Success Way Institute

Success Way Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Success Way Institute, First Aid Class, 113/3, Rajamaha Vihara Road, Nawinna, Maharagama.

LEARN TO SAVE LOVED ONES
We are a team who’s focusing on Health & Safety, also developing Motivation & Leadership skills that will be benefit to every children, students,working person and the entire nation.

success way එකමුතුවෙන් ඔබේ ගමට, නගරයට කෙරෙන සමාජ සත්කාරක මෙහෙවරේ ඔබත් සාමාජිකයෙක් වෙන්න. ඔබේ ප්‍රදේශයේ පාසලේ, පන්සලේ, පල...
28/03/2021

success way එකමුතුවෙන් ඔබේ ගමට, නගරයට කෙරෙන සමාජ සත්කාරක මෙහෙවරේ ඔබත් සාමාජිකයෙක් වෙන්න.

ඔබේ ප්‍රදේශයේ පාසලේ, පන්සලේ, පල්ලියේ හෝ ක්‍රීඩා සමාජයට, සමිතියට, එකමුතුවකට, සංගමයට හා ඔබ සෑම සියලුදෙනාටම Success way අපෙන් පිදෙන තවත් සමාජ සත්කාරයක්. ඉතින් success way එකමුතුවෙන් කෙරෙන මේ සමාජ මෙහෙවරේ අරමුණ, ඔබේ නිවසට "ජිවිත්කරවන්නෙක්" එහෙමත් නැත්නම් "ප්‍රථමාධාරකරුවෙක්" බිහිකරන්නයි.

ඉතින් පවුල් ලක්ෂ 51ක් පමණ ජීවත්වෙන ලංකාවේ, පවුලකට එක් "ජිවත්කරවන්නෙක්ව" දැනුමින් සන්නද්ද කරන එක තමා success way අපේ අරමුණ. ඉතින් මේ ජිවත්කරන්නන්, ලක්ෂ 51 බලකායට අපිත් එක්ක ඔබත් එකතුවෙන්න.

ඔබේ සංවිධාන ශක්තියෙන් කරන වැඩසටහනට success way අපි එනවා ඔබව ජිවිත ජිවත්කරවන්නෙක් කරන හැටි දැනුවත් කරන්න.

හිතල බලන්න, අපේ ජිවිත කොච්චාරනම් සංකිර්නවෙලාද? ඒ හැමදෙයක් එක්කම අපේ ජිවිත කොච්චරනම් අවදානම් වෙලාද? හදිසි අනතුරු හෝ රෝගී තත්ව නිසා දවසකට ජිවිත කීයක් නම් අපෙන් ඈත් වෙනවද? අන්න ඒ නැතිවෙන ජීවිත වලින් බාගෙකට වඩා ජිවිත ප්‍රමාණයක් අපිට ජීවත් කරවන්න තිබ්බ කියුවොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම ඔව්, මොකද කිවුවොත් අපි දන්නේ නෑ සහ අපිට දැනගන්න උවමනාවක් තිබිල නෑ, ජිවිත ජිවත්කරවන්න නම් කරන්න ඕන මොනාද කියල. අපි හිතන්නේ ජිවිත බේරගන්න පුළුවන් වෛද්‍ය වරුන්ට, නැත්තම් හෙදියන්ට කියල.

නමුත් ජිවිත ජිවත් කරවන්න ඔබ වෛද්‍ය වරයෙක්, හෙදියක් වෙන්නම ඕන නෑ. ඔබටත් පුළුවන් ජිවිත ජිවත්කරවන්න මැජික කරන්න. මොකද කියුවොත් ගොඩක් ජිවිත අපෙන් ඈත වෙන්නේ අපේ නොදැනුවත් කම නිසා. හිතන්න ඒ නැතිවෙන්නේ ඔබ ගොඩක් ආදරය කරන ඔබ ලගින්ම ඉන්න ඕන කෙනෙක් නම්, ඒ අඩුව ඔබට කොච්චර දැනෙයිද ? ඉතින් ඔබේ දැනුවත් කමින් ඒ ජිවිත වලට නැවත හුස්මක් දෙන්න පුළුවන් උනොත්. ඔබේ වටිනාකම කොච්චරක්ද? අන්න ඒ විදියට නොදැනුවත්කමින් මිදිලා දැනුවත් වෙලා ජිවිත ජිවත්කරනවන වීරයෙක් වෙන්න.

Success Way අපිත් එක්ක එකතුවෙන්න දැන්ම අමතන්න 076 661 9675

LEARN TO SAVE YOUR LOVED ONESWe believe that Training and education are so important to educate society. With training a...
18/03/2021

LEARN TO SAVE YOUR LOVED ONES
We believe that Training and education are so important to educate society. With training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue: Teejay Lanka PLC | Session 03 | Avissawella
Date: 8th March 2021

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & a better one.

Call Us: 0766 619 675

LEARN TO SAVE YOUR LOVED ONESWe believe that training and education are so important to educate society. Training and ed...
14/03/2021

LEARN TO SAVE YOUR LOVED ONES
We believe that training and education are so important to educate society. Training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue: Teejay Lanka PLC | Session 02 | Avissawella
Date: 5th March 2021

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & better one.

Call Us: 0766 619 675
Email: support@successway.lk

LEARN TO SAVE YOUR LOVED ONESWe believe that training and education are so important to educate society. Training and ed...
06/03/2021

LEARN TO SAVE YOUR LOVED ONES
We believe that training and education are so important to educate society. Training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue: Teejay Lanka PLC | Session 01 | Avissawella
Date: 2nd March 2021

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & better one.

Call Us: 0766 619 675
Email: support@successway.lk

LEARN TO SAVE YOUR LOVED ONESWe believe that Training and education are so important to educate society. With training a...
27/02/2021

LEARN TO SAVE YOUR LOVED ONES
We believe that Training and education are so important to educate society. With training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue: Carlos Embellishers (Pvt) Ltd - Horana
Date: 24th February 2021

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & a better one.

