27/11/2025
අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර වීමෙන් වලකින්න. අනතුරුදායක ස්ථාන වලින් ඈත් වී සිටින්න. මුලු දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ඔබත් ඔබේ ආදරණීයනුත් හැකි සෑම විටම අවධානයෙන් පසුවන්න.
ගංගා ඉවුරු හා ජලාශ පහත් බිම් වල වෙසෙන ඔබ ඉතාමත් සුපරික්ෂාකාරී වන්න. ගංවතුර නැරඹීමට හා ජලයට බැසීමෙන් වලකින්න.
කදු බෑවුම් ආසන්නයේ සිටින අය නායයෑමේ නිවේදන හා අදාල ආයතන වල අනතුරුහැගවීම් අනුව ක්‍රියා කරන්න.