Central Dispensary, Madiwela

Central Dispensary, Madiwela Health care services in Sri Lanka are mainly provided through a well organized curative and preventive health network in the country.

The preventive care in Sri Lanka considerably depends on the grass root level of public health carried out by Public Health Midwives and Public Health Inspectors (PHMM & PHII) who are working under Medical Officers of Health (MOH) working across the country. In spite of major changes in the economic policies, the government of Sri Lanka continued to provide a health service to the population, free

of charge and training of all health personnel required for the services in the state sector has been under the free education system. The health system in Sri Lanka consists of public and private health care services. Public services are the responsibility of the central Ministry of Health and nine Provincial Councils. Major municipalities also provide services of a limited nature. The public sector delivers both inpatient and outpatient services through an island-wide network of facilities. Private health care services largely consist of ambulatory services provided by full-time private practitioners, government medical staff working privately and pharmacies. There is a small, but growing, private hospital sector. The plantation estates have historically run their own facilities for their employees, but very recently it has been decided to incorporate them into the Ministry of health system. Sri Lankan health system is enriched with a primary health care delivery system which was established about 75 years back. Over the past three decades, in parallel to the government administrative system, the health administrative system had been developed. Currently Sri Lanka enjoys a widely spread preventive health care facilities delivered by grass root level Primary Health Care workers administered by the Medical Officer of Health . The MOH system had been in existence for several decades. A health unit is the smallest administrative unit which is called division or the ‘MOH area’ that could be described as a defined geographical area, hence with a defined population, under a Medical Officer of Health (MOH). The MOH is responsible for the delivery of preventive health services in the area. MOH unit is the patients’ first contact with health care system. It works as a hub from which patients are guided through the health system. It is the place where relationships between health care workers and patients develop. Health promotion and disease prevention also done through MOH. Several categories of health workers work as a team with the MOH, namely the Public Health Nurse (PHN), Public Health Inspector (PHI) and Public Health Midwife (PHM). The Maternal and Child Health services were to be provided at domiciliary level and at clinics established at ‘health centres’ (field level service outlets), within the health unit area. The PHM was responsible for antenatal, natal and postnatal services. Central Dispensary, Madiwela provide outpatient care including the provision of basic health facilities for the treatment of minor ailments, referral to secondary and tertiary care institutions for further treatment, provision of perinatal care and follow up of patients referred from secondary or tertiary care institutions.

06/11/2018
24/10/2018
22/09/2018

මව්කිරි වඩවන හෙළ ආහාර පාන ...

• කිරි අඟුණ සහ තිත්ත අඟුණ :-

ගමේ ගොඩේ දරුවෙක් ලැබෙන්න ඉන්නා හෝ දරුවෙකු ප්‍රසූත කල මවකට වට පිට කාගේ ගෙදරින් වුනත් රසට හැදෙන කෑම වේලේ මුල් පංගුව බෙදෙන අතීතයක් අපට තිබුනේ..වැඩිහිටි කාන්තාවන් ඒ සඳහා ගුණ ආහාර එළවලු තෝරා ගැනීම සැලකුවේ තමන්ගේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙසට..අහුවෙන ඕනෑම කෑමක් නොව ගැලපෙන ගුණ ආහාර පමණක් තෝරා පිළියෙළ වුනු මෙවන් බත් පතක නොවරදුනු ආහාරයක් තමා අඟුණ කොලේ..අගුණ යයි කීවාට බොහෝ ගුණ ඇති අඟුණ කොළ සම්බෝල, හෝ මැල්ලුමට කලවමට එකතු කිරීමෙන් කල ගණන් කිරි එරවා ගැනීමට ඔවුන් සමත් වුනා..

