපෙන ආහාර සංයෝගවලින් ඈත් වීම.

ඇදුම
______________
බෝ නොවන රෝග ගණයෙහි ලා සලකන නමුදු ජානමය පදනමක් මත ඇතිවීමේ හැකියාවක් පවතින, බටහිර වෙදකමෙහි bronchial asthma ලෙස හඳුන්වන මෙය ඇදුම හෙවත් Wheeze එක ලෙස ද හඳුන්වයි.

මෙහිදී මූලිකවම හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුව හිරවීමත්, පපුවේ මහන්සිය, හුස්ම ගැනීමේදී පපුවෙන් නිකුත් වන රාං රූං ශබ්දය. වියළි කැස්ස හා රාති‍්‍රයේ දී තීව්ර වන කැස්ස රෝගයත්, හතිය රෝගයෙහි ප‍්‍රචලිත රෝග ලක්ෂණ වෙයි.

මෙකී රෝග ලක්ෂණ සරල අවස්ථාවේ සිට ඉතාමත් සංකීර්ණ තත්ත්වයන් දක්වා විහිද යා හැක. ඉතාමත් සංකීර්ණ අවස්ථාවලදී ස්වසන පද්ධතියෙහි ඇතිවන බිඳවැටීම් හේතුවෙන් මරණය පවා ඇති වූ අවස්ථා පවතී.

ලොව පුරා ජනගහනයෙන් මිලියන තුන්සියයකට අධික පිරිසක් මෙම ඇදුම රෝගයෙන් පීඩා විඳින අතර වසරකට විසිපන්දාහකට වැඩි පිරිසක් මිය යන බව ද වාර්තා වෙයි.

මෙසේ මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු සාධක සලකා බැලීමේදී බාහිර මෙන්ම අභ්‍යන්තර හේතු ද බලපායි.

🔹වාතයේ ඇති මල්වල පරාග, බීජාණු, දූවිලි අංශු, කැරපොතු අපද්‍රව්‍ය

🔹ශ්වසන පද්ධතියේ රෝග (හෙම්බිරිස්සාව)

🔹ශාරීරික ක්‍රියාකාරකම්

🔹සීතල වාතය, දුම් වර්ග

🔹සමහර බෙහෙත් වර්ග

🔹ප්‍රබල හැඟීම් සහ ආතතිය

🔹අමාශයේ දැවිල්ල

|අවදානම් සාධක|

🔺ඇදුම රෝගය ඇති ලේ ඥාතියෙක් සිටීම.

🔺පීනස ආදී වෙනත් ආසාත්මිකතා තිබීම.

🔺විවිධ වායූ දූෂකවලට නිතර නිරාවරණය වීමට සිදුවීම.

🔺අධිබර සහිත අයෙකු වීම.

🔺දුම්බීම හෝ නිතර දුමට නිරාවරණය වීම.

🔺වගාකිරීමේදී, රූපලාවන්‍ය කටයුතුවලදී සහ කර්මාන්තවලදී භාවිතා වන රසායනික දුමාරවලට නිරාවරණය වීමට සිදුවීම යන කාරණා හේතුවෙන් ඇදුම හැදෙන්න තියෙන අවස්ථාව වැඩිවෙනවා.

මෙමගින් පෙනහළු ඇතුළු ශ්වසන මාර්ගයේ අසාත්මිකතාවක් ඇති වීම සිදුවේ. මෙලෙස අසාත්මික වීමට පහසුවෙන් පෙනහළු කරා ළඟා වෙන අසාත්මික කාරක හේතු වෙයි.

මෙලෙස ඇතුළු වන ආසාදන කාරක වාතය හරහා ස්වසන මාර්ගය තුළිනුත් ආහාර හරහා ආහාර මාර්ගය තුළිනුත් ස්පර්ශය හරහා සම තුළිනුත් ඇතුළු විය හැකිය. එලෙස ම අධික තරබාරුව දීර්ඝ කාලීනව පවතින ගැස්ට‍්‍රයිටීස් රෝගය මෙන්ම ස්වසන පද්ධතියට ඇතුළු වන ක්‍ෂුද්‍ර ආසාදන- වෛරස් බැක්ටීරියා දිලීර- නිසා ද රෝගය හට ගනී. එමෙන්ම මව, පියාට හෝ සහෝදරයන්ට රෝගය තිබේ නම් ජානමය පදනමක් මත රෝගය ඇතිවීමේ හැකියාව ද පවතී. මෙය බාහිර පරිසරයේ සාධක මගින් උත්තේජනය වී වර්ධනය වීම ද සිදුවිය හැක.

ඉහත සඳහන් කළ ආකාරයට පීනස හා ඇදුම සඳහා බොහෝ විට බලපාන්නෙ එකම ආකාරයේ හේතු කාරණා වුවත, නමුත් මෙම රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී නිවැරදි රෝගපරීක්ෂාවකින් පසුව, ආහාර විහරණාදිය සලකමින් ප්‍රතිකාර පද්ධතියක් සැකසීම සිදු කළ යුතුය. දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා කෙටි කලක් තුළ පීනස හා ඇදුම රෝග තත්ත්වයන් සුව කරගත හැක.
_____________________________________________
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ඔබට මෙම රෝග තත්ත්වයන් ඇතුළු සියළුම රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැක.
_____________________________________________
මඩපාත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.63/2, මඩපාත, පිළියන්දල.

විමසීම් : 071 5420401 | 076 2399997
_____________________________________________

Address

63/2, Off Madapatha Road, Piliyandala.
Madapatha

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 14:30 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94715420401

Website

Alerts

Be the first to know and let us send you an email when Madapatha Ayurveda Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Madapatha Ayurveda Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category