C i t t a

C i t t a Citta is a mental health service provider.

Our current services include personal counselling, group counselling, mental health programs/workshops for children and adults and inspirational articles.

 #25 💙 අඳ මිනිසා සහ මැණික අඳ මිනිසා සහ මැණික යනු අපිට බොහොම හුරු හුරුපුරුදු කතාවක්. මේ කතාවට අනුව අපි පවසන්නේ ,අඳ මිනිසක...
14/01/2022

#25 💙 අඳ මිනිසා සහ මැණික

අඳ මිනිසා සහ මැණික යනු අපිට බොහොම හුරු හුරුපුරුදු කතාවක්. මේ කතාවට අනුව අපි පවසන්නේ ,අඳ මිනිසකුට මැණිකක අගය වැටහෙන්නේ නැති බවයි.

ඔබේ ජීවිතයේදී ඔබටත් මෙවැනි අන්ධ මිනිසුන්ව මිනිසුන්ව මුණගැසී තිබෙනවා ද ?

ඔබ ඔවුන්ට දායාද කළ මැණික් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවාද ?

ඔබ ඒ ගැන තවමත් දුකින්ද ?

අපේ ජීවිතය තුළ අපිට මුණ ගැසෙන්නේ සුදු සැරයටියක් අතින් ගත් අන්ධ මිනිසුන් ම නොවේ. ඇස් දෙකම හොඳට පේනවා වුණත් ,වෛරයෙන් , හීනමානයෙන් , අවිශ්වාසයෙන්, අතීත අමිහිරි සිදුවීම් වලින් , කලකිරීමෙන් හෝ අපේක්ෂා භංගත්වය නිසා අන්ධ වූ මිනිසුන් අපි අතර ඕනෑ ඕනෑ තරම් සිටිනවා. ඔබ ඔවුන්ට ආදරය ,ධෛර්යය ,විශ්වාසය සහ බලාපොරොත්තුව ආදී මැණික් ගල් කොපමණ පිරිනැමුවත් ඔවුන්ට එහි අගය නොදැනෙනවා වෙන්න පුළුවන්.

වෛරයෙන් අන්ධ වූ කෙනෙකුට ඔබ කෙතරම් ආදරය කළත් ,ඇතැම් විට ඔහුට හෝ ඇයට ඒ ආදරය කිසිම දිනක නොදැනුනා වෙන්න පුළුවන්.

හීනමානයෙන් අන්ධ වූ කෙනෙකුව ඔබ කෙතරම් ධෛර්යමත් කලත් ,ඔබ ඔහුගේ හෝ ඇයගේ බිඳවැටුණු ආත්ම විශ්වාසයට තවත් එක් තර්ජනයක් පමණක් වූවා වෙන්න පුළුවන්.

අතීත තුවාල නිසා මුළු ලෝකය කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටුණු පුද්ගලයාට ,ඔබ කෙතරම් විශ්වාසවන්තව සිටියත් ,ඔබ ඔහුගේ යහපත වෙනුවෙන් කරන සියලුම දේ , ඔහු තුළ ඇති අවිශ්වාසය වැඩි කිරීමට තවත් එක් හේතුවක් පමණක් වූවා වෙන්න පුළුවන්.

ජීවිතය ගැන සියලුම බලාපොරොත්තු අතහැර සිටින කෙනෙකුට ,බලාපොරොත්තුවක් වීමට ඔබ කෙතරම් උත්සාහ කළත් ,ඔබ ඔහුට තවත් එක් ද්‍රෝහියෙක් ලෙස පමණක් පෙනුනා වෙන්න පුළුවන්.

එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ ඔවුන්ට හිතපුරා ලබාදුන් දේ, ඔවුන් ඔබට පෙරලා ලබා නොදීම ගැන ඔවුන්ට දොස් නැගීම ද ?

එසේත් නැතිනම්, ඔවුන්ගෙන් පෙරළා කිසි දෙයක් බලාපොරොත්තු නොවුනත්, ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වීමට ඔබට නොහැකි වීම ගැන දුක් වීම ද ?

නැත.
මේ කරුණු දෙකෙන් එකක්වත් එයට සුදුසු පිළිතුර නොවන බවයි මගේ විශ්වාසය.

ඔබ ඔවුන්ට පිරිනැමූ මැණිකේ අගය වටහා ගැනීමට තරම් තත්වයක ඔවුන් නොසිටී නම් ,ඔබට ඉතිරි වී ඇත්තේ සතුටු වීම පමණයි.

කුමක් පිළිබඳව ද අපි සතුටු වන්නේ ?

නිසි ආදරයක් නො ලැබී ලැබීම නිසා වෛරයෙන් සිත පුරවා ගත් කෙනෙකුට, ඔබ එක් දිනක් හෝ ආදරය කළා නම් ඔබට ඒ ගැන සතුටු විය හැකිය.

හීනමානය නිසා ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට නොහැකි වූ කෙනෙකුට, පුංචි හෝ ධෛර්යයක් වීමට ඔබ පුංචි හෝ උත්සාහයක් දැරුවා නම් ඔබට ඒ ගැන සතුටු විය හැකිය.

බොහෝ දෙනෙකු විසින් විශ්වාසය පළුදු කරනු ලැබූ පුද්ගලයෙකුට ,එක් දිනකදී හෝ විශ්වාසවන්ත ව සිටීමට ඔබට හැකි වුණා නම් ඔබට ඒ ගැන සතුටු විය හැකිය.

ජීවිතය ගැන සියලු බලාපොරොත්තු සුන් වූ කෙනෙකුට, පුංචි හෝ බලාපොරොත්තුවක් වීමට ඔබ උත්සහ කළා නම් ඔබට ඒ ගැන සතුටු විය හැකිය.

කොටින්ම කියනවනම් අත්හරින ලද , අතපසු වූ , අන්ධ වූ ජීවිතයකට, පුංචි හෝ ආලෝකයක් වීමට ඔබ උත්සහ දරුවා නම් ඔබට ඒ ගැන සතුටු විය හැකිය.

ඒ පුද්ගලයා මේ වන විට ඔබේ ජීවිතයේ ඉන්නවා වෙන්නත් පුළුවන්, ඔබේ ජීවිතයෙන් ඈත් වී ගොස් වෙන්නත් පුළුවන්. ඔවුන් කොහේ සිටිනවාදැයි ,කුමක් කරනවාදැයි ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.
නමුත් කිසිම කෙනෙකුගෙන් ඔහුට නොලැබුණු දේ ,ඔහුට ලබාදීමට උත්සාහ කිරීම ගැන ඔබට සතුටු විය හැකියි.
ඔහුට ආදරය , විශ්වාසය , ධෛර්යය , බලාපොරොත්තුව ඔහුට පිරිනැමීමට උත්සාහයක් හෝ ගත් එකම පුද්ගලයා ඔබ විය හැකිය.
ඉතින් ඒ ගැන ඔබට සතුටු විය හැකිය.

