Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය

Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය Health Service

ඊයේ දින (2025-03-06) ඌව පළාත් ගරු ආණ්ඩුකාර කපිල ජයසේකර මැතිතුමා මහියංගන මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී රෝ...
07/03/2025

ඊයේ දින (2025-03-06) ඌව පළාත් ගරු ආණ්ඩුකාර කපිල ජයසේකර මැතිතුමා මහියංගන මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා විසින් රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමා දැනුවත් කිරීම සිදුකරන ලදී.

ඒ අනුව ගරු ආණ්ඩුකාරතුමා රෝහලේ සියලුම ආංශයන් වෙත ගොස් ඒ ඒ අංශයන්හි වත්මන් තත්ත්වය හා වැඩි දියුණු විය යුතු ආකාරය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකතුමා සමග ඉතාමත් සුහද සාකච්ඡාවකද නිරත විය.

එමෙන්ම එහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පරිදි මහියංගන මූලික රෝහල වෙත අත්‍යවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ හා කාර්ය මණ්ඩලය ලබාදීමේ ඇති හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමටද පොරොන්දු විය.

එමෙන්ම මහියංගන මූලික රෝහලේ රසායනාගාරය තුළ සාර්ථකව ක්‍රියාත්මක වන රසායනාගාර දත්ත කළමනාකරණ පද්ධතිය ගරු ආණ්ඩුකාරතුමාගේ විශේෂ ඇගමකට ලක් වූ අතර රසායනාගාරය මගින් අප සේවාලාභීන්ට අමතරව පළාතේ අනෙකුත් රෝහල් හා සෞඛ්‍ය ආයතනයන්හි රසායනාගාර පරීක්ෂණ සිදුකරවාදීමට ද පහසුකම් සැලසීම පිළිබඳව විශේෂ ප්‍රශංසාවක් ද සිදු කරන ලදී..

එමෙන්ම මහියංගන මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් තත්ත්වයට උසස් කොට මධ්‍යම රජයට පවරා ගැනීම පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහෝදරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලුම සහයෝගයන් ඌව පළාත් ගරු ආණ්ඩුකාර වරයා ලෙස නොපැකිළිව ලබාදීමට කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කරන ලදී.

ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා ලෙස ඉතාමත් කාර්යබහුල මොහොතක රෝහලේ කටයුතු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීම පිළිබඳව අප රෝහලෙන් සේවාවන් ලබන පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතක ජනතාවකගේ ස්තුතියි එතුමා වෙත පුදකර සිටිමු....

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය.
මූලික රෝහල
මහියංගන.

සුභ සිහිනයක පෙරමග ලකුණු...මහියංගන මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් තත්ත්වයට උසස් කොට මධ්‍යම රජයට පවරා ගැනීම  පිළිබඳව ඉල්...
04/01/2025

සුභ සිහිනයක පෙරමග ලකුණු...

මහියංගන මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් තත්ත්වයට උසස් කොට මධ්‍යම රජයට පවරා ගැනීම පිළිබඳව ඉල්ලීම රෝහල් සංවර්ධන කමිටුව මගින් වසර ගණනාවක් තිස්සේ පැවති රජයන් කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප පොළකටම ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අතරින් ප්‍රමුඛතම ඉල්ලීම ලෙස හඳුන්වා දිය හැක.

පොදුවේ එම සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඌව පළාත් ගරු ආණ්ඩුකාර තුමන්ලා ඇතුළු ඌව පළාත් සභා නියෝජිතයන්ද , පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතක ජනතාවකගේ සෞඛ්‍යමය අවශ්‍යතාවයන්ට වගකියන මහියංගන මූලික රෝහල සංඛ්‍යා ලේඛන දත්ත හා දැනට සපයන සේවාවන්ට අනුව කඩිනමින් මෙම තත්ත්වයට උසස් කළ යුතු බවට අවිවාදයෙන් පිළිගත්තද විවිධ වූ හේතූන් නිසා පැවති කිසිදු රජයකට එම කටයුත්ත සම්පූර්ණ කිරීමට මේ දක්වා නොහැකි වී ඇත.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය පක්ෂය මෙම සාධාරණ මහජන ඉල්ලීම පිළිබඳ ඉතාමත් සාධනීය මැදිහත්වීමක් සිදුකරන බවට මැතිවරණයට පෙර සිටම ප්‍රකාශ කර තිබූ අතර පසුගිය මහ මැතිවරණයෙන් ඔවුන් ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව කරනු ලැබූ ආරධනය පරිදි ඌව පළාත් ජාතික ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහෝදරයා පසුගියදා මෙම කරුණු පිළිබඳව රෝහල් සංවර්ධන කමිටුව සමඟ සාකච්ඡාවකට සහභාගි වන ලදී.

