Leucopyrus Willd - කටුපිල

Leucopyrus Willd - කටුපිල බෝනොවන රෝග සඳහා කටුපිල පානය

Happy Customer 😍
20/05/2023

Happy Customer 😍

Happy Customer 😊
24/04/2023

Happy Customer 😊

බෝ නොවන රෝග වලින් ආරක්ශා වීමට හරියනම Powder එක Katupila තියෙද්දි #ඇයිමේකලබලේ
14/02/2023

බෝ නොවන රෝග වලින් ආරක්ශා වීමට හරියනම Powder එක Katupila තියෙද්දි

#ඇයිමේකලබලේ

අද වෙද්දී හෘද රෝග බොහෝ දෙනකුගේ ජීවිතය උදුරාගන්නට තරම් දරුණු වූ මාරකයකි. හෘද රෝග සඳහා ඉතා සාර්ථක වූ විසඳුම් ආයුර්වේද වෛද්...
14/02/2023

අද වෙද්දී හෘද රෝග බොහෝ දෙනකුගේ ජීවිතය උදුරාගන්නට තරම් දරුණු වූ මාරකයකි. හෘද රෝග සඳහා ඉතා සාර්ථක වූ විසඳුම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයයි. හෘදයාබාධ හේතුවෙන් දිනකට රෝගීන් 15 දෙනකු පමණ මියයන බව සොයාගෙන තිබේ.

ලංකාව වැනි ආසියාතික රටවල ජනතාවට හෘදයාබාධවලට බලපාන ප්‍රධාන හේතු පහක් ඇත. එනම්,
1. රුධිරයෙහි කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම.
2. ශරීරය තුළ Homocystine නම් ඇමයිනෝ අම්ල මට්ටම ඉහළ යාම.
3. ශරීරයේ අධි සංවේදී c-reative ප්‍රෝටීන් සංයුතිය ඉහළ යාම.
4. පරිවෘත්තීය රෝග තත්ත්වයට (metabolic syndrome) ශරීරය පත්වීම.
5. උදර ස්ථූලතාවය (Abdominal obesity)

බොහෝ විට හෘදයාබාධ ඇතිවීමට ගනු ලබන ආහාරපාන ද හේතු වේ. හෘදයාබාධ යනු හෘද ක්‍රියාකාරීත්වය නැවතීමයි. හෘද රෝග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.

01. උපතින්ම ඇතිවන හෘදයාබාධ
මෙහිදී සිදුවන්නේ ශරීරයට අවශ්‍ය ආකාරයට රුධිරය සංසරණය කිරීම සඳහා රුධිරය පොම්ප කිරීමට හෘදයට නොහැකි වීමයි. දරුවාගේ හෘදයේ මාංශපේශි දුර්වල වීම සහ හෘද කපාට අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම මෙයට හේතු වේ. ඇතැම් විට මෙම කපාට කුඩාවට පිහිටයි. එවිට එම කපාට තුළින් අවශ්‍ය තරම් රුධිරය පොම්ප නොවේ. ඇතැම් විට මෙම කපාට තුළ කුඩා කාන්දු වීමක් ද ඇතිවිය හැක. එවිට රුධිරය හදවත තුළට වැරදි ලෙස ගලායාම, හදවතේ වැරදි දිශාවක් තුළට රුධිරය ගලායාම නිසා ගැටලු ඇතිවිය හැක. හෘද කපාට නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් හෘද මාංශපේශීවලටද වැඩිපුර ක්‍රියාකිරීමට සිදුවේ. එමගින් එම පේශීන් වැඩිපුර මහන්සි වේ.

02. පසුකාලයේ දී ඇතිවන හෘද රෝග
බොහෝ විට මෙවැනි තත්ත්වයක් තුළදී ඇතිවන්නේ කිරීටක ධමනි රෝගයයි. (Coronary Artery Disease) හෘද පේශීන්ට රුධිරය සපයන ධමනිවල හටගන්නා රෝගයක් ලෙසින් මෙය හැඳින්වේ. මේ සඳහා පොදු වූ ප්‍රධාන හේතුව වන්නේ හෘද පේශීන්ට රුධිරය සපයන නහර ක්‍රමයෙන් කුඩා වීමයි. ඇතැම් විට මෙම නහර අවහිර වේ. එනම් මෙහි කොලෙස්ටරෝල් බැඳීම මෙන්ම කැල්සියම් බැඳීමත් සිදුවිය හැක. මෙමගින් හෘද පේශීන්ට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. එවිට හෘද පේශීන් දුර්වල වේ.රුධිර සැපයුම අක්‍රමවත් වුවහොත් හෘද පේශීන් මියයාමටද ඉඩ තිබේ. හෘදයට රුධිරය සපයන නාළ මෙසේ අවහිර වන්නේ දුම්පානය, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ මව්පියන්ගෙන් උරුම වන ශාරීරික තත්ත්වයන් නිසාවෙනි.