Call Us: 0766 619 675
Email: support@successway.lk

Welcome to Success way Academy (Pvt) LtdSPECIAL OFFER Occupational Health & Safety First Aid (One Day) Rs.14,000/= (Cert...
12/09/2020

Welcome to Success way Academy (Pvt) Ltd
SPECIAL OFFER
Occupational Health & Safety First Aid (One Day) Rs.14,000/= (Certificate Course)
Occupational Health & Safety First Aid (Half Day) Rs.7,500/=
Feel free to contact us 0766 619 675

LEARN TO SAVE YOUR LOVED ONESWe believe that training and education are so important to educate society. With training a...
23/08/2020

LEARN TO SAVE YOUR LOVED ONES
We believe that training and education are so important to educate society. With training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue: Vijani Apparels (Pvt) Ltd - Maharagama
Date: 22nd August 2020

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & a better one.

Call Us: 0766 619 675
Email: support@successway.lk

LEARN TO SAVE YOUR LOVED ONCEOccupation health & safety first aid training @ InterFashion (Pvt) ltd - 10 aug 2020
10/08/2020

LEARN TO SAVE YOUR LOVED ONCE
Occupation health & safety first aid training @ InterFashion (Pvt) ltd - 10 aug 2020

ආදරණීයයන් ජිවත්කරවන මැජික්..එදිනෙදා ජීවිතේදී, අපිට විවිධාකාර අවස්ථාවන්ට වගේම, විවිධ වූ අත්දැකීම් වලටත් මුහුණ දෙන්න සිද්ද...
17/07/2020

ආදරණීයයන් ජිවත්කරවන මැජික්..

එදිනෙදා ජීවිතේදී, අපිට විවිධාකාර අවස්ථාවන්ට වගේම, විවිධ වූ අත්දැකීම් වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ මුහුණ දෙන්න වෙන සිද්දි අතරිනුත් වැඩි ප්‍රමාණයක් කිසිම විදියෙකින්වත් අපි අපේක්ෂා නොකරන විදිහේ අත්දැකීම්. ඉතින් ඒ වගේ අපේක්ෂා නොකරපු අත්දැකීමකට ඔබට මුහුණ දෙන්න සිද්ද උනොත්, ඔබ මොකද කරන්නෙ? කරන්න ඕන දේ එකපාරටම හිතාගන්නත් බෑ නේද? අන්න ඒ වගේ ඔබව ගොඩක් අසරණ කරවන වගේම, අපහසුතාවෙකට පත්කරවන අවස්ථාවක් ගැන තමා මේ කතාකරන්න යන්නේ. ඒ වගේම තමයි ඔබ කොච්චර අකමැති උනත්, මේ ගැන දැනගෙන ඉන්න එක ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද කිව්වොත් කවද? කොහේදී? කව්රු නිසා? මේ වගේ අවස්ථාවකට ඔබට මුහුණ දෙන්න වෙයිද කියල කියන්න බැරිනිසා. හැබැයි ඔබට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න නොලැබේවා, කියල තමයි මගෙනම් ප්‍රර්ථනාව. මොකද ඒ වගේ අවස්ථාවක් එනවා කියන්නේ, එම පුද්ගලයගෙ ජීවිතයත්, මරණයත් තීරණය වෙන්නේ, ඔබ කරන දේ අනුව නිසා. ගොඩක් වෙලාවට ඔබේම අදරනියයෙකු නිසා ඔබට ඒ වගේ අවස්ථාවක ඔබට මුහුණ දෙන්න සිද්ද වෙයි. ඉතින් ඒ වගේ වෙලාවකදි කරන්න ඕන දේ ගැන ඔබ දැනුවත් වෙලා නැත්නම්, ඔබට මඟ ඇරෙන්නේ ජිවිතයක් බේරගන්න තිබ්බ අවස්ථාවක්. ඒ වගේම තමයි ගොඩදෙනෙක්ට මේ කතාකරන දේ ගැන එතරම් දැනුමක්, පුහුණුවක් නැති නිසා, බේරගන්න තිබ්බ ජිවිතයක්ද? නැද්ද? කියන දේවත් එච්චර දැනීමක් නෑ. මොකද හැමෝම හිතන්නේ අපිට කරන්න පුළුවන් එකම දේ ඉක්මනින් වෛද්‍යාධාරයක් ලබාදීමයි කියල. ඒත් වෛද්‍යාධාරයක් ලබා දෙන්නත්, ජීවිතේ බේරිල තියෙන්න ඕන. ඉතින් ජීවිතයක් බේරගන්න ඔබට කරන්න පුළුවන් සරල දේවල් තියෙනවා. මොකද කිවුවොත් අපට බේරගන්න පුළුවන් ජිවිත බොහොමයක් අපේ නොදැනුවත්කම නිසයි අපන් සමුගන්නෙ. ඉතින් එහෙම මැරෙන්න යන ජීවිතයකට මැජික් එකක් කරලා බේරගන්න පුලුවන්නම්, ඔබේ වටිනාකම කොච්චරක්ද? හිතල බලන්න.

ඇත්තටම ඔබ කොහොමද කෙනෙක් "මැරුණ" කියල කියන්නේ? නැත්නම් මොකක් උනොත්ද කෙනෙක් මැරෙන්නේ? වැඩි දෙනෙක්ගෙ උත්තර වෙන්නෙ, හුස්ම ගන්න එක නතර උනාම, නාඩි නැවතුනාම, හදවත නතර උනාම, එහෙමත් නැත්නම් ඇඟ සීතල උනාම. එත් ඇත්තටම කෙනෙක් මැරුණ කියල කියන්නනම්, ඒ පුද්ගලයගේ මොලයේ ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන්ම නවතින්න ඕන. මොකද අපේ ශරීරය පාලනය කරන ප්‍රධාන අවයවය තමයි මොලය. කෙනෙක් මැරෙන්න නම් මොලයේ තියෙන නියුරෝන සෛල විනාශ වෙන්න ඕනේ. ඒ වගේම, වැදගත්ම කරණය තමා මේ විනාශ වෙන එක සෛලක් වත් නැවත ලියන්නෙවත්, බද්ද කරන්න වත් බෑ. සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙක්ගේ මොලයේ නියුරෝන සෛල බිලියන 100ක් විතර තියෙනවා. ඉතින් එක පාරටම මේ නියුරෝන සෛල විනාශ වෙන්නෙත් නෑ. මොකද නියුරෝන සෛල විනාශ වෙන්න නම්, මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයීමේ සම්පුර්ණ ක්‍රියාවලියම නතර වෙන්න ඕනේ. ඒ නිසා අපිට පොඩි වෙලාවක් ලැබෙනවා මේ මැරෙන්න යන ජීවිතය වෙනුවෙන් මැජික් එකක් කරන්න.