එහිදී රෝහලේ දැනට පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු , වෛද්‍ය උපකරණ හිඟය, හා ඉදිරියේදී සිදු කළ යුතු නව ඉදිකිරීම් ආදිය නිසි සැලසුමක් අනුව සිදු කිරීම පිළිබඳව සාධනීය මැදිහත්වීමක් සිදුකිරීමට එකඟතාවය පළවූ අතර, රෝහල් සංවර්ධන කමිටුවේ ප්‍රධාන ඉල්ලීම වූ රෝහල මධ්‍යම රජයට පවරාගෙන දිස්ත්‍රික් මහ රෝහලක් තත්වයට උසස් කිරීම පිළිබඳව ඉල්ලීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහෝදරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉදිරි කටයුතු සිදු කිරීමටද එකඟතාවය පල කරන ලදී.

ඒ අනුව වසර ගණනාවක් තිස්සේ රෝහල් සංවර්ධන කමිටුව ඇතුළු මෙම ප්‍රදේශයේ ජනතාව දුටු එම සුභ සිහිනය නුදුරු දිනකදීම යථාර්ථයක් බවට පත්කිරීමට බලගල්ල සහෝදරයා ඇතුළු නව රජයට හැකිවේවායි යන්න මහියංගන මූලික රෝහලෙන් සේවාව ලබන පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතක ජනතාවකගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

ඡායාරූප.:- මේ වන විට රෝහලේ පවතින තත්ත්වය සහ ඉදිරි සංවර්ධන අරමුණු පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකතුමා විසින් පැමිණ සිටි පිරිසට කරුණු පැහැදිලි කිරීම.

( ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු ප්‍රදේශයේ සංවිධායකවරු , රෝහල් සංවර්ධන කමිටුව, රෝහලේ සැලසුම් අංශයේ සහ අනෙකුත් අංශ කිහිපයක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.)

මාධ්‍ය ඒකකය
මූලික රෝහල
මහියංගන.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පර්ශවයේ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓති...
12/12/2024

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පර්ශවයේ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගන රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ශ්‍රි ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේට තායිලන්තයේ
මහා චූලාලංකාර රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී #ආචාර්ය උපාධියෙන් පිදුම්ලැබීමේ අවස්ථාව.
08/12/2024

ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස...

මහියංගන ප්‍රදේශයටත්, ඌව පළාතටත්, සමස්ත ශ්‍රී ලංකාවටමත් පමණක් නොව මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවටමත් ආශිර්වාදයක් වූ ඔබවහන්සේට දීර්ඝායු වේවා...!
මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂක තුමා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලය සහ රෝහල් සංවර්ධන කමිටුව.

මාධ්‍ය ඒකකය
මූලික රෝහල
මහියංගන.

රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද මහියංගන මූලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය  අද  2024/11/28 දින පෙරවරු ...
28/11/2024

රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද මහියංගන මූලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය අද 2024/11/28 දින පෙරවරු 10.15 ට යෙදුණු සුභ මොහොතින් රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් යුතු චාම් උත්සවයක දී රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුගේ අතින් ජනතා අයිතියට පත් කරන ලදී...

ඒ අනුව රෝහල වෙත රෝගී ඇඳන් 167 කින් සමන්විත වාට්ටු හතරක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පූර්ණ චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. වසර දෙකකින් එහි කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මූල්‍ය අවපාතනයත් සමග එහි වැඩ කටයුතු අඩපණ වී තිබුණද මේ වන විට සියලු කටයුතු අවසන් කිරීමට හැකි වී ඇත.

එනිසා අද සිට ප්‍රතිකාර කටයුතු සඳහා අප රෝහලේ කායික රෝග ඒකකය වෙත පැමිණෙන රෝගී ජනතාවට එම පහසුකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව උදාවන බව සතුටින් දන්වා සිටින අතර ඉතා චාම් උත්සවයක් ලෙස පැවැත්වුණු මෙම අවස්ථාව රෝහල් අධ්‍යක්ෂකතුමාගේ ආරාධනයෙන් වැඩමවා වදාළ මහියංගන රජමහා විහාරයේ ගරුතර මහා සංඝරත්නය පෙරදැරිව මහියංගන මූලික රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් සහ රෝහලේ අංශ ප්‍රධානීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී..

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල - මහියංගන.

ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාරයන් සමඟ.. "මියැසි සියපත"   සඳදියේ පිපී සියපත් නෙලන්නට .. ප්‍රසංගය හා ඒකාත්මික වන්නට..දෙස...
26/11/2024

ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාරයන් සමඟ..

"මියැසි සියපත" සඳදියේ පිපී සියපත් නෙලන්නට ..

ප්‍රසංගය හා ඒකාත්මික වන්නට..

දෙසැම්බර් 4 දා, හවස 6 ට..

මහියංගන මූලික රෝහල් ශ්‍රවනාගාරයට ඔබත් එන්න....

සංවිධානය :- සායනික සංසදය, මහියංගණය.

ප්‍රවේශපත්‍ර 2000/=, 3000/=, 5000/=

For tickets:
🔸 Dr. Lakitha - 071 659 3253
🔸 Dr. Chinthaka -077 983 3313
🔸 Dr. Chaminda -071 667 6620
🔸 Dr. Pranith -071 851 1387

මහියංගන මූලික රෝහලේ දියවැඩියා අධ්‍යාපන අංශය මගින් නොවැම්බර් 14 දිනට නියමිත  ලෝක දියවැඩියා දිනය නිමිතිි කරගෙන විශේෂ වීදි ...
11/11/2024

මහියංගන මූලික රෝහලේ දියවැඩියා අධ්‍යාපන අංශය මගින් නොවැම්බර් 14 දිනට නියමිත ලෝක දියවැඩියා දිනය නිමිතිි කරගෙන විශේෂ වීදි නාට්‍යයක් සංවිධානය කරන ලද අතර මහියංගන නගරයේ එහි දර්ශන වාරයක් පැවැත්වූ අවස්ථාව.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ මග පෙන්වීම පරිදි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රභාෂ් හතුරුසිංහ මහතා ඇතුළු කායික රෝග ඒකකයේ කාර්ය මණ්ඩලය සහ දියවැඩියා අධ්‍යාපන ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර සියලු දෙනාගේම සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මහියංගන මූලික රෝහල් සංවර්ධන කමිටුව විසින් පවත්වනු ලැබූ අඩ සියවසකින් තව සියවසකට මියුගන ප්‍රසාද ප්‍රණාම 2024 උපහාර උළෙල පස...
06/11/2024

මහියංගන මූලික රෝහල් සංවර්ධන කමිටුව විසින් පවත්වනු ලැබූ අඩ සියවසකින් තව සියවසකට මියුගන ප්‍රසාද ප්‍රණාම 2024 උපහාර උළෙල පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේදිි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

රෝහල වත්මන් තත්ත්වයට ඔසවා තැබීමට පසුගිය අඩ සියවසක කාලය තුළ සහයෝගය ලබා දුන් සියලුම දෙනා අගයමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම උපහාර උළෙල සංවිධානය කරන ලද අතර

එහිදී ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජ මහා විහාරස්ථානය ඇතුළු විහාරයන්හි විහාරාධිපති, ශ්‍රී දළදා මාලිගාවේ වත්මන්හි තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නායක මාහිමියන් විසින් මහියංගන මූලික රෝහලටත් , ඌව පළාතටත්,සමස්ත ශ්‍රී ලාංකාවටමත් සිදු කරන ලද අනූපමේය ශාසනික හා සාමාජීය සේවාවන් කෘතඥතා පූර්වකව සිහි කරමින් උන්වහන්සේ වෙත මියු ගුණ ප්‍රසාද ප්‍රණාම - 2024 විශේෂ සමරු සටහන ඌව පළාතේ රාජ්‍ය , පෞද්ගලික හා අනෙකුත් බහුජන සංවිධාන සමග රෝහල් සංවර්ධන කමිටුව විසින් පවත්වන ලද සුවිශේෂී උපහාර උළෙලේදී පිළිගැන්වූ මොහොත...

06/11/2024
06/11/2024

අඩ සියවසකින් තව සිය වසකට මියගුණ ප්‍රසාද ප්‍රණාම 2024 - සජීවී විකාශය

21/07/2024
මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂ තුමා ප්‍රමුඛ බෞද්ධ සංගමය සහ සුබ සාධක සංගමය විසින් ,ශාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර ...
18/05/2024

මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂ තුමා ප්‍රමුඛ බෞද්ධ සංගමය සහ සුබ සාධක සංගමය විසින් ,

ශාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ජේෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක මාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි,සංවිධානය කරනු ලබන,

සීල සමාදාන වැඩසටහන 2024/05/19 දින එනම් හෙට දින පෙරවරු හතට රෝහල් නව ශ්‍රවනාගාරයේදී ආරම්භ වේ... පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා...!

Address

Badulla Road
Mahiyangana
90700

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category