3. අක්‍රමවත් හෘද ස්පන්දනය
හෘදයේ එක්තරා ආකාරයක විද්‍යුත් ක්‍රියාවලියක් පවතී. ස්පන්දනය වේගවත් කරන්නට හෝ වේගවත් නොකරන්නට හැකියාව ඇත්තේ එම විද්‍යුත් ක්‍රියාවලියෙනි. අක්‍රමවත් හෘද ස්පන්දනය හෘදයට රුධිරය පොම්ප කිරීම අඩාල කිරීමට හෝ එය නවතා දමන්නට හැකියාව ඇත.

හෘදයාබාධයක් සෑදීමට පෙර දැනගත හැකි ක්‍රම
1. පපුවේ වේදනාව - හෘද පේශීන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් රුධිර සැපයුම අඩාල වී පපුවේ වේදනාව ඇතිවේ.
2. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුව - රුධිරය පෙනහලු තුළ රොක් වේ.
3. Palpitation හෙවත් අභිස්පන්දනය - හදවත නිසි ලෙස ස්පන්දනය නොවන බව ඇඟට දැනේ.
4. ඉදිමීම - මෙය රුධිරය ශරීරයේ පහළ කොටසට එකතු වීම නිසා ඇතිවේ. බොහෝවිට හෘදයාබාධ රෝගීන්ගේ පාද ඉදිමීම බහුලව දැකගත හැකිවේ.
5. සිරුරේ සම නිල් පැහැයට ගැනීම - රුධිරයට නිසියාකාරව ඔක්සිජන් සැපයීම සිදුනොවීමෙන් මේ තත්ත්වය ඇතිවේ.

මෙවැනි රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ. ආයුර්වේද අත්බෙහෙත් වලින් හෘදයාබාධ සුවකර ගත හැකි වන්නේ රෝගය මූලිකම අවස්ථාවක ඇත්නම් පමණි. රෝගය කල්ගතව ඇත්නම් අත්බෙහෙත් වලින්ම සහනයක් නොපතා ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න. හෘද රෝගීන් ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇතිවිට දී මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දුම්පානය කරන රෝගීන්ට ඉතා ඉක්මනින් හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. රුධිරයට එක්වන නිකොටින් නහර මත තැන්පත් වේ. එයින් නහරවල අවහිරතාවයක් ද ඇතිවේ.

හෘද රෝග ඇති රෝගීන් තෙල් සහිත මස් ආහාරයට ගැනීම, තෙල් කෑම, පොල්තෙල්වලින් පිසූ ආහාර වැඩිපුර ගැනීම සීමා කරන්න.

මීට අමතරව,
රුධිර කොලෙස්ටරෝල් සහ මේදය අඩුකර ගැනීමට උළුහාල් මේස හැන්දක් රැයක් එළිවන තුරු වතුර වීදුරුවක පොඟවා පසු දා උදෑසන හොඳින් අඹරා හිස්බඩට කෑමට ගන්න. රුධිර කොලෙස්ටරෝල් ඉතා ඉක්මනින් අඩු වේ.

► ආයුර්වේද වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි

ඔබත් හෘදයාබාද වලින් මිදී ඒ සඳහා ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? ඔබත් අදම භාවිතා කරන්න කටුපිල පානය ඔබටත් එය නිවසටම ගෙන්වාගත හැකියි.
Rs.2500/- ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
Angina pectoris,Angiogram

10/01/2023
10/01/2023
පිළිකාවෙන් මිදෙමු ,නිරෝගිමත් වෙමු. 😊                                                                        Images Credi...
29/12/2022

පිළිකාවෙන් මිදෙමු ,නිරෝගිමත් වෙමු. 😊 Images Credit :- Wishva Danuma 🙏

හාට් ඇටෑක් හැදෙන්න කලින් මතුවන ලක්ෂණ💚💚👌    Images Credit :- Hela Rahas 🙏
29/12/2022

හාට් ඇටෑක් හැදෙන්න කලින් මතුවන ලක්ෂණ💚💚👌 Images Credit :- Hela Rahas 🙏

ලාංකීය අපිට පොල් කියන්නේ ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යයක්. පොල් භාවිතා කරද්දි බොහෝදෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි ...
03/11/2022