මනෝ උපදේශිකා
හිරුණි පෙරේරා
Citta - Counseling Centre
https://www.facebook.com/CittaCounsellingCentre/

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

Taken from a book 📖️Book : THE POWER OF NOWAuthor : Eckhart TolleYou cannot love your partner one moment and attached hi...
22/11/2021

Taken from a book 📖️

Book : THE POWER OF NOW
Author : Eckhart Tolle

You cannot love your partner one moment and attached him or her the next. True lovo has no opposites. If your "love" has an opposite, then it is not love but a strong ego-need for a more complete and deeper sense of self.

ᴛᴏ ʟᴏᴠᴇ ʏᴏᴜʀ ᴇɴᴇᴍʏ ɪs ɪᴍᴘᴏssɪʙʟᴇ.ᴛʜᴇ ᴍᴏᴍᴇɴᴛ ᴡᴇ ᴜɴᴅᴇʀsᴛᴀɴᴅ ᴏᴜʀ ᴇɴᴇᴍʏ, ᴡᴇ ғᴇᴇʟ ᴄᴏᴍᴘᴀssɪᴏɴ ᴛᴏᴡᴀʀᴅs ʜɪᴍ ᴏʀ ʜᴇʀ, ᴀɴᴅ ʜᴇ ᴏʀ sʜ...
14/10/2021

ᴛᴏ ʟᴏᴠᴇ ʏᴏᴜʀ ᴇɴᴇᴍʏ ɪs ɪᴍᴘᴏssɪʙʟᴇ.

ᴛʜᴇ ᴍᴏᴍᴇɴᴛ ᴡᴇ ᴜɴᴅᴇʀsᴛᴀɴᴅ ᴏᴜʀ ᴇɴᴇᴍʏ, ᴡᴇ ғᴇᴇʟ ᴄᴏᴍᴘᴀssɪᴏɴ ᴛᴏᴡᴀʀᴅs ʜɪᴍ ᴏʀ ʜᴇʀ, ᴀɴᴅ ʜᴇ ᴏʀ sʜᴇ ɪs ɴᴏ ʟᴏɴɢᴇʀ ᴏᴜʀ ᴇɴᴇᴍʏ.

ᴛʜɪᴄʜ ɴʜᴀᴛ ʜᴀɴʜ

Taken from a book 📖️Book : THE POWER OF NOWAuthor : Eckhart Tolleᴡʜᴇɴᴇᴠᴇʀ ᴀɴ ᴀɴsᴡᴇʀ, ᴀ sᴏʟᴜᴛɪᴏɴ ᴏʀ ᴀ ᴄʀᴇᴀᴛɪᴠᴇ ɪᴅᴇᴀ ɪs ɴᴇ...
10/10/2021

Taken from a book 📖️

Book : THE POWER OF NOW
Author : Eckhart Tolle

ᴡʜᴇɴᴇᴠᴇʀ ᴀɴ ᴀɴsᴡᴇʀ, ᴀ sᴏʟᴜᴛɪᴏɴ ᴏʀ ᴀ ᴄʀᴇᴀᴛɪᴠᴇ ɪᴅᴇᴀ ɪs ɴᴇᴇᴅᴇᴅ, sᴛᴏᴘ ᴛʜɪɴᴋɪɴɢ ғᴏʀ ᴀ ᴍᴏᴍᴇɴᴛ ʙʏ ғᴏᴄᴜsɪɴɢ ᴀᴛᴛᴇɴᴛɪᴏɴ ᴏɴ ʏᴏᴜʀ ɪɴɴᴇʀ ᴇɴᴇʀɢʏ ғɪᴇʟᴅ. ʙᴇᴄᴏᴍᴇ ᴀᴡᴀʀᴇ ᴏғ ᴛʜᴇ sᴛɪʟʟɴᴇss. ᴡʜᴇɴ ʏᴏᴜ ʀᴇsᴜᴍᴇ ᴛʜɪɴᴋɪɴɢ, ɪᴛ ᴡɪʟʟ ʙᴇ ғʀᴇsʜ ᴀɴᴅ ᴄʀᴇᴀᴛɪᴠᴇ

 #24 💙 සරුසාර අස්වැන්න කිසියම් වගාවකින් අපි සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, අපි එයට නිසි පෝෂණයක් ලබා...
01/10/2021

#24 💙 සරුසාර අස්වැන්න

කිසියම් වගාවකින් අපි සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, අපි එයට නිසි පෝෂණයක් ලබා දිය යුතුයි. එයට ඔරොත්තු නොදෙන, හානිදායක පොහොර වර්ග යෙදුවහොත්, එසේත් නැතිනම් පැල පුංචි කාලයේ දී පෝෂණ ඌනතා වලට ලක් වුවහොත්, ඒවා විකෘතිතාවයන් ට ලක් වෙන්නට පුළුවන්, එසේත් නැතිනම් මිය යන්නට පුළුවන්.

"අපි මේ පැලයට මේ තරම් හොඳින් සැලකුවා, ඒත් ඇයි මේ පැලය විකෘති වුණේ?" ලෙස අපි පැමිණිලි කලත්, ගැටලුව ඇත්තේ පෝෂණ ඌනතාවයන් තුළ බව අපි බොහෝ විට අවබෝධ කරගන්නේ නැහැ. බීජ කොතරම් සරුසාර වූවත්, මෙවැනි තත්ත්වයන් මත එම පැල විකෘතිතාවයන් ට පත් වූ පසු, ඒවා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම ඉතාමත් අසීරු කාර්යයක්.

පුංචි දරුවොත් හරියට මේ පුංචි පැල වගේම තමයි.

සෑම මවකටම , පියෙකුටම ඇති ලොකුම බලාපොරොත්තුව වන්නේ, තම දරුවන් සාර්ථක වැඩිහිටියන් වෙනවා දැකීමයි. මේ වෙනුවෙන් බොහෝ විට දෙමව්පියන් තමන් දන්නා තරමින් උපරිමය ඉටු කළත්, ඇතැම් විට දරුවන් අසාර්ථක වෙන අවස්ථාද සමාජය තුළ බහුලයි.