• සිංගප්පූරු කොළ නැතහොත් ජපන් බටු කොළ :-

සියවස් ගණනක් මව්කිරි වඩවන්නට අත්තම්මලා යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු කොළ...මේ කොලයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කල විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා තහවුරු කර තිබෙනවා..කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා කොළ පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්‍යංජනයට එක්කර ගත හැකි රසවත් ව්‍යංජනයක්..අමුවෙන් ආහාරයට ගැනීමෙන් අතුරු ප්‍රතිපලයක් ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල වලට එක්කිරීමෙන් හෝ යුෂ පානයෙන් වලකින්න ..

• කොස් :-

ගස යටින් ගියත් කිරි එරවෙන කොස් ..ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්නට පුළුවන්.. එහි ඇති වාතය ඇතිකිරීම නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු ව්‍යංජනයට එක්කරන්න.

• කිරිහැන්ද :-

කිරි දෙන මවු වරුන්ට අත්තම්මලා නොවරදවූ තවත් අගනා පලා වර්ගයක්..කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ලපටි දළු ව්‍යංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර රසවත්ව පිස ගත හැකියි..

• කරවිල :-

රත්තරන් ඇති සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. කිරි තිත්ත වේ යයි කතාවක් ඇතත් එහි විද්‍යාත්මක සත්‍යතාවයක් මේ වන තුරු ඔප්පු කර නැහැ..

• කෙසෙල් මුව :-

කිරි දෙන මවට කිරි එරවිමට පමණක් නොවේ ඇගේ මල බද්ධය නැති කිරීමට, ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයක් තමයි කෙසෙල් මුව..

• කුරක්කන් :-

මවු කිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය කුරක්කන්..කැමති ලෙස ආහාරයට ලබා දෙන්නට පුළුවන්..කැඳ, රොටි, පිට්ටු , තලප යනාදී වශයෙන්.

• කොල්ලු :-

මවු කිරි වඩවන්නට තවත් අපූරු හැකියාවක් ඇති ආහාරයක්..දවසේ ඕනෑම ආහාරයට එකතු කල හැකි දවස පුරා කිරි වැගිරෙන සේ කිරි එරවන අගනා ආහාරයක්.

• හබල පෙති :-

කිරි එරවන්න භාවිතා කල අපූරු උදැසන ආහාරයක් තමා හබල පෙති..කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට එක් කරන්න කිරි උතුරාවී..

• තැම්බුම් හොදි :-

දරු ප්‍රසුතියෙන් පසු අම්මලාට එදා දුන් පළමු ආහාරය තමයි තැම්බුම් හොදි. ප්‍රසුතියේ වෙහෙස නිවීම, තුවාල ඉක්මනින් සුව කිරීම, ප්‍රසුතියෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, මල බද්ධය නැති කිරීම සහ අඛණ්ඩ කිරි ස්‍රාවයක් පවත්වා ගැනීමට එරී එරවීම උත්තේජනය යන ගුණාංග යුතු තැම්බුම් හොද්ද සුලුවෙන් තකන්න එපා.. කිරි මදි නම් සතියකට වරක් වත් කිරි දෙන කාලයේ තැම්බුම් හොද්දක් මවගේ ආහාරයට එක් කරන්න..

• සූදුරු :-

කිරි එරවීමේ අපූරු බලයක් ඇති සූදුරු කිරි එරවීමට අමතරව තවත් බොහෝ සෞඛ්‍යයමය ප්‍රතිලාභ ගෙන දෙනවා.සතියට දෙතුන් වතාවක් සූදුරු තැම්බූ වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න..කිරි වැගිරේවි..

• උළු හාල් :-

මව් කිරි වඩවන්නට උළුහාල් තරම් අගනා තවත් ඖෂධයක් ඇත්දැයි ඔබටම සිතේවි..රාත්‍රියේ උළුහාල් අහුරක් දෙකක් පෙගෙන්නට දමන්න..උදෑසන තම්බා පෙරා පානය කරන්න..නිසි ප්‍රතිපල ලැබෙන තුරු දිනපතා සිදු කල හැකි මහඟු ප්‍රතිකාරයක්..මවු කිරි වැඩීමට අමතර තවත් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ සහිතයි.