ඒ වගේම ඔබ මතක තියාගන්නම ඕන කරණය තමා කෙනෙක් මැරුණද? නැද්ද? කියන දේ, අපිට තීරණය කරන්න බෑ කියල. මොකද මොලයේ ක්‍රියාකාරීත්වය අපිට පිටින් බලල කියන්නත් බෑ, තේරෙන්නෙත් නෑ. ඒක වෛද්‍යවරයෙක් පරික්ෂා කරලම තමා නිවැරදිව කියන්න පුළුවන් වෙන්නේ. හේතුව තමයි EEG එකක් මගින් මොලයේ විද්‍යුත් ක්‍රියාවලිය බලන්න වෙනවා. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති හුස්ම ගන්න එක නතරකරපු ගමන් කෙනෙක් මැරෙන්නේ නෑ කියල. හුස්ම ගන්න එක නවතරවෙලා, උපරිම විනාඩි 8ක් ඇතුලතදී වගේ තමා මොලය මැරෙන්න පටන්ගන්නේ. ඉතින් ඔබට හුස්ම නොගන්න රෝගියා හම්බ වෙන්නෙ මොන වේලාවෙද, ඒ වෙලාවේ ඉදල ජිවිතේ බේරගන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම තමා ඔබ මේ මැජික් කරලා බේරගන්න යන්නේ හුස්ම නතර වෙලා අපි මැරුණයි කියල හිතන කෙනෙක්ගේ ජීවිතයක්.

හුස්ම ගන්න එක නතර වෙනවා කියන්නේ ශරීරයට දැන් පිටතින් ඔක්සිජන් සැපයුමක් ලැබෙන්න නෑ. ඒ නිසා ඔක්සිජන් සැපයුම මුලින්ම ලැබෙන පෙනහළු වල ක්‍රියාකාරීත්වය නතර වෙනවා. පෙනහළු ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා, ගර්ත වලින් ලේ වලට ඔක්සිජන් එකතු කරන්නේ නෑ. ලේ වලට ඔක්සිජන් එකතු වෙලා හදවතට ලැබෙන්නේ නැති උනාම, හදවතේ ක්‍රියාකාරීත්වයත් නතර වෙනවා. හදවතේ ක්‍රියාකාරීත්වය නවතිනවා කියන්නේ මුළු ශරීරයටම අවශ්‍ය රුධිර සැපයුම නවතිනවා. අනිවාර්යයෙන්ම ඔක්සිජන් සහිත රුධිර සැපයුමක් ලැබෙන්න ඕන මොලයේ ක්‍රියාකාරීත්වය නැතිවෙනවා. ඉතින් මේ ක්‍රියාවලි නවතින්න යන්නේ උපරිම විනාඩි 8ක් වගේ කාලයක්. හුස්මගන්න එක නතර වෙලා උපරිම විනාඩි 4ක් ඇතුලතදී පෙනහළු සහ හදවතේ ක්‍රියාකාරිත්වයත්, හදවත නතර වෙලා උපරිම විනාඩි 4ක් ඇතුලතදී මොලයේ ක්‍රියාකාරිත්වයත් නතර වෙන්න පටන්ගන්නවා. ඉතින් හුස්ම නතර වෙච්ච කෙනෙක් ජීවත් කරවන්න නම්, නතර වෙච්ච අවයව වල ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න වෙනවා. මේකට කියන්නෙ හෘත් පෙණහළු ප්‍රති ප්‍රබෝධනය - Cardio Pulmonary Resuscitation - CPR සරලව කියනවනම් නතරවෙච්ච හදවත සහ පෙනහළු නැවත පණගැන්වීමේ ක්‍රියාවලිය. ඇත්තටම ඔබ මේ ගැන දැනටමත් අහල දැකල වගේම දන්නවා ඇති, කෘතීම ස්වසනය සහ පපු තෙරපුම විදියට.

ඉතින් ඔබට හුස්ම නොගන්න පුද්ගලයෙක් එක්කනම් කටයුතුකරන්න තියෙන්නෙ, අනික අයගෙත් උදව්ව ගන්න අමතක කරන්න එපා. හුස්ම නොගන්න වැඩිහිටි කෙනෙක්නම්, මුලින්ම පපු තෙරපුම් වාර 30ක් දෙන්න ඕනේ. පපුව ගැඹුරට තෙරපද්දී, නැවතිච්ච හදවතේ ක්‍රියාකාරීත්වය කෘතිමව වැඩ කරන්න පටන්ගන්නවා. මොකද අපිට හදවත සෘජුව තෙරපන්න බෑ. ඒ නිසා හදවත තෙරපෙන විදියට පපුවට ගැඹුරු තෙරපුම් වාර 30ක් දෙන්න ඕන. ඒ වගේම හදවත තියෙන තැන තමයි ගැඹුරට තෙරපන්නත් ඕන. ඇත්තටම ඔබේ හදවත කොහෙද තියෙන්නේ? ගොඩ දෙනෙක්ගේ උත්තරය වෙන්නේ පපුවේ වම් පැත්තේ කියල නමුත් හදවත තියෙන්නේ පපුවේ මැද. හරියටම කියනවනම් මිනිසාගේ උරස් කුහරයේ, තරමක් වම් පසට බරව, අඹ ගෙඩියක හැඩයගත් අත්මිටක් තරම් වූ අවයවයක්. තියෙන්නේ පපුව මැද, හැබැයි වමට පොඩි ඇලයක් තියෙනවා. එහෙනම් අපි තෙරපන්න ඕන පපුව මැද. ඒ වගේම පපු තෙරපුම සාර්ථකව දෙන්න නම් රෝගියාව පැතලි මතුපිටක දිගකරවන්න අවශ්‍යයි. බිමට ගන්න පුලුවන්නම් ඉතාමත් හොදයි. රෝගියා එක්ක වැඩ කරන්න එය ඉතාම පහසු මතු පිටක්. රෝගියා බිම දිගාකර ඔබ රෝගියාගේ පපුව ලඟින්ම දණ ගහන්න. පපුව තෙරපන්න එච්චර ලේසි නෑ. පපුව මැද තදට අහුවෙන පපු අස්ථිය උඩින් හුරු අතේ අල්ලේ පහල කොටස තියල, ඒ අත උඩින් අනික් අත තියල ඇඟිලි අස්සෙන් යවල අත් දෙක හොදට ස්ථාවර කරගන්න. ඊට පස්සේ වැලමිට කෙලින් කරලා, උරහිස රෝගියගේ පපුව කෙලින් ඉදිරියට නවන්න. දැන් ඔබේ උඩුකයේ බර රෝගියාට දෙනගමන් තෙරපුම් වාර 30ක් දෙන්න ඕන. මේ තෙරපුම් වාර විනාඩියකට 100ත් 120ත් අතර වේගෙකින් දෙන්න ඕන, ඒ කියන්නෙ උපරිම තත්පර 20ක් ඇතුලතදී 30 දීල ඉවරකරන්න ඕන. ඒ වගේම තමා වැඩිහිටි කෙනෙකුගේ අඟල් 2ත් 2.4ත් අතර ප්‍රමාණයක් ඇතුලට තෙරපෙන්නත් ඕනේ. හරියටම කියනවනම් පපුවේ උසින් 1/3ක් යටට තෙරපෙන්න ඕන, එතකොට තමා හදවත තෙරපෙන්නේ. හදවත තෙරපෙනව කියන්නේ හදවතේ ක්‍රියාකාරීත්වය දැන් කෘතිමව වැඩ කරන්න ගන්නවා. ඔන්න දැන් ඔක්සිජන් සහිත ලේ ශරීරයේ අතවශ්‍ය තැන වලට යනවා. විශේෂයෙන්ම මොලයට අවශ්‍ය ලේ සැපයුම අපි ලබා දෙනවා. තෙරපුම් වාර 30 දීල ඉවර උන ගමන්, කෘතීම ස්වසන වාර 02ක් දෙන්න ඕන. මොකද මොලයට අවශ්‍ය ලේ ටික දෙනවා වගේම, ලේ එක්ක ඔක්සිජන් සැපයුමත් ලබාදෙන්න ඕන.

