Holistic Healing Ashram

Holistic Healing Ashram Alternative Health,Crystal Healing, Tarot Reading, Meditation,Yoga wellness & Lifestyle platform.
(1)

13/08/2024
2024.1.11 🍃🌿🌳🌹⭐️So Make a Wish today~ ! 🙏Andyatman Tribe
11/01/2024

2024.1.11 🍃🌿🌳🌹⭐️
So Make a Wish today~ ! 🙏
Andyatman Tribe

25/09/2023

Traditional house of Dorze people of Ethiopia

23/09/2023

සමහන් හදන්නේ පැරසිටමෝල් කුඩු කරලා .මා දැනට වසරකට පමණ පෙර අසා තිබු ආකාරයයි .බොහෝ දෙනෙකු මෙය පැවසු නිසා මමද එය පිළිගනිමින් අන් අයටත් එය නොබොන ලෙස උපදෙස් දුනිමි . දිනක් මෙය මාගේ සොහොයුරෙකුට පැවසු විට ඔහු කොක් හඬලා සිනාසී පැවසුවේ එන සතියේ මම පොඩි වැඩකට සමහන් හදන කර්මාන්ත ශාලාවට යනවා ඔයත් එන්න මාත් එක්ක යනුවෙනි.

පැවසු පරිදි අප දෙදෙනා පුගොඩ පිහිටි ලින්ක් කර්මාන්ත ශාලාවට යන විට සවස 3 ට පමණ ඇත .පළමුව කාර්යාලයට ගොස් මා ඔවුන්ට හඳුන්වා දී ඔහු පැවසුවේ මෙයා කැමැත්තෙන් ඉන්නවා සමහන් හදන හැටි බලන්න. හරි මම සම්පුර්ණ ක්‍රියාවලියම පෙන්වන්නම් යනුවෙන් පැවසු සේවක මහතකු මුලින්ම අප රැගෙන ගියේ සමහන් සැදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පෙන්වීමටය .මෙය ඉතා ආරක්‍ෂිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන කර්මාන්ත ශාලාවක් වන අතර කර්මාන්තශාලාව තුලදී අපට හිස් වැසුම් හා වෙනම පාවහන් පැළඳීමට සිදුවිය . පැකට්ටුවේ සඳහන් වෙනිවැල්, සිරිතේක්කු, ඉඟුරු, පත්පාඩගම්, තිප්පිලි, වැලමි, කොත්තමල්ලි, කටුවැල්බටු, අරත්ත, ගම මිරිස්, සුදුරු. ඇතුළු සියලු දෑ එහි අසුරා තිබෙනු දැක ගැනීමට හැකි විය.

(කටුවැල්බටු වැනි ශාක ඔවුන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණයට නොමැති බැවින් ඔවුන් කිවේ ඒවා ඉන්දියාවෙන් ආනයනය කරන බවකි . මෙම ශාඛ ශ්‍රී ලංකාවේ වැවීමට උනන්දු වන ගොවි මහතුන් උදෙසා ඔවුන්ගේ නය ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ .)

ඉහතින් සඳහන් කල සියලු බෙහෙත් ද්‍රවය යන්ත්‍රානුසාරයෙන් සෝදා වේලා ඔවුන් මුලින්ම කරනු ලබන්නේ ඒවා ඇලුමිනියම් උදුනකට දැමීමය .එය පීඩන උදුනක් වන අතර තෙරපීම නිසා අධික උෂ්ණත්වයක් උපදී. දැන් එම බෙහෙත් වල ඇති සියලු සාරය ඉතා උකු දියරයක් අකාරයෙන් උදුනෙන් පිටතට පැමිණේ .
මීළඟ ක්‍රියාවලියේදී සිදුවන්නේ එම දියරය අධික උෂ්ණත්වයක් ඇති තැටියකට විදීමය .තැටියේ වැදුණු මෙම දියරය පහතට වැටෙන්නේ කුඩක් ආකාරයෙනි .(spray drying)

