19/11/2025
සබ්බපාපස්ස ගාථාව
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං
මෙය එක් බුදුවරයෙකු විසින්ම නොව අතීතයෙහි ලොව පහළ වූ සියලු බුදුවරයන් විසින් වදාළ, භාවිත කළ ගාථාවකි. අනාගතයේ පහළ වන ලොවුතුරා බුදුවරයෝ ද මේ ගාථාව භාවිතා කරන්නාහ. එබැවින් මේ ගාථාව ඉතා ආනුභාව සම්පන්නය. මේ ගාථාව නුවණ ඇති ඇති සැටියට නොයෙක් දෙයට යොදා ගතහැකිය. දැවිල්ලට හා වෙනත් ආබාධ වලට මේ ගාථාවෙන් තැඹිලි මතුරා දෙති. හිසරදය දත් කැක්කුම කන් කැක්කුම බඩේ කැක්කුම අජීර්ණ වාත වේදනා යනාදියට සුදුසු පරිදි තෙල්, දෙහි ඇඹුල්. ඉඟුරු ආදිය මතුරා දෙති. ආරක්ෂාදි තවත් නොයෙක් දෙයට ද මේ ගය යොදති. මේ ගාථාවෙන් කරන වැඩ බොහෝ සෙයින් හරියන බව ද බොහෝ දෙනා කියති.
(පුණ්‍යෝපදේශය - 205 පිටුව)
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි.