MDL Laboratory

MDL Laboratory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MDL Laboratory, Medical Lab, Kiribathgoda-Makola Road, Thambiligasmulla, Makola North.

Here's to health, wealth, and all-around success. Wishing you the best vibes and bubbly on New Year 2024! Happy New Year...
01/01/2024

Here's to health, wealth, and all-around success. Wishing you the best vibes and bubbly on New Year 2024! Happy New Year.

We wish this Christmas may bring abundant health and joy for you. Merry christmas and a happy new year
25/12/2023

We wish this Christmas may bring abundant health and joy for you. Merry christmas and a happy new year

ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක ) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා,  ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආර...
12/12/2023

ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක ) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ යමින් පවතින බව ඔබ දන්නවා ද? වැරදි භාවිතය නිසා රෝගකාරක බැක්ටීරියා විසින් දැනට අප සතු ප්‍රබලම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව ලබාගනිමින් වේගයෙන් පරිණාමය වෙමින් සිටී. දැනටමත් මේ නිසා වසරකට අපට අහිමි වන මිනිස් ජීවිත ගණන මිලියන ගනනකි.

අපේත් , අනාගත පරපුරේත් ජීවිතාරක්ෂාව වෙනුවන් අදම ක්‍රියාත්මක වෙමු. පහත සියලු උපදෙස් නොවරදවාම අනුගමනය කරමු.

1. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිම අවස්ථාවක හිතුමනාපයේ ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) ගන්න එපා.

2. නියමිත කාල සීමාවම, නියමිත මාත්‍රාව, නියමිත වේලාවටම වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිජීවක ලබාගන්න.

3. ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඔසුවක්, වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙනත් අයෙකු සමග බෙදා ගන්න එපා.

4. භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඔසු , නැවත නැවත භාවිතා කරන්න එපා.

Copied-Health Promotion Bureau

Wish you a very happy new year 2023 May this new year bring bundles of happiness and health.     #2023
01/01/2023

Wish you a very happy new year 2023
May this new year bring bundles of happiness and health.

#2023

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති.  ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැති...
04/11/2022

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

Copied-Health Promotion Bureau

May you have a year filled with Love, Laughter, Brightness and Hope.
01/01/2022

May you have a year filled with Love, Laughter, Brightness and Hope.

Merry Christmas from MDL laboratory!
25/12/2021

Merry Christmas from MDL laboratory!

සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ පූර්ණ විශ්වාසය සමඟ  කඩිනමින් සහනදායි මිලට MDL laboratory වෙතින්.පරික්ෂාවන්  •සම්පූර්ණ මූ...
28/11/2021

සියලුම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ පූර්ණ විශ්වාසය සමඟ කඩිනමින් සහනදායි මිලට MDL laboratory වෙතින්.

පරික්ෂාවන්
•සම්පූර්ණ මූත්‍රා පරීක්ෂාව (UFR)
•නිරාහාර රුධිර පරීක්ෂාව (FBS)
•සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC)
•සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂාව(LIPID PROFILE)
•අක්මාව ආශ්‍රිත පරීක්ෂාවන් (LFT)
•වකුගඩු ක්‍රියාකාරීත්ව පරීක්ෂාවන් (SERUM CREATININE)
•එන්සයිම සහ හෝමෝන පරීක්ෂාවන්
•ECG පරීක්ෂාව

ප්‍රධාන ‍රසායනාගාරය - තැඹිලිගස්මුල්ල,කිරිබත්ගොඩ-මාකොල පාර

ශාඛා •උඩුපිල (රෝහල අසල)
•හෙයියන්තුඩුව (සමෘධි මාවත)

0777385655 / 0763501012

To reduce your   risk, always follow these basic measures copied-World Health Organization (WHO)-Srilanka
29/08/2021

To reduce your risk, always follow these basic measures

copied-World Health Organization (WHO)-Srilanka

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම...රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බවට තහවුරු ...
27/08/2021

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම...

රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් හට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා සලකා බැලෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන ආසාදිත අයයි. යම් කෙනෙකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් මීට සුදුසුකම් නොලබන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත යුතු වේ. එසේ නොවන වයස අවුරුදු 2ත් 65ත් අතර ආසාදිතයන්, පහත කරුණු සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසින් තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ

දියවැඩියාව,
අධික රුධිර පීඩනය,
හෘදයාබාධ,
වකුගඩු රෝග හා
පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ
ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම්

හෝ ,

ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙක් නම්

ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා මෙවැනි අවදානම් තත්ත්ව වලින් පෙළෙන්නේ නැති නම්, නිවසේ අන් අයගෙන් වෙන් ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත අවස්ථාවන් වල දී නිවෙස් ගත ප්‍රතිකාරය සඳහා සලකා බැලේ. අවශ්‍ය විටෙක අවශ්‍ය ලෙසට උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලැබේ.