දැන් සමහන් සාදා අවසානය මෙය පානය කිරීමට පහසු වීමට මෙයට සිනි ස්වල්පයක් මිශ්‍ර කරන අතර ඉන් පසු කුඩා පැකට් වලට ඇසිරී පිටතට පැමිණේ .
මෙම ක්‍රියාවලිය මා පැවසුවේ ඉතාම කෙටියෙන් වන අතර මෙම සියලු දෑ සිදුවන්නේ පරිඝනක ගතවී ස්වයන්ක්‍රියව යන්ත්‍රානුසාරයෙන් ය. මි ලඟට මා හට දැකගැනීමට හැකි වුයේ ලින්ක් සුදන්ත හදන ආකාරයයි .එහි ඇති ප්‍රධානම මුලද්‍රව්‍ය වන මැටි ඔවුන් ජර්මනියෙන් ආනයනය කරන අතර බෙහෙත් ටියුබයේ සඳහන් කර ඇති බෙහෙත් වර්ග සියල්ල දියරයක් කර එය නිපදවනු ලබයි .

දන් මා හට සමහන් ඇතුළු සියලු ලින්ක් නිෂ්පාදන ගැන ඇති සියලු සැක සංකා දුරුවී ඇත .

100% ශ්‍රී ලංකික අව්‍යාජ නිෂ්පාදනයකට මෙවැනි වැරදි ප්‍රචාරයක් ලැබුනේ කෙසේද ? මෙය පිටරටක නිෂ්පාදනය කළා නම් අපේ රටේ මිට වඩා අලෙවි වනු ඇත . මෙවැනි වූ බොරු කතා වලට හසු වුනු වෙනත් අව්‍යාජ ශ්‍රී ලාංකික නිෂ්පාදන තව කොතෙකුත් ඇතිද ? ඒවාට ප්‍රචාරයක් ලබා දීම හෝ මහජනතාව අතර විශ්වාසයක් ගොඩනැගීමට හැකි ප්‍රමිති ආයතනයක් තිබේද ?
සටහන - ජේ . ඒ . ඩී ප්‍රසංග

23/09/2023
23/09/2023

Agra Arts & Crafts Gallery is a unique arts & crafts store & gift shop with a diverse product range.

16/09/2023

මඤ්ඤොක්කා කොළ වල ගුණ😊👌

14/09/2023

> ලොව මුල්ම ඇස් කණ්ණාඩි ලෙස ඇතමුන් හදුන්වන දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරන ලද්දේ ලක්දිව ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේදීය.

> ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දෝෂයක් ඇති වී දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කෙරුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. එය දියතරිප්පු ඇස්කණ්නාඩි නිෂ්පාදන ආරම්භය වූ මුල්ම සිදුවීම ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

> දියතරිප්පු ගලින් නිෂ්පාදන කෙරුනු මෙම දේශීය ඇස් කණ්නාඩිවලට ගම්පොල රාජධානී සමයේ සිටම ඉහළ ඉල්ලුමක් පැවතුනු බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

> දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍ය පළිඟු ගල්, අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ලබාගනු ලබන්නේ මැණික් පතල්වලිනි.

> කණ්ණාඩි නිෂ්පාදනයේ යෙදෙන ශිල්පීන් විසින් එසේ පතල්වලින් ගෙන එන ගල්, වර්ගකර පලා සකස් කර ගන්නා අතර, පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා මැණික් පතල්වලින් හමුවන කට්ටා ගල් කැට කුඩු කර පෙරා භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. |

> අනතුරුව ඒ සඳහාම නිර්මාණය කළ ලීයක ආධාරයෙන් තවදුරටත් මැදගන්නා පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට හැරෙන තුරුම මැද ගැනීම සිදු වෙයි. වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුව ය. ඒ රිදී තිරුවානාව නම් උපකරණයේ අල්ලා ගැනීමෙනි.
මෙසේ දියතරිප්පු කණ්නාඩියක් නිපදවීම සඳහා දින දහයකට වැඩි කාලයක් ගත වේ.

