03/05/2020
ආයූර්වේදය විද්‍යාත්මක ද? (තිස්දෙවැනි කොටස)
විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක ප්‍රශ්නය
=========================
සෙංගමාලයට බේත් කැඳ දුන් ගැමියන් ගේ වෙදකම පිටුපස ඇති විද්‍යාව
+++++++++++++++++++++++++++++++++
ආයුර්වේද ඖෂධ වල ඇති චිකිත්සීය අගය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන්නේ ඒවා රෝග සුව කිරීමේ ලා ක්‍රියාත්මක වන ආකාරයට අදාළවය. එහෙත් ඊට අමතරව එම ඖෂධ හෝ සංයෝග ශරීරයේ පටක හා ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමේ ලා බලපාන ආකාරය ගැන අවධානය යොමු කිරීම අඩු බව පෙනේ. මෙම ඉන්ද්‍රිය ආරක්ෂණ ක්‍රියාව හා බැඳුණු අනෙක් ගුණය වන්නේ ප්‍රතිශක්තිමූර්ජක (immunomodulatory) ගුණය වේ. එය ප්‍රතිශක්තිවර්ධක (immunoenhancers), ප්‍රතිශක්තිමර්ධන (immunosuppressants) හා ප්‍රතිශක්තිඋපකාරක (immunoadjuvants) යනුවෙන් ආකාර තුනකින් දක්නට ලැබේ. ස්වාභාවික හෝ කෘත්‍රිම ප්‍රතිශක්ති මූර්ජකයක් මගින් සහජ හා අනුවර්තන අංශ දෙකම ඇතුළුව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඕනෑම අංගයක් උත්තේජනය කිරීමට, මර්දනය කිරීමට හෝ වෙනස් කිරීමට හැකිය (A Review on Hepatoprotective and Immunomodulatory Herbal Plants. 2016, Pharmacogn Rev.;10(19): 66–70). එසේම ශාකමය සංඝටක වලින් ප්‍රතිශක්ති පද්ධතිය මත ඇති කළ හැකි බලපෑම පූර්වසායනික ඇගයීමකින් පසුව සායනික පර්යේෂණ දක්වා දියුණු කිරීමේ හැකියාව ද සොයා බලමින් තිබේ. ශාකමය සංඝටක වන curcumin, resveratrol, epigallocatechol-3-gallate, quercetin, colchicine, capsaicin, andrographolide, සහ genistein වල ප්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි බලපාන අයුරු දැනටමත් පර්යේෂණාත්මකව ඔප්පු කොට ඇති හෙයින් ඒවා පිළිබඳ සාක්ෂ්‍යපාදක නිගමන වලට එළඹිය හැකිය (Plant-derived immunomodulators: an insight on their preclinical evaluation and clinical trials. 2015. Front Plant Sci.; 6: 655). ආයුර්වේද රසායන ප්‍රතිකාර පද්ධතිය තුළ දී සිදුවන ප්‍රතිශක්තිමූර්ජන ක්‍රියාව බොහෝ පර්යේෂණ හරහා ඒවායේ දී යොදා ගන්නා සංඝටක වල බලපෑම විද්‍යාත්මකව විස්තර කොට තිබේ. එහිදී ආයුර්වේදීය රසායන චිකිත්සාවේ අවසාන ඵලය වන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වා ගෙන යාම සඳහා එම ශාකමය සංඝටක වලින් ලැබෙන දායකත්වය පැහැදිලි වේ A review of immunomodulators in the Indian traditional health care system. 2012, Journal of Microbiology, Immunology and Infection, 45(3):165-184). විශේෂයෙන් ම පොලිෆීනොල් සංයෝග මගින් ප්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි සිදු කරන බලපෑම විවිධ භෞතවේදීය පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකිය. මෙම සංයෝග මගින් ප්‍රතිශක්ති පද්ධතියේ විවිධ ජෛව රසායනික ක්‍රියාවන් වැඩි දියුණු කිරීමෙන් මෙම බලපෑම සිදු කරයි (The Immunomodulatory and Anti-Inflammatory Role of Polyphenols. 2018, Nutrients.; 10(11): 1618). 2017 වර්ෂයේ දී පළ වූ “Phenolic Compounds - Biological Activity” නමැති ග්‍රන්ථයේ “Plant Phenolic Compounds as Immunomodulatory Agents” යන පරිච්ඡේදය තුළ ද ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාවන් කෙරෙහි ෆිනොලික් සංයෝග වල බලපෑම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු හෙළි කරයි.