කෘතීම ස්වසනය දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනවා, මුඛයට මුඛය තියල, නහයට මුඛය තියල, නැතිනම් නහය හා මුඛය වැහෙන්න ඔබේ මුඛය තියල. ඒ වගේම හුස්ම දෙන්න, ඔබට උපකරණයක් උනත් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් ඒ වගේ අවස්ථාවක් වෙනකොට ඒ උපකරණ ළඟ නැතිවෙන්න පුළුවන්, ඒ නිසා ඔබේ ආරක්ෂාවට ලේන්සුවක් හෝ රෙදි කෑල්ලක් තියල හුස්ම දෙන්නත් පුළුවන්. හැබැයි පාවිච්චි කරන රෙදි කෑල්ල හරහා දෙන හුස්ම රෝගියාට ලැබෙනවද කියලත් සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් දෙන හුස්මෙන් රෝගියාට වැඩක් නැති වෙන්න පුළුවන්. ඉතින් පපු තෙරපුම වාර 30 දීල ඉවර වෙච්ච ගමන්. රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න. රෝගියාගේ නළලට අතක් හා නිකටට ඇඟිලි 2ක් තියල, හෙමින් නිකට උඩට ඔසවන්න, හරියටම කියනවනම් මේ කරන්නේ ඔබ උඩ බලන් ඉන්නවා වගේ ඉරියව්වකට රෝගියාගේ හිස සකසනවා. එහෙම කරද්දී ස්වසන මාර්ගය හොඳින් විවෘත වෙනවා. දැන් ඔබ නළලට තිබ්බ අතින් රෝගියාගේ නාස්පුඩු තද කරන්න, මොකද නැත්නම් ඔබ කටින් දෙන්න යන හුස්ම නහයෙන් පිටවෙන්න පුළුවන් නිසා. දැන් රෝගියාගේ කට හොඳින් වැහෙන්න ඔබේ කට තියල හොඳ හුස්මක් දෙන්න. නහය අතෑරලා බලන්න ඔබ දුන්න හුස්මෙන් පපුවත් එක්ක බඩ ඉස්සුනද කියල. ඉස්සුනා කියන්නේ ඔබ දුන්න හුස්ම රෝගියාගේ පෙනහළු වලට ගියා. මේ විදියට කෘතීම ස්වසන වාර 02ක් දෙන්න ඕන. හුස්ම වාර 02 දීල ඉවර වෙච්ච ගමන්, නැවත පපු තෙරපුම් වාර 30ක් දෙන්න. මේ විදියට පපු තෙරපුම් 30, කෘතීම ස්වසන 02 බැගින්, රෝහලකට ගෙනියනකම්,එහෙමත් නැත්නම් රෝගියාම නැවත හුස්ම ගන්න පටන්ගන්නකම් මේ ක්‍රියාවලිය නොනවත්වා දිගටම කරන්න ඕන. ඔබට මේ මැජික් එකෙන් පුළුවන් මැරෙන්න යන ජීවිත ගොඩක් බේරගන්න. මොකද රෝගියෙක්ව රෝහලකට ගෙනියන්නම විනාඩි 10කට වඩා කාලයක් යනවා. ඒ කියන්නේ ඔබ මේ ගෙනියන්නේ හුස්ම නොගන්න රෝගියෙක් නම්, මොලය මැරෙන්න පටන් අරන් ඉවරයි. ඉතින් ඔබට පුලුවන්නම් රෝගියා හමුවෙන වෙලාවේ ඉඳල මේ CPR ක්‍රියාවලිය කරන්න, ඔබට මේ මැජික් එක කරන්න පුළුවන්.

වැඩිහිටි වගේම, ළමයෙක්ගෙ හුස්ම ගන්න එක නතර උනත් මේ CPR ක්‍රියාවලිය කරන්න ඕන. පපුවට, පිටට තදින් පාරක් වැදුනොත්, නැත්නම් හිසට තදින් පාරක් වැදුනොත්, ළමයෙක් හුස්ම ගන්න එක නවතින්න පුළුවන්. ඒ වේලාවට ළමයෙක්ට නම්, මුලින්ම කෘතීම ස්වසන වාර 05ක් දෙන්න ඕන. ඊට පස්සෙ තමා පපු තෙරපුම් වාර 30 දෙන්න. නැවත දෙන්නෙ කෘතීම ස්වසන වාර 02ක්. ඒ විදියට ළමය නැවත හුස්ම ගන්නකම් නැත්නම් රෝහලකට යනකම් 30:02 බැගින් මේ CPR ක්‍රියාවලිය කරන්න ඕන. ඒ වගේම පපු තෙරපුම දෙන්නෙ එක අතකින්. මොකද වැඩිහිටි කෙනෙක්ට වඩා අඩු ආයාසයකින් හදවත තෙරපෙන විදියට පපුව 1/3ක් ගැඹුරට තෙරපන්න පුළුවන් නිසා. ඉපදුන දවසේ ඉදන් අවුරුද්දක් දක්වා වෙනකම් වයස ළදරුවෙක්ටත් හුස්ම නැවතිලනම් මුලින් කෘතීම ස්වසන වාර 05ක් දෙන්න. කෘතීම ස්වසනය දෙද්දී ළදරුවාගේ නහය,කට දෙකම ඔබේ කටින් වැහෙන විදියට හුස්ම දෙන්න. ළමයිට සහ ළදරුවන්ට මුලින් හුස්ම වාර 05ක් දෙන්න හේතුව තමා වැඩිහිටි කෙනෙක්ට වඩා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් තමයි පෙනහළු වලට ගන්නෙ. ඒ වගේම පෙනහළු වල ධාරිතාවයත් අඩුයි. ළදරුවාට පපු තෙරපුම් වාර 30 දෙන්න ඕන, ඔබේ දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල පපු අස්ථිය උඩින් තියල පපුවෙන් 1/3ක් යටට යන විදියට. නැවත කෘතීම ස්වසන වාර 02ක් දෙන්න. මේ විදියට ළදරුව නැවත හුස්ම ගන්නකම් නැත්නම් රෝහලකට යනකම් 30:02 බැගින් මේ CPR ක්‍රියාවලිය කරන්න ඕන.

රෝහලකට ගෙනිච්චත්, ඔබ කරපු CPR එකම තමා රෝහලෙනුත් කරන්නෙ. එකම වෙනස ඔබ අතින් සහ කටින් කරපු දේ රෝහලේදී යන්ත්‍ර වලින් කරනවා. ඒ වගේම ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමා ඕනම අනතුරක් නිසා හරි රෝගී තත්වයක් නිසා හරි අවසානයේ රෝගියා හුස්ම නොගන්න තත්වෙට තමා පත්වෙන්නේ. ඉතින් මේ හුස්ම නොගන්න කෙනෙක්ව බේරගන්න මේ මුළු ලෝකයේම තියන එකම ක්‍රමය තමා CPR කියන්නේ. ඒ නිසා ඔබේ ආදරණීයයන්, සමීපතමයන් වෙනුවනේ මේ ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුහුණුවක් ලබාගන්න මොකද මේ දේවල් කියෙවුවටම විතරක් ඔබ කරන්න ඕන දේ ගැන අවබෝධයක් එන්නේ නෑ. කරලම බලන්න ඕන. මොකද ඇත්ත සිද්දියක් වෙච්ච ගමන් අපි හැමෝම බය වෙනවා ඒ වගේම අසරණ වෙනවා. ඔබට මේ ක්‍රියාවලිය ගෙදරදි පුහුණු වෙන්නත් බෑ. මොකද ගෙදර ඉන්න හැමෝම හුස්ම ගන්න අයනේ. ඔබ ප්‍රායෝගික පුහුණුවක් ලබගත්තොත් තමා කරන්න ඕන දේවල් ගැන නිවැරදිම අවබෝධයක් ඔළුවට එන්නෙ. එහෙම කරට පස්සේ ඔබට ශක්තිය ලැබෙයි ගොඩක් මැජික් කරන්න. ඔබ සල්ලි හම්බකරන්න ගොඩක් දේවල් ගැන නම් ඉගෙන ගෙන ඇති, එත් ඔබ ප්‍රථමාධාර ගැන දැනගන්නේ නම් ජිවිතයක් බේරගන්න. ජිවිත සුරක්ෂකයෙක් වෙන්න.

15/07/2020

- LEARN TO SAVE LOVED ONES -

We believe that training and education are so important to educate society. With training and education not only reduce the accident also reduce the cost and save a life.

Venue : Empire Teas (Pvt) Ltd - Kelanimulla
Session 01 & 02 on 15th July 2020

So we invite you all, to join hands with us by making our community, a Healthy, Educated & a better one.

Call Us : 0766 619 675
Email : support@successway.lk

ඔබත් ක්ලාන්තයට වතුර ඉහිනවද?බොහෝමත්ම කාර්යබහුල ජිවිතයක් ගත කරන අපිට, ක්ලාන්තය කියන්නෙ නිතරම වගේ අත්විදින්න සිද්දවෙන රෝගී ...
27/06/2020

ඔබත් ක්ලාන්තයට වතුර ඉහිනවද?

බොහෝමත්ම කාර්යබහුල ජිවිතයක් ගත කරන අපිට, ක්ලාන්තය කියන්නෙ නිතරම වගේ අත්විදින්න සිද්දවෙන රෝගී තත්ත්වයක්. මේ ක්ලාන්තය එක පාරක් වත් හැදුනෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒ ඉතාමත්ම කලාතුරකින්. ඉතින් අපිට විදින්න සිද්දවෙන විවිධ අනතුරු සහ රෝග තත්ව එක්ක බලනකොට ක්ලාන්තය කියන්නෙ එතරම් අවදානම්ක් තියෙන රෝගී තත්වයක් නොවූනත්, සමහර වෙලාවට බරපතල වෛද්‍ය ගැටළුවක් වෙනකම් උනත් යන්නත් පුළුවන්.