> දියතරිප්පු කණ්නාඩි නිපදවන ශිල්පීන් කිසි විටක දී දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි නිපදවන්නේ නැත. කන්ණාඩිය අවශ්‍ය තැනැත්තාගේ පෙනීමේ දුර්වලතාව මත ඔවුන් විසින්ම කන්ණාඩි නිර්මාණය කරනු ලබයි.

> දැනට වෙළඳපළේ පවතින සාමාන්‍ය කණ්ණාඩි මෙන් වසරකට හෝ වසර දෙකකට වරක් වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, වසර 15ක් 20ක් පමණ කාලයක් පාවිච්චි කළ හැකිය.

> මෙම කන්ණාඩිවල ඇති සුවිශේෂීයම ගුණය වන්නේ ඇසට ලැබෙන සිසිල යි. එමෙන්ම හිස කැක්කුම නොසෑදෙන බවද කියවෙයි. එයට හේතු වන්නේ පතල්වල අඩි 400ක් 500ක් පමණ ගැඹුරින් හමුවන මෙම පාෂාණ අධික සීතලකින් යුතුවීම බවයි පැවසෙන්නේ.

> දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බව ද ප්‍රකට කරුණකි.
දිය තරිප්පු ශිල්පී පරම්පරාව කණ්ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍ය නිර්මාණය කිරීමටද සැබෑ දක්ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍ය මෙන්ම මෙරට බොහොමයක් ඓතිහාසික විහාරස්ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේද දිය තරිප්පු පරපුර බවද සඳහන්ය.

> පෘතුගීසී සමයේදී ජේසුයිට් නිකායික පාදිලිවරු මෙම ඉපැරණි තාක්ෂණයෙන් විශ්මයට පත්ව කෙසේ හෝ මෙම තාක්ෂණය ඉගෙනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, පසු කලක දී එම තාක්ෂණය ඔවුන් යුරෝපයට රැගෙන ගොස් තිබේ.

> දිය තරිප්පු ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩිද නැද්ද යන මතය තරමක් විවාදාත්මක විය හැකි වුවද යුරෝපයේ මේ පිළිබ‍ද අසන්නට ලැබෙන බොහෝ වාර්තා සමග සැසදීමේදී දිය තරිප්පු කණ්ණාඩිවලට සැලකිය යුතු වැදගත්කමක් හිමිවන බව නම් අවිවාදිතය.

> කෙසේ වෙතත් මෙරට දියතරිප්පු ඇස් කණ්නාඩි තාක්ෂණය යුරෝපයට ඉල්ලමක් වූව ද අපේ රටට එය එසේ වූයේ නැත. අදටත් පිටරටින් එන කණ්ණාඩි හා ප්ලාස්ටික් කණ්නාඩි ඉහළ මිල ගණන් යටතේ මිලදී ගන්නා මෙරට ජනයා ලංකාවේ මෙබඳු තාක්ෂණයක් තිබූ බව පවා දන්නේ නැත.

> නූතන දෘෂ්ටි වෛද්‍යවරුන්ද මේ තාක්ෂණය ගැන සත පහක තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. පාරම්පරිකව පැවතෙගෙන ආ මෙම දුලභ තාක්ෂණය තවමත් පවත්වගෙන යන්නේ ගඩලාදෙණිය හා කිරිවවුළ යන ගම්වල ජීවත් වෙන අතලොස්සක් වූ පවුල් කිහිපයක් පමණකි.

( මේ ලිපියේ අරමුණ අතීතයේ පැවති තාක්ෂණය ගැන දැනුවත් කිරීම මිස වාණිජ වශයෙන් දිය තරිප්පු කණ්ණාඩි ප්‍රවර්ධනය කිරීම නොවේ. ඒවායේ සෞඛ්‍යමය යෝග්‍යතාව පිළිබද සහතික දීම අපට කළ නොහැක්කක් වන අතර ලිපියේ සිදු කර ඇත්තේ ඒ පිළිබද පළවන විවිධ මත සැකෙවින් ඔබට ඉදිරිපත් කිරීම පමණි.)

අර්ජුන බද්දෙවිතාන

12/09/2023

Address

62, Neelammahara Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Holistic Healing Ashram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share