• මහදුරු :-

සූදුරු මෙන්ම අගනා ප්‍රතිලාභ ඇති මහදුරු වලට කිරි එරවන්නට ඇත්තේ විසල් හැකියාවක්..මහදුරු දෙමිටක් සිසිල් වතුරේ පොඟවන්න ..පෙරා ගත් ජලය දවසට දෙවරක් අවශ්‍යතාක් කල් පානය කරන්න..

• කුරුඳු :-

කුරුඳු වලටත් ඇත්තේ කිරි වැඩවීමේ මනා හැකියාවක්. පිරිසිදු කුරුඳු ජලයේ දමා පෙරා පානය කරන්න..නැතහොත් තේ කෝප්පයට කුරුඳු එකතුකර මද වෙලාවක් තබා පානය කරන්න..

• කොත්තමල්ලි :-

කලින් කී සුදුරු මහදුරු මෙන්ම තුනපහට අයිති කොත්තමල්ලි වලටද ඇත්තේ කිරි එරවිමේ ප්‍රභල හැකියාවක්.. කොත්තමල්ලි තැම්බූ වතුර බීම ප්‍රමාණවත් කිරි ස්‍රාවය හොඳින් වර්ධනය කර ගැනීමට.

• සුදු ළූණු :-

ප්‍රසූතියෙන් පසු පළමු දින කිහිපයේදී මවකට නොවැරදවූ ආහාරයක් තමයි ගිනි අඟුරු වල පිලිස්සු සුදුලුනු කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්‍රතිලාභ අඩංගු මේ ප්‍රතිකාරයේ මූලික පරමාර්ථ අතර මවු කිරි ස්‍රාවය උත්තේජනය කිරීම සහ පවත්වා ගැනීමත් අඩංගුයි. කිතුල් හකුරු වලද මවු කිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සාදනවා..

කිරි දෙන මවට සාදන ව්‍යංජන වලට සුදු ළූණු එක්කරන්නට අමතක කරන්නට එපා.. සුදු ලුණු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුලූනු, උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බිමෙන් කිරි කල හතක් එක වරුවකදී පොවන්නට හැකි බවයි පැරැන්නන්ගේ මතය..

• තල :-

තල ඇට වලටත් කිරි එරවිමට ඇත්තේ විසල් හැකියාවක්..කිරි එරවන්නට තල ඇට යොදා ගත්තේ බහුලවම එදා උතුරු පළාතේ ද්‍රවිඩ අම්මලා..අතුරුපසට කිතුල් හකුරු දාපු රසබර තල කැරැල්ලක් කා කිරි එරවා ගන්න හැකි නම් අපේ අම්මලා ඊට අකමැති වෙන එකක් නැහැ.

• පොල් :-

අලුත් කැඩූ අමු පොල් වලට කිරි එරවන්නට ඇති හැකියාව අපූරුයි. දරුවෙකු ලැබුණු අම්මලාට අලුත් පොල් සමඟ මුන් ඇට, කඩල , අල බතල, කොස් වැනි විවධ වර්ගයේ ආහාර එදා ලබා දුන්නේ මේ ප්‍රති ලාභයඅත් කර ගන්නටත් එක්කයි.

• බතල :-

තද රතු පැහැති බතල කිරි එරවන තවත් දේශීය ආහාරයක්.. උදැසන ආහාරයට හෝ දහජ්වල් ව්‍යංජනයට, පොල් සමඟ එක්කර ගුණ වැඩි කර කිරි එරවන්නට රස බර අහරක්..

• රාජ අල :-

තද දම් පැහැති රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ අල වර්ගයක්..උදෑසන ආහාරයට කදිමයි.

• ඉඟුරු :-

දහසක් ගුණ ඇති ඉඟුරු වල තවත් අපූරු ගුණයක් තමා මව් කිරි වැඩවීම..අන් ආහාර ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බිමෙන් කිරි වැඩි වේ..

• රතු ළූණු :-

අමු රතු ළූණු වල කිරි එරවිමේ අපූර්ව ශක්තියක් තිබෙනවා.. දිනපතා ආහාරයට අමුවෙන් ගන්නා එළවලු සලාදයට ලුණු මිරිසට රතු ලුණු එක් කරන්න.. කිරි එරවිම පමණක් නොව තවත් අගනා ආයු වඩන ගුණ ඇත..

• මුරුංගා :-

සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න..මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක් කරන්න..මුරුංගා වල ඇති කිරි එරවිමේ ප්‍රභල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්.. ප්‍රතිඵල ඔබටම පෙනේවි..

• අමු පැපොල් :-

අමු පැපොල් වලට ඇති කිරි එරවිමේ හැකියාව ඔබ පුදුම කරාවි.මැල්ලුමක් ලෙස හෝ කැකිරි/වට්ටක්කා ආකාරයට පිස ආහාර වේලට ඇතුල් කරන්න.

• වට්ටක්කා :-

වට්ටක්කා වලට ඇත්තෙත් කිරි එරවිමේ මහඟු හැකියාවක්..ඔබම අත් හදා බලන්න..

• ඉදුණු කොටදිඹුලා ගෙඩි :-

අත්තික්කා වලට සමාන මේ පලතුර ඉදුණු ගෙඩි දරුවන් ලැබුණු අලුත ආහාරයට ගැනීමෙන් මවු කිරි වැඩි වන බව පැරණි සිංහල පොත පතෙහි සඳහන් වී තිබෙනවා..

• නෙලුම් අල :-

දැනට වසර 20-30කට පමණ පෙර නම් නෙලුම් අල මවු කිරි වඩවා ගැනීමට ඉවහල් කර ගත් ඖෂධීය රසවත් එළවළුවක්. (දැනට රට පුරා ඇති වැව් පොකුණු රසායන පොහොර මගින් දුෂණය වී ඇති නිසා අද වන විට නෙලුම් ආහාරයට ගැනීමේ සුදුසුකම පිලිබඳ සැබෑ ගැටළුවක් මතු වී ඇත).

මිට අමතර රතු හාල්, මුං ඇට, මෙනේරි වැනි අපේ ධාන්‍ය වර්ග වලටත් කිරි එරවිමේ මහඟු හැකියාවක් තිබෙනවා.

සරල සිංහල ආහාර වේලකට හුරු වන්න..

එළවලු දෙකක් පමණ සමඟ කොළ වර්ගයක්. මුහුදු මාළු හෝ අව්වේ වේලු කරවල වැනි ප්‍රෝටීන වර්ගයක් අඩංගු රතු බත් වේලක්.. ගමේ ගොඩේ ඉදුණු පලතුරු, ඇති වන්නට පිරිසිදු ජලය පානය කිරීම කිරි එරවන්නට ප්‍රමාණවත්.. කිරි එරෙන්න මස් කෑම අවශ්‍ය නැහැ.

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය :-

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය... ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා...

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. ඔබ කල යුත්තේ මවු කිරි නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ඇතුලත් ආහාර වලට මුල් තැන දීමත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර සහ ඔබේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිසි ලෙස ලබා ගැනීමත්ය. සුභදායක ප්‍රවෘත්තිය වන්නේ, අපේ රටේ මෙම සියලු දේ මනා ලෙස අඩංගු ස්වභාවික එළවලු, පලතුරු, මස් මාළු, කිරි බිත්තර ආදිය සුලභව තිබීමයි! ඔබ කල යුත්තේ මඳක් සොයා බලා එවැනි දේ මිළදී ගත හැකි වෙළඳ පොළවල් සොයා ගැනීමයි. එමගින් ඔබට බාහිර රසායනික සංයෝග වල පිහිට පැතීම අවම කර ගත හැකියි.

* ආහාර වේලට විවිධත්වයක් එක කර ගන්න.

ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්රේට වැඩියෙන් කෑමට ගත යුතු උනත් ඔබ කය වෙහෙසන රැකියාවක නොයෙදේ නම් එය පමණට වඩා සුදුසු නැත. එසේම "බඩ පිරෙන්න කෑම" ඔබට අඩු කල නොහැකි නම් ඔබ අඩුවෙන් කන කබෝහයිඩ්රේට් නිසා දැනෙන හිස් බව පිරවීමට එළවලු සලාද, පළතුරු ආදිය යොදා ගන්න. මස් මාළු හෝ ඒවා නොකන්නේ නම් ආදේශකයන් ලබා ගැනීමත් ඉතා වැදගත්.

* නිවුඩු සහිත සහල් / ධාන්‍ය ආහාරයට ගන්න.

කාබෝහයිඩ්රේට ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කල සීනි භාවිතයෙන් වැලකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසුය. අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් රතු බත් කෑමට මැලි බවක් දක්වනවා. එය හොඳටම අප්‍රිය නම් "Whole Grain" ධාන්‍ය ඇසුරෙන් සාදන ලද කෑම ආහාරයට වරින් වර එක් කර ගන්න. උදාහරණ ලෙස ඔබට ඉරිඟු, ඕට්, මෙනේරි, කුරක්කන් ආදිය දැක්විය හැකියි.

* මේද වර්ග ප්රවේසමින් තෝරා ගත යුතුයි..

සංතෘප්ත මේද සීමා කල යුතුය. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතය සුදුසුය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්‍රෝටීන ලබා ගත හැක. බදින ලද අල පෙති (french fries, potato chips), ගැඹුරු තෙලේ බැදපු කෑම (rolls, cutlet), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්රණය, තෙලේ බැදපු කුකුල් මස් හා වෙනත් මස් වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

* මාළු වර්ග අතිශයින් වටිනා බව දන්නවාද?

ඔබේ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය DHA සහ EPA නමින් හැඳින්වෙන සංයෝගය බහුලව අඩංගු වන්නේ මාළු වර්ග වලය. වාසනාවකට මෙන් අප ජීවත්වන දිවයින එම මත්ස්‍ය සම්පතින් ගහන මුහුදෙන් වටවී ඇත. ඔබ කල යුත්තේ මඳක් සොයා බලා හොඳ අලුත් මාළු ගෙන එන වෙළඳ සැලක් හඳුනා ගැනීමයි. ඉංග්‍රීසි පොත පතෙහි ඔබ දකීවි "salmon, mackarel, sardine" ආදී මාළු වර්ග සුදුසු බව. එම මාළු බොහෝ විට අපේ රට අවට නැහැ. නමුත් අපට ඉතා රසවත් සහ වටිනා මාළු වර්ග තිබෙන බව අමතක කරන්න එපා. ඒවා නම්: තෝරා, කෙළවල්ලා, හුරුල්ලා, කීරමින්, තොන්ඩයා, වැල්ල සූඩයා, සූඩයා ආදියයි. සතියකට දෙවරක් මෙම මාළු ඔබේ ආහාරයට එක කර ගැනීම ප්‍රමාණවත්. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.

ඔබ මාළු වර්ග නොකන්නේ නම් හෝ ඉහත මාළු පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නම්, අනිවාර්යයෙන්ම මෙම සංයෝග ලැබෙන බෙහෙත් කරල් ලබා ගන්න. Omega-3 Fatty Acids ලෙස හඳුන්වන මාළු තෙල් වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

* කිරි යනු පෝෂණීය ආහාරයක්!