ලාංකීය අපිට පොල් කියන්නේ ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යයක්. පොල් භාවිතා කරද්දි බොහෝදෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි පොල් වතුර ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම. නමුත් පොල් වතුර සතු ගුණයන් ගැන ඔබ දැනුවත් නම් පොල් වතුර කෙදිනකවත් විසි කරන එකක් නැහැ. පොල් වතුර සතු අසීමිත ගුණ නිසාමයි එය ලෝකයේ ශක්තිජනක පානයක් ලෙස ජනප්‍රිය වෙලා තියෙන්නේ. ක්‍රීඩකයන්, නිරූපිකාවන්,නිතරම පානය කරන පොල් වතුර සෞඛ්‍ය සංවිධාන මගින් සෞඛ්‍යමය පානයක් ලෙස හඳුන්වා දී තියෙනවා.

පොල්වතුරවල පොටෑසියම්, ක්ලෝරයිඩ්, සෝඩියම්, මැග්නීසියම් අයන වගේම ස්වභාවික සීනි ද සුළු වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර තන්තුවලින් ද පොහොසත් පොල් වතුර මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක් සෙලේනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් B, C, E ද අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, එන්සයිම වර්ග ප්‍රතිඔක්සිකාරක,පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝර්මෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙනවා. ඒ නිසාවෙන් පොල් වතුර ඉවත දැමිය යුතු දෙයක් නොව ශරීරයට ලබාගත යුතු දෙයක් බව ඔබට හොඳින් වැටහෙනවා ඇති. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ දිනපතාම පොල් වතුර පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍යයම ප්‍රතිලාභ මොනවාද කියන කාරණාව පිළිබඳව.

ශරීරය සජලව තබා ගන්නට උපකාර කරයි. ශරීරයට ශක්තිය ලබාදෙන අතර ශරීරයට අවශ්‍ය ද්‍රව්‍ය සමබරතාවය පවත්වා ගැනීමටත් පොල් වතුර උපකාරී වෙනවා. ශක්තිජනක පානයක් වන පොල් වතුර ලොව පුරා ක්‍රීඩකයන් ක්‍රීඩාවල නිරතවීමට පෙරත් ක්‍රීඩා කරන අතරතුරත් ක්‍රීඩා කටයුතු නිම කිරීමෙන් පසුවත් පානය කරන්නේ මේ අද්විතීය ප්‍රතිලාභ නිසාවෙන්මයි.

තරබාරුව අඩු කරයි. වෙනත් සැහැල්ලු හෝ පැණි බීම වෙනුවට ආදේශකයක් ලෙස ස්වාභාවික පොල් වතුර පානය කිරීම සුදුසුයි. ඒ වගේම ආහාර ගැනීමට පෙර පොල් වතුර පානය කිරීමෙන් ගත හැකි ආහාර ප්‍රමාණය අඩුවීමෙන් තරබාරුව අඩු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කරයි.තන්තුමය ස්වභාවය නිසා අජීර්ණ තත්ත්වයන් සමනය කරන්නට සමත් වෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට පාචනය වැනි රෝග තත්ත්වයන් වළකන ගන්නටත් පොල් වතුර උපකාරී වෙනවා.

රුධිර පීඩනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට උපකාරී වෙයි. පර්යේෂණ ගණනාවකප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගෙන යන්නට පොල් වතුරේ බලපෑම වැදගත් වන බව ද එමගින් සන්‍යස්ත පීඩනය 71 % කින් හා වින්‍යස්ත පීඩනය 29% කින් අඩු කිරීමට හැකියාවක් ලැබෙන බවත් සොයාගෙන තියෙනවා.

දීප්තිමත් සමක් ලබාදෙයි. ප්‍රතිඔක්සිකාරක බහුල නිසා විෂ නාශකයක් ලෙස කටයුතු කරන අතර ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ලබාදීමත් පොල්වතුර මගින් සිදු කෙරෙනවා.එය දීපිතිමක් සහ සිනිඳු සමක් ලබා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.

ආතතිය සමනය කර සිතේ ප්‍රාණවත් බව ඇති කරන්නට උපකාරී වෙයි. පොල් වතුරේ B කාණ්ඩයට අයත් විටමින් අඩංගු වෙන නිසා ආතති තත්ත්වයන් පාලනයට උපකාරී වෙනවා. ඒ වගේම මැග්නීසියම් මගින් සෙලටොනින් නිෂ්පාදනය වැඩි කරන අතර ඒ නිසා ආතතිය ඇතිවීම බොහෝදුරට සීමා කරනු ලබනවා.