"අපි අපේ දරුවන් වෙනුවෙන් මේ තරම් දේවල් කලා. ඒත් ඇයි එයාලා මෙහෙම හැසිරෙන්නේ " ලෙස ඇතැම් දෙමව්පියන් මැසිවිලි නැගුවත්, ගැටලුව ඇත්තේ එම දරුවා පුංචි පැලයක් කාලයේදි මුහුණදුන් පෝෂණ ඌනතා වල බව බොහෝ දෙමව්පියන් අවබෝධ කරගන්නේ නැහැ.
පුංචි පැල වලට නිසි පෝෂණය නොලැබීම හේතුවෙන්, වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ පෞරුෂයන් තුළ විවිධාකාර විකෘතිතා හටගන්නවා. පෞරුෂත්වය අතින් මෙවැනි විකෘතිතා වලට පත් වූ දරුවන්, වැඩිහිටියන් බවට පත් වූ පසු ඔවුන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම ඉතාමත් අසීරු කටයුත්තක්. මනෝ උපදේශනයේදී පවා අනෙකුත් මානසික ගැටළු වලට වඩා ,පෞරුෂය සම්බන්ධ රෝගි තත්වයන් (Personality Disorders) වලට පිළියම් යෙදීම තරමක් අපහසු කටයුත්තක් වන්නේ මේ නිසයි.

ඔබ ඔබේ දරුවා තුලින් අපේක්ෂා කරන්නේ වගකීම් දැරිය හැකි වැඩිහිටියෙක් ද ?
නමුත් ඔහු කුඩා කාලයේ දී ඔබ ඔහුට කිසිඳු වගකීමක් පවරා නැති නම්, ඔහු ප්‍රිය කරන අධ්‍යාපන ක්ෂේත්‍රය හෝ රැකියා ක්ෂේත්‍ර තෝරාගැනීමේදී , ඔහුගේ තීරණ ගැනීමේ අයිතීන් උල්ලංඝනය කලා නම්, එවැනි දරුවෙක් තුළින් වගකීම් දැරිය හැකි වැඩිහිටියෙකු බිහිවේ යැයි අපේක්ෂා කිරීමට නොහැකිය.

ඔබ ඔබේ දරුවා තුළින් අපේක්ෂා කරන්නේ , තම රැකියා කටයුතුවල සාර්ථක ලෙස නියැලෙමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කරන වැඩිහිටියෙක් ද ?
නමුත් කුඩා දරුවෙක් ලෙස ඔහු කිසිම විටෙක අගය කිරීමකට ලක්වී නැතිනම්, ඔහු ගන්නා සෑම උත්සාහයක් ම හෙළා දැකීමට පමණක් ලක් වූවා නම්, ඔහු තුළ ආත්ම විශ්වාසය ගොඩනගාගැන්මට තිබූ අවස්ථා සියල්ල අවහිර වූවා නම්, එවැනි දරුවෙක් තුළින් මනා ආත්ම විශ්වාසයක් සහිත වැඩිහියෙක් බිහිවේ යැයි අපේක්ෂා කිරීමට නොහැකිය.

ඔබ ඔබේ දරුවා තුළින් අපේක්ෂා කරන්නේ, දිනක තම සැමියා හෝ බිරිඳ සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින්, සාමකාමී පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය වැඩිහිටියෙක්ද ?
බහුතරයක් විද්වතුන් විසින් පිළිගන්නා මනෝවිද්‍යා සංකල්පයන්ට අනුව, දරුවෙක් තුළ අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය වීමේ ආරම්භය සිදුවන්නේ තම මව සමඟ පවතින සම්බන්ධතාවය හරහා යි. දරුවෙකුට කුඩා අවධියේදි තම මව සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගාගැනීමට හැකියාව ලැබුනහොත්, ඔහුට අනාගතයේ දී සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟද යහපත් සම්බන්ධතා ගොඩනගාගැනීමට එය විශාල පිටුවහලක් වෙනවා. නැතිනම්, විශ්වාසය බිඳී යෑම ආදී හේතුන් මත , ඔහු තුළ මුළු ලෝකයා ගැනම අවිශ්වාසයක් (Trust Issues) වර්ධනය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකුට තම සමීපතමයෙක් සමඟ වුවද යහපත් සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම ඉතාමත් අසීරු කටයුත්තක්.

දරුවා කුඩා අවධියේදී , දෙමව්පියන්ගේ අධික කාර්‍යබහුලත්වය , නොදැනුවත්කම හෝ වෙනත් කිසියම් හෝ හේතුවක් නිසා, දරුවෙකුට ලැබිය යුතු අවධානය , සෙනෙහස, ආරක්ෂාව සහ වටිනාකම ආදී දේ නොලැබුනහොත්, එය ඔහුගේ පෞරුෂත්වය තුළ ගැටලු සහගත තත්වයක් ඇති කිරීමට හේතු වෙන්න පුලුවන්.

ඉතින් අපිට අවශ්‍ය වන්නේ යහපත්, සරුසාර අස්වැන්නක් නම්, පැල පුංචි කාලෙයේ ඒවාට නිසි පෝෂණය ලබා දීම කිසිමවිටෙක අමතක නොකල යුතුයි. ද්‍රව්‍යමය සැප සම්පත් වලට වඩා , ආදරය, රැකවරණය , කරුණාව සහ අගය කිරීම ආදිය මේ පුංචි පැල වලට ගොඩක් වටිනවා.

මනෝ උපදේශිකා
හිරුණි පෙරේරා
Citta - Counseling Centre https://www.facebook.com/CittaCounsellingCentre/

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

 #23 💙 ඉවසීමේ සීමාව"ගෑනු වුණාම අපි මොන දේ උනත් ඉවසන්න ඕනා"මේ අපේ සමාජයේ බහුලව අහන්න ලැබෙන දෙයක්. මෙය සත්‍යයක් ද ? මෙහි ද...
11/09/2021

#23 💙 ඉවසීමේ සීමාව

"ගෑනු වුණාම අපි මොන දේ උනත් ඉවසන්න ඕනා"

මේ අපේ සමාජයේ බහුලව අහන්න ලැබෙන දෙයක්.

මෙය සත්‍යයක් ද ?

මෙහි දී වැදගත් වන්නේ අදාළ පුද්ගලයා ,ගැහැණියක් ද, පිරිමියෙක් ද යන වග නොවෙයි. වැදගත් වන්නේ ඔහුගේ හෝ ඇයගේ ඉවසීමට සීමාවක් තිබෙනවා ද නැද්ද යන වගයි.

ඇත්තටම ඉවසීමේ සීමාවක් තිබෙනවාද ? තිබෙනවා නම් එම සීමාව කුමක්ද ?

ඉවසීමේ ස්වභාවයන් කිහිපයක්ම පවතිනවා.
රෝගාතුර වූ අවස්ථාවකදී එම අපහසුතාවයන් ඉවසීමෙන් දරා ගැනීම , යම්කිසි පොදු ස්ථානයක දී තමාගේ වාරය පැමිණෙන තුරු ඉවසීමෙන් සිටීම , තවත් කෙනෙක් පවසන දෙයකට ඉවසීමෙන් සවන්දීම ආදිය, අපි එදිනෙදා ජීවිතයේදී ඉවසීමෙන් කටයුතු කරන අවස්ථා ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත් මම මේ ලිපිය හරහා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එවැනි ඉවසීමක් සම්බන්ධයෙන් නොවේ.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයකදී අපිට කොහොමද මේ ඉවසීම වැදගත් වෙන්නේ ?

ඔව් , අන්තර් පුද්ගල සම්බන්ධතාවලදී ඉවසීම ඉතාමත් වැදගත්. දරුවන් සහ දෙමව්පියන් අතර , සැමියා සහ බිරිඳ අතර, සේවා ස්ථානයේ අනිකුත් අය සමඟ ආදී සෑම අන්තර් පුද්ගල සම්බන්ධතාවයකදීම ඉවසීම ඉතාමත් වැදගත්.
අනෙක් පුද්ගලයා ට සවන් දීම , එකිනෙකා අතර පවතින වෙනස්කම් හඳුනා ගැනීම සහ අවශ්‍ය පරිදි අනුවර්තනය වීම , ගැටළු නිරාකරණය කර ගැනීම ආදී සෑම අවස්ථාවකදීම ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

එසේනම් ඉවසීමට සීමාවක් අවශ්‍ය ද ?

මගේ මතයට අනුව පිළිතුර "ඔව්".

එසේනම් ඉවසීමේ සීමාව කුමක්ද ?

ජීවිතයේ අපිට මුණගැසෙන ඇතැම් සම්බන්ධතා හරිම අභියෝගාත්මකයි. අභියෝගාත්මක සම්බන්ධතාවයක් යනු පවත්වාගෙන යෑමට නොහැකි සම්බන්ධතාවයක් නොවෙයි. නමුත් සම්බන්ධතාවයක් යනු දෙපාර්ශවයක් අතර සිදුවන්නා වූ දෙයක් බැවින් ,එම අභියෝගය ජයගැනීමට නම්, ඒ සඳහා දෙපාර්ශවයේම සහයෝගය අවශ්‍ය වෙනවා.

මෙවැනි අභියෝගාත්මක සම්බන්ධතාවයක් සාර්ථක කර ගැනීම සඳහා එක් පාර්ශවයකින් ප්‍රමාණවත් තරම් සහයෝගයක් නොලැබෙන අවස්ථා වලදී , ඒ හරහා අනෙක් පාර්ශවය මත ඉතාමත් දැඩි පීඩනයක් ඇති කරනු ලබනවා. මෙම පීඩනය හමුවේ වුවත් සම්බන්ධතාවය රැකගැනීමට අවශ්‍ය කෙනා තම උත්සාහය අත හරින්නේ නැහැ. ඒ කෙනා කෙසේ හෝ උත්සාහ කරන්නේ තමාගේ උපරිමය යොදමින් මෙම සම්බන්ධතාවය රැකගන්නයි. ඇතැම් අවස්ථා වලදී මෙම උත්සහයේ අවසන් ප්‍රතිඵලය තමාට තමා අහිමිවීමයි. තමන්ට අනන්‍යතාවයක් නැති වීමයි.

ඒ කොහොමද ?

මෙවැනි අවස්ථාවලදී සම්බන්ධතාවය රැක ගැනීමට අවශ්‍ය බොහෝ අය උත්සාහ කරන්නේ , අනෙක් පාර්ශවයේ අවශ්‍යතාවයන්ට අනුව තමාව හැඩගස්වා ගැනීමටයි. අනෙක් පාර්ශවයේ ස්වභාවයට අනුව තමා අනුවර්තනය වීමටයි. මෙවැනි අවස්ථාවලදී ඔවුන්ටත් නොදැනීම ඔවුන් තම අනන්‍යතාවය නැති කරගන්නවා. ඔවුන්ටත් නොදැනීම ඔවුන් අනෙකා විසින් පාලනය කරනු ලබන රූකඩයක් බවට පත්වෙනවා. තමන් තවදුරටත් තමන් නොවන බව ඔවුන්ට වැටහෙන විට බොහෝ විට ඔවුන් ප්‍රමාද වැඩියි. තමන්ට තමන් අහිමි වූ පසු , තමන්ට තමන් වෙනුවෙන් ඉතිරි වන්නේ කුමක්ද ?

මගේ මතයට අනුව ඒ තමයි ඔබේ ඉවසීමේ සීමාව.

ඔබට ඔබව අහිමි නොවන තාක්කල් ඔබට ඉවසන්න පුළුවන්.
ඔබට ඔබව අහිමි නොවන තාක්කල් ඔබට තවත් උත්සහ කරන්න පුළුවන්.
කෙතරම් උත්සහ කළත් ප්‍රතිඵලයක් නැතිනම් , අනෙක් පාර්ශ්වයෙන් ඔබට කිසිදු සහයෝගයක් ද නැතිනම් , ඔබ ඔබව පවා නැති කරගනිමින් තවත් ඉවසිය යුතුද ?

ඔබට ඔබව අහිමි වූ පසු, ඒ සම්බන්ධතාවයෙන් ඔබට ඇති ඵලය කුමක්ද ?

සම්බන්ධතාවය තවදුරටත් පවතින නමුත් ඒ තුළ සිටින්නේ ඔබ නොවේ නම් , ඔබ ඉවසුවේ කුමක් වෙනුවෙන් ද ?

හේතුව ; මෙහිදී වඩාත්ම බරපතළම ඛේදවාචකය වන්නේ ඔබට අනෙකා සමඟ පවතින සම්බන්ධතාවය අහිමි වීම නොවෙයි ,
සම්බන්ධතාවය රැකගැනීමට ඔබ විසින් දරන උත්සාහයේදී ඔබට ඔබව අහිමි වීමයි.

සම්බන්ධතා වෙනුවෙන් අපට කැපකිරීම් කිරීමට සිදුවන අවස්ථා තියනවා.
සම්බන්ධතා වෙනුවෙන් අපිට අනුවර්තනය වීමට සිදුවන අවස්ථා තියනවා.
සම්බන්ධතා වෙනුවෙන් අපිට පරිත්‍යාග කිරීමට සිදුවන අවස්ථා තියනවා.
සම්බන්ධතා වෙනුවෙන් අපිට ඉවසීමට සිදුවන අවස්ථා තියනවා.

නමුත්, සම්බන්ධතාවයක් වෙනුවෙන් ,ඔබට ඔබව අහිමි කර ගැනීමට සිදු වේ නම් , ඔබ තවදුරටත් ඉවසිය යුතු නැත. මගේ මතයට අනුව, එය ඔබේ ඉවසීමේ සීමාව විය යුතුය.