කිරි බීම ගැන විවිධ මත පල උනත් (සෙම හැදෙනවා ආදිය) ඔබ මතක තබා ගත යුතුයි කිරි සහ කිරි ආශ්‍රිත ආහාර යනු ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා දෙන ආහාරයක් බව. මාංශ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් D ආදිය ඔබට නිර්ලෝභීව ලබා දෙන්නේ කිරි ආහාර වලින්. දිනකට තුන් වරක් වත් කිරි ආශ්‍රිත ආහාරයක් ලබා ගැනීමේ සුදුසුයි. උදාහරණ ලෙස උදේට සහ හවසට කිරි වීදුරුවක්, දවල්ට යෝගට් කෝප්පයක් ආදිය ලබා ගත හැකිනම් ඉතා කදිමයි.

* යකඩ බහුල ධාන්‍ය සහ පළා වර්ග අනිවාර්යයි!

ඔබ දන්නවා ශරීරය පුරා ශක්තිය, පෝෂණය සියල්ල ගෙන යාමට රුධිරය අත්‍යවශ්‍ය බව. ඉතින් එසේ ගෙනයන රුධිරය හිඟ වීමට ඉඩ තබන්න එපා. රුධිර වර්ධනයට යකඩ සහිත ආහාර අවශ්‍ය වෙනවා. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන අයට නිවිති සහ වෙනත් පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම වැදගත්. යකඩ පමණක් නොවේ තවත් බොහෝ පෝෂණ සංඝටක වලින් ගහන නිසා මැල්ලුම් අමතක කරන්න එපා. නමුත් ඔබ මාංශමය ආහාර ගැනීමට අකමැත්තක් නොමැති නම් සුළු වශයෙන් "රතු මාංශ" ලබා ගන්න (ඔබ නිවිති සහ අනෙකුත් එළවලු/පලා/පලතුරු කන්නේ නම් මෙය අත්‍යවශ්‍ය නොවේ!). කවුපි, මෑ, රට මෑ ආදියත් ආහාරයට එක් කර ගන්න.

* පළතුරුවල විටමින් බහුලයි!

අපේ රට විවිධ පළතුරු බහුල ලෙස වැවෙන දිවයිනක්. මනා ලෙස සොයා බැලීමෙන් ඔබට කෘතීම බෙහෙත් ඉසින ලද පළතුරු වෙනුවට නැවුම්, නොඉඳුල් පළතුරු සොයා ගත හැකිනම් අපූරුයි. විශේෂයෙන්ම දොඩම්, දෙළුම්, අලි ගැට පෙර, කොමඩු, කෙසෙල් ආදී අපේ රටේ වැවෙන පළතුරු වලට මුල් තැන දෙන්න. දිලිසි දිලිසි රාක්ක වල තිබෙන ආනයනික පළතුරු වලට වඩා අපේම ගමක වැවෙන නැවුම් පළතුරු ගෙඩියක් එතරම් ලස්සනට දිලිසුනේ නැතත් ඇඟට ගුණ අඩුවක් නැහැ! විශේෂයෙන්ම මෙම පලතුරු වලින් අන්නාසි, අලි ගැට පේර, අඹ, කොමඩු ආදියේ වල් නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැක. කෙසේ නමුත් සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න.

* වතුර බොන්න!!!

ඔබ හිතනවා ඇති වතුර පෝෂක සංයෝගයක් නොවේ නේද කියා. නමුත් නිසි ලෙස ජාල පානය අපි නිතරම අවතක්සේරු කරන දෙයක්. ඉහත කී සියලු එළවලු, පළතුරු, මස් මාළු, බිත්තර ආදිය කෑවත්, ප්‍රමානවත් ලෙස වතුර නොබොනවානම් ඔබේ සිඟිත්තාට දෙන ඒ ලොව උතුම්ම සම්පත වන මවු කිරි නිසි ලෙස නිපදවීමට බාධාවක් වේවි.
…………………………………………………………………………………
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #හෙළ_අරණ පිටුවට කරන්න.

Address

Central Dispensary, Embuldeniya Road, Madiwela
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Central Dispensary, Madiwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category