Chirasthi Ayurvedic Health Care Center

Chirasthi Ayurvedic Health Care Center Treatment for all diseases , Panchakarma Treatment & Ayurvedic Beauticultur treatment

කොලෙස්ටරෝල් ( cholesterol ) සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ... ආයුර්වේද ප්‍රතිකාර පමණක් ,මාසයක කාලයක් පමණක් ලබාගෙන ඇත......
09/10/2025

කොලෙස්ටරෝල් ( cholesterol ) සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ...

ආයුර්වේද ප්‍රතිකාර පමණක් ,මාසයක කාලයක් පමණක් ලබාගෙන ඇත...

total cholesterol - 281 to 178
Triglyceride - 199 to 144
HDL cholesterol - 47 to 51
Non HDL cholesterol - 234 to 127
LDL cholesterol - 194 to 98

𝕎𝕖𝕝𝕔𝕠𝕞𝕖 𝕥𝕠 𝕠𝕦𝕣 𝕟𝕖𝕨 𝕡𝕝𝕒𝕔𝕖..... 🙏Near the "unimo complex" , Katugasthota rd, Madawala....
28/03/2025

𝕎𝕖𝕝𝕔𝕠𝕞𝕖 𝕥𝕠 𝕠𝕦𝕣 𝕟𝕖𝕨 𝕡𝕝𝕒𝕔𝕖..... 🙏

Near the "unimo complex" , Katugasthota rd, Madawala....

28/03/2025
 #අම්ල_පිත්ත_(  ගැස්ට්‍රයිටිස් /  )ඔබටත්......⚠️️ නිතර  #බඩේ,  #පපුවේ  #දැවිල්ල පවතිනවාද???⚠️️ නිතර ඇඹුල් හෝ තිත්ත රසට  ...
30/03/2022

#අම්ල_පිත්ත_( ගැස්ට්‍රයිටිස් / )

ඔබටත්......
⚠️️ නිතර #බඩේ, #පපුවේ #දැවිල්ල පවතිනවාද???
⚠️️ නිතර ඇඹුල් හෝ තිත්ත රසට #උගුරට එනවාද ????
⚠️️ කෑම කෑ පසු ිපී ඇති බවක් දැනෙනවාද????

🔴 එසේ නම් මෙය ඔබ විශේෂයෙන් කියවිය යුතුම ලිපියක් ...... 👇

👉 "ගැස්ට්‍රයිටිස්" යනූ,,
ආයූර්වේදයේ සඳහන් " අම්ල පිත්ත" රෝගයේ එක් අවස්ථාවක් පමණයි....

👉 මෙය අද සමාජයේ වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහළු කා අතරත් සුලබව දක්නට ලැබෙන රෝග තත්වයක්....

👉 මූලිකම හේතුව වී ඇත්තේ අද පවතින අධික කාර්‍යබහුල ජීවන රටාවයි....

✅ ආයූර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව රෝගයක් ඇති වීමට මූලිකව ම හේතූව, ශරීරය තුළ ඇති වා,පිත් හා සෙම් යන ත්‍රිදෝෂයන්ගේ විෂමතාවය හෙවත් වෙනස් වීමයි..

✅ මෙම රෝගී තත්වය පිත් දෝෂය කෝප වීමෙන් ඇතිවන රෝග තත්වයක් වන අතර, එහිදී සෙම හා වාතය කිපීම ද සිදුවිය හැක...

⛔ රෝගය ඇතිවීමට #බලපාන_හේතූ මොනවා ද?????? ⛔

➡️ නියමිත වේලාවට ආහාර නොගැනීම හා බොහෝ වේලාවක් කුසගින්න දරා සිටීමෙන්...
➡️ නිතර මානසික ආතතියෙන් සිටීමෙන්...
➡️ උෂ්ණ, ඇඹුල් රස ආහාර අධිකව ගැනීමෙන්...
➡️ දැවිල්ල(සැර) ආහාර අධිකව ගැනීමෙන්...
➡️ තෙල් සහිත ආහාර අධිකව ගැනීමෙන්...
➡️ කෘතීම ආහාර හා ක්ෂණික ආහාර අධිකව ගැනීමෙන්...
➡️ පිටි සහිත ආහාර අධිකව ගැනීමෙන්...
➡️ අධික මත්පැන් පානය හා දුම්පානයෙන්...
➡️ තේ, කෝපි වැනි දේ අධි පරිභෝජනයෙන්...
➡️ ආහාරයට ගත් දේ දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීමෙන්...
➡️ බටහිර හා ආයූර්වේද ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීමෙන්...
➡️ අවිවේකී බව, ව්‍යායාම් නොකිරීම හා ඒකාකාරී දිවි පැවැත්මෙන්...
➡️ අධික ශෝකය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී මානසික සිතිවිලි වලින්...
➡️ නිදි මැරීම හා දහවල අනවශ්‍ය ලෙස නිදා ගැනීමෙන්...
➡️ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන්...
➡️ ආහාර ගත් විගස අධිකව ජලය පානය කිරීමෙන්...
➡️ කාලගුණික හා දේශගුණික වෙනස්කම් නිසාවෙන්...
➡️ වස, විෂ කැවීමෙන් හෝ පෙවීමෙන්...

⛔ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව.....
මෙම රෝගයේ රෝග ලක්ෂණ අනුව ප්‍රධාන ආකාර 02කී.
1. #ඌර්ධවගත අම්ල පිත්තය
2. #අධෝගත අම්ල පිත්තය

1. ඌර්ධවගත අම්ල පිත්තය

✔️ සෙම සහිත වමනය ඇති වීම.
✔️ ඔක්කාරය සමඟ උගුරට ඇඹුල් රසක් දැනීම.
✔️ තිත්ත හෝ ඇඹුල් රසයෙන් වමනය වීම.
✔️ බඩේ, පපුවේ හා උගුරේ තදබල දැවිල්ල හා වේදනාව.
✔️ තදබල හිසේ කැක්කුම.
✔️ ආහාර නිසිලෙස නොදිරවීම.
✔️ උදරයේ වාතය පිරීම.
✔️ ශරීරයේ කැසීම හා ඇඟේ පළු දැමීම.
✔️ අත්, පා වල දැවිල්ල.
✔️ කල්යාමේදී ආමාශයේ තුවාල.

⛔ බහුලවම දැකිය හැක්කේ මෙම රෝගී තත්වයයි.

2. අධෝගත අම්ල පිත්තය

✔️ නිතර අධෝගත වාතය පිටවීම.
✔️ අධෝමඟ දැවිල්ල හා වේදනාව.
✔️ අධික මළ බද්ධය හා දියාරුවට මළ පිට වීම.
✔️ වැසිකිළි යාමේදී සෙම කොටස් පිටවීම.
✔️ ශරීරය කහ පැහැවීම.
✔️ආහාර රුචිය අඩු වීම.
✔️ ගුද මාර්ගයේ තුවාල, බිබිලි, පැළීම්(පරිකර්තිකා)ඇති වීම.
✔️ කල් යාමේදී බඩවැල් පහත් වීම( ගුද භ්‍රංශ), අර්ශස් වැනි තත්ව ඇති වීම.

⚠️️⚠️️ඔබටත් මෙම ලක්ෂණ පවතී නම්....

⛔ ප්‍රථමයෙන් සුදුසු වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුය. මෙයට හේතුව මෙම රෝග ලක්ෂණ වලින් යුත් වෙනත් රෝග අවස්ථා (හෘදයාබාධ, අග්න්‍යාශයේ රෝගී තත්ව, ආමාශයේ පිළිකා තත්ව) ද පවතින බැවිනි.

⚠️️රෝගයෙන් වැළකීම සඳහා, රෝගය සෑදුණු පසු ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ මෙන්ම ඉන් පසුවත් #අනුගමනය_කළ_යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දක්වා ඇත.

✅ ප්‍රධාන ආහාර වේල් 03 #නිසි_වේලාවට ලබා ගැනීම හා ආහාර වේල් #මඟහැර නොගැනීම.
✅ ප්‍රධාන ආහාර වේල් අතරතුර කුසගිනි නොදැනේනම් කිසිදු ආහාරයක් නොගැනීම.
✅ #මානසික_ආතතිය පාලනය කර ගැනීම - පොත්පත් කියවීම, භාවනා කිරීම, සංගීතයට සවන් දීම ආදිය.
✅ ප්‍රමාණවත් තරම් #ජලය පානය කිරීම.
✅ ඉතා #උෂ්ණ_ආහාර වලින් වැළකීම - තක්කාලි, අබ, විනාකිරි, මුරුංගා, රට දෙල්, ඉස්සෝ, දැල්ලෝ, උෂ්ණ මාළු වර්ග, කරවල, චට්නි, මැංගුස්, අන්නාසි, අච්චාරු, ලුණු දෙහි ආදී ආහාර
✅ #පාන්_පිටි සහිත ආහාර වලින් වැළකීම - පාන්, බනිස් ආදී ආහාර
✅ අධික #සැර_ආහාර වලින් වැළකීම - මාළු මිරිස්, චිලි පේස්ට්, කොච්චී මිරිස් ආදී ආහාර
✅ #ක්ෂණික_ආහාර හා #කෘතිම_ආහාර හා බීම වර්ග වලින් වැළකීම - නූඩ්ල්ස් , ටිපි ටිප්, බිස්කට් ආදී ආහාර
✅මීට අමතරව #ඇඹුල්_ආහාර, අධිකව #තෙල් යොදා සෑදූ ආහාර, රස කැවිලි, හරක් මස්, චොක්ලට්, චුයින්ගම් වැනි ආහාර වලින් වැළකීම.
✅ #තේ, #කෝපි පානය අවම කිරීම හා ඒ වෙනුවට ඔසුපැන්, පළතුරු යුෂ, සව් කැඳ හා ජලය පානය කිරීමට පපුරුදු වීම.
✅ සියළු පළා වර්ග අමුවෙන් ආහාරයට නොගෙන හොඳින් පිස ආහාරයට ගැනීම.
✅ සතියට කිහිප වරක් #දියබත් සාදා ආහාරයට ගැනීම.

⛔පහත දෑ ආහාරයට එක් කර ගන්න....

🔺 #එළවළු - වට්ටක්කා, පොළොස්, කැකිරි, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, අළු කෙසෙල්, කොහිල, රාබු, කැරට්, නිවිති, සාරණ

🔺 #පළා_වර්ග - ගොටුකොළ, කතුරු මුරුංගා, එරබදු දළු, තම්පලා

🔺 ධාන්‍ය වර්ග - මුං ඇට, කවුපි

🔺 #පළතුරු - ඉදුණු බෙලි, කොමඩු, ගස් ලබු, අනෝදා, ගස්ලබු

🔺 #පාන_වර්ග- තැඹිලි, කුරුම්බා, සව්, කිතුල් පිටි කැඳ, බාර්ලි, බෙලි මල් තැම්බු වතුර, කස කසා

🔺 මීට අමතරව,
නිවුඩූ හාලේ බත්, කිරිබත්
සුදු ළුණු , ගම්මිරිස්, උළුහාල්

⛔ මෙම රෝගයට නිවැරැදි ව ප්‍රතිකාර නොයෙදීමෙන් #භයානක උපද්‍රව වලට රෝගියා ගොදුරු විය හැක.එහිදී,

⚠️️ ආමාශයේ බිත්ති වල සියුම් ලේ ගැලීම්....

⚠️️ ආමාශයේ බිත්ති වල තුවාල....

⚠️️ රෝගය ගල නාලය, ග්‍රහණිය, කුඩා අන්ත්‍රය ආදී ඉන්ද්‍රියයන් වලට පැතිරී යාම.....

⚠️️ ආහාරයේ පෝෂක කොටස් ශරීරයට ලබා ගැනීමට නොහැකි වීමෙන් රක්තහීනතාවය....

⚠️️ ආමාශයේ පිළිකා තත්ව....

ආදිය ඇතිවිය හැක.

🚫 මෙම රෝගී තත්වයට ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් පූර්ණ සුවයක් ලබා ගත හැක.

🚫 එබැවින් ඔබත් මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර සඳහා සුදුසු ආයූර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත් වේ...

🚫 නිවැරැදි ප්‍රතිකාර මඟින් මෙම රෝගයෙන් පූර්ණ සුවයක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත....

✅✅අප ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට.......👇👇

🏥 CHIRASTHI Ayurvedic health care center,
ගම්පහ ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ,
අංක: 174, මඩවල, මහනුවර
📞 දු. අ: 0742777157

04/03/2022

Address

No : 174 , Madawala , Kandy
Madawala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94742777157

Website

Alerts

Be the first to know and let us send you an email when Chirasthi Ayurvedic Health Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chirasthi Ayurvedic Health Care Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram