Apeksha Hospital Maharagama

Apeksha Hospital Maharagama Former Cancer Hospital Maharagama

28/04/2026
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩප...
06/01/2026

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වේ.

එවැනි ආකාරයට සැකසූ ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් හා ප්‍රියතාවක් ඇති වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේ වන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය හැකි නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් ස්ථාපිත කර ඇති අතර, එයද හෙට දිනයේදී විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත කෙරේ.

මෙහිදී සාම්ප්‍රදායික “කුස්සිය” හෝ “kitchen” යන නාමය වෙනුවට එය “ආහාරපාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවීන ආකාරයට ආහාර සැකසීම හා පිළිගැන්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

21/10/2025
26/05/2025
myPOS
24/05/2024

myPOS

රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ මේ දිනවල ඉදිකරන සිව් මහල් ළමා වාට්ටු ගොඩනැඟිල්ල නිරීක්ෂණ චාරිකාව...
11/02/2024

රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ මේ දිනවල ඉදිකරන සිව් මහල් ළමා වාට්ටු ගොඩනැඟිල්ල නිරීක්ෂණ චාරිකාවකට සහ දායකත්වය දැක්වීමට සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමා සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මැතිතුමා සහ අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂකතුමන් ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් අද එක් විය.
මාර්තු මාසයේ දී නවීන පහසුකම් වලින් යුතු මෙම ළමා වාට්ටු සංකීර්ණය වැඩ නිම කිරීමට ද සැලසුම් කර ඇත

අලුතින් රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකරන සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය  නිසා ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රවනතාව...
11/02/2024

අලුතින් රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකරන සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය නිසා ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රවනතාව 85% දක්වා වර්ධනය කලගත හැකිබව
ඒවගේම මෙතෙක් කල් මිශ්‍ර රෝහලක්ව පැවති මහරගම අපේක්ෂා රෝහල ළමා රෝගීන් උදෙසා වෙනම වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම තුලින් අනෙකුත් රෝගීන්ට ඉඩකඩ පහසුකම් ඇතිවී ඔවුන් සුවවීමේද ප්‍රවනතාවද ඉහල යනබව

ඔබ දන්නවාද දැනට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් සුවවීමේ ප්‍රවනතාව 70% බවත් අලුතින් රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකරන සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය නිසා ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රවනතාව 85% දක්වා වර්ධනය කලගත හැකිබව
ඒවගේම මෙතෙක් කල් මිශ්‍ර රෝහලක්ව පැවති මහරගම අපේක්ෂා රෝහල ළමා රෝගීන් උදෙසා වෙනම වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම තුලින් අනෙකුත් රෝගීන්ට ඉඩකඩ පහසුකම් ඇතිවී ඔවුන් සුවවීමේද ප්‍රවනතාවද ඉහල යනබව

මේ සියලු පින් කතරගම දෙවියන්ට අනුමෝදන් වෙත්වා !

මං හැමදාම කියනවා වගේ සල්ලී තියෙන්නම ඕනේ නෑ පිං කරන්න.. Volunteer කෙනෙක් වෙන්න අනිත් අයට උදව් කරන්න පරිසරය සහ සත්තු රැකගන...
12/11/2023

මං හැමදාම කියනවා වගේ සල්ලී තියෙන්නම ඕනේ නෑ පිං කරන්න.. Volunteer කෙනෙක් වෙන්න අනිත් අයට උදව් කරන්න පරිසරය සහ සත්තු රැකගන්න හිත සහ ආකල්ප තිබුනාම ඇති...

November 12 - ඉරිදා වැඩසටහන් පෙල ගැස්ම...

මේ සති අන්තයේ Volunteer Sri Lanka අපේ වැඩසටහන් මාලාව තමයි මේ.... අතේ සල්ලී තිබ්බත් නැත්තත් උදව් කරන්න කැමතිනම් ඇවිත් යන්න...

1. මහරගම අපේක්ෂා රෝහලේ Ward 13 පිරිසිදු කිරීමේ ශ්‍රමදානය - උදෑසන 8.00 සිට දහවල් වෙනකම්...

2. කොළඹ ජාතිය රෝහලේ Ward 4 පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ( ගැහැණු සහ පිරිමි වාට්ටු දෙකම )උදෑසන 8.00 සිට දහවල් වෙනකම්...

වැඩි විස්තර දැනගන්න කතා කරන්න...
Pramila Silva
Volunteer Sri Lanka 🇱🇰 - Social Service & Charity Group
+94717811711

මේ විදිහට හිතන කෙනෙක් නම් Whatsup Group එකට එකතුවෙන්න.. මිතුරන් අතරේ බෙදා හරින්න...
https://chat.whatsapp.com/ElkzWoXzYns2zEwrqCgkIw

— at Apeksha Hospital Maharagama.

ආසියානු වීර ක්‍රිකට් ශුරයන්ගෙන්අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක්
17/09/2022

ආසියානු වීර ක්‍රිකට් ශුරයන්ගෙන්
අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක්

06/07/2022

Address

Off Dehiwala Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Apeksha Hospital Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category