බීමත් අවස්ථාවක ඒ අපහසුතා මගහරවා ගන්නට උපකාරී වෙයි. ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කළ විට පසුදා ඇතිවන හිසරදය මගහරවා ගන්නට පොල් වතුර පානය කරන්නට පුළුවන්.එයින් ශරීරය නැවත සජල තත්ත්වයට පත් කරන්නට සහ විනාශ වුණු විටමින් වර්ග නැවත ශරීරයේ නිපදවීමට පොල්වතුරවලට හැකියාව පවතිනවා.

වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. අපේ ශරීරය තුළ විස්මයජනක ලෙස ක්‍රියා කරන ශාක හෝර්මෝන පොල්වල බහුලව අඩංගු වෙනවා. මහලු වීම මන්දගාමී කිරීමට මේ ශාක හෝර්මෝනවලට හැකියාව පවතිනවා.

පිළිකා හා රුධිර කැටි ගැසීම සඳහා ස්වභාවික ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරයි.

තයිරොක්සීන් හෝර්මෝන නිපදවීම උත්තේජනය කරයි.

ස්වභාවික මුත්‍රා වර්ධකයක් ලෙස ක්‍රියා කරයි.

එබැවින් වකුගඩු ආශ්‍රිත ආබාධ සඳහා ගුණදායකයි.මුත්‍රාශය වගේම මුත්‍රා මාර්ගය හා වකුගඩු පිරිසිදු කරන්නටත් පොල් වතුර දායක වෙනවා.

වකුගඩුවල ගල් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරයි.

විදුරුමස් රෝග නිවාරණය කරයි.

රුධිරයේ සීනී පාලනය කරයි.

හදවත් රෝග නසාලයි.

පොල් වතුරේ ඇති අධික ඛනිජ සංයුතිය හෘදයාබාධ හා අධි රුධිර පීඩනය වැළැක්වීමේ හැකියාවෙන් සමන්විතයි.රුධිර කැටි ඇතිවීම වළකන ගුණයක් පැවතීම නිසා දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවධානම අඩු කරයි.පොල් වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300ක් පමණ තිබීම හෘදරෝග අවම කිරීමටත් හෘදයේ අරක්ෂාවටත් මහගු මෙහෙවරක් ඉටු කරනු ලබනවා .

මත්ද්‍රව්‍ය භාවිතය , විවිධ ඖෂධ ,ආහාර මගින් සිරුරට එකතු වන රසායනික ආදී විෂ හේතුවෙන් වකුගඩුවලට හානි වීම පාලනය කරයි. ඖෂධවල විෂ ඉවත් කිරීමට පොල් වතුර බහුලව යොදා ගන්නා අතර බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ගත් විට ඒවායේ විෂහරණය කිරීමට පොල් වතුරවල අඩංගු සංඝටකවලට හැකියාවක් පවතිනවා.ආහාරවල අඩංගු පළිබෝධනාශක ,ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ වලින් ශරීරයට සිදු කරන හානිවලින් සිරුර ආරක්ෂා කිරීමට පොල් වතුර සමත් වෙනවා.

කුරුලෑ ඇතුළු සමේ රෝග සඳහා ස්ක්‍රබ් කිරීමේදී පුළුන් කැබැල්ලක් පොල් වතුරේ පොගවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුළත් පර්යේෂණ මගින් පොල් වතුර සතු ඒ විස්මිත ගුණ තහවුරු කරගෙන තියෙනවා. පොල් ගෙඩිය තුළ ඇති පොල් වතුරවලට ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමක් නැති නිසා ස්වාභාවික ගුණයෙන් ඉහළ පානයක් තමයි පොල් වතුර. ඉතින් දිනපතාම පොල් වතුර හිස්බඩ හෝ දවසේ ඕනෑම වෙලාවක ඔබට පානය කිරීමේ හැකියාව පවතිනවා. එය ඔබට ලෙඩ රෝගවලින් තොර නීරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් වැදගත් වේවි.

Page Credit:- හෙල රහස් 🙏

01/11/2022

වියළි ඖෂධ අමුද්‍රව්‍ය අවශ්‍යව ඇත.
සැපයුම් අංශය
0112 839834 / 077 1332478

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Leucopyrus Willd - කටුපිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share