එමෙන් ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින තවත් කෙනෙකුට හෝ තමාට ම ඇති හැකියාව ද සැළකිල්ලට ගනු ඇත.

මෙලෙස නිවසේ දී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයකු වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් එවැනි පුද්ගලයන් ගේ විස්තර "නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය" ට ඇතුළත් කරනු ලැබේ.

ඉන් පසුව නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකථනය හරහා අසාදිත පුද්ගලයාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ලැබේ.

අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කරනවා ඇත.

නිවෙස් ගත රෝගීන් ,

- හැකි පමණ විවේක ගැනීම
- හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම
- සමබර ආහාර වේලක් ලබාගැනීමත්

ඉතාමත්ම වැදගත් වේ.

හොඳින් පාලනය වී පවතින, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව ආදී බෝ නොවන රෝගයක් වෙත් නම් ඒ සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , නිවසේ දී රෝගියාට ප්‍රතිකාර කරන කෙනෙකු වේ නම් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.

ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින දාහතරක් සම්පූර්ණ වූවායින් පසුව ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන්නේ නම් එදිනෙන් නිවෙස් ගත ප්‍රතිකාර කාලය අවසන් වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළතදී නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින දාහතරකින් අවසන් වේ.

නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම ( අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව ) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.

COVID -19 රෝගීන් හට නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයක් සැකසීම සෞඛ්‍ය පද්ධතියෙහි ධාරිතාවය මෙන්ම පුරවැසියන්ගේ සමාජ වගකීම දැරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූලික කොට ගන්නා ලද තීරණයකි.
වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳී යාම වැලැක්වීමට මෙම නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එහි සාර්ථකත්වය රටෙහි පුරවැසියන් සතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයට පිළිපැදීමෙන් ශක්‍යතාවය මත රඳා පවතිනු ඇත.

අප සමඟ මෙතෙක් කල් රැඳී සිට දැනුමෙන් සන්නද්ධ වූ ඔබ එම වගකීම අකුරටම ඉටු කිරීමට උත්සුක වනු ඇති බවට අප විශ්වාස කරන්නෙමු.

#
Copied-Health Promotion Bureau

Covid 19 සහ Pulse Oximeter ය-------------------------------------------------මේ වෙනකොට pulse oximeter හෙවත් රුධිරයේ ඔක්ස...
27/08/2021

Covid 19 සහ Pulse Oximeter ය
-------------------------------------------------
මේ වෙනකොට pulse oximeter හෙවත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණය ගොඩක් උණුසුම් මාතෘකාවක්. අධික මිලකට අලෙවි කිරීම සහ වෙලඳපලේ තියන උපකරණ ප්‍රමිතියක් නෑ කියන මතය මේකට හේතුවක්. ඒ නිසා මේ ගැන හරියට දැනගන්න එක හැමෝටම වැදගත් වෙනවා.

-----------------------------------------------------
මොකක්ද මේ 𝐒𝐩𝐎𝟐 අගය කියන්නෙ?
-----------------------------------------------------
අපේ ලේ වල තියන හිමෝග්ලොබින් වල ඔක්සිජන් අන්තර්ගත වෙලා තියනවා. මේ අගය සංතෘප්තතා ප්‍රතිශතයක් විදිහට කියන එක තමයි SpO2 අගය මනිනවා කියලා කියන්නෙ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ගෙ මේ අගය 95% ට වඩා වැඩි මට්ටමක තියනවා.

---------------------------------------------------------------
මොකක්ද 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 එක කියන්නෙ?
---------------------------------------------------------------
සරලව කිව්වොත් රුධිරයේ SpO2 අගය මනින Non-invasive ,එහෙම නැත්තම් සම සිදුරු කිරීමකින් තොරව මේ වැඩේ කරගන්න පුලුවන් උපකරණයක්. මේ උපකරණයේ තියන sensor එකෙන් Infrared සහ රතු පාට ආලෝක කදම්බ දෙකක් අපේ සම හරහා යවනවා. ලේ වල ඔක්සිජන් මට්ටම වැඩි නම් Infrared වැඩිපුර උරාගෙන රතු ආලෝකය අඩුවෙන් උරාගන්නවා. අඩු නම් ඒකෙ අනිත් පැත්ත වෙනවා. මේ විදිහට උරාගන්න සහ උරා නොගන්න අගයන් ගණනය කරලා තමයි සියයට අගයක් විදිහට SpO2 අගය දෙන්නෙ.
විශේෂම දේ තමයි අපේ සම හරහා මේ ආලෝක කදම්බ දෙකම නිවැරදිව යවන්න ඕන නිසා මේ උපකරණය සම්බන්ධ කරන්නෙ සම ගොඩක් තුනී සහ ලේ ගමනාගමනය වැඩි තැනකට. ඇඟිලි තුඩට හෝ කන්පෙත්තට සම්බන්ධ කරන්න හේතුව ඒකයි.

-----------------------------------------------------------------------
මේ උපකරණයේ තියෙන්න පුලුවන් ගැටලු මොනාද?
-----------------------------------------------------------------------
කලින් කිව්වත් වගේ මේකෙ ප්‍රධානම උපාංගය වෙන්නෙ electronic sensor එකක්. මේකෙන් ලැබෙන දත්ත වෙනම කුඩා chip එකක් මගින් ගණිතමය සමීකරණ හරහා සුලු කරලා තමයි අවසානයේ ප්‍රතිශතයක් විදිහට අගයක් දෙන්නෙ. මේ sensor නිපදවද්දි මේවා සුලු වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නෙ එකම ඔක්සිජන් අගයට sensor දෙකක් කියවන අගයන් දෙක සුලු විදිහට වෙනස් වෙනවා.මේක වලක්වගන්න මිලෙන් වැඩි උපකරණ වෙනම calibrate කරලා තමයි වෙලඳපලට නිකුත් කරන්නෙ. ඊටත් අමතරව sensor වලින් එලියට එන දත්ත වල noise තියෙනවා. මේවා අර chip එක මගින් නිවැරදිව filter කරලා හරි දත්ත ටික ලබාගන්න ඕනෙ.

හැබැයි මහා පරිමාණයෙන් ඉතාම අඩු මුදලට මේ උපකරණ නිපදවද්දි එන ගැටලු කීපයක් තියනවා. එකක් තමයි sensor එකෙන් දත්ත එක්ක අති විශාල ප්‍රමාණයක් noise එලියට එන එක. මේක ඒ උපකරණයේ තියන අඩුමිල chip එකට filter කරන්න බැරි ප්‍රමාණයේ වෙන්න පුලුවන්. අනිත් දේ තමයි මේ උපකරණයෙන් කියවන අගයන් නිවැරදිද කියලා වඩා නිවැරදි meter එකක් පාවිච්චි කරලා calibrate කරලා නැති වෙන්න පුලුවන්. මොකද එකින් එක එහෙම කරන්න ගියොත් මෙච්චර අඩු ගානකට මේ උපකරණයක් දෙන්න අමාරු වෙනවා.

--------------------------------------------------------
මොකක්ද මේ ප්‍රශ්ණෙට කරන්න පුලුවන්?
--------------------------------------------------------
මේ දවස්වල lab එකකට ගිහිල්ලා මේ test එකක් කරගන්න එක හරි එහෙමත් නැත්තම් මිල අධික branded meter එකක් ගන්න එක හරි ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. හැබැයි ගොඩදෙනෙක් දන්නේ නැති උනාට ගොඩක් smartphone වල, smart watch වල සහ fitness tracker වල pulse oximeter එකක් එනවා. අඳුරගන්න තියන ලේසිම විදහ තමයි රූපෙ පෙන්නලා තියන විදිහට පිටිපස්සෙ රතු පාට හෝ කොල පාට light එකක් තියනවද කියලා බලන එක. Smartphone එකක තියන meter එක කඩෙන් ගන්න අඩු මිල meter එකකට වඩා නිවැරදී කියලා කියන්න පුලුවන්. මොකද මේකෙ තියන advanced chipset එක සහ complex algorithm වලින් ගොඩක් දුරට නිවැරදි අගයම ලබා දෙනවා. ඒ වගේම තමා smartwatch සහ fitness tracker වලත්. හැබැයි මේවා අතේ බැඳගෙන ඉද්දි ලැබෙන අගයන් වල නිරවද්‍යභාවය ගැන සහතික කරන්න අමාරුයි මොකද ඇඟිලි තුඩ සහ කන්පෙත්ත තමා SpO2 අගය මනින්න සුදුසුම තැන් දෙක. ඒ නිසා මේක ගලවලා sensor එක උඩ ඇඟිලි තුඩ තප්පර කීපයක් ආසන්නව එකම පීඩනයක් දීලා තියන් ඉඳලා ගන්න අගය සෑහෙන දුරට නිවැරදී කියලා කියන්න පුලුවන්.

- තරිඳු සුරාජ් -
- Mobile Robotics Engineer -
- SRQ Robotics -

Happy vesak"Health is the greatest gift"-Lord Buddha
27/05/2021

Happy vesak
"Health is the greatest gift"-Lord Buddha

Address

Kiribathgoda-Makola Road, Thambiligasmulla
Makola North

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 17:00

Telephone

+94777385655

Website

Alerts

Be the first to know and let us send you an email when MDL Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MDL Laboratory:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category