බොහෝදෙනා "කලන්තය" කියල කිවුවත්, නිවැරදි වෙන්න ඕන "ක්ලාන්තය" කියල. ඉතින් ක්ලාන්තෙකදී "ඔබ මොකද කරන්නේ?", බොහෝ දෙනාගේ උත්තරය වෙන්න "වතුර ට්කක් ඉහන්න ඕනෙ එතකොට සිහිය එනවා" කියන එක. ඇත්තටම සිහිය එන්නෙ වතුර ඉහින නිසාද? නැතිනම් වෙන හේතුවක් නිසාද? කියන එක ඔබ තේරුම් ගන්න ඕන. මොකද ඔබ ගොඩක් වෙලාවට අහල ඇති, කියවල ඇති, රුපවාහිනියේ චිත්‍රපටයක, එහෙම නැත්නම් පාරේදී, පොදු ස්ථානෙකදී, ඒ වගේ අවස්ථාවලදී මිනිස්සු කරපු දෙයක් දැකල ඇති, ඒ නිසා තමා වතුර ඉහන්න ගොඩක් වෙලාවට පෙලබෙන්නේ. ඒත් වතුර ඉහින එකයි, ක්ලාන්තය අතරයි, කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. හැබැයි නිදාගෙන ඉන්න කෙනෙක්ට වතුර ඉස්සොත් එයා නැගිටියි. ඒත් ක්ලාන්ත රෝගියෙක්ට වතුර ඉහින එකෙන් රෝගියාට කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද රෝග ඉතිහාසයක් නැත්නම්, ක්ලාන්තය කියන්නෙ එච්චර බයවෙන්න ඕන රෝගී තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් විනාඩි 4 -5 ක් විතර කාලෙකදී සම්පූර්ණ සුවයක් ලබාගන්න පුළුවන් තත්වයක්. ඉතින් ඔබ වතුර හොයල රෝගියාට ඉහින කොටම රෝගී කාල සිමවත් ඉවර නිසා තමා සිහිය එන්නෙ. ඒත් ක්ලාන්තය භයානක වගේම දරුණු වෙන්න, ශරීරයේ සමබරතාවය නැතිවෙලා බිම ඇදගෙන වැටෙද්දි වගේම සිහිය නැති වෙද්දි, ඔබ කරමින් ඉන්න වැඩේ සහ ඉන්න ස්ථානයේ ආරක්‍ෂිත තාවය අනුවයි. (උස් ස්ථානයක නම් ඉන්නෙ , යන්ත්‍ර සුත්‍ර ගොඩක් එක්කනම් වැඩ කරන්නෙ) ඒකනිසා ක්ලාන්තය කියන්නේ මොකක්ද? ඒ වගේ වෙලාවට කරන්න ඕන මොනාද? වෙන්නෙ මොනාද? කියල දැනගනන එක ඔබට ඉතාමත් වටිනවා.

අපේ ශරීරයේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයිති ප්‍රත්‍යානුවේගී ස්නායුවක ක්‍රියාකාරීත්වය නිසා ක්ලාන්තය සිද්ද වෙනවා. ඒ වගේම විවිධ වූ වෛද්‍යමය හේතු නිසාත් ක්ලාන්තය වෙලා සිහිය නැතිවෙන්න පුළුවන්. ක්ලාන්ත නැත්නම් සින්කෝප් (Syncope) කියන්නෙ, අපේ ශරීරය විසින්ම ඇතිකරවන පැවැත්මේ යාන්ත්‍රණයක්, එහෙමත් නැත්නම් ආරක්‍ෂිත ක්‍රමවේදයක්. කුමක් හෝ හේතුවක් නිසා මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුම අඩු වුනොත්, ඒ අඩුව නැවත ලබාගන්න අපේ ශරීරය විසින්ම ඇති කරවන ක්‍රියාවලියක්. මේකෙදි, සිද්ද වෙන්නෙ අපේ ශරීරයේ අත්‍යවශ්‍යම නොවන කොටස් වලට සැපයෙන රුධිරය තාවකාලිකව අඩුකරලා, හුස්ම ගැනීමේ වේගයත්, හෘද ස්පන්දන වේගයත් වැඩි කරලා, මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුම නැවත ලබාගැනීමක්. මේ ක්‍රියාවලියේදී ශරීරයේ අනෙක් කොටස් වලට ලැබෙන රුධිර පීඩනය අඩු කරනව වගේම, මොළයට අවශ්‍ය අමතර ඔක්සිජන් සහිත රුධිර සැපයුම ලබාගන්නේ අනෙක් කොටස් වල උදවූවෙන්.

ක්ලාන්තය සාමාන්‍යයෙන්, මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහිත රුධිර සැපයුමේ අඩුකමක් නිසා වගේම පෙනහළු වලට හෝ රුධිර සංසරණයට කාබන් මොනොක්සයිඩ් විෂ වීම වගේ හේතු නිසාත් ඇතිවෙන්න පුළුවන්. ගොඩක් වෙලා සිටගෙන හිටියොත්, ගොඩක් වෙලා රස්නෙ හෝ සිතල පරිසරයක හිටියොත්, රැකියාවෙදි තියෙන මානසික ආතතිය නිසා, අධික වෙහෙස නිසා, එහෙමත් නැත්නම් පිරිස වැඩි තැනක ඉන්න කොට, පිරිසක් එක්ක තෙරපෙමින් ඉන්නකොට, බඩගින්නේ හිටියොත්, එක දිගට නිදිමරල තියෙනවනම්, ගොඩක් වෙහෙස වෙලා වැඩකරනවානම්, එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා ඉන්නවනම්, ඔබට ක්ලාන්ත තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තව සමහරඅය ඉන්නවා, ලේ දැක්කොත්, නැත්නම් අප්‍රසන්න වගේම කම්පනය ඇතිකරවන සිද්දියකදි, ඛේදජනක පුවතක් නිසා ඇතිවෙන හදිසි මානසික ආතතියක් නිසා, ක්ලාන්ත වෙන. එහෙම වෙන්න හේතුව අපේ ශරීරයේ ලේ තිබ්බත්, අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුමක් මොළයට ලබා දෙන්න තරම් ශක්තියක් අපේ ඇඟ ඇතුලෙන් ලැබෙන්නේ නැති නිසා.

