07/01/2026
එකවර 2000 කට ආහාර පාන සැකසීමට හැකි අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මහරගම අපේක්ෂා රෝහලේ Food and Beverage Department විවෘත කිරීම හා රෝගියාටම විශේෂිතවූ ගුණාත්මක හා ප්‍රනීත ආහාර වේලක් ලබාදීමේ "Feed the Patient” නියමු ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක් වීමි.
රුහුණු මහා කතරගම දේවාලය, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය, ග්‍රෑන්ඩ් මොනාක් හෝටලය, සුමනදිසි සමූහ ව්‍යාපාරය, නෝර් ලංකා මැනුෆැක්චරින් සමාගම ඇතුළු තවත් දානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් මෙහි නවීකෘත මුළුතැන්ගෙය ඉදිකර ඇත. නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීම සඳහා කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.
මෙය රෝගියාට ම වෙන් වු (customized) බත්, මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි දී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සම්පාදිත පෝෂණ මාර්ගෝපදේශ කිහිපයක්ද එළිදක්වන ලදී.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක, හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ බී .අයි.කුලකුලසුරිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයනි තෙන්නකෝන්, රෝහල් කමිටු සභාපති බිනර ජයවර්ධන යන මහත්ම මහත්මින් මෙන්ම පරිත්‍යාගශීලීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
සටහන හා වීඩියෝව උපුටා ගැනීම ගරු.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️