පසුගිය වසරේ පළ කළ “New Look to Phytomedicine Advancements in Herbal Products as Novel Drug Leads” (2019) නමැති ග්‍රන්ථයේ “Plant-Derived Immunomodulators” නමින් වෙනම පරිච්ඡේදයක් තිබේ (පිටු 435-499). එහි ආයුර්වේද ප්‍රතිකාර වලදී යොදා ගන්නා වදකහ (Acorus calamus), Actinidia macrosperma, සුදුළූණු (Allium sativum), අරත්ත (Alpinia galangal), Alternanthera tenella, කාලමේඝ (Andrographis paniculata), Angelica sinensis, වෘද්ධදාරු (Argyreia speciosa), බිලින් (Averrhoa bilimbi), කොහොඹ (Azadirachta indica), සාරණ (Boerhaavia diffusa), මිනීමල් (Catharanthus roseus), ගොටුකොළ (Centella asiatica), Codonopsis pilosula, ඊතණ (Cynodon dactylon), කහ (Curcuma longa), නුග (Ficus benghalensis), ගැනඩෝමා හතු Ganoderma tsugae, මල්බෙරි (Morus alba), කරපිංචා (Murraya koenigii), මදුරුතලා (Ocimum sanctum), ජින්සෙන් (Panax ginseng), Pelargonium graveolens, පිටවක්කා (Phyllanthus emblica), කටුකරෝසන (Picrorhiza scrophulariiflora), Senegalia catechu, කුඹුක් (Terminalia arjuna), රසකිඳ (Tinospora cordifolia), Tridax procumbens, අමුක්කරා (Withania somnifera), ඉඟුරු (Zingiber officinale) ආදී ශාකමය ඖෂධ වල ප්‍රතිශක්ති මූර්ජක හැකියාව ගැන විස්තර කොට තිබේ. අක්මාව සහ ප්‍රතිශක්ති පද්ධතිය අතර වැදගත් සම්බන්ධතාවක් පවතින අතර එහි මනා ක්‍රියාකාරිත්වය සිරුරේ සමස්ථායිභාවය ආරක්ෂා කිරීමට තීරණාත්මක දායකත්වයක් ලබා දෙයි. එසේම ස්වයං ප්‍රතිශක්ති ජනිත ප්‍රතික්‍රියා නිසා ද අක්මාවේ අක්‍රමිකතා සහ ප්‍රදාහයික රෝග ඇතිවීමට ඉඩ තිබේ. වෛදික සාහිත්‍යයේ ජ්‍යෝතිෂ්ස්ථාන නමින් හැඳින්වූ අක්මාව ආයුර්වේදය අනුව රක්ත සම්පාදනයේ හා සංසරණයේ ඉතා වැදගත් කාර්භාරයක් ඉටුකරන බව සඳහන් වේ. නව්‍ය සොයාගනීම් අනුව නිරෝගී අක්මාවේ පූර්වප්‍රදාහයික සයිටොකයින (IL-2, IL-7, IL-12, IL-15, interferon (IFN)γ) සහ ප්‍රතිප්‍රදාහයික සයිටොකයින (IL-10, IL-13, TGFβ) නිපදවයි. ප්‍රතිශක්ති විද්‍යාත්මකව අක්මාවේ ඉවසීමේ හැකියාව (tolerogenecity) සහ ප්‍රතිජනන ධාරිතාව (regenrative capacity) ඉහළ තත්වයක තිබේ. අක්මාව ඉන්ද්‍රියක් ලෙස ආරක්ෂා කිරීමේ වගකීම වටහා ගත් අපේ ගැමියන් ඊට සරිලන වටිනා ඔසු කැඳ වලට එකතු කළ ශාකමය ද්‍රව්‍යයන් ද ඉතා ප්‍රබල ගුණයකින් යුක්ත ඒවා විය. මීළඟට වැදගත් වන්නේ බේත් කැඳට ගත් පොල් කිරෙහි ගුණයත් එයට එකතු කරන අනෙකුත් කුළුබඩු සහ සහලෙහි ගුණයත් එකතු වූ විට අක්මාවට කෙරෙහි එහි ගුණය තවත් ඉහළ යන බවය. සෙංගමාලයට ගැමියන් ගේ බෙහෙත් කැඳ වලින් ලැබුණු ගුණය සොයන්නට නම් ඒවායේ විද්‍යාත්මක පසුබිම විමසන්නට සිදුවේ.
මේ සියලු කරුණු එකතුව ගත් විට ප්‍රතිශක්ති මූර්ජක ඖෂධීය ශාක වල ඉන්ද්‍රිය ආරක්ෂණ ගුණය ද ඉතා ඉහළින් තිබෙන බව හෙළි වී ඇත. යාකෘත්රක්ෂක (hepatoprotective) හෙවත් අක්මාව ආරක්ෂා කරන ගුණය සහිත ශාක ඉතා විශාල සංඛ්‍යාවක් ආයුර්ව්දයේ මෙන්ම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේත් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ (Hepatoprotective Herbs – A Review. 2010, Int. J. Res. Pharm. Sci. 1(1):1-5). එබඳු ශාකමය ඖෂධ අක්මාවේ ක්‍රියාකාරිත්වය දියුණු කරනවා මෙන්ම අක්මාවට සිදුවන හානි පිළිසකර කිරීමට ද සමත් වේ. සෙංගමාල රෝගයට ගැමියන් හීන් බෝවිටියා, යකිනාරන්, පිටවක්කා, මොණරකුඩුම්බිය, බක්මී, වැනි ඔසු යොදා කැඳ පිස දුන්නේ මේ විද්‍යාත්මක සත්‍යය දැන සිටි නිසාය. එළපිටවක්කා ශාකය අක්මාව ආරක්ෂා කරන්නේ කෙසේ දැයි කිහිප විටක්ම පර්යේෂකයින් ඔප්පු කර තිබෙන අතර මේ වසරේ එය තවත් පර්යේෂණයකට මුල් විය (In-depth hepatoprotective mechanistic study of Phyllanthus niruri: In vitro and in vivo studies and its chemical characterization. 2020. PLoS One.; 15(1): e0226185). හීන්බෝවිටියා වල යාකෘත්රක්ෂක ගුණය ගැන ද මීට දශක දෙකකට පමණ පෙර සිටම පර්යේෂණ සිදු කොට තිබේ (Protective effects of Osbeckia octandra against galactosamine and tert-butyl hydroperoxide induced hepatocyte damage. 1995 . J Ethnopharmacol. 1;49(2):69-76). අපේ ගැමියන් භාවිතා කළ යකිනාරන් වල යාකෘත්රක්ෂක ගුණය ද විද්‍යාත්මකව ඔප්පු කරන්නට විද්වතුන් සමත් විය (Total phenolic, flavonoid contents, in-vitro antioxidant activities and hepatoprotective effect of aqueous leaf extract of Atalantia ceylanica. 2014. BMC Complement Altern Med.; 14: 395). මොණරකුඩුම්බිය වල ඇති අක්මාව ආරක්ෂා කරන ගුණය ගැන ද යම් සාර්ථක ප්‍රතිඵල පෙන්වා දෙන අධ්‍යයනයක් සිදු කොට තිබේ (Antioxidant and hepatoprotective activities of vernonia cinerea extract against CCL4 induced hepatotoxicity in albino rats. 2014, International Journal of Pharmaceutical Sciences Review and Research Volume 10,(2)). මීට අමතරව බක්මී සහ මුස්සන්ද කොළ වල අක්මාව ආරක්ෂා කිරීමේ ගුණය ගැන ද යම් යම් පර්යේෂණ දත්ත තිබේ. මෙම කැඳ වර්ග සැකසීමේ දී කළු හීනැටි සහල් යොදා ගන්නා අතර ඒවායේ ඇති බොහෝ සංඝටක මගින් ද ප්‍රතිඔක්සිකාරක බලපෑම අක්මාව මත ඇති කිරීමෙන් සෙංගමාල රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් සිදු කිරීමට ගැමියා ගේ විද්‍යාව සමත් විය. ගැමියන් ගේ විද්‍යාවෙන් සොයා ගත් බොහෝ මෙවැනි ඖෂධ මේ වන විට නව ඖෂධ පර්යේෂණ වල ඉලක්ක බවට පත් වී තිබේ (A Brief Focus on Hepatoprotective Leads from Herbal Origin. 2011. International Journal of Pharmacology, 7: 212-216).
විවිධ ජනවෛද්‍ය ක්‍රම වල භාවිතා වන ඖෂධීය ශාක කිහිපයක් ම මෙවැනි පර්යේෂණ වලට යොදා ගෙන ඒවායේ සාර්ථක ගුණ ඔප්පු කර ඇති බව හෙළි වී තිබේ. ඒවා අතර Silybum marianum, Glycyrrhiza glabra, Phyllanthus amarus, Salvia miltiorrhiza, Astragalus membranaceus, Capparis spinosa , Cichorium intybus, Solanum nigrum, Sapindus mukorossi, Ginkgo biloba, Woodfordia fruticosa, Vitex trifolia, Schisandra chinensis, Cuscuta chinensis, Lycium barbarum, Angelica sinensis, Litsea coreana ආදිය වේ (Selected hepatoprotective herbal medicines: Evidence from ethnomedicinal applications, animal models, and possible mechanism of actions, 2018. Phytotherapy Research; 32(2): 199-215). ඒ අනුව ආයුර්වේදීය ඖෂධ වල යාකෘත්රක්ෂක ගුණය මෙන්ම (Hepatoprotective Ayurvedic plants - a review. 2016, J Complement Integr Med., 13(3):207-15) අක්මාවේ රෝග සුවය සඳහා ඒවායේ උපයෝගීතාව ද (Hepatotoxicity and the Role of Some Herbal Hepatoprotective Plants in Present Scenario. 2018, Global Journal of Digestive Diseases; 4(2-3):1-4) සොයා බලා තිබේ. අක්මාවට හානි කරන යාකෘත්ප්‍රදාහය (hepatitis) ප්‍රභේද කිහිපයක් අතුරින් B සහ C ප්‍රභේද සුවකළ නොහැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවේ මතය වේ. පොදුවේ දක්නට ඇති A වර්ගයේ වෛරසයට එරෙහිව ක්‍රියාකරන ඖෂධීය ගුණ සහිත ශාක ගැන බොහෝ පර්යේෂණ සිදු කර තිබේ. එහෙත් මෙම B වර්ගයේ වෛරසය මෙල්ල කළ හැකි ඖෂධීය ශාක 60 ක් සම්බන්ධයෙන් කරන ලද විද්‍යාගාර පර්යේෂණ සමාලෝචනයක් මෑතක දී පළ විය (In vitro evaluation of novel antiviral activities of 60 medicinal plants extracts against hepatitis B virus, 2017 Experimental and Therapeutic Medicine; 14(1): 626-634). එසේම C වර්ගයට එරෙහිව ක්‍රියා කළ හැකි ඖෂධීය ශාක වල ක්‍රියාව ද විද්‍යාත්මකව පැහැදිලි කිරීමට සමත් වීමෙන් මෙම ගැමි විද්‍යාව තවත් පියවරක් ඉදිරියට තබා ඇත (Hepatitis C Virus and Natural Compounds: a New Antiviral Approach? 2012, Viruses.; 4(10): 2197–2217). ශාකමය සංඝටක යොදා ගෙන C වර්ගයේ හෙපටයිටිස් රෝගයට විසඳුම් සෙවීමේ මෙහෙවරට අත ගසා ඇති නව්‍ය වෛරස් විද්‍යාඥයින් එයින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටියි (Medicinal plants against hepatitis C virus. 2014, World J Gastroenterol.; 20(11): 2941–2947). මේ සියලු කරුණු අවසානයේ C වෛරසයට අපේ බේත් වලින් ම පිහිටක් ලබන්නට වී තිබීම දෛවෝපගතය (Plant-derived antivirals against hepatitis c virus infection, 2018.Virology Journal 15:34 ). ඒ අනුව බටහිර වෛද්‍ය ක්‍රමයේ අඩු පුරවන්නට ගැමියන් ගේ විද්‍යාවෙන් උකහා ගත් දැනුමෙන් අලගු තියන්නට වෙන බව දැක දැක ආයුර්වේදය විද්‍යාත්මක ද අසන පැනය ඉදිරියේ කරබා ගෙන සිටිමු. එහෙත් විද්‍යාවට සිනක්කර අයිතිය කියන බොහෝ විද්වතුන් තවමත් සිතන්නේ විද්‍යාත්මක ක්‍රමය යනු ඔවුන් පමණක් දන්නා බටහිරයන් විසින් හඳුන්වා දුන් ක්‍රමයක් බවය. ගැමියන් ගේ විද්‍යාව බිහිවන්නේ ද trial and error මතය. එය අනුභවික දැනුම් පද්ධතියකි. එහි ද කල්පිත, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන තිබිණ. එකම වෙනස නම් ඔවුන්ට එය අවශ්‍ය වූයේ ජීවිතය සඳහා පමණි.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
පෙර කොටස
https://m.facebook.com/story.php?story_fbid=969073736863320&id=100012821073471