27/02/2023
🌳🌼🚶♀️🌻ඇදුම රෝගය සුවකර ගනිමු.🌳🌼🚶♀️🌻
🍀☘🍀පෙනහළු තුලට ඔක්සිජන් නිසියාකාරව නොපැමිණීම මත එහි ඇති නාල සිහින්වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ.
🍀☘🍀අක්මාවට සම්බන්ධ ලේ වල ඇතිවන විෂගතිය, ආශ්වාස/ප්‍රශ්වාස ඉන්ද්‍රියන්ගේ ස්නායු ගැටළු, වකුගඩු දෝෂ, ආමාශයේ ඇතිවන ප්‍රතික්‍රියා හෝ ලිංග ප්‍රදේශවල සහ බඩවැල් වල ඇතිවන ගැටළු, ජානමය තත්ත්වයන්, දේශගුණික බලපෑම්, මල් රේණු,පුස්වර්ග, නිවසේ දුහුවිලි, ආහාර කැබලි, කෘමීන් හා සතුන්ගේ ලොම් හේතුවෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැක.
🌹ඇදුම රෝගයට කළයුතු ප්‍රතිකාර🌹
🌺මීකිරි,අධික තෙල්,අධික කුළුබඩු හා ලුණු අධික ආහාර අවම කරගත යුතුයි.
හුමාලය ඇල්ලීම,කොල තේ පානය කිරීම වඩාත් සුදුසුයි.
🌺සූර්‍ය නමස්කාර 6 සිට 12 දක්වා සෙමෙන් වර්ධනය කරගන්න.
🌺ලිංග මුද්‍රාව සුදුසුයි.
🌺සමබල ආහාරයක් ගැනීම ඉතා සුදුසුයි.
එළවළු සළාද, අලුත් පළතුරු,කොළ පැහැති එළවළු දෛනිකව ආහාරයට ගන්න.
🌴🌴🌴ප්‍රාණයාම-
ගැඹුරු ශ්වසන අභ්‍යාස, උජ්ජායි ප්‍රාණයාම, සූර්‍ය භේදන,කපාල භාති, නාඩි ශුද්ධි ප්‍රාණයාම, භ්‍රස්තිකා ප්‍රාණයාම කල හැක.
🌴🌴🌴මේ සඳහා සුදුසු යෝගාසන-
තඩාසන,වුස්ට්‍රාසන,සර්වාංගාසන,පද්මාසන,ගොමුඛාසන, භුජංගාසන, ධනුරාසන,සිංහාසන, මත්ස්‍යාසන, ශසංඛාසන,මකරාසන,පශ්චිමොත්තාසන, පවන්මුක්තාසන