ඒ වගේම ගොඩක් අවස්ථාවලදී, එක පාරටම කෙනෙක් ක්ලාන්තයක් හැදිලා ඇදගෙන වැටෙන්නෙ නෑ. වැටෙන්න කලින් මොලයෙන්ම පණිවිඩ එවනව ඔබට රෝග ලක්ෂණ විදියට, මොළයට ඔක්සිජන් සහිත රුධිර සැපයුම අඩුයි ඒක නැවත හරිගස්සන්න කියල. ඔබ ඒක නැවත හරිගස්සන්න උත්සහ කරේ නැත්තම් තමා ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙන්නෙ. වැටෙන්න කලින් මේ වගේ රෝග ලක්ෂණ ඔබට එන්න පුළුවන්, ගොඩක් දාඩිය දානවා, කොච්චර උණුසුම් තැනක හිටියත් එකපාරටම තදින් සීතලක් දැනෙනවා, හැමදේම බොඳ වෙලා වගේ පේනවා, වටේට කැරකෙනවා වගේ දැනෙනවා, ඇස් නිලංකාර වෙනවා, සමබරතාවය නැති වෙනවා වගේ, කන් දෙක අගුල් වැටිලා වගේ දැනෙනව, අනික් අය කියන දේවල් ඇහෙන්නේ නැති ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ ඔබට දැනෙන්න ගත්තොත්, කරමින් ඉන්න වැඩේ ඉක්මනින්ම නවත්වල සුදුසු ආරක්‍ෂිත තැනකින් වාඩි වෙන්න. තව කෙනෙක්ගේ උදවුවෙන් ඔබට පුළුවන් කකුල් ටිකක් ඈත් කරලා, හිස දනිස් දක්වා පහල නවන්න. මෙහෙම කරන්න හේතුව, ඔබේ ඔළුව හදවතට වඩා පහලට තියෙන කොට අපිට පුළුවන් හදවතේ ඉඳල මොලයට අවශ්‍ය කරන ඔක්සිජන් සහිත රුධිර සැපයුම ඉක්මනින් ලබාදෙන්න. ටික වෙලාවක් ඉන්නකොට ඔබෙන් ක්ලාන්ත ගතිය නැතිවෙලා යයි. හැබැයි ඔබ මහතනම්,ගැබිණි මවක්නම් නැවෙන්න බෑ. බිම දිගාවෙලා ටික වෙලාවක් ඉන්න. ඔබ ක්ලාන්ත ලක්ෂණ තව දුරටත් ගණන් නොගෙන හිටියොත් සිහිය නැතුව ඇදගෙන වැටෙන්න පුළුවන්, නාඩි වේගය අඩු වෙන්න පුළුවන්, සුදුමැලි වෙන්න පුළුවන් වගේම, සම අල්ලලා බැලුවොත් සීතල, තෙන ගතියක් දැනෙන්න පුළුවන්.

ක්ලාන්ත වෙච්ච රෝගියෙක් එක්ක කටයුතු කරනකොට අපේ අරමුණ වෙන්න ඕන, රෝගියාගේ මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිර සැපයුම නැවත ක්‍රමානුකූලව ලැබෙන්න සලස්වන එක. ඒකෙදි අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් කිපයයක් තියනවා. මුලින්ම රෝගියා වැටෙන්න යනවනම් ඒක වලක්වන්න ඕන මොකද අවදානම් තැනක නම් ඉන්නෙ වැටිලා තවත් අනතුරක් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම රෝගියාට පිරිසිදු වාතාශ්‍රයක් ලබාදෙන්න සුදුසු ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න. අහල පහල පිරිස වටවෙලා ඉන්නවනම් එයාලව ඉවත්කරන්න. මොකද පිරිසක් වටවෙලා ඉද්දි අවට වැඩියෙන් තියෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වාතාශ්‍රයක්, ඒ නිසා ඒක රෝගියාට අපහසුවක් ඇති කරවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් රෝගියාගේ මුහුණට ටිකක් ඉහළින් පවන් ගහන්න. ක්ලාන්තය වුණේ ගෙදරදී නම්, ජනෙල් විවෘත කරන්න, විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න. රෝගියා ඇඳන් ඉන්න ඇඳුම් තද වැඩිනම් ටිකක් ලිහිල් කරන්න. මොකද, ඇඳුම් තද වැඩි වුණාම ඇඳුම් වලට රුධිර වාහිනී තෙරපිලා රුධිර සංසරණයට සහ හුස්මගන්න ඒක බාධාවක් වෙනවා. මේක ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් බෙල්ල, පපුව, උදරය, ඉණ, අත් සහ පාද වලට පැළඳගෙන ඉන්න දේවල් නිසා. රෝගියා ටයි එකක් දාලා ඉන්නවා නම්, කමිසයේ උඩ බොත්තම දාලා නම්, ඉණ පටියක් (බෙල්ට් එක) දාලා නම්, සපත්තු දාලා නම්, ඒවා ලිහිල් කරන්න. කාන්තාවන් අඳින උඩුකය යට ඇඳුම නිසාත් ස්වසනයට බාධා වෙන්න පුළුවන්. ලිහිල් කරන්න අත්‍යාවශ්‍යයි කියල ඔබ හිතනවා නම්, කාන්තාවකගේ සහාය ලබාගන්න අමතක කරන්න එපා.

මේ ක්‍රම වලින් අපිට පුළුවන් රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය ක්‍රමානුකූල කරන්න. ඒ වගේම මේ ක්‍රියාවලිය අපිට තවත් වේගවත් කරන්න පුළුවන් රෝගියාගේ දෙපා අඩියක් තර,ම් උස තැනකින් තියල. දෙපා ඔසවන්න හේතුව තමා අපේ ශරීරය අක්‍රීය වෙලා තියෙන අවස්ථා වලදී ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් අපේ දෙපා ආශ්‍රිතව තමා එකතු වෙන්නෙ. ඉතින් දෙපා හෘදයට වඩා ඉහළින් ඔසවල තිබ්බම අපිට පුළුවන් දෙපා වලට එකතුවෙන වැඩි රුධිරය හිසට ගලා යන එක පහසු කරන්න. ඒකෙන් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ඉක්මනින් සංසරණය කරවන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ දේවල් කරනකොට රෝගියාට ඔබේ සම්පුර්ණ අවදානය දෙන්න. මොකද රෝගියාගේ සුවවීමේ මූලික ලක්ෂණ මුහුණෙන් දැනගන්න පුළුවන් සහ මේ ක්‍රම ක්‍රියාත්මක කළොත් ඉක්මනින්ම රෝගියව ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්නත් පුළුවන් නිසා. රෝගියාට සිහිය නැත්නම් ශ්වනයට බාධා වෙන්න පුළුවන්, ඒ අවහිරතාව වලක්වන්න උඩුබැලි අතට බිම දිගා කරවල, රෝගියාගේ හිස එක් පැත්තෙකට හැරවන විදියට තබා, නිකට ප්‍රදේශයෙන් හිස මඳක් ඉහළට එසවෙන විදියට හදන්න එකෙන් ශ්වසන අවහිරතාවය වලක්වගන්න පුළුවන්.