මන්දයත් , ඔබට ඔබව අහිමි වූ පසු , ඔබ වෙනුවෙන් දෙයක් කිරීමට වෙන කිසිවෙකුටත් නොහැකිය.

යහපත් සම්බන්ධතාවයක් කිසිම දිනක ඔබට ඔබව නැති කරන්නේ නැත.
ඔබට ඔබ නොවන්න යැයි කියා බල කරන්නේ ද නැත.
ඔබේ අනන්‍යතාවය නැති කරන්නේ නැත.

නමුත් අර්බුදකාරී සම්බන්ධතාවයක් , ඔබේ අනන්‍යතාවයට තර්ජනයක් බවට පත් වීමට ඇති ඉඩකඩ බොහෝය.

එබැවින්, ඔබ විසින්
ඉවසීම ප්‍රගුණ කිරීම ඉතා වැදගත් සේම, ඉවසීමේ සීමාව දැනගෙන සිටීමද අනිවාර්යය.

මනෝ උපදේශිකා
හිරුණි පෙරේරා
Citta - Counseling Centre https://www.facebook.com/CittaCounsellingCentre/

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

Taken from a book 📖️Book : The Power Of NowAuthor : Eckhart Tolle ɴᴇɢᴀᴛɪᴠɪᴛʏ ɪs ɴᴇᴠᴇʀ ᴛʜᴇ ᴏᴘᴛɪᴍᴜᴍ ᴡᴀʏ ᴏғ ᴅᴇᴀʟɪɴɢ ᴡɪᴛ ᴀɴʏ...
09/09/2021

Taken from a book 📖️

Book : The Power Of Now
Author : Eckhart Tolle

ɴᴇɢᴀᴛɪᴠɪᴛʏ ɪs ɴᴇᴠᴇʀ ᴛʜᴇ ᴏᴘᴛɪᴍᴜᴍ ᴡᴀʏ ᴏғ ᴅᴇᴀʟɪɴɢ ᴡɪᴛ ᴀɴʏ sɪᴛᴜᴀᴛɪᴏɴ. ɪɴ ғᴀᴄᴛ, ɪɴ ᴍᴏsᴛ ᴄᴀsᴇs ɪᴛ ᴋᴇᴇᴘs ʏᴏᴜ sᴛᴜᴄᴋ ɪɴ ɪᴛ, ʙʟᴏᴄᴋɪɴɢ ʀᴇᴀʟ ᴄʜᴀɴɢᴇ. ᴀɴʏᴛʜɪɴɢ ᴛʜᴀᴛ ɪs ᴅᴏɴᴇ ᴡɪᴛʜ ɴᴇɢᴀᴛɪᴠᴇ ᴇɴᴇʀɢʏ ᴡɪʟʟ ʙᴇᴄᴏᴍᴇ ᴄᴏɴᴛᴀᴍɪɴᴀᴛᴇᴅ ʙʏ ɪᴛ ᴀɴᴅ ɪɴ ᴛɪᴍᴇ ɢɪᴠᴇ ʀɪsᴇ ᴛᴏ ᴍᴏʀᴇ ᴘᴀɪɴ ᴀɴᴅ , ᴍᴏʀᴇ ᴜɴʜᴀᴘᴘɪɴᴇss.

ɪғ ʏᴏᴜ ʟᴏᴠᴇ ʏᴏᴜʀsᴇʟғ, ʏᴏᴜ ʟᴏᴠᴇ ᴏᴛʜᴇʀs. ɪғ ʏᴏᴜ ʜᴀᴛᴇ ʏᴏᴜʀsᴇʟғ, ʏᴏᴜ ʜᴀᴛᴇ ᴏᴛʜᴇʀs. ɪɴ ʀᴇʟᴀᴛɪᴏɴsʜɪᴘs ᴡɪᴛʜ ᴏᴛʜᴇʀs, ɪᴛ ɪs ᴏɴʟʏ ʏ...
06/09/2021

ɪғ ʏᴏᴜ ʟᴏᴠᴇ ʏᴏᴜʀsᴇʟғ, ʏᴏᴜ ʟᴏᴠᴇ ᴏᴛʜᴇʀs. ɪғ ʏᴏᴜ ʜᴀᴛᴇ ʏᴏᴜʀsᴇʟғ, ʏᴏᴜ ʜᴀᴛᴇ ᴏᴛʜᴇʀs. ɪɴ ʀᴇʟᴀᴛɪᴏɴsʜɪᴘs ᴡɪᴛʜ ᴏᴛʜᴇʀs, ɪᴛ ɪs ᴏɴʟʏ ʏᴏᴜ ᴍɪʀʀᴏʀᴇᴅ. - ᴏsʜᴏ

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

 #22 💙 Facebook නිසා ඔබත් පීඩාවට පත් වෙලාද ? "Facebook එකත් වෙලාවකට හරිම වදයක්". මේ අපිට නිතර අහන්න ලැබෙන වැකියක්. මෙසේ ...
03/09/2021

#22 💙 Facebook නිසා ඔබත් පීඩාවට පත් වෙලාද ?

"Facebook එකත් වෙලාවකට හරිම වදයක්".

මේ අපිට නිතර අහන්න ලැබෙන වැකියක්.

මෙසේ පවසන අයගේ අදහස වන්නේ Facebook පරීක්ෂා කිරීමෙන් මානසික අසහනකාරි බවක් ඇති වන බවයි. නමුත් එසේ පවසන අය අතරින් බහුතරයක් දෙනා , Facebook භාවිතය නතර කිරීමටත් තරමක මැලි බවක් දක්වනවා.
එසේනම් මේ සටහන , Facebook භාවිතයට තිත නොතබා, එය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

Facebook පිළිබඳ කතා කිරීමේදී අපිට පුද්ගලයන් දෙවර්ගයක් ගැන කතා කරන්න පුළුවන්. එක් කණ්ඩායමක් Facebook භාවිතා කරනවා. අනෙක් කණ්ඩායම Facebook එකට තමා ව භාවිතා කිරීමට ඉඩ දී බලා සිටිනවා. කණගාටුවට කරුණ වන්නේ Facebook හි පාලනයට යටත් වී සිටින බොහෝ දෙනෙක් , තමා Facebook හි යටත් වැසියෙක් බවට පත් වෙලාද කියලවත් දන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් ඒ පිළිබඳව දැනුවත් , නමුත් එයින් තමාව මුදා ගන්නේ ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැහැ. කෙසේ වෙතත් ලිපියේ ඉදිරිපත් කර ඇති යෝජනාවන් අනුගමනය කළහොත් , ඔබටත් Facebook මගින් භාවිතා කරනු ලබන පුද්ගලයෙක් වෙනවා වෙනුවට, Facebook භාවිතා කරන පුද්ගලයෙක් බවට පහසුවෙන්ම පරිවර්තනය වෙන්නට පුළුවන්.

1️⃣ ඔබේ Friend List එකේ ඉන්නේ කවුද ?

ඔබේ Facebook Friend List එක කියන්නේ, Facebook භාවිතයේදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතු කරුණක්.
පළවෙනි කාරණය නම්, ඔබ ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳ සැලකිලිමත් නම් , ඔබේ Friend List එකට ඔබ දන්නා හඳුනන අයව පමණක් ඇතුලත් කරගැනීම. දුර හැඳුනුම්කමක් තියන කෙනෙක් වුණත්, අවශ්‍ය නෑ ලෙස ඔබ සිතනවානම් සම්බන්ධ කරගන්න එපා. නන්නාඳුනන පුද්ගලයන්ට ඔබේ පෞද්ගලික ජීවිතයේ වතගොත දිගහැරගැනීමෙන් ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වයන් මගහැර ගැනීමට අවශ්‍ය නම් , ඔබ මේ පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

2️⃣ ඔබේ මිතුර මිතුරියන් Facebook හි ඵල කරන්නේ මොනවාද ?

මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්ද ? මොහොතක් සිතා බලන්න. ඔවුන් ඵල කරන දේවල් වලින් ඔබටවත්, ඔවුන්ටවත් ප්‍රයෝජනයක් තියනවාද ? ඇතැම් අවස්ථා තියනවා ඔවුන් ඵල කරන දේ වලින් අපිට පෞද්ගලික ප්‍රයෝජනයක් නැති වූවත්, ඒවාට like කිරීම , share කිරීම මඟින් අපිට පුලුවන් ඔවුන්ට සහයෝගය දක්වන්න. ඔබේ මිතුරෙකුගේ ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබා දීම, ඔබේ මිතුරෙකුගේ කලාත්මක හැකියාවක් අගය කර ඔහුව දිරිගැන්වීම ආදී දේ මීට අයත්.

නමුත් ඔබටවත් ,ඔවුන්ටවත් ප්‍රයොජනයක් නැති, දේශපාලනික කුණු ගොඩවල්, වෙනත් අය සමඟ ඔවුන්ගේ ඇති නොයෙකුත් පෞද්ගලික ආරවුල්, කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත වල වතගොත ආදී දේ වලින් ඔබේ Facebook News Feed එකත් පිරිලා නම්, Facebook නිසා ඔබ මානසික පීඩනයට පත් වීම පුදුමයක් නොවේ.

මෙවැනි තත්වයකදී අපිට කරන්න පුලුවන් දේ කුමක්ද ?

මගේ මතයට අනුව සියල්ලට වඩා වැදගත් වන්නේ ඔබේ මානසික සාමය‍යි. එවැනි අවස්ථා වලදී ඔබ, එවැනි සෘණාත්මක දේ පල කරන ඔබේ මිතුරන්ව unfriend කිරීමටම අවශ්‍ය නැහැ, ඒ වෙනුවට ඔබට පුලුවන් ඔවුන්ව unfollow කරන්න. ඒ හරහා ඔබට ඔවුන් සමඟ හිතවත් කම් පවත්වාගෙන යන අතරතුරම, ඔවුන් පල කරන ඍණාත්මක දේ මගින් ඔබගේ මානසික සාමයට සිදුවන බලපෑම අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

3️⃣ ඔබ Follow කරන Pages මොනවාද ?

Facebook හි විවිධාකාර මාතෘකා කේන්ද්‍ර කරගත් Pages පවතිනවා. ධනාත්මක දේවල් ,සෘණාත්මක දේවල් ,ප්‍රයෝජනවත් දේවල් වගේම නිශ්ඵල දේවල් පලකරන Pages පවා, ඔබ විසින් Follow කරන Pages ලැයිස්තුවේ තියනවා වෙන්න පුළුවන්. ඇතැම්විට ඔබගේ නොදැනුවත්කම නිසා ඔබ විසින් මෙවැනි නොයෙකුත් Pages Follow කර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අතරින් ඔබට ප්‍රයෝජනවත් Pages ලැයිස්තුව පමණක් තෝරා ගැනීමට හැකිනම් , Facebook හරහා ඇතිවන මානසික පීඩනය ඔබට අවම කරගන්නට පුළුවන්.

4️⃣ ඔබ සාමාජිකත්වය දරන Facebook Groups මොනවාද ?

මේ වන විටත් ඔබ Facebook සමූහයන් රාශියක සාමාජිකත්වය දරනවා වෙන්න පුළුවන්.

ඒ සමූහ වල නිතර කතාබහට ලක්වන්නේ මොන වගේ කරුණු ද ?

ඒවා ඔබට ප්‍රයෝජනවත් ද ?

ඒවා ධනාත්මක ද, නැතිනම් සෘණාත්මක ද ?

එම සමූහ වල සාමාජික සාමාජිකාවන් අතර නිතරම මත ගැටුම් සහ රණ්ඩු සරුවල් ද ?

ඉහත සඳහන් මෙම ප්‍රශ්න කිහිපයට ඔබට පිළිතුරු දිය හැකි නම් , ඔබට තව දුරටත් එම සමූහ වල සාමාජිකත්වය අවශ්‍යද, නැද්ද යන්න පිළිබඳව ඔබට තීරණය කළ හැකියි.

5️⃣ ඔබත් නන්නාඳුනන පුද්ගලයන් සමග රණ්ඩු සරුවල් වලට පැටලෙනවාද ?

ඇතැම් Facebook සමූහ වල වගේම pages වලත් බොහෝ අවස්ථාවලදී , නොයෙකුත් මත ගැටුම්, රණ්ඩු සරුවල් ආදිය දකින්නට ලැබෙනවා. මේවා ඇතැම් අවස්ථා වලදී අසභ්‍ය වචන වලින් බැනගැනීම දක්වා දුර දිග යන අවස්ථා ද බොහෝයි. බොහෝ විට ඔබ මෙසේ ආරවුල් වලට පැටලෙන්නේ නන්නාඳුනන පුද්ගලයන් සමඟයි. ඔවුන් කවුද , ඔවුන්ගේ පසුබිම කුමන ආකාරයකද යන්න ආදී, කිසිම කරුණක් නොදැන ඔබත් විවිධාකාර පුද්ගලයන් සමඟ වාද විවාද වලට පැටලී තිබෙනවා වෙන්න පුලුවන්. මේ හරහා බොහෝ අවස්ථා වලදී සිදුවන්නේ ඔබගේ මානසික සාමය නැතිවීමත්, නන්නාදුනන පිරිසක් ඉදිරියේ ඔබ හාස්‍යයට ලක් වීමත් පමණයි.

මේ පිළිබදව ඔබ ගැඹුරින් අධ්‍යනය කළහොත් ඔබට එක් කරුණක් වටහා ගන්න පුළුවන්. ඒ තමයි, බොහෝ අවස්ථාවලදී Facebook හි පළ කරන දේවල් වලට ඍණාත්මක ප්‍රතිචාර දක්වන්නට පමණක් පුරුදු වූ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා තුළ ඉන්නවා. කවුරුන් මොනවා පල කලත් ඔවුන් එහි අඩුපාඩුවක් පමණයි දකින්නේ. ඔවුන්ගේ පෞද්ගලික Facebook ගිණුම් පරික්ෂා කර බැලුවහොත් ඔබට දැක ගන්නට ලැබෙයි , ඔවුන් අතරින් බහුතරයක් , කිසියම් ආකාරයක පීඩනයකට ලක් වී සිටින පිරිසක් බව. බොහෝ විට ඔවුන් එම පීඩනය තමයි මම කලින් සඳහන් කළ ආකාරයේ ඍණාත්මක ප්‍රතිචාර දැක්වීම හරහා පිට කරන්නේ.

Facebook හරහා, නන්නාදුනන පුද්ගලයින් සමඟ ආරවුල් වලට පැටලීම, තම විනෝදාංශයක් බවට පත් කර ගත් පිරිසක් ද සමාජ මාධ්‍ය තුළ ඉන්නවා. බොහෝ අවස්ථාවලදී ඔවුන් ඔබේ posts වලට , comments වලට ඍණාත්මක ප්‍රතිචාර දක්වන්නේ , ඔවුන් ඔබේ මතයට විරුද්ධ නිසාම නෙවෙයි. ඒ , තවත් කෙනෙකුව අපහසුතාවයට පත්කිරීම හරහා සතුටු වීමට ඔවුන් දරනා උත්සාහයක් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම එය මානසික ගැටලුවක්. ඔබ අනවශ්‍ය ලෙස කෝප වෙමින්, කලබල වෙමින් , ඔවුන් සමඟ බහින්බස් වන විට , ඔවුන් ඔබව කටගැස්මක් බවට පත් කරගනිමින් විනෝද වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් මෙවැනි මානසික ආබාධ සහිත පුද්ගලයන්ගේ ගොදුරක් වීමට අවශ්‍යද ?

මේ අනුව මගේ පුද්ගලික මතය නම් , Facebook යනු තර්ක විතර්ක කිරීම සඳහා උචිත ස්ථානයක් නොවන බවයි.

ඔබේ මතය ඉදිරිපත් කිරීම ඔබගේ කැමැත්ත.
එයට ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ නිදහස.
එම ප්‍රතිචාර සමඟ ගැටීම හෝ නොගැටීම ඔබේ තෝරාගැනීම.

එසේ නම් Facebook භාවිතයේදී ඔබේ තෝරා ගැනීම කුමක් ද ?

6️⃣ ප්‍රතිචාර ගණන් කිරීම

Facebook භාවිතයේ දී ඔබ මානසික පීඩනයට ලක් වීමට තවත් එක් හේතුවක් තමයි , Likes, Comments ,Shares ආදිය පිළිබඳව අනවශ්‍යය ලෙස උනන්දුවීම.
ඔබ Facebook හි කිසියම් දෙයක් පල කරන්නේ , එයට වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. නමුත් එය එසේ නොවන අවස්ථා ද ඕනෑ තරම් තියෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔබ කිසිසේත්ම කලබලයට ,කලකිරීමට පත්විය යුතු නැහැ.

මන්ද යත් සමාජය තුළ ඔබට/ඔබේ ව්‍යාපාරයට පවතින පිළිගැනීම ,ප්‍රසාදය හෝ ප්‍රසිද්ධිය මනින එකම මිනුම් දණ්ඩ Facebook Likes ප්‍රමාණයවත්, Comments ප්‍රමාණය වත් නොවෙයි.

අඩුම තරමේ Facebook ගිණුමක් වත් නැති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. නමුත් ඔවුන් සමාජයේ ඉතා ඉහළ පිළිගැනීමට, ප්‍රසාදයට ලක්වූ පුද්ගලයන්.
එමෙන්ම Facebook Followers ප්‍රමාණය ලක්ෂ ගණනක් ඉක්ම වූ පුද්ගලයන් ද ඉන්නවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් සමාජයේ අප්‍රසාදයට වගේම වගේම හාස්‍යයට ලක් වූ පුද්ගලයන්.

එහි අදහස නම් , ඔබේ වටිනාකම මනින එකම මිනුම් දණ්ඩ Facebook ප්‍රතිචාර ප්‍රමාණය නොවේ. ඒ නිසා ඔබ කොයිම අවස්ථාවකදීවත් Likes , Comments ගණන් කිරීම හරහා ,කනස්සල්ලට පත් වීමට වත්, ඔබව අවතක්සේරුවට ලක් කර ගැනීමටවත් අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් එය ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ පළකිරීමක් නම් ,ඒ සඳහා Likes අඩුවීමට බලපාන කරුණු මොනවාදැයි සොයා බලා , එම අඩුපාඩු නිවැරදි කරගෙන නැවත වතාවක් උත්සාහ කර බැලීමට හැකිය.

7️⃣ Facebook Notifications

ඔබ කිසියම් කාර්යයක නිරත වී සිටින විට , facebook notification නිසා ඔබට ඔබේ කාර්යය වෙත අවධානය යොමු කිරීමට අපහසු වී තිබෙනවා වෙන්න පුළුවන්. මේ ගැටලුවෙන් මිදීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක්ම පවතිනවා.
Settings වෙනස් කිරිම හරහා notification filter කිරීම, හැකි අවස්ථා වලදි mobile data/wifi සම්බන්ධතා off කර තැබීම, ඔබේ දුරකථනය silent කිරීම ආදිය මින් කිහිපයක් ලෙස ඉදිරිපත් කරන්නට පුළුවන්.

8️⃣ කෙටි පණිවිඩ පරික්ෂා කිරීම

මෙය Facebook වගේම Whatspp , Viber, Telegram ආදී අනෙකුත් සමාජ ජාල සඳහා ද පොදු කරුණක්. සමාජ ජාලා වල ආගමනයත් සමඟම , කෙටි පණිවිඩ හරහා සන්නිවේදනය කිරීම ඉතාමත් පහසු මෙන්ම ලාභදායී ක්‍රමයක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව ඔබත් ඉහත සඳහන් සමාජ ජාලා භාවිතා කරන කෙනෙක් නම් , ඔබට දිනකට මෙවැනි කෙටි පණිවිඩ විශාල ප්‍රමාණයක් ලැබෙනවා වෙන්න පුළුවන්. මේ පණිවිඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ,ඔබ ඒවා පරික්ෂා කිරීමට ,ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කළොත් ඔබට වෙන කාර්යයක නිරත වීමට හැකියාවක් තිබෙයි ද ?

මෙය පෞද්ගලිකව මමත් මුහුණ දුන් ගැටලුවක්. මගේ රැකියා ක්ෂේත්‍ර වලට අනුව මට wifi සම්බන්ධතා off කර තැබීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. එමෙන්ම මමත් මගේ වෘත්තීන් හා සම්බන්ධ whatspp groups කිහිපයකම සාමාජිකත්වය දරනවා. විශේෂයෙන්ම මේ දිනවල මගේ වෘත්තීමය කටයුතු සියල්ලක්ම online ක්‍රමයට සිදුවන බැවින් , දිනකට මගේ දුරකතනයට ද මෙවැනි පණිවිඩ සියයකට අධික ප්‍රමාණයක් ලැබෙනවා. මේ තත්ත්වය හමුවේ මම එයට මුහුණ දෙන්නේ මේ ආකාරයටයි.

➡️Whatsapp groups සියල්ලක්ම mute කර තැබීම.
➡️සමීපතමයන්ගේ whatspp chats සහ වෘත්තීය ට සම්බන්ධ whatsapp chats හැර අනිකුත් සියලුම whatsapp chats mute කර තැබීම.
➡️කිසියම් කාර්යයක නිරත වී සිටින විට කෙටි පණිවිඩ පැමිණුනත් ඒවා පරීක්ෂා නොකර සිටීම. කාර්යය අවසන් වූ පසු හදිසි, අත්‍යවශ්‍ය පණිවිඩ පමණක් පරීක්ෂා කිරීම.
➡️අනෙකුත් පණිවිඩ මොනවා දැයි යන්න පිළිබඳව notification bar එකෙන් පරීක්ෂා කර ඒවා හදිසි පණිවිඩ නම් පමණක් ප්‍රතිචාර දැක්වීම.
➡️හදිසි නොවන පණිවිඩ , group chats ආදියට වැඩ අවසන් වූ පසු රාත්‍රියේ සුළු වෙලාවක් වෙන්කරගෙන ප්‍රතිචාර දැක්වීම.

කිසියම් කෙනෙක්ට ඔබව හදිසි , අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් , ඔවුන්ට පුළුවන් ඔබට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඒ නිසා කෙටි පණිවිඩ ඒ මොහොතේම පරික්ෂා කිරීම සහ ඒවා වලට වලට ඒ මොහොතේම ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය දෙයක් නොවන බවයි මගේ මතය.
.........................................................

මෙහි සඳහන් කර ඇත්තේ Facebook භාවිතය තුළින් පීඩාවට පත් නොවීම සඳහා ඔබට අනුගමනය කළ හැකි කරුණු කිහිපයක් පමණයි. මේ සියල්ලක්ම මම පෞද්ගලිකව අත්හදා බලන , එමෙන්ම මට යහපත් ප්‍රතිඵල ලබා දුන් ක්‍රම බව මට විශ්වාසයන් යුතුව සඳහන් කරන්න පුළුවන්. මේ සඳහා ඔබට කිසියම් ආකාරයක ස්වයං විනයක් ද අවශ්‍ය වෙනවා. නමුත් එය පුහුණු කළොත් ඔබට ඒ හරහා විශේෂ ප්‍රතිලාභ ද හිමිවෙනවා.
මේ හරහා ඔබට ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභය නම් , Facebook හරහා ඔබගේ මානසික සෞඛ්‍යයට ඇතිවිය හැකි තර්ජනය අවම කර ගැනීමයි.
දෙවැන්න නම් , Facebook ඔබගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් කර නොගැනීම තුළින්, ඔබේ කාලයේ , ඔබේ ශ්‍රමය වී උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීමයි.

Facebook නිසා ඔබ මානසික පීඩාවකට පත්වෙලා නම් , මෙම ක්‍රම කිහිපය අත්හදා බලන්න. Facebook එකට ඔබව භාවිතා කිරීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට ඔබ Facebook භාවිතා කරන්න.

මනෝ උපදේශිකා
හිරුණි පෙරේරා
Citta - Counseling Centre
https://www.facebook.com/CittaCounsellingCentre/

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

ᴛʜᴇ ʙᴇsᴛ ᴛᴡᴏ ᴅᴇᴄɪsɪᴏɴs ɪ ᴇᴠᴇʀ ᴍᴀᴅᴇ ɪɴ ᴍʏ ʟɪғᴇ ᴡᴇʀᴇ,ᴡʜᴇɴ ᴛʜᴇ ᴡᴏʀʟᴅ ᴡᴀɴᴛᴇᴅ ᴍᴇ ᴛᴏ ᴄʀʏ,ɪ ᴅᴇᴄɪᴅᴇᴅ ᴛᴏ sᴍɪʟᴇᴡʜᴇɴ ᴛʜᴇ ᴡᴏʀʟᴅ ᴡᴀɴᴛ...
26/07/2021

ᴛʜᴇ ʙᴇsᴛ ᴛᴡᴏ ᴅᴇᴄɪsɪᴏɴs ɪ ᴇᴠᴇʀ ᴍᴀᴅᴇ ɪɴ ᴍʏ ʟɪғᴇ ᴡᴇʀᴇ,
ᴡʜᴇɴ ᴛʜᴇ ᴡᴏʀʟᴅ ᴡᴀɴᴛᴇᴅ ᴍᴇ ᴛᴏ ᴄʀʏ,
ɪ ᴅᴇᴄɪᴅᴇᴅ ᴛᴏ sᴍɪʟᴇ
ᴡʜᴇɴ ᴛʜᴇ ᴡᴏʀʟᴅ ᴡᴀɴᴛᴇᴅ ᴍᴇ ᴛᴏ ғᴀʟʟ,
ɪ ᴅᴇᴄɪᴅᴇᴅ ᴛᴏ ʀɪsᴇ

- Hiruni Perera -

Follow us on Facebook ➡️ https://www.facebook.com/CittaCounsellingCentre/

Follow us on Instagram ➡️ . https://www.instagram.com/invites/contact/?i=1cfd1l64j0f4v&utm_content=kn1elvl

Address

La Musica
Marawila

Telephone

+94706627286

Website

Alerts

Be the first to know and let us send you an email when C i t t a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to C i t t a:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram