04/07/2025
⭕️ ඔබටත් කොන්දේ වේදනාව සමග කකුල දිගේ වේදනාවක්, හිරිවැටීම
⭕️ අත් වල වේදනාවක්, හිරිවැටීම
⭕️ඇවිදීමේ අපහසුතා තිබෙනවාද
එසේනම් එය ඔබගේ ස්නායු තෙරපුමක් විය හැකියි
මේම රෝග ලක්ෂණ සයටිකා (sciatica )රෝගයේ රෝග ලක්ෂණ වේ.
මෙම ස්නායුව අපගේ කොන්දේ පහළම පිහිටි කශේරුකා මට්ටම් වලින් පටන් ගන්නා අතර (L4, L5, S1, S2) එය පාදවල පහල කෙලවර දක්වාම ගමන් කරයි. සයටික් ස්නායුව මාංශ පේෂි තුලින් ගමන් කරන විට යම් කිසි විදියකින් තේරපීමකට, ලක් වීම නිසා ඇති වන වේදනාකාරී තත්වයක් හටගනී.
📌️ ඔබගේ පිටුපස ප්‍රදේශයේ පිරිෆොර්මිස් (piriformis ) නම් මංශ පේශිය මගින් සයටික් ස්නායුව තෙරපීමකට ලක් වීමයි. ඒසේ තෙරපීමට හේතු වන්නේ දීර්ඝ කාලයක් දිගුවේලාවක් වාඩි වී සිටීම හා ඔබගේ රැකියාව බලපෑ හැකිය. මෙය පිරිෆෝර්මිස් සින්ඩ්‍රෝමය ලෙස හදුන්වයි.
📌️ හර්නියාකරණය වූ අන්තර් කශේරුකා මඩල / herniation of the disk
අපගේ කොදු ඇට පේලියේ අස්ථි දෙකක් අතර ඇති කාටිලේජමය මඩල හානි වීම හෝ එහි උස අඩු වීමත් එමගින් ඉදිරියට හෝ පසුපසට නෙරා ඒම නිසා ස්නායු මූලය තෙරපීමකට ලක් වේ. එසේම යම් අනතුරක් හෝ වෙනත් හේතුවක් නිසා මෙම මඩල මත කශේරුකා එකක් මතින් අනික ලිස්සා යාමයි. එමගින් එසේ ලිස්සායන අස්ථි කොටස මගින් ස්නායු තෙරපීමකට ලක්වෙයි. මෙය Spondylolithesis /ස්පොන්ඩිලොලිස්ටේෂස් ලෙස හදුන්වයි.
📌️ මීට අමරව අධික තරබාරුකම, දියවැඩියාව, ගර්භණීබවය හේතු විය හැකියි
රෝග ලක්ශන-
📌️ කොන්දේ පහල පිටුපස කොටසේ සිට පහලට ගමන් කරන්නාක් මෙන් හෝ කටු අනින්නාක් මෙන් දැනෙන වේදනාව හා ඒ සමග කකුල හීවැටීම
📌️ දන හිස නමන විට අපහසුතාවයක් දැනීම
📌️ කොන්දේ පහල කොටස, තට්ටම් ප්‍රදේශය , පාදයේ දෑනිම් අඩු වීම
📌️ දිගු වේලාවක් සිටගෙන සිටීමට අපහසු වීම. හා රාත්‍රී කාලයේ අධික වේදනාව හා නින්දට බාධා වීම.
⭕️මේ ආකාරයෙන්ම ඔබගේ බෙල්ල දෙපසින් අරම්භ වන ස්නායු තෙරපීම නිසා ඔබගේ අත් වල් වේදනාව හා පහලට ගමන් කරන හිරිවැටීම්, ඇගිලි තුඩු හිරිවැටීම් ඇතිවිය හැකිය.
එ සඳහා ද මාංශපේශි තද වීම, අන්තර් කශේරුක මඩල හානි වීම හා වැරදි ඉරියව් බලපානු ලබයි.
🔴 මෙම රෝග තහවුරු කිරීම සදහා Xray, MRI, CT scan, EMG වැනි පරීක්ෂණ මගින් සිදුකල හැකිය....
🔴 මේ සදහා පවතින වෛද්‍ය ප්‍රතිකාර ලෙස වේදනා නාශක, ස්ටෙරොයිඩ් එන්නත් කිරීම සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් බලපෑමට ලක් වූ සයටිකා ස්නායු මූලයට කෝටිකොස්ටෙරොයිඩ් එන්නත් නියම කිරීම සිදු කරයි
🔴🔴 මේ සදහා ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර ....
ශල්‍යකර්මයකට නොයා මෙම රෝගී තත්වය සුවකල හැකි ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භෞත චිකිත්සාව හැදින්විය හැකිය. මෙහිදී භෞත චිකිත්සකවරයා විසින් ඔබගේ වේදනාව පාලනය කීරීම හා පුනරුත්ථාපන ව්‍යායම (rehabilitation exercises ) හදුන්වා දෙනා අතර එමගින් සාමාන්‍ය සංචලතාව (mobility ) නැවත ලබා ගැනීමට සහ ඔබේ ඉරියව්ව (posture) නිවැරදි කර මාංශ පේශි ශක්තිමත් (muscle strengthening ) කිරීමත් අනාගතයේ ඇතිවන හානි වළක්වා ගැනීමට උපකාරී වේ. මේ සදහා අපි විවිධ ප්‍රතිකාර ක්‍රම රාශියක්ම භාවිතා කරයි...
තාප ප‍්‍රතිකාර (Heat therapy )
📌️ විද්‍යුත් ප්‍රතිකාර (elecro therapy )
📌️ ධ්වනි තරංග ප්‍රතිකාර (ultrasound )
📌️ මාංශ පේශී ශක්තිමත් කිරිමේල් ව්‍යායාම (strengthening exercises )
📌️ මාංශ පේශී ඇදීමේ ව්‍යායාම ( streching exercises )
📌️ ස්නායූ ඇදීමේ ව්‍යායම (nerve gliding exercises )
ඉන් කිහිපයකි . මෙහිදි අපි ඖෂධ භවිතයක් සිදු නොකරන අතර සියලුම ප්‍රතිකාර ක්‍රම භෞතික ප්‍රතිකාර ක්‍රම වෙයි. ඒම නිස කිසිදු අතුරු ආබාධක් ඔබට සිදු නොවෙයි. ඔබ මෙම රෝගයේ කුමන අවස්ථාවක සිටියත් අපි ඔවව සුව කරන්නෙමු.ඔබත් මෙම රෝගයෙන් දීර්ඝ කාලයක් පුරාවට පීඩා විඳිනවා නම් අදම ඔබගේ භෞතචිකිත්සක වරයා මුන ගැසි ප්‍රතිකාර වෙත යොමු වන්න....
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක වරයෙක් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.
දැන්ම ප්‍රතිකාර සදහා දිනයක් 📅 හා වේලාවක් ⏳ වෙන්කර ගැනීමට 📞අමතන්න...
Nadun darsh*tha
BSc(Hons) in Physiotherapy
(Physiotherapist,
Sri Lankan Medical Council Registered)
University of Peradeniya
SLMC Reg No : 1543
#