රෝගියාට නැවත සිහිය එනකොට, ඉක්මනින් නැගිටින්න උත්සහ කරයි. ඒත් ටික වෙලාවක් යනකම් ඒ විදියටම ඉන්න ඉඩ දෙන්න. සිහිය ආවට පස්සෙ "මොකද වුණේ? " අහන්න. කලබල ගතියෙන් ගොඩක් දේවල් කියන්න, අහන්න ගනී. රෝගියාව සන්සුන් කරල, ප්‍රකෘති තත්ත්වයට ආවට පස්සෙ කෑමට, බීමට යමක් දුන්නට ගැටළුවක් නෑ. උණුසුම් පානයක් දෙන්න පුළුවන් ගොඩක් හොඳයි. මොකද ටිකක් රස්නෙන් පානය කරන නිසා රුධිර සංසරණය වේගවත් වෙනව වගේම ඉක්මනින් ශරීරයට උරා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් ලවණ අඩංගු පානයක් බොන්න දෙන්න. හැබැයි ඔබ කවන්න, පොවන්න යන්න එපා. රෝගියාගෙ අතට දෙන්න. ක්ලාන්ත රෝගියෙක් එක්ක කටයුතු කරනකොට ඔබ මේ වගේ දේවල් නොකරන්නත් වගබලා ගන්න. සිහිය ගන්න හිතාගෙන රෝගියාගේ මුහුණට වතුර ඉහින්න යන්න එපා. ඒ වෙනුවට අත්ලට වතුර ටිකක් අරගෙන මුහුණේ තවරන්න. අසිහි අවස්ථාවේදී කවන්න, පොවන්න උත්සාහ කරන්නත් එපා. කැෆේන් අඩංගු පාන වර්ග, සිසිල් බිම වර්ග කිසිම වෙලාවක බොන්න දෙන්න එපා.

ක්ලාන්තය, කරකැවිල්ල ගතියක් ඇති වුනු ගමන්ම, මුලින්ම ඔබ කරන්න ඕන විනාඩි කිහිපයක් වැතිරිලා ඉන්න එක. ඒකෙන් මොලයට ලේ ගමනය හොඳින් සිදු කරවනවා. ඒ වගේම ඊට පස්සේ කලබලේට, ඉක්මනින් ඇඳෙන් හෝ පුටුවෙන් නැගිටින්න හදන්නත් එපා. හොඳින් හුස්ම ගන්න. ගැඹුරින් හුස්ම ගන්න, ඒකන් රුධිරයේ ඔක්සිජන් සැපයුමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ශරීරයේ පටක, සෛල හා අවයව වලට හොඳ ඔක්සිජන් ගමන් කිරීමක් සිද්ද වෙනවා. එහෙම නැත්නම් විනාඩි කිහිපයක් එක දිගට කෙටි හුස්ම ගන්න, ඒකෙන් අප්‍රාණික වෙලා තියෙන ශරීරයට ප්‍රාණවත් බවක් ලබා දෙන්න පුළුවන් වෙනවා. වතුර බොන්න. ඒකෙන් විජලනයට පත් වීම අවම කරනවා. ක්ලාන්ත වැනි තත්ත්වයකදී පියවි සිහිය නැති කෙනෙක්ට කිසිම වෙලාවක වතුර පොවන්න එපා. ක්ලාන්ත තත්වේ ටිකක් අඩු වෙලා පියවි සිහියට අවට පස්සේ වතුර වීදුරුවක් බොන්න දෙන්න. පුළුවන්තරම් දියරමය ආහාර ලබා දෙන්න. සම්බාහනය කරන්න. මේ වගේ වේලාවකදී මුළු සිරුරම සම්බාහනය කරන්න පුළුවන් නම් ලේ ගමනය හොඳින්ම සිදුවෙන්න උදව්වක් වෙනවා. ඒත් අවස්ථාවේ හැටියට අවම වශයෙන් හිස විතරක් වත් හොඳින් සම්බාහනය කරන්න. දොඩම් යුෂ බොන්න. දුර්වල වුණු ශරීරයට ඉක්මනින් ශක්තිය දෙන්න පුළුවන් බීමක් තමා දොඩම් යුෂ. ස්වාභාවික දොඩම් යුෂ වීදුරුවකට යෝගට් තේ හැඳි 2 ක්‌ 3 ක් එකතු කරල බොන්න. ඒකෙන් හිසට දැනෙන කරකැවිල්ල ගතිය ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. මේ පොඩි පොඩි ප්‍රතිකර්ම හදිසියේ ඇතිවෙන හිස කරකැවිල්ල තත්ත්වයට හොඳ විසඳුම් කිහිපයක්.

කොහොම වුනත් මේ විදියට ඇතිවෙන ක්ලාන්තයට අමතරව, තවත් විවිධ වූ වෛද්‍ය හේතු නිසාත් සිහිය නැතිවෙලා ඇදගෙන වැටෙන්න පුළුවන්. රෝගියාගේ මුහුණේ හිරිවැටීමක්, දුර්වලකමක්, එක් අතක හිරිවැටීමක් හෝ නොපැහැදිලි කථාවක් වගේ ලක්ෂණ තියෙනවනම් හදිසි වෛද්‍ය ආධාර ලබාදෙන්න අවශ්‍යයි. සිහිය නැතිවෙන්න කලින් පපුවේ වේදනාවක් හෝ අක්‍රමවත්, හෘද ස්පන්දනයක් තිබ්බනම් රෝගියාට හෘද රෝග සම්බන්ද ඉතිහාසයක් තියෙන්න පුළුවන්. නැත්නම් සැරින් සැරේ ක්ලාන්ත වෙනවනම් හෝ අප්‍රාණික බවක් දැනෙනවනම්, වහාම වෛද්‍ය ආධාර වලට යොමු කරන්න ඕනෙ. මොකද සාමාන්‍ය ක්ලාන්තයක්ද? වෙනත් හේතුවක් නිසා ඇතිවුන ක්ලානත්යක්ද? කියල වෙන් කරල අදුරගන්න එක බොහොම වැදගත් නිසා.

-Success Way Academy-
Call Us : 0766 619 675
Email : support@successway.lk

Address

113/3, Rajamaha Vihara Road, Nawinna
